විද්‍යාව සහ ආගම

"විද්‍යාව සහ ආගම" යනු ඉතා ජනප්‍රිය මාතෘකාවකි. මෙම මාතෘකාව යටතේ සිංහලෙන්ද ලිපි දහස් ගනන් ලියැවී ඇතුවාට සැක නැත.

බොහෝ පුද්ගලයන් ආගමික වන්නේ මක් නිසාද? ජීවිතය සහ අප වටා ඇති සියල්ල ගැන අපට පැහැදිලි උත්තර නැත. වඩාත් නිවැරදිව කියනවානම් අපගේ සංස්කෘතිකමය පසුබිම, උත්තර නැති ප්‍රශ්න ගොඩක් අපගෙ ඔලු වලට දමයි. අපි ඉපදී හැදීවැඩෙන විට ඔය ප්‍රශ්න එකක්වත් අපට තිබුනේ නැත. දැනුම් තෙරුම් ඇති වයසට එනවිට සමාජය විසින් ප්‍රශ්න ගොඩක් අපගෙ ඔලු තුලට රිංගවයි. විද්‍යාව මෙම කෘතිම ප්‍රශ්න වලට උත්තර නොදෙයි. විද්‍යාව යනු දැනුම සහ නොදනුම අතර මායිමෙ සිටිමින් දැනුම ගොඩ නගන එක් ක්‍රමවෙදයක් පමණි. උත්තර නැති ප්‍රශ්න මිනිසා භීතියට පත්කරයි. රෑට නින්ද නොයයි. හෙට මට වන්නෙ කුමක්ද? මගෙ අඹු දරුවන්ට නරකක් වෙයිද? මා මල පසු සොහොන් කොතේ කවුරුන් හෝ දුක් ගීයක් ලියයිද? උත්තර නැති මේ ප්‍රශ්න සමග ජීවත්වීම අසීරුය. බිය දැනෙයි. දාඩියද දමයි. කුමක් හෝ පිලිතුරක් අත්‍යාවශ්‍යයි. වැඩිය නොහිතන හෝ හිතන්නට කාලවේලා නැති අය, සරල ආගමික වත් පිලිවෙත් මගිනුත්, තරම්ක් හිතන අය ආගමික දර්ශනවාද මගිනුත් ලබා ගන්නේ මේ සැනසීමයි. තම ආගමික දර්ශනවාද විද්‍යාව සමග සසඳා කිරා බැලීමත්, විද්‍යාවෙන් ආගමික දර්ශනවාද ඔප්පු කිරීමේ උත්සාහයත්; අනෙක් අතට විද්‍යාව යනු හිස් සංකල්ප ගොඩක් බව පවසමින් තම ආගමික දර්ශනය ඔසවා තැබීමත් එකම කාසියෙ දෙපැත්ත වේ. මේ දෙකම නොදන්නාදේ පැවතීමේ භීතිය මැඩ ගැනීමට කරන දේය.

විශ්වය හා ජීවිතය යනු කවරේද යන ගැඹුරු ප්‍රශ්ණයට “අනේ මං නම් දන්නෙ නෑ” යන සරළ උත්තරය දෙන්නට හැකිනම් ඔබට ආගමක් ඇවැසි නොවන අතර විද්‍යාව ගැන විශ්වාසයක් ද අනවශ්‍යයි. Richard Feynman කියන හැටියට මිනිසුන්ට ආගම් ඇවැසි වන්නේ විශ්වය හා ජීවිතය යනු කවරේද යන “සරළ” ප්‍රශ්ණයට “අනේ මං නම් දන්නෙ නෑ” යන “ගැඹුරු” උත්තරය දෙන්නට උන්ට ඇති අපහසුව, ලැජ්ජාව, බිය, යනාදී හැඟීම් නිසාවෙනි. ඒ නිසා මේ කරුණු දැන ගෙන ඉන්නට ඔවුහු පෙළඹෙති. නමුත් මේවා තේරුම් ගන්න අමාරු නිසා විශ්වාසයකින් සැනසෙන්නට ඔවුන්ට සිදුවේ.
 - Sujeewa.(quoted from here)

