Posted on May 29, 2010
by beyondframe
අවුරුදු දෙක තුනක් වයසැති කුඩා ළමුන් දෙදෙනෙකු මහණ කර තිබෙනවා පුවත්පතක
කියැවීමි. ඒ දෙහිමියන් කුඩා කාර් දෙකක් සමග සෙල්ලම් කරන ඡයාරූපයක් දිනපතා
පුවත්පතක පළවී තිබුනේ යැයි ඒ ලිපිය ලියූ තැනැත්තා කියා තිබුනි. ඒ ඡයාරූපය
නොදුටු නමුත් ඒබව සඳහන් ලිපිය නම් පළවී තිබුනේ මා කියවූ මැයි 24 දින
ඩේලිනිව්ස් පුවත්පතේ ය.
එම සති අන්තයේම ඉරිදා ටයිම්ස් පුවත්පතේ තවත් එවැනිම සාමනේර හිමි නමකගේ
සුරතල් ඡයාරූපයක් ද මම දුටිමි. ඒ මැයි 23 දින ෆන්ඩේ ටයිම්ස් අතිරේඛයෙනි.
සෙල්ලම් කළ යුතු කාලයේ දරුවන්ට මෙහෙම බරක් පැටවීම සාධාරණ දැයි මට මහත්
වූ සැකයක් ඇත්තේ ය. ඒ මට ද ඒ වයසේම වූ කුඩා දරුවෙකු සිටින නිසා ය.
ඒ සැකය ඉදිරිපත් කළ යුත්තේ මහ නායක වරුන්ට ද බෞද්ධ ජනතාවට ද එසේත්
නැත්නම් ලමා හා පරිවාස කොමසාරිස්ට දැයි යන්න ගැන මට නිච්චියක් නැත.
ඉන්දියාවේ කුඩා දරුවන් දෙමාපියන්විසින් කසාද බන්දවනවා යයි අපි අසා
ඇත්තෙමු. ඒවා අහන අප කම්මුලේ අත ගසා ගන්නා නමුත් ඊටත් වඩා දරුණු ඉරණමක් අප
විසින් අත් කර දෙනු ලබන මෙ කුඩා සිගිත්තන් ගැන එවැනි කම්පාවක් අපේ සිතේ පහළ
නොවන්නේ ඇයිද යන්න මට නම් ප්රශ්නයකි.
තමන්ගේ ඉරණම ගැන තීන්දුවක් ගත නොහැකි දරුවෙකුගේ ඉරණම එලෙස තීන්දු කිරීම
නිවැරදිද?
පසුකලෙක අවශ්‍ය නම් සිවුරු ඇරීමෙ නිදහස ඇතැයි කෙනෙකු කියන්නට පුලුවන.
එහෙත් කිසිදා මහන දම් පුරා නැති ගිහියන් විසින් හීරලුවෙකුයැයි කියා අවමන්
කිරීමකට ලක්වන්නේ එවන් පුද්ගලයින් ය.
හීරලුවකු වීම දික්කසාද වූ ගැහැණියක වීම තරම්ම අභාග්‍යයක් වූ රටක මෙය
විශේෂයෙන් අසාධාරණ යයි හගිමි.
කියන්නේ කාට ද?
37 Responses → “කුඩා දරුවන් මහණ කිරීම – කියන්නේ
කාට ද?”
-
මට මතක් වුනේ ලංකාවේ රූගත කළ ඉන්දියානු කතාවක් රැගත් WATER කියන
ෆිල්ම් එකයි.
කකා
Reply
-
සිවුරු ඇරීමේ නිදහස ? ආච්චිගේ තට්ටෙ තමා. අහන්න මගෙන් ඒ නිදහස ගැන..
මුස්ලිම් ගෑණු ලමයි අඩු වයසෙන් කසාද බන්දන එක ගැන උඩ පනින අපේ මහා
බවුද්දයන්ට මේවා පේන්නෙ නැති හැටි. ඕකට කියන්නෙ selective amnesia කියල.
තමන්ට ඕන දේ විතරයි පේන්නෙ.
Reply
-
Ghurabaa
May 29, 2010
Reply
-
rakitha DJ
May 29, 2010
සෙල්ලම් කළ යුතු කාලයේ දරුවන්ට මෙහෙම බරක් පැටවීම සාධාරණ දැයි?
