ආගමට අපහාස කිරීම
පෙරමුණේ රාල ගේ, මොහොමද් ගේ, සහ ඒ හා සමාන තව තවත් අලුතෙන් ලියවෙන ආගම්වාදී, ජාතිවාදී බ්ලොග් අඩවි දුටු විට මට ඇති වන්නේ සතුටමය. (ඒවායේ මතවේදයන්ට මා පුද්ගලිකව එකග නොවූවත්,) ඒ බ්ලොග් අඩවියන්ට මාගේ ප්‍රණාමය. මේ ලිපිය ලියවෙන්නේ නිතරම නැගෙන “ආගමට අපහාස කරන්න එපා”යැයී යන මැසිවිල්ලට උත්තරයක් වශයෙන්ය. මේ මැසිවිල්ල නැගෙන්නේ “හැම ආගමක්ම යහපත් ගුණ දර්ම කියා දෙයී” හෝ ඒහා සමාන අල්ලේ පැලවෙන ප්‍රකාශණයකට පසුවය. ආගම් සෑම විටකම යහපත් ගුණ දර්ම දොඩන්නේ නැතුවා පමණක් නොවේ, බොහෝ පාදඩ ගුණ දර්ම සමාජයට ලැබී ඇත්තේ ආගමික සංස්තාවෙනී. සමහරක් ආගම්, විශේශයෙන්ම අබරංගේ ආගම්, ආත්මාර්තකාමිත්වය මත ගොඩ නැගූ ව්‍යාපාරයන්ය. මෙලොව හෝ පරලොව සුගතිය තකා, සතුරන්, මිතුරන්, අසල්වැසියන් පමණක් නොවෙයී, තමාගේම දරුවන් පවා කපා කොටා නසන්නේය. “මාගේ දරුවාගේ ශරීරය වේදිකාවක් කොට ගනිමින්, මාගේ දෙවියන්ට ඇති භක්තිය පෙන්වමියී”කියා, දරුවන්ගේ ශරීර කොටස් කපා කොටා දමන්නේය. තමාගේම සුගතිය තකන්නේය. සමහරක් ආගම් කුළ ක්‍රමය හදුන්වා දුන්නේය. තවත් ආගම් කුළ ක්‍රමයෙන්ම යැපෙන්නේය. ගල් ගසන්නේය. මිනී මරන්නේය. මරාගෙන මැරෙන්නේය. ඒ කිසිවක් යහපත් ගුණ දර්මයන් නොවේ. “හැම ආගමක්ම යහපත් ගුණ දර්ම කියා දෙයී” යැයී විශ්වාස කරනා අයෙකු වේද, ඒ මෝඩයෙකි, බාලයෙකී. හිස් වචනයකී. අපහාසය නිසි තැනට අපහාසය යා යුතුය. “අනුන්ගේ ආගමට අපහාස කරන්නේ නරක ලමයී”, අපිට පොඩි කාලයේ උගන්වා ඇත. කොතරම් අපහාසය නිසි වුවත්, ආගමට එරෙහිව වචයක්වත් ප්‍රකාශ කිරීමට සැවොම බයය. අපහාසයක් වේවියැයී බයෙන් කිසිම ආගම් විවේචනය කිරීමටද බයය. අපහාසය අරමුණ නොවූ විට පවා, වාදයේදී අපහාස සිදුවේ. පානදුරාවාදය පුරා හතර අතේ, විවිදාකාර අපහාසය. සමහරක් අපහාස සරළය. සමහරක් ගැබුරුන් සිතන්න ඕනෑ අපහාසය. පානදුරාවාදයට පසුව නැවත වතාවක් ලංකාවේ ප්‍රසිද්ද ආගමික වාදයන් ආරම්බ වී ඇත. ඒ සිංහල බ්ලොග් අවකාශයේය. ඒ වාදය සර්ව සම්පූර්ණ නැත. සාප්රදායීක වාදයක් නොවේ. ආරම්බයක් අවසානයක් නැත. විනිශ්ය මන්ඩලයක් නැත. බොහෝ දෙනාට නුපුරුදුය. නුහුරුය. සෑමෝටම සාදාරණ නැත. බලය ඇත්තැන් වචනයේ බලය පමණක් නොවේ, තමාට හැකි සියලුම බලතල විරුද්ද වාදීන්ට එරෙහිව යොදා ගනී. මොහොමඩ්ගේ බ්ලොගරිය සිංඩියන්ගෙන් ඉවත් කර ඇතැයී පහුගිය දොහේ නහයෙන් අඩා තිබුනි. ඉදිරියේදී මේ විවාදයන්ට තව තවත් ප්‍රබල බාදා ඇති වෙනු ඇත. කිසිම ආගමික පූජකයෙකු, තමාගේ ආගම ප්‍රසිද්දියේ පරික්ශා කරනු දැකීමට කැමති නැත. මේ විවාදයේ යෙදෙන්නන් විවාදයන් අතහැර දමා, තම තමාගේ පුද්ගලික ජීවිතයන්ට යනු ඇත. මේ විවාදයන් යට යනු ඇත. අලුත් විවාද කරුවන්, වැඩි දැනුම සහ හැකියාව ඇතුව විවාදයට එකතු වෙනු ඇත. විවාදයන් සෙමින් සෙමින් විදිමත් වෙනු ඇත. ප්‍රබල වෙනු ඇත. අවම වශයෙන් එසේ වෙනු ඇතැයී සීතීමට මා කැමතිය. 2 Comments
|