නොදන්නා දෙයට කුමක් හෝ පිලිතුරක් සැපයීම සඳහා ආගම් වලට අමතරව තව නොයෙකුත් ඇදහිලි සහ ගුප්ත විද්‍යාවන් බිහිවී ඇත. ජ්‍යෝතිෂය මෙයට හොඳ උදාහරණයකි. අහඹුවෙන් සිදුවන (හේතුවක් දිය නොහැකි ) සිදුවීම් වලට කුමක් හෝ හේතුවක් පැටලවීමට අප බොහෝ කැමතිය. 

Can science answer everything? The first question is; what does this “everything” mean. Science can answer the questions such as “where is my car key?”, “is my wife pregnant?”, “what happens when I die?”** (answer: your body get decomposed and become part of the earth, while your legacy continues in the social fabric). However if you ask "is there a life after death?", “what happens in my next life?”. “do animals have a soul?” then science will tell you that those concept are not included in any of scientific models, and hence is not answerable. Similarly science will not be able to answer the question “what kind of wood Pinocchio was made of”. If the fairly-tale that introduced the concept Pinocchio does not say that, then science cannot. Same goes for the “Soul”.
** Why do we always get into very complicated mambo-jumbo when a kid asks this simple question "What happens after we die?" My little one asked this from me, and my simple answer was "our bodies get cremated/buried and decomposed and become part of the earth.." perhaps you can add "..to be recycled in to new life, mostly plant life, and sometimes animal life". Isn't this something that every adult know? Is that such a difficult question to answer? 

"මරනයෙන් පසු මට වන්නෙ කුමක්ද?" යන්න උත්තර නැති කෘත්‍රිම ප්‍රශ්නයකට හොඳ උදාහරණයකි. ඇත්තටම මේ ප්‍රශ්නය කොතරම් කෘත්‍රිමද? කොතරම් බොලඳද? මරනයයෙන් පසු අපේ කුනු කය පොලවට පස්වීම, හා අප ගැන මතකය සෙස්සන් අතරේ ඉදිරියට යෑම හැර වෙන කිසිවක් සිදුවන හෝ, වෙන කිසිවක් සිදුවිය යුතු බවට සාධක නැත. එනමුත් සංස්කෘතිය විසින් කප්පරක් කෘත්‍රිම උත්තර අපගෙ හිස තුලට රිංගවයි. මෙම කෘත්‍රිම උත්තර හරහා තවත් කෘත්‍රිම ප්‍රශ්න රැසක් දැන් අපට ඇතිවේ!

මගේ පස් හැවිරිදි දියනිය දිනක් මගෙන් මෙසේ ඇසුවා "තාත්තී, අපි මැරුනට පස්සෙ මොකද වෙන්නෙ?". අපගේ බොහෝ වැඩිහිටියන්, කුඩාවුන්ගේ මොල වලට තමන්ට කලින් පරම්පරාවෙන් ලැබුන 'නොදැනුම' දායද කිරීමට මෙය මහඟු අවස්තාවක් කර ගනිති. පොඩි එකා මේ ප්‍රශ්නය අහන්නෙ "මරණය" යන සංකල්පය පිලිබඳ හරි වැටහීමක් නැති නිසා මිස, මරනයෙන් පසු අපට ඊලඟට වෙන්නට යමක් තිබෙන බවක් හිතන නිසා නොවේ. අපට පෙනෙන සහ අප දන්නා අන්දමට මරණය යනු යමෙකුට "වෙන" අන්තිම දෙයයි. ඉන්පසු ඉතිරිවෙන අපෙ ශරීරයට වෙන්නෙ කුමක්ද යන්න ඉතා සරල උදාහරනයක් මගින් පොඩි එකාට පැහදිලි කල හැක. මා මේ සඳහා යොදා ගත්තෙ මැරුන කැරපොත්තෙක්, උගෙ සිරුර පස්වලට යට කොට දින කිහිපයක් ගතවූ පසු බැලූවිට එය දිරාපත්ව ඇති අයුරුත්. තව කාලයක් ගතවූ විට එය පස් වලම කොටසක් වී ඇති අයුරුත් දුටු මගේ දියණිය අපේ කයත් එලෙසම පොලවේ කොටසක් බවට පත්වන බව වටහා ගත්තා.