තමන්ගේ ඉරණම ගැන තීන්දුවක් ගත නොහැකි දරුවෙකුගේ ඉරණම එලෙස තීන්දු කිරීම
නිවැරදිද?
කිසිදා මහන දම් පුරා නැති ගිහියන් විසින් හීරලුවෙකුයැයි කියා අවමන්
කිරීමකට ලක්වන්නේ එවන් පුද්ගලයින් ය.
හීරලුවකු වීම දික්කසාද වූ ගැහැණියක වීම තරම්ම අභාග්‍යයක් වූ රටක මෙය
විශේෂයෙන් අසාධාරණ ය
Reply
-
කුඩා කළ මහණ කිරීම යනු සතකු සත්වෝද්‍යානයේ කූඩු කිරීමටත් අන්ත
ක්‍රියාවකි. සත්වෝද්‍යානයෙහි සිටින සතකුට කරදරයකින් තොරව දිනපතා ආහාරද,
විලෝපිතයින්ගෙන් ආරක්ෂාවද, කැලයේදී අනිවාර්යයෙන්ම ලැබේයයි සහතික නැති
සහකරුවකු/සහකාරියක්ද ලැබේ. මහණ කළ දරුවකුට මේ බොහෝ දේ අහිමි වේ. ඔවුනට
විඳින්නට වන ලිංගික අතවර ගැන වෙනම කතා කළ යුතුය.
අනෙක් අතට, රජ කාලයේදී සිවුරු ඇරීමට තිබූ නිදහස වත් අද වැඩවසම් සමාජය
මඟින් ලබා නොදේ. භික්ෂු නමකින්, භික්ෂු ඡායාරූපයකින් යුතු හැඳින්වීමේ පතක්
(ID එකක්) ගිහියකුට වලංගු නොවේ. සිවුරු ලූවකු අළුතින් ගිහි හැඳින්වීමේ පතක්
ලබා ගත යුතුය. මේ සඳහා ග්‍රාම සේවක විසින් අවශ්‍යයෙන්ම ඉල්ලන ලිපියක් නම්
සිවුරු හැරි බවට යම් අධිකාරී හිමි නමකගෙන් ගත් සහතිකයකි. තරුණ භික්ෂූන්
වහන්සේ නමකට එවන් අධිකාරී හිමි නමක් හමුවී “හාමුදුරුවනේ මා සිවුරු අරිනවා”
කිව හැකිද? (යුද්ධ කාලයේදී නම් “හමුදාවට යනවා” කියා බොරු කියා එසේ ලියුම්
ගත් කිහිපදෙනකු ගැන දනිමි.)
Reply
-
//කුඩා කළ මහණ කිරීම යනු සතකු සත්වෝද්‍යානයේ කූඩු කිරීමටත් අන්ත
ක්‍රියාවකි.//
කුඩා දරුවන් මහණ කිරීම ගැන මම දැක්ක ගැලපෙනම උදාහරණය.
Reply
-
```Outsider```
May 29, 2010
මහන කිරීම ආගමික ජීවිතයකට යොමු කිරීමක්නෙ. ඒත් ආගමක් ගැන කිසිවක්
නොතේරෙන නොදරුවෙක්ගේ නොදන්නා කමින් අයුතු ප්‍රයෝජන ගන්න එක වැරැදියි.
තමාගෙ ආගම සහ ආගමික ජීවිතය කෙබඳු විය යුතුද කියල තමන්ම තේරුම් ගැනීමේ
අයිතියක් කාටත් තියෙනව. ඒක තේරුම් ගන්න තවමත් නොහැකි දරුවන්ව එහෙම ජීවිතේකට
යොමු කිරීම වරදක් විතරක් නෙවෙයි රැවටීමක්.
Reply
-
Danfun
May 29, 2010
පොඩි උන්ට නිදහසේ සිතන්නට ඉඩ නොදී ආගමක්/ මතවාදයක් කවන්නට යාමෙන්,
අවැඩක් මිස හොඳක් නම් සිදු නොවන බව මං දවසක් කිව්වා මෙතනම. සමහරුන්ට
දිරෙව්වෙත් නෑ.
ඔතනින් තමයි අන්ධ භක්තිය කියන එකේ ඇරඹුම .
නිදසුන : කාමයක් ගැන මෙලෝ හසරක් නොදන්නා පොඩි එකා ලව්වා,
කාමේසුමිච්ඡාචාරා සිල් පදය කියවන්නේ අහවල් රෙද්දකටද ?
මේක නිකන් ආතල් එකට කියන එකක් කියලා පොඩි එකා හිතන්නේ . ඌට තේරෙනවැයි මේ
උලව් ප්රතිපදාවන් . එහම උන්ට ලොකු උණාමත් ආගම කියන්නේ ආතල් එකක් විතරයි .
යක්ෂ මූණු දාගෙන, කාලක් බාගයක් අනුමත කර ගෙන, කෙල්ලන්නට හූ කිය කිය වෙසක්
බලන්න ගෝල්පීස් යන්නේ ඒකනෙ . උන්ට ප්‍රතිපත්තිය ගැන කිසි අවබෝධයක් නැහැ.
උවමනාවකුත් නැහැ ඉගෙන ගන්න. නමුත් ආගම වෙනුවෙන් මරාගන්න උණත් උන් ලෑස්තියි .
එහෙම උන් ඉන්නකං, ආගමෙන් කන උන්ට කල්ල මරේ . කොයි ආගමටත් සිද්ද වෙලා
තියෙන්නේ ඕක තමයි .
දැං ඉතින් දිරවන්නේ නැති උන්ට ආයිමත් චාන්ස් එක . ආතල් එකක් ගත්තැකි .
Reply
-
කතෝලික ශාසනය මේ අංශයෙන් බුද්ධ ශාසනයට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නේ. ඒ
අය පූජකවරයෙක් තෝරාගන්නේ, ගිහියෙක් විදියට සෑහෙන දවසක් පුහුණු වුනාට
පස්සේ. බොහෝ අය පූජකයෙක් නොවෙන්නට තීරනයත් කරනවා.
සාමාන්‍ය හාමුදුරුකෙනෙකුයි, කතෝලික පූජකවරයෙකුයි සසදා බැලුවොත් මේ වෙනස
හොදටම පෙනෙනවා.
හතර කේන්දරේ පාලු වුනා කියලා කොල්ලා මහණ කරලා දෙමව්පියෝ තවුතිසා යවන එක
නොවැ අපේ උන්දැලා කරන්නේ…
Reply
-
දේව සාපය
May 29, 2010
බුද්ධාගමේ යන්තම් එක වැරදි අංශයක් කොහෙන් හරි හොයාගෙන ඒක ලොකු
අකුරින් පල කරාම ඒකට එකඟව හොද කමෙන්ට්ස් දැම්මම ගොඩාක් බුද්ධිමත් වෙනව
ඉතින්. මේ කමෙන්ට් කරපු කට්ටිය කව්රු හරි, මේ ලොකු හෙඩිම දාල බුදුදහම තවත්
කරන්නේ වැරදි කියන බියොන්ඩ් ෆ්‍රේම් මහත්තයාවත් තමගේ අනන්‍යතාව හොදින්
පැහැදිලි කරල දීල. කියන්න පුලුවන් ඒ පස් පවු වලින් වැලකුනු අයෙක් කියල ???
පුලුවන්ද???
මම හිතන්නෙ මේ කමෙන්ට් කරන ඔක්කොම කට්ටිය සිගරට් එකක් බීලාවත් නැති
කටේවත් තියන්නෙ, නැති අරක්කු බීලාවත් නැති ඉදිරියෙදිත් කටේවත් තියන්නෙ
නැති මේ තාක් හොර බොරු වංචා කරලාවත් නැති කවදාවත් කාමයේ වරදවා හැසිරිච්ච
නැති අය වෙන්න ඕනෙ??
මෙච්චරමේ අනිත් ආගම් කරන මිනී මැරුම් පාසලකට දරුවෙක් ඇතුලත් කිරීමට මව්
පියන් හා ඒ පවුල පල්ලියට දඩ ගෙවා පවුල් පිටින් බෞතීස්ම කරවන, මැරුණම
මිනීවලක් දෙන්න ආගමට හරවගන්න බලා ඉන්න විවාහයක දී නිර්ලජ්ජිත විදිහට ආගමට
හරව ගන්න බලන් ඉන්න අමන ලාංකීය මුතුන් මිත්තන්ව බලෙන් හෝ මරණීය තර්ජන
මාපියන් දරුවන් මාරා ඉතිරයි බෞතීස්ම කල මේ රටට සාපයක් වූ ආගම් තිබෙත්දී
මේ පොඩි සිද්දියක් අල්ලල ලොකු ආර්ටිකල් ලියල ලොකු කමෙන්ට්ස් දාන
බෞද්ධ අබෞද්ධ කාටත් කියන්න තියෙන්නෙ මෙච්චරයයි
උම්බලට අනුව මේ ලෝකෙ තියන ජරාම මිනිස්සු සිංහල මිනිස්සුයි.
උම්බලට අනුව මේ ලෝකෙ තියන ජරාම රට ග්රී ලංකාවයි.
උම්බලට අනුව මේ ලෝකෙ තියන ජරාම ආගම බුද්ධාගමයි.
උම්බලා සියළු දෙයින් පරිපූර්ණවූ දේව සමාජයක ජීවත් වන ජීසස් ගේ දරුවෝයි….
කාට කියන්නද???
Reply
-
beyondframe
May 29, 2010
ඊයේ අප පළ කළ මුනිදාස කුමාරතුංගගෙ ලක්මිණි පහන කතුවැකිය තිබුණු
සටහන කියෙව්වෙ නැත්ද? එතුමත් එතකොට කරල තියෙන්නෙ ඒ වැඩේම ද? ඒකට උත්තරයක්
දුන්නොත් මේකට උත්තර දෙන්න පුලුවන්. නැත්නම් වෙන්නෙ නිකම් බොරුවට අපි මේකෙ
ප්‍රතිචාර පුරෝන එක විතරයි
තව එකක් යාළුවෙ බුදුබණ ගැන අපේ විමසුමකුත් තිබුන වෙසක් පෝය දා ඒකත්
කියවල ඉන්නකො
එතකොට අපට මේ සංවාදය වැදගත් විදිහට කළෑකි
Reply
-
This is the same record played by all the blind believers. You
dont have to be a saint to point your finger at something wrong.
In a way this is exploitation of social conditions. For example at my
home town there is a temple that runs a orphanage for children whose
parents were killed in war. Which is a very good service. and I have
nothing against it.
But the problem is the children will not be given the same
opportunities as most other orphans receive. Instead they all are
‘abiththayos’ and turned in to Monks at some point. Some children come
to the place when they are only 2 years old. Of course it is a massive
festival at over village when they become monks everyone blindly support
it.
But if those children had a better view of the world or if their
parents were alive or they were in a different orphanage, I dont thin
that they would made a choice like that willingly
/Rakhitha
Reply
-
SAas
May 30, 2010
Ahapu prashneta uththara dunna nam hondai neda?
Reply
-
beyondframe
May 30, 2010
මුල් සටහනේ අප ඇසූ ප්‍රශ්නවලට උත්තර නොදෙන අය උන් අහන ප්‍රශ්නවලට අප
උත්තර දේ යැයි අපේක්ෂා කිරීමෙන් මේ අපට හගවන්නට හදන්නේ කුමක් ද
ප්‍රශ්න ඇසීමේ ශුද්ධ වූ අයිතිය උන්ගේ බුත්තියට පමණක් සවිව ඇති බව ද?
-
මෙතන හැමෝම අමතක කරන කාරණය නම් ඇබිත්තයන් පිළිබඳ ප්රශ්නයයි.. බොහෝ
පන්සල් වල මේ කුඩා දරුවන්ට පාසල් අද්යාපනයත් පිරිවෙන් අද්යාපනයත් දෙකම
ලැබෙන්නේ නැත. එමෙන්ම බාල අපචාර ගැන උදේ හවා බෙරිහන් දෙන මේ රටේ. පන්සල්
තුල ප්‍රසිද්දියේ සිඳුවන අපචාර ගැන මහනාහිමිවරුන්ට පැවසිය හැක්කේ කුමක්ද.
දරුවන්ට බොහෝ සේ ආදරය කරණා රජතුමාගේ දෑසට මේ ප්රශ්නය යොමු වේවා… මේ
ප්රශ්නය සාකච්ඡාවට භාජනය කිරීම පිළිබඳ ස්තූතීය..
Reply
-
beyondframe
May 29, 2010
මහණ කරන දරුවන්ගේ වයස සළකන විට මට ඇති ප්රශ්නය නම් ඇබිත්තයන්
හැටියට ගන්නේ ඊටත් කුඩා ළමුන් ද යන්න ය. එය එසේ නම් මෙය දෙයියන්ම බලා ගත
යුතු ප්රශ්නයකි.
අවුරුදු දහසයක් හෝ දහ අටක් වැනි යම් අවම වයසක් මේ සදහා තිබිය යුතු යැයි
බලය ඇති අයට යෝජනා කළ හැකි දේශප්‍රේමී බෞද්ධ උපාසකයෙකු හෝ භික්ෂුවක අප රටේ
නැත් ද?
අප වැනි දේශද්‍රෝහීන් නම් කිව්වාට අහන කෙනෙක් නැත.
Reply
-
Lahiru
May 29, 2010
Podi ladaruwan kunu godawa dala yanne appi mahana kora mokada
Reply
-
beyondframe
May 29, 2010
ගගකට හෝ වැසිකිළි වලකට විසි කරනවාට වඩා කුණු ගොඩක දමා ඒම හොදය
කුණු ගොඩක දමා ඒමට වඩා විකිණීම හොදය
විකුණනවාට වඩා මහණ කරන එක හොද ය
මහණ කරනවාට වඩා හදා ගන්න දෙන එක හොද ය
හදාගන්න දෙනවාට වඩා තමන්ම හදා ගන්නා එක හොද ය
Reply
-
Sachi
May 29, 2010
ඉපදුන ගමන් කොන කපන එක ගැන මොකද හිතන්නේ ? ඔනෙ නම් පස්සේ උපැවිදි
වෙන්න පුලුවන්. ඒත් කොන ආපහු සම්බන්ද කරන්න බෑ නේද ?
Reply
-
beyondframe
May 29, 2010
කොන කපන එක හොද නැහැ කියමුකො (ඒකේ වෛද්‍ය විද්‍යාත්මක ඵල විපාක
කියන්න තරමට ඒ සංසිද්ධිය ගැනවත් වෛද්‍ය විද්‍යාව ගැනවත් මං දන්නෙ නැහැ-
දන්න කෙනෙකුට ඒ ගැන කතා කරන්න මේ බ්ලොග් අඩවිය විවෘතයි).
හැබැයි ඒ ගොල්ලො කොන කපනව කියල ඒකෙ පලියට පුංචි දරුවන් මහණ කරන්න
අයිතියක් අපට ලැබෙන්නෙ නැහැ.
Reply
-
අනුන්ගේ කුණු හොයන්න කලින් අපේ කුණු සුද්ද කරන් ඉන්න ඕනෙනෙ. ඒ නිසා
බෞද්ධයෝ හැටියට අපේ තියෙන වැරදි හදාගෙන ඊට පස්සෙ අනුන්ගේ වැරදි හදමු නේද ?
Reply
-
හෝමෝ සේපියන්ස්
May 31, 2010
සාදු! සාදු! සා . . . . දු! ඇයි ඉතින් තමන්ගේ වැරදි හදා ගෙන සිවුරෙ
ඉන්න බැරි වුණේ? තමන්ගෙ හිතේ කුණු කන්දල් සුද්ද කරන් සිවුර දරන් ඉන්න බැරි
වුණේ? බෞද්ධයෝ හැටියට අපේ තියෙන වැරදි හදාගෙන ඊට පස්සෙ අනුන්ගේ වැරදි හදමු
නේද ?
සොරි . . මට අමතක වුණා. හීරළුවා සිවුරෙ රුන්නට ගද නෑ නෙ? අනික මහණ වෙලා
නොහිටපු අපි කොහොමද ඔය පුරස්න අහන්නෙ?
-
හීරලුවට සිව්රේ රෙන්න බෑනෙ. සිවුරු අඳින්නෙ නෑනෙ. ඉතින් මොකෝ කරන්නෙ
?
-
BroadMinded
May 30, 2010
Kona kepuwath karranna oney dey karanna bari kamak ne ney,
Eth okkoma thiyagena paawichchi karanna epa kiwwoth?
Reply
-
රවා
May 29, 2010
ඔබ නොදන්නා ඉතාම කණගාටුදායක දෙයක් මා ඔබට පවසන්නම්.. අපෙ පංසලෙ
ලොකු හාමුදුරුවො බොහොවිටදි පැවදි බිමට ඇතුල් කරන්නෙ වයස අවුරුදු 12, 13
වැනි වයසෙ දරුවන්.. මෙ දරුවන් ඉතාම දුප්පත් පවුල්වල දරුවන්, මෙ අයට සමහර
වෙලාවට එදා වෙල කන්න හොයාගන්න බැරි තරම් දුප්පත් ගොවි පවුල්වල ලමයි.. මහණ
බිමට බොහො විට එන්නෙ.. ඔබෙ දරුවා කෙදිනක හො ” තාත්තෙ මට මහණ වෙන්න ඔනා ”
කිව්වොත් ඔබ මොකද කියන්නෙ ..
Reply
-
කන්න නැතුව හිටියත් මම මගේ ලමයව නම් මහණ කරන්නෙ නෑ රවා. මොකද මම
වෙන්නෙ මොකෝ කියල දන්න නිසා.
Reply
-
gadfly
June 22, 2010
[quote]ඔබෙ දරුවා කෙදිනක හො ” තාත්තෙ මට මහණ වෙන්න ඔනා ” කිව්වොත්
ඔබ මොකද කියන්නෙ ..[/quote]
ඔබේ දරුවා (වයස අවුරැදු 6-7 දී විතර) ”තාත්තේ/ අම්මේ මට කසාදයක් බදින්න්
ඕනා” කිව්වොත් ඔබ මොකද කියන්නේ?
Reply
-
කොන කපන එකත් වැරදියි. ඒක නිසා තමයි දියුණු රටවල් ඉස්ලාම් ධර්මය හා
සිරිත් විරිත් විවේචනය කරන්නේ. බුද්ධාගම ඔවුන් පිළිගන්නේ ආගමකට වඩා
දර්ශනයක් ලෙසයි. ඔවුන් මෙහි ඇති නිදහස අගය කරනවා. නමුත් මෙහේ පන්සල් තුල
සිඳුවන දෑ පිටරට බෞද්ධ ආයතනයන් තුල සිඳුවන්නේ නැහැ. දුප්පත් දරුවෝ කියල
ඔවුන් මහණ කරන එක නෙවෙයි කරන්න ඕන. ඔවුන්ට ඔවුන්ගේ ළමා කාලය විඳින්න
සැලැස්වීමයි. හදිස්සියෙ හරි පොඩ්ඩක් කෙලින් උන ගමන් ගෑනියෙක් ඔනයි කිව්වොත්
ගෙනැත් දෙනවද?
Reply
-
ලංකාවේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ‘පේටන්ට්’ එක තිබෙන ළමාරක්ෂක
අධිකාරියේ හිටපු සභපති හරීන්ද්‍ර කොරයා වරක් මෙයට එරෙහිව අදහස් පළ කළ බව
මතකයි. ඒත් විරෝධය හමුවේ ඔහු එය හකුළා ගත්තා.
ලංකාවේ ළමා අයිතිවාසිකම් පිළිබද සියලු තර්ක ළමයින් මහණ කිරීම නම් කාරණය
ළඟදී අවසන් වෙනවා.
ලංකාවේ පාසල් තමයි ළමා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ මධ්‍යස්ථාන. ඒ
ගැනත් ලියන්න.
Reply
-
තරැ
May 30, 2010
කුඩා දරැවන් මහණ කිරීම ඉතාමත් වැරදි ක්‍රියාවක්. බුද්ධ ශාසනය
රැකගන්න කියලා කරන මේ වැඩෙන් අවසානයේදී වෙන්නේ බුද්ධ ශාසනය විනාශ වීම.
දෙමව්පියන්ගේ උවමනාවට,ලෛාකු හුමුදුරැවන්ගේ උවමනාවට මහණ කරන කොළුවා ලොකු
මහත් වෙද්දි ශාසනේ අතහැරලා දාලා යනවා. අන්තිමට සල්ලිත් නෑ සනීපත් නෑ. කුඩා
කල මහණ වන හිමිවරැ උපැවිදි වීමේ සම්භාවිතාව වැඩී. ගමේ පන්සල ගැන කල්පනා
කරලා බැලුවොත් මේක හොදට පැහැදිලියි. අනිවාර්යෙන්ම නීතියක් විදිහට වයසක්
පැනවිය යුතු වෙනවා මහණ කිරීම සම්බන්ධව. එය බුදු දහමට කරන මහත් සේවයක්. එවිට
“ශාසනය අතහැර යන්නන්” නිසා සිදුවන අපකීර්තියත් වළක්වා ගත හැකියි. අනෙක්
අතට වැඩිවියට පත්ව පැවිදි වන්නන් උපැවිදි නොවේය යන්නද මින් අදහස් නොකෙරේ.
