භෞතික විද්යාව පිළිබඳව හේතූවාදියෙකුගේ විමසීමක් - ශ්රීමත් හර්මන් බොන්ඞි

Original article in English:  A non-believer looks at physics by Hermann Bondi - click the link to download article

Sinhala translation by Sena de Silva

Physics Education සඟරාවට ශ්රීමත් හර්මන් බොන්ඩි විසින් 1987 දී සැපයු A non-believer looks at physics ලිපිය ආශ්රයයෙන් මෙම පිටපත සකස් කළේ මහනුවර හේතුවාදී සංගමයේ සේන ද සිල්වා විසිනි.

භෞතික විද්යා ව පිළිබඳව හේතූවාදියෙකුගේ විමසීමක්
ශ්රීමත් හර්මන් බොන්ඞි


බොහෝ විද්යාමඥයන් විශේෂයෙන්ම භොතික විද්යාිඥයන් ආගමික බැතිමතුන් නොවන බවට සාමාන්ය් පිළිගැනීමක් ඇත. එහෙත් ඇතමෙක් සියලු විද්යාිඥයන් කුමන හෝ පිළිගත් ආගමික සම්ප්ර දායක් පිළිබදව පැහැදීමක් ඇති අය බවද විශ්වාස කරති. හේතුවාදී අදහස් දරන විද්වතෙකු ලෙස මම මෙම මාතෘකාව පිළිබදව විමසීමක් කිරීමට අදහස් කරමි.
මාගේ අදහස අනුව විද්වතුන් අතර ආගමික භක්තිය ඇති හෝ නැති බව සාමාන්යව ජනතාව තුල ඇති එවැනි තත්වයට බොහෝ දුරට සමානය. භක්තිය ඇති හෝ නැති සංඛ්යාදව පිළිබදව විද්වතුන් අතර සංගණනයක් කිරීමට මම මෙහිදී අදහස් නොකරමි. තවද ලොව පුරා පැතිර පවත්නා විවිධ ආගම් සහ භෞතික විද්යාව අතර යම් පරස්පර විරෝධයන් ඇත්නම් ඒ පිළිබද විමසා බැලීම තම තමන්ගේ ආගම් අදහන අයටම මම භාර කරමි.එහෙත් මා දන්නා සමහර ආගම් සහ භෞතික විද්යාකව අතර ඇති තර්කානුකූල පිලිවෙත්වල කැපී පෙනෙන වෙනස්කම් කිහිපයක් ඉදිරිපත් කිරීමට මම බලාපොරොත්තු වෙමි.
මා දරණ අදහස් පිළිබව කෙටි හැදින්වීමක් මෙසේය.මම මානවවාදියෙක් වෙමි.මනුෂ්යහයන් වශයෙන් අප අතර නොයෙකුත් අඩුපාඩුකම් සහ නුසුදුසු ලක්ෂණ ඇති බව පිළිගනිමි. පුද්ගලයන් ලෙස අප තුල ඇති සහ අප අතර ඇතිවන්නාවු ගැටළු විසඳීමේදී අපගේ දුර්වලතාවයන් පිළිගනිමින්ද අපගේ හැකියාවන් පිළිබදව විශ්වාසය තබමින් සහ එම හැකියාවන්ගෙන් උපරිමයෙන් ප්රියෝජනය ගනිමින් කටයුතු කල යුතු බව මම පිළිගනිමි. අපි මෙලෙස කටයුතු කරන්නේනම් මනඃකල්පිත හෝ අනුමාන සහිත ඉහලින් ඇති බවට සැලකෙන බලවේග වලට ආයාචනා කිරීම අවශ්යල වන්නේ නැත.

