Noise pollution by religious bodies

මෙ දවස්වල කථින පිංකම් නිසා ළඟ පාත පන්සල් තුනකින් ලවුඩ්ස්පීකර් බණ අසන්නට ලැබේ. ඉස්සර මේ ශබ්දයට මට මල පැන්නත්,දැන් උපෙක්ෂා සහගතව ඇහෙන බණ අසන්නට පුරුදුවී ඇත. ළඟ පාත කිව්වට මෙයින් පන්සල් දෙකක් ඇත්තේ කිලොමීටරයක් පමණදුරකිනි. නමුත් මෙවා කඳු උඩ පිහිටා ඇති නිසා ලවුඩ්ස්පීකර් ශබ්දය දුරට ඇසේ.

ලවුඩ්ස්පීකර් ශබ්දයට මල පනින කාලයේ, (මීට අවුරුදු කීපයකට උඩදී) ශබ්දය පිළිබඳ ගතහැකි හරි ක්‍රියා මාර්ගයක් තිබුණේ නැත.පොලීසියට පැමිණිලි කළවිට, පැමිලිල්ල විභාගකළ පොලිස් පරීක්ෂක තුමා මට උපහාසයෙන් කියාසිටියේ "මහත්මයාට බණ/පිරිත් අජීර්නයක් තිබුණාට පොලීසියට කල හැකි දෙයක් නැත" කියාය. ඔහු තවදුරටත් කියා සිටියේ "මෙය බෞද්ධ රටක් බැවින් පන්සල් වලට ආගමික වතාවත් රිසි පරිදි කිරීමට අයිතියක් ඇති" බවය. කරබා ගෙන සමහර දවස් වලදී රෑ එළි වෙන තුරු එකදිගට ඇසෙන ශබ්දයඉවසා වදාරනු මිස වෙන කල හැකි දෙයක් ඒ කාලයෙ තිබුණේ නැත.

මීට අවුරුදු දෙක තුනකට උඩදී, පරිසර අමාත්‍යංශයෙන් ශබ්දවිකාශන යන්ත්‍ර සම්බන්ධව නව නීතිය ගෙන ආ මොහොතේ මම පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියෙමි. දැන්වත් කනක් ඇහිල නිවී සැනසින්ලේ නිවාඩු දවසෙ ගෙදර හිටියහැකි යයි සිතුවෙමි. නමුත් මෙම ප්‍රීතිය පැවතුණෙ ඉතා කෙටිකලකි.

ලංකාවේ නීති තිබුණාට ඒවා ක්‍රියාත්මක වන්නෙ ඒ ඒ පොලීසි වල නිලධාරි මහතුන්ගේ රුචි අරුචි කම් හා නීතියක් ක්‍රියාත්මක කිරීමට "ඉහළින්" කෙතරම් බලපෑමක් "පහළට" එල්ලවේ දැයි යන්න මත බව මම අවබෝධ කොට ගතිමි.

පංසල් ශබ්ද විකාශන යන්ත්‍රයට කොතරම් ඇබ්බහි වී ඇතිද යත්, ඔවුන්ගෙ ආගමික කටයුතු කිරීමට දැන් මෙම මෙවලම නැතුවම බැරිය. බටහිර සංස්කෘතියට අපේ තරුණ පරපුර ඇබ්බැහිවීම කොතරම් භයානකදැයි පුන පුනා පැවසීමට පවා අපේ හාමුදුරුවරුන්ට මෙම "බටහිර විද්‍යාවෙන්" තනා ඇති මෙවලම නැතුව බැරිය. එබැවින් ශබ්ද විකාශන නීතිය පනවා මාස ගණනක ඇවෑමෙන්, සියලු පංසල්/පල්ලි තම පරණ පුරුදු ශබ්ද රටාවටම ආපසු පැමිණ ඇත

මේවාට විරුද්ධ වීමට නම් නඩු මාර්ග වලට අවතීර්ණ වීමට සිදුවී ඇත. සාමාන්‍ය පැමිණිල්ලකින් පොලීසිය කිසිවක් නොකරයි.පැමිණිල්ල ලියාගන්නා රාළහාමිගේ ආගම අනුවද ගන්නා ක්‍රියාමාර්ග වෙනස් වේ. නිකන් ඇඟ රිද්දා ගැනීමට නොහැකි නිසා සහ "අනේ ඔයා 

මේ

 නැති ප්‍රශ්න හදා ගන්නෙ නැතුව ඉන්න" යන මගේ බිරිඳගේ අවවාදයට ගරු කිරීමක් ලෙස දැන් මම ඇහෙන බණක්/පිරිතක්/කවියක් අසාගෙන ගෙදරට වී සිටිමි.

මා අවට ඇති පංසල් එකක්වත් ශබ්ද විකාශන යන්ත්‍ර සඳහා බලපත්‍ර ගෙන නොමැති බවත්, ඒ වාගෙම රෑ 12.00 පසු එළිවෙන තෙක් "සර්වරාත්‍රික" ශබ්ද කිරීමට බලපත්‍ර දැන් නොදෙන බවත් හොඳින ම දනිම

මීට අවුරුදු 5 කට උඩදී පංසල්/පල්ලි වලට තිබුණේ අසල්වාසීන්ගෙ වෙනස් අවශ්‍යතා වලට ගරු කරමින්, අනුන්ට හිරිහැරයක් නොවනසේ තමන්ගෙ කටයුතු කිරීමෙ නොහැකියාව පිළිබඳ සදාචාරත්මක අඩුවක් පමණි. ඒ එම කාලයෙ මේ සම්බන්ධ හරි නීතියක් නොතිබුණ නිසාය. දැන් එම සදාචාරාත්මක අඩුවට අමතරව, රටේ නීතිය අමු අමුවෙ උල්ලංඝනය කරන ස්ථාන බවට පංසල්/පල්ලි පත්වඇත.


Loudspeaker usage by mosques and temples

A clear law prohibiting unauthorized usage of loudspeakers was envisioned by environmental authority, and was passed by Sri Lanka, a few years ago. However, if you drive through a main road at dusk and dawn, you will hear how well this law has been implemented. There are so many temples with blaring loudspeakers chanting ‘pirith’ and other religious stuff, and mosques continue to announce their prayer time with the maximum volume that they can. It is true that mosques only use the loudspeaker for less than 5 mins at a time, and it is the temples that become a major ‘pain in the ear’ for those who in the neighborhood do not agree with loudspeaker ‘prayers’. The temples that commit this atrocity usually use their sound systems continuously for a few hours at dusk and dawn every day.

These religious groups assume that they have an unchallengeable right to conduct their noisy activities, even in a neighborhood where there are people that do not agree with, or are inconvenienced by the noise. Religious institutions have scant regard to the individual needs of the neighborhood. They believe that they can impose their decisions on the followers of their religion, and any others who are inconvenienced by their act, have to remain silent.

Noise pollution by religious groups is apparently not a ‘Sri Lanka only’ phenomenon, and its prevalence is a very good indicator for a country’s immaturity in terms of respecting individual needs. Places of worship that are situated in countries that respect individual freedoms, have to do their prayers silently, without disturbing the whole neighborhood.

It would be interesting to dig the history of widespread loudspeaker usage by the places of worship. If I am not mistaken, this trend started in late 80s. Islam governs entire mundane life of a follower and dictates even the time that they should wake up in the morning, and also the time finish the daily activities in the evening. The loudspeaker usage by Mosques for this purpose, seem to have been also picked up by the temples that believe that temple should decide when people should go to bed and wake up in the morning.

In a liberal and complex society, individuals will decide what their daily routine is. The temples cannot dictate the time a whole neighborhood wakes up. If there are individuals who prefer to work till late in the night, and wake up very late in the morning, directing blaring noise at their bedrooms by the nearby temple at wee hours of the morning is a blatant violation of individual freedom.

The difficulty in imposing an existing law regarding noise pollution, is an indication of undue and uncalled for privileges given to religious institutions. This is another example for the need for the separation of religion and governance!
Comments