විද්‍යාත්මක ක්‍රමය?

  • පොඩි ප්‍රශ්න කිහිපයක්

    - නිර්මානාත්මක සාපෙක්ෂතාවාදය (නි.සා.) තුල 'හරි දැනුම්' සහ 'වැරදි දැනුම්' යනුවෙන් දෙවර්ගයක් වේද?

    - එසේ දෙවර්ගයක් වේ නම් ප්‍රවාදයක සත්‍ය අසත්‍ය භාවය (නිරවද්‍යතාවය ) නිර්නය කර ගන්නේ කෙසේද?

    - විද්‍යාත්මක ක්‍රමය (Scientific Method) හෝ ඊට ආසන්න භාවිතයක් නි.සා. තුල ඇතිද?

    - නි.සා. භාවිතයෙන් "ගමනක් පිටත්වනවිට හූනන් ඇඬීම අසුබය" යන ප්‍රවාදයේ නිරවද්‍යතාවය තේරුම් ගන්නේ කෙලෙසද?
    January 29 at 11:19pm · Like
  • Dharshana Kasthurirathna 
    මට තේරෙන විදියට නං නිර්මාණාත්මක සාපේක්ෂතාවාදයේ හැටියට හරි දැනුම් හෝ වැරදි දැනුම් දෙයා කියක් නැත. සියලුම දැනුම් මිත්‍යා වෙයි. සියලුම දැනුම් යම් සංස්කෘතියකට සාපේක්ෂ වෙයි. නමුත් මේ දැනුම් හැදෙන සංස්කෘතියේ ඇති ගුණ නිසා මේ දැනුම්වලින් එන ප්‍රතිඵලද වෙනස් විය හැකිය. උදාහරණයක් ලෙස යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ ලෝකය සහ සතුන් මිනිසාට අයිතිය සහ මිනිසාගේ අභිමතය පරිදි හැසිරවිය යුතුය කියන විශ්වාසය නිසා, ඊට සාපේක්ෂව නිර්මාණය වූ බටහිර විද්‍යාවෙන් ලෝකය නැති භංගස්ථාන කර ඇත. අනිත් අතට නිවන අරමුණු කරගත් සිංහල බෞද්ධ සංස්කෘතියට සාපේක්ෂව නිපදවූ දැනුම අසීමිත ඉදුරන් පිනවීමට සහ පරිසරය විනාශ කිරීමට අනුබල නොදෙයි. එබැවින් දැනුමක හරි වැරදි බලනවාට වඩා බැලිය හැක්කේ ඒ දැනුමෙන් වෙන ප්‍රතිඵලය ගැනය. (එසේ බැලීමට සිදුවන්නේත් යම් සංස්කෘතියකට සාපේක්ෂවය)

    සත්‍යතාව කෙසේ වෙතත් සංගත බව තමයි බැලීමට වෙන්නේ. බටහිර විද්‍යාවේ එන ඊනියා පර්යේෂණ පත්‍රිකවලින්ද සිදුවන්නේ මේක තමයි. යම් ප්‍රවාදයක් ඉදිරිපත් කරලා ඒක ඊට පෙර පිළිගත් දැනුම් හා සංගතද නැද්ද කියලා බලනවා. ඊනියා විද්‍යාත්මක ක්‍රමය යනු යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට සාපේක්ෂව ඒ සංස්කෘතියේ නිපදවෙන දැනුමේ සංගතභාවය මැනීමට සාදා ගත් ක්‍රමයකි. සිංහල බෞද්ධ සංස්කෘතියට සාපේක්ෂව එවැනි දෘඩ ක්‍රමයක් නැත. මන්ද සිංහල බෞද්ධ සංස්කෘතිය වියුක්ත සංස්කෘතියක් නොවීම නිසයි. දළ වශයෙන් ධර්ම විනයට පටහැනි නොවන දැනුම් සිංහල බෞද්ධ සංස්කෘතියේ පිළිගන්නා බවක් පේනවා. එසේම අලුතෙන් නිපදනවෙන දැනුම් ඊට පෙර තිබූ දැනුමට අනුගත වෙනවාද නැද්ද කියන එකත් බැලෙනවා. මේක බටහිර විද්‍යවාේ වගේ විශේෂ පිරිසක් (විද්‍යාඥයන්) විසින් නොව සමස්ත සමාජයම විසින් කරන ක්‍රියාවලියක්. නිවනට පටහැනි ආත්මවාදී මෝක්ෂය පිළිගන්නා යෝග ක්‍රම අතීතයේ මෙරට එතරම් ජනප්‍රිය නොවීමට මේක හේතුවක් වෙන්න ඇති.

    හූනන් අඩන එකටනං බටහිර විද්‍යාත්මක ක්‍රම‌යත් දාලා බලන්න පුළුවන්. දවස් ගණනක් ගෙදරින් පිටවෙද්දී හූනන් අඩනවාද කියලා බලන්න. ඊට පස්සේ ගමනේ ප්‍රතිඵලය බලන්න. වගුවක් ගහලා බලතැහැකි ඒ දෙක අතර සම්බන්ධයක් තියෙනවාද කියලා. සමහර විට ඉස්සර මිනිස්සු එවැනි නිගමනයකට එන්න ඇත්තේ එවැනි සම්බන්ධයක් දැකලා වෙන්නත් පුළුවන්. කොහොම වෙතත් බටහිර විද්‍යාවේ තවම එවැනි පර්යේෂණයක් නම් කරලා නැතිව ඇති. (මිනිස්සු පරීක්ෂණවලට භාජනය කරන්නේවත් තම සංස්කෘතියට යම්තම් හෝ සම්බන්ධ වාද තමයි).
    Sunday at 8:18am · Like ·  1 person · 
  • Dharshana Kasthurirathna 
    සිංහල බෞද්ධ සංස්කෘතියේ දැනුම නිර්මාණය කරන්නේ විශ්ලේෂණය (අධ්‍යයනය) මගින් පමණක් නොවේ. ධ්‍යාන වලින් ප්‍රත්‍යක්ෂ්‍යයෙන් නිර්මාණය කරන දැනුමත් මීට අයත්. ජ්‍යොතිෂ්‍ය, වෙදකම ආදී දැනුම් වලින් සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රත්‍යක්ෂයෙන් නිපදවූ දැනුම් ලෙස සැලකිය හැකියි. බටහිර විද්‍යවේ එවැන්නක් නැති වීම බටහිර විද්‍යාවේ ඇති අඩුපාඩුවකි. විවිධ සතුන්ගේ හැසිරීම් සහ ඒවායින් හැගවෙන දේ ගැන ඇති දැනුම මෙවැනි ප්‍රත්‍යක්ෂයෙන් ඇති කරගත් දැනුමක් ලෙස සිතන්න පුළුවන්. මොන ක්‍රමයෙන් ඇති කරගත් දැනුමක් උනත් ප්‍රායෝගික ජීවිතයේ නිරීක්ෂණත් එක්ක ඒ දැනුම ගැළපෙන්නේ නැත්තං ඒක ප්‍රතික්ෂේප වෙනවා. හූනන් ඇඩීම වගේ දේවල් බටහිර සමාජයේත් භාවිතා වෙනවා. උදාහරණයක් ලෙස අපස්මාරය වගේ රෝග තියෙන අය පුහුණු කරපු බල්ලෝ හදනවා. ඒ බල්ලන්ට පුළුවන් අපස්මාරය හැදීමට සෑහෙන වෙලාවකට කලින් ඒක දැනුම් දෙන්න. බටහිර විද්‍යාවේ මීට හේතුව ලෙස විවිධ ප්‍රවාද (කතන්දර) ගොතලා තිබුනත් තාම පිළිගත හැකි කතන්දරයක් ගොතලා නැහැ. නමුත් මිනිස්සු ඒ වගේ බල්ලෝ හදනවා. මොකද ඒක ඔවුන්ට ප්‍රායෝගිකව නිරීක්ෂණය කරලා තියෙන දෙයක් නිසයි. බටහිර විද්‍යාවේ ඊට ප්‍රවාදයක් නැතැයි කියන එක බටහිර විද්‍යාවේ ප්‍රශ්නයක් මිස බල්ලකුටවත් ප්‍රශ්නයක් නොවේ.
    Sunday at 8:18am · Like ·  1 person · 
  • Ritigala Jayasena 
    ස්තුතියි දර්ශන... ඔබ කියපු හුඟක් දේවල් අපි මීට පෙර කතාවකදි ආවරනය කලා. නමුත් ඒවා නැවත කීම වැදගත්. කවුරු හරි මේ සංවාදය මෙතැන සිට පටන්ගෙන කියවනවනම් ඒ පසුබිම තියෙන්න ඔනේ.

    මගේ ප්‍රශ්නවල මූලික අරමුන වුනේ නි.සා. භාවිතයෙන් අලුත් දැනුම් ගොඩ නගන්නේ කොහොමද කියෙන එක තේරුම් ගන්න. "බටහිර" විද්‍යාව කියල ඔබ සඳහන් කරන නූතන විද්‍යාව තුල දැනුම් ගොඩ නගන්නේ කොහොමද කියල මට පැහැදිලි අවබෝධයක් තියෙනව. (මම 'බටහිර' කියන ලේබලයට කැමති නැහැ වගේ, ඔබ 'නූතන' කියන ලේබලයට කැමැති නැතුව ඇති. ඒක දැනට ප්‍රශ්නයක් කරගන්න එපා.)

    හූනන් ඇඬීමේ උදාහරණය මම ගත්තෙ එය අපේ සංස්කෘතිය තුල තියෙන්නක් හින්දා. බටහිර සංස්කෘතීන් තුල මේ වගෙ දේවල් ඔනේ තරම් තියෙනව.

    අපි දැන් නූතන 'බටහිර' විද්‍යාව සමග සංසන්දනය කිරීම නවත්වල 'නිර්මාණාත්මක සාපේක්ෂතාව' තුලින් පමණක් දැනුම් ගොඩ නගන්නෙ කොහොමද කියල බලමු.

    මම වෙන ප්‍රශ්නයක් ආයෙත් මෙහෙම අහන්නම්. කෙසෙල් පැලයක් ගලවල එවේලේම වෙන තැනකින් ඉන්දවීම හොඳ නැහැ, එක දවසක් දෙකක් වේලෙන්න ඇරල ඉන්දවන එක තමයි හොඳ කියල මතයක් අපේ ගමේ ගොවියන් අතරෙ තියෙනව. හැබැයි අපේ තරුණ ගොවි මහතෙක් කියනව "මොන පිස්සුද, මම දැන් අවුරුදු ගානක් තිස්සෙ කෙසෙල් ඉන්දවනව, ඒවේලේම ඉන්දපු ගස් තමයි හොඳට හැදෙන්නේ" කියල. අපේ පැරණි ගොවි මහතුන් කියනව "අනේ ඌ දන්න කෙංගෙඩිය, පරම්පරා ගානක් අපේ උන් කෙසෙල් ඉන්දුවෙ ඔහොම තමයි" කියල. ජාතික චින්තනය තුල අපි තනන්න බලපොරොත්තුවන දැනුමින් මේ ප්‍රශ්නයට මැදිහත් වෙන්නේ කොහොමද?
    Sunday at 9:45am · Like
  • Dharshana Kasthurirathna 
    නූතන විද්‍යාව කියන්නේ බටහිර විද්‍යාවටම තමයි.

