බුදුන්ගේ කොන කපන්න, පිහිය ගල ගානා සිංහල බෞද්ධයෝ
බ්‍රාහ්මණයන්ට ලෝක සත්‍යය ලැබුනේ මහා බබුගෙනී. මහා බබුත්, අල්ලා චරිතය සේම, තමා ලෝකය මැවුවායැයී කියා ගන්නා දුසුම් බාගයක් පමණ වූ දේව චරිතයන්ගෙන් එකෙකී. ලෝක සත්‍යය නිර්වචනය කිරීමේ ඒකාදීකාරය තමාට ඇතැයී කියා ගන්නා සියලු දෙනා මෙන්ම, බ්රාහ්මනයන්ද ධනවත්ය. බලවත්ය. තමාගේ වාසියම තැකුවේය. තමාවම උසස් කොට තැකුවේය. සිද්ධාර්ථයන් නම් ලැබූ දාර්ශණිකයෙකු, එකල බුදුවන්නේය. බුද්ධ දර්මය නම්වූ දර්මයක් දෙසන්නේය. ලෝකය මැවූ දෙවියන්ගේ යෝනිය ඇත්තේ නලලේදැයී විමසූ බුදුන්, දර්මය අණ දෙනවා වෙනුවාට, සාකච්චාවේ යෙදෙන්නේය, වාදයේ යෙදෙන්නේය. සිතාමතා වටහා ගත යුතුයැයී කියන්නේය. දුන් දෙය පමණක් ගන්නේය. ඉල්ලා නොගන්නේය. පූජාව පසුපසට දමන්නේය. දේශපාලන බලය අත හරින්නේය. ආර්ථික බලය අතහරින්නේය. සියලුම මිනිසුන් උපතින් සමවනේයැයී කියන්නේය. නිතතින්ම බුද්ධ දර්මයට පලමු ප්රහාරයන් එල්ල වන්නේ බ්රාහ්මණයන්ගෙනී. “අපේ වෙලද පොල වැඩි දියුනු කරගනිමු”යැයී කියා, බ්‍රාහ්මණයන් කුමන්ත්‍රණ කරන්නේය. අපහාස කරන්නේය. ප්‍රාතිහාර පාන්නේය. අඩා වැටැන්නේය. නමුත් බ්‍රාහ්මණයන්ගේ අදහස පහසුවෙන් ඉටුවන්නේ නම් නැති. බුදුන්ගේ පරිනිර්වානයෙන් වසර තුන්සීයයට පමණ පසු බාගයේ, බෞද්ධයන් අන්‍යාගමික කිරීමට වඩා, බුද්ධාගම අන්‍යාගමික කිරීම පහසු බව බ්‍රාහ්මණයන් වටහා ගන්නේය. බුද්ධාගම ඇතුලට බ්‍රාහ්මණාගම ඇතුලු වන්නේ එලෙසය. ලංකාවේ සහ තවත් සමහරක් රටවල අදත් බුද්දාගම පදනම් වී ඇත්තේ බ්‍රාහ්මණ දර්ශණය මතය. නාප්‍රකාර පූජාව, දෙහි කැපීම, නූල් බැදීම, වන්දනාව, පින් එකතු කිරීම, බාර වීම, කවි කීම, පින් ට්රාන්ස්ෆ්රර් කිරීම, යනාදි මෙකී නොකී බ්‍රාහ්මණ ක්‍රමවේදයන් දවසේ මූලික අරමුන වශයෙන්ද, බුදුන් සරණ යෑම අතුරුඵල චාරිත්‍රය බවටද පත්වී ඇත. කුල ක්‍රමය අදත් ලාංකීය බුද්දාගමේ අසික්කිත පදනමය. බුද්දාගම තුල දේව වන්දනාව ගොඩ නැගීමේ අරුමය ගැන මා තව දුරටත් පුන පුනා කිය යුතු නැත. වැස්සට හෝ පන්සල් ගිය හැමෝම ඒ ගැන හොදින් දනී. බ්‍රාහ්මණයන්ට පසු බෞද්ධයන් හා ගැටෙන්නේ මිශණාරීන්ය. මිශණාරීන්ගේ අදහස පහසුවෙන් ඉටු වන්නේ නැති. නමුත් කාලයකට පසු හෙන්රි ඕල්කට් නම් වූ උන්දෙක්, ඇමරිකානු ඇන්.