පවතින සංස්කෘතිය ඉක්මවීම තුලින් පුද්ගල සංවර්ධනය

The the complete version of the original post can be found here :http://www.lahiru777.info/2010/10/blog-post.html

...දැන් ලිපියේ මාතෘකාවේ දෙවන කොටස වු “යල් පැන ගිය සංස්කෘතියෙන් වන බාධාව”කොටසේ දැක්වෙනයල් පැන ගිය සංස්කෘතිය යනු කුමක්ද,එයින් ඇතිවන බාධාව කුමක්ද යන්න විමසා බලමු.

අප ඉහතදී ඕනෑම T සංස්කෘතියක් සදහා සදහා අපෝහනය කරන ලද T=X+K සම්බන්ධය නැවත සලකමු.සලකන T සංස්කෘතිය උදෙසා කාලය සමග K නියතව පැවතුනද X ‍කාලයේ ශ්‍රිතයක් බැවින් එනම් කාලය සමග වෙනස් වන බැවින් නියත වශයෙන්ම T වෙනස් විය යුතුය.එනම් කාලයෙන් කාලයට සංස්කෘතිය වෙනස් විය යුතුමය.ඒ අනුව අප නිරන්තරයෙන්ම අපගේ සංස්කෘති‍ය අලුත් කරගත යුතුය,යාවත්කාලීන කරගත යුතුය.එනම් අපේ සංස්කෘතිය real timeupdate විය යුතුය.සංස්සකෘතිය අලුත් වීම යනු අපගේ  සභ්‍යයත්වය හා අපගේ අපගේ සංස්කෘතියට අනන්‍ය වූ වටිනාකම් බල්ලට දමා බටහිරට ආවැඩීම හෙවත් සුද්දට කඩේ යාම නොවන බව අප වටහාගත යුතුය.මක් නිසාද යත් බටහිර සංස්කෘතිය ගොඩනැගීමට අදාල වු සුද්දාගේ පොදු රීති මාලාව ලාංකික අපේ සංස්කෘතියේ සාධකටක් නොවන බැවින්ය.අප අපට අනන්‍ය වූ සංස්කෘතියක් ගොඩනැගුවේ සුද්දා වැද්දා සිටි කාලයේ බව අමතක නොකල යුත්තකි.කෙසේ නමුත් අවසනාවකට ශ්‍රී ලාංකික අපේ විඥ්ඥානයන් තුලට කවුරුන් කොතනකදී හෝ සංස්කෘතිය අලුත් කරගැනීම වරදක් ලෙස ඇතුල් කර ඇත.ඒ නිසා අප අද ජීවත්වන්නේ යල් පැනගිය හද්ද පරණ සංස්කෘතික රාමුවක් තුලය.මේ තත්වය නාගරාසන්නව දක්නට නොලැබුනත් ගම්බදට ගිය විට මනාව පෙනේ.නගාරාසන්නවා සංස්කෘතිය අලුත් වී ඇතැයි එයින් අදහස් නොවන බව තේරුම් ගත යුතුය.නගරාසන්නව තරමක් දුරට පමණක් සංස්තෘතිව අලුත් වී ඇති බව මමද පිළිගනිමි.එහෙත් එහි අතුරුපලයක් ලෙස නගරයත් ගමත් අතර කාලාපය හෙවත් අර්ධ නාගරික කලාපයේ සංස්කෘතිය අච්චාරු වී ඇත.අර්ධ නාගරික කලාපයේ ජිවත්වන්නවුන් ගෙන් බහුතරයක් කෙලින්නේ පිස්සුය.උන් සිතන්නේ පරිගණයයක් යනු කුණුහරප පෙන්වීමට නිපදවා ඇති මැසිමක් ලෙසය.3G mobiles යනු උන්ට කුණුහරප අඩවි (porn_site) නැරඹිමට මෙවලමකි.ඉන් එහා දෙයක් උන්ට පෙනෙන්නේ නැත.කෙල්ලෙක් යනු අසහනය හොදකරගැනීමට යොද ගන්නා දෙයක් පමණය.උන් ආදරය කියනුයේ රාගයටය.උන්ට සියල්ල හොල්මන් වී ඇත.මේ යල් පැන ගිය සංස්කෘතියක් කරපින්නාගෙන යෑමෙන් අර්ධ නාගරිකයන්ට ලැබෙන අතුරුඵලය.ආකල්පමය සංවර්ධනයක් හා නිවැරදි ලිංගික අධ්‍යාපනයක් ලබා දීමට වැඩපිලිවලක් නොමැතිව ලංකාවේ porn_site ban කර adults movie ban කර එහෙම නැත්නම්3G mobiles 18 අඩු උන්ට තහනම් කර  මේ යල් පැනගිය සංස්කෘතියෙන් වන හානිය වැලකීම තැත් කීරීම අතීසාරෙට අමුඩේ ගසාගැනීමට දෙවැනි නැත.නාගරික හා ගම්බද තත්වය මෙච්චරම භායානක නැති වුවත් භායානකය!..උදාහරණයක් ලෙස පහත අවස්ථාව සලකන්න.කාන්තාවන්ට කියා විශේෂයෙන් සැලසුම් කර නොමැති racing type එකට හදපු motor bike පදින කාන්තාවක් දැකීම නගරයකදී දුලබ දසුනක් නොවේ.එය වරදක් ලෙස මා දකින්නේ නැත.නමුත් ගමෙන් නගරයට පැමිණි පුද්ගලයෙක් හා මෙවැනි කාන්තාවක් සමග විවාහ වූයේ යැයි මොහොතකට සිතන්න.දැන් අලුත් ජෝඩුවට ගමට ගොස් ජිවත්වන විට ගම්මුන්ට racing type එකට හදපු motor bike පදින කාන්තාවක් දැකීම  මැජික්ය.මේ කාන්තාවගේ හැදියාව පිළිබද ඔවුන්ට ඇතිවන්නේ හෙනම අවුලක්ය.ගමේ මිනිහා වු මේ කාන්තාවගේ සැමියා ඉවරෙටම ඉවරය.කැලෑපත්තර කටකථා බෙදෙන්නේ email වලටත් වේගෙන්ය.දැන් එක්කෝ ජෝඩුව ගම් බිම් දමා යා යුතුය.නැත්නම් අද ගොලු බිහිරන් ලෙස ජිවත්විය යුතුය.අප පරිසරයේ මෙවැනි සිද්ධි දුලබ නොවේ.මේ යල් පැන ගිය සංස්කෘතියෙන් වන බාධාය.සමාජ ප්‍රගමනය‍ට ඇති වන බාධකය.