පාසැල හා සමාජය විසින් මේ දැනුම ඉවත් කොට "නොදැනුම" ඇයගෙ ඔලුවට රිංගවන තෙක්, මේ දැනුම ඇය තුල තිබේවි. පාසැලෙන් සහ සමාජයෙන් කුරුවල් කිරීමට නියමිත් ඇගෙ ඔලුව නැවත යථා තත්වයට පත් කර ගැනීමට වැඩිහිටියෙකු බවට පත්වූ විට ඇයට පුලුවන් වේද යන්න මා දන්නෙ නැහැ.

උත්තර නැති මේ ප්‍රශ්නවලට එදා පටන්ම (මානව ඉතිහාසයේ අපි දන්නා මුල සිටම) උත්තර දුන්නෙ ආගමයි. වඩාත් නිවැරදිව කියනවානම් පූජකයායි (සාධුවරයා, හාමුදුරුවො, ලෙබ්බෙ, පාස්ටර්, කපුවා, යකැදුරා, හිටි-ගමන්-ආවේස-වී-දේව-වරම්-ලබන-අල්ලපු-ගෙදර-ස්ත්‍රිය). පූජකයාගෙන් අසා, නොදන්නා ප්‍රශ්නවලට උත්තර සොයා දැනගෙන, ටීවී එක බලා, පාන් කාලක් කා නින්දට යන අහිංසක පුද්ගලයන්ගෙන් කාටවත් හිරිහැරයක් නැත. ඔවුන් සඳහා සේවය කිරීමට සාධුවරයා, හාමුදුරුවො, ලෙබ්බෙ, පාස්ටර්, කපුවා, යකැදුරා, හිටි-ගමන්-ආවේස-වී-දේව වරම්-ලබන-අල්ලපු-ගෙදර-ස්ත්‍රිය (from hereonwards known as 'hidevage') යන සියල්ලත්; ඔවුන්ගෙ පැවත්ම සහතික කරන ආගමික ආයතනත්; මේ සමාජයේ පැවත්මට අති මහත් සේවාවක් කරයි. (ඔවුන් නොමැතිව මැරුනහම පාංසුකූලයක් දෙන්නේ, අවසන් ආලේපය කරන්නෙ, මලගිය ප්‍රානකාරයන් අප පසුපස විත් කරදර කරන විට ඒ මල පෙරේතයන්ට අවශ්‍ය අඩුම කුඩුම දී, පිරිතක් කියා, දේවාශීර්වද ලබා, මල පෙරේතයන් එලවා දමන්නේත්, විභාග පාස් වෙන්නට, රැකියාවක් ලබාගැනීමට, විවාහය ඉක්මන් කර දෙන්නට බෝධි පූජා කර දෙන්නේත් වෙන කවුද?)

සාධුවරයා, හාමුදුරුවො, ලෙබ්බෙ, පාස්ටර්, කපුවා, යකැදුරා, hidevage යන අයගෙන් නොදන්නා කරුනු අසා දැනගන්නා අහිංසක පුද්ගලයන් ගෙන් හෝ අහිංසක මිනිසුන්ගෙ අහිංසක අවශ්‍යතා ඉටුකරමින් සමාජසේවයේ යෙදෙන සාධුවරයා, හාමුදුරුවො, ලෙබ්බෙ, පාස්ටර්, කපුවා, යකැදුරා, hidevage යන අයගෙන් හෝ කාටවත් කරදරයක් හානියක් නැත. එනමුත් තමන් විසින් විග්‍රහකොට ආගමික දර්ශනවාද ඇසුරෙන් අලුත් දැනුම් ගොඩනගනා "ඉන්ටලෙක්චුවල්" ප්‍රබුද්ධයන් තරමක් භයානකය.

