වනාන්තර සුරකින්නේ ඇමරිකාවද, ලංකාවද?
පහුගිය බ්ලොගරිය ළදරු මරණ අනුපාතය ගැනනේ. මේක භූමි ප්‍රමණයට එරෙහිව වනාන්තර ප්‍රතිශතය ගැණයී. මේ ප්‍රස්ථාරය සහ විස්තර gapminder.org වෙතින්. අපි කොච්චර උත්සව ශ්‍රීයෙන් පැල හිටෙව්වත්, පරිසර හිතකාමීත්වය පිලිබද කොතරම් පුරාජේරූ ගැහුවත්, අපේ කැලෑ ප්‍රතිශතය සීග්‍රයෙන් අඩුවේගෙන යනවා. ඇමරිකාව, තමාගේ කැලෑ ප්‍රතිශතය ස්තාවර අගයක පවත්වාගෙන යනවා. ඊට අමතරව, පිටරටවල කැලෑ මිලදී ගෙන ආරක්ශා කීරීමේ ව්‍යාපාරයකුත් පවත්වාගෙන යනවා. (පහුගිය දොහේ සිංහරාජේ ඇමරිකාවට විකුණන්න යනවා කියලා අපේ කට්ටිය කෑගැහුවෙත් ඒකටනේ.) මාඕ සේතුන් යටතේ, යකඩ උනු කරන්න කැලෑ කපලා තමාගේ කැලෑ නැති කරගත්තු චීනයට අයීත් මොලේ පෑදිලා, දැන් මාතර කොලබ ප්රයීවේට් බස් එකක් යන වේගෙන් තමාගේ කැලෑ ප්‍රතිශතය වැඩි කරගෙන යනවා. බලාගෙන යනකොට අපේ පරිසර හිතකාමිත්වයත්, බණට කියනා අනෙකුත් සියලුම දේ වාගේම, බණට විතරයී.
Be the first to like this post. One Comment
|