විශ්මය ජනක ආකල්පයක්
භෞතික විද්යාකව පිළිබදව මුලික ආකල්ප කිහිපයක් පිළිබදව දැන් අප අවධානය යොමු කරමු.මට විශ්වය විශ්මය ජනක ආකල්පයකි, ආශ්චර්ය සහ අභිරහස් එහි ගැබ්වී ඇත. මෙය බොහෝ විද්වතුන්ට හදුනාගැනීමට හෝ තේරුම් ගැනීමට නොහැකි බව පෙනේ. ඇතැම් විද්යාුඥයන්ගේ මතය අනුව විශ්වයේ උපත ලෙස සැලකෙන මහා පිපිරුම(1) සහ ක්වාර්කය(2) නමින් හදුන්වන මුලික අංශුව හොදින් විග්ර හ කල පසු සකල විශ්වය අපට මුළුමනින්ම තේරුම් ගත හැකිවනු ඇත. මෙවැනි මතවාද මම මුඵමනින්ම බැහැර කරමි. විද්යාපව දේශ සීමා හෝ මායිම් වලින් තොර බව මාගේ විශ්වාසයයි. විද්යාමවේ මායිම් නිරතුරුවම නව ප්රසදේශ කරා යොමුවෙමින් පවතියි. නව තාක්ෂණය සහ නව උපකරණ ආශ්රිිතව පවත්නා පරීක්ෂණ සහ නිරීක්ෂණ හරහා අපගේ දැනුමේ සීග්රො වර්ධනයක් සිදුවෙමින් පවතියි. විද්යාිවේ ඉතිහාසය යනු මෙම දැනුම වටහා ගැනීමට අප ගන්නා ලද උත්සාහයයි. තාක්ෂණයේ දියුණුව සමග විද්යායවට නව අභියෝග  මෙන්ම මින් පෙර නොවු සංසිද්ධින්ද වටහා ගැනීමටද සිදුවෙයි. අනාගතයේදී වටහා නොගත හැකිවන කාරණා නොමැති වීයන බවට කරන ප්රදකාශ මට පිළිගත නොහැකිය. එසේම විශ්වයේ උපතේ හෝ අධිබල අංශුවල සුවිශේෂීභාවයක්ද මට නොපෙනේ. භුවිද්යාපවේ සහ තාරකා විද්යාේවේත් ඇති අසිරිමත් බව දකින අතරම ඉතාම සරල ජීවීන් මෙන්ම ඉතා සංකීර්ණ පරිසර පද්ධතිවල ස්වභාවයඉදිරියේ මම ප්රිබෝධමත් වෙමි.
අප නොදන්නා දේ පිළිබදව මා තුල ඇත්තේ ගෞරවයකි. එසේම අපට බොහෝ දේ සොයාගැනීමට ඇති බවද මම පිළිගනිමි. මෙහිදී මා දරණ අදහස් යම් දුරට ආගමික භක්තිය ඇති මාගේ මිත්රැයන්ගේ අදහස් වලද සමාන විය හැකිය. මීලගට ඔවුන්ගේ අදහස් සමග මම එකග නොවන තත්වයන් විස්තර කරමි.

දිව්යනමය හෙළිදරව්වට විරෝධී මතය
සම්මත දේවවාදී ආගමික සංකල්ප අනුව විශ්වය දෙවියන්ගේ නිර්මාණයකි. විශ්වයට නිර්මාණ ශිල්පියෙකු හෝ නිර්මාතෘවරයෙක් සිටිනා බව බොහෝ විට සිතට සහනකාරී සිතුවිල්ලක් විය හැකිය. භෞතික විද්යායඥයන් ලෙස අප සියල්ලන්ගේම ගෞරවයට පාත්රහ වු එක් පුද්ගලයෙක් එම මතයේ පිහිටා සිටියේය. ඔහු අයින්ස්ටයින්ය . එහෙත් ඔහු සදහන් කරන ලද දෙවියන් කිසිදු ආකාරයක මනුෂ්යයයන්ගේ පෞද්ගලික අවශ්යමතා ඉටුකරන අයෙක් නම් නොවීය. එම දෙවියන්ට මනුෂ්ය යන්ගේ අපක්රියයාවන් සහ යාච්ඥාවන් පිළිබදව තැකීමක් නොවීය. එහෙත් සාමාන්යන ජනතාවගේ තත්වය මෙයට වඩා වෙනස්ය. තමන් ගැන සංවේදීශීලීවන්නා වූත් අපගේ යාච්ඥාවන්ට ඇහුම්කම් දෙන්නාවූත් අධීශ්වරබල ඇති තැනැත්තෙක් ඉහලින් ඇතැයි ඔවුන් සිතති. එහෙත් මෙවැනි වු අධිස්වභාවික බලවතුගේ පැවැත්ම ප්ර්ත්යඉකෂ ලෙස දැනගැනීමට මාර්ගයක් ඔවුන්ට ඇත්තේ නැත. ඔවුන්ගේ මෙම ඇදහිල්ල රඳාපවත්නේ භක්තිය මත ගොඩනැගී ඇති හැගීම් මතය.
