වැලේ වැල් නැති දුප්පත් ලංකාවේ අපි.

මේ ප්‍රස්ථාරය ලංකාවේ අන්ත දරිද්‍රතාවයෙන් පෙලන ප්‍රතිශතය පිලිබදවයී.  ඒ කියන්නේ දිනකට රුපියල් එකසිය පණහකට වඩා අඩු මුදලකින් ජීවත් වෙන උදවිය ප්‍රතිශතය. ඇමරිකාව ඕකට අදලා නැහැ. ඇමරිකාවේ මිනිහෙක් පැයකට, අඩුම වශයෙන් ඩොලර් හයක් හතක් හොයනවානේ. ඒ නිසා මෙදා  මුරේ සංසන්දනය චීනයත් එක්ක. මේ ප්‍රස්ථාරය සහ විස්තර gapminder.org වෙතින්.

1985 දී ලංකාවේ සීයට විස්සක් අන්ත දරිද්‍රතාවයෙන් පෙලෙනවා. මට මතක හැටියට ඔය කාලෙම තමයී ප්‍රේමදාස උන්දෑ ජන සවිය පටන් ගත්තේ. ප්‍රස්තාරේ හැටියට, අන්ත දරිද්‍රතාවය තරමක් වේගයෙන් අඩු වෙලා තියෙනවා. සියයට පහලොවක් දක්වා. හැබැයී චීනේ වේගෙට අහලකින්වත් තියන්න බැහැ. නමුත්, හත්තලාමේ, 91ඉදලා 96 වෙනකම්, දරිද්‍රතාවය වැඩි වෙලා. අනූ හයේ ඉදලා නැවතත් අඩු වෙන්න පටන් අරගෙන තුබුනාට, අඩුම ගානේ ඉස්සලා තිබුන වේගයවත් නෑ. 2002 වෙනකොට, 96යේ තරමින් සීයට  එකයී අඩු වෙලා තියෙන්නේ.

මේ ඇවිල්ලා, පැයකට උපයන ආදායම, ඩොලර් වලින්.

ඇමරිකාවේ මිනිහෙක් ඩොලර් දහයක් හොයන කොට, අපි හොයන්නේ ඩොලර් සත විසි දෙකයී. 1980 ඉදලා, 2005 වෙනකොට, අපි ආදායම දෙගුණ කරගෙන තියෙනවා. ඒ කියන්නේ සත විසි දෙක වෙනුවාට, සත පණස් හතරක් හොයනවා. (හැබැයී ඩොලර් එකේ මිල පහල හෙලීමත් එක්ක බැලුවහම, ඇත්තටම අපේ ආදායම වැඩි වෙලාද, අඩු වෙලාද කියලත් හිතෙනවා.) මේ යන විදිහට ගියෝතින් අපිට පැයට ඩොලර් දහයක ආදායමක් හොයන්න පුලුවන් වෙන්න, මෛත්‍රී බුදුන් පහල වෙච්ච දාක තමයී. ඔන්න ඉතින් පුලුවන් පුලුවන් හැටියට දන්න කියන කෙනෙකුට තියන ඉඩමක් කඩමක් විකුණල කීයක් හරි දීලා, රට පැන ගන්න බලන්න තමයී තියෙන්නේ.

මේ තියෙන්නේ ආහාර සැපයූම. ඒ කියන්නේ කැලරි කිලෝවක්, පුද්ගලයෙකුට. මේ සන්සන්දනය කරන්නේ චීනය, ඇමරිකාව, අප්‍රිකාවේ කොන්ගෝව, සහ ලංකාව.

කිසිම සැලකිය යුතු දියුනුවක් නැහැ. 83 ඉදලා, 93 වෙනකම්, අපේ ආහාර සැපයූම අඩුවේලා. මමත් මේ කල්පනා කරා ගමේ ගොඩේ අලුත් තරුණ පරම්පරාව, කෙට්ටු පගරයෝ ටිකක් වුනේ කොහොමද කියලා. ඔය තියෙන්නේ උත්තරේ.

  • Share this:
  • 0diggsdigg
Be the first to like this post.

5 Comments

  1. පොඩි නිවැරදි කිරීමක් ප්‍රේමදාස මහත්මයා ජන සවිය පටන් ගත්තේ එයා 1988 දී ‍ජනාධිපති උනාට පස්සේදීයී

    • Buddhika Thambugala (Sudu Seeya)
    • Posted January 12, 2011 at 6:41 pm
    • Permalink
    • Reply

    monawada me kiyanne.. payakata $10 nowa $10000 wunath hamba karana ‘abhimanawath’ sri lankikayan me rate nadda?? american kaarayan 1000ka ge aadayama labana eka sri laankikayoth innawa.. anik unta baruwata api mak karandada?? kaatada aadambara??

  2. නැති බනේම නොකිය තියෙන ඉඩමක් කඩමක් වල තමන්ගෙ කැම ටික බෝග ටික තමන් වවාගෙන කන්නෙ නැතිව ෆුඩ් සිට්ය් එකෙන් කෑම ගන්න ජාතියක් නොවැ මේ. ඉතින් මොනව කියන්නද…

    ඒත් පාරෙ යන වාහන.. රූප පෙට්ටිය බැලුවම මික ඇමෙරිකාව නෙමෙයි සුර පුරෙත් පරාදයි

  3. පුංචි අඩුපාඩුවක් තියනවා. ලංකාවේ පුද්ගලික ආදායම වාර්තා වීම තවමත් හරියාකාර මාර්ගයකින් සිද්ධ වෙන්නෙ නැහැ. චීනයේත් එහෙමයි. බැංකු හරහා නොව ගණුදෙනු බොහොමයක් වාර්තා නොවී හොඳින් ඉටුවෙනවා. රජයට නොපෙන්වන ආදායම් මාර්ග ඇති අය බො‍හොමයි.

    අනේ මන්දා කොලූ ඔයා // ගමේ ගොඩේ අලුත් තරුණ පරම්පරාව, කෙට්ටු පගරයෝ ටිකක් වුනේ කොහොමද// කියන්නෙ ඇයි? අද ලංකාවේ ඉන්න බඩාලා ලංකා ඉතිහාසයේ කවදාවත් නොහිටි විදියකින් වැඩිවෙලා කියලයි මම නම් දකින්නෙ!!

  4. 2005 න් පස්සේ ඕවා තවත් සවුත්තු ඇති. රජතුමා ගෙ කාලෙනේ?

Comments