දරුවන් අයිති කාටද -1

This post needs editing before public display...

දරුවන් අයිති කාට ද?

Posted on June 14, 2010 by beyondframe

8


8 Votes
Quantcast


දෙමාපියන් විසින් දරුවන් බිහිකර උන් ලොකුමහත් වන තුරු බලා කියා ගන්නා බව ඇත්තකි. ඒ නිසාම උන්ට දරුවන් අයිති ද?

(අම්මලා තාත්තලා ට නැත්නම් කාට ද …කෝ උන් අයිති?)

අප මෙ ප‍්‍රශ්නය නගන්නේ කුඩා දරුවන් මහණ කිරීම සම්බන්ධයෙන් පැවති බ්ලොග් සංවාදය තුළ අප හිතේ මෙය අතුරු ප‍්‍රශ්නයක් ලෙස පැන නැගුණු නිසා ය.

(ඊළගට මොකාට තෝ එන්නෙ?)

දරුවන් ඉගෙන ගත යුත්තේ කුමන විශය ධාරා ද උන් කළ යුත්තේ කුමන රස්සාව ද කසාද බැඳිය යුත්තේ කුමන තැනැත්තා හෝ තැනැත්තිය ද යන උන්ගේ ජීවිතයේ ඉතාම වැදගත් තීන්දු තීරණ සම්බන්ධයෙන් දෙමාපියන්ගේ භූමිකාව කුමක් විය යුතු ද?

ඒ තීරණ සම්බන්ධයෙන් දෙමාපියන්ට මැදිහත් විය යුතු ද එසේ නම් ඒකවර ආකාරයකට ද?

දෙමාපියන්ට ඇත්තේ උවදෙස් දීමෙ භූමිකාවක් පමණ ද? තමන්ගේ අනාගතය ගැන තීන්දු ගැනීමෙ වගකීම තරුණයින්ට පිරි නැමිය යුත්තේ කුමන වයසේ ද?

(මෙ හදන්නෙ තරුණ කොල්ලො කෙල්ලො ටිකත් නැති නාස්ති කරල දාන්න එන්ජීඔ කොන්ත‍්‍රාත්තුවක්)

රටේ ආණ්ඩුව දැන් ඇගිලි ගහනා තරමටම දරුවන්ගේ ජීවිතවලට ඇගිලි ගැසීමේ අයිතියක් දෙමාපියන්ට ද තිබිය යුතු ද? නැත්නම් ඊට වඩා වැඩි අයිතියක් දෙමාපියන් සතු ද?

(උඹ මේ කරන නොසන්ඩාල වැඩෙන් කවද හරි උඹට උඹේ දරුවත් අහිමි වෙනව)

රටෙ නීතිය මෙ ගැන ඉතා පැහැදිලි ස්ථාවරයක් දරයි. වයස 18 න් පසු හැම පුරවැසියෙකුම වැඩිහිටියෙකු ලෙස සළකන එය දෙමාපියන්ට ඉන් එහා බලපෑමක් කිරීමට නීතිමය අයිතියක් නැතැයි කල්පනා කරයි.

(ඔය කියන්නේ බටහිරින් ණයට ගත්තු රෝම ලන්දේසි නීතිය ගැන නේද?)

තරුණයන් සතු මෙම නිදහස කොල්ල කන රාජ්‍ය යන්ත්‍රයක් තිබීම වෙනම කරුණකි. ඒ නීතිය ක්‍රියාත්මක කරන්නන්ගේ නීතිය ගැන නොදන්නා කම ය. නීතිය රෝම ලන්දේසි වුනාට ක්‍රියාත්මක කරන්නේ අපි අපිම බැවිනි.

(ඔවු ඉතින් සුද්දන්ගෙම වරුණෙ කියපං)

එහෙත් යථාව කුමක් ද? මෙය දෙමාපියන් විසින් සමහර විට රාජ්‍ය යන්ත්‍රය තරමටමත් නැත්නම් ඊට වඩා දැඩි ලෙසත් හොර රහසේ උල්ලංඝනය කරනු ලබන බව යි.

(බිදවපං තරුණ පරපුර අම්මල තාත්තලත් එක්ක. එත‍කොට නෙ උඹට නින්ද යන්නෙ)

මට පෙනෙන හැටියට නම් අද තරුණයින් තමන්ගේ දෙමාපියන්ට ද වඩා ලෝකයට විවෘත ය. ඒ නිසාම දෙමාපියන් සතු දැනුම ඉක්මවන දැනුමක් ඔවුන් සතු ය. එවන් වටපිටාවක ඔවුන්ගේ ඉලක්ක හා ජීවිත දැක්මට ද වැඩි ඉඩ කඩක් දිය යුතු ය යන්න අපේ හැගීම ය.

(වඳුරට දැලි පිහිය දීපං)

එහෙත් කණගාටුවට කාරණය නම් විසි එක්වෙනි සියවසේ දෙමාපියන් විසින් ද තම දරුවන් තමන්ගේ දේපල ලෙස සළකනු ලැබීම ය.

හරියට වෙස්සන්තර රජ තම දරුවන්තමන්ගේ දේපළ යයි සළකා වෙවැලින් පහර දෙමින් උන්  රැගෙන ගිය ජූජක බමුණාට දරුවන්ගේ කැමැත්තවත් නොවිමසා බාර දුන් ගානට ය.

තමන්ගේ දාන පාරමිතාව සම්පූර්ණ කර ගැනීම සදහා තම දරුවන්ගේ අනාගතය එසේ කළ ගුණ නොදත් තිරි‍සනෙකුට පැවරීමට වෙස්සන්තර රජ්ජුරුවන්ට අයිතියක් නැතැයි මගේ අදහස ය.

(ඔන්න පැන්න මල්ලෙන් එළියට! බුද්ධාගමට කෙළවන්නම තමයි උඹ එන්නෙ)

කිරි දරුවන් මහණ කිරීම සාධාරණය වන්නේ ඒ වෙස්සන්තර දැක්ම හරහා ය.

අප විසින් ප‍්‍රශ්න කළ යුත්තේ එම වෙස්සන්තර දැක්ම ය.

(ඇත්තටම කියපං කීයක් හම්බුවුනා ද මෙක ලීවට)


Posted in: Uncategorized
8 Responses → “දරුවන් අයිති කාට ද?”

  1. රවා

    June 14, 2010

    තර්කයට බැහැ, හොදම දෙය තමාව තබා බලන්න, පරම්පරා වෙනස තිබුනත් යම්තාක් දුරට වැටහෙවි කලයුතු යමක්.
    එවිට දෙමව්පියන්ටත් වැටහෙවි යම්තාක් දුරට,
    මගෙ පුතාට දැන් මගෙන් උදව්වක් ඔනද,
    දැන් මගෙ උපදෙස් ඔනද,

    මිනිස්සු හැමතිස්සෙම හොයන දෙයක් තමයි ” 100 % ” කියනදෙ. නිතීයෙ වගන්ති වලින් ලියලා තිබුනට වැඩිහිටියො දැනගන්න ඔනා තමුන්ගෙ දරුවො ගැන.

    මෙතන තවත් තැනක් සත්තුන්ගෙන් මනුස්සයින් වෙනස් කරලා අදුනගන්න පුලුවන්.

    මම දැක්කා ඔයා දවසක් ලියලා තිබුනා ඔයා දරුවව රැක බලා ගත්තෙ , වයසට ගියහම එයා ඔයාව බලගනි කියන බලාපොරොත්තුවෙන් නෙමෙ කියලා. නමුත් මම හිතන හැටියට දවසක එයා ඔයාව බලගත්තෙ නැත්තම් එකෙ තෙරුම ඔයා එයාව හරියට බලාගත්තෙ නැහැ කියන එක. දරුවෙකුට දෙමව්පියොත් එක්ක තියන සම්බන්දය, අයිතිය .. නිතියෙ තියන වගන්තියකින් නැති කරන්න බැහැ, නමුත් දෙමව්පියෙක් වෙන්න දරුවො ඉන්න හැමොම සුදුසු වෙන්නෙත් නැහැ.

