
පොඩ්ඩ පොඩ්ඩ හොර ගල් අහුල අහුලා ආපු වස්සා ඔන්න දැන් පොල් පැලේ ලගටම
ඇවිල්ලා. වෙබ් සයීට් එක දෙක බ්ලොක් කර කර ආපු ආන්ඩුව ඔන්නෙ දැන් සියලූම
අශීලාචාර දුශ්ශීල වෙබ් අඩවි සහමුලින් නවත්තන හදනවා. අනේ වාසනාවන්. අපේ දරු
පැටැව් ටික බේරා ගන්න ලැබීම. අශීලාචාර වෙබ් අඩවි නවත්තන එකට විරුද්ද වෙන්න
පුලුවන් කාටද. අශීලාචාර පුද්ගලයෙකුට විතරයීනේ.
අපේ නැන්දා, ගෙදර මුත්‍රා කරන බල්ලට ගහන්න කියලා වේවැලක් ගෙනාව ඕන්.
කවුද ඉතින් ගෙදර ඇතුලෙ මුත්‍ර කිරීම හොදයී කියන්නේ. අනේ ඉතින්, අපේ සුදු
මලයත් “හොද වැඩේ බල්ලට” කියලා අත උස්සලා වේවැලක් ගේන්න චන්දෙ ප්‍රකාශ කරා.
කට්ටියම වෙසක් බලන්න ගිහිල්ලා එන ගමන් සාදු සාදු කියල බල්ලට ගහන්න
වේවැලකුත් අරන් ආවායී කියමුකෝ. කතාව කෙටි කරල කීවෝතින් අන්තිමට වේවැලෙන්
අම්බානට කන්න හමුවුනේ බල්ලාට නොවෙයී, අපේ සුදු මලයාටයී. උගේ පුකේ පලු කාපු
ගුටි වලට. මලයා අදත් තොටලග තොරණ බලන්න යන්නේ නැහැ. මොකෝ වේවැල ගත්තේ
එතනින්නේ.
චීනෙත්, ඉරානෙත් අන්තර්ජාල වාරණය පටන් ගත්තේ අනේ අපේ ලමා පරපුර මේ
අන්තර්ජාල රකුසාගෙන් බේරා ගැනීමට අසබ්ය වෙබ් අඩවි වාරණය කරමු කියලායී.
කට්ටියම අස්වලාම් අලෙයීකුම් කියලා, හේයී හේයී කියලා අනුමත කරා. බැන්දා චීනේ
වටේ මහා අන්තර්ජාල වාරණ ප්‍රාකාරය. Grate Firewall of China කියලා
ඉංගිරිසියෙන් කියන්නේ. අස්බ්ය වෙබ් අඩවි නවත්තන්නේ, කීයක් ගියත් මොකද. දරු
පරපුර වෙනුවෙන්නේ. දැන් චීනේ සියලූම වෙබ් අඩවි වාරණය කරලයී තියෙන්නේ, ඒ
කියන්නේ යූටූබ්, ෆේස්බුක්, ට්විටර්, බීබීසී සහ මෙකී නොකී සියලූම වෙබ් අඩවි,
දොර ඇරලා තියෙන්නේ රජයෙන් අනුමත කරන ලද වෙබ් අඩවි සදහා පමණයී. වේවැල ගෙදර
තියෙනවානම් බල්ලට විතරක් ගහල මොටද, කොල්ලටත් ගහන එකනේ ඇත්තේ.
ආතර් සී ක්ලාක් (පර සුද්දා) කීවේ, මානව ශිශ්ඨාචාරෙයේ ප්‍රාථමික
අවදියෙන්, පලවෙනි පිම්ම පනින්නේ, මුලු ලෝකයම එකම සංනිවේදන ජාලයකින් එක්
තැන් වීම සහ, හිරුගෙන් සෘජුවම ශක්තිය ලබා ගැනීම තහවුරු කර ගත් දායී
කියලායී. ඒ කීවේ අන්තර්ජාලය ගොඩනගන්න වසර ගනනාවකට ඉස්සරයී. (අනේ සුද්දා
දන්න මගුල.) මානව ශිශ්ඨාචාරය වෙනස් කරන මේ අන්තර්ජාලය ඒකාදිපති රාජ්‍යන්ට
බරපතල තර්ජනයක්. අලි දක්කනවාට වඩා හරක් දක්කන එක ලේසිනේ.