    පැරණි අය කෙහෙල් පැල එහෙම දවසක් දෙකක් එළියේ තියලා ඉන්දුවා තමයි. මම පරණ එක්කෙනෙක්ගෙන් ඇහුවාම කිව්වේ එතකොට හොදට මුල් අදිනවා වගේ කථා (වාද). හොදම වැඩේ දෙවිදියටම කරලා බලන එක තමයි. ඒක බටහිර විද්‍යාත්මක ක්‍රමයට අනුව කරන්නත් පුළුවන්. කරලා බලලා එහෙම එළියේ තිබ්බ කෙහෙල් ගහට වඩා එවේලේම හිටවපු එක හොදට වැවෙනවා නම් අර මතය අමතක කරන්න පුළුවන්. ප්‍රශ්නය තියෙන්නේ හැම තැනම ඉන්දන හැම කෙහෙල් වර්ගයටම (සහ හැම කෙහෙල් ගහටම) ඒක හරියයිද කියන එකයි. බටහිර දැනුම වියුක්ත දැනුමක් නිසා සාමාන්‍යයෙන් කෙරෙන්නේ යම් නිරීක්ෂණයකින් පසු අර වගේ වියුක්ත ප්‍රවාදයක් ගොඩ නගන එක තමයි. නමුත් වඩාත්ම වියුක්ත විද්‍යාව වන බටහිර භෞතික විද්‍යාවේ ප්‍රවාද පවා එවැනි වියුක්තකරණයකට ලක් වූ විට අසමත් වන අවස්ථා තියෙනවා. බටහිර ජීව විද්‍යාව වගේ විෂයන්වල ඒ අසමත් වන ප්‍රතිශතය තවත් වැඩියි.

    කොහොමත් 'විද්‍යාත්මක ක්‍රමය' වගේ බරසාර නමක් දාගත්තේ නැතත් ගොඩක් සංස්කෘතිවල මිනිස්සු ඔය වගේ එදිනදො ප්‍රශ්නවලට උත්තර හොයන්නේ සන්සන්දනාත්මක ක්‍රමවලින් තමයි. නමුත් සිංහල බෞද්ධ සංස්කෘතියේ ඇති දැනුම (සහ ලෝකයේ වෙනත් සංස්කෘති බොහොමයකත්) ඊට පමණක් සීමා වෙන්නේ නැහැ. ප්‍රත්‍යක්ෂයත් තියෙනවා. ඒකයි වෙනස. අනික බටහිර විද්‍යාවේ ඇති සාමාන්‍යකාරණය -generalization- අනිත් දැනුම් වල නැහැ (යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ එන සියලුම මිනිසුන් දෙවියන් ඉදිරියේ සමානය කියන අදහස ඔස්සේ තමයි මේ සාමාන්‍යකරණය එන්නේ). විශේෂතා තියෙන්න පුළුවන්. එක මිනිහෙක් දෙවියෝ දැක්කට අනිත් මිනිස්සුත් දකින්න ඕනේම නැහැ. එහෙම දැක්කේ නැහැයි කියලා දෙවියෝ නැහැ කියලා දෘඩ මතයකට එන්නේත් නැහැ.
    Sunday at 12:22pm · Like ·  1 person · 
  • Ritigala Jayasena 
    දර්ශන, ස්තුතියි. නිර්මානාත්මක සාපෙකෂතාව 'බටහිර' හෙවත් 'නූතන' විද්‍යාව සමග සංසන්දනය කිරීම නොමැතිව මේ සාකච්ඡාව කරගෙන යාමට තමයි මගේ කැමැත්ත. නූතන විද්‍යාවේ මතවාද අපේ සිතුවිලිවලට කරන බලපෑම අමතක කරන්න අමාරු තමයි. නමුත් ඒ අමාරු කාර්යය කරන්න අත ගහල තියෙන ඔබ වගේ පිරිස්, මේ වගෙ සංවාදයකදි ආදර්ශයක් දෙන්න ඔනේ.

    මේ වගෙ සංවාද කිරීමට "බර" වචන කෙසේ වෙතත් සම්මත වචන යොදාගන්න වෙනව. "විද්‍යාත්මක ක්‍රමය" කියන්නෙ බර වචනයක් නම් "වාස්තවික යථාර්තය" කියන්නේ කොන්ද කැඩෙන වචනයක්. අපේ තරුණ කෙසෙල් ගොවිරාලගෙන් "වාස්තවික යථාර්තය" ගැන අහුවොත් කියයි "මොන කුනුහරුපයක්ද යකෝ ඒක" කියල........ පොඩි විහිලුවක්! වැඩිය ගනන් ගන්න එපා :)

    අපි ප්‍රත්‍යක්ෂ ඇසුරින් දැනුම් නිර්මානය ගැන පස්සෙ කතා කරමු. ඔබ ප්‍රත්‍යක්ෂ කියන වචනයට ආසන්නතම ඉංග්‍රීසි වචනයත් මට කියන්න පුලුවන්නම් හොඳයි. මට කතාව තෙරුනා. නමුත් intuition/esoteric/mindfulness වගේ වචන වලින් ඕකට හරියනම වචනය කිව්වොත් මට ලේසියි. මොකද වෘත්තියෙන් කෙසෙල් ගොවියෙක් උනාට, මේ මාතෘකා ගැන මම කියවල තියෙන්නෙ ඉංග්‍රීසියෙන් නිසා.

    අර "විද්‍යාත්මක ක්‍රමය" වෙනුවට අපි "සංසන්දනාත්මක නිරීක්ෂන ක්‍රමය" කියල කියමුකො. ඔබ දැනට කියූ කරුනු අනුව මට වැටහුනේ සංසන්දනාත්මක නිරීක්ෂන ක්‍රමය 'නි.සා.' තුල භාවිතයෙ අවුලක් නැති බවයි. දෙවිදිහටමට ගස් හිටවල බලනවා, වැඩිය සාර්ථක ක්‍රමය තෝර ගන්නව. අවුරුදු සිය ගානක් තිස්සෙ පරණ ගොවි මහතුන් මේ පරීක්ෂනය නොකර සාම්ප්‍රදායිකව එක ක්‍රමයකට හිටව්වට, ධර්ම විනය දෙකත් සමග පැහැදිලි අවුලක් පේන්නෙ නැත්නම් අනික් විදි වලටත් හිටවල බලල, දැන් තියෙන පරිසර තත්වයන්ට ගැලපෙන ක්‍රමයක් අලුතින් තෝරා ගැනිම 'නි.සා' වාදය තුලදි ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ!

    අපි හිටවන්නෙ සීනි කෙහෙල් කියලත් කියමු, ඇම්බුන් ගැන තත්වය අපි දන්නෙ නැහැ කියමු, වවන්නෙ කන්තලේ කියමු, මාතෙලේදි මේ ප්‍රවාදය හරි යන්නෙ නැතිවෙන්න පුලුවන් කියමු. එතකොට ඔය සාමාන්‍යකරනය (generalization) ප්‍රශ්නෙ එන්නෙ නැහැනෙ.

    මෙතෙක් දුරට මම හරිද කියල කියන්න. ඊට පස්සෙ අපි 'ප්‍රත්‍යක්ෂ' භාවිතය ගැන කතා කරමු.
    Sunday at 1:30pm · Like
  • Ritigala Jayasena 
    නූතන විද්‍යාව තුලදි සාමාන්‍යකරනය භාවිතා වෙන හැටි ගැන ඔබ කිව්ව. ඔබ නූතන විද්‍යාව ගැන කතාකරන කොට මටත් කියන්න දේවල් එනව. එකයි මම ඒ ගැන කතා නොකරමු කිව්වෙ. නූතන විද්‍යාවෙදිත් ප්‍රත්‍යක්ෂ භාවිතා වෙනව. සාමාන්‍යකරනය ඊට හොඳ උදාහරනයක්. සීනි කෙසෙල් වලට හරියන ප්‍රවාදය, ඇම්බුන් වලටත්, කන්තලේට හරියන ප්‍රවාදය මාතලේටත් හරියනව කියල තමයි පලමු උපකල්පනය. මාතලේදි ඇම්බුන් වලට ප්‍රවාදය අවුල් කියල තේරුනොත් විතරක් මාතලේට සහ ඇම්බුන් වලට වෙනම ප්‍රවාදයක් ගොඩනගනව. හැබැයි නුවර එලියේදි කිරි අල වලට මේ ප්‍රවාදය හරියයි කියල කියන එකක් නැහැ. ප්‍රවාදයේ සීමාවන් ගැන තීරන ගන්නෙ තරමක් දුරට ප්‍රත්‍යක්ශ භාවිතාවෙන්.

    කන්තලේදි සීනි කෙසෙල් වලට හරියන ප්‍රවාදය මාතලෙදි ඇම්බුන් වලට හරියයි කියල උපකල්පනය කරල වැඩ ඇල්ලීමත්, එසේ නොවේ කියල උපකල්පනය කිරීමත් අතර ඇති ප්‍රායෝගික වෙනස ගැන මම දැන් කතාරන්නේ නැහැ.
    Sunday at 1:49pm · Like
  • Ritigala Jayasena If you don't mind, please tell me the English term for "Viyuktha" too.
    Sunday at 1:59pm · Like
  • Dharshana Kasthurirathna 
    බටහිර විද්‍යාවේ ප්‍රත්‍යක්ෂ භාවිතා නොවන්නේ එහි ප්‍රත්‍යක්ෂ කියලා දෙයක් නැති නිසයි. Axiom කියන ඉංගිරිසි වචනෙට ප්‍රත්‍යක්ෂ්‍ය කියලා භාවිතා උන පළියට ඉන් කියවෙන්නේ නැහැ ප්‍රත්‍යක්ෂ කියලා දෙයක් බටහිර සංස්කෘතියේ තියෙනවා කියලා. මනස කියලා ඉන්ද්‍රියක් තියෙනවා කියලා පිළිනොගන්න සමාජයක කොහොමත ප්‍රත්‍යක්ෂ කියලා සංකල්පයක් බිහි වෙන්නේ?

    වියුක්ත abstract කියන්නේ කියන එකයි. මනසින් (පුද්ගලයාගෙන්) ස්වායත්ත කියන එකයි.

    බටහිර විද්‍යාවේ එන සාමාන්‍යකරණය ප්‍රත්‍යක්ෂයක් නොව උපකල්පනයකි. ඒ උපකල්පනය කෙරෙන්නේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට පදනම් වෙලයි.

    වැඩ ඇල්ලීම ගැන කථා කරනකොට ඇත්තටම ඉස්සර එක එක පළාත්වල එක එක වෙලාවට වැඩ ඇල්ලීමක් කරලා තියෙනවා. ඒක රටටම එක වෙලාවක් කිරීම ඉංගිරිසි යටත්විජිත යුගයේ වෙච්ච දෙයක්. එය යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතික ආභාෂය (යටත්විජිතවාදය) නිසා වෙච්ච දෙයක්.
    Sunday at 3:01pm · Like · 
  • Ritigala Jayasena 
    ඔන්න පොඩ්ඩක් වැඩේ අප්සෙට්. ඔබ ප්‍රත්‍යක්ෂ ගැන කරපු සඳහන අනුව මම හිතා ගත්තා, ප්‍රත්‍යක්ෂ කියන්නෙ නිරීක්ෂන හා නිගමන මත පදනම් නොවී දැනුම් ගොඩ නැගීමේ ක්‍රමය කියල....meaning, creating knowledge based on intuition, mindfulness and esoteric methods.

    ඒ හින්දයි මම කිව්වෙ ප්‍රවාදයක සීමාවන් හොයාගන්න අපි ප්‍රත්‍යක්ෂ භාවිතා කරනව කියල. මට කියන්න ඔනේ උනේ, ප්‍රවාදයක සීමාවන් හොයගන්න අපි සහජදැනීම (intuition) වගෙ එකක් භාවිතා කරනව කියල. චින්තන ශබ්ද කෝෂයේ වචන ගැන මට තාම එතරම් හුරුවක් නැහැ. වචන පටලවාගෙන්නේ නැතිව මේක කරන්න අපි පරෙස්සම් වෙන්න ඔනේ. දැන් ප්‍රත්‍යක්ෂ කියන එකට ගැලපෙන ඉන්ග්‍රීසි වචනයක් නැත්නම් ඔබට පොඩ්ඩ්ක ඒක් විස්තර කරන්න වෙනව. නැත්නම් මට තෙරෙන්නෙන් නැහැ. මේ වගෙ වචන හදුන්වාදෙන පොඩි ශබ්දකෝශයක් kalaya.org වගෙ තැනක තියෙනවානම් වඩාත් හොඳයි.
    Sunday at 4:43pm · Like
  • Ritigala Jayasena මනස කියන්නෙ ඉන්ද්‍රියක් කියල කියපු එක ගැන කතා කරන්න ගියොත් අපි මාතෘකාවෙන් සෑහෙන්න පිට පැනල වෙනම tangent එකක් දිගේ යන්න ඉඩ තියෙනව. හැබයි මනස කියන්නෙ ඉන්ද්‍රියක් කියල කිව්වොත් ඒක අපට තියෙන එකම ඉන්ද්‍රිය කියලත් කියන්න වෙනව. එහෙම නැතුව ඇස්, කන්, නාස ඇතුලු අපට තියෙන ඉන්ද්‍රිය (senses) 8-12 පමන ගොඩ සමග "මනස" දැම්මොත් වැඩේ අවුල් නේද? මනස නොමැතිව ඔය ඉන්ද්‍රියන් ගෙන යමක් ග්‍රහනය කරන්න බෑ නේද? මට මෙහෙම හිතෙන්නෙ මම 'බටහිර' චින්තනයෙන් හිතන නිසාද?
    Sunday at 5:00pm · Like
  • Ritigala Jayasena කෙසේ උනත් නැවත් මාතෘකාවට ඇවිත් අර මගෙ මුල් ප්‍රශ්නයට කෙටි උත්තරක් දෙන්න. සංසන්දනාත්මක නිරීක්ෂනය භාවිතා කරල කන්තලෙ සීනි කෙසෙල් සිටුවීමෙ නව ප්‍රවාදයක් ගොඩ නැගීම ගැන මම මුලින් කියල තිබුන දේ නිර්මානාත්මක සාපේක්ෂතාවට පටහැනිද නැද්ද කියල කියන්න. ඊට පස්සෙ අපිට එතැනින් එහා තියෙන මාතෘකා ගැන කතා කරන්න පුලුවන්.
    Sunday at 5:05pm · Like
  • Dasun Tharaka Bamunuarachchi දර්ශන, මැදින් පැනීම ගැන කණගාටුයි. ප්‍රත්‍යක්ෂ යන්නට හරි හමන් ඉංගිරිසි වදනක් නැති නිසාත් ඉදිරියට ප්‍රත්‍යක්ෂ ගැන වැඩියෙන් කතාකරන්න වෙතැයි සිතෙන නිසාත් ඒකට සුදුසු වදනක් (තාවකාලිකව වුවත්) යෝජනා කරන්න බැරිද? බ්‍රහ්මවන්සෝ හිමියන් වැනි යෝගාවචරයන්වහන්සේලා මේ කරුණ ගැන උනන්දුවී නැත්ද?
    Sunday at 5:51pm · Like · 
  • Ritigala Jayasena දර්ශන මම පොඩි ඇඩ්වර්ටිස්මන්ට් එකක් දානව....

    "කාලය යනු අවකාශය මෙන්ම ප්‍රඥප්තියක් බැවින්, අවකාශයේ මෙන්ම අපට කාලය තුලද සැරිසැරිය හැක. මනසින් තැනූ අවකාශය හා මනසින් තැනූ කාලය ඇතර පරමාර්ථ වශයෙන් ගත්කල වෙනසක් නොවේ"

    මොකද හිතන්නෙ?
    Sunday at 6:59pm · Like
  • Dharshana Kasthurirathna 
    සිංහල බෞද්ධ සංස්කෘතියේ ඇති ප්‍රත්‍යක්ෂනම් භාවනාමය ඥාණයකින් ලබාගන්නා දැනුමයි. බුදු හාමුදුරුවෝ දැනුම ලබාගත්තේත් මේ ක්‍රමයට තමයි (බුදු හාමුදුරුවන් ලබා ගත් විවිධ ඥාණ). බටහිර විද්‍යාවේ භාවනාවෙන් දැනුම ලබාගැනීමක් (සුතමය හෝ චින්තාමන ඥාණ නොව භාවනාමය ඥාණ) ගැන කියවෙන්නේ නැති නිසා බටහිර විද්‍යාවේ සිංහල බෞද්ධ සංස්කෘතියේ ඇති ප්‍රත්‍යක්ෂය නැත. බටහිර සංස්කෘතියේ ඇති දැනුම් ප්‍රවාද ගැන පරතෙරට දන්නා බව කියාගන්නා ඔබ සිංහල බෞද්ධ සංස්කෘතියේ ඇති මේ මූලිකම සංකල්පය ගැන නොදැනීම ගැන ආඩම්බර වෙන්නේදැයි නොදනිමි.

    මනසට පමණක් උනත් තනිව ක්‍රියාකළ හැක. සිහින දකිද්දී අනිත් ඉන්ද්‍රිය ක්‍රියාත්මක නොවන විටත් විවිධ දේවල් දැකීමට ආඝ්‍රාණය කිරීමට පුළුවනි. එවිට ක්‍රියාත්මක වන්නේ මනස පමණයි. ඒ අරුතින් තමයි මනස වෙනම ඉන්ද්‍රියක් වන්නේ. එහෙත් එය අන් ඉන්ද්‍රියන්ට වඩා විශේෂ ඉන්ද්‍රියක් තමයි. මනසත් අනිත් ඉන්ද්‍රියන් වගේම වෙන්ඩ ඕනේ කියලා නීතියක් නෑනේ (ආයිත් සාමාන්‍යකරණය). මනස ඉන්ද්‍රියක් නිසා තමයි ඒ ඉන්ද්‍රිය දියුණු කළ අයට අන් අයට වඩා යම් යම් දේවල් දැන ගැනීමේ හැකියාව දැනෙන්නේ.

    ප්‍රවාදය කියන එක බටහිර විද්‍යාවේ වියුක්ත ප්‍රවාදයි. ඒ අනුව කන්තලේ හෝ වෙන තැනක තියෙන් සීනි කෙහෙල් ගහක් ගැන දැන ගැනීමට ප්‍රවාද අවශ්‍ය නැත. ඒ වෙනුවට බටහිර විද්‍යාවේ කරනු ඇත්තේ ඕනෑම (සාධාරණ – සාමාන්‍යකරණය) කෙහෙල් ගහක් ඕනෑම තැනක සිටුවීම ගැන වියුක්ත ප්‍රවාදයක් ගොඩ නැගීමයි. සිංහල බෞද්ධ සංස්කෘතියේ වියුක්ත ප්‍රවාද ඇත්නම් ඒ ඉතා අල්ප වශයෙනි. තිබුනත් ඒවා පුද්ගලානුබද්ධ කිරීමෙන් ඒවා සංයුක්ත දැනුමක් බවට පත්කෙරෙනවා. උදාහරණයක් ලෙස ඔය කෙහෙල් ගහේ පලදාව උනත් වැඩි වෙන කෙමක් කියලා කියන්න පුළුවන්. නමුත් ඒ කෙම වැඩ කරන්න නම් හිටවන මනුස්සයාගේ අත් ගුණයක් හෝ සීලයක් තියෙනවා කියලා කියන්නත් පුළුවන්. මේ විධියට සංයුක්ත දැනුම් තමයි සිංහල බෞද්ධ සංස්කෘතියේ බොහෝ සෙයින්ම ඇත්තේ. මේක බුදු දහමේ ඇති පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤොහි (තම තම ණැන පමණින් ගැනීම) සහ ඕපනයික (තමා තුළට පමුණුවාගෙන බැලීම) යන සාපේක්ෂතාවාදයේ ආභාෂයෙන් ලැබූවක් කියලා හිතන්න පුළුවන්. සිංහල බෞද්ධ සංස්කෘතියේ වියුක්ත ප්‍රවාද නැති වීමට අනිත් ප්‍රධාන හේතුව තමයි එය අනාත්ම වාදී සංස්කෘතියක් වීම. එවැනි සංස්කෘතියක ආත්මවාදී වාස්තවික යථාර්තයක් පැහැදිලි කිරීමට යොදා ගන්නා වියුක්ත ප්‍රවාද තැනීමට ඇති ඉඩ ඇහිරෙනවා. බටහිර දැනුම මෙසේ පුද්ගලානුබද්ධ නැහැ. ගුරුත්වාර්ෂණය ඕනේ කෙනෙක් හෝ දෙයක් සම්බන්ධයෙන් එකයි. ඒ එය වාස්තවික යථාර්තය සහ වියුක්තය මත පදනම් වීම නිසයි. 

