Theory of Evolution and Religion

This post is a reaction to following blog post : http://rcgbs.wordpress.com/2010/10/04/001/

මිනිහා වදුරාගෙන් පරිණාමය වුනාද? විද්‍යාවෙන් පලක් නැද්ද? කුකුලන් ආවේ දෙව් ලොවෙන්ද?

අභිධර්මාචාර්ය ශාස්ත්‍රවේදී අජිත් කුමාර ගුරුතුමා විසින් රිච්මන්ඞ් විද්‍යාලයීය බෞද්ධ සංගමයේ බ්ලොග් අඩවියේ ලියනා ලද මේ ලිපිය සිංහල බ්ලොග් අවකාශයේ මා කියවූ බයානකම ලිපියයී. ලේඛකයාගේ පුද්ගලත්වය අනුමාන නොකර, අදහස පමණක් කියවීම,  බ්ලොග් අවකාශයේ මා පිලිපදිනා සරළ නීතියකි. නමුත් මේ ලිපිය කියවීමේදී මා මේ නීතිය කඩ කලේය. දිගට හරහට විද්‍යාත්මක කරුණු වැරදියටද, තර්ක ශාත්‍රය පිලිබද කිසිම තැකීමක් නොකර ලියා ඇති ලිපිය කියවූ විට මට දැනුන්නේ, මේ සිසුවෙකු විසින් ලියා ඇති ලිපියක් බවයී. කියවීම මැද නවතා, සිසුවෙකුට හරියන ආකාරයේ පිලිතුරකුත් ලියුවේය. නැවතත් ලිපිය කියවීමේදී පෙනී ගියේ ලේඛකයා ගුරුවයයෙකු බවය. ඇග කිලි පොලා ගියේය. 

ඒ ඇයීදැයී කීමට පෙර රිච්මන්ඩ් විද්‍යාලයේ බ්ලොග් අඩවිය අගය කල යුතුමය. අන්තර්ජාලය රීරි යකාටත් වඩා බයානකයැයී නොකියා, අනාගත පරපුර නවීන තාක්ෂණයට යොමු කීරීමත්,  ඊටත් වඩා, සැබෑ ලෝකයත් සමග අදහස් ප්‍රකාශ කිරීමට ඉඩ ලබාදීම ප්‍රසංසනීයය. අන්තර්ජාලයට දෙහි කපනා උදවිය, රිච්මන්ඩ් විද්‍යාලයෙන් ආදර්ශයක් ගත යුතුය. රිච්මන්ඩ් විද්‍යාලයට මාගේ ප්‍රණාමය.

මේ ලිපිය ලියනා ගුරුවරයා, විද්‍යාවෙන් සෙතක් වී නැති බවද, ඇත්තේ අගතියක් පමණක්මයැයී කියයී. ප්‍රෝටීන්, කාබොහයිඩේඩ අල්ලේ තබා පෙන්විය නොහැකී, අධ්‍යාත්මක ශක්ති විශේශයක් බව කියයී. පන්චේන්ද්‍රයන්ගෙන් දැනීම ලැබෙන්නේ කෙලෙසෙදැයී පෙන්වීමට විද්‍යාව අසමත් බව කියයී. පරිනාමවාදය බොරුවක්යැයී  කියනා මේ ලේඛකයා, තවමත් වදුරන් ඇත්තේ මන්දැයී අසයී. කුකුලන් දිව්‍ය ලෝකයෙන් පැමිනි බව කියනා ලේඛකයා, පලමුව පැමිනියේ කුකුලාද බිත්තරයද යන ප්‍රශ්ණය විසදයී.

විද්‍යාව කල කිසිම සුගතියක් නැතැයී, ඇත්තේ අගතියක් පමණයැයී ගුරුවරයෙකු කීම අතිශයෙන් බයානකය. ත්‍රස්තවාදී බෝම්බ වලට වඩා බයානකය. රට දියූනු වීමටනම්, විද්‍යාවට ලැදී, අලුත් අලුත් දෑ සිතනා, තනනා පරම්පරාවක් බිහි විය යුතුය. නිවන් දැකීමට පෙරුම් පුරනා අයට, රජයේ වියදමෙන් පිරිවන් පවත්වාගෙන යන්නේ, මේ දෙක කලවම් කල නොහැකි නිසාය. වචනයේ පරිසමාප්‍රාර්ථයෙන්ම නැවතත් ගල් යුගයට යාමට වෙර දරනා උදවියට, මා යෝජනා කරන්නේ ලමා රෝහලේ ලෙඩ වී මැලවුනු පොඩි මුහුනු, ලෙඩ හොදවී හිනාවත් සමග ගෙදර යන හැටි දැක බලා ගන්න ලෙසයී. පෙන්සිලින් නිසා ජීවිතය බේරා ගත්, මා ඇතුලු,  කෝටි සංඛ්යාත ජීවිත ගැන සිතනා ලෙසයී. ඇක්ස්රේ, ඇම්.ආර්.අයී නිසා අද ජීවත් වෙන පුද්ගලයන් සංඛ්යාව ගැන සිතනා ලෙසයී. සියලු රථවාහන පරදවා, හඩ නගමින්, ගිලන් රථයක් රෝගියෙකු රැගෙන, රෝහල කරා යන විට, “මිනිසුන් කොතරම් දියුනුදැයී” කියා කෑගැසීමට සිතෙන්නේ මට විතරද? මේවා දිහා බලා විශ්මයට, අපමන ප්‍රීතියට, ආඩම්බරයට පත්විය නොහැකිද? මාරි කියුරි ලෝකයට කල සේවාව, බුදුන් ඇතුලු සියලූම ආගමික නායකයන් විසින් කල සේවාවට වඩා වැඩිබව පිලිගැනීමට පිලිකාවක් හැදෙනකම්ම සිටිය යුතුද?

