Arthur C. Clarke on Religion| මිනිසුන් උමතු කරන ‘මනෝ වයිරසය’: ආතර් සී. ක්ලාක් ආගම් ගැන දැක්වූ අදහස්

 

මිනිසුන් උමතු කරන මනෝ වයිරසය:

ආතර් සී. ක්ලාක් ආගම් ගැන දැක්වූ අදහස්

 

-      නාලක ගුණවර්ධන

 

ඇදහීම යනු යමක් වැරදි යයි දැන දැන ම එය තව දුරටත් විශ්වාස කිරීම යයි ආතර් සී. ක්ලාක් නිතර කියන්නට පුරුදුව සිටියා. උගත් හා බුද්ධිමත් බොහෝ දෙනා පවා ඇදහීම් සම්බන්ධයෙන් තර්කානුකූල නොවී ආවේගශීලි වන බවත්, මේ නිසා පෞද්ගලික කථාබහේදී එකිනෙකාගේ ආගම් හා ඇදහිලි ගැන වාද කිරීම කාලය නාස්ති කිරීමක් බවත් ඔහුගේ මතය වුණා.

 

එහෙත් මානව පරිනාමය, මානව ප‍්‍රචණ්ඩත්වය හා මානව අනාගත ඉරණම ආදී පුඵල් මට්ටමේ තේමාවන් ගැන දාර්ශනිකව අදහස් දැක්වීමේදී ඔහු ආගම් ගැන ද කථා කළා. සංවිධානගත වූ ආගම් නිසා මානව පවුලේ සැකයන්, වෛරයන් හා කුලල් කා ගැනීම් ඇති වී තිබෙන සැටි ක්ලාක් නිතර පෙන්වා දුන්නා.

 

මේ ලිපියේ අරමුණ ඔහු සියඵ ආගම් හා ඇදහිලි ගැන දැරූ මතය සම්පිණ්ඩනය කිරීමයි. අද ඔහු අප අතර නැතත් මෙහි එන සියඵ අදහස් උකහා ගෙන ඇත්තේ ප‍්‍රකාශිත ඉංගී‍්‍රසි මූලාශ‍්‍රවලින්. ඔහු විසින් ම ලියන ලද නිර්මාණ හා කරන ලද සම්මුඛ සාකච්ජාවලින්. විස්තරාත්මකව හා තර්කානුකූලව මේ ගැන ක්ලාක් ලියා ඇති දේ බොහෝ ලාංකිකයන් හරිහැටි දන්නේ නැහැ.

 

ආගම් ඔහු නිර්වචනය කළේ පූජනීය ස්ථාන තිබෙන, ශුද්ධ යයි සම්මත ග‍්‍රන්ථ ඇති හා පූජකයන් හමු වන සියඵ ම ඇදහීම් ලෙසයි. තරුණ වියේ පටන් කිතු දහම නිර්දය ලෙස විවේචනය කළ ඔහු, මැදිවියේදී අනෙක් සියඵ ම ආගම් හා ඇදහීම් ගැන ද දැඩි කළකිරීමෙන් යුතුව කථා කළා.

 

ඔහු එක් තැනෙක ලියූ පරිදි ‘‘සියවස් හා සහශ‍්‍ර ගණනක් මුඵල්ලේ පූජකයන්, දේශපාලනඥයන් හා රාජ්‍ය පාලකයන් මිනිසුන් මුලා කොට ඔවුන් පාලනය කිරීමට ආගමික ඇදහිලි පාවිච්චි කළා. එයින් ඇතැම් දෙනා තමන්ගේ ම අභව්‍ය කථා තරයේ විශ්වාස කළ අතර අනෙක් අය  ඕනෑකමින් ම සටකපට අන්දමින් එය තම වාසියට යොදා ගත්තා.’’