    බුදුහාමුදුරුවො මහාසංගයාගෙ ගුණයක් දෙමව්පියන්ට දුන්නෙ දෙමව්පියන් කියන්නෙ මෙලොකෙ තියන වටිනාම වස්තුවක් නිසා. සාසනෙට මෙ වෙලා තියන විනාශයට හෙතුවක් තමයි කුඩා දරුවන් මහන කිරිම. ගිහිජිවිතය ගැන කලකිරිලා සාසනයට එකතු වෙන අය ඉතා ස්වල්පයක් ඉන්නෙ. බලය අතෙ තියන මිනිස්සු, එතනට යන්නෙ බලයට තියන කෑදරකමට, එතනට ගියහම බලයෙන් , තණ්හාවෙන් අන්ධ වෙලා ඉන්න හින්දා හරි වැරැද්ද මුකුත් පෙන්නෙ නැහැ. ඉතින් බුදු හාමුදුරුවො වදාරපු මුලික කරුණු වත් පිළිගන්නෙ නැතිව නිකාය වලට, අරවට මෙව්වට බෙදිලා ඔලුව උදුම්මවාන් ඉන්න සංඝරත්නයකින් පිරිසිදු ධර්මයක්, සමාජයට සාධාරණයක් බලාපොරොත්තු වෙන්න බැහැ. රටෙ ඉහලම තැනින් විපක්ෂය කෙරෙහි වෛරය වපුර වපුර, මිනිස්සුන්ව නොමග යවද්දි ඔය දරුවන්ට සංස්කෘතිය, සදාචාරය උගන්වන්න නිති ගෙනල්ලා වැඩක් නැහැ.

    කවුරුත් කාටවත් අයිතියි කියලා මම ලියන්නෙ නැහැ. හැබැයි එහෙම නැහැ කියලා කාටවත් කියන්නත් බැහැ..

    Reply

  2. ලෝකයා

    June 14, 2010

    ඔක අමාරුවෙන් විසඳන්න තරම් ප‍්‍රශ්නයක් ද?

    මං දන්න විදිහට නම් ඉස්සර ඉඳලම උන් අයිති මහරජ්ජුරුවන් වහන්සේට.

    එතුමා උන්ට කැමති දෙයක් කරාවි කියල හිත හදාගත්ත පරම්පරා කීයක් නම් තිවුන ද ආයුබෝවන්ඩ.

    Reply

    • gadfly

      June 14, 2010

      වෙස්සන්තර දැක්ම ප්‍රශ්න කරන යන්න එපා . ඒක තමා මේ රටේ තියෙන එකම ප්‍රතිපත්තිය . තමාගේ දරුවෝ විතරක් නෙවේ අනුන්ගේ දරුවොත් දන්දෙනවා.

      Reply

  3. දේශප්‍රේමි

    June 15, 2010

    wessanthara dhAkmata apea aya ful law unaata sirisanngaboe dhAkma nam ahalaawath nae

    Reply

  4. arjuna

    June 15, 2010

    දරුවන් අයිති දරුවන්ටමය
    ඔවුන් සිටින්නේ අනුන්ගේ ෆැන්ටසි ජීවත් කරවීමට නොව
    ඔවුන් කාගේවත් නොහැකියාවන්ලට රටේ සදාචරය පිරිහුනාට පලි නැත

    Reply

  5. 101

    June 16, 2010

    දරුවෝ අයිති රටට, රට අයිති මහින්දට, මහින්ද අයිති රාජපක්සලට, රාජපක්සල අයිති සන්දනෙට, සන්දනේ ඉන්නේ හොරු… ඒකනිසා රටේ දරුවොයි දරුවන්ගේ අනාගතෙයි අයිති හොරුන්ට…

    ඔබට සුබ අනාගතයක්!

    Reply

  6. Senator

    June 17, 2010

    Daruwo aithi daruwantamai.

    Reply

  7. T

    June 19, 2010

    නැත, දරුවන් අයිති පළත් සභා වලටය. දරුවන් දහම් පාසල් නොයෑම ගැන ඒ තරන් කැක්කුමක් තියෙන්නේ වෙන කාටද?

Comments