ආගමික භක්තිවාදී සංකල්පයේදී මම භක්තිමතුන්ගේ මාර්ගයෙන් ඉවත්ව වෙනත් මගක් තෝරා ගතිමි. දෙවියන් පිළිබඳව දැනුම මනුෂ්ය්යන් කරා එන මාර්ගය නැතහොත් “දිව්යවමය හෙළිදරව්ව” මම මුළුමනින්ම බැහැර කරමි. එවැනි හෙළිදරව් හරහා මනුෂ්යවයන් අතර ඇතිවන බලපෑම් ගැන මම කණස්සල්ලට පත්වෙමි. මා කලින් සදහන් කල පරිදි අප විශ්වයේ ඇති විශ්මය ජනක ආශ්චර්යමත් සහ අභිරහස් සවභාවයන් පිළිබදව ආගමික භක්තිවාදීන් සමග එකගවන අතර එවැනි තත්වයන් වටහාගැනීමට “දිව්යබමය හෙළිදරව්ව” අනවශ්යව බව තරයේ විශ්වාස කරමි. ආගමික විශ්වාශ පිළිබද ව මාගේ පැහැදීමක් නැතිවීමට හේතුවන වැදගත්ම කාරණය ඇත්තේද මෙතැනය.
“ඔබ අදේවවාදියෙක්ද?”මෙය මම බොහෝ විට මුහුණ දෙන පැණයකි. එවිට මම දෙන පිළිතුර වන්නේ දෙවියන් යන සංකල්පයට අර්ථ දැක්වීමකින් තොරව එයට පිළිතුරු දීම අපහසු බවය. මෙහිදී සුපිරි බලධාරියෙකුගේ පැවැත්ම පිළිබදව කිසිදු වගවිභාගයකින් තොරව විශ්වාස කිරීමත් එවැනි සංකල්පයක් එකහෙළාම ප්රැතික්ෂේප කිරීමත් එක හා සමාන ක්රි යාවන් බව මම සළකමි. 
ඇතැම් විට දෙවියන් යනු සොබාදහමයි කියා හඳුන්වන අවස්ථා ඇත. මම සොබාදහම හොදින් විශ්වාස කරමි. තවත් විටක දෙවියන් යනු ආදරයට තවත් වචනයක් බව පවසති. මට ද ආදරය පිළිබදව හොඳ විශ්වාසයක් ඇත. එසේනම් ප්ර ශ්න කරන අයගෙන් මම අසන්නේ ඔබගේ දෙවියන් කවරෙක්ද? යන්නය. එවිට ඔහු දෙන උත්තරය අනුව දෙවියන් විශ්වාස කරන්නේද නැද්ද කියා කීමට මට හැකිවනු ඇත. “දිව්යවමය හෙළිදරව්ව ” තුලින් ඉදිරිපත්වී ඇති දෙවියන් මම බැහැර කරමි. එවැනි හෙළිදරව් තුලින් මාගේ අවිශ්වාසය මුල් බැස ගනී. අදේවවාදියෙකුට වඩා දිව්යඉ හෙළිදරව් විරෝධියෙකු ලෙස නම් කිරීමට මම එකග වෙමි.
දිව්යම හෙළිදරව්වට මා මෙතරම් අකමැති ඇයි? මා සිතන හැටියට එය මාගේ විද්යාව දැනුම සහ මානවහිතවාදී සංකල්ප ඒකාබද්ධ වීමේ ප්රැතිඵලයකි. විද්යාමවේ ශක්තිය රදා පවත්නේ සියලු දැනුම අවස්ථාරූපීය නැතහොත් තාවකාලිකය යන පදනම මතය . විද්යාද දැනුම නිරතුරුවම සංශෝධනය වෙමින් පවතියි. කිසිදු විශාල වැදගත්කමක් ඇති නියත භාවයක් විද්යාකව තුල නොමැත. විද්යායව තුලද ජීවිතය තුල මෙන්ම සැකය, අවිනිශ්චිතභාවය, ප්රුතිශෝධනයට ලක්වීමට ඇති හැකියාව නිරතුරුවම රැඳී පවතියි. එහෙත් මට පෙනෙන ආකාරයටනම් විවිධ ආගමික බැතිමතුන්ට ඔවුන්ගේ මතවාදයන් පිළිබව නොසැලෙන ,අයෝමයවූත් ඒකාන්ත විශ්වාසයන් දැඩිව පිහිටා ඇත. ශුද්ධ වු “දිව්යනමය හෙළිදරව්ව “ අගයන ඔවුනට ඉන් ඔබ්බට සිතීම අපහසුය.