අනෙක් අතට කුඩා දරැවන් මහණ කිරීම නිසා ඔවුන්ට සිදුවන “ලි’ගික අතවර” ගැන
ලාංකීය සමාජය කතා කරනවා අඩුයි. ඒ නොදන්න කම නිසාද නැත්නම් දැනගෙන කතා නොකර
ඉන්නවාද?
“කොණ කැපීම” (සුන්නත් කිරීම) ත් වැරදි දෙයකි. ආගම මුවාවෙන් ආශාවන්
පාලනය කිරීම තමයි එහි මූලික පරමාර්ථය. කාන්තාවන් අරභයාද මෙය සිදුවනවා.
සමහරවිට මෙය ලංකාවේ සමහර මුස්ලිම් පවුල්වල රහසේ සිදුවන බව ඔබලා විශ්වාස
නොකරන්නටත් ඉඩ තිබෙනවා. මෙහි අමානුෂික බව වටහා ගැනීම සදහා වාරිස් ඩයිරිගේ
කාන්තාරයෙ කුසුම පොත කියවන්න. නැතනම් Dessert Flower චිත්‍රපටය නරඹන්න.
ලොව ඕනෑම තැනක ඕනෑම ආගමක නාමයෙන් වැරදි දෙයක් කරයිද එයට මා විරැද්ධය. එය
බුද්ධාගමද, ක්‍රිස්තියානිද, ඉස්ලාම්ද යන්න වැදගත් නැත. කොණ කැපුවද, භගමනික
කැපුවද, කුඩාකළ මහණ කළාද, මේ සියල්ලම වැරදිය. නමුත් මේවා වල ප්‍රමාණයන්ගේ
වෙනස්කම් තිබිය හැකිය.
Reply
-
“කොණ කැපීමට” ද, “ගල් කැපීමට” ද විරැද්ධ වෙමු. සමහරැ නම් කියයි මේ
එකක්වත් සිද්ධ වෙන්නේ නෑ කියලා. හැබැයි ඉතින් පන්සලේ උරැමේ ගන්න තමන්ගේ
එකෙක් මහණ කරපුවාම එහෙම වෙන්නේ නෑ.
මම දැක්කා අද පත්තරෙ තියෙනවා හිටපු මන්ත්‍රී උන්නාන්සේ කෙනෙක්ගේ
මන්ත්‍රී නිවාසේ පවුලක් තාම පදිංචි වෙලා ඉන්නවා කියලා. මුංගේ අධිරාජ්‍යවාදී
කුමන්ත්‍රණ…
Reply
-
දෙමව්පියන් ගේ කැමැත්ත තිබූ පමණින් අඩු වයස් දරුවෙක් (16 හෝ 18 ට
අඩු) විවාහ කරන්නට නීතියෙන් තහනම් නේද?
මහණ වෙනවා කියන්නේ විවාහ වෙනවාටත් වගේම බරපතල කාරණයක්.
සිවුරු අැරීම, දික්කසාද වෙනවාටත් වඩා සමාජයෙන් කොන්වෙන්නට හේතුවන කාරණයක්.
පොඩි ළමයින් විවාහ නොකරන්නට හේතුව ම, ඔවුන් මහණ නොකරන්නට ද අදාල වෙනවා
නේද?
Reply
-
@wimansa
ඔබේ තර්කය සමග සම්පූර්ණයෙන්ම එකඟයි.
-
The article and the comments that follows discuss quite important
aspect of religions and their impact on minors. When the harmful
effects of religions (regardless of what religion it is) negatively
impact our desire to transform the nation to face challenges of the
changing socio-economic landscape of the world, then there should be
dialog that points out the ill affects. It is encouraging to see that
apart from ‘දේව සාපය’ everyone else commented here are not ready to give
religions a free licence to abuse children. Even the ‘දේව සාපය’ is
critical towards other religions apart from his/her own. ‘දේව සාපය’
reactions are natural to a person who subscribe to the fear mongering
that says “others” are out to get them. Everything else then take
priority over ‘defending’ owns own rhetoric.
Reply
-
Tharaka Warapitiya
June 22, 2010
All types of religious harrassments in spite of Buddhism ,
Hinduism,Islam, Jews , Cristianity
should be get rid of in this neo liberal social structure.Otherwise
those societies like Iran , Afganistan ,Saudi Arabia , Burma would
have gone into a Taliban type baberic tunnel gradually . Robing a child
could not be justified
in means of humanity or psychologically or rights of a child.
|