රට ගොඩනැඟිය හැක්‌කේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්‌ථාවකින් පමණයි

Original article at:http://www.divaina.com/2010/08/10/feature01.html

රට ගොඩනැඟිය හැක්‌කේ
ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්‌ථාවකින් පමණයි


ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අර්බුදයකට හා ජාතිය ගොඩනැඟීම පිළිබඳ අභියෝගයකට අද අපේ රට මුහුණදී තිබේග රටට අද අවශ්‍ය වී තිබෙන්නේ මෙම ප්‍රධාන ප්‍රශ්න දෙකට විසඳුම් ලබාගත හැකි ව්‍යවස්‌ථා සංශෝධනයකි.

එය සිදුකළ යුත්තේ කෙසේද

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එම්ග ඕග ඒග ද සොයිසා කරන විග්‍රහයකි මේග

අපේ රට අද ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අර්බුදයකට මුහුණදී සිටිනවාග අයිතිවාසිකම් කඩවීම සහ ප්‍රජාතන්ත්‍රවාදය ගිලිහී යැම ගැන හැම තැනකින්ම වගේ අහන්නට ලැබෙනවග

ප්‍රධාන වශයෙන් මේ ප්‍රශ්නවලට විසඳුමක්‌ ලබාගන්නට නම් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක්‌ තුළ ඉදිකෙරුණු ව්‍යවස්‌ථාවක්‌ අවශ්‍යයිග ලෝකය තුළ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ ක්‍රියාත්මක වන ආණ්‌ඩුක්‍රම තිබෙන්නේ දෙකයිග ජනාධිපති ආණ්‌ඩුක්‍රමය සහ කැබිනට්‌ ආණ්‌ඩු ක්‍රමයයිග ඒ ජනාධිපති ආණ්‌ඩු ක්‍රමය හා සස¹ බලන විට කැබිනට්‌ ආණ්‌ඩු ක්‍රමයේ ප්‍රජාතන්ත්‍රවාදී ලක්‍ෂණ වැඩියිග එම නිසා අපේ රටේ අද ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ඇතිවී තිබෙන අර්බුදයට වඩාත් උචිත විසඳුම වන්නේ ව්‍යවස්‌ථා සංශෝධනය තුළින් කැබිනට්‌ ආණ්‌ඩු ක්‍රමයක්‌ රටේ ස්‌ථාපිත කර ගැනීමයිග එනම් සාමූහික විධායකයක්‌ තුළින් විධායක බලතල ක්‍රියාවට නැංවීමයිග මේ සාමූහික විධායකය අමාත්‍ය මණ්‌ඩලයයිග එහි ප්‍රධානියා අගමැති ඔහු විධායක අගමැතිවරයකු නොවෙයිග

අද රට මුහුණදී තිබෙන ඊළඟ ප්‍රශ්නය නම් ජාතිය ගොඩනැඟීමයිග ජාතිය ගොඩනැඟීම සම්බන්ධයෙන් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවකට කළ හැකි විශාල කාර්ය භාරයක්‌ තිබෙනවාග එහි පළමුවැන්න වන්නේ රාජ්‍යය අපක්‍ෂපාතී බේරුම්කරුවකු හැටියට පවත්වාගෙන යැමයිග විශේෂයෙන්ම බහුවාර්ගික ජන සමාජයක්‌ තිබෙන රටක රාජ්‍ය කෙරෙහි ජනතාවගේ විශ්වාසයක්‌ ගොඩනැඟිය යුතුයිග මේ අප හැම දෙනාගේම රට යන හැඟීම සෑම ජනවර්ගයක්‌ තුළම ඇතිවන්නේ රාජ්‍යය අපක්‍ෂපාතී බේරුම්කරුවකු ලෙස කටයුතු කළොත් පමණයිග

රාජ්‍යය අපක්‍ෂපාතී බේරුම්කරුවකු කිරීම සඳහා අනිවාර්යයෙන්ම කළ යුතු කාර්යයන් දෙකක්‌ තිබෙනවාග බහුවාර්ගික සමාජයක භාෂාව සහ ආගම දේශපාලනයෙන් ඈත්කර තැබිය යුතුයිග 1972 සහ 1978 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන වලදී භාෂාව හා ආගම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට ඇතුල් කිරීමෙන් බරපතල වරදක්‌ සිදුවී තිබෙනවාග මෙම නිසා රාජ්‍යය අපක්‍ෂපාතී බේරුම්කරුවකුගේ ස්‌වභාවයෙන් ඉවත් වෙලා පක්‍ෂපාතී ස්‌වභාවයක්‌ පෙන්නුම් කර තිබෙනවාග මෙය ඉතා කල්පනාකාරීව සිතා බැලිය යුතු කාරණයක්‌ග

දෙවැනි කාරණය රටේ සෑම පුරවැසියකුටම සමාන ඉඩ ප්‍රස්‌ථා සහ සමාන අවස්‌ථාවන් කියන සිද්ධාන්තය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව තුළින්ම සහතික කර මේ රටේ ජීවත්වන සිංහල දෙමළ මුස්‌ලිම් බර්ගර් ඇතුළු සෑම පුරවැසියකු තුළම එම විශ්වාසය තහවුරු කිරීමයිග