අනේ වෙබ් සයීට් බ්ලොක් කරාට මොකද, “ප්‍රොක්සි”
දාලා බලන්න පුලුවනේ කියන දේ ගැනත් යමක් කියන්න ඕනෑ. පහුගිය වංගියේ ඉරාකේ
උද්ගෝශණ ඇති වුනු වෙලේ, ජනතාවගේ සහයට “ප්‍රොක්සි” ලබා දෙන්නයැයී ඉල්ලීම
ට්විටරයේ, ෆේස්බුක් එකේ තිබුනා. බලාගෙන යනකොට ඒ කතාව ප්‍රචාරය කරලා තිබුනේ
ඉරාන රජයෙන්මයී. පමණට වඩා වතුර පිරිනු වේල්ලක් පවත්වාගෙන යාමටනම්, වතුර ටික
ටික බහින්න පොඩි හිදෙසක් ඕනෑ. නැත්තම් වේල්ල කැඩිලා බිදිලා විනාස වෙලා
යනවා. ඒ වාගේම අන්තර්ජාල වාරණ වේල්ල තියාගන්නනම් ෆ්‍රොක්සි හිදෙස අවශ්‍යයී.
ෆ්‍රොක්සි කියන්නේ බොහොම දුර්වල, වේගවත් නැති තාක්ශණයක්. අසබ්ය වෙබ් අඩවි
බලන්න ඒක සුදුසු වුනාට, අදහස් ප්‍රකාශ කිරීමට යොදාගත හැකි තාක්ශ්ණයක්
නොවෙයී.
අසබ්ය වෙබ් අඩවි නවත්වන්නයැයී කියලා ගොඩ නගන වේල්ලත්, ඒ වෙබ් අඩවි
බැලීමට ඇරලා තියන ෆොක්සියත් දෙකම තියෙන්නේ, අසබ්ය වෙබ් අඩවි සදහා නොවෙයී
ජනතාව අන්තර්ජාලය යොදා ගනිමින් ඒකරාසී වැලැක්වීමටයී.
Be the first to like this post.
14 Comments
-
-
“ෆ්‍රොක්සි කියන්නේ බොහොම දුර්වල, වේගවත් නැති තාක්ශණයක්. අසබ්ය
වෙබ් අඩවි බලන්න ඒක සුදුසු වුනාට, අදහස් ප්‍රකාශ කිරීමට යොදාගත හැකි
තාක්ශ්ණයක් නොවෙයී.”
are you retarded?
-
Thank you for interested in my wellbeing. But I don’t find how my physical wellbeing has any relevance to this topic.
By definition proxy means an substitute that comes in the absent of
proper. Try getting a whole nation to access facebook, youtube and skype
routing through proxy servers. If you can’t imagine that, then think of
a day that private busses had halted their duties and everyone had to
take the train.
-
-
m
- Posted September 17, 2010 at 10:03 pm
- Permalink
-
you’re very welcome!!! but just to be clear,I wasn’t referring to
your physical well being.I do however admit that I could have been
somewhat diplomatic with the phrasing of my above comment,that being
said let me point out the flaw in your argument;
a group of 10 or so “single hand surfers” would consume way more
traffic than a group of 100 or so people expressing their views on a web
forum/blog/etc.
usually the above rolls would be reversed as a considerable share of
internet traffic is somehow related to pornography,be it P2P or plain
old HTTP traffic.So,by extension anything that’s good enough to handle a
group of sex starved homo-sapiens with their loins on wildfire would be
able to handle the minuscule amount of traffic generating from a tiny
amount of concerned citizens whose collective freedom of expression has
been communally a** raped by the MAN.
*I excluded HTTPS login issues/blocked ports and other inconveniences
to simplify the answer but I believe this should suffice to make my
point.
The latter part of your question seem to be a whirling vortex of
reductio ad absurdum(ness) but let me just point out that we don’t have
100s upon 100s of millions of internet users for something like that to
happen.
And fortunately I wasn’t that unfortunate to experience your given example of the woes of public transportation.
