පූජකයින්ට දේශපාලනය කැපද?

මේ ප්‍රශ්නය පැන නගින්නේ සෝභිත හිමියන් සරත් ෆොන්සේකා වෙනුවෙන් පෙනී සිටිමත් සමග ය.

මේ ප්‍රශ්නයට උත්තර දෙකක් තිබේ.

එකක් ඉතා පැහැදිලි ‘ඔව්’ යන්නකි. පූජකයින් ජීවත්වන්නේ ද මේ සමාජ දේශපාලන රටාව තුළ ය. එහෙම නම් ඔවුන්ගේ හඩට ද එහි ඉඩක් තිබිය යුතු ය. තමන්ගේ සුවිශේෂී අපේක්ෂාවන් හා අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම සදහා ද තමන්ටත් ලාභ ප්‍රයෝජන ලැබෙන රටේ පොදු උන්නතිය සදහා ද තින්දු තීරණ ගැනීමේ දී මැදිහත්විමේ ඉඩ ඔවුන්ටත්  තිබිය යුතු ය.

එය රටේ නීතියෙන් ද ආරක්ෂා කර ඇති මානව හිමිකමකි.

දෙවැන්න ‘නැත’ යන්න ය. බොහෝ ආගම්වලට අනුව පූජකයෙක් වන කෙනෙක් ඒ ආගම පෙන්වන විමුක්ති මාවතේ යා යුතු ය. ඊට අමතරව සිය ශ්‍රාවකයින්ට ඒ මාවත පෙන්වා දිය යුතු ය. ඒ මාවතේ යාමට උපදෙස් දිය යුතු ය. ඒ වෙනුවට දේශපාල‍නය තෝරාගැනීම තුළ ඔහුට තම පූජක භූමිකාව පාවා දීමට සිදුවන්නේ ය. නැතිනම් පූජක භූමිකාවට ඉඩ දෙනු සදහා රටේ දෛනික කටයුතු අවුල් කිරීමට සිදුවන්නේ ය. එයින් අදහස් කරන්නේ එක්කෝ ඔහුට ද්විත්ව රංගනයක යෙදෙන්නට සිදුවන බව ය. නැතිනම් එක් භූමිකාවක් අනෙකට සතුරුවන මොහොතක ඔහුට ඉන් එකක් අත්හැරීමට සිදුවන බව ය. මෙය පැහැදිලි කර ගැනීමට උදාහරණයක් ගෙන බලමු.

සතුන් මැරීම සමහර ආගමික ඉගැන්වීම්වලට අනුව වැරදි ය. එහෙත් රටේ මස් පිණිස සතුන් මැරීම සිදුවෙයි. ඒ ගැන අණ පනත් පැනවෙයි. මැතිසබයට යන හිමිනමකට මේ පනතකට සිය කැමැත්ත ප්‍රකාශ කිරීමේදී උභතෝකෝටියකට මුහුණ දීමට සිදුවෙයි. සතුන් මැරීම නීති විරෝධී කිරීමෙන් ආගමික මතයට එකග වෙනවාද නැතිනම් එය නීත්‍යානුකූල කිරීමෙන් ආගමික මතයට පිටුදකිනවා ද යන්න ය.

ආගමික මතයට එකග වීමෙන් රටේ බහුතරයකට පෝෂ්‍ය දායක රසවත් ආහාර වේලක් ලාභයට වැළදීමේ ඉඩකඩ අහිමිවන අතර සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් සහතික කිරීම සදහා සතුන් මැරිමට ඉඩ දුනහොත් එයින් ආගමික ඉගැන්වීම්වලට පිටුපාන්නට පූජකවරයාට සිදුවේ.

ද්විත්ව භූමිකාවක් රගන විට වැඩේ අමාරුවන්නේ එලෙස ය.

‘ඔව්’ යන උත්තරය අප දෙන්නේ පුරවැසියා කියන අස්ථානයේ සිට ය. ‘නැත’ යන උත්තරය ලැබෙන්නේ ආගමික අස්ථානයක සිට ය.

මෙයින් පෙනෙන්නේ පූජකවරුන්ට දේශපාලනය අකැප නොවුනත් පූර්ණකාලීන දේශපාලනඥයන් විය නොහැකි බව ය. එසේ විය හැක්කේ තමන්ගේ පූජක භූමිකාව කැප කිරීමෙන් පමණක් බව ය.

චීවරධාරීන්ද ඇතුළු පූජකවරුන් දේශපාලනයට මැදිහත්වීම ගැන අපේ මතය එයයි. එය හෙළ උරුමයේ භික්ෂූන්ටත් මාදුළුවාවේ සෝභිත හිමියන්ටත් වෙනත් ආගමික පූජකයින්ටත් එකසේ අදාළ ය.