පරම සත්‍යය ඇත්තෙ මෙතැනයි. මෙන්න පොත! මෙතැන ඔක්කොම විස්තරකර ඇත. අපි මේකෙන් කොපි මෙච්චර විකුනලා ඇත. මේක දෙවියන් (වහන්සේ) විසින් කෙලින්ම ආවේසවු පුද්ගලයන් හරහා ලියවා ඇත, අපෙ ශාස්තෘවරයා විසින් වදාල; අච්චර, මෙච්චර කාලයක් මුඛ පරම්පරාගතවද, ඉන්පසු පුස්කොල පොත් පරම්පරගතවද, දැන් නවීන තාක්ෂනයෙන් මුද්‍රනය කොට, හාර්ඩ් කවර් (hardcover) වර්ශියන් එකෙන්ද ඇත! මේ විදිහෙ මාර්කටින් සහිතව පරම සත්‍යයෙ නොයෙකුත් වර්ශියන් විකිනේ.(the marketing of the different versions of the ultimate absolute truth!)

ඩොව්කින්ස් තම ජාන-කේන්ද්‍රිය පරිණාම මොඩලය හරහා අපට දෙන්නෙ පරම සත්‍යය සොයන, නොඉවසිලිමත්, භීතියට පත්, උත්තර නැති ප්‍රශ්න සමග ජීවත් වීමට අකමැති, අපගෙ "ඉන්ටලෙක්චුවල්" මොල වලට සරිලන ඉක්මන් පිලිතුරු සමූහයකි. තමන් විසින් විග්‍රහකොට ආගමික දර්ශනවාද ඇසුරෙන් අලුත් දැනුම් ගොඩනගනා "ඉන්ටලෙක්චුවල්" ප්‍රබුද්ධයන් භායනක කතා කියති. නවීන විද්‍යාව මානව ප්‍රශ්න විසඳා නොමැති බවත්, පරිණාමවාදය පාසැල් පොතින් ඉවත් කල යුතු බවත්, ආගම මූලික කොටගත් අධ්‍යාපනයක් හැම දරුවාටම අනිවාර්ය කල යුතු බවත්, ආගම පදනම් කොටගත් රාජ්‍ය පාලන තන්ත්‍රයක් ස්තාපිත කල යුතු බවත්, උපත් පාලනය තහනම් කල යුතු බවත්, මානව සංහතියට විනකරන අදහස් සහිත රාජ්‍යයන්ට ඉහලින් ගොස් පරමානු බෝම්බ දැමිය යුතු බවත්, මගීන් පිරුන ගුවන් යානා පැහැරගෙන ඒවා මිනිසුන් පිරුනු ගොඩ නැගිලි තුලට පැදවිය යුතුබවත්, මේ අදස් වලින් සමහරකි. ඩොව්කින්ගෙ මතවාද එසේ භයානක නොවේ. වඩාත් වැදගත් කරුන නම් ඩොව්කින්ස් ගේ සංකල්ප ගෝචර වන්නෙ අහිංසක ලෙස තම ආගම අනුන්ට කරදරයක් නොවනසේ අදහාගෙන ඉන්නා සාමාන්‍ය ජනතාවට නොව, තම භයානක ආගමික මතවාද ඇසුරින් පරම සත්‍යය සොයන ඉන්ටලෙක්චුවල් මොල වලට වීමයි.

භයානක ආගමික දර්ශන හරහා ගොඩ නැගෙන දැනුම් (knowledge systems) සහ හර පද්ධතීන්ට (value systems) වඩා, ඩොව්කින්ස්ගෙ ජාන කේන්ද්‍රිය මොඩලය හරහා ගොඩ නැගිය හැකි නිර්-ආගමික (secular) හර පද්ධතිය මට පෙනෙන හොඳම විසඳුමයි. ඩොව්කින්ස්ගේ ජාන කේන්ද්‍රීය පරිණාම මොඩලය පුරවන හිස්තැන නම් මෙයයි. ඩොව්කින්ස් කර ඇත්තේද, සංකීර්න හේතු සමුදායක් සරල තනි හේතුවකට ඉක්මනින් ඌනනය කොට, අර ආගමික දර්ශනවාද හරහා සත්‍යය සොයන නොඉවසිලිමත්, භීතියටපත් මොලවලට ගැලපෙන ඌනන වාදී පිවිසුමක් (reductionist approach) බවත්, ඔහුගෙ තර්කය ඩාවින්-මූලධර්මවාදයක් බවටත්, සමහරු කරන චෝදනාවට මම (අකමැත්තෙන් නමුත්) යම්තාක් දුරට එකක වෙමි. එබැවින් මම  රිචර්ඩ් ඩොව්කින්ස් සරන නොගියේ වෙමි! නමුත් ඔහු වෙනුවෙන් කඩේ යමි. ඒ සියලු සත්වයන්ගේ හිත සුව පිනිසය. බහුජන හිතාය, බහුජන සුඛාය!

නොයෙකුත් අදහස්, ආකල්ප හා අවශ්‍යතා සහිත මිනිස් සමූහයාත්, හැලි වඳුරාත්, ගල් ඉබ්බාත්, ගස් ගෙම්බාත්, කුම්බාලවාත්, පසැඟිල්ලාත්, ඇමීබාවාත්, අපේ සිවිලිමට නැග, ශබ්ද කරමින් දඟලමින් සිට්නවාට අමතරව හිටිගමන් පහලට වැක්කෙරෙන්නට මුත්‍රා කරන, දවාලක හමුවුනේ නම් මැරෙන්නට පොල්ලකින් ගහන්නට (රෑට) සිතෙන (නමුත් දවාලට එහෙම ප්‍රානඝාත නොකරමි ) උගුඩුවාත් (Asian Palm Civet), නිවාඩු දවසකවත් උදේට නිවීසැනසිල්ලෙ නිදා ගැනීමට නොදී, උදේ පාන්දරම ලවුඩ් ස්පීකර් දමන, දවාලක අහලින් පහලින් වැඩියේ නම් තට්ටය පැලෙන්නට දෙන්න(පිරිනමන්නට) හිතෙන (දවාලට එහෙම අකුසල කර්ම නොකරමි) අපේ පංසලේ හාමුදුරුවෝත් (Sri Lankan Buddhist Monk - Homo sapiens sapiens loudpirithitics), දවසකට පස් වතාවක් උපරිම ශබ්දයෙන් ලවුඩ් ස්පීකර් දමන පල්ලියේ ලෙබ්බේත් (Naturalized Middle-eastern Imam - Homo sapiens sapiens praysfivetimitis) , මග දිගට වෙට්ටු දමා කාර්යාලයට යන ගමන එපා කරවන, නමුත් රෑ කල කාර් එක කැඩී මහ පාරෙ අතරමන් වූ විට, ලඟට විත් උදව් කොට, මුදල් ගන්නෙත් නැතුව ගරාජ් එකක් කරා රැගෙන යන නාඳුනන ත්‍රී-වීල් මල්ලිලාත්; (Homo sapiens sapiens thrishawdrives).ඇතුලු මෙකී නොකී සියලු සත්වයෝ සමග ලෝකයෙ කුඩා ඉඩ බෙදා හදාගෙන ඉන්නට හැකි ක්‍රමයක් ලෙස නිර්-ආගමික හර පද්ධතිය අගයමි. මට වැරදී ඇත්නම් නොදන්නා කමට කමත්වා.
Comments