දැන් ලිපියේ මාතෘකාවේ අවසන් කොටස වු “පවතින සංස්කෘතිය ඉක්මවීම තුලින් පුද්ගල සංවර්ධනය”යනු කුමක්දයන්න විමසා බලමු.නැණවත් විප්ලවීය අදහස් වලින් හෙබ් මනසකින් යුතු පුද්ගලයන් පවත්නා සමකාලීන සංස්කෘතියේ සමාජ වටිනාකම් වල දුබලතා දකී.ඊට අභියෝග කරයි.සමාජයේ අන් අයට වඩා වෙනස් දර්ශනයකින් යුක්තව ඇතිව ජීවත් වෙයි.මුලදී සමාජායේ සෙසු පුදගලයන් ඔහුව විවේචනය කරමින් ගරහයි.කාලයත් සමග සෙසු සමාජය ඉදිරියට යත්ම ඔහුට ගැරහු පුද්ගලයන්ම ඔහුගේ නව අදහස් වල වටීනාම තේරුම් ගනී.අවසානයේදී එය බහුතර මතය බවට පත්වේ.එත් සමගම ඔහුගේ නවමු අදහස් වලින් හෙබි හරපද්ධතීන් සමාජයේ මුල්බැසගනී. උදාහරණයක් ලෙස ඔබ ඔබේ ආගම තුල දැක්වෙන නිසාම ලොව දෙවියන් මැව්වා යයි සිතීම කොතරම් දුරට තාර්තිකද කියා.ලොව බොහොමයක් විද්‍යාත්මක සොයාගැනීම් සිදුකර ඇත්තේ දේව නිර්මාණවාදය පවතින රටවල නිර්මාණවාදි සමාජ වලට අයත් පුද්ගලයන්ය.එහෙත් ඔවුහු දෙවියන් අභියෝගයට ලක්කර ඇත.මිනිසාව නිරිමාණය කරනුලැබුවේ දෙවියන්නම් කෘතිමව ක්ලෝනිකරණයෙන් බිහිවන දරුවන් නිර්මාණය කරණු ලබන විද්‍යාඥ්ඥයන් වෙත නිතර්කයෙන්ම දේවත්වයක් ආරෝපණය නොවේ යැයි කිව හැකිද? පෘථෘවිය මැව්වේ දෙවියන්නම් දෙවියන් හා ස්වර්ගය මැව්වේ කව්දැයි තර්ත කරනු ලැබු විද්‍යාඥ්ඥයනගේ අපිරිමිත උත්සහය නිසා මිනිසා සද මත පා තැබීය.ලොව දෙවියන්නම් ‍රෝගකාරක මැව්වේද දෙවියන් විය යුතුයැයි සිතා දෙවියන් නොසලකා හැරි විද්‍යාඥ්ඥයනගේ අපිරිමිත උත්සහය නිසා දහස්ගණනක් රෝග සදහා ඖෂධ සොයාගත්තේය.දෙවියන් මැවු රෝගකාරක ජයගත් බැවින් ඔවුන් දෙවියන් ඉක්මවා ගියේ යැයි සිතීම අසාධාරණයැයි නොසිතම්.මක් නිසාද යත් මෙවැනි විශිෂ්ඨ සොයාගැනිම් කල ව්ද්වතුන් දේව නිර්මාණවාදි මතයන් මුල් බැස ගත් සමාජතුල උපන්නන් වීම නිසාය.එබැවින් යමක් පිලිබදව සංස්කෘතිය මගින් වන බධාව  නොසලාකා හැර සිතන විට නිදහස් චින්තනයක් බිහිවී ඇති බව මනාව පෙනේ.එසේ සිතූ පුද්ගලයින් ලොව ජයගෙන ද ඇත.

මෙය සෑම කාලයකම නොකඩවා සිදුවේ.එම නිසා පවතින සංස්කෘතිය ඉක්මවා යාම යනු එක්තරා ආකාරයකට කාලයට ඉදිරියෙන් සිටීම ලෙසද හැදින්විය හැක.ඒ පවතින සංස්කෘතිය ඉක්මවා යන පුද්ගලයෙකුගේ ‍පෞද්ගලික සංස්කෘතිය නියත වශයෙන්ම ඔහුගේ සමකාලීන සංස්කෘතියට වඩා අනාගත සංස්කෘතියට සමීප වන බැවිනි.උදහාරණයක් ලෙස ලෝකය නව මගකට යොමු කල දාර්ශනිකයෙක් වු සොක්‍රටීස් ගේ අදහස් වලට සමකාලීන සමාජය එකගවූයේ නැත.ඔහුගේ ජීවිතය නැතිකිරීමට තරම් සැහැසි විය.එහෙත් අද ඔහුට එරෙහිවූවන්ම ඔහුගේ අදහස්වලට මහත් සේ ගරුකරයි.එනම් සැබැවින්ම කාලයට ඉදිරියෙන් සිට ඇත.ඔහුගේ පුද්ගලික සංස්කෘතිය සමකාලීන සංස්කෘතිය ඉක්මවා ගොස් තිබී ඇත.ප්ලූටෝ,අරිස්ටෝටල් වැන්නවුන් ගැනද එසේමය.ඇල්බට් අයින්ස්ටයින් නැමැති මහා විද්වතාද පවතින සංස්කෘතිය ඉක්මවා ගිය අයෙක්විය.ඔහු එකල සංස්කෘතිය තුල පිළිගත් ප්‍රබල මත අභියෝගයට ලක්කලේය.අද අපි සියල්ලෝම ඔහු විසින් ඉදිරිපත් කල මතයන් යොදා ගනී.මෙවැනි සමකාලීන සංස්කෘතිය ඉක්මවා ගොස් ජීවිතය ජයගත් පුද්ගලයෝ අප අතීතයේ ජීවත් විය.වර්තමානයේද ජිවත් වෙති.අනාගතයෙත් ජිවත් වනු ඇත.අද සංස්කෘතිය ඉක්මවා යන ඔබ අනාගතයේ ජීවත්වන යුග පුරුෂයන්ගෙන් කෙනෙකු වීම අරමුණ කරගත්තෙකු වීම නොවැලැක්විය හැකිය