Regards
M
-
They all are valid technical points. Truth. (but this is not an
technology post, so I’m not looking at proxies in technical point of
view alone.) One can technically build a massive proxy server or tor –
even a train to move the entire mass around. But internet or technology
altogether at this point of the history is not a geek thing. It is
water. It is air. it’s political. By blocking internet and leaving
proxies to “single hand surfers” governments tries to keep internet away
from masses – who are defiantly not geeks. Block the rain and leave
water bottles. Try tweet with your phone using a proxy. Write down the
start time of the process and end time (usually the time giving up the
whole things in frustration). Internet speed is not the speed of bites
in a cable any more. Its how fast one can reach another using massive
number of enabled devises out there.
Coming back to my Train-Bus analogy, those diesel engines in SL
technically have enough horse power to move the entire masses and crush a
private bus on its way. But the ride is a horribly slow.
-
-
m
- Posted September 18, 2010 at 1:18 am
- Permalink
-
“… so I’m not looking at proxies in technical point of view alone.”
Actually that is exactly what you did!!!
With regard to the masses,well,sheeple would always be just that,sheeple.
I’ll just let you figure out how you contradicted your self (once again if I may add) in your last comment.
Just a final thought,if your train is lagging like an old snail on
muscle relaxants,then it just might be possible that you took the wrong
train.
Regards
M
-
I think M has successfully spotted a technical glitch in your
post Kolu. So I suggest that you admit that (I guess thats what you did
anyway). Otherwise we will be debating about proxy server technicalities
here, rather than focusing on main theme of your post.
-
I think we both made our points
M defiantly brought up good technical points and I do agree with those
technical points as same as I would agree with an argument why Cake
taste better and filling. But let’s not kid ourselves – Cake can’t feed
the nation. We need bread. Bread is superior.
It would be very wrong of me to say my neighbor, Mr Jaya, father of
two and a government servant, a sheeple, because he is not technically
savvy enough to set up a proxy. Well, M have been fortunate enough not
to smell the platform and toilets, wait in the long queue and taste the
rude service and at the end take the wrong train – so I do understand
why he don’t get my train metaphor and only think about the horsepower
of the engine.
-
I just bump in to this video by Douglas Adams today. and thought
first half of this may add something to the argument of separating good
technology from bad.
-
in China they have blocked the proxy sites too as i know. and its
almost impossible to break their firewall. (eka lankawe tiyana eka wage
kotu kali hitawala hadapu ekak newei)
-
Not only that, they send people to prison (not just jail) for that.
-
බ්ලොග් අඩවි පටන්ගත් කාලයේ සටහන් ආරම්භ කළ අය අතරින් පල් හෑලි ලියපු
බොහෝ දෙනා හැලුනත් මාධ්‍ය වාරණ ඇති රටවල බ්ලොග් ලිවීම් අඩුවීම වෙනුවට වැඩි
වී ඇතැයි “ද ඉකොනොමිස්ට්” සඟරාව වරක් කියා තිබුණි. සඟරාව තහනම් කරපු රටවල
අය ඒ ලිපි වෙනම විද්‍යුත් තැපෑලෙන් ගෙන්න ගෙන කියෙව්වේ පහුගිය සතියෙ
ලංකාවත් ඒ සඟරාව නැවෙන් නොබා ඉන්දැද්දී වාගේය. වෙළඳපලේ නැති කළුකඩයේ ඇති
දේවල් සොයා ගන්නට මිනිසා ක්‍රම සහ වේද සොයා ගැනීමට ගජ හපනෙකි. කළුකඩය
අහිතකරය කියනා අයම ඊට අතදීම විහිළුවකි.
-
තනි තනිව කියවීමේදී සහ ප්‍රසිද්දියේ කියවීමේදී, වෙන වෙනම ප්‍රතිපල
ඇතිවේයැයී ස්ටීවන් පිංන්කර් නැමති පර සුද්දා (අපේ දියුනුවට විරුද්ද
කුමන්ත්‍රණ කරනා බටහිරයෝ, ඇමරිකානු අදිරාජ්යවාදීන්, යුදෙව් චින්තනය )
කියයී. සියලුම දෙනා දන්නා දේ, නැවතත් ප්‍රසිද්දියේ කියමින්, පිකටින්
කිරීමෙන් සිදුකරන්නේ මේ සමාජිය සම්බන්දය ගොඩ නැගීමයැයී කියයී.
යමක්,1) මම සහ ඔබ දැනගත යුතුය, 2) ඔබ දන්නා බව මම දැන ගත යුතු බවත්,
3)ඔබ දන්නා බව මම දන්නා බව ඔබත් දැන ගත යුතු බවත්, 4) මම දන්නා බව ඔබ දන්නා
බව මමත් දැන ගත යුතු බවත් – යන සතර ක්‍රියාවම සාර්තකවීම මානව සමාජ
සම්බන්දතාවයන්ට අවශ්‍ය බව පිංකර්ගේ මතයයී. (මෙය අප්‍රබංසයක් වාගේ පෙනිය
හැකි නමුදු, බොරු කීමට පටන් ගන්නා වයසේ කුඩා ලමයී ඇති දෙමාපියන් මේ
සම්බන්දය ගැන දනී)
-
-
arunishapiro
- Posted September 19, 2010 at 7:13 pm
- Permalink
-
ලංකාවේ අතීතයක පොත් කියවන අයගෙ සමාජ තිබුණ, මුද්දර එකතු කරන අයගෙ
සමාජ වගේ. මාත් ඔය දෙකකම හිටිය. පොත් බෙදාගෙන කියවීමට අමතරව, කියවන පොත්වල
ලියලා තියන අකුරු පේළි යටින් යමක් දකින්න ඉගෙන ගත්තෙ එවැනි තැනක. තනියම
පොතක් කියවලා ගිහින් එතැන දි හමුවන අයගෙ අදහස් ඇහෙන කොට තනියම කියවලා
බැහැපු අදහස් නැවත වෙනස් කරගන්නත් අවස්ථාව ලැබුණ. තවත් වෙලාවක අනිත් අයගෙ
අදහස් වලට වඩා සහමුලින්ම වෙනස් මම දැකි යමක් කිව්වම අනිත් අය එයාලගෙ මත
වෙනස් කර ගත්ත. හැබැයි එදා ඒ පොත් කියවපු අයගෙ සමාජය පැත්තකට හේත්තු
නොවෙච්ච එකක්. අද ඇත්තේ පැත්තෙ අය විතරක් එකතුවන සියල්ලටම හෝයියා හා
විරුද්ධ මත අරහං කියන තැන් මිස විචාරයකට ඉඩක් නැති වාතාවරණයක්.(කොලූගේ
ලියමන් වැනි මාධ්‍ය අතලොස්සක් ඒ වර්ග කිරීමට අයිති නැහැ.) ඒ කාලයාගේ
ඇවෑමෙන් අනුන් කියා පෑ භේද භින්න පිළිගත් නිසා ආරක්ෂාවට පැත්තකට හේත්තු
වන්නට පුද්ගලයා හුරුව සිටීමයි. පැත්තක් නොගත් අයට වඩා පැත්ත ගන්නා අය
සමාජයේ වඩා හඬ නඟන්නෝය. එහෙත් එමනිසාම පැත්තක් ගත් අයගෙන් සමාජය පිරී ඇතැයි
කියනු හැකිද? මාධ්‍ය නැවතත් පැත්තක් නොගත් මධ්යස්ථයකට ගෙන ඒම කළ හැක්කේ ද
මාධ්‍යයට නොව එහි පාරිභෝජික අපිටය. විරුද්ධ පැත්ත විවේචනයට බිය නොවනා සේ
තම පැත්ත විවේචනයට ද පසුබට නොවිය යුතුය යන්න වටහා ගත් දාට මිනිසාට ඉදිරියට
යා හැකිය. තමා කැමති පැත්ත විනාශයට හා පරිහාණියට යාම නවතා දියුණුව ලබත
හැකිය.
ඔබ පෙන්වන බොරු කියන වයසේ ළමුන් හා ඔවුන්ගේ දෙමාපියන් අතර ඇති සබඳතාවය
සේ, ඉහත කරුණත්, දැන සිටියත් දන්නේ නැති සේ ඉන්නා හුරුව නිසා අපි ලැග්ග
තැනම තවත් ලගිමු. අද ලෝකයේ මහා කළු සිංහලයා විතරක් නෙමෙයි පර සුද්දත්
කරන්නේ ඒකමයි.
|