අපේ රටේ රාජ්‍යය අපක්ෂපාතී බේරුම්කරුවෙක් නෙමෙයි. අපේ රට බහුවාර්ගික රටක් වුණාට ආධිපත්‍යය දරන්නේ සිංහල බෞද්ධ කණ්ඩායම. අපේ රටේ ඡන්දයෙන් පත්වන පාලකයන් ඊළඟ ඡන්දය වෙනුවෙන් සිංහල බෞද්ධ ජන වර්ගයට සෘජුව හෝ වක්‍රව වාසි සලසන බව පෙනෙනවා. ආණ්ඩුව එලෙස ක්‍රියාකරන විට රජය අපක්ෂපාතී බේරුම්කරුවකු යන තත්ත්වය වෙනස් වෙනවා.
එපමණක් නෙමෙයි 1972 ව්‍යවස්ථාවෙන් බුද්ධාගම සහ සිංහල රජයේ ප්‍රධාන ආගම හා භාෂාව කිරීමෙන් රාජ්‍යයේ අපක්ෂපාතීත්වය බිඳ වැටෙනවා. තමන්ට වෙනම රාජ්‍යයක් අවශ්‍ය යෑයි යම් ජන වර්ගයක් කල්පනා කරන්න එය හේතුවක්. නමුත් අද අපේ රටේ ඒ වරද අද නිවැරැදි කරන්න පුළුවන්ද? දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුද්ධාගම අයින් කරන්න පුළුවන්ද වර්තමාන අර්බුදයේ සීයට පනහකට, 72 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වගකියන්න ඕන.
වර්තමාන මේ අර්බුදයෙන් ගොඩඑන්නට නම් රාජ්‍යය අපක්ෂපාතී බේරුම්කරුවකුගේ තත්ත්වයට පත්කරන්න ඕන. ඒ සඳහා ලෞකික රාජ්‍යයක් ගොඩනඟන්න ඕන. එනම් ආගම රාජ්‍යයෙන් ඈත් කළ යුතුයි. එක භාෂාවකට විශේෂත්වය දැක්වීම අනිවාර්යයෙන්ම ඉවත් කළ යුතුයි. 1978 ව්‍යවස්ථාවෙන්වත් ඡේ. ආර්. ඒ වරද නිවැරැදි කළේ නැහැ. අපේ රට තුළ මේ වරද නිවැරැදි කළ හැකිද යන්න ප්‍රශ්නයක්.
ශ්‍රී ලංකාව තුළ ජීවත් වන්නේ ශ්‍රී ලාංකික පුරවැසියන් යන්න හැම දෙනාගේම මනසට කාවැදිය යුතුයි. එවැනි පුරවැසි භාවයක් ගොඩනඟන්නට නම් හැමෝම සමාන පුරවැසියන් වීමත් හැමෝටම සමාන ඉඩ ප්‍රස්ථාවනුත් තිබෙන්න ඕන. අපේ රටේ එහෙම එකක් නෑ. ඉතිං කොහොමද ජාතියක් ගොඩනඟන්නෙ?