Culture/සංස්කෘතිය

Work-in-progress

Taboo Subjects

November 10, 2010

Culture යන්නට පර්යාය පදයක් සේ ‘සංස්කෘතිය’ කියන වචනය වැරදිය. ‘සංස්කෘතිය’ කියන වචනය මේ කතා කරන්නේ සංස්කෘත භාෂාව හා සම්බන්ධ හෝ ඉපැරණි දෙයක්ය යන හැඟීම දෙයි. එය එවැන්නක් නොවේ. නිදසුනක් හැටියට organizational culture කියන විට එහි සංස්කෘත භාෂාව සමඟ හෝ ඉතිහාසය සමඟ කිසිම සම්බන්ධතාවයක් නැත.

මීට හරි සිංහල වචනයක් හදන්නට සුචරිත ගම්ලතුන්ට පවා නොහැකි වී ඇති නිසා මම culture වෙනුවට මා තනා ගත් ‘කල්තරය’ යන සිංහල වචනය භාවිතා කරමි.

අපි මුල සිට පටන් ගනිමු.

මිනිසුන්ට පමණක් නොව සමූහ වශයෙන් ගැවසෙන ඕනෑම සතෙකුට කල්තරයක් ඇත. විශේෂයෙන් ප්‍රෛමාටාවන් අතර සත්ත්ව ලෝකයේ දියුණුම කල්තරයන් දැකිය හැකිය. වානර කණ්ඩායම් වලට නායකයකුද (alpha male) ඒ නායකයා තෝරන ක්‍රමවේදයක්ද ඇත. නායකයාට වගකීම් සේම වරප්‍රසාදද හිමිවේ. කණ්ඩායම අතර නිශ්චිත සන්නිවේදන විධික්‍රම ඇත. වානරයෝද සිංහලයන් සේම නිතඹ උඩ තියාගෙන වැඳීමෙන් (rump position) වැඩිහිටියන්ටද බලවතුන්ටද යටහත් පහත් භාවය දක්වති. සිංහලයන් පිළි ගන්නට කැමැති වුවද නැතද මෙසේ වැඳීමේ ලිංගික අරුතක් ඇත.

සතුන් අතර මේ කල්තරය ගොඩ නැඟෙන්නේ ජීව හා සමාජ විද්‍යාත්මක අවශ්‍යතා (biological and sociological needs) අනුවය. මිනිසා සම්බන්ධයෙන් ඊට මනෝ විද්‍යාත්මක අවශ්‍යතාද (psychological needs) එක්වේ.

ෆ්‍රොයිඩ් කීවේ කල්තරය ගොඩ නැඟෙන්නේ මානවායාගේ අධි සිතෙහි (super ego) ක්‍රියාකාරිත්වයෙන් බවය. එනම් එය ඍජුව තේරුම් ගැනීම අපහසුය.

ලෙනින් ලීවේ රටක කල්තරයක් දවසින් දෙකෙන් වට මේස සාකච්ඡා පවත්වා ගොඩ නැඟිය නොහැකි බවය.

මේ දෙන්නාම එක්තරා දුරකට හරිය. එසේම වැරදිය.

කල්තරය පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කරන එකක් බව ඇත්තය. පරිණාමිකව එසේ වන්නේ එසේ නොමැතිනම් අළුත් පරම්පරාව හැම දෙයක්ම බිංදුවේ සිට (from the scratch) ඉගෙන ගත යුතු නිසාය. මේ ආනුශයික ආචරණය (residual effect) නිසා නව පරම්පරාවට මැද සිට පටන්ගෙන වඩා දුර යා හැකි වේ.

එනිසා කල්තරයේ යම් සංස්තිථියක් (consistency) පැවැතීම වැදගත්ය. (සමහර විට එය අතාර්කික irrational වුවද ) එහෙත් කල්තරයද ජීව, සමාජ හා මනෝ විද්‍යාත්මක අවශ්‍යතාවලට අනුව වෙනස් විය යුතුය. සමහරවිට මේ වෙනස්කම් වටමේස සාකච්ඡා වලින් කරන්ටද සිදුවේ. නිදසුනක් හැටියට බුලත් කෑම චිරාත් කාලයක් තිස්සේ අපේ කල්තරයේ අංගයක් විය. අද අපට එය නීති දමා වෙනස් කරන්ට සිදුව ඇත. මේවාට කලබල විය යුතු නැත.

