අපේ කෝච්චියට කොලූගේ සුබ පැතුම්
ලංකාවේ කෝච්චි ගඳය. දුවනවාට වඩා හති අරිනවාය. යනවාට වඩා නොයනවාය. ඉන්ටර්සිටියෙන් අසුනක් වෙන් කරන්න, කොටුව දුම්රිය පොලේ අයීයලාට පගාව දෙන්න ඕනෑය. දෙවන පන්තියේත් ඇති සීට් ගනනට වඩා ටිකට් විකුනනවාය. පෙට්ටි ඇතුලේත් පෝස්ටර් අලවලාය. අදුරුය. මූසල පෙනුමය. හිටපු ගමන් පෙට්ටි ගැලවී මග නවතිනවාය. කෝච්චියේ මගීන් පටවන ලෙසට, මරන්න යන හරකුන් පටවන්නත් තහනම්ය. ගේට්ටු නැති හරස් පාරවල්ය. ඉන්දියාවේ කොච්චි සේවය අහලකින්වත් තියන්න බැරිය. ඒ වුනාට කොලූ අපේ කෝච්චියට කැමතිය. කෝච්චිය යැයී කීවහම තවමත් කොලූගේ මතකයට පලමුවෙන් එන්නේ, කෙහෙල් කොලේ එතූ බත් වල පුසුබය. කොලූ කුඩා කාලයේ කෝච්චීයේ කොළඹ එන දවසට, ආත්තම්මා වේලාසන අවදි වෙයී. කුස්සියේ බිමේ ලිපේ අල තෙලට බැදෙයී. ළුණූ කරපින්චා බැදෙන පුසුබ ගෙයී පුරාමය. පරිප්පු හිදෙයී. උඩින් දා, මාලු කාරයාගේ බයීසිකලය එනකම් කඩුල්ල ලග රැකගෙන ඉද, මිලදී ගත් මාලූ, ඇමුල් තියල් වී එලියට එයී. හිච්චී මාමා වත්ත පහලට ගොස් හොද තරමේ කෙහෙල් කොලයක් කපාගෙන එයී. ලොකු වලදේ බත ඉදෙන ගින්දරෙන්, ආත්තම්මා කෙහෙල් කොලේ තවයී. හිච්චි නැන්දා කැත්ත උඩ ඇන තියාගෙන බෝන්චී හීනියට කපයී. අන්තිමට බැදෙන්නේ හාල්මැස්සන්ය. කුස්සියේ මේසය උඩ කපාපු කෙහෙල් කොලවල දවල් කෑම එතෙයී. පහයී හතලිස් පහේ බස් එක එනකම් ඉන්නේ කුරහන් ගෙදර කඩේ ඉස්සරහ ලී බංකුවේ වාඩි වෙලාය. කෝච්චිය අටයී පහලවටය. කෝච්චිය කවදාවත් වෙලාවට එන්නේ නැත. “අද පත්තරේ…, දවස පත්තරේ…, රිවිරැස…, දිවයීන…, සිත්තර පත්තරේ……..” පත්තර කාරයා, උඩ පහල යමින් පත්තර විකුණයී. කෝච්චිය එනකම් කොලූ විජය පත්තරේ කියවයී. විජය පත්තරය කීයවීම පටන්ගන්නේ අන්තිම පිටිනි. පළමුවෙන් කියවන්නේ “මල් මාමාය”. කෝච්චිය පැමිනෙන විට, පත්තරේ මුල් පිටුව දක්වාම කියවලා අහවරය. කොච්චි ගමණ පටන් ගන්නේ පොරකාගෙන පළමුව පෙට්ටියට නැග, ජනේලයක් ලඟ තැනක් අල්ලා ගැනීමෙනී. විජය පත්තරේ දෙවෙනි වතාවටත් අග සිට මුලට කියවා අහවර වූ විට, කෝච්චිය ගැස්සී පැද්දී ගමණ අරබයී. කෙහෙල් ගස්, මුඩුක්කු අතරින් යන කෝච්චියේ ගමණ, බස් එකේ කොළබ එනවාට වඩා වෙනස්ය. කොච්චිය යන්නේ පාසල්, ගොඩනැගිලි, ගෙවල් වල පිලිකන්නෙන්ය. පළමුව එන්නේ ඉස්සොවඩේ වෙලෙන්දන්ය. ඊලග වෑවර තැබිලිය. ඒ කාලේ ඉස්සො වඩේ ලොකුය. පුසුබය. රසය. වඩේ තැටියත් එක අතින් අරගෙන, වෙලෙන්දන් කෝච්චි පෙට්ටියේන් පෙට්ටියට මාරු වෙන්නේ සර්කස් සන්දර්ශයක වාගේය. කෝච්චිය උන්හිටි ගමන් මග හිටියී. “මොකද වෙලා තියෙන්නේ?” හැමෝම එකිනෙකාගෙන් අහයී. සමහරු කෝච්චියන් බැහැලා විපරම් කීරීමට යයී. “සිග්නල් නැතිලූ.” අයෙක් කියයී. පාට පාට සිග්නල් කනූ බලන්න අලංකාරය. වෙනමම ලෝකයක් වාගේය. පැයකට හමාරකට පසු, කෝච්චිය ආයෙත් වැඩ අරබයී. දවල් දොලහ කිට්ටු වෙන කොට දවල් බත මල්ලෙන් එලියට එයී, කෙහෙල් කොල දිග ඇරෙයී. පුසුබේ බැරුවය. අම්මා ගුලි හදා බත් කවයී. බැදපු හාල් මැස්සෙක් මැදට තියා ගුලි කර බත් ගුලිය තරම් රසවත් දෙයක් ලෝකයේ තවත් නැත. මාලු කෑල්ල කන්නේ අන්තිමටය. කොලූ සංචාරය කර රට රාජ්ය බොහෝය. නමුත් කුඩා කාලයේ කෝච්චියේ කොලඹ එනවා තරම් රසවත් ගමනක් නැත. ල.දු.දෙ පලවෙනි වතාවට පැයට හැතැම්ම සීයේ වේග සීමාව පසු කර තිබේ. කොලූගේ සුබ පැතුම්.
Be the first to like this post. 6 Comments
|