 

මනෝ-වයිරස

 

ආගම් යනු මිනිස් මනස ලෙඩ කරන මනෝ-වයිරසයක් (virus of the mind) යයි ප‍්‍රකට බි‍්‍රතාන්‍ය විද්‍යාඥ රිඩඞ් ඩෝකින්ස් (Richard Dawkins) කළ ප‍්‍රකාශය ක්ලාක් එක හෙළා පිළි ගෙන එය ප‍්‍රතිරාවය කළා.

 

අද අප එන්නතක් ලබා ගෙන රෝගකාරක ක්ෂූද්‍ර ජීවී විශේෂයකින් නිදහස් වන්නා සේ අනාගතයේදී මානවයන්ට ආගම් ඇදහිලි නැමැති මනෝ වයිරසයෙන් නිදහස ලබන්නට හැකි බවට ක්ලාක් කියා තිබෙනවා. එම තත්ත්වයට පත්වූ විට (අද වසූරිය රෝගය ගැන අප ආවර්ජනය කරන්නා සේ) ආගම් ගැන ද හැගීම්බර නොවී, ආවේගයෙන් තොරව මැදහත්ව කථා කරන්නට මානව සංහතියට හැකි වනු ඇති.

 

ක්ලාක් නිතර කළ ප‍්‍රකාශයක් වූයේ මෙයයි: ‘‘මානව ඉතිහාසයේ බොහෝ දෙනා තේරුම් නොගත් ඛේදවාචකයක් නම් සංවිධානගත ආගම් විසින් සදාචාරය බලහත්කාරයෙන් අල්ලා ගෙන සින්නක් කර ගැනීමයි. සියවස් ගණනකට පසු බහුතරයක් දැන් සිතන්නේ ආචාර ධර්ම හා සදාචාරය මත පදනම් වූ යහපත් දිවියකට ආගම අත්‍යවශ්‍යයි කියායි. මේ යැපීම දිගට ම පවත්වා ගන්නට හැම ආගමක් ම දැඩි වෙර දරනවා!’’

 

ක්ලාක් උපතින් කි‍්‍රස්තියානි (එංගලන්ත සභාවේ) පවුලකට අහම්බෙන් අයත් වූවත් තරුණවියේදී ම කිසිදු ආගමකට නතුවීම නතර කළා. 90 හැවිරිදිව මිය යන තුරු විවෘතව හා දැඩි සේ නිර්ආගමිකව ජීවත් වූ ඔහු තමන්ගේ අවමගුල් කටයුතුවලදී කිසිදු ආගමික වතාවත් නොපවත්වන ලෙස සිය පවුලට හා කාර්ය මණ්ඩලයට ලිඛිතව උපදෙස් දී තිබුණා.

         

සියඵ ආගම් විසින් මිනිසුන් බෙදා වෙන් කොට භේද කිරීමට පෞද්ගලික විරෝධය දැක්වීමක් හැටියටයි ඔහු නිර්ආගමික වූයේ. පසු කලෙක ඔහු ඒ සඳහා දාර්ශනික ප‍්‍රවේශයක් ලබා දෙන මානව හිතවාදී (Humanist) ව්‍යාපාරයට අනුබල දුන්නා.

 

බුදු දහමේ අවිහිංසාවාදය

 

ක්ලාක් බුදුදහම ගැන පළ කළ අදහස් ශී ලංකාවේ විශේෂ අවධානයට (හා ගෞරවයට) පාත වී තිබෙනවා. එහෙත් එහිදී ඔහුගේ තුලනාත්මක මතය ඇතැම් සිංහල පරිවර්තන හා මාධ් හරහා නොයෙක් අයුරින් විගරහ කිරීමේදී යම් විකෘතිවීම් සිදු වී තිබෙනවා.

         

මෙරට වඩාත් රකට ඇත්තේ 1956දී ක්ලාක් ශී ලංකාව දැන හඳුනා ගෙන මාස කිහිපයක් තුළ ලියූ මුල් විද්යා රබන්ධ නවකථාව වූ The Deep Range (ගැඹූරු මුහුද)හි බුදු දහමේ අවිහිංසාවාදය ගැන රශංසාත්මකව පළ කළ අදහස්.

 

අනාගතයේ දිනෙක (22 වන සියවස) මිනිසුන් විසින් තම අවශ්යතා සඳහා මහ සයුරේ තල්මසුන් ඇති කොට ඔවුන්ගේ කිරි සහ මස් ලබා ගැනීම කරන සැටි මේ කථාවේ රධාන සංකල්පයක්. කථාවේ රධාන භූමිකාවක් හිමි වන්නේ අනුරාධපුරයේ එවකට සිටින මහා නායක හිමියන්ටයි. ඔහු උපතින් ස්කොට්ලන්ත ජාතිකයෙක්. ශී ලංකාවේ බුදු සසුනේ දැඩි පරිහානියකින් පසු එය නැවත නගා සිටුවීමේ වගකීම භාර ගන්නා ඔහු, සිය රඥාව, මෛතිරය හා රතිපත්තිගරුක බව නිසා ලෝක පිළි ගැනීමට පාත වන චරිතයක්. (හරියට අද ලෝකයේ දළයි ලාමාතුමා වැනියි.)

         

තල්මස් ගොවිතැනේ යෙදෙන ලෝක ආහාර සංවිධානය හා එහි කාර්ය මණ්ඩලයට මහා නායක හිමියන් අවිහිංසාවේ අගය හා අත්යවශ් බව පසක් කර දෙනවා. එය ඔහු කරන්නේ සංතරාසජනක විරෝධතාවකින් නොව සන්සුන්ව එහෙත් අධිෂ්ඨානශීලිව කරුණු කියා දීමෙන්. අන්ධ භක්තිය නොව තර්කානුකූල හා විචාරශීලි සංවාදය පෙරටු කර ගැනීමෙන්.

         

විවෘත මනසක් දිගට පවත්වා ගත් චින්තකයකු ලෙස ක්ලාක්ගේ අදහස් ඔහුගේ ජීවිත කාලය පුරා මුහුකුරා ගියා. මේ නිසා 1956දී (39 හැවිරිදිව සිටියදී) ලියූ නිර්මාණවල අදහස්, පසු කාලීනව ලියූ රබන්ධවල අඩංගු මතවාදයන් මගින් රතිස්ථාපනය (displace) වනවා.

 

ඔහුගේ ලිඛිත, රකාශිත සාක්ෂි සළකා බලන විට අපට හොඳාකාරව සනාථ වන්නේ (බුදු දහම ඇතුඵ) සියඵ ආගම් හා ඇදහීම (belief) මත පදනම් වූ දර්ශනයන් ඔහු මුඵමනින් බැහැර කළ බවයි.

 

1978දී ලියා 1979දී පළ කළ The Fountains of Paradise නවකථාවේ දෙවන කොටස ඇරැඹෙන්නේ ලෝකයේ සංවිධානගත ආගම් සියල්ල ගැන කෙටි අදහස් දැක්වීමකින්. ආගම් ඇදහීම මානව පරිනාමයේ මුල් කාලයේදී දිවි රැක ගැනීමට මානසික රුකුලක් දුන් නමුත් ලෝකය පිළිබඳ දැනුම, අවබෝධය හා තර්කානුකූල හැකියාව ලද සැබෑ නැණවත් මානවයන්ට තව දුරටත් ආගම් නැමැති කිහිලිකරු නොමැතිව ඉදිරියට ඇවිද යා හැකි බව මේ විගරහයේ සාරාංශයයි. (වචනාර්ථයේ පරිවර්තනයක් සඳහා එස්. එම්. බන්දුසීල සූරීන් පළ කර ඇති පාරාදීසයේ උල්පත් බලන්න.)

         

මානව වර්ගයාගේ තනිකම?

 

ඇතැම් තැනෙක ක්ලාක් මිහිතලයේ විවිධාකාර ආගම් විගරහ කර ඇත්තේ මානව වර්ගයාගේ තනිකම මකා ගන්නට මිනිස් මනස විසින් මවා ගනු ලැබූ පරිකල්පන

සමුදායක් හැටියටයි.

 

විශ්වයේ වෙනත් ලෝකවල බුද්ධිමත් ජීවීහු සිටිත් ? මේ රශ්නය සහස ගණනක සිට තියුණු මනසකින් යුත් මානවයන් ඇසුවත් අද දක්වාත් එබඳු ජීවයක් ගැන තිරසාර සාක්ෂියක් නැහැ. පාරාදීසයේ උල්පත් කථාව කි. . 2142දී සිදුවන විට එබඳු බුද්ධිමත් විශ්ව ජිවීන් වෙතින් ස්වයංකීරය ගවේෂක යානයක් පෘථිවියට සමීප වී, රශ්නයට පිළිතුරු ලබා දී අවසානයි.

 

තව දුරටත් විශ්වයේ එක හෝ උච්චතම හෝ බුද්ධිමත් ජිවීන් තමන් නොවන බව සනාථ වී දශක ගණනාවක් තුළ ලෝකයේ සියඵ සංවිධානගත ආගම් රමයෙන් අභාවයට යනවා. එයට හේතුව ගුප්ත හෝ අද්භූත මවාපෑම් හරහා සාමාන් ජනයා බියපත් කරන්නට නැතහොත් මුසපත් කරන්නට ආගම්වලට ඇති හැකියාව කෙමෙන් මැකී යාමයි.

 

පාරාදීසයේ උල්පත් නවකථාව ක්ලාක් ආගම් හා ඇදහිලි ගැන ලියා ඇති වඩාත් විස්තරාත්මක හා තුලනාත්මක රබන්ධය යයි කිව හැකියි. එහි ආරම්භයේ ඔහුගේ රියතම මසුරන් කියුමක් උපුටා දක්වා තිබෙනවා. එය 20 වන සියවසේ ලොව විසූ දාර්ශනික රාජ් නායකයකු හා චින්තකයකු ලෙස සැළකෙන පණ්ඩිත් ජවහර්ලාල් නේරු, 1962 ඔක්තෝම්බර් 15 වනදා කොළඹ ලංකා විද්යාභිවර්ධන සංගමයේ සැසිවාරයක් අමතමින් කළ රකාශයක්“Politics and religion are obsolete. The time has come for Science and Spirituality.” (‘‘දේශපාලනය හා ආගම් යන දෙකෙහි වලංගු කාලය ඉක්ම ගොසින්. දැන් එළඹ ඇත්තේ විද්යාව හා ආධ්යාත්මිකබව සඳහා උචිත කාලයක්.’’)

 

මේ උධෘතය හරහා ක්ලාක් ඉතා පැහිදිලිව කියා සිටින්නේ තමා සංවිධානගත ආගම්වලට එරෙහි වූවත්, (අන්ධ භක්තිය හා ඇදහිල්ලට සීමා නොවූ) සැබෑ ආධ්යාත්මිකත්වයට විවෘත බවයි.

 

ආගම් මිථ්යාවාදයන්

 

1991දී ඔහු Living Philosophies නම් දාර්ශනික රන්ථයට Credo නමින් පරිච්ෙඡ්දයක් ලියමින් ක්ලාක් යළිත් වරක් ආගම් හා ඇදහිලි පිළිබඳව විවෘතව සාකච්ජා කළා. එහි එක් තැනෙක ඔහු කීවේ ‘‘රාථමික මානව සමාජයන්ගේ යහපත් හැසිරීම පවත්වා ගැනීම සඳහා ආගම් අවශ් හා රයෝජනවත් වූ බව සැබෑයි. එහෙත් වඩාත් රඥාගෝචරව හා වගකීම් සහිතව කිරයා කිරීමේ හැකියාව ලබා ඇති වර්තමාන මානවයන්ට එබඳු ආධාරක තව දුරටත් අවශ් නැහැ. අද ආගම් මිථ්යාවාදයන් බවට පත් වී මානව සමාජයන්ගේ රගමනය අඩාල කරනවා.’’

 

80 වියට එළඹෙමින් සිටියදී ඔහු ලියා 1997දී පළ කළ 3001: The Final Odyssey (3001: අවසාන චාරිකාව) නවකථාවේ ආගම් ගැන යළිත් වරක් ඔහු කෙටියෙන් සාකච්ජා කරනවා. මේ කථාවේදී 3001 වසරේ පවතින මානව සමාජය, ගෙවී ගිය සියවස් හා සහසරයන් දෙස ආපසු හැරී බලන්නේ හරියට පරිණත වූ පුද්ගලයෙකු ලාබාල වියේ කළ බොළඳ කිරයා ගැන ලැජ්ජාවට පත් වන විලාසයෙන්.

 

වන විට පූජකයන්, පූජනීය ස්ථාන හා ශුද්ධ රන්ථ සහිත සියඵ ආගම් (බුදු දහම ඇතුඵව) අභාවයට ගොසින්. ගැන ආවර්ජනය කරන ඉතිහාසඥයෙක් ආගම් හඳුන් වන්නේ මානව වර්ගයාගේ උමතුව (The Madness of Mankind) ලෙසින්. දිගු කලක් ගත වී හෝ මේ උමතුවෙන් මු`ඵමනින් අත්මිදීමට හැකිවීම නිසා මානව චින්තන පරිනාමය යළිත් ඉදිරියට යාමට හැකි වූ බව මේ ඉතිහාසඥයා කථාවේ කියනවා.

         

අන්ධ භක්තිය, විශ්වාස හා ඇදහිලි මත පදනම් වූ ආගම් ගැන විවෘතව රශ්න කරන, තර්ක කරන හේතුවාදීන්ට (Rationalists) ක්ලාක් ජාත්යන්තරව හා ශී ලංකාව තුළ සම්පූර්ණ සහාය පළ කළා. ආගමේ මුවාවෙන් අහිංසක මිනිසුන් මුලා කර සූරා කෑමට එරෙහිව හේතුවාදීන් ගෙන යන රතිපත්තිගරුක අරගලය ඔහු කවදත් අගය කළා.

         

ඔහු මිය යන්නට මාස කිහිපයකට පෙර Forbes නම් ජාත්යන්තර ව්යාපාරික සගරාවේ ඇරැයුමකට අනුව 2500දී ලෝකය ගැන කෙටි විද්යා රබන්ධයක් රචනා කළා. මෙය ඔහු අතින් ලියැවුණු අවසාන විද්යා රබන්ධයයි. (“The View From 2500 A.D.” by Arthur C Clarke; Forbes.com, Nov 2007: http://tiny.cc/2500Vu)

 

අනාගත ලෝකයේ විවිධාකාර තාක්ෂණික, සමාජයීය හා දේශපාලනික අභියෝග හා සිදුවීම් ගැන පරිකල්පනය කරන අතර ඔහු මිනිස් මනස විනිවිද දැකිය හැකි නව මනෝ පරීක්ෂාවක් (Psi-Probe) ගැන සඳහන් කළා. එය මුලින් නිපදවා යොදා ගන්නේ සමාජ විරෝධී අපරාධකරුවන් හා රස්තවාදීන්ගේ අරමුණු කල් තබා හඳුනා ගෙන ආරක්ෂණ පියවර ගන්නටයි. එහෙත් ඉනික්බිති ඉතිහාසය මුඵල්ලේ මිනිස් මනස දුෂණය කළ අතිපරබල ව්යාධියක් වන ආගම් ඇදහීම තුරන් කරන්නට එය උපකාර වනවා. 2500 වන විට සියඵ ආගම් හා ඇදහිලි වලින් නිදහස් වීමට මිහිපිට හැම මානවයකුට හැකියාව ලැබෙනවා.

         

ආගම් විරෝධියකු නොවේ

 

ක්ලාක් ආගම් ගැන විවෘතව හා නොබියව කථා කළ පමණින් ඔහු ආගම් විරෝධියකු යයි සරල ලෙස ලඝු නොකළ යුතුයි. බහුවිධ මතයන්ට සාවධානව සවන් දීමේ හා උපේක්ෂා සහගතව ගැන සංවාද කිරීමේ පරිනත බව ඔහුට තිබුණා. ඔහුට ලෝකයේ හැම සංවිධානගත ආගමකට අයත් මිතුරන් සිටියා. ඉඳහිට ඔවුන්ගේ අන්ධ භක්තිය ගැන විහිඵ කළත් කිසිදා එය ඔහු හෙළා දුටුවේ නැහැ. කැමැති දෙයක් විශ්වාස කිරීමට හෝ නොකිරීමට හෝ කලින් කලට විශ්වාස වෙනස් කිරීමට හෝ හැම මානවයකුට නිදහසක් හා අයිතියක් ඇති බව ඔහු පිළි ගත්තා.

         

එසේ ඔහු ලොව රමුඛ පෙළේ සාමයික නායකයන් සමග අදහස් හුවමාරු කර ගත්තා. ටිබෙටයේ ආරාමයක බෞද්ධ භික්ෂූන් පිරිසක් පරිගණකයක් සමග කළ ගවේෂණයක් ගැන කියැවෙන 'The Nine Billion Names of God' නමැති ඔහුගේ කෙටිකථාව කියවා පැහැදීමට පත් වර්තමාන දළයි ලාමාතුමා ගැන ඔහුට ස්තුති කර ලියුමක් එවා තිබුණා. අනුව ඔහු දළයි ලාමාතුමා සමග ලිපි ගනුදෙනු කළා.

 

1984දී අභ්යවකාශ ගවේෂණය හා මානව වර්ගයාගේ අනාගතය ගැන වතිකානු විද්යා ඇකඩමියේ පැවැත්වුණූ සමුඵවක දේශනයක් කිරීමට ඇරැයුම් ලබා එහි ගිය ක්ලාක්, එවකට සිටි දෙවන ජුවාම් පාවුඵ පාප්තුමා මුණ ගැසුණා. වෙන කිසිදු ආගමකටත් වඩා නිර්දය ලෙස ඔහු කිතුණු ආගම විවේචනය කර තිබුණත් එබඳු බුද්ධිමය සංවාදයකට ඔහු (හෝ වතිකානුව) එය බාධාවක් කර ගත්තේ නැහැ.

 

ඉන්දියාවේදී විවිධ අවස්ථාවල හින්දු ශාස්තරීය විද්වත් සභාවලට සහභාගී වූ ඔහු ඉස්ලාම් ධර්මය ගැනත් පාරාදීසයේ උල්පත් නවකථාවේ පැහැදීමකින් යුතුව සඳහනක් කර තිබෙනවා. කිරස්තියානි ධර්ම රචාරයේ රචණ්ඩ ඉතිහාසයත් සමග සසඳන විට ඉස්ලාම් ඉතිහාසය සාපේක්ෂව සාමකාමී බවත් ඔහු කියනවා.

 

විශෙෂයෙන් අරාබි තාරකා විද්යාව හා ගණිත ශාස්තරය මධ්යකාලීන යුගයේ කිරස්තියානි බලපෑම්වලට යටත්ව පසුබැසීමට ලක් නොවී දිගට ඉදිරියට ගියා නම් කර්මාන්ත විප්ලවය යුරෝපයෙන් නොව මැද පෙරදිගින් සියවස් ගණනකට පෙර ඇරැඹෙන්නට හැකිව තිබූ බව ඔහු අනුමාන කරනවා. දිගු කල් පැවැති ආගමික යුද්ධ නිසා මානව දැනුම රගමනය අඩාල වූ සැටි ඔහු පෙන්වා දෙනවා. එහෙත් ඉස්ලාම් සාරධර්මයන් 20 වන සියවසේදී මැද පෙරදිග ඛනිජ තෙල්වල දියවී ගියාදෝ කියා ඔහු කම්පා වනවා.

         

මානව වර්ගයාගේ උන්මාදය

 

ක්ලාක්ගේ 90 වසරක ජීවිතයේ අවසාන 21 වසරේ ඔහුගේ පර්යේෂණ සහායකයා ලෙස සියඵ නිර්මාණ හා ශාස්තීරය ගවේෂණ සඳහා උපකාර වූ මට, ආගම් හා සෙසු ඇදහිලි ගැන ඔහුට තිබූ අදහස් සමීප ලෙසින් නිරීක්ෂණය කළ හැකි වූණා. ඇතැමුන්ට මෙන් රසිද්ධියේ එක් ස්ථාවරයක් ගෙන පෞද්ගලික ජීවිතයේ එයට වෙනස් යමක් කිරීමේ දෙබිඩිකම ඔහුට තිබුණේ නැහැ.

 

ඔහු සියඵ ආගම් හා ඇදහිලි කාරුණිකව එහෙත් සම්පුර්ණයෙන් බැහැර කළා. එදිනෙදා කථාබහේදී ආගම් ගැන වාද කිරීමෙන් වැළකුණා. ඔහු වරක් එය පහදා දුන්නේ මෙලෙසයි. ‘‘මගේ බෞද්ධ, හින්දු, කිතුණු, යුදෙව් හා ඉස්ලාම් භක්තික මිතුරන්ට මා කියන්නේ ඔවුන්ගේ ඇදහීම නිසා ඔවුන්ට හිතේ සතුට හා සැනසීම ලැබේ නම් ගැන මා ඉතා සතුටු වන බවයි. ඔබ අදහන ආගම අහම්බෙන් උපතේදී ලැබුණත්, ඔබ දැනුවත්ව එය තෝරා ගත්තත් එයින් හිතට මෙන් ගතටත් යහපතක් වේ නම් එය හොඳ දෙයක්. එහෙත් ඔබට එම සහනය ලබා ගන්නේ මුලාවකින් නැතහොත් උමතුවකින් බවත් කාරුණිකව පෙන්වා දිය යුතුයි!’’

         

ආතර් සී ක්ලාක් මෙසේ විගරහ කළ මානව වර්ගයාගේ උන්මාදය නැතහොත් මහා මංමුලාව කවදා කෙලෙසින් අවසන් වේදැයි කිසිවකුටත් කිව නොහැකියි. ඔහු අවධාරණය කළ පරිදි විද්යා රබන්ධවලින් කරන්නේ අනාගතය ගැන අනාවැකි කීමක් නොවෙයි. හුදෙක් විය හැකියාවන් රැසක් අතුරෙන් සමහරක් ගැන පරිකල්පනය කිරීම පමණයි. සැබෑ ඉතිහාසය දිග හැරෙන අන්දම බොහෝ රබන්ධවලටත් වඩා විශ්මය ජනකයි!

         

ක්ලාක් ආගම් ගැන ජීවිත කාලය පුරා දැරූ අදහස් සම්පිණ්ඩනය කළොත් මෙසේයි. 21 වන සියවස අවසන් වන්නට පෙර දේව ආගම් කෙමෙන් අභාවයට යනවා. 25 සියවස වන විට පූජකයන්, පූජනීය ස්ථාන හා ශුද්ධ රන්ථ සහිත සියඵ ආගම්, දර්ශනයන් අවභාවිතය නිසා නැති වී යනවා. 30 සියවස වන විට ඉතිහාසයේ කලක් පුරා ආගම් නිසා සිය වර්ගයා මුළා වී අයාලේ ගිය සැටි ගැන විවෘතව ආවර්ජනය කිරීමේ පරිනත බව මානව වර්ගයාට ලැබෙනවා.

 

© Nalaka Gunawardene

 

1,925 words                                                                                                            15 May 2013

 

Comments