Reply

පොලවේ දුහුවිලි කමින් නිතඹ උඩට සිටින සේ තබා දනගසා වැඳීමේ අපේ මේ “සිංහල බෞද්ධ” චාරිත්‍රය ගැන කුඩා කල සිටම මට තිබුනේ බලවත් නොපැහැඳීමකි. කුඩා කල මේ ගැන විචාරීමට හැකියාවක් නොතිබි නමුත්, එය ඉතා ප්‍රාථමික ආචාර විදිහක් ලෙස මට සිතුනා මතකය. දැන් මේ ගැන මා කතා කරන විට මට විරුද්ධව නැගෙන චෝදනාවක් නම් මා “බටහිර සංස්කෘතියෙන් (කල්තරයෙන්)” ආභාශය ලබා අපේ ආචාර ධර්ම වලට ගරහන බවයි. නමුත් ගමෙ ඉස්කෝලෙ දෙකේ පන්තියේ ඉගෙන ගත් කාලයේද මට සිතුනෙ ඔය ආකාරයටමැයි. බටහිර ආභාශය ලැබීමට නොව බටහිර සංස්කෘතිය (කල්තරය ) ගැන දැනුමක් පවා එකල මට නොවීය.

වානරයන් අතර මෙවන් ආචාර විදිහක් පවතින බවට මා නම් කොතැනකවත් කියවා නැත. ටැබූ ඔබ මේ ගැන reference එකක් දෙනවා නම් හොඳයි. ඒ වගේම මෙම ආචාර විදිය ගැන විචාරයක් ඔබගෙ බ්ලොග් අඩවියේ කරන්න පුලුවන් නම් ඊට වඩා හොඳයි. This will be a good “taboo” topic that will rouse the self proclaimed gurdians of our culture.

From childhood I tried as much as possible to avoid rump position and I advice my kids to avoid it as much as possible. However, these days I am seeing this unfortunate trend of promoting this primitive habit in public media.

තවත් ප්‍රශ්නයක් ටැබූ.

බුලත් විට කෑම තහනම් කලේ කවදාද? එය මතට තිත ව්‍යාපාරයේ කොටසක්ද? බුලත් විට කෙසේ වෙතත්, නිතඹ උඩ දමා වැඳිමෙ චාරිත්‍රය කවදා හෝ දවසක පාසලෙන් ඉවත් විය යුතු බව මගේ හැඟීමයි. අපේ දූ දරුවන් බලය ඇති වැඩිහිටියන්ට දනගස්ස්වා වැන්දවීම මටනම් මහත් හිරිකිත දෙයකි. මෙම චාරිත්‍රය තුල “බලය නැති” වැඩිහිටියන් වැඳුම් නොලබන බැවින් මෙය බලය ඉදිරියෙ දෙකට නැමීමට අපේ දරුවන් හුරු කිරීමකි.

බලය නොමැති වැඩිහිටියන් වැඳුම් නොලබන හැටි ගැන මගේ එක් අත්දැකීමක් මෙසේ වේ. තනිවම වාහනය පදවාගෙන ගොස් කරගත නොහැකි සමහර වැඩ ඇති දිනවල (රිය ගාල් කිරීමේ ප්‍රශ්න නිසා) අපට දුරින් නෑ කමක්ද ඇති වයසක අංකල් කෙනෙකු සමග ඒ ගමන යාම අපේ සිරිතයි. මෙවැනි ගමනක් ගොසින් එන අතරමග, අපේ කම ගැන ඉහලින් කතාකරන මගෙ මිතුරෙකුගෙ ගෙදරටද ගොඩ වැදීමට මටත්, බිරිඳත්, මගෙ කුඩා දියණියටත් සිදුවිය. කතාබහ අවසානයේ යන්නට නැගීසිටි විට මගෙ මිතුරා පසෙක සෙල්ලම් කරමින් සිටි ඔහුගෙ කුඩා දරුවන් දෙපල කැඳවා මටත් මගේ බිරිඳටත් වඳින ලෙස අන කලේය. එහෙත් පසෙක වාඩිවී සිටි ඩ්‍රයිවර් අංකල් ඔහුගෙ "වැඩිහිටියන්ට වැන්දවීමෙ" විශය පථයට හසු නොවීය. මගේ මිතුරා ඔහුගේ කුඩාවුන්ට මේ හුරු කරන්නෙ කුමක්ද? තෝරා බේරා බලය සහිත වැඩිහිටියන්ට පමනක් ගරු කිරීමේ කලාවයි.

පුද්ගලයන්ට ගරු කිරීම  (Respect) යනු, ඔවුන්ගෙ වයස, බලය, ස්ත්‍රී/පුරුෂ භාවය මත පදනම් නොවිය යුතු දෙයක් බව මේ වැඳුම් ක්‍රමයෙන් ඉගැන්වෙන්නේ නැත.

දිනෙන් දින අවලංගු වී යන පැරණි සංස්කෘතිය නියෝජනය කරන සහ එම සංස්කෘතිය තුල තමන්ට වටිනාකමක් ආරෝපණය කරගත් පුද්ගලයන්, පැරණි සංස්කෘතියේ ගුන වයමින්, අපව වැඩවසම් අතීතයේ රඳවා තබා ගැනීමට උත්සාහ කිරීම අරුමයක් නොවේ. ඔවුන්ගෙන් අපට ඊට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැක. ඔවුන්ගෙන් සමාජයට යම් මෙහෙයක් සිදුවේ. සංස්කෘතික පරිණාමය පාලනය (regulate) කිරීමයි ඒ. එම මෙහෙය නොවැදගත් නොවේ. නමුත් සංස්කෘතියේ ඉදිරි ගමනට දායක වීම ඊට වඩා වැදගත් මෙහෙයක් සේ මම සිතමි.

උදාහරනයක් ලෙස ආගමික සංස්ථා සහ ඒවායෙ නියෝජිතයන් (religious institutions and clergy) ගැන බලමු. ඔවුන් අපව අතීත වැඩවසම් සංස්කෘතියට ආපසු ගෙනයාමට උත්සාහ කරන්නෙ ඇයි? ගරා වැටෙන පැරණි වතාවත් (rituals) සමාජයේ තවදුරටත් තබා නොගන්නේ නම් මෙම සංස්ථා සහ පූජක පක්ශයට සමාජය තුල ඇති වටිනාකම නැතිවී යයි. අතීත වැඩවසම් සමාජය තුල රජුගේ පීඩක යන්ත්‍රය ක්‍රියාත්මක වූ සමයේ, රජුට ඉහලින් තිබුනු (හෝ එසේ තිබුනු සේ පෙනෙන) එකම පද්ධතිය ආගමික සංස්ථාවයි. එබැවින් රජුගේ පීඩක යන්ත්‍රය ආගමික සංස්ථාවල පැවැත්මට ආශීර්වාදයකි.

තවත් උදාහරණයක් ලෙස මහින්ද රාජපක්ෂ ජනපති ගනිමු. ප්‍රජාතන්ත්‍රවාදි හර පද්ධතිය තුල වත්මන් දියුණු සමාජයන් රාජ්‍ය නායකයෙකුගෙන් බලාපොරොත්තු වන ගුනාංග මදකට අමතක කරමු. පැරණි වැඩවසම් ක්‍රමය තුල සිටි රටවැසියන්ගෙ මානසික තත්වය සහ එම වැස්සන් ගෙ බලාපොරොත්තු සමග කිරා මැන බැලූ විට රාජපක්ෂ යනු ලාංකීය රජ පෙලපත තුල ආන්ඩු කල, දැහැමිම, දුරදක්නා නුවනින් සපිරිම, රට වැස්සන්ගේ හදවත හඳුනන, ජනයාට වඩාත්ම සමීප, ආකර්ශණීයම රජු බවට මා තර්ක කලහොත්, ඔබ එයට විරුද්ධ වෙනවාද?

පැරණි වැඩවසම් ක්‍රමය තුලට නැවත අප රැගෙනයමින්, රට වැස්සන්ගෙ හර පද්ධතිය එම යුගයට සරිලන සේ සකස් කරන නලින් ද සිල්වා, ජැක්සන් ඇන්තනි, සූරියප්පෙරුම යන අයට රාජ්‍ය මාධ්‍ය තුල විශාල වේදිකාවක් සකස් වෙන්නේ ඇයිදයි පැහැදිලිය.

මේවා මා සඳහන් කලේ රාජපක්ෂ විරෝධය හා රාජපක්ෂ වන්දනාව අතර පිල් බෙදී ඇති ජනතාවගේ එක් පක්ෂයකට මුක්කු ගැසීමට නම් නොවේ. රාජපක්ෂ යනු වත්මන් දේශපාලන වේදිකාවෙ රඟන එක් චරිතයක් පමනි. ලාංකීය සමාජය හා එහි සංස්කෘතිය හැඩගසන බලවේගයන් මොනවාද යන්න පැහැදිලි කිරීමට මා දන්නා හැටියට කල උත්සාහයක් පමනි.

Comments