ඔවුන් දේශපාලන ප්‍රශ්න ගැන තම මතය පළ කළාට කමක් නැත. එහෙත් තම ආගමික ඇදහීම් රටේ දේශපාලනය තීරණය කිරීමේලා භාවිතා කරන ලෙසට බලකිරීමවත් ඒවා එසේ වනබවට සහතික කරනු සදහා පූ‍ර්ණ කාලීන දේශපාලනයේ යෙදීමවත් අප අනුමත කරන්නේ නැත.

ඒ එවැන්නක් ආගමික ආරවුල්වලට මග පාදන නිසා ය.

ආගම හා රාජ්‍ය පාලනය පටලවා ගත යුතු නැතැයි අප දකින්නේ ද ඒ නිසා ය.

සමහර අයට මෙසේ එක් පැත්තකින් ආගම හා රාජ්‍ය පාලනය පටලවා ‍නොගත යුතු යැයි කියන ගමන් මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ රාජ්‍ය විරෝධී දේශපාලන උද්ඝෝෂණය අනුමත කරන්නේ ඇයිදැයි ප්‍රශ්න කළ හැකි ය.

මාදුළුවාවේ හිමිගේ ක්‍රියාව දේශපාලන මතයක් ප්‍රකාශ කිරිමක් බවත් එය දේශපාලන ජීවිතයකට ඇතුළත්වීමට මෙහා බවත් තේරුම්ගන්නට හැකි නම් ඔවුන් මේ ප්‍රශ්නය අසන්නේ නැත.

ඒත් ප්‍රශ්නය නැගු‍වේ සැක ඇති තැනක ය. ඒ නිසාම ප්‍රශ්නය නැගිය යුතු තැනක ය. එයින් අපේ අස්ථානය වඩා හොදින් පැහැදිලි කරන්නට අපට ඉඩ ලැබුනේ ය. ඒ නිසා එසේ සැක කිරීම ගැන ඔවුන්ට ස්තුති කළ යුතු ය. ඒ පොදු අදහස කලින් සටහනට ප්‍රතිචාරයක් ලෙස අප වෙත යොමු කළ ටැබූට ලබා දුන් අවස්ථාව ගැන විශේෂයෙන් ස්තුති කළ යුතුය.

 

25 Responses “පූජකයින්ට දේශපාලනය කැප ද?” →

  1. Taboo Subjects

    October 12, 2010

    ඔව්, හොඳටම බඩගිනි උනාම තලගොයාත් කබරගොයා වගේ පේන්ට පුළුවන්.

    Reply

    • පද්දා

      October 12, 2010

      කබරගොයාත් තලගොයා වගේ කිවුව නම් නේද හරි ටැබූ කොලුවෝ?

      Reply

  2. පද්දා

    October 12, 2010

    “මාදුළුවාවේ හිමිගේ ක්‍රියාව දේශපාලන මතයක් ප්‍රකාශ කිරිමක් බවත් එය දේශපාලන ජීවිතයකට ඇතුළත්වීමට මෙහා බවත් තේරුම්ගන්නට හැකි නම් ඔවුන් මේ ප්‍රශ්නය අසන්නේ නැත.”

    හැබැයි යුද්ඩ කාලේ එල්ලාවල මේදානන්ද, අතුරලියෑඅ රතන වගේ හාමුදුරුවරු ඕක කියන කොට ඒක දේසපාලන මතේ නෙවෙයි. අනේද කියන්නෙ? බයෙන්ද ප්‍රේමයෝ, අසුවල් එක එලියේ වැනේ!

    Reply

    • beyondframe

      October 12, 2010

      දෙවැනි කියපු අය ‘මන්ත්‍රී’ හාමුදුරුවො. ඒ භූමිකාව වෙනස් බව තමයි උඩ ලියල තියෙන්නෙ. ආයි කියවල බලන්න.

      ඊට අමතරව ඒ අය කතා කළේ හිරේ වැටුනු මිනිසෙක් ඉන් නිදහස් කරගන්නට නෙවෙයි. අහිංසක නිරායුධ මිනිසුන් පවා බල්ලො බළල්ලු වගේ මරල දාපු යුද්ධයක පැවැත්ම වෙනුවෙන්. මතට තිත තියෙන රජ්ජුරුවන්ට මාලිගාවේ මත්පැනින් සංග්‍රහ කරන්නට තියෙන අයිතිය වෙනුවෙන්. බෙන්ස් කාර් වෙනුවෙන්. මාලිගා වගේ අසපු වෙනුවෙන්.

      Reply

      • පද්දා

        October 12, 2010

        බයෙන්ද ප්‍රේමේ ගේ පුල්ලි පෙන්නීමට යස රඟටම! බොලවු යුද්ධෙන් කොටිය පරාද කරපු හින්ද තමයි දාස් ගාණක් බල්ලො බළල්ලු වගේ අවුරුදු ගාණක් තිස්සේ මැරිච්චි එක නතර උනේ. තොපිට තියෙන ගායත් මහින්ද ඒ යුද්දෙ ඉවර කරපු එකම තමයි. යකෝ ඒ උන්නාන්සෙලා කඩේ ගියේ ඩොලර් ෆාර්ම්, කෙන්ට් ෆාම් වල වගේ සිය ගාණක් නින්දෙදි කපපු එක නතර කරවන්න. මන්ත්‍රී කොරාම නරකයි. එළියෙ ඉඳන් කොළාම හොඳයි. ඔය කතා කොරන්නේ ඩොලර් කියල යසට පේනව.


    • dammika

      October 12, 2010

      ek desapalana mathaya newei ellawala, ratana chewara dhare manthri mathaya

      Reply

    • giya wasare hodama video ekke

      October 12, 2010

      Download:
      FLVMP43GP

      Reply

  3. මහෝදර

    October 12, 2010

    සෝභිත, මේධානන්ද, අතුරලියේ රතන, ගලබොඩ ඥානිස්සර වැනි පුද්ගලනාමයක් පසෙකලා “පූජ්‍ය පක්ෂය” දේශපාලනයට සම්බන්ධ වීම ලෙස සැලකුවහොත්, පක්ෂය කුමක් වුවත් සියලු දෙනාගේ ක්‍රියාවන් අනුචිත බව කිව යුතුය.

    එජාප හා ජවිපෙ පාක්ශිකයින් සෝභිත ථෙර දේශපානයට පිවිසීම කාලීන අවශ්‍යතාවක් ලෙසත්, දේශහිතයිශීන් මේධානන්ද, අතුරලියේ රතන වැනි ථෙරුන් යුද්ධයට ආවැඩීම කාලීන අවශ්‍යතාවක් ලෙසත්, එජාපයේ සිට රජතුමාගේ දෑත් ශක්තිමත් කිරීමට ආ ආවතේව කරුවන් ගලබොඩ ඥානිස්සරගේ ක්‍රියාව යුගයේ අවශ්‍යතාවක් ලෙසත් විග්‍රහ කරනු ඇත.

    රටටම පිළිලයක් වූ මැරවින් සිවලාව යලි ඇමති ධූරයේ පිහිටවන ලෙස ඉල්ලා සම්මන්ත්‍රන පැවැත්වූ ඕමාරේ කස්සපගේ ක්‍රියාව වුවද අනුමත කරන පොදු පෙරමුණු පාක්ශිකයින් ඕනෑ තරම් ඇත. නමුත් දේශපාලනය යනු කිසිසේත්ම කවර ආගමකවත් පූජකයින්ගේ කාර්යභාරයට අයත් නොවන කටයුත්තක් නොවේද? (පූජකයින් දේශපාලනයට සම්බන්ධ වූ ඉරානය වැනි රටවල් වලට ආගමික අන්තවාදයෙන් කිසිදා ගැලවිය හැකිද?)

    (කෙසේ වුවත් සෝභිත ථෙර ෆොන්සේකා වෙනුවෙන් හඬ නැගීම මැරවින් සිවලා වෙනුවෙන් ඕමාරේ කස්සප අතුලු පිරිස හඬ නැගීම “තරම්” ගඳ වැඩක් නොවිය හැක.)

    අනවශ්‍ය ලෙස දේශපාලනයට ඇඟිලි ගැසීම යන කාරනාව සැලකූවිට, ලංකාවේ අබෞද්ධ පූජකයින් සාපේක්ශ වශයෙන් යම් කිසි ස්වාධීනත්වයක් පවත්වා ගනිමින් සිටින බව කිව හැක.

    Reply

    • beyondframe

      October 12, 2010

      ඕනෑම පුරවැසියෙකුට -පූජකයෙකුට හෝ වෙනයම් කෙනෙකුට- දේශපාලන මතයක් දැරීමට අයිතියක් ඇත. එය නීතියෙන් ද තහවුරු කළ එකකි. ඒ රටේ සම්මත කරන නීති ඔවුන්ට ද අදාළ නිසා ය. එසේ පළකරන මතයකට එකග වීමට හෝ විරුද්ධ වීමට අපට අයිතියක් ඇත. ඒ අප ද පුරවැසියන් නිසා ය.

      පූජකයෙකු තමන් නියෝජනය කරන දේශපාලන මතය නිසා තමන් අනුගමනය කරන ආගමට විරුද්ධව යන්නේ නම් ඒ ආගමේ අනුගාමිකයින්ට එවැනි පූජකයින් ප්‍රශ්න කළ හැකි ය. ඔවුන් විවේචනය කළ හැකි ය.

      යමෙක් ආගමේ ප්‍රවාදයන් රාජ්‍ය පාලනය සදහා භාවිතා කළ යුතු යැයි කියන්නේ නම් ඒ සදහා ආගමික උසිගැන්වීම් කරන්නේ නම් විශේෂයෙන් ඒවා අන‍්‍ය ආගම් අදහන්නන් අපහසුතාවයට පත් කරන්නේ නම් එවැනි දේ රජය ආගමීකරණයට යටත් කිරීමක් ලෙස සැළකිය හැකි ය. ඒවාට සුවිශේෂී විරෝධයක් පෑ යුතු ය. ඒ මක්නිසාද යත් ආවේග හරහා රට තුළ වෙනස් කම් කිරීමේ භයානක තැතක් ඒ තුළ තිබිය හැකි නිසා ය.

      ආගම හා රාජ්‍ය පාලනය වෙන් කිරීම වෙනුවෙන් අප පෙනී සිටින්නේ ඉහත කී අවසන් කාරණය නිසා ය.

      Reply

      • මහෝදර

        October 12, 2010

        රටේ නීතියෙන් බාධාවක් නොවූ පමණින් ඕනෑම දෙයක් කිරීම බුද්ධිමත් ක්‍රියාවක්යැයි මම නොසිතමි.

        අනෙක, පවතින රජයක විරුද්ධව වුවද තම අන්තවාදී උවමනාවන් උදෙසා යමෙකුට උද්ඝෝශන කල හැක. උදාහරනයක් ලෙස, ෂාරුක් ඛාන් ලංකාවේ පැවැත්වූ සංගීත සංදර්ශනයට එරෙහිව හෙල උරුමයේ අන්තවාදී භික්ෂූන් පැවැත්වූ උද්ඝෝශනය එදා සිටි රජය සමග දැඩි ගැටුමක් බවට පත් විය. නමුත් එයට භික්ෂූන් සහභාගී වීම, හුදෙක් එය රජයටද විරුද්ධව පැවති උද්ඝෝශනයක් වූ පමණින්ම ඔබට අනුමත කල හැකිද? ඔබට අවශ්‍ය නම් එම උද්ඝෝශනයද රටේ නීතියෙන් ආරක්ෂා වී ඇති අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් ලෙස හෝ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස විරෝධතාව දැක්වීමක් බවට තර්ක කල හැක. නමුත් එහි සැබෑ අරමුන කුමක්දැයි හෙළ උරුමයේ දේශපාලන අන්ධභක්තිකයින්ට හැර අන් අයට අවබෝධ කරගැනීම අපහසු නැත.

        මෙහි ඇති කණගාටුදායක සිදුවීම, බොහෝ දෙනා තමුන්ගේ ඇහේ තිබෙන පොල් පරාලය දකින්න අසමත් වීමයි.


      • beyondframe

        October 12, 2010

        සංගීත සන්දර්ශනයක් පැවැත්වීමට නිදහස් රටක නිදහස තිබිය යුතු ය. ඊට විරුද්ධව උද්ඝෝෂණයක යෙදීම ඒ නිසා වැරදි ය. එය වැරදි පූජකයින් කළ නිසාම නොවේ. කවුරු කළත් එය වැරදි ය.

        සෝම හිමියන්ගේ අවමංගල සංවත්සරයට සමගාමීව එය සංවිධානය කළේ යැයි යන කාරණය උද්ඝෝෂණයට හේතු පාදක විය. සෝම හිමියන් සිහි කිරීමට කැමති අයට එසේ කිරීමට යෑම සංගීත සන්දර්ශනය පැවැත්වීමෙන් අවහිර වන්නේ නැත. ඒ නිසාම ඒ විරෝධයේ කිසිම පදනමක් ද නැත.

        එය සෝභිත හිමියන්ගේ සරත් ෆොන්සේකා සම්බන්ධයෙන් කළ මැදිහත්වීම සමග සන්සන්දනය කරන්නට බැරි ය.


  4. bayagulla

    October 12, 2010

    Excellent Mahodara..!

    Reply

  5. Taboo Subjects

    October 12, 2010

    ප්‍රකාශ කරන මතය අනුව ආගමික නායකයින් දේශපාලනයේ නිරත වීම සාධාරණීකරණය කිරීම ඉතා දුර්වල ප්‍රවේශයකි. මන්ද හැම කෙනකුටම තමන්ගේ මතය හරිය. සරත් ෆොන්සේකා නිදහස් කර ගැනීමට ක්‍රියා කිරීම ගෞතම බුද්ධ විසින් අනුදැන වදාළ බව මාදුළුවාවේ සෝභිතටද යුද්ධයට ආවැඩීම එම ගෞතම බුද්ධ විසින්ම අනුදැන වදාළ බව අතුරලියේ රතනටද තර්ක කළ හැකිය. එවිට එය කෙළවරක් නැති මූලධර්මවාදී ගැටළුවක් පමණක් වේ.

    භික්ෂුවක් දේශපාලනයේ නිරත වීම ඔහුගේ දේශපාලන හැසිරීම පුර්ණකාලීනද අර්ධකාලීනද යන කාරණය මත තීරණය කිරීම එසේම දුර්වල තර්කයකි. යුද්ධයට ආ වැඩූ බෞද්ධ භික්ෂූන් අති බහුතරය පූර්ණකාලීන දේශපාලනයේ නොනිරත පිරිසකි.

    මින් පෙර Beyond Frame ගේ (හා සමහරවිට මගේද) විවේචනයට ලක් වූ කිරිබත්ගොඩ ඥාණානන්ද, රජවත්තේ වප්ප ආදීන්ගේ දේශපාලනයද පූර්ණකාලීන නොවේ. බණ්ඩාරනායක මැරැවූ බුද්ධරක්ඛිතගේ දේශපාලනයද පූර්ණකාලීන නොවේ. සරත් ෆොන්සේකාට ඔය දුන් දඬුවම මදිය කියන බෙංගමුවේ නාලකගේ දේශපාලනයද පූර්ණකාලීන නොවේ.

    මගේ අදහස නම් ලංකාවට ලොකුම විනාසය කර ඇත්තේ මේ ‘අර්ධකාලීනව’, ‘සයිඩ් බිස්නස්’ එකක් විදියට දේශපාලනයේ යෙදුණු (Beyond Frame විසින් එසේ කිරීම සාධාරණීකරණය කරන) ආගමික නායකයින් විසිනි. අඩු ගණනේ පූර්ණකාලීන දේශපාලනයේ නිරත වන භික්ෂූන් එන්නේ මොකාටදැයි අපට පැහැදිළිය. අනෙක් ඇත්තන් මොන පොළ් පැළේ කන්න ආවාදැයි දන්නේ කෑවායින් පසුය.

    සමහරවිට අප නොදන්නවාට ගෞතම බුද්ධ මෙවැනි ගාථාවක් දේසනා කර තිබෙන්ට ඇත.

    දේසපාලනං කරෝ භික්ඛො
    ධම්මස්ස හොති අද්ධ කාලීනං
    පූණ්ණ කාලීනං විනාසාය
    නිහීන කම්මා නිරයං උපේති

    අදහස: භික්ෂූණි, අර්ධකාලීන දේශපාලනයේ නිරත වව්. එය ධර්මානුධර්මය. පූර්ණකාලීන (දේශපාලනය) විනාශය ගෙන දෙන්නේය. එය නිරයේ උපතට හේතුවන නිහීන කර්මයකි.

    සාදු ! සාදු ! සාදු !

    Reply

    • beyondframe

      October 12, 2010

      දේශපාලනය ගැන බුදුන් වහන්සේ ද අදහස් දක්වා තිබේ. දස රාජ ධර්මය අනුව රටක් පාලනය කළ යුත්තේ කෙසේදැයි කීම ඉන් එක් අවස්ථාවකි. කොසොල් රජු දුටු සිහින ගැන බුදුන්ගේ මනරම් විග්‍රහයක් තිබේ. ඒ ද දේශපාලනය ගැන මතයකි.

      එහෙත් බුදුන් රාජ සභාවෙහි වාඩිවෙන්නට ගියේ නැත.

      පන්සිල්වල ඇති දෑ රාජ්‍ය නීතිය බවට පත් කරන්නට ගියේ නැත.

      ඒ වෙනස තේරුම් ගැනීමට හැකි නම් ‍අප පළ කළ අදහස තේරුම් ගැනීම අමාරු නැත.

      Reply

  6. ```Outsider```

    October 12, 2010

    ආගම දේශපාලනය සඳහා උපයෝගි කර ගත යුත්තක් නොවේ. ආගමේ හරය මිනිසාගේ අධ්‍යාත්මය සැකසීමය. විමුක්තිගාමී කිරීමය. එහෙත් දේශපාලනය කොතනත් සිදු කරමින් සිටින්නේ මෝහය, ම්ලේච්ඡත්වය, විනාශය මිනිසා වෙත ළඟා කිරීමයි. මිනිසා අගතිගාමී කිරීමයි.
    ආගම පෙනී සිටිය යුත්තේ‍ මේ දේශපාලනයට ප්‍රතිවිරුද්ධවයි. එය සාධාරණීකරනය කිරීමට ඉදිරිපත් වන්නේනම් එය ආගමික පුද්ගලයින්ට සුදුසු දෙයක් නොවේ. ඔවුන් ආගමික පුද්ගලයන්ද නොවේ. එහෙත් ඔවුන්ට එසේ පෙනී සිටීමට ‍දේශපාලනික නීති පද්ධතියෙන් තහනමක් නැත.
    සිවුරු පොරවාගත් පමණින් පූජ්‍ය පක්ෂය වන්නේද නැත. කැත දේශපාලකයා කුමකින් සිරුර ආවරණය කරගත්තත් ඇතුළත පවතින්නේ කැත ආත්මයයි.
    සෝභිත හිමියන්ද පෙනී සිටිය යුත්තේ පොන්සේකා වෙනුවෙන් නොවේ. මේ සමස්ත අගතිගාමී දේශපාලන මනසින් මිනිසාට විමුක්තිය උදාකරලීම උදෙසාය.

    Reply

  7. Taboo Subjects

    October 12, 2010

    දේශකයකු (preacher) හා දේශපාලනික ක්‍රියාකාරියකු (political activist) අතර පැහැදිළි වෙනසක් ඇත. එනයින් ගෞතම සම කරනවා නම් සම කළ හැකිවන්නේ ගංගොඩවිල සෝම සමඟය. මාදුළුවාවේ සෝභිත සමඟ නොවේ.

    මෙහිදී ගැටළුව මාදුළුවාවේ සෝභිත හරිද වැරදිද යන්න නොවේ. එහෙත් තමන්ගේ දේශපාලන අභිමතාර්ථයන් වෙනුවෙන් (=සරත් ෆොන්සේකා නිදහස් කර ගැනීම) ආගමික නායකයකු ලෙස තමන්ට ලැබී ඇති සිවිල් බලය සෝභිත විසින් භාවිතා කිරීම සාධාරණීකරණය කරන කෙනක් වෙනත් ආගමික නායකයකු එසේ කිරීමද, සෝභිත විසින්ම වෙනත් අරමුණු සඳහා එසේ කිරීමද නිස්සාරණාධශ්‍යයෙන් (by default) අනුමත කරයි.

    සරල උදාහරණයක් හැටියට, මාදුළුවාවේ සෝභිත මින් වසර කිහිපයකට පෙර තම ගම් පළාතේ කුඩා කිතුණු නිකායක් විසින් නිවෙසක පවත්වා ගෙන ගිය ‘පල්ලියක්’ කඩා බිඳ දමා ඉවත් කිරීමටද අද ඔහු කරනවාක් මෙන් තම ‘ආගමික’ සිවිල් බලය භාවිතා කළ බැව් Beyond Frame නොදන්නවා විය හැකිය. මෙහිදීද ගැටළුව ඔහු හරිද වැරදිද යන්න නොවේ. මේ කාරණය භික්ෂුවකගේ භූමිකාව හා කෙතෙක් පෑහේද යන්නයි.

    මගේ ආස්ථානය අරමුණ කෙතෙක් නිවැරදි වුවද ආගමික නායකයකු ආගම නිසා තමන්ට ලැබෙන සිවිල් බලය දේශපාලනමය හෝ වෙනත් ආගමික නොවන කටයුතු (වෙදකම, ගුරුකම් ) සඳහා භාවිතා නොකළ යුතු බවය.

    Reply

    • beyondframe

      October 12, 2010

      බුදුන් දේශපාලනය කිරීම අනුදැන වදාළේ නැතැයි හැ‍ගවෙන ඔබේ ප්‍රතිචාරයට උත්තර දුන්නා මිසක බුදුන් හා සෝභිත හිමියන් සන්සන්දනය කිරීම අපේ අපේක්ෂාව නොවී ය.

      බුදුන් කෝලිය හා ශාක්‍ය වංශිකයින් අතර යුද්ධය සමහන් කරන්නට වැඩිය බවක් බෞද්ධ සාහිත්‍යයේ තිබේ. ඒ නිසාම බුදුන් නිකම්ම දේශකයෙකු ලෙස ගැනීම වැරදි යැයි මට හැගේ.

      බුදුන් එතැන්හිදී භාවිතා කළේ තමන් සතු සිවිල් බලය මිසක වෙන කුමක් දැයි දැන ගැනීමට මා කැමති ය.

      Reply

      • පද්දා

        October 12, 2010

        “බුදුන් එතැන්හිදී භාවිතා කළේ තමන් සතු සිවිල් බලය මිසක වෙන කුමක් දැයි දැන ගැනීමට මා කැමති ය.”

        ආ? ඒ කියන්නෙ සිවිල් බලය යොදා ගන්නවට එකගයි? එහෙමද? නැත් ද?

        අපි දන්න බුද්දාගම අනුව නං එතෙන්දි පාවිච්චි උණේ නෑදෑ බලේ ඇරෙන්න වෙන මොන බම්බුවක්කත් නෙ‍වි. අනේ මංදා., බයෙන්ද ප්‍රේමෙ වෙන බුද්ද චරිතයක් ඉගෙන ගත්ත ද මංදා?


      • beyondframe

        October 12, 2010

        සිවිල් බලය කියන්නේ අවි බලයවත් මැර බලයවත් පිරිස් බලයවත් නෙවෙයි. තමන්ගේ චරිතය හරහා තමන් ලැබ ගෙන ඇති ප්‍රසිද්ධිය හරහා කෙනෙකුට ලැබෙන පෙළඹවිමේ බලයයි.

        එය පවා හැම තැනකම යොදාගැනීම යුක්ති යුක්තවන්නේ නැත. එය යුක්ති යුක්තිවන්නේ යොදාගන්නේ බලාධිකාරයට එරෙහිව නම් පමණය. අහිංසක බලය රහිත සුළුතරයකට එරෙහිව එය යොදාගන්නා විට එහි යුක්ති යුක්ත භාවය ප්‍රශ්න කළ හැකි ය. ඒ නිසාම එහි බලය නිහීනව යන්නේ ය. එය තිබෙන බලාධිකාරය අනවශ්‍ය ලෙස ආරක්ෂා කරන්නට යොදා ගන්නාවිට මිනිසුන් කියන්නේ සිවිල් බලය වේස කමේ යොදවනවා කියා ය.


  8. මෝඩයා

    October 12, 2010

    Excellent Mahodara and Excellent BF.

    “අනවශ්‍ය ලෙස දේශපාලනයට ඇඟිලි ගැසීම යන කාරනාව සැලකූවිට, ලංකාවේ අබෞද්ධ පූජකයින් සාපේක්ශ වශයෙන් යම් කිසි ස්වාධීනත්වයක් පවත්වා ගනිමින් සිටින බව කිව හැක.”

    ” කාට කාටත් අමතක වෙච්චි එක තමයි සිoහල බුදු දහම හා බුදු දහම වෙනස්බව. ”

    සිoහල බුදුදහමේ ඔය ඔනි එකක් කරන්න පුලුවන් දේශප්‍රේමී ලේබලයෙන්

    Reply

    • මහෝදර

      October 12, 2010

      අබෞද්ධ පූජකයින් දේශපාලන කටයුතුවලදී ස්වාධීනත්වයක් පෙන්නුම් කරන බව පැවසීම කෙසේවත් “බුදු දහමට” කරන ලද අපහාසයක් නොවේ. එය ආගම් වල අන්තර්ගතයට සම්බන්ධයක් නැති, පූජකයින්ගේ හැසිරීමට අදාල කරුනකි.

      ඕමාරේ කස්සප සිදු කල ලෙස මැරවියාට කඩේ යන්නට කතෝලික පූජකයින්ට නොහැකි වී ඇත්තේ එවැනි හැසිරීමකදී ඔවුන්ගේ පශ්චාත් භාගයට පයින් ගසා එලවා දැමියහැකි බලතල ඇති අගරදගුරු කෙනෙක් සිටීම හා ශ්‍රී ලංකාවේදී ඔවුන් භාවිත කරන උපායමාර්ග (strategies) වලට අදාල නොවීම විය හැක. කෙසේ වුවත් ඔවුන්ගේ මෙම ස්වාධීනත්වය අගය කල යුතුය.

      Reply

  9. Taboo Subjects

    October 12, 2010

    @මහෝදර,

    වෙනත් ආගමික නායකයින්ද ඔය කියන තරම්ම සාන්තුවරයෝ නොවෙති.

    1952 වනතුරු පැවැති සෑම මැතිවරණයකදීම ලංකාවේ කතෝලික පල්ලිය එක්සත් ජාතික පක්ෂයට ඍජුව හා ප්‍රසිද්ධියේ උදව් කළේය. බිෂොප් එපිණිස පුවත්පත් නිවේදන නිකුත් කළ අතර පල්ලියේ දේශනයන්හිදී යූ. ඇන්. පියට ඡන්දය දීම පුරවැසි යුතුකමක් බැව් ප්‍රජාවට දැනුම් දෙනු ලැබිණි.

    1956දී කතෝලික පල්ලියට හා කතෝලික ප්‍රජාවට දැඩි ලෙස පහර වැදීමෙන් පසුය මේ සිරිත නතර වූයේ. ඒ පහර කෙතෙක් දරුණුද යත් 1956දී කතෝලික පල්ලියට නිර්දල (neutral) වීමට සිදුවිය. එය කැමැත්තෙන් කළ දෙයකට වඩා බල කිරීමක් විය.

    අදත් සමහර මැතිවරණ වලදී විවිධ ක්‍රිස්තියානි නිකාය/පල්ලි අප්‍රසිද්ධියේ පැත්තක් ගනී. දේශනයන්හිදී ඡන්දය භාවිතා කිරීමේ ඉඟි සැපයේ. එහෙත් ඒ ස්වාමිගේ තනි කැමැත්ත අනුව නොව සාමූහික තීරණ අනුවය. එසේම තමන්ගේ පුද්ගලික වාසිය තකා නොව තම ප්‍රජාවගේ පොදු හිත සුව පිණිසය. එහිදී කිතුණු පූජකයෝ බෞද්ධ පූජකයින්ට ඉදිරියෙන් සිටිති.

    Reply

    • මහෝදර

      October 12, 2010

      පිලිගනිමි.

      නමුත් මැතිවරණ වලදී ලැජ්ජා විරහිත ලෙස කඩේ යෑම, හොර තක්කඩි දේශපාලුවන්ට සුදුහුණු ගෑම, මේ දේශපාලුවන් කරන දහසකුත් එකක් ජඩ වැඩ අහෝසි කර්ම බවට ජනතාවට ඒත්තු ගැන්වීම අතින් අපේ සිංහල බෞද්ධ පූජකයන් අන් පූජකයන්ටත් වඩා අයහපත් හැසිරීමක් දක්වන බව සිතමි.

      Reply

  10. appe mahanayaka

    October 12, 2010

    Download:
    FLVMP43GP

    Reply

  11. nilantha Ilangamuwage lipiyakin

    October 12, 2010

    නමුත් අපේ සමාජය තුළ මායාවෙන් මෝහයට පත් වූවන් සහ එය සමාජය පුරා ව්‍යාප්ත කොට සමාජයම මෝහයට පත් කළවුන් අඩු නැත. බෙන්ගමුවේ නාලක වැනි රාජපක්ෂ තුළින් බුදුන් දැකීමට යන්ත දරන බෞද්ධ බික්ෂුන් ‘ජනරාල් ෆොන්සේකාට දුන් දඩුවම මදි’ යැයි කියන්නේ මේ නිසාය. හෙතම හමුදා අධිකරණය තුළ සිටියේනම් ඊට එහා දඩුවමක් දෙන බවටද උදම් අනන්නේය. රාජපක්ෂගේ අත්කොලූවක් බවට පත්වෙමින් තිබෙන සමස්ත හමුදාවේ මීළඟ අණ දෙන නිලධාරියා වීමටද අදාල හිමිට හැකියාව ඇති බව හෙතම විසින්ම පෙන්වා තිබේ. එනම් පත් කිරීම් සහ උසස් වීම් තීරණය වන්නේ සුදුකම මත නොවන බව අපි දන්නා අතර එය තමාට කෙතරම් දුරට මර්ධකයා විෂයෙහිලා බඩුවක් වීමට හැකියාව තිබේද යන්න මත තීරණය වේ. එකී සුදුසු කම ඕනෑවටත් වඩා අදාල හිමිනම පෙන්වමින් සිටිති. මෙය හින්දු කුලවාදී බමුණන් විසින් විනාශ කළ බෞද්ධ ධර්මයද ? බෙන්ගමුවේ නාලක සේම වටිනාපහ සොමානන්ද සහ ඔවුහු වටා අදාල මායාව සත්‍යක් යැයි ඒත්තු ගැන්වීම සඳහා පෙළගැසී සිටින අයවුලූන් උත්සහ කරන්නේ සමාජයේ රාජපක්ෂ විසින් ඇති කර මෝහය තව දුරටත් පවත්වා ගැනීමටය. එය එසේ නොවේනම් බේබද්දෙකුටවත් කියවෙන්නේ නැති මෙවැනි ඔලමොට්ටල කතා කියන්නේ නැත. මෙම ලියුම්කරු මීට පෙර ලිපියක සඳහන් කළ ආකාරයෙන් , ‘නිතිය, ශිෂ්ටත්වය මරා දමා ඇති රටක එහි විත්ති පාර්ශවයක් වන භික්‍ෂු පරපුර පවතින මායාව තුළ සුන්දර සිහින දැකීමට සාමාන්‍ය ජනතාව තල්ලූ කොට තම සුළු අපේක්ෂා ඉටු කර ගැනීමට දරණ අයුරු මෙයින් පැහැදිලි වේ.’

Comments