Moral Hypocrisy - Sinhala Version - සදාචාරත්මක කුහකකම

සදාචාරත්මක කුහකකම

අප්‍රේල් 17, 2010 at 3:03 ප.ව. (My experiences, Politics, Society, දේශපාලනික, මගේ අත්දැකීම්, සමාජීය)

විකිපීඩියා වෙබ් අඩවියට අනුව කුහකකම (hypocrisy) නම් “යම් කෙනෙකුට තමන් විසින් කරන ප්‍රකාශ මතවාදයන්, සදාචාරයන්, අදහස්, ගතිගුණයන්, ප්‍රමිතින් වලට සහමුලින්ම වෙනස්වන් ආකාරයේ හැසිරීම් රටාවක් තිබීමයි”.

මේ දිනවල කුහකකම අපවටා නිතරම පාහෙ දක්නට ලැබේ. සමහර විට බලවත් මිනිසුන් තමන්ගෙ අනුගාමිකයින් රැවටීමට කුහකකම පාවිච්චි කෙරේ. ලෝ පුරා දේශපාලඥයෝ කුහකකම සඳහා වරදකරුවෝ වෙති. මගේ පෞද්ගලික අත්දැකීමක් මගෙ හිතට කා වැදී ඇත. අපි මේ පුද්ගලයා SP යැයි හඳුන්වමු. SP සිංහල බෞද්ධයෙකි. ඉතා කෙටි කලකට SPට මුස්ලිම් කෙනෙක් සමග වාසය කිරීමට සිදුවී තිබිනි. දිනක් මා සමග  වාහානයකින් යන අතරතුර SP එම මුස්ලිම් මනුෂ්‍යාට ඉතා තදින් බැණ වැදිනි. මුස්ලිම් මිනිසුන්ගෙ චාරිත්‍ර වාරිත්‍ර, ආගමික ඇදහිලි, කැම බීම ආදී නොයෙකුත් දේගැන මුලු මුස්ලිම් ජනතාවටම SP ඉතා තදින් බැණ වැදිනි. SPට එම මුස්ලිම් මනුශ්‍යා සමග ජීවත්වීම ප්‍රතික්ෂේප කිරීමේ හැකියාව තිබිණි. මා ඉතා විමතියට පත්වූයේ පසුව SP එවැනි දෙයක් සිදුනොවු විලස එම මුස්ලිම් මනුශ්‍යා සමග මුනිච්චාවට ඉතා මිත්‍රශීලීලෙස හැසිරෙනු දැකීමයි.

මම මගේ ජීවිතය අවංක ලෙස ගත කිරීමට උත්සාහ ගනිමි. SP කලදේ වැන්නක් මට ජීවිතයටවත් කල නොහැකිය. මා යම් කෙනෙකුහට අකමැතිනම් එය මාගේ මුහුනේ සටහන් වනු ඇත. මා කුඩා කාලෙයේදී මගේ දෙමව්පියෝ මට අවංකකම ගැන ඉගැන්වෝය. යහලුවන් සමග ක්‍රිකට් ක්‍රීඩාකරන විට මතභෙදයන්ට ලක්වන දැවීයාම් පිලිබඳ අවසාන තීරණය ගැනීමට යහලුවෝ මා වෙතට පැමිනීම නිසා මට අවංකව සිටීමෙ පීඩනයක් ඔවුන්ගෙන් ලැබිනි. අමාරුවෙන් වුවද මම අවංක කෙනෙකුලෙස මගෙ නම රැක ගතිමි. ජීවිතයේ කෙදිනකවත් බොරුවක් නොකියා ඇති බවෙ මින් අදහස් නොකරමි නමුත් බොරුකීම මට ඉතාමත් අපහසු බැවින් මම එය නොකිරීමට වග බලාගනිමි.

නැවතත් කුහකකම ගැන බැලුවහොත්, දේශපාලනය සහ කුහකකම ඉතාකිට්ටු සම්භන්ධයක් ඇතිබව රහසක් නොවේ. ලංකාවෙ වර්තමාන දේශපාලන පරිසරය තුල සදාචාරත්මකකම සහ ආගම් ගැන ඉතා දීර්ග සාකච්චාවන් දක්නට ලැබේ. දේෂපාලඥන් මල් වට්ටි රැගෙන පන්සල්වල, පල්ලි සහ කෝවිල්වල දක්නට ලැබේ. දේශපාලන රැස්වීම්වලදී ඔවුන් ආගමික නායකින් ආමන්ත්‍රනය කරනු අසන්නට ලැබේ. සමහර අවස්ථාවලදී ඔවුන් තමන්ගේ ආගමට පිටස්තර ආගමික ස්ථානවල දක්නට ලැබේ. මෙය එම ආගමට අයත්වන මිනිසුන්ගෙ සහයෝගය හෝ ඔවුනගේ චන්ද ලභා ගැනීමට පමනක් කරන වංක ක්‍රියාවක් නිසා මිනිස්සු මෙවැනිදේ ගැන වැඩි තැකීමක් නොකරති. මෑතකදි දේශපාලඥයින් සහ ඔවුන්ගේ ප්‍රභල සහායකයින් ලාංකිකයින්ගේ අනචාරත්මක (අශීලාචාර) හැසීරීම්වලට විරුද්ධව නව නීතිගෙන ඒම සහ එවැනි හැසිරීම වලට විරුද්ධව දඬුවම් කිරීම් ගැන කථාකරනු අසන්නට ලැබිණි. සදාචාරත්මක හැසිරීමට මම 100% සහයෝගය දෙමි. මගේ අදහසේ හැටියටනම් සදාචාරත්මක හැසිරීම් රටාව තීරණයවිය යුත්තේ සමාජය විසින්මය. ආණ්ඩුවේ නියෝජිතයින් (පොලීසිය වැනි) ඔවුන් විසින් කලින් තීරණය කරණලද නමුත් ඔවුන් විසින් පිලිනොපදින සදාචාරාත්මක හැසිරීම් රටාවකට මිනිසුන් හැසිරවීමට සැරසීම කුහකකමේ හිනිපෙත්තට නැගගැනීමක්යැයි මට සිතේ (උදාහරණයක් හැටියට දෙශපාලඥයින් මත්පැන් සාද පවත්වන ගමන් මිනිසුන්ට සුරාසැල් වසා දැමිම එවැනි දෙයක්). මගේ විශ්වාසයේ හැටියට සදාචාරත්මක කුහකකම ඉතාමත්ම නොඉවසියහැකි දෙයකි. තමන්හට නොපිලිපැදිය හැකි සදාචාරත්මකකම් නීති මගින් මිනිසුන් මත පටවන්නට අර අදින අය මොහොතක් ගෙන් සිතා බැලුවහොත් අගනේයැයි මට සිතේ.

සමාන අදහස් සහ මෙහි ඉංග්‍රීසි පරිවර්තනය මෙම අඩවියෙන් ලභාගතහැක. http://sites.google.com/site/minorityworldview/discussions/muditha-s-rants/moral-hypocrisy

Comments