නොබේල් ත්‍යාගය සහ ඉස්ලාම් ආගමෙන් සිංහල බෞද්ධයා ඉගෙනගත යුතු පාඩම්.

අරුණිගේ ලගම නෑයෙකුට නෝබෙල් තැග්ග ලැබිලා. මුලු ලෝකෙටම නෝබෙල් තෑග්ග ලැබුනු උදවිය ඉන්නේ 806 දෙනයී. ඒ සියලු දෙනාම ජීවත් වෙනවා කියලා ගනන් හැදුවත්, ඒ මිනිස්සු 8,309,248 දෙනෙකුට එක්කෙනයී. ඒ නිසා, බොහෝ දෙනෙකුට, නෝබෙල් තෑග්ග ලැබුනු පුද්ගලයෙකුත් එක්ක, එක කාමරේ ඉන්නවත් අවස්තාව ලැබෙන්නේ නැහැ. අරුණිට සුබපැතුම්.

ලෝකයේ බිලියන එකයී දසම පහයී හතක් මුස්ලිම්. බිලියන එකයී බාගයත් එක්ක, හන්දියේ කඩේ ලොකු ටික් බෝල බෝතලේ සංසන්දය කරහම, ටික් බෝල, හරියට කජු ඇට කොස් ඇට වාගේ. ඒ වුනාට විද්‍යාව සම්බන්දයෙන් නොබේල් තෑග්ග ලැබිලා තියෙන්නේ එකම එක මුස්ලිම් භක්තියෙකුට විතරයී. සාම ත්‍යාගය සහ සාහිත්‍යත් සමග ඔක්කොම අට දෙනයී. (නෝබේල් තැග්ග දැනුම මනිනා හොදම සාදකය නොවුනාට, අපේ පාසලේ රචනා තරගෙට වඩා හොදයී.) ලෝකයේ යුදෙව් ජනගයහන මිලියන දහ තුනයී දසම තුනයී. ඒක මුස්ලිම් ජනගහනය එක්ක සංසන්දය කරහම කජු ඇට කොස් ඇට වාගේයී. ඒ වුනාට නොබෙල් තෑග්ග ලැබුනු යුදෙව් සම්බවයක් ඇති උදවිය එකසිය අසූවටත් වඩා වැඩියී! පුංචි ජපානෙ පවා දහ අට දෙනෙකුට නෝබේල් තෑග්ග ලැබිලා තියෙනවා.

මුස්ලිම් උදවිය මේ තරම් නූගත් වුනේ කොහොමද?

වසර අටසියයී, එක් දහස් එකසීයයී පමණ වූ කාලයේදී මුලු ලෝකයේම දැනුම මධ්‍යස්තානය වන්නේ මැදපෙරදිගය. අද බැක්ගෑඩ් නුවරය. අද අපි දන්නා ජීව විද්‍යාව, තාරකා විද්‍යාව, ගණිතය, ඉංජිනේරු විද්‍යාව යනාදී සියලූම විද්‍යාවන් දියුනු වීමට පටන් ගන්නේ මේ වසර තුන්සියයේ කාලය තුලය. මේ වසර තුන්සියය තුලදී, අනෙකුත් බාසාවලින් අරාබි භාසාවට පරිවර්ථනය කර්නා ලද පොත් ගණන, එදා සිට අද දක්වා අරාබි බසට පරිවථනය කරනා ලද මුලු පොත් ගණනට වඩා වැඩිය! රුබෙය්යාට් වාගේ මහා කවි ලියවෙන්නේ ඒ කාලයේය. මුස්ලිම් අන්තවාදීන් විසින් බිද දමනා ලද, වරක් ලෝකයේ උසම ගොඩනැගිල්ල වු ඇමරිකාවේ ලෝක වෙලද මද්‍යාස්තාන පවා මිනොරු ‍යමසකි විසින් නිර්මාණය කලේ ඒ කාලයේ දියුනු වූ අරබි ගෘහ නිර්මාණ ශිල්පයේ අභිලාශය ලබමිනි.

මේ දැනුම ගබඩාව මුලුමනින්ම විනාස කර දමන්නේ, හමීඩ් අල් ගසාලි නම් වූ දාර්ශනිකයායී. නලින් ද සිල්වා, බුද්ධාගම යොදාගෙන විද්‍යාව ඉවත් කිරීමට උත්සහ ගන්නවා සේ, අල් ගසාලි ඉස්ලාම් ආගම යොදාගෙන විද්‍යාව මැදපෙරදිගෙන් ඉවත් කරනා ලදී. විද්‍යාව වෙනුවට “අපේ විජ්ජාව” රෝපණය කරනා ලදී. එදා කඩා හැලුනු මැදපෙරදිග දැනුම අද වෙනකම් හිස ඔසවා නැත. අපි වාගේම, මිලදී ගත් බටහිර දැනුම පරිබෝජනය කලද, ප්‍රතිජීවක යොදාගෙන ලෙඩ සුවකර ගත්තාද, විද්‍යාත්මක චින්තනය නුපුරුදු ඉස්ලාම් අන්තවාදීන් බටහිර දැනුමට ඊරිසියා කරයී. ඒ දැනුමෙන් ලැබූ ඵළ බුක්ති විදිමින්, ඒ දැනුමට ගරහයී. ත්‍රස්තවාදයේ යෙදෙයී. 

සෝම හිමිගෙන් බිහිවූ බෞද්ධ පුනර්ජීවනය යහපත්ය. නමුත් දුප්පතාගේ අතේ ඇති ආගම, වදුරාගේ අතේ ඇති දැලි පිහිය වාගේය. බෞද්ධ පුනර්ජීවණයකට පෙර ලංකාවට අවශ්‍යවන්නේ, විද්‍යාත්මක පුනර්ජීවණයකී. විද්‍යාත්මක පුනර්ජීවණය යනු, ස්බාවික කෘෂිරසායන වෙනුවාට, දිගට හරහට තෙල් බෙහෙත් ගැහීම නොවේ. බුලත් විට වෙනුවාට, ජුයිංගම් කෑම නොවේ. සුද්දාට පමණක් නොව, අතීතයටද, ආගමටද, යටත් නොවී, නිවහල් ලෙස සිතන්නට, තනන්නට පුරුදු වීමයී. කොතරම් පූට්ටු පාලම් හැදුවත්, චීනුන් යොදවා වරායවල් හැදුවත්, කොරියානුවන් ලවා පාරවල් හැදුවත්, ජපානෙන් වාහන ගෙනාවත්, විද්‍යාත්මක පුනර්ජීවනයක් ඇතිවෙනතාක්, ලංකාව දියුනු වෙනවා බොරු.

«

Comments