ජී.ඕ කාරයෙකු වූ අනගාරික දර්මපාල නම් වූ කලු සුද්දාගේ සහයෙන් බුද්දාගම ක්‍රිස්තියානි ආගමට හැරවීමේ වියාපාරය පටන් ගන්නේය. බුද්දාගම ගෝත්‍රීය කරනය කරන්නේය. අලුතෙන් බුදු කෙනෙකු නම් කරන්නේය. බෞද්ධ සමාජයට ක්‍රිස්තියානී සාරදර්ම හදුන්වා දෙන්නේය. අදත් සිංහල බෞද්ධ සමාජයේ සියලූම හර දර්ම ගොඩ නැගී ඇත්තේ එදා ඕල්කට් විසින් හදුන්වාදෙන ලැබූ ක්‍රිස්තියානි සාරදර්මයන්ට අනුවය. එදා කතා කියමින් මා මේ ලක ලෑස්ති වන්නේ අද කතාව කියන්නය. “රටක් මෙන්ම ආගමක්ද පවතින්නේ දණ්ඩනය මතය.”යැයී කීවේ මොහමඩ්ගේ බ්ලොග් අඩවියේය. අල්ලාගේ රූපය දුටු මොහමද් සේ කුපිත වී, අද සිංහල බෞද්ධයා ඝොශා කරමින් යන්නේ මොහොමද්ගේ පාරේය. නීති පනවා, දන්ඩනයෙන්, ආගම රකින්නේ මොහමඩ්ය. අද සිංහල බෞද්ධයාය. ආගමික නීතී, ආගමික දන්ඩන ප්‍රතිශේප කල එකම දර්මය බුද්ධ දර්මයයී. ”මාගේ විරුද්දවාදීන්ට පොලු පහර දෙන්නේමි”යැයී, “බෝම්බ ගසන්නෙමි”යැයී,”උන්ගේ ආගමික ස්ථාන ගිනි තියන්නේමි”යැයී, කියන්නේ මොහමඩ්ය. අද සිංහල බෞද්ධයාය. මාගේ සරණ ගියාට කම් නැති, අනෙක් ආගමටත් සමව උදව් කරනුයැයී කී එකම ආගමික නායකයා බුදුන්ය. “අපේ ගමට එන මූලදර්මවාදීනට මා පොලුහර පාමි”යැයී කීවේ ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන්ය. අද සිංහල බුද්ධාගම, ඉස්ලාමීය ප්රතිපත්තියනට මුනින් වැටී වැද නමස්කාර කිරීම, සලසුම් සහගත කුමත්රණයක ප්රතිපලදැයි මා දන්නේ නැත. නැත්නම් මේ ගමණ ස්බාවික පරිණාමයක්දැයී මා දන්නේත් නැත. නමුත් ලංකාව ඇතුලු තවමත් ඉස්ලාමීයකරනය නොවූ බෞද්ධ රටවල ආගම ප්‍රචාරණය සදහා සෞදි රජය සහ සෞදී ජාතිකයන් අති විශාල මුදලක් ආයෝජයන කරනා බව මම දනිමි. ඉස්ලාමීය ප්‍රතිපත්ති, ගෝත්‍රීය බෞද්ධ කොඩියෙන් ඔතා දෙන බෞද්ධ පූජයකයන්ද, බෞද්ධ නායකයන්ද, බෞද්ධයැයී කියා ගන්නා බ්ලොග් අඩවිද හරි සද්දය. අද සිදුවන්නේ බුද්ධාගම ඉස්ලාමීකරණය වීමය. මේ යන විදිහට ගියෝතින් සිංහල බෞද්ධයා හෙට අනිද්දාම බුදුන්ගේ කොන කපන බවට සැකයක් නැත. එදා බ්රහ්මණාගමය. පෙරදා මිශණාරීන්ය. අද ඉස්ලාම් දර්මයය. ප.ලි: මා බුද්දාගමයැයී කියනා කල, බුද්ධ ධර්මය අදහස් නොවේ. වචන දෙකැකී. තේරුම් දෙකැකී.
3 Comments
|