යම් මතයකට නිශ්චිත භාවය පිළිබදව අවශ්යද ප්රවමාණයට වඩා ඉතා ඉහලින් විශ්වාස කිරීම සමාජයට අහිතකරය. මෙය ආගමික නිර්මාතෘවරයන්ගේ ධර්ම ශාස්ත්ර වලට මෙන්ම කාල් මාක්ස් වැනි දර්ශනවාදීන්ගේ දර්ශනවලටද පොදුය. කතෝලික බලධාරින් විසින් මධ්ය කාලීන යුරෝපයේ මායාකාරීන් ලෙ හැදින්වු මහළු කාන්තාවන් පණපිටින් පිළීස්සීමද මෑතකදී පොල්පොට් විසින් යහපත් සමාජයක් ගොඩනැගීම උදෙසා කරන ලද මනුෂ්යතඝාතනද මෙයට නිදසුන්ය. පසු කලකදී පණපිටින් පිළීස්සීම ශුද්ධ වු ලියවිලි වැරදි ලෙසට තේරුම් ගත් බවට අර්ථකථනය කරන ලදී. පොල්පොට්ගේ ක්රිටයාවලිය මාක්ස්වාදයට අනුකූල නොවන බවඋගතුන්ගේ මතය විය. ඒ කෙසේ වෙතත් ඔවුන්එම හිංසාවාදීක්රිකයා කළේ තමන් ගමන් කරන්නේ නිවැරදි මගක සිටිමින් බව අමතක කල යුතු නැත.
ලොව පුරා විවිධ ආගම් පැතිර ඇති බව අප දනිමු. මෙම ආගම් වල මුලික දර්ශන එකිනෙකට පරස්පර බව අමුතුවෙන් කිව යුතු නැත. තත්වය එසේනම් නිවැරදි විය හැක්කේ එක් දහමක් පමණක් බව සාමාන්යු බුද්ධියට ගෝචරවන දෙයකි. ඒ කෙසේ වෙතත් මෙම සෑම දහමකටම මුළුමනින්ම එකඟ වෙමින් සහ අදහමින් සිටින ඉතා බුද්ධිමත් බැතිමතුන් එමට සිටිති.මෙයින් පෙන්නුම් කරන්නේ මනුෂ්ය සවභාවයේ එක් අංශයකි. එනම් නිවැරදි නොවන මතවල දැඩිලෙස එල්බ ගනිමින් එය සත්යර ලෙස විශ්වාස කිරීට අප තුල ඇති හැකියාවය. අපගේ ක්රි යාවන් සහ සංකල්ප බොහෝ විට නිවැරදි නොවන බවට නිහතමානීව පිළිගැනීමට හැකි අවස්ථාවන් ලැබෙන්නේ විද්යාකත්මකව සහ ජීවිතය තුලින් එන අත්දැකීම් තුලිනි. සම්මත ආගම්වල තිබෙන දැඩිභක්තියට ඇති අවශ්යතතාවය මනුෂ්ය යන්ට දැනුම තුලින් සත්යග අවබෝධය යන මගට පිවිසීමට බාධාවකි. මෙය සුභ දායක තත්වයක් නොවේ. විද්යානඥයෙකුට තම ආගම විසින් පවසන මතය සහ භෞතික විද්යාමවේ මතය අතර ඇති පරස්පරය ආගම ඇදහීමට එතරම් බාධාවක්යයි මම නොසිතමි. එහෙත් විද්යා‍ දැනුම ආශ්රිරතව අපට නිතර හමුවෙන දැනුම පිළිබද අවස්ථානුරූප සහ අසම්පූර්ණ සවභාවය සහ ආගමික භක්තිය සමග රැදී පවතින ප්රෙශ්ණ කිරීමෙන් තොරව එකගවීමේ අවශ්යණතාවය අතර ඇති විසංවාදය මා හිතවත් විද්වත් බැතිමතුන් විසදාගන්නේ කෙසේදැයි මට නම් පැහැදිලි නැත.
සත්පුරුෂභාවය සහ බුද්ධිය
මානවහිතවාදීන් වන අප මිනිසුන්ගේ සත්පුරුෂභාවය සහ බුද්ධිය අධිතක්සේරු කරන බවට චෝදනා එල්ල වෙයි. එය එසේයයි මම නොසිතමි. අපට,අප පිළිබඳව යහපත් අවබෝධයක් තිබිය යුතුය.අපගේ අඩුපාඩුකම් පිළිබඳව අවබෝධයක් තිබීම හික්මීම ඇතිවීමට හේතුවෙයි.මිනිසුන් ලෙස අපට සමාජය පිළිබදවු සෑහෙන ප්රයමාණයක සහජබුද්ධියක් සවභාවයෙන් පිහිටා ඇත.මෙය තිබෙන ප්ර මාණයට වඩා තවත් වැඩියෙන් තිබුනානම් හොඳ බවයි මාගේ අදහස. ඉතිහාසය පුරා වාර්තා වන මනුෂ්යායන් අනෙකුත් මනුෂ්යියන්ට මෘග ලෙස සලකමින් කරන ලද සංග්රානම ආදී සාපරාධී ක්රිායාවන්ට බෝහෝදුරට පසුබිම වී ඇත්තේ විවිධ ආගම් මත ඇතිවූ ගැටුම්ය.මෙම ගැටුම් එදා සිට අද දක්වා දැකිය හැකිය.විවිධ ආගම් අදහන්නන් අතර ඇති නොඉවසනසුළු බව නිසා හටගන්නා ගැටුම්ද විවිධය.මිත්යා දෘෂ්ටිකයන් නැසීම,උපත් පාලනයට විරුද්ධ වීම,ආගම් අනුව පාසැල් පිහිටුවා සිසුන් වෙන්කර තැබීම මෙයට උදාහරණ කිහිපයකි.
හේතූවාදීන් වන අපට වන්දනා කරන ස්ථාන හෝ ලබ්ධියක් වැනිවු දෙයක් නොමැත.වාද විවාද වලට ලක්වන්නාවු විෂය බොහොමයක් අප අතර ඇත.සමාජය පිළිබඳව ගතයුතු ක්රි යා පිලිවෙත්, ප්රාියෝගික ක්රිනයාමාර්ග සහ ආකල්ප ආදිය පිළිබඳව අපි එකිනෙකාට වෙනස් අදහස් දරණ අවස්ථා එමට ඇත.නමුත් පහත සඳහන් කාරණා දෙකෙහිදී අප සියළු දෙනා අතර එකඟත්වයක් ඇත.
1) යුක්ති සහගත තර්ක විතර්කවල සුජාත භාවයට ගරු කිරීම
2) මිනිසුන්ගේ ගැටළු ඉහලින් ඇති බවට සැලෙකෙන බලධාරියාට යොමුකිරීමට කිසිදු නෛතික 
අවශ්යුතාවයක් නොමැති බව පිළිගැනීම
සමහර විටකදී යම් දෙයක් මෙසේම සිදුවිය යුතු බවට අප සිත් තුල සංකල්පනා පහලවෙයි. මෙවැනිවු සිතුවිලි බොහෝදුරට සැනසිලිදායකය. සිත් තුල මෙසේ ඇතිවන්නාවූ ඒකාන්ත තත්වයන් අවිවාදයෙන් පිලිගැනීමේ හැකියාව පිළිබදවු දුර්වලතාවය හේතුවාදීන් විසින් හොඳාකාරව හඳූනාගෙන ඇත. මෙයද බොහෝ දුරට තණ්හාව වැනිවු මිනිස් සිත්වල පහලවන අයහපත් ගතිලක්ෂණයකි. බොහෝ ආගම් මිනිස් සිත්වල ඇති මෙම දුර්වලතාවයෙන් උපරිම ප්රලයෝජන නෙලා ගනිති.
විද්වතෙක් සහ භෞතික විද්යාඇඥයෙක් ලෙස මම අවිනිශ්චිතභාවය සමග දිවි ගෙවන බව හොඳාකාරව දනිමි. මම මෙම තත්වය පිළිගන්නේ සතුටෙන් සහ උද්යෝග්ය යෙනි. එහෙත් මෙම තත්වය අඩක් පමණක් තේරුම්ගත් මාගේ විද්වත් මිත්ර්යන් ගැන කණස්සල්ල පත්වෙමි.
දේවත්වය සහ හිස්තැන් පිරවීම
විද්යාැව සහ දෙවියන් පිළිබඳව වාදයක් ඇතිවන සෑම විටෙකදීම "හිස්තැන් පුරවන දේවත්වය" පැන නගියි.සවභාව ධර්මයත් විශ්වයත් පිළිබඳව විද්යාළවේ ඇති දැනුම සර්වසම්පුර්ණ නැත.විද්යාපව තුලින් මේ දක්වා තේරුම් නොගත් බොහෝ තැන් ඇති බව අපි දනිමු.දේවත්වය විශ්වාස කරන අය මෙවැනි තැන් දෙවියන්ට පමණක් වැටහෙන අධිස්වභාවික තත්වයන් බව පවසති. විද්යා ත්මක පැහැදිලි කිරීම් දිගින් දිගටම ඇතිවීම නිසා තාරකා විද්යා්ව, කාලගුණ විද්යාවව,භූ විද්යාකව, විශ්ව න්යා‍ය සහ ජීව විද්යාp යනාදී කේෂ්ත්රඇවල මුලදී අධිස්වභාවික ලෙස පිළිගත් බොහෝ තැන් ක්ර‍මයෙන් අඩුවන්නට විය."හිස්තැන් පුරවන දේවත්වය" දිගින් දිගටම හීන වන බව පැහැදිලිය
දැනට අප සතු විද්යාල දැනුම අතිවිශාල ප්රකයත්නයක ප්ර ථිපලයක් ලෙස මම දකිමි. එහි අධ්යාිත්මික මුහුණුවරක්ද තිබිය හැකිය. එනමුදු එහි යම් සීමාවන් ඇති බව පිළිගත යුතුය. පැවැත්ම පිළිබදව ගැඹුරෙන් සිතාබැලීමට විද්යාගවට හැකියාවක් නැත. එසේ නොහැකිවීමේ අඩුව “දිව්යැමය හෙළිදරව්වකින්” සපුරාලීමට හැකියාවක් මට නැත. තවද විද්යාුවේ ක්රිේයා කලාපයට අදාල නොවන බොහෝ දේවල් අපගේ එදිනෙදා පැවැත්ම සමග පවතියි. මාගේ ජීවිතයේ වැදගත් අංග කිහිපයක් වන මිතුරන් සහ සහකාරිය තෝරාගැනීමේදීත් මම යම් අයට දක්වන කැමැත්ත සහ අකමැත්තට විද්යාගව අදාල වන්නේ නැත.
විද්යානවේ සවභාවයේ ඇති වැදගත්ම ලක්ෂණය වන්නේ එහි ඇති සන්නිවේදාත්මක සවභාවයයි. නිසි ලෙස ප්රගකාශයට පත් කරනතුරු විද්යාවවේ කිසි දෙයක් වැදගත් වන්නේ නැත. එසේම ප්රාකාශයට පත් කර ලද දෙය සියලු දෙනාට කියවා පහසුවෙන් වටහාගත හැකි විය යුතුය. එසේම අන් අයටද සිය පරීක්ෂණ සහ නිරීක්ෂණ තුලින් ඒවා සත්යාිපනය කලහැකිවියද යුතුය. බොහෝ ආගම් වලට අදාළ භාවනායෝගී සහ විඥාණයට සමීප ක්රිටයාවන් මෙතරම් පහසුවෙන් පුද්ගලයන් අතර සන්නිවේදනය කල නොහැකිය.
ඇතැම් ආගමික බැතිමතුන් හේතුවාදීන්ට පැහැදිලි හෝ ස්ථාවර ආචාර ධර්ම නැති බව පවසති. මෙවැනි ප්රකකාශ තුලින් ඔවුන්ගේ පිළිවෙත් පිළිබදව ඡායාවක් පිළිබිඹු වෙයි. මායාකාරියන්ගේ පුළුස්සා දැමීම නිවැරදියයි පිළිගත් දේව ධර්මවාදීන් පසුව එය වැරදි ක්රි්යාවක් බව පවසති. එසේනම් ඔවුන්ගේ ආගමික න්යාරය ඔවුන් කියන පරිදි ස්ථාවරද? මෙයට ටික කලකට පෙර භෞතික විද්යාේව පිළිබදව නිසි අවබෝධයකින් තොර ආගමික න්යා යවාදීන් ක්වැන්ටම් වාදය(3) අනුව දෙවියන් සිටීම තහවුරු වන බව පැවසීය. ඔවුන් අලුත් දෙයක් ලෙස සැලකුවද ක්වැන්ටම් වාදය අවුරුදු 60 කට වඩා පැරණිය. එම වාදය හරහා එන නිරීක්ෂණ නිගමණ සහ අනාවැකි භෞතික විද්යාවවේ අනෙකුත් අංශවලට වඩා බොහෝ නිවැරදිය. එහි දෙවියන්ට පිරැවිය හැකි හිස්තැන් නැති තරම්ය. යම් මත වාදයක ඇති අනියත්යළ සවභාවය දෙවියන් සිටින බවට සාක්ෂියක්ලෙස පිළිගැනීම හාස්යැජනකය. කාලගුණ අනාවැකි වල ඇතැම් විට ඇතිවන අනියත්යවභාවය දෙවියන් සිටි බවට සාධකයක් ලෙස පිළිගත හැකි බව නම් මම අසා නැත.

නව සොයාගැනීම් සහ භක්තිය
මුලදී මා ප්ර්කාශකල පරිදි යම් ආගමික න්යාියන් සහ විද්යා ව අතර ඇති පරස්පරයන් විමසා බැලීමට මට අවශ්ය තාවයක් නැත. එහෙත් මෙහිදී තවත් කාරණා දෙකක් ගැන සදහන් කිරීම වැදගත් ලෙස සලකමි. විශ්ව න්යායය විද්යාමව වැනි සමහර කේෂ්ත්රීවල වල “නව සොයාගැනීම් ” තම ආගමික න්යාසයන් සමග ගැලපෙන බව පවසන විවිධ ආගම් වලට අයත් අය සිටිති. මෙහිදී කිව යුතුව ඇත්තේ විද්යාගවේ නව දැනුම වෙනස් වන ආකාරය අනුව දැනට පවති “නව දැනුම ”පිලිගන්නා ආගමික න්යාියවාදීන්ට අනාගතයේදී දැඩි අපහසුතාවයන්ට පත්විය හැකි බවය.
භෞතික විද්යාඅවට අදාල නොමැති වුවද ජීව විද්යාැවේ මුල ධර්ම ඇමරිකානු ක්රි්ස්තියානි මුලධර්මවාදීන් විසින් විකෘති කිරීම ගැන දැඩි කනස්සල්ලෙන් යුතුව සදහන් කල යුතුව ඇත. විද්යායව සමග ඔවුන්ට ඇති පරස්පරය විද්යාිව විකෘති කරමින් සකස් කල නිර්මානවාදී මිත්යානවන් යොදාගනිමින් විසඳා ගැනීමට වෑයම් දරති. මෙම මිත්යාමවන් විද්යා‍ත්මකව පරීක්ෂණ හා නිරීක්ෂණ හරහා තහවුරු නොහැකි ඒවාය. දැනට විද්යාදත්මක පදනමක පිහිටා ඇති පරිනාමය පිලිබදව සංකල්ප වෙනස් කරනවානම් ඒ කළ හැක්කේ විද්යායත්මක සාධක සහ ක්රාමවේදයන් උපයෝගී කරගනිමින් මිස අන් ක්රිඒයා මාර්ගයක් තුලින් නොවේ. එහෙත් මුලධර්මවාදීන් දේශපාලන බලධාරීන් සහ අධිකරණ වැනි ආයතනවලට බලපෑම් කරමින් තම පරමාර්ථ සපුරා ගැනීමට උත්සාහ දරති. වාසනාවකට මෙන් මෙම තත්වය යුරෝපයේ දක්නට නැත.
මෙම ලිපිය තුලින් මම ඉදිරිපත් කරන අදහස වන්නේ යම් පුද්ගලයෙකු විද්යා ව පිළිබදව තමන් දරණ ස්ථාවරය පරීක්ෂණ හා නිරීක්ෂණ හරහා කළ යුතු බවය. එවැනි ක්රිණයාවලියන් තුලින් භක්තිය ඇති හෝ නැති බව තහවුරු කල නොහැකි බව මම විශ්වාස කරමි.

-------------------------------------------------------------------------------------------------------------------------------

සටහන්
(1) මහා පිපිරුම විශ්වයේ මුල ආරම්භය විග්ර-හ කරන ආකෘතියකි. විශ්වය දැනට ප්ර-සාරණය වෙමින් පවතියි. මෙම ප්ර-සාරණය සාපේක්ෂවතා වාදය උපයෝගී කරගනිමින් ආපස්සට ගණනය කිරීමේදී අපරිමීත ඝනත්වයක් සහ ඌෂ්ණත්වයක් ඇති තත්වයක් කරා යැවෙයි. දැනට පිළිගෙන ඇති සෛද්ධාන්තික දත්ත අනුව මෙය වසර බිලියන 13.7කට පෙර සිදුවු බවට විශ්වාසයක් ඇත.
(2) ක්වාර්කය යනු පදාර්ථ වල සංයුතියේ ඇති මුලික අංශුවකි. ක්වාර්කයන් සංයුත්ත වීමෙන් පරමාණු වල න්ය්ෂ්ටියේ ඇති ප්රෝ්ටෝන සහ නියුට්රෝඅන ඇතිවෙන බව දැනට පිළිගන්නා මතයයි. ආකෘතියක් ලෙස 1964 දී ඉදිරිපත්වු මෙම මතය නිරීක්ෂණ හරහා 1968 දී තහවුරු වී ඇත.
(3) භෞතික විද්යාඇවේදී ශක්තිය සහ පදාර්ථ අතර ඇති අන්තර්ක්රීකයාවන් සහ අංශු සහ තරංග ලෙස පවත්නා ද්විත්ව හැසිරීම් පිළිබඳව ගණිතමය විග්රකහයන් ඉදිරිපත් වන්නේ ක්වැන්ටම් යාන්ත්රහණය හරහාය. යම් අංශුවක චලනය සහ පිහිටීම සමකාලීන ලෙස තීරණය කිරීම අපහසු බව ක්වැන්ටම් මතයේ, අනිශ්චය මුලධර්මය තුලින් ප්රනකාශ වෙයි. ක්වැන්ටම් යාන්ත්ර ණය සමඟ සාපේක්ෂමතා වාදය සංකලනය කිරීම අපහසුය.මෙම මත දෙක අතර ඇති නොගැලපුම එම මත තවම පරිපුර්ණ නොමැතිවු බව නිසා විය හැකිය

ශ්රීපමත් හර්මන් බොන්ඩි (1919 - 2005)
ඕස්ත්රි්යාවේ උපන් හර්මන් බොන්ඩි 1938 දී එංගලන්තයට සංක්රරමණය විය. ගණිතඥයෙකු ලෙස විදු ලොවට පිවිසි ඔහු පසුව විශ්ව න්යාීය විද්යාඉව සහ සාපේක්ෂතාවාදය යන කේෂ්ත්රමවලට සම්බන්ධ විය. ඔහුගෙන් එම කේෂ්ත්රශවලට වූ දායකත්වය අති මහත්ය. ජීවිතය පුරාම මානවහිතවාදී ආකල්ප දැරූ හෙතෙම බ්රිෙතාන්ය්යේ මානවහිතවාදී සංගමයේත් හේතුවාදී පුවත් සංගමයේදී සභාපති වශයෙන්ද කටයුතුකර ඇත.හේතුවාදී සහ මානවහිතවාදී කේෂ්ත්ර වලටද ඔහුගෙන් අගනා සේවයක් ඉටුවී ඇත.ලන්ඩන් සරසවියේ ,කිංස් කොලීජියේ මහාචාර්ය තනතුරකින් (ගණිතය) 1954 දී පිදුම් ලත් ඔහු රාජකීය තාරකා විද්යාස සංගමයේ ලේකම් ධුරයද දරා ඇත.







Comments