සමාන ඉඩ ප්‍රස්‌ථා හා සමාන අවස්‌ථා යන්නෙන් අදහස්‌ කරන්නේ රාජ්‍ය රැකියා බෙදී යැම රාජ්‍ය සම්පත් බෙදී යැම දේශපාලන බලය ක්‍රියාවට නැංවීමට සහභාගි වීමට ඇති හැකියාව සමානව ලැබීමයිග

අපේ රටේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවකින් මේ මොහොතේ සිදුවිය යුත්තේ රට ප්‍රජාතන්ත්‍රවාදී කිරීම සහ ජාතිය ගොඩනැඟීමයිග මේ දෙක නොකර විවිධ කතා කියමින් බොරු තනතුරු මවමින් ජනතාව රවටා කරන ව්‍යවස්‌ථා සංශෝධනයකින් රටට කිසිම ප්‍රයෝජනයක්‌ නෑග එවැන්නකින් සිදුවන්නේ සමාජය බේද භින්න වී රට තවදුරටත් ප්‍රපාතයට ගමන් කිරීම පමණයිග

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක පැවැත්ම තිබෙන්නෙ එයට ජනතාව දක්‌වන භක්‌තිය මතයිග එය ගොඩනැඟෙන්නේ පාලකයින් සහ පාලිතයින් එම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට යටත්වීම සහ එයට ගරු කිරීම තුළිනුයිග ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සාධාරණය යුක්‌ති සහගතය යන හැඟීම සියලු දෙනා තුළම ඇතිවෙන්නට ඕනෑග

1948 සිට අද දක්‌වා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා තුනකින් අපේ රට පාලනය වුවත් ජනතාවට ඒ එකදු ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්බන්ධයෙන්වත් භක්‌තියක්‌ ඇතිවුණේ නෑග විශ්වාසයක්‌ ගොඩනැඟෙන්නේ නෑග මේ වන විට කිහිප වරක්‌ම මේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සංශෝධනයට ලක්‌ වුවත් එය සිදුකෙරුණේ අප ඉහත සඳහන් කළ මූලික කොන්දේසි අනුව නෙමෙයිග ඒ ඒ අවස්‌ථාවල බලයේ සිටි ආණ්‌ඩුවල හා දේශපාලන පක්‍ෂවල පෞද්ගලික ඕනෑ එපා කම් අනුවයිග මේ නිසා ඒ සංශෝධනවලින් බිහිවුණු ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා පොදු අභිමතයකින් ගොඩනඟාගන්න බැරිවුණාග එහෙම බිහිවුණු ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාව එක කොටසක්‌ ආරක්‍ෂා කර ගන්න හදන කොට තව කොටසක්‌ ඒක වෙනස්‌ කරන්න හදනවාග මෙච්චර කල් අපේ රටේ සිදුවුණේ ඕකයිග ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවක්‌ පොදු අභිමතයකින් ගොඩනඟාගන්න බැරිවුණොත් ඉදිරියට වෙන්නෙත් ඕකයිග

රටක නීතියේ පදනම වන්නේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවයිග ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පිළිබඳ විශ්වාසයක්‌ නැත්නම් ඊට ගරු කිරීමක්‌ නැත්නම් රටේ කිසිම දෙයක්‌ කරන්න ලැබෙන්නෙ නැහැග වචනවලින් හරඹ කරල බොරු මවා පෑම් කරල ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය කරන්න බෑග

ඇමරිකාවේ ජනතාව එරට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට සලකන්නෙ සිවිල් ආගමක්‌ හැටියටග ඒ රටේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට පූජනීය තත්ත්වයක්‌ ලැබී තිබෙනවාග අපේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සම්බන්ධයෙනුත් අප ඇතිකර ගත යුත්තේ එවැනි තත්ත්වයක්‌ග

අපේ දැන් මේ තිබෙන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සංශෝධනය කිරීමේ මූලික අරමුණ විය යුත්තේ එය රටේ සියලු දෙනාගේම ගෞරවයට පිළිගැනීමටල භක්‌තියට ලක්‌වන සිවිල් ආගමක තත්ත්වයට පත්කර ගැනීමයිග මේ විධායක ජනාධිපති ධුරය තබා ගන්නවද නැද්ද කියන කාරණය පදනම් කරගෙන සාකච්ඡා ආරම්භ කරල ඒක කරන්න බැහැග අද රටට අවශ්‍ය වන්නේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අංග ලක්‍ෂණ ඇතුළත් කරමින් සමස්‌ත ආණ්‌ඩුක්‍රම ව්‍යqහයම ප්‍රතිව්‍යqහ ගත කිරීමකුයිග ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට පූජනීය තත්ත්වයක්‌ ලැබෙන්නේ එවිටයිග අද මේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයට සහභාගි වී සිටින කිසිවකුට හෝ එවැනි අවබෝධයක්‌ තිබෙනවාදැයි මට නම් පෙනෙන්නේ නැහැග

සාකච්ඡා කළේ පාලිත සේනානායක
Comments