විද්‍යාව බුදු දහමට කවද්ද තර්ජනයක් වුණේ?

Contents of this post originally appeared as a is a response to http://rcgbs.wordpress.com/2010/10/04/001

අප මෙහි කතා කරන්නෙත් විශ්වයේ භෞතිකත්වය පමණයි. භෞතිකත්වයෙන් පිටස්තර දෙයක් අදහනවා [belief] මිසක් තේරුම් ගන්න [realizing] බැහැ.බුදුන් එය තේරුම් ගත්ත ද නැද්ද කියා මා දන්නෙ නැ. ඒත් ආධ්‍යාත්මිකත්වය [spirituality] ගැන කියවන මෙතන ඉන්න කට්ටිය නම් කතා කරන්නෙ belief එකකින් මිසක් understanding එකකින් නොවේ.

ඉතින් ඔබ කීව සේ විද්‍යාව කරන්නේ භෞතික විශ්වය “model” කිරිමට උත්සහ කිරිමයි. ඇයි එයට බොරු කියා අවලාද නගන්නෙ. ඇයි බනින්නෙ? ඔබට එය තර්ජනයක් සේ පෙනෙයි ද? එය ඒ තරම් ශක්තිමත් ව ගොඩ නැගෙන නිසාද?

විද්‍යාව බුදු දහමට කවද්ද තර්ජනයක් වුණේ? ගොඩක් අය නොදන්න තැනක්.

ජීවය කියා අප define කරන දෙය තුළ පවතින යම්කිසි කොටසක් වෙනත් භවයක් කරා යන බව බුදු දහමෙ කියනවා. ක්‍රිස්තියානින් හට නම් තනිකර ම ජීවියා තමයි soul එක. මෙහෙම මත බිහි වන්නේ ජීවියා පැහැදිලි කරන්නට නොහැකි නිසායි.

එත් පරිණාමය හා ජීව රසායන විද්‍යාව තුළින් මේ කිසිම සංකල්පයක් නැතිව ඉතා කුඩා මට්ටමේ වන chemical reaction ගොඩක් පරිණාමය කියන process එකෙන් converge වීමෙන් ජීවියා හැදෙන බවත් [emergence] ඒ හැරෙන්නට එහි ඇති සියළු දෙය අජීවි [non-life] බවත් කිව හැකියි. [macro concept of life emerges from non-life by means of zillion micro-reactions converged by means of evolution]

මෙය හැම ආගමකම බිඳ වැටීමක්. සියළු ආගම් කොටින්ම ආධ්යාත්මිකත්වය ගැන සියළුම ඉගැන්වීම පදනම් වන්නෙ ජීවියා ගේ සංකීර්ණත්වය විස්තර කරන බාහිර වූ අභෞතික දේවල් මත. මෙවැනි දෙයක් නැති තැන ආගමික පැහැදිලි කිරීම් වල අවශ්‍යතාවයක් නෑ.

spiritual වෙන්න කැමති අයට ලෝකයේ අටෝරාසියක් ආගම් තිබේ. එක එක විදීහට විශ්වයේ spirituality ගැන ඒවායේ කියනවා. කර්මය, දෙවියන් වහන්සේ බ්‍රහ්මන් ආදී ලෙසට. හැම ආගමකම ඇත්තෙ spirituality ගැන belief එකක්. ඒක පුංචි කාලෙ brain wash කරල ලොකු උනාම කියවනව.

හැබයි එය නම් ඔබේ ආසාව මා එයට ගරු කරනවා.

භෞතික වූ විශ්වය වඩාත් සාධාරණ වූ ක්‍රමවේදයකින් හදාරණ විද්‍යාවට ගරහන්න එපා. ඔබේ නොදන්න කම [අවිද්‍යාව] විද්‍යාවේ වරදක් නොවෙයි.

--------------------------------------------

තරමක කාලයක් මෙහි සටහනක් නොවැටීම නිසා, ටිකක් මේකෙන් ඈත් වන්නට අදහස් කළා. අවශ්‍ය නම් ඉහත සඳහන් මගේ බ්ලොග හරහා මා නැවත අවදි කරවිය හැකියි. ඉෂාන් ගෙන් හොඳ උත්තරයක් ලැබුනොත් අගෙයි.

ගොඩක් දේවල් තැන් තැන් වල ලියා ඇති නිසා නැවත කියන්නම් මගේ ස්ථාවරය.

- බුදු දහම මූලික ව ම පදනම් වන්නේ, එහි ඉගැන්වෙන සසරින් මිදීමට, භවය නතර කරන නිර්වාණය ලබා ගන්නා මාර්ගය පැහැදිලි කිරීමටයි. මෙය පුද්ගලයා කේන්ද්‍රීය ව බිහි වන්නක්. මෙහි ඇත්තක් ඇද්දැයි මා නම් දන්නේ නෑ.

- පුද්ගල අත්දැකීම මත පදනම් වන නිසා, එය සත්‍ය වශයෙන් ම පවතින්නක් ද නැතහොත් ඒ පුද්ගලයා විසින් තමා රවටා ගැනීමක් ද කියා අන් අයට නිර්ණය කළ නොහැකියි. දහම එසේ පොදු නිර්ණයක් බලාපොරොත්තු වන්නේත් නෑ.

- විද්‍යාව කරනුයේ මිනිසා ලොව පිළිබඳ දරන කුතුහලය නිසා තම අවබෝධය පුළුල් කරන “මොඩලයන්” තැනීමත් ඒවා වැඩි දියුණු කිරීමත්. මෙය පුද්ගලයා මත කේන්ද්‍රීය නොවන අතර එක් අයෙකුට තවකෙක් ගෙන්වා කට වචන විශ්වාසයක් [ඇදහීමක්] නැතිව පැහැදිලි කළ හැකියි.

- තමන් හරි ද යන වග විද්‍යාව නිශ්චිත ව කියන්නේ නෑ. පරම සත්‍යයන් එහි නෑ. සැක කිරීම එහි කොටසක්. නොදැන සිටීම ලැජ්ජාවට කරුණක් නො වන අතර පොදු තත්වයක්. මොඩල් කිරීමක් පමණයි එහි සිදු වන්නේ.

- විද්‍යාව යමක් පිලිගන්න විවිධ ක්‍රම වේද තියෙනවා. එහෙම මොකුත් නැතිව නිකම් කට වචනය පිලි ගන්නේ නෑ. හැබැයි ග්‍රීකයින් යුදෙව්වවන් බිහි කළ පැරැණි ක්‍රමවේද වල එල්ලී ඉන්නේ නෑ. ක්‍රමයත් ප්‍රශ්ණයට අනුව පරිණාමය වනවා. [If so Stephen Hawkings must be owning several parallel universes in his lab to experiment with, while Einstein museums must be exhibiting near-C private jets where he experimented]

- පිලි නො ගත් දේ හෙලා දැකීම නොවේ විද්‍යාවේ ක්‍රමය. ඔවුන් එය තවම අප නොදන්නා දෙයක් ලෙසින් තබා ගන්නවා. පසුව වඩාත් හොඳ විදිහක් ආවොත් එය පිලි ගනීවි.

- විද්‍යාවයි බුදු දහමයි එකිනෙකින් වෙන් වී [mutually exclusive] නෑ. ස්වාධීන ව [independant] ඉන්නවා පමණයි. ඔවුන් එකම මාතෘකා දෙවිදිහකට දකිනවා වෙන්න පුළුවන්.

- ඒත් අරමුණු දෙකක්. බුදු දහමේ එන පරිණාමය ගැන දේශණය වැරදි යැයි අප මොහොතකට සිතමු. සංසාරයක් ඇත්නම්, නිර්වාණයක් ලබා ගන්නට ඉන් ඇති බාධාවක් නෑ. විද්‍යාව අනන්ත විශ්වය පැහැදිලි කිරීමේ නිරර්ථක උත්සාහයක් කරමින් දුකින් මිදෙන එක කල් දානවා කිව්වට, විද්‍යාවට කැමති අය ආසා එයටයි. සියල්ල බැරි නම් හැකි තාක් පැහැදිලි කරන්න. මේ දෙක ම තම කැමැත්ත. අවසන් දිනුමක් නෑ.

- විද්‍යාවේ අද පවතින ක්‍රමවේද විසින් බුදු දහම අසාධාරණ ලෙස හෙළා දකිