එකමත් එක රටක ගොවිපලක් තුළ කළුකුමෙකු ජීවත් විය. ඒ වනාහී එසේ මෙසේ කළුකුමෙකු නොව විද්‍යාත්මක කළුකුමෙකි. යම් දෙයක් පිළිබදව නිගමනයකට එළඹීමට ප්‍රථමයෙන් ඉන්ද්‍රයන් හරහා එක්රැස් කරගත් නානාප්‍රකාර නිරීක්ෂණයන් ගැඹුරු විචාරයකට භාජනය කිරීම මෙම කළුකුමාගේ සිරිත විය. එක් දිනක්, තමාට ගොවිපල හිමියා විසින් උදේ ආහාරය ලබාදෙන වේලාව දැනගැනීමට මෙම කළුකුමාට අවශ්‍ය විය. ඒ අනුව ඔහු දවස් කිහිපයක් තිස්සේ ගොවිපල හිමියා විසින් තමාට උදේ ආහාරය ලබාදුන් වේලාව නිරීක්ෂණය කළේ ය. ඒ සෑම දිනකම ඔහුට, එනම් කළුකුමාට, උදේ නවයට සිය උදේ ආහාර වේල ලැබිණි. නමුත්, හුදෙක් ටික දිනක් පමණක් තමාට ආහාර ලැබෙන වේලාව නිරීක්ෂණය කිරීම හරහා “මට හැමදාම උදේ නවයට උදේ කෑම ලැබේ” යනුවෙන් නිගමනය කිරීම අනුවණ ක්‍රියාවක් බව මෙම කළුකුමා අවබෝධ කරගෙන සිටියේ ය. එබැවින් ඔහු වැසි දින වලද, හිම වැටෙන දින වලද, පායන දින වලද, සීතල දින වලද, උණුසුම් දින වලද, අදුරු දින වලද, සති අන්තයේ දින වලද, රජයේ නිවාඩු දින වලද යනාදී වශයෙන් විවිධ පසුබිම් වලින් යුත් දින විශාල ප්‍රමාණයක් තුල තමාට උදේ ආහාර වේල ලැබෙන්නේ කීයටදැයි නිරීක්ෂණය කළේ ය. ඒ සෑම දිනකම ඔහුට හරියටම උදේ නවයට උදේ ආහාර වේල ලැබිණි. එබැවින්, තමාට හැමදාම, එනම් අනාගතයේ දින වලද, උදේ නවයට උදේ ආහාර වේල ලැබේවි යැයි මෙම කළුකුමා නිගමනය කළේ ය. නත්තල් දිනය උදාවිය. සිය නිරීක්ෂණයන් තුළින් උද්ගමනය කරන ලද නිගමනය මත පදනම් ව එදිනද තමාට උදේ නවයට සිය ආහාර වේල ලැබේ යැයි කළුකුමා සිතා සිටියේ ය. අහෝ! සිදු වූයේ අනෙක කි. හරියටම උදේ නවයට ගොවිපල හිමියා විසින් කළුකුමාගේ ගෙල සිද දැමී ය. මෙකී කළුකුමාගේ කතන්දරය මා විසින් ප්‍රබන්ධය කරන ලද්දක් නොවේ. එය බ්‍රිතාන්‍ය ජාතික දාර්ශනිකයෙකු වූ බ(ර්)ට්‍රාන්ඩ් රසල් විසින් ඉදිරිපත් කරන ලද්දකි. රසල්ගේ වචනයෙන්ම කළුකුමාගේ කතාව මෙලෙස ය:
රසල්ගේ කතාවේ එන කළුකුමා විසින් “මට හැමදාම උදේ නවයට උදේ කෑම ලැබේ” යනුවෙන් නිගමනය කළේ උද්ගමනය (induction) හරහා ය. ඒ සදහා කළුකුමා යොදාගත්තේ උද්ගාමී තර්කයක් හෙවත් inductive argument එකකි. තර්ක ශාස්ත්‍රය තුළ උද්ගාමී තර්කයන් සහ අපෝහනයන් (deductive arguments) යනුවෙන් තර්කයන් වර්ග දෙකක් පිළිබදව සදහන් වේ. අපෝහනයක් යනු තර්කාංගයන් (premises) සත්‍ය නම් නිගමනය (conclusion) අනිවාර්යයෙන්ම සත්‍ය වන්නා වූ තර්කයකි. උද්ගාමී තර්කයන් තුල තර්කාංගයන්ගේ සත්‍ය බවින් නිගමනය සියයට සියයක් සත්‍ය යැයි ගම්‍යමාන නොවේ. උද්ගාමී තර්කයක් තුලින් කියන්නේ තර්කාංගයන්ගේ සත්‍යභාවය මගින් නිගමනයේ සත්යභාවයට සැළකිය යුතු සම්භාවිතාවක් සපයන බවයි. උද්ගමනය යනු විද්‍යාව තුළ බහුලව භාවිත වෙන ක්රමවේදයකි. විද්‍යාවේ බොහෝ න්‍යායන් ස්ථාපිත කර ඇත්තේ උද්ගාමී තර්කයන් හරහා ය. උදාහරණයක් ලෙස, “සියලුම ලෝහයන් රත් කළ විට ප්‍රසාරණය වේ” යන ප්‍රස්තුථය බලන්න. මෙය විද්‍යාව තුළින් ඉදිරිපත් කරන ප්‍රස්තුථය කි. මෙහිදී “සියලුම ලෝහයන්” යනුවෙන් අදහස් කරන්නේ අප විසින් සොයාගෙන ඇති සහ සොයාගෙන නොමැති ලෝහ සියල්ලටම පොදුවේ ය. එනම්, අප විසින් සොයාගෙන නොමැති, නිරීක්ෂණය කර නොමැති, ලෝහ ද රත් කළ විට ප්‍රසාරණය වන බව මෙයින් කියැවේ. තවත් උදාහරණයක් ලෙස අපට නිව්ටන් විසින් ඉදිරිපත් කරන ලද ගුරුත්වාකර්ෂණ නියමය ගෙනහැර දැක්විය හැකි ය. 1687 දී නිව්ටන් විසින් මෙලෙස ලියන ලදී:
මෙහිදී නිව්ටන් විසින් සෑම අංශුවක් අනිකුත් අංශූන්ට ආකර්ෂණය වේ යැයි පැවසුවද නිව්ටන් විසින් හෝ වෙනත් අයෙකු විසින් සෑම අංශුවක්ම වෙනත් අංශූන්ට ආකර්ශනය වන බව හෝ නොවන බව නිරීක්ෂණය කර නැත. නිව්ටන් විසින් ඉදිරිපත් කෙරෙණු ඉහත නියමය වනාහී උද්ගමනය හරහා ස්ථාපිත කරන ලද්දකි. විද්‍යාවේ ඉතිහාසය තුළ උද්ගමනය හරහා ස්ථාපිත කෙරුණු න්‍යායන් වැරදුණු අවස්ථා ඇත. උදාහරණයක් ලෙස, දහ හත් වන සියවසේ යුරෝපයේ විසූ ජීව විද්‍යාඥයින් විසින් සියලුම හංසයින් සුදු පාට යැයි නිගමනයකට එළඹ සිටියහ. ඔවුන්ගේ එම නිගමනයට හේතු වූයේ ඔවුන් විසින් නිරීක්ෂණය කරන ලද සියලුම හංසයින් සුදු පාට වීමයි. නමුත්, පසුකලෙක, දේශාටනය වැඩිවත්ම, ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ කලු හංසයින් ද සිටින බව යුරෝපීය දේශ ගවේෂකයින් නිරීක්ෂණය කළහ. මෙම උදාහරණය මගින් සහ රසල්ගේ කළුකුමාගේ කතන්දරය මගින් පැහැදිලි වන දෙයක් ඇත. එනම්, උද්ගමනය තුළ යම් යම් ගැටලු ඇති බව ය. ඉහත කතන්දරයේ කළුකුමා විසින් තමා අතීතයේ කරන ලද නිරීක්ෂණයන් පදනම් කර ගනිමින් අනාගතයේ තමාට උදේ ආහාරය ලැබෙන වේලාව ගැන නිගමනයක් කළේ ය. අනාගතයේ දී තමන්ට දක්නට ලැබෙන හංසයන්ගේ වර්ණය සුදු යැයි දහ හත් වන සියවසේ යුරෝපීය ජීව විද්‍යාඥයින් නිගමනය කළේ ද තමන් අතීතයේ දුටු හංසයින් සුදු පැහැ වන හෙයිනි. එනම්, ඕනෑම උද්ගමනයක් තුළ අප නිරායාසයෙන්ම කරන උපකල්පනයක් ඇත. ඒ “අනාගත නිරීක්ෂණ ද අතීත නිරීක්ෂණ සමග එකග වේ” (future will be like the past) යන ප්‍රස්තුථය යි. දර්ශනය තුළ සහ ඥාන විද්‍යාව තුළ principle of induction, uniformity of nature යනා දී යෙදුම් මගින් හදුන්වන්නේ මෙම උපකල්පනය යි. මේ මොහොතේ ඔබ ගිනි දැල්ලක් ඇල්ලුවහොත් යම් වේදනාවක් දැනෙන්නේය යැයි ඔබ දැනගත්තේ කෙසේද? මේ මොහොතේ ඔබ සීනි අහුරක් කෑවොත් පැණි රසක් දැනෙන්නේය යැයි ඔබ දැනගත්තේ කෙසේද? මෙම ප්‍රශ්න වලට පිළිතුරු දීමේ දී වැඩි ඉඩකඩක් ඇත්තේ ඔබ පහත ආකාරයට හේතු දක්වනවා වන්නට යි.
සහ,
ඉහත තර්කයන් දෙකෙහිම පළමු ප්රස්තුථයේ සිට දෙවන ප්‍රස්තුථයට ප්‍රගමණය වන විට අප විසින් සවිඤ්ඤාණව හෝ අවිඤ්ඤාණකව “අනාගත නිරීක්ෂණ ද අතීත නිරීක්ෂණ සමග එකග වේ” යන ප්‍රස්තුථය උපකල්පනය කරනු ලැබේ. තර්කනයේ ක්‍රමවේදයක් ලෙස උද්ගමනයේ වලංගුභාවය තහවුරු කිරීම සදහා “අනාගත නිරීක්ෂණ ද අතීත නිරීක්ෂණ සමග එකග වේ” යන ප්‍රස්තුථය අපෝහනය කළ යුතු ය. මෙය අසීරු ක්‍රියාවකි. දර්ශනය තුළ උද්ගමනය පිළිබද ගැටලුව (problem of induction) යනුවෙන් හැදින්වෙන්නේ මෙම ප්‍රස්තුථය තහවුරු කිරීමේ උත්සහයන් වටා වූ කතිකාවයි. |