බුදු ඇට කටු කුලියට ගණු ලැබේ

බුදු ඇට කටු බලන්න අපි හරි කැමතිය. බුදු ඇට කටු පෙන්නන්න අපි ඊටත් වඩා කැමතිය. මසුරන් ව්‍යාපාරයය. සයීස් එකේ බුදු ඇට කටුවක් සෙට් වුනෝතින්, කල්ල මරේය. ඇට කට්ට පෙන්නා මාර ගානක් සොයා ගත හැක. සෙනග පෝලිමේය. හරියට ඕලු දෙකේ හරකෙකු ලැබුනා වාගේය. බෝ ගහක බුදු ගැටයක් පෑදුනා වාගේය. යෝද බබෙක් ගමේ ඉපදුනා වාගේය. දෙබිඩි කුකුලෙක් ගමට ලැබුනා වාගේය. කැට පිරෙන්න සල්ලිය. රට කජු විකුණන සාදිරිස් අයීයාගේ ඉදන්, රෙඩි මේඩ් පූජා වට්ටි විකුණන කමලා අක්කාට කීයක් හරි හොයා ගත හැකිය. උම්බලකඩ වඩේ විකුණන ලාලාට හොදය. ප්‍රවෘති නාලිකාවන්ටත් නියමය. ජාතියේ හද ගැස්ම අදුනන අපේ දේශීය ආතනයෙන් අනුග්‍රහය යැයී කියා බැනර් ගැසිය හැක. ඇට ශෝ එක විවෘත කරනා අයටද, චන්දේ කාලේදී හොදය. කාටත් හොදය. ආර්තිකයටත් හොදය. නමුත් පොඩි පුරස්නෙකෙට තියෙන්නේ බලන්න වටිනා සයීස් එකේ ලොකු බුදු ඇට කටු හැම තැනම නැත. ලොකු සයීස් ඒවා පිටරටය. පොඩි සයීස් ඒවා බලලා අපිට ඇති වෙලාය. ඒවාට ඉල්ලුමක් නැත. වටිනාකමක් නැත. හැබැයී ලොකු සයීස් එකේ අලුත් ඒවා හරිම පුදුමය. රසවත්ය. විනෝද ජනකය. බුදු ඇට කටු බලන්න පිටරට යාම මහා කරදර වැඩකී. අපිට ඒවාට වෙලාවක් නැත. (යාපනේ බලන්න ගිහිල්ලාත් ආවේත් පහුගිය දෝහේය. තවම ෆෝටෝ කෑලි ටික සුද්ද කරලා අහවරත් නැත.) ඒ නිසා, අපේ පහසුවටද, අපේ ආර්තිකයේ යහජීවනයද තකා, බුදු ඇට කටු කුලියට ගෙන, අපිට පහසු තැනක, ගෙදර යන ගමන් ගොඩ වෙලා බලා කියා ගන්න පුලුවන් තැනක තබා ප්‍රදර්ශනය කිරීම අගනේය.

ඒ යටතේ අපි පලමුවෙන් කපිලවස්තුවේ ඇති බුදු ඇට කටු කුලියට ගැනීමට යයී. රක්ෂණ ආයතනයෙන් බුදු කට්ටේ දැනට වෙලද පොල මිල තීරණය කර, එයට අදාල රක්ෂන ගාස්තුද, කපිලවස්තුවේම සිට අපේ ගමට ගෙන ඒම සදසා යන ප්‍රවාහණ ගාස්තුවද ගෙවා අවසානයේ, අපිට ශෝයී කියා බුදු කට්ට, පහසුවෙන්, ලේසියන් දැක බලා ගත හැකිය. සංගීතෙට නටන රිලවුන් ප්‍රදර්ශණය කරනවා වාගේ, බුදු කටු තැන තැනට ප්‍රවාහනය කර, අපේ පහසුවට ප්‍රදර්ශනය කිරීමේන් බුදුන්ට අපහාසයක් වෙනවායැයී යමෙකු කියනවානම්, ඒ අය දැන ගත යුතු වන්නේ, ඉල්ලුම තිබෙනවානම්, බුදුන්ගේ කටු නොවේ, ගෙදර බුදුන් යැයී කියනා අපේ අම්මාගේ ඇට කටු වුනත් තැන තැන යවමින් ප්‍රදර්ශනයට තැබීමේ වරදක් නැති බවය. මලාට පසු සාමදානයේ සැතපෙන්නේ ක්‍රිස්තියානි උදවියය. බටහිර උදවියය. නමුත් බුදුන්ට ලේසියන්, පහසුවෙන් සංසාරෙන් එතර විය නොහැක. නිවන් දකින්න නොහැක. ඉටු කල යුතු යුතුකම් ඇත. අපේ නියෝගය යටතේ වැසි වැසිවිය යුතුය. අපේ මහා ප්‍රදර්ශනයන්ගේ, මහා ප්‍රදර්ශනය කුටියේ පෙනී සිටිය යුතුය.

පසුව ලියමී : පහු ගිය දොහේ මයීකල් ජැක්සන්ගේ අත් වැස්ම ඩොලර් මිලියන ගානකට විකුනුනේය. එය ඒරොප්පේ හෝටලයක, හුදී ජනයාගේ දැක බලා ගැනීම සදහා තබා ඇත. ලගදී පැමිනෙන බුද්ධ ජයන්තියේදී, බුදුන්ගේ ඇට, අවයව, බුදුන් පරිබෝජනය කල දේ ඇතුලු බෝහෝ දේ දැක බලා ගැනීමට ඉල්ලුම්ක් ඇත. බුදුන්ගේ ඇට, ජැක්සන්ගේ අත් වැසුම්, ප්‍රභාකරන්ගේ මෑනියන්, යාපනයේ නටබුන් ඇතුලු මෙකී නොකී, අප දැක බලා ගැනීමට කැමති ප්‍රදර්ශනය බාන්ඩ ඇති උදවිය වහාම අපිව අමතන්න.

  • Share this:
  • 0diggsdigg
Be the first to like this post.

6 Comments

  1. අඩේ මේක මරු අයිඩියා එක… මොනව වුණත් කට්ටියනං වැල නොකැඩී බලන්න සෙට් වෙයි. ගාණක් එනවනං කෝකත් විකුණගන්න පුළුවන් එකේ මේ වගේ එකක් රට ආර්ථික අවපාතෙන් ගොඩගන්න (සොරි සොරි… එහෙම එකක් නෑනේ…) හෙන තල්ලුවක් දෙන්න පුළුවන් වැඩක්… ඇයි සුද්දන්ව ගෙන්නන්න පුළුවන් හැම ගුවන් ‍තොටුපලකින්මයි වරායකින්මයි… කෝකටත් කලින් අර ඇවිස්සෙන කට්ටියව නලවන්න කටවුට් ව්‍යාපාරයක් එක්ක මාධ්‍ය ඇඩ්වර්ට් අයිසිං පාරක් පටංගන්න වෙයි…

    • බිල්ලා
    • Posted February 14, 2011 at 1:59 pm
    • Permalink
    • Reply

    කොලුවෝ මේ වැලන්ටයින් දවසෙ ඕව කියල පව් පුරෝගන්ඩ එපා..

    • පෙරමුනේ රාළ
    • Posted February 14, 2011 at 8:22 pm
    • Permalink
    • Reply

    ජනතාවට බඩු මිල, බදු බර ආදී ප්‍රශ්ණ අමතක කරවීමේ හොඳම උපාය..

  2. උබට හෙල්මට් එකක්වත් හොයාගන්න වෙනවා දැන්. තව ටිකකින් දේශප්‍රේමී රොත්තම උබේ ඔලුව පලන්න එයි.

  3. gon joke danna epa yako

  4. සහෝදරය මගේ බ්ලොග් එකට ආව නම ඔස්සෙ හොයාගෙන මමත් ආව. සහෝ මොකද්ද මෙතනින්න් කියන්න අරගෙන තියෙන්නෙ කියන දේ අවංකව පැහැදිලි මදි, කෙසේ වුවත් මම කියන්න දන්නෙ නෑ, සහෝ මොන ආගමේද කියල, කෙස් වුවත් මට හැ‍ඟෙන විදියට කියන්න අදහස් කලදේ කුමක් වුවත් ”බුදු ක‍ටු” යන ආමන්ත්‍රනය මට හැ‍ඟෙන විදියට ටිකක් සදාචාර සම්ම්පන්න මදි, මේක ඉහලින් කමෙන්ට් කරල තිබුන ”අප්ප” කියන විදිහෙ දේශප්‍රේමී කමකට කියපු දෙයක්වත්, ඔයාව විවෙචනය කලාවත් නෙමෙයි, මට හැඟුන විදිය,කොහොම උනත් ලිවීමේ හැකියාව ඉහලයි, එහෙනම් සහෝ ඔන්න අපි ගිය, පුලුවන් විදිහට අදහස් බෙදාහදාගමු, මිතුරුකම වැඩිකරගන්න. ඔබට ජය.

Comments