This post is a reaction to the content in following blogs මම "මහා (ජාත්‍යන්තර ) කුමන්ත්රන" ගැන කතා කරන පුද්ගලයන් නිතරම විහිලුවට ලක්කලෙමි. නමුත් මට දැන් දැන් එවැනි කුමන්ත්රනක හෝඩුවාවක් දැනේ. මෙය ජාත්‍යන්තරද, ජාතිකද යන්න මම නොදනිමි. නමුත් මෙවන් දෙයක් සිදුවන බව නම් මම දැන් වටහාගෙන ඇත. ලංකාවෙ පවතින බෞද්ධාගම යනු මුලුමනින්ම බෞද්ධ දර්ශනය මත පදනම්වු ආගමක් නොවේ. නොයෙකුත් කාලවලදි නොයෙකුත් ආකාර වලින් අනෙකුත් ආගම් වලින් ආභශය ලැබූවද, මෑතක් වන තුරුම ප්‍රධාන බෞද්ධ ආයතන සහ ප්‍රසිද්ධ බෞද්ධ චරිත (පුද්ගලයන්), දර්ශනය මත පදනම් වූ ඉහල තලයක බුද්ධාගම පවත්වා ගැනීමට උත්සුක වූහ. ලඟකදී සිට මා දකින වෙනස නම් බෞද්ධ ලෙස පෙනීසිටින ප්‍රධාන ආයතන සහ පුද්ගලයන් පහත ක්‍රියා වලට බෞද්ධයන් යොමු කිරිමයි. - විමසාබැලීම නොව 'විශ්වාසය' මත පදනම් වූ ඇගැයීම ක්‍රම ප්‍රචලිත කිරීම. - බුදු දහමෙ දාර්ශනික පදනමට වඩා "රොමෑන්ටික" පදනම වර්ණනාව. - ප්රාතිහාර්ය (අචෙතනික වස්තූන් බුදු රැස් විහිදුවීම වැනි ) විශ්වාස කිරීම. - නවීන විද්‍යාව ගර්හාවට ලක්කිරීම. - කලින් පාරභෞතික විස්තරකිරීම් අවශ්‍යවූ, නමුත් විද්‍යාව විසින් ගොඩනැඟු විශ්වසනීය "මොඩලයන්" (ආකෘති ) නිසා දැන් එවන් පාරභෞතික විස්තර කිරීම් අනවශ්‍ය වන තැන් බලා, එම "මොඩලයන්"ට විශේෂයෙන් පහරදීම. (http://rcgbs.wordpress.com/2010/10/04/001/) - බෞද්ධයන් යනු ආයතනය පවසන දෙයට අනුගතවී, සිතීමෙ ක්‍රියාවලිය නවතා දැමූ "රොබෝවන්" බවට පත් කිරීම. - "මිත්‍යා දෘෂ්ටිකයන්" (බෞද්ධ නොවන වෙනත් ඕනෑ කෙනෙක්) හොඳින් හෝ නරකින් මට්ටු කල යුතු බව සිතීම. මෙම ක්‍රියාවලිය නිසා සාමාන්‍ය බෞද්ධයා සහ වෙනත් "ඒබ්රහිමික" ආගම් භක්තිකයන් අතර ඇති වෙනස ඉතා සීග්‍රයෙන් අඩුවී ඇත. ශ්‍රි ලංකාවෙ බුදු සසුන ක්‍රම ක්‍රමයෙන් "ඒබ්රහිමික" ආගම් වලට ලංවීම අද ඊයෙ සිදුවූ දෙයක් නොවේ. චිරාත් කාලයක් තිස්සෙ වූ මෙම ක්‍රියවලිය පසුගිය අවුරුදු 10 තුල පැහදිලිවම වේගවත් වී ඇත. ඉහත කී බ්ලොග් සටහන් එයට හොඳ නිදසුනකි බෞද්ධයන් "එබ්‍රහමික" කිරීමෙ මහා පරිමාන කුමන්ත්රනයක් ක්‍රියාත්මක බවක් මට හැඟෙන්නෙ ඒ නිසාය. මෑත කාලීනව මා දුටු එබ්රහමීකරනයේ සලකුනු කිහිපයක් මෙසේය...
මට ඇති ප්රශ්නය නම් මේ අලුතින් හිස ඔසවන බෞද්ධ "එබ්රහිමික" ආගමයි. මෙම ආගම, චිරාත් කාලයක් තිස්සේ, ලෝකය පුරා අනිකුත් එබ්රහිමික ආගම් කලාක් මෙන්, පාලන තන්ත්රයට, නීතියට, විද්‍යාවට, අධ්‍යාපනයට පමක් නොව අපි කන බොන, අඳින පලඳින දෙයටද ඇගිලි ගහසමින් බෞද්ධ "තලිබානයක්" ලංකාවෙ ස්තාපිත කිරීමට කැසකවයි. එබ්‍රහමික ආගම් වලට විරුද්ධව විශාල මතවාද සටනක යෙදෙන රිචර්ඩ් ඩොව්කින්ස් වැන්නෙකු පවා ඔහුගෙ God Delusion පොතේ ඉතා කෙටියෙන් පැවසුවෙ "බුදු දහම හා ඒ ආශ්රිත ආගම් යනු පුද්ගලයන් ආයතනයෙ මානසික වහලුන් බවට පත් නොකරන පෞද්ගලික හර පද්ධතීන්" බවයි. නමුත් ඒ ඩොව්කින්ස් දන්නා බටහිර බුදු දහමයි. අපි දන්නා ලංකාවෙ දැන් මතුවන 'බුද්ධාගම' ඩොව්කින්ග්ස් දන්නා එබ්‍රහමික ආගම් වලින් වෙනස් වන්නේ කෙසේද යන්න සිතා බැලීම වටී |