මේ ලිපියේ ඉතිරි කාරනා ගොඩ නැගෙන්නේ ලේඛකයාගේ අතිශය නොදැනුවත්කම නිසාය. ගුරුවරයෙකුගේ නොදැනුවත්කම අනාගත පරම්පරාවට විහිදීවීම බයානකය. විද්‍යඥ්යා යනු, “මා සියල්ල විසදා ඇත්තේ”යැයී කියා, මේසය උඩ කකුල් දෙක උඩ දමාගෙන ඉන්නා පුද්ගලයෙකූ නොවේය.  විද්‍යාව පවතින්නේ දැනුවත් බාවය සහ නොදැනුවත් බාවයේ ගැට්ටේයී. විද්‍යාවේ අරමුන සියලූම ප්‍රශ්ණවලට අවසාන විසදුම සෙවීම නොවේය. විද්‍යාව යනු විමසා, හරි වැරදි බලා, සිහි නුවනින් දැනුම එක් රැස් කිරීමේ ක්‍රියාවලියටයී.

ප්‍රෝටීන කිරා මැන බැලිය හැකි බවද, ඉලෙක්ට්‍රොනික ඇස් කන් දැනටමත් නිපදවා ඇති බවද මම අමුතුවෙන් කිව යුතු නැත. නමුත් අපට ඇත්තේ ඉදුරන් පහක් පමණක්යැයී ප්‍රසිද්ධ දුර්මතය ගැන යමක් කිව යුතුමය. විද්‍යාඥයන් විසින් පැහැදිලිව හදුනා ගත් ඉදුරන් අටකී, යෝජිත ඉදුරන් සංඛ්යාවත් සමග දොලහකී. හොදින් ඇස් පෙනෙනා, කන් ඇසෙනා බේබද්දන් බමන මතින් ඇදවැටෙන්නේ, සමබරතාවය දකිනා ඉදුරන් අඩපන වීමෙනී. සීතල සහ උනුසුම දැනීමේ හැකීයාව තවකකී. අන්ද වීම, බීරි වීම වාගේම, වේදනාව නොදැනීමත් තවත් එක් ඉන්ද්‍රියක් ක්‍රියා විරහිත වීම නිසා සිදු වෙයී. kinesthetic දැනීමට සිංහල වචනයක් පවා ඇත්දැයී මම දන්නේ නැත. මිනිසාට ඇත්තේ ඉදුරන් පහක් පමණයී කීම වැරදිය. බොරුය.

අනේ අම්මේ, නොදනුවත් කමේ මහත! මිනිසා පරිනාමය වන්නේ වදුරාගෙන් නොවේය! වදුරා මිනිසාගේ දුරස්ථ නෑයෙකු පමණී. දැනට ජීවත් වෙන ලගම නෑයා චිම්පන්සියාය. වදුරන් තවමත් ඇත්තේ මන්දැයී අසනා ක්‍රිස්තියානි මූලදර්මවාදීන් මීට පෙර අනන්තවත් හමුවී ඇත. චිම්පන්සියා යනු සම්පූර්ණ සත්වයෙකි. ඌ උගේ පරිසරයට ගැලපෙන ආකාරයෙන් සාර්ථකව හැඩ ගැසී ඇත. සෑම සතෙකුම සරල රේඛාවක් දිගේ මිනුසුන් බවට පරිනාමය වෙනවායැයී සිතීම, ඔලුව උදුම්මාගත් මිනිසුන්ගේ මනස්ගාතයකී. පරිනාමවාදය සිදුවන්නේ රේල් පාරක් වාගේ නොව, ගසක අතු බෙදී යනවා වාගේය. අලුතින් අත්තක් ආ පලියට, පරිසර සාදක හරිනම්, පරන අත්ත (කද) මියයන්නේ නැත. මදුරුවාද එලෙසමය. නමුත් මේ එක සතෙකුවත් තවදුරටත් පරිණාමය නොවන්නේ යැයී වරදවා වටහා ගත යුතු නොවේ. වෙනස් වෙන පරිසරයට අනුව පරිණාමය සිදුවන්නේ මාතර බස් එක කොලබ යන වේගෙන් නොවේය. මාගේ පුදුමය, වදුරන් මිනිසුන් බවට පරිනාමය වුනානම්, යකඩ ගොඩකින් ගුවන් යානයක් ඉබේට නොසෑදෙන්නේ මන්ද යන ප්‍රසිද්ද ප්‍රශ්ණය නොඇසීමයී. කුකුලාද බිත්තරයද යන ලදරු ප්‍රශ්ණය ඩාවින් විසදා දැනට වසර එකසිය එකකී. කුකුලා සහ බිත්තරය වෙන වෙනම පරිනාමය වූ දෙකකී.

පරිණාමවාදය බොහෝ දිගට විග්‍රහ කල හැකී සහ යුතු කාරණයකී. නමුත් මේ ලිපිය දැනටමත් පමණට වඩා දිගය.


Comments