    අර ප්‍රශ්නයට උත්තරයක් දෙනවානං කන්තලේ හැදෙන එක් කෙහෙල් වර්ගයක් ගැන ප්‍රවාද හද හද ඉන්න එක මෝඩ වැඩක්. ඇත්තටම එවැනි ප්‍රවාදයක් හදන්න බැහැ. මොකද ඒක සංයුක්ත දැනුමක් නිසා. එවැනි ප්‍රවාදයක් හදනවාට වඩා හොදයි කෙහෙල් ගහක් හිටවන එක. අනිත් පැත්තෙන් වියුක්ත ප්‍රවාදයක් හදනවා කියන්නේ අර විශේෂතා නොසලකා සීමිත නිරීක්ෂණ ප්‍රමාණයක් සාධාරණීකරණය කරනවා කියන එකයි. ඔය නිරීක්ෂණ කරන්නේ මිනිස්සු නිසා ඒවා කොතරම් දුරට සාධාරණීකරණය කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නයත් එනවා. එහෙම බැලුවම කෙහෙල් ගැන සම්පූර්ණ වියුක්ත ප්‍රවාදයක් හැදුවත් ඒක අර සංයුක්ත දැනුමට වඩා අසම්පූර්ණයි.
    Monday at 9:08pm · Like · 
  • Dharshana Kasthurirathna 
    කාලය කියන එක බටහිර විද්‍යාවේනම් ප්‍රධාන වශයෙන්ම ප්‍රාග් අනුභූතියක් (a-priori) ලෙසනේ ගැනෙන්නේ. එවිට අවකාශය තුල මෙන්ම කාලය තුළත් සැරිසැරිය හැකියි. කාලය යනු ප්‍රඤ්ඤප්තියක් (මනසින් පනවා ගත් දෙයක්)නම් කාලය තුළ සැරීසැරීමක් කරන්නේ කෙසේද? ඕනනම් පැරණි දෙයක් මතක් කරගත හැකියි. නමුත් ඒ සියල්ල සිදු වන්නේ මනසේයි. අතීත සිද්ධියකට ගියොත් ඊට සම්බන්ධ අනිත් අයත් අතීතයට යනවාද? ඒ කොහොමද? පරමාර්ථ ධර්ම යනු (නිවන හැර) මනසට ගත හැකි පරම සූක්ෂම ධර්මයි. කොතරම් සූක්ෂම වුවත් පරමාර්ථ ධර්මත් මනසට සාපේක්ෂයි. නැතහොත් නිවන් දුටු විටත් චිත්තය (මෙය අභිධර්මයේ පරමාර්ථ ධර්මයක් ලෙසයි අර්ථ දැක්වෙන්නේ) දිගින් දිගටම පවතිනු ඇති. එවිට නිවන තව දුරටත් නිවනක් නොවේ. සම්මුති කාලයක් පරමාර්ථයක්යැයි කීම (මොන අර්ථයකින් කීවත්) තේරුමක් නැති කතාවකි. 

    ප්‍රත්‍යක්ෂ යන්නට ඉංගිරිසි වදනක් නෑ තමයි. යම් සංකල්පයක් තේරුම් ගන්න ඉංගිරිසිම ඕනැද? බ්‍රහ්මවංසෝ හාමුදුරුවෝත් බණ කියන්නේ ඉංගිරිසියෙන්නේ (උන් වහන්සේටත් බොහෝම සරල පරාසයක බණ කියන්න වෙලා තියෙන්නේ ඉංගිරිසියේ මේවාට වචන නැති හින්දා තමයි. ආත්මවාදී ක්‍රිස්තියානි සංස්කෘතියක විකාශනය උන ඉංගිරිසියෙන් බුදු දහමේ හෝ සිංහල බෞද්ධ සංස්කෘතියේ ඇති සංකල්ප වලට වචන නැහැ. යෙදුවත් ඒ පරිවර්තන වැරදියි (හරියට science කියන එකට විද්‍යාව කියනවා වගේ. සිංහල බෞද්ධ සංස්කෘතියේ විද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍යයටයි). උන් වහන්සේත් බුදු දහම ඉගෙන ගත්තේ තායි භාෂාවෙන්නේ. යෝගාවචරයන් යනු සංකල්ප ප්‍රවාද හද හද ඉන්න අයට වඩා භාවනාවම ප්‍රගුණ කරන අයයි)
    Monday at 9:10pm · Like · 
  • Ritigala Jayasena 
    දෙයක් නොදැනීම ගැන කාටවත් ආඩම්බර වෙන්න පුලුවන් කියල මම හිතන්නෙ නැහැ දර්ශන. නමුත් යමක් දන්නෙ නැත්නම් දන්නෙ නැහැ කියන එකත් විශේෂ ගුනයක් නෙමෙයි. කරන්න ඔනේ දෙයක්. ඔය 'ප්‍රත්‍යක්ෂය' කියන වචනය ඔය අර්ථ්යෙන් යොදාගැනීම ජාතික චින්තන කතිකාව තුල පමනක් භාවිතා වෙන්නක් නම් ඉතින් මම කොහොමත් දැනගන්න විදිහක් නැහැ. අනික ඉතින් "නාරි ඛේල පල බද්ධ මනි පත්‍රය" කිව්වට දන්නෙ නැති උනාට "පොල් තැරිය" කිව්වහම ඒ කියන්න්නෙ මොකක්ද කියල ගමේ කට්ටිට දන්නව :)

    කෙසෙල් ප්‍රවාදය සම්බන්ද ප්‍රශ්නයට ඔබ තාමත් ඍජු උත්තරයක් දුන්නෙ නැහැ. කන්තලේ සීනි කෙහෙල් වවන්න ප්‍රවාද හදන එක "මෝඩ වැඩක්" කිව්වට ඒක මම අහපු ප්‍රශ්නෙට උත්තරක් නෙමෙයි. අපි මෙතන සංවාදයේ යෙදෙන්නේ කෙසෙල් හිටවන්න නොවේ. මට දැනගන්න ඔනේ උනේ මේ "සංසන්දනාත්මක නිරීක්ෂනය" කියන එක ගැන නිර්මානාත්මක සාපෙක්ෂතාවාදි විවරනය මොකක්ද කියල දැනගන්න.

    බොහොම ලස්සන වචන දාල, වචන නැත්නම් අලුතින් හදල අපේ අතීත දැනුම පෙල ගස්සවන්න පුලුවන්. ඒක අතීතකාමයෙන් පෙලෙන අයට කරන කොට හරිම මිහිරි වැඩක්. අර මෙතන කමෙන්ට් කරපු දසුන් තාරක වගේ අය ඇඹලයො වගෙ ඒකට ඇදිල එනව. දසුන්ගෙ කමෙන්ට් එක බැලුවහම පෙනෙනව ඔහු ඔබගේ චින්තනයෙ හතර මායිමක වත් තාම නැහැ කියල. ඔහු සමහරවිට පස්සෙ තේරුම් ගන්න ඉඩ තියෙනව. නමුත් දැනට ඔහුට තියෙන්නේ "සුද්දන් පවා පිලිගත් අපේ බුදු දහම" කියන "ආතල්" එක විතරයි.

    කාලය a-priori වෙන්නෙ classical mechanics වල විතරයි නේද? අනිත් එක කාලය a-priori නම් ඉතින් අවකාශයත් a-priori වෙන්න ඔනේ. ඔය ඇඩ්වර්ටීස්මන්ට් කතාව මම කිව්වෙ සිලල්ල මනසේ නිර්මානයක්ය කියන චින්තන පදනම ඉතාම සරල විදිහට භාවිත කරල. කොහොම නමුත් කාලය සම්බන්ද ඇඩ්වර්ටීස්මන්ට් එකට ඔබගෙ ප්‍රතිචාරාය අනුව පහත දෙවල් ගම්‍ය වෙනව. ඔබගේ වර්තමාන සිතිවිලි වලට අනුව

    - සියල්ල මනසේ නිර්මාන උනත් කාලය ටිකක් වෙනස් නිර්මානයකි

    - මා යනු මනසෙ නිර්මානයකි, අනුන් යනුද මගේ මනසේ නිර්මානයකි. අනුන්ගෙ මනස යනුද මගෙ මනසේ නිර්මාණයකි. හැබැයි ඉතින් අනුනුත් මා සමග මාගෙ නිර්මාණයක් වූ කාලයෙ සැරිසරා, මා මනසින් දකිනා දේ මගෙම නිර්මානයක් වු අනුන්ගේ මනසින් ද දැක එකම "නිරීක්ෂනය" කල බවට "යුදෙව්-ක්‍රිස්තියානි" empirical evidence ලබාදෙන තෙක් මගේම මනසේ නිර්මානයක් වූ දර්ශන කස්තුරිආරච්චි මා කාලයෙ ඔබ මොබ රිසිසේ සැරිසැරූ බව පිලිගන්නේ නැත.

    අතීත දැනුම පෙල ගැස්වූවාට විතරක් මදි අලුත් දැනුම් නිර්මානය කරන්නෙ කොහොමද කියල හරි ක්‍රමයක් නැත්නම්, කොච්චර ලස්සන වචන දාල පැනි බේරෙන්න විස්තර කලත්, එක "දැනුම් පද්ධතියක්" නොවේ. නිකම්ම විශ්වාසවන් ගොඩක් විතරයි.

    දැනට ඔබ මට කිව්ව දේ අනුව "සංසන්දනාත්මක නිරීක්ෂනය" එහෙම් නැත්නම් යුදෙව් ක්‍රිතියානි "scientific method" ඇරුනහම දැනුම් එන අනික් ක්‍රමය "ප්‍රත්‍යක්ෂය". ඔබ ප්‍රත්‍යක්ෂය හා "මනස්ගාතය" අතර වෙනසක් දකිනවද? එහෙම වෙන්න බැහැනේ? සත්‍ය හා අසත්‍ය කියල දෙකක් ඔබේ චින්තන ක්‍රමයෙ නැහැනෙ. එසේනම් නිව්ටන්ගෙ "ගුරුත්වාකර්ෂන" මනස්ගාතය හා "කර්මය" කියන ප්‍රත්‍යක්ෂය අතර වෙනස මොකක්ද? නූතන විද්‍යාව තුලදි නම් අපිට තේරුමක් නැති මනස්ගාත හා තෙරුමක් ඇති මනස්ගාත අතර වෙනස උරගා බලන්න පැහැදිලි ක්‍රමවේදයන් තියෙනව.

    කොහොම උනත් "වාස්තවික යථර්තයන් නැත" යන වාස්තවික යථාර්තය පාවිච්චි කරන්න යනකොට එතනම අසංගත භාවයක් එනව. ඔය "වාස්තවික යථාර්තය" කියන තේරුමක් නැති සංකල්පයට "ඇත" හෝ "නැත" යන අගයක් දීමට උත්සාහ කිරීම මට නම් විහිලුවක්. ඔබ පොඩ්ඩක් වෙලාව තියෙනව නම් "සහබාගීත්වයෙ යථාර්තය" (participatory reality) කියන සංකල්පය පොඩ්ඩක් හදාරල බලන්න. එක දේශීය සංකල්පයක් නොවේ කියල හීනමානයක් ඇතිකරගන්නෙ නැත්නම්, ඒක දේශීය කරගන්න හොඳටම පුලුවන්.
    Yesterday at 12:49am · Like
  • Ritigala Jayasena කෙසේ නමුත් එකක් කිව යුතුයි දර්ශන. නලින් ද සිල්වාගෙන් පස්සෙ ඔහුගෙ කාර්යය කරන්න ඔබට වඩා හොඳ කෙනෙක් මීට කලින් මම දැකල නැහැ. තවත් ඔබ වගේ අය ඉන්නවාද දන්නෙ නැහැ. මට නම් හමු වෙලා නැහැ. මගේ සියලු තර්ක ඔබගේ මතවාදයට එරෙහිව මිසක් ඔබට එරෙහිව නොවේ.
    Yesterday at 1:00am · Like
  • Dasun Tharaka Bamunuarachchi 
    නිවන වැනි වදන් සඳහාත් පාලි වදන් යොදාගන්නා නිසා කවදාහරි ප්‍රත්‍යක්ෂ යන්න ඉංගිරිසියට පරිවර්තනය කරන්නට වුනොත් ප්‍රත්‍යක්ෂ කියාම යොදන්න පුළුවන්.

    තායි භාෂාව ගැන නම් දන්නේ නැහැ. ඒත් බුදු දහම දේශනා කරන්න පාලි සිංහල වැනි භාෂාමෙන් ඉංගිරිසිය සුදුසු නැති බව ධර්ම දේශනා වලදිත් අසා තිබෙනවා.
    Yesterday at 1:54pm · Like · 
  • Dharshana Kasthurirathna 
    ප්‍රත්‍යක්ෂය යනු ජාතික චින්තන මතවාදයේ නොව ඊට පෙර සිටම සිංහල බෞද්ධ සංස්කෘතියේ භාවිතා වූ වචනයකි.

    නිර්මාණාත්මක සාපේක්ෂතාවාදයේ කියවෙන්නේ දැනුම සංස්කෘතියට මනසට සහ අනිකුත් ඉන්ද්‍රියන්ට සාපේක්ෂයි කියන එකනේ. එවිට කෙහෙල් සිටුවීම ගැන දැනුමටත් එය අදාළයි. මෙතනදී මනස සහ අනිකුත් ඉන්ද්‍රියට වඩා සංස්කෘතිය තමයි වැදගත් වෙන්නේ. උදාහරණයක් ලෙස බටහිර සංස්කෘතියේ අවම කාලයකින් වැඩිම පළදාවක් ගන්න එක තමයි අරමුණ. ඒ අනුව තමයි ඊට අදාළ දැනුමත් එන්නේ. එහෙම බැලුවාම සමහර විට එවේලේම සිටුවන එක හොද ඇති. එතනදී එක හේතුවක් තමයි හැමවිටම සලකා බැලෙන්නේ. (මේ ඒක හේතුවාදය එන්නේ දෙවියන් වහන්සේ හරහා තමයි)

    සිංහල බෞද්ධ සංස්කෘතියේ කෙහෙල් සිටුවීම හෝ වෙනත් ඕනෑම දෙයක් එවැනි එක හේතුවකට (හෝ අරමුණකට) ඌනනය නොවේ. බොහෝ විට හේතු කීපයක් තියනවා (බුදු දහමත් නා නා හේතුවාදයක්නේ). එතනදී ප්‍රාණඝාතයෙන් තොරව කෘමි උවදුරු වළක්වා ගැනීම, සැලකිය යුතු පළදාවක් ලබා ගැනීම, කැන පිටින් ගහ කඩන් වැටෙන එක නැවැත්වීම වගේ හේතු ගණනාවක් එකවිට සලකා බැලෙනු ඇති. ඒ සියලු හේතු බැලුවාම සමහර විට දවසක් දෙකක් එළියේ තිබ්බ පැලේ අර සියලු කාරණා සම්පූර්ණ කරනවා වෙන්ඩ පුළුවන් (දැන් මිනිස්සු උනත් දවසක් දෙකක් බඩගින්නේ හිටියම tough වෙනවනේ). කොහොම වෙතත් ඒ ඒ සංස්කෘතියට අනුව හැදෙන දැනුම වෙනස්. එයින් ඇති වන ප්‍රතිඵලද වෙනස්. මේ දැනුම් දෙකම 'සත්‍ය' නොවේ. ඒ ඒ සංස්කෘතිවලට සාපේක්ෂව සංගතයි. එච්චරයි.

    දැං ඉස්සර බේරෙ වැවෙන් මිනිස්සු නානවලු. දැං නාන්න බෑ. එහෙම කියන එක අතීත කාමයක් නොවේ. 

    කාලය ගැන විවිධ අර්ථකථන බටහිර දැනුමේ තියෙනවා තමයි. ප්‍රධාන වශයෙන් තියෙන්නේ ප්‍රාග් අනුභූති කථාව තමයි. කෙසේ වුවත් කාලය සම්මුතියක් ලෙස නම් එහිදී ගැනෙන්නේ නෑ. කාලය සම්මුතියක් නම් කාලය හරහා යාමත් සම්මුතියක්. එය මනසේ නිර්මාණයක්. මම මනසින් අතීතයට ගියත් අනිත් අයත් මං එක්කම එන්ඩ ඕනේ කියලා නියමයක් නෑනේ. ඔවුන් සමහර විට ඔවුන්ගේ මනස් එක්ක වර්තමානයේම ඉදී.

    අපි වාස්තවික යථාර්තයක් නෑ කියන්නේ වාස්තවිකව නොව සිංහල බෞද්ධ සංස්කෘතියට සාපේක්ෂවයි. එතකොට ගැටලුවක් නෑ. මටනං හිතෙන්නේ participative reality කියන කතාවේ participative කෑල්ලත් එක්ක reality එක යන්නේ නෑ කියන එකයි. එක් එක් අයගේ නිරීක්ෂණ වල තියෙන පොදුබව (ඡේදන කුලකය) තමයි බටහිර විද්‍යාවේ වාස්තවික යථාර්තය කියලා ගන්නේ. එහෙම පොදුබවක් හැදෙන්නේ ඒ අයගේ ඉන්ද්‍රියන්ගේ තියෙන සමානතාව නිසා මිසි එතැන එකක් තිබෙන නිසා නොවේ. එතැන මනස නමැති ඉන්ද්‍රිය වඩා තියුණු කෙනෙක් හිටියොත් එයාට අර පොදු බවෙන් පිටත දේවල් ගෝචර වෙයි. නමුත් එය අන් අයට ගෝචර නොවේ. යම් කිසි විදියකින් අර නිරීක්ෂකයෝ සියල්ලම නැත්තං එතැන ශුන්‍යයි (ශුන්‍යතාවක්ද නැත).
    20 hours ago · Like · 
  • Dasun Tharaka Bamunuarachchi ‎"දැං ඉස්සර බේරෙ වැවෙන් මිනිස්සු නානවලු. දැං නාන්න බෑ. .."

    මෙන්න මේක නම් අනාගත කාමයන්ගේ ආදීනවයක් ලෙස වෙච්ච දෙයක්.
    4 hours ago · Like · 
  • Ritigala Jayasena 
    බොහොම ස්තුතියි දර්ශන, 'කෙසෙල් ප්‍රවාදය' ගැන ඔබ දීපු අවසාන විවරනය නම් ඉතා වටිනව.

    මේ සංවාදය අපිට තව ඉදිරියට අරන් යන්න පුලුවන්. නමුත් මම දැනට තාවකාලිකව නවතිනවා. නැවත කාලය තියෙන පලමු අවස්තාවේදීම ආයෙත් එන්න බලාපොරොත්තු වෙනවා. එන විට තිබුනාට වඩා යම්කිසි පැහැදීමක් ඇතුවයි මම යන්නේ. ඒ ඔබ ඉවසීමෙන් හා සංයමයෙන් යුක්තව කතා කල නිසයි.

    මගේ දැනිමට සාපේක්ෂව ගත්තොත් ජාතික චින්තනය තුල අසංගත භාවයන් කිහිපයක්ම මම දකිනව. මේවා ගැන පිලිවෙලින් අදහස් ගොනු කරගෙන ආපසු එන්න බලපොරොත්තු වෙනව. ඉතාම කෙටියෙන් පෙර දැනුම් දීමක් කරනවානම්, පහත දේවල් තමයි මගේ ප්‍රධාන ප්‍රශ්න.

    - ඔබේ චින්තනය තුල "වාස්තවික යථාර්තයක් නැත" කියල කිව්වට මට නම් හිතෙන්න එතන වචන භාවිතයෙ ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. ඔබ කියන්නේත් මම කියන දේමයි වෙනත් වචන වලින්. එනම් "වාස්තවික යථාර්තය යන සංකල්පයේ තේරුමක් නැත"

    - සහභාගීත්වයෙ යථාර්තය (participatory world-view) කියන්නෙ 'නිරීක්ෂ්‍යය' (observee) හා 'නිරීක්ෂකයා' (observer) එකතුවීමෙන් 'නිරීක්ෂනය' (observation) බිහිවන බැවයි. ක්වන්ටම වාදයේ කෝපන්හෙගන් විවරනය තුල ද්විත්ව සිදුරු පරීක්ෂනයේ (double-slit experiment) ප්‍රතිපල හා සිතලු පරීක්ෂනයක් වන ෂ්‍රොඩින්ගර් ගේ පූසා (Schrödinger's cat) විස්තර කිරීමට යොදාගන්නේ මේ චින්තනයයි. වාස්තවික යථාර්තය පිලිබඳ අදහස ඉවතලන, ගමන් 'නිරීක්ෂනය' යන සංසිද්ධියට සංගත අරුත් දැක්මක් මේ චින්තනය තුලින් ඉදිරිපත් වෙනව. ඔබගේ ප්‍රවාදයේ මම දකින මූලිකම අඩුපාඩුව නම් 'නිරීක්ෂනය' යන සංකල්පයට සංගත අරුත් දැක්වීමක් ඔබේ චින්තන තුල නොමැති වීමයි. මෙම සංවාදය තුලදීම ඔබ අවස්ථා දෙකකදී 'නිරීක්ෂනයට' ආකාර දෙකක නිර්වචන ලබදුන්නා. පොදු නිරීක්ෂනය යන සංකල්පය නොමැතිව පොදු දැනුමක් ගොඩ නගන්නෙ කෙසේදැයි මට පැහැදිලි නැහැ.

    - ලෝකයේ දැනට පවතින තත්ව අනුව සමාජය සංවෘත පද්ධතියක් ලෙස පවතින්නේ නැහැ. එහෙම සමාජයකට අපිට ආපහු යන්නත් බැහැ. එම තත්ව යටතේ ඔබේ චින්තනය ප්‍රායෝගික නැහැ. මට තේරෙන ප්‍රායෝගික විසඳුම තමයි පරිසරය සමග සහජීවනයෙන් අල්පේච්ඡව ජීවත් වීම පිලිබඳ අපේ හර පද්ධතීන් නූතන විද්‍යාව සමග මුසු කිරීම.

    මේ අවස්තාවේ කරුනු දැක්වීමට මට අපහසු නමුත්, ඉතා කෙටියෙන් මේ ටික කිව යුතුමයි. නූතන විද්‍යාව නිසා ලෝකය විනාශ වේ යයි සිතීම විශාල මුලාවක්. ලෝකය විනාශ වන්නෙ ජනගහන වර්ධනය හා කෘතිම පාරිභොගිකත්වය (consumerism) නිසා. මේවාට විසඳුම් දැනටමත් අපි දන්නව. නමුත් බොහෝ රාජ්‍ය තන්ත්‍රයන් මේ ගැන විධිමත් වැඩපිලිවෙලක් ක්‍රියාත්මක නොකිරීම තමයි ප්‍රශ්නය. ඇමරිකා එක්සත් ජනපදය තුල මේ සම්බන්ධව යහපත් ප්‍රවනතාවයක් ඇතිවන ලකුනු දැනට නැතිවීම අවාසනාවක්. නමුත් චීනය ඔවුන්ගේ රට තුලදී නම් මේ ප්‍රශ්න වලට යම් යම් පිලිතුරු ලබාදීල තියෙනව.

    ලෝකයෙ සම්පත් බහුතරය පාලනය කරන බලවත් රාජ්‍ය තුල වෙසෙන ජනතාව මානසිකමය පරිවර්තනයකට අවතීර්න කිරීම හැර වෙන විසඳුමක් මට පේන්නෙ නැහැ. එම රටවල ක්‍රියාත්මක වන යහපත් චින්තනයන්ට අපේ හර පද්ධතීන් (සාරධර්ම) ඇසුරින් රුකුල් දීම, ලංකාව තුල සංවෘත සමාජයක් ඇති කිරීමට අසාර්ථක උත්සාහයක නිරත වීමට වඩා වැදගත් කියල මම හිතනව. ලෝකයේ ප්‍රශ්න විසඳිය හැක්කේ, එකිනෙකාගේ අදහස් බෙද හදාගෙන එක්වීමෙන් මිසක්, බෙදී වෙන්වීමෙන් නෙමෙයි කියා මම තරයේ විශ්වාස කරනවා.
    7 minutes ago · Like
      • Ritigala Jayasena 
        සහභාගීත්වයෙ යථාර්තය (participatory reality) කියන්නෙ 'නිරීක්ෂ්‍යය' (observee) හා 'නිරීක්ෂකයා' (observer) එකතුවීමෙන් හටගන්නා 'නිරීක්ෂනය'ට' පිටින් පවතින යථාර්තයක් ගැන සංකල්පය අර්ථ විරහිත බවයි. අපට නිරීක්ෂනය කලහැකි දේ නම් 'යථාර්තය' වේ. නිරීක්ෂන්යට පිටතින් පවතින යථාර්තයක පැවැත්ම හුදෙක්ම හිතලුවක් (වෙනත් වචන වලින් කියන්නේ නම් 'මනස්ගාතයක්') . ඒ අනුව යථාර්තය බිහිවන්නේ නිරීක්ෂකයා හා නිරීක්ෂ්‍යයේ සහබාගීත්වයෙනි. ක්වන්ටම් වාදයේ කෝපන්හෙගන් විවරනය තුල ද්විත්ව සිදුරු පරීක්ෂනයේ (double-slit experiment) ප්‍රතිපල හා සිතලු පරීක්ෂනයක් වන ෂ්‍රොඩින්ගර් ගේ පූසා (Schrödinger's cat) විස්තර කිරීමට යොදාගන්නේ මේ චින්තනයයි. වාස්තවික යථාර්තය පිලිබඳ අදහස ඉවතලන, ගමන් 'නිරීක්ෂනය' යන සංසිද්ධියට සංගත අරුත් දැක්මක් මේ චින්තනය තුලින් ඉදිරිපත් වෙනව. ඔබගේ ප්‍රවාදයේ මම දකින මූලිකම අඩුපාඩුව නම් 'නිරීක්ෂනය' යන සංකල්පයට සංගත අරුත් දැක්වීමක් ඔබේ චින්තන තුල නොමැති වීමයි. මෙම සංවාදය තුලදීම ඔබ අවස්ථා දෙකකදී 'නිරීක්ෂනයට' ආකාර දෙකක නිර්වචන ලබදුන්නා. පොදු නිරීක්ෂනය යන සංකල්පය නොමැතිව පොදු දැනුමක් ගොඩ නගන්නෙ කෙසේදැයි මට පැහැදිලි නැහැ.

        ඔබගේ ප්‍රවාදය තුල දේශපාලනමය හේතුවක් නිසා 'සංස්කෘතිය' යන්නට අනවශ්‍ය වැදගත් කමක් දී තිබෙනවා. එමෙනම සංස්කෘතිය යනු වෙනස් නොවන හා වෙනස් නොවියයුතු ධර්මයක් ලෙස අනවශ්‍ය අර්ථකතනයක් දී තිබෙනවා. අනෙක් හැමදෙයක්ම මෙන් සංස්කෘතියද සාපේක්ෂ හා වෙනස් වෙමින් යන්නක්. ප්‍රාග් ඓතිහාසික යුගයක් පැවති බව හා ඓතිහාසික මූලාශ්‍ර වලින් පෙනීයන පරිදිත් සංස්කෘතිය යනු අපිට පාලනය කිරීමට නොහැකි ආකාරයකින් සීග්‍ර ලෙස වෙනස් වෙනක් බව නොපිගන්නා දර්ශනයකට පැවැත්මක් නැත. මෙම වෙනස් වීමෙ ස්වභාවයට අනුගත වන දර්ශනයකින් පමනයි මානව ප්‍රශ්න විසඳිය හැක්කේ.
        4 minutes ago · Like
      • Ritigala Jayasena 
        පොල්ගෙඩිය බිම වැටීම යන නිරීක්ෂනය සංස්කෘතියට සාපේක්ෂ නොවන බව හා ලොව දැනට ඇති සංස්කෘතීන්ගෙ වෙනස්කම් සියලු මානවයන් පොල්ගෙඩි බිම වැටෙන බව එකසේ නිරීක්ෂනය කිරීමට හා එය සාධාරන දැනුමක් ලෙස පිලිගැනීමට බාධාවන තරම් ප්‍රබල නොවේ. සංස්කෘතික වෙනස්කම් පාදක කොටගෙන මිනිසාගේ සහජ ඉවෙන් ඔබ්බට යන කෘත්‍රිම දැනුම් නිර්මාණය කිරීමට යන ඔබගේ දර්ශනය, චුවින්ගම් මෙන් හපමින් රසකිරීමට මිස වෙනත් ගුනාත්මක කටයුත්තකට උපයෝගි කරගත නොහැකි බව මගේ වැටහීමයි.

        මිනිසාගෙන් ස්වයාවත්තව පවතින වාස්තවික යථාර්තයක් ගැන හැඟීම, "බටහිර" චින්තනය නිසා ඇතිවන්නක් බව මම නොපිලිගනිමි. පුරාණ වෛදික යුගයේ සිට දඹදිව පැවති දර්ශනවාදයේ අස්තික-නාස්තික (http://en.wikipedia.org/wiki/%C4%80stika_and_n%C4%81stika) බෙදීමෙන් පටන්ගෙන, අතුලමින් බෙදෙමින් ආ නොයෙකුත් දර්ශනවාද තුල වාස්තවික යථර්තයක පැවැත්ම හෝ නොපවැත්ම සාකච්ඡාවට ලක්ව ඇත.

        තමන්ගෙන ස්වයායත්තව පවතින යථාර්තයක පැවත්ම පිලිබඳ අදහස මිනිසාගේ 'සහජ ඉවක්' ලෙස මම කල්පනා කරමි. ප්‍රාග් ඓතිහාසික මානවයන් සිය පැවත්ම සඳහා ස්වභාවධර්මය සමග නිරන්තර සටනක යෙදුන අතර. තමුන්ට එරෙහිව පවතින යථාර්තයක් හා ඒම යථාර්තය සමග පොරබදා ජයගැනීමේ ජන්ම ගතියක් අප සැම තුල වේ. මෙම සටනින් මානවයා ජයගෙන පරිසරය පරාජය වෙමින් යන මේ සමයේදී, අපගේ පැවැත්ම සඳහා වෙනත් ආකාරයක් 'ඉවක්' ඇතිකර ගැනීමේ අවශ්‍යතාවය ගැන විවාදයක් නැත.

        ඔබගේ දර්ශනය වටා පිරිසක් එකතු කර ගැනීමේ අපේක්ෂවෙන් පටු ගෝත්‍ර වාදය වැපිරීම මට තේරුම් ගත හැක. නමුත් එසේ එකතුවෙන පිරිස් තත්වයෙන් බාල බැවින් ඔවුන් ඔබගේ දර්ශනය තේරුම් ගැනීමට ප්‍රථම තේරුම් ගන්නේ වර්ගවාදයයි. ඇත්තටම ඔබගේ චින්තනයට සමාන චින්තනයක් ඇති බොහෝ දෙනෙක් 'බටහිරයන්' අතරද සිටිති ගෝත්‍ර වාදය වැපිරීම නවත්වන්නේ නම් විකල්ප චින්තනක් වශයෙන් ලෝකය තුල ඉදිරියට පැමිනීමට ඔබගේ චින්තනයට හැකි වෙනවා ඇත. මාගෙ චින්තන රටාවද වඩාත් සමීප වන්නේ වාස්තවිකව පවතින යථාර්තක් පිලිබඳ සංකල්පය පදනම් නොකරගත් දර්ශනයන්ට බව ඔබට දැන් වැටහී ඇතයි සිතමි. නලින් ද සිල්වා ඇතුලු ජාතික චින්තකයන් ගැන මාගෙ පවතින උනන්දුව මේ හේතුව නිසා වේ.
        • 3 hours ago · Like
        • Dharshana Kasthurirathna 
          මගේ දර්ශනයක් මෙතන නෑ. නලින්ද සිල්වා මහතා නිර්මාණය කළ දැනුම මත පදනම් වෙලා තමයි මම ලියන්නේ (ඔබ කවුරු හරි බටහිර රටක මිනිහෙක් නිර්මාණය කළ මතවාදයක් පදනම් කරගෙන ලියනවා වගේ). 

          මට තේරෙන විදියට නං participative reality කියන එකේ reality එකක් නැහැ. මොකද යථාර්තය කියන එකේ අර්ථයම එය මනසින් (පුද්ගලයාගෙන්) ස්වායත්ත දෙයක් කියන එකයි. හැම පුද්ගලයාටම එක එකයි. නමුත් නිරීක්ෂකයා මත නිරීක්ෂණය වෙනස් වනවා නම් එතැන reality එකක් නැහැ. ඒ නිසා participative reality කියන අදහස විසංවාදයක්. මන්ද එක් එක් නිරීක්ෂකයාගේ ඉන්ද්‍රිය වෙනස් නම් ඒ ඒ පුද්ගලයාගේ (නැති) යථාර්තයද වෙනස්වන නිසා. (ඔතන හැමකෙනාගෙන ඉන්ද්‍රිය සමානයි කියලා උපකල්පනයක් කරලා තියෙනවා. ආයිත් සාමාන්‍යකරණයක් ) යථාර්තය එහෙම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය නොහැකියි.

          සංස්කෘතිය වෙනස් නොවන දෙයක් නොවේ. අනිත්‍ය ගැන කථා කරන සංස්කෘතියක මිනිස්සුන්ට වෙනස් වීම අරුමයක් විය නොහැකිය. නමුත් සංස්කෘතිය වෙනස් වන්නේත් යම් පදනමක ඉදගෙන තමයි. අද වෙන්නේ සංස්කෘතිය වෙනස් වීම නොව බලහත්කාරයෙන් වෙනස් කිරීමය. එය කරන්නේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය විසින් (මන්ද යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ එක් ප්‍රධාන අදහසක් තමයි අනිත් සංස්කෘති ශිෂ්ට - civilize - කිරීම). මේක හරියට ගෙයක් හදනවා වගේ වැඩක්. ගෙයකට තින්ත ගාන්න පුළුවන්. අලුතෙන් කාමරයක් දාන්න පුළුවන්. නමුත් පදනම වෙනස්වෙන්නේ නෑනේ. නමුත් කවුරු හරි ගෙයි පදනම වෙනස් කරනවා කිව්වොත් ඒ කියන්නේ ගේ කඩා දානවා කියන එකයි. එක වෙනස් කිරීමක් නොව විනාශ කිරීමකි.

          නිර්මාණාත්මක සාපේක්ෂතාවේ සංස්කෘතිය සහ චින්තනයට වැදගත් තැනක් දෙන්නේ දැනුමේ සාපේක්ෂතාව එමගින් සංගතව පැහැදිලි කළ හැකි නිසයි. ඔබ කලින් ඉදිරිපත් කළ යන participative reality අදහස නම් ඒ අනුව යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය තුළ ගබ්සා වූ සාපේක්ෂතාවාදයකි. ඒක නිසා තමයි කොහෙන් හරි reality එකක් ඔබ්බලා තියෙන්නේ. 

          වාස්තවික යථාර්තය ගැන කතා කිරීමෙන් පලක් නැත කියන අදහසත් එන්නේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට එය බැහැර කිරීමට නොහැකි බැවිනි. එබැවින් ඒක පෙට්ටියක දාලා වහලා තියෙනවා. (හරියට මහා පිපිරුමට කලින් තිබ්බේ මොකක්ද කියන ප්‍රශ්නය අහන්ඩ එපා කියනවා වගේ). වාස්තවික යථාර්තය නිසා තමයි බටහිර දැනුම objective - වාස්තවික - දැනුමක් ලෙසත් අනිත් දැනුම් මිත්‍යා ලෙසත් හුවා දැක්වෙන්නේ. එහෙත් වාස්තවික යථාර්තයට විරුද්ධව ක්වන්ටම් භෞතිකය සහ බටහිර පශ්චාත් නූතනවාදීන් (මෙරට සිටින sex කණ්ඩායම් විසින්නම් නොවේ) ඉදිරිපත් කළ විවේචන වලට පිළිතුරු නැති නිසා තමයි 'ඒක අමතක කරලා ඔන්න ඔහේ යමු' කියලා මතයක් ඇති වෙලා තියෙන්නේ.

          සිංහල බෞද්ධ සංස්කෘතියට සාපේක්ෂව වාස්තවික යථාර්තයක් නැත කීවිට එයද වාස්තවික නොවන දැනුමකි. එහි විසංවාදයක් නැත. එය විසංවාදයක් වන්නේ රේඛීය චින්තනය යටතේය.
          2 hours ago · Like · 
        • Dharshana Kasthurirathna 
          අපට ජාතිකත්වය වැදගත් වන්නේ එය සහ සංස්කෘතිය (සහ චින්තනය) අතර චක්‍රීය සම්බන්ධයක් ඇති නිසාය. ඒ දෙකින්ම දෙකම පෝෂණය වෙනවා. සිංහල බෞද්ධ ජාතිකත්වයක් නැතිනම් බුදු සසුන සහ සිංහල බෞද්ධ සංස්කෘතිය නැති වී බොහෝ කල්. නමුත් මේ ජාතිකත්වයත් සම්මුතියක් තමයි (එනයින් එය බටහිර 'ජාතිකවාදය' - nationalism යන්නෙන් වෙනස් වනවා). කෙසේ වෙතත් සිංහල බෞද්ධ සංස්කෘතියේ ජාතිකත්වය තුළ ජාතිවාදයකට ඉඩක් නැත. එසේ හැසිරෙන යමෙක් වෙනම් හේ බටහිර ජාතිකවාදයෙන් පෝෂණය වූ අයෙක්. බටහිර සංස්කෘතිය රැකීමටත් ඒ ඒ රටවල් ජාතිකවාදයයොදා ගන්නා අයුරු ඒ රටවල ජීවත් වූ අය දන්නවා ඇති.

          සිංහල බෞද්ධ සංස්කෘතියට සාපේක්ෂව නිර්මාණය වූ දැනුම චුයින්ගම් නම් සිංහලෙන් ලියන්නේ ඇයි? (භාෂාවද දැනුමකි). බටහිර දැනුම එන්න කලින් මේ රටේ මිනිස්සු ජීවත් උනේ එවැනි දැනුමක් මත පදනම්ව තමයි. ඒ දැනුමෙන් අප අදත් ප්‍රයෝජන ගන්නවා. ඉංගිරිසින් විසින් දැන හෝ නොදැන අඩපණ කරපු පැරණි වැව් පද්ධතිය තාමත් දුවනවා. නමුත් ඒ ඉංගිරිසීන්ම හදපු මහවැලි 'ජලාශ' නම් අම්බානට ගොඩ වෙලා සම්පූර්ණ අසාර්ථක ව්‍යාපෘතියක් වෙලා තියෙන්නේ. යුද්දෙ දිනුවේ මෙරට තැනූ මතවාදයක් (මහාවංශයේ එන පරිදි රට ආරක්ෂා කර ගැනීමට යුද්ධ කිරීම වරදක් නැති බව සහ මෙරට තිබුනේ අභ්‍යන්තර කැරැල්ලක් බව) මත පදනම් වෙලා මිස බටහිරයන් තැනූ මතවාදයක් (ත්‍රස්තවාදය යුද්ධයෙන් පරාජය කළ නොහැකිය) මත පදනම් වී නොවේ. මෙරට සහ ලොව බොහෝ රටවල් පෙළන ආර්ථික සමාජීය සහ සංස්කෘතික ප්‍රශ්නවලට විසදුම තවදුරටත් බටහිර දැනුම කොපි කිරීම නොව ඒ ඒ සංස්කෘතිවලට සාපේක්ෂව දැනුම් නිර්මාණය කිරීමය.

          වර්තමාන පරිසර විනාශයට ධනවාදය මෙන්ම බටහිර විද්‍යාවද එකසේ දායකත්වයක් ලබා දී ඇත. (මේ දෙකම යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ නිවුන් දරුවන් වෙති). බටහිර විද්‍යාවට පරිසරය සුරැකීමට නොහැක්කේ එය ගොඩ නැගී ඇති සංස්කෘතිය මිනිසාට පරිසරය පාලනය කළ හැකිය සහ පරිසරය සහ සතුන් මිනිසාගේ ප්‍රයෝජනයට ගත යුතුය යන මූලික අදහස මත පදනම් වූ සංස්කෘතියක් නිසයි. එසේ නම් පරිසරය සුරැකිය හැක්කේ පරිසරය සමග මිනිසා සහජීවනයෙන් සිටිය යුතුය කියන අදහස දරන සංස්කෘතියක නිර්මාණය වූ දැනුමකින් විය යුතුයි. ඒ දැනුම ආර්ථිකය,දේශපාලනය සහ සාමාජීය ක්ෂේත්‍ර පිරිවසා ගිය දැනුමක් විය යුතුයි.

          පුරාණ මතවාද වලත් යථාර්තය තිබ්බා (යමක් පැරණි උන පළියට නිවරදි වෙන්නේත් නෑනේ). නමුත් යුදෙව් ක්‍රිස්තියානි චින්තනයට යථාර්තය එන්නේ නම් යුදෙව් සංස්කෘතියෙනි. ඒ ලෝකය මවා ඉන් වෙන්ව සිටින යෙහෝවා දෙවියන්ගෙනි. කොහොම වෙතත් අද ලෝකයේ ප්‍රධාන (සහ බොහෝ විට එකම) දැනුම බවට පත් කෙරී ඇති දැනුම බටහිර විද්‍යාව නිසා ඒක ගැන තමයි සාකච්ඡා කළ යුත්තේ.
          2 hours ago · Like · 
        • Dasun Tharaka Bamunuarachchi 
          ‎"චුවින්ගම් මෙන් හපමින් රසකිරීමට මිස වෙනත් ගුනාත්මක කටයුත්තකට උපයෝගි කරගත නොහැකි බව මගේ වැටහීමයි"

          මේ චුවින්ගම් කතාවට මම කැමතියි. චුවින්ගම් කියන්නෙ කිසිම ගුණාත්මක වටිනාකමක් නැති හප හපා ඉන්න හදපු දෙයක් කියන එක නූතනත්වවාදියෙකුගෙ අතින් වැරදීමකින...See More
          about an hour ago · Like · 
        • Dasun Tharaka Bamunuarachchi අපේ වැව් ගොවිතැන් සහ වෙදකම් කළේ කෙසේද යන්න ගැන නම් ගවේෂණයක් දැනටත් කෙරෙන බවත් ඒ දැනුම බුදුසසුන හා බැඳී ඇති බවත් ඒ සෙකියුලර් දැනුමක් බවට පත් කළ හැකිවෙතැයි සිතිය නොහැකි බවත් දැනට කිව හැකියි.
          24 minutes ago · Like · 
        • Ritigala Jayasena 
          නලින්ද සිල්වාගේ දැනුම ඔබ දැන් ඔබේ දැනුමක් කරගෙන ඇතිබැවින් එය "ඔබේ" දැනුමක් කියා මම භාවිත කරනව. මට ඒ විදිහ ලේසි නිසා හා එකේ වැරද්දක් මම දකින්නේ නැති නිසා.

          අවුරුදු ගනනක් තිස්සෙ ඔබෙ හිස තුල පෝෂනය කල මූලධර්මවාදී අදහස් මේ සාකච්ඡාවේ ප්‍රතිපලයක් ලෙස වෙනස් වේ යයි මා සිතන්නේ නැහැ. එම නිසා අවසානයේදී ඔබ ඔය අන්තිමට කියූ දේවල් ටික මේ වගේ සාකච්ඡාවක අවසානයේදී සඳහන් වීම අනිවාර්යයි. බලන්න මේ ජාතික චින්තන මූලධර්මවාදයේ ප්‍රතිපලයක් ලෙස කොතරම් දුරකට ඔබේ ලෝක දැක්ම අවුල් වෙලාද කියල. ඔබ කිසිම පුද්ගලයෙකු 'බටහිරයෙකු', 'යුදෙව්වෙකු', 'සිංහලයෙකු', 'දෙමලෙකු' මිස තවදුරටත් 'මිනිසෙකු' ලෙස දකින්නේ නැහැ.

          "බටහිර දැනුමින් ලෝකය විනාශ වේ" යන පරම සත්‍යයකුත් ඔබ අදහනව. හරියට අර ඒබ්‍රහමික ආගම් වල එන "ලෝක විනාශය" වගේම මෙකත් ප්‍රශ්න කරන්න පුලුවන් දෙයක් නොවේ. ඔබගේ මේ ප්‍රවාදය වැරදි වීමට කිසිම ඉඩක් නැහැ කියල තමයි ඔබ හිතන්නේ. ඕකට මූලධර්ම වාදයක් කියන්නෙ ඒක නිසයි.බටහිර කෙරෙහි වෛරයක් ඇතිකරන්න මේ වගේ 'පරම සත්‍ය' භාවිතා කිරීම කෙතරම් දුරකට ඔබගේ දර්ශනය සමග පෑහෙනවද කියල හිතල බලන්න.

          participative reality එකෙ reality කියන වචනයේ එල්ලීගෙන එය විමසාබැලීමකින් හෝ තොරව ප්‍රතික්ශෙප කිරීමත් තරමක මූලධර්මවාදි ප්‍රවනතාවක්. කුරානයේ තියෙන්න දෙවියන්ගේ වචනය නිසා ඉන් බැහැර ඇති හැමදෙයක්ම විමසා බැලීමකින් හෝ තොරව ප්‍රතික්ශේප කිරීමට හැකි බව සිතීම සහ ඔබගෙ අදහස් අතර ඇති සමානතාවය බලන්න. කිසියම් අන්ත දෙකක් අතර කලු සුදු නොවන අලු පාටවල්ද ඇති බව අමතකිරීම 'මධ්‍යම ප්‍රතිපදාව' අමතක කිරීමක්.
          7 minutes ago · Like
        • Ritigala Jayasena 
          අයින්ස්ටයින් ගේ සාමාන්‍ය සාපේක්ශතාව (general theory of relativity) "පරම සත්‍යය" නොවන බැවින් එහි අඩු පාඩු තිබීම අරුමයක් නොවේ. නමුත් ඔබ කී කරුන එහි අඩු පාඩුවකට උදාහරණයක් නොවේ. අයින්ස්ටයින් කාටිසීය "රේඛීය චින්තනයෙන්" ගැලවුනත් ඔබට තවමත් එයින් ගැලවීමට නොහැකිවී ඇති බවට උදාහරණයක් පමනයි. මහා පිපිරුමට "පෙර" පැවැතියේ මොනවද කියල අහන්න එපා කියල කවුරුවත් කියන්න අවශ්‍ය නැහැ. "පෙර" හා "පසු" වගෙ සංකල්ප එන්නෙ කාලය කියන සංකල්පය එක්ක. අයින්ස්ටයින්ගේ විශ්වයේ "කාලය" කියන්නෙ තවත් එක මානයක් විතරයි. මහා පිපිරුම කියන්නේ මෙම කාල මානයේ 'බින්දුව' කියල සම්මත කරගත් තැනක්. ඉතින් කාලය ඇරඹෙන්නට "පෙර" මොනවද තිබුනේ කියල අහන්න බැහැ නේද? කාලය යනු නිරපේක්ෂව 'ගලා යන්නක්' කියන කාටිසීය රේඛීය චින්තනය ඇතුලේ නම් මේක ප්‍රශ්නයක් තමයි. විශ්වයේ කාල-අවකාශ ඛන්ඩාංක වල "කොන්" සෙවීමට යෑම අර පෘථිවිය පැතලියි කියල හිතන් හිටපු අය පෘථිවියේ කොන හොයන්න මුහුදු ගමන් ගියා වගේ. උත්තර ධ්‍රැවයෙදි අපගේ අක්ෂාංශ "ඇරඹුනාට" එතැනත් පෘථිවියේ අනිත් තැන් වගේම තමයි.

          පෘථිවිය ගෝලාකාරයි කියන්නෙ බටහිර ප්‍රවාදයක් කියල ඔබ කියයිද දන්නෙ නැහැ. සමහරු කියන විදිහට පෘථිවිය ගෝලාකාරයි කියල බුදුන් "දැන සිටියා" කියල ඔබ කියන්නෙ නැම් නැහැ කියල දන්නව. හැබෑටම අපේ ජාතික චින්තනය අනුව මහ පොලවේ "හැඩයක්" කියල දෙයක් තියෙනවද?

          ඔබට සහ ඔබේ යහලුවන්ට මිනිසුන්ගේ සම්මත කලු සුදු ස්ටීරියොටයිප් හැරන්නට වෙනත් 'අලුපාට' මිනිසුන්ද ඉන්නට පුලුවන් කියල හිතාගන්න බැරිබව දසුන් තාරක මට "නූතන වාදියෙක්" කියල කීමෙන් පේනව.

          ඒ වගේම ඔබ වර්තමාන ලෝකයේ සංස්කෘතීන් අතර ඇතිවී ඇති ලෙහන්න බැරි සහ-සම්බන්දය අමතක කරල මනෝරාජික "එකීය" සංස්කෘතික සිහිනයක් දකිනව. 'බටහිරයන්' කලදේ හරි වැරද්ද කෙසේ වෙතත් ඔබගේ චින්තනයේ ප්‍රායෝගික බව ගැන හිතන්න ඔනේ නේද? අද මේ රටෙ ඉන්න උගත් පුද්ගලයන් බොහොමයක් ඉන්නේ දේශීය සහ විදේශීය සංස්කෘතික මිශ්‍රනයක් තුල. ජාතික චින්තන නියමුවන්ගේ දරුවන් පවා තෝරාගෙන ඇත්තේ මිශ්‍ර (තුප්පහි) සංස්කෘතියක්. කරන දෙයක් මේ අයට පිලිගත හැකි රාමුවක කරන්න ඔනේ. නෝවාගේ නැව පිලිබඳ ප්‍රවාදය අද බොහෝ ක්‍රිතියානි ආගමිකයින්ද පිලිගන්නෙ නැහැ වගේ, "සම්‍යක්දෘශ්ටික දෙවි-දේවතාවන්ගේ පුන්‍යබලය හීන වීම නිසා අකලට වැසි වසී" කියල කිව්වහම මේ රටේ ඉන්න උගත් බෞද්ධයන් හිතන්නේ නලින්ට පිස්සු කියල. ඒ කතාව අමතක කරමු. ලෝකයේ දැනට පවතින බල ව්‍යුහය (power structure) එක් වරම බිඳ වැටෙන්නේ නැහැ. නූතන සංස්කෘතික මිශ්‍රනය මේ බල පද්ධතියේ වැදගත් කොටසක්. ඉස්ලාම් මූලධර්මවාදීන් මේ සත්‍යය වටහා නොගත් නිසා තමයි ඔවුන් අද වියරු වැටුන ත්‍රස්තවාදීන් වෙලා තියෙන්නෙ. "සිංහල බෞද්ධ" තරුණයන්ද මේ වගේ අන්තයකට යාම දකින්න අකමැති නිසා තමයි මම මේ හැටි මේ ගැන වදවෙන්නේ.


          • Ritigala Jayasena 
            ඔනෑම නූතන සමාජයක ඉදිරි ගමන සිදුවෙන ආකාරය සහ හර පද්ධතීන් අසුරින් සමාජ විඥානය පරිවර්තනය වෙන අයුරු තීරනය කරන්නේ මධ්‍යම පන්තියයි. ජාතික චින්තනයද මෙම මධ්‍යම පන්තිය තුලම බිහිවී ඇත. ඇත්තටම මෙය යහපත් ප්‍රවනතාවයකි. පිටතින් එන සමාජ-ආර්ථික රැලි වලට අනුව ඔහේ පාවෙමින් සිටීන්නේ නැතිව යමක් කිරීම ඉතා හොඳ ප්‍රවණතාවයකි. මට ඇති එකම ප්‍රශ්නය මෙම චින්තනය තුලින් බලපොරොත්තු වෙන ප්‍රතිපලය අත්වේද යන්න පමණි.

            ඉහත මම සඳහන් කල දෙයක් නැවත කියන්නේ නම්, අල්පේච්ඡතාව හා පරිසරය සමග සහජීවනයෙන් ජීවත්වීම යන ගුනාංග අපේ සංස්කෘතිය ඇසුරින් ලෝකයට දිය හැකි හරයන් වේ. ඇත්තවශයෙන්ම කියන්නේ නම් ආර්ථික වශයෙන් දියුනු රටවල මධ්‍යම පන්තිය හා පහල මධ්‍යම පන්තිය මෙම හර පද්ධතීන් සීග්‍රයෙන් වැලඳ ගනිමින් සිටී. ලංකාවේ පහල මධ්‍යම පන්තිය තුල මෙවන් සංකල්ප ජනප්‍රිය නොවන්නේ ඔවුන් කෘත්‍රිමව ඇතිකරන ලද අවශ්‍යතා (consumerism) නිසා කෘත්‍රිම ආර්ථික බරකින් පීඩිතව, සහ හර පද්ධතීන් අතර අතරමංවද සිටිම බැවිනි. අපගේ අතීත "සාරධර්ම" යනු ඔවුන්ට උදාන වාක්‍යයක් පමණි, පිලිපදින්නක් නොවේ. පශ්තාත් නූතන මිශ්‍ර සංස්කෘතියේ (cosmopolitan culture) එන පශ්තාත්-නූතන (post-modern) හර-පද්ධතීන් (value systems) ඔවුන්ට ගෝචර වීමට තරම් ප්‍රබල ලෙස ලංකාව තුල ක්‍රියාත්මකවීමක් හෝ සංවාදයට ලක්වීමක් සිදු නොවේ. මේ සමාජ ආර්ථික අතරමංවීම නිසා ලංකාවෙ පහල මධ්‍යම පංතිය සහ මධ්‍යම පංතිය තුලින් බොහෝ විට බිහිවෙන්නේ හරසුන් පුද්ගලයන්ය. මේ හරසුන් මධ්‍යම පන්තියට ආගම යනු සිය කුහකත්වය වසා ගැනීමේ සහ අනන්‍යතා අර්බුදය විසඳා ගැනීමේ මාර්ගයක් පමනි. ජාතික චින්තන්ද තම තෝරාගත් ආගම වන බුද්ධාගම සමග බැඳී පවතින බව දකින මෙම මධ්‍යම පාංතිකයෝ එයට ආකර්ශනය වෙති. එමෙන්ම සිය සන්තානයේ පවතින ගෝත්‍රවාදයද මෙම චින්තනය තුල සාධාරනීකරනය වෙන බවක්ද පෙනන නිසා එය ඔවුන්ට වඩාත් ගෝචරවේ. මාධ්‍ය යන්ත්‍රය විසින් උදේ සවස බෙදාහරින බටහිර විරෝධයද ජාතික චින්තනය සමග පෑහෙන බැවින් එතැනද ආකර්ශනයක් ඇත.

            නලින්ද සිල්වා ඇතුලු ජාතික චින්තනයේ සැබෑ නියමුවන් සිය කර්ත්‍යවය කිසියම් අවංකභාවයකින් යුක්තව කරන බව මම දනිමි. මට ඔවුන් සමග බුද්ධිමය වශයෙන් එකඟතාවයක් (intelectual agreement) නොමැති වුවද කිසියම් ගරුත්වයක් ඇත. අවාසනාවට මෙම සංකල්ප සමග බද්ධ වන බහුතරය තවමත් සිටින්නේ පාසැලෙන් හා සමාජයෙන් ඉගැන්වූ කාටිසීය රේඛීය චින්තනය තුල බැවින්, ජාතික චින්තනය තුල දැනුම් නිර්මාණයේ ක්‍රමවේදය වන නිර්මානාත්මක සාපේක්ෂතාව තුලින් බිහිවන සියලු ප්‍රවාදද ඔවුන් තේරුම් ගන්නේ වාස්තවික සත්‍යයන් (objective truths) ලෙසය. මේ තත්වය තුල බිහිවෙන දෙබිඩ්ඩන් සමාජයට තවත් බරක් මිස, හරවත් යමක් එකතු කරන පිරිසක් නොවනු ඇති බව මගේ හැඟීමයි.
Comments