කර්තෘ: Chandana Sirimalwatte
‘මොංගෝලියානුවනි, කහවන් ආසියාවේ ප්රභාකරන් අපේ සමාජයෙදි දුෂ්ටයෙක් තමයි. ඒත් ඒ දුෂ්ටකමට හේතුව මොකක්ද? දේශපාලන වශයෙන් ඔහු වෙනම රාජ්‍යයක් ඉල්ලන්නෙ දෙමල ජනතාවට විස`දුම් නොමැති ප්‍රශ්න ගොඩක් තිබුණු නිසයි. ඒත් ජාතිවාදී යුද්ධයක් කරන්න තරම් වෛරයක් ඇතිවී තිබුණා. මේ වෛරය හිට්ලර්ගෙ වෛරය තරම් ගැඹුරු බව සමහරු කිව්වා. හිට්ලර් ගියේ පිරිසිදු ජර්මන්වරු වෙනුවෙන් සටන්කරන වර්ගවාදී පාරක. දෙමල ජනතාවට වෙනම රාජ්‍යයක් ලබාදීමේ නාමයෙන් ප්රභාකරන් ගියෙත් ඒ පාරෙමයි. මේ වැරදි පාර මොකක්ද? ඒ තමයි මිනිස් ඉතිහාසය වැරදි ආකාරයට විශ්ලේෂණය කරපු වර්ගවාදී මාවත. උසස් මිනිස් වර්ගයක් පිළිබ`ද මිත්‍යාව 19-20 සියවස්වල ලොවපුරා විද්වතුන් හා දේශපාලන නායකයන් අතර ප්රබලව තිබුනා. ඒත් 20වැනි සියවසේ අගභාගයෙදි සිදුකළ විද්‍යාත්මක සොයාගැනීම් හමුවෙ එම මතයෙ පදනම බි`දවැටුනා. මිනිස්සු වානරයන්ගෙන් බිහිවුණු බවට චාල්ස් ඩාවින් මතයක් ඉදිරිපත් කළ පසුව ඒක වැරදි අදහසක් බවට මරාගෙන මැරෙන්න තර්කකරපු අය හිටියා. සමහරු ඇත්තටම විiාත්මක කරුනු නිසා ඒක වැරදියි කියලා කිව්වා. ඒත් ඩාවින්ගෙ මතය වැඩියෙන් විවේචනය කළේ දෙවියන් වහන්සෙ හෝ වෙනත් මහා බලයක් විසින් ලෝකය මැවුබව හිතපු අයයි. ඒ නිසා උසස් මිනිස් ප්‍රජාවක් කියලා කවුරුවත් වෙනම බිහිවුනේ නැතිබවට පළවූ මතයටත් විරුද්ධ අදහස් ආවා. ආර්යයන් හෝ යුරෝපොයිඞ් හෝ සුදු හම ඇති හෝ හිස්කබල දිගටි හෝ මෙවැනි හේතු නිසා සෙසු මිනිසුන් පාලනයකිරීමේ අයිතියක් ඇති පිරිසක් ලෝකයේ බිහිවුනු බව ප්රකාශකිරීමත් එක්තරා මැවුම්වාදයක් වගෙයි. හිරු නොබසින අධිරාජ්‍ය ගොඩනගද්දි බි්රතාන්යයන් ලොකයේ ජාතීන් බෙදා වෙන්කර පාලනයකරන්න මේ කතාව හො`දහැටි යොදාගත්තා. අසල්වැසි ඉන්දියාවෙ බ්රාහ්මන වංශිකයන් ආර්යයන් බවත් ඉන්දියාවෙ සෙසු ගෝත්‍ර හා වෙනත් ජාතිකත්ව ඔවුන්ට වඩා පහත්බවත් කියමින් සුදු අධිරාජ්‍යවාදය ඉන්දියාවෙ බ්රාහ්මන වංශිකයන්ගෙ ආශිර්වාදයෙන් හා මහරාජාවරුන්ගෙ කැමැත්තෙන්ම පමන්ට රිසි පාලනයක් ගෙනගියා. මේ කරුණු ප්‍රභාකරන්ගෙ මරනය එක්ක ගැලපෙන්නෙ කොහොමද? ඔබ කල්පනා කරනවා ඇති. ප්රභාකරන් ගැන දෙමළ ජනතාව ගැන කතාකරද්දි ඔවුන් ද්‍රවිඩ කියන එක් මූලික ජන කණ්ඩායමක් ලෙස වර්ගකරන්න පුළුවන්. දෙමළ, මලයාලි, තෙළි`ගු යන භාෂා භාවිතාකරන දකුණු ඉන්දියාවෙ ජනයා ආර්ය නොවන මූලයකින් පැවැත එන බවට මතයක් තිබෙනවා. සිංහල ජනයා විජයගෙන් පැවැත එන බවත් විජය උතුරු ඉන්දියාවෙ ආර්ය මූලයකින් පැවැත එන බවත් කියනු ලබනවා. ප්රභාකරන් දෙමල ජාතිකයෙක් බවත් ඔහු දකුණු ඉන්දියාවෙ දෙමල ජනතාවට සමීප මූලයක් ඇති නිසා දෙමළ රාජයයක් බිහිකිරීමට කටයුතුකළ බවත් කියනු ලබනවා. ඒත් දෙමළ ජනතාව, සිංහල ජනතාව වශයෙන් මේ වෙන්කරන එක ඇතුලේ සතුරුභාවයක් ඇතිවෙනවා. භාෂාව, සිරිත්විරිත්, සමේ වර්ණය වෙනස්වීම නිසා අපි සහ උන් යනුවෙන් වෙනස්කමක් ඇතිකරගෙන තිබෙනවා. ඒ වෙන් වෙන් ජන කන්ඩායම් අතර බාහිර වශයෙන් තිබෙන වෙනස්කම් ඉතාමත් සමාජ විද්යාත්මකයි. ඒ වුණාට මේ සියළු දෙනාම එකම විශේෂ මිනිස් පවුලකට අයත්බව සැළකුවොත් එකිනෙක අතර ඇති මේ වෛරය තේරුමක් නැති දෙයක් බව වටහා ගන්න පුළුවන්. එකම පවුලක්… ඔව් දැන් විiාඥයන් විසින් විස්තර කරන ආකාරයට මිනිස් සමාජයෙ ආරම්භය එකම මිනිස් පවුලක් බව තමයි පිළිගන්න වෙන්නෙ. ආර්යයන් ගැන උදම් අනන අයටත් අනාර්යයන් ගැනකියමින් සිටින අයටත් තමන් සියළුදෙනා එකම පොදු මූලයකින් බිහිවුණේ කියන කාරණය අමතක කළ නොහැකියි. මේ ගැන විස්තරාත්මකව කියන්න පරිනාමය පිලිබ`ද කළ ගවේශන වගේම පසුකාලයක සංවර්ධනය වූ ජාන විiාවත් යොදාගනු ලබනවා.
පිල් බෙදි යුදවදින්නට තරම් සතුරන් නොවන බව මිනිස්සු වටහාගත්විට දේශපාලකයන්ට අවාසි වෙනවා. ජාති ආගම් කුල ආදි වශයෙන් මිනිසුන් බෙදී සිටිනවිට ඒ බෙදීම් අවුලූවා බලයට පත්වෙන්න විවිධ ක්‍රම ඔවුන් දන්නවා. ඒත් තමන් අතරෙ වෙනසක් නෑ, ඇනකොටාගන්න හේතුවක් නෑ තියෙන ප්‍රහ්නවලට උත්තර හොයන්න එකතුවෙන්න පුලූවන් කියන අවබෝධය ඇතිවුනොත් දේශපාලකයන්ට අවාසියි. ඒ නිසා ඇත්ත දැනගන්නවාට ඔවුන් විරුද්ධයි. ඇත්ත කියන මිනිස්සුන්ට බොරු චෝදනා නගන්නේ, ඔවුන් මරා දමන්නෙ ඒ නිසයි. අතීතයේ මිනිස්සු හිතුවෙ ඉර අප ජිවත්වන ලෝකය වටේ කරකැවෙන බවයි. ඒක එහෙම නොවෙයි කියූ අය ඒ කාලෙ පාලකයන් හා පූජකයන් විසින් නඩු අහලා දසවද දීලා මරා දැමුවා. ඒත් දැන් අපි ඇත්ත දන්නවා. කවුරු කොොහම කියුවත් ඇත්ත වෙනස් වෙන්නෙ නෑ. ලේ සාගරයක ගිල්වුවත් සත්‍ය මරාදමන්න බෑ. අදත් අපේ මිනිස්සු ඇත්ත දැනග්න භාවිතාකරන ජනමාධ්‍යයත් දේශපාලනයත් මර්දනය කරන්න උත්සාහ කරන්නෙ පාලකයන් විසින්. ප්රභාකරන් සිංහලයෙක්ද කියලා එක පාරටම අපට කියන්න බෑ. ඒත් සිංහල දෙමළ ජනතාව අතර ලොකු වෙනසක් නෑ කියලා දැනටමත් සොයාගෙන තියෙනවා. ඒ ජාන පරීක්ෂන ම`ගින්. මිනිස් සමාජයේ ඉතිහාසය ගැන හොයන්න හැකියාව තියෙන තවත් ක්‍රමයක් වන ජාන විiාව ම`ගින් කළ අපූරු සොයාගැනීම් මීළ`ගට අපේ අවධානයට යොමු කරමු. ඉන්දියාවේ සුප්‍රකට ජාන විiාඥයන්වන ආචාර්ය ගෞතම් ශාස්ත්රියා, ආචාර්ය සාරාබ්ජිත් මස්තානියන් සහ ආචාර්ය රොබට් කර්ක් විසින් කළ පර්යේෂණ මෙම නිගමනයන්ට එළඹීමට හේතු සපයනවා. ආචාර්ය ජී.කේ. ශාස්ති්රයා තම පර්යේෂණය සිදු කළේ 1995දි. ඔහු මේ පිළිබ`ද අවසන් වාර්තාවක් නිකුත්කලේ 2008 වසරෙදි. එම පර්යේෂණයට පදනම් කරගත්තේ ජාන විiාවේ එක් විශේෂ ක්‍රමයක්. අප්‍රිකාවේ බිහිවූ මානව වාරනයන්ගේ සිට ලොව පුරා විහිද ගිය මානව ශිෂ්ටාචාරයේ කතාව සොයාගන්නටත් උපකාරි වූ මෙම ක්‍රමය හ`දුන්වන්නේ ‘ජාන ලක්ෂණ’ ක්‍රමය ලෙසයි. වර්ෂ දහස්ගනනක් එක් ප්‍රදේශයක ජිවත් වූ මානවයා එම ප්‍රදේශයෙන් වෙනත් පරිසරයකට යාමේදී දේශගුනය හා වෙනත් පරිසර තත්වයන් වෙනස්වීමෙන් මෙම ජාන ලක්ෂනය ඇතිවෙනවා. අප්‍රිකාවෙන් මධ්‍යම ආසියාවට පැමිණි අවස්ථාවේදී සහ ඉන්දියාවට පැමිණි අවස්ථාවේ ආදි වශයෙන් එවැනි ජාන ලක්ෂන ඇතිවූ බව සොයාගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවේ ජිවත්වන අපගේ ජානවලත් මෙම ජාන ලක්ෂනය නොමැකී පැවතීම නිසා අප ද අප්‍රිකාවේ සිට පැමිණි ආදි මානවයන්ගෙන් පැවත එනබවට නිශ්චිතව හෙළි වෙනවා. ඒ අනුව කළ පර්යේෂන ම`ගින් හෙලිකරන කරුණු ඉතාමත් පුදුම සහගතයි.
මෙම ලිපිය සකස් කිරීමේදී නවතම විද්‍යාත්මක තොරතුරු සහ මූලාශ්‍ර ලබාදීමෙන් දායක වූ වෛද්‍ය රෝහණ දයාරත්න මහතාට කෘතවේදීත්වය පළ කරමි This entry was posted on 2010/10/21 at ප.ව. 9:06 and is filed under Humanism. You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site. Original link: http://sirimalwatte.wordpress.com/2010/10/21/%E0%B6%B4%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B7%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A-%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A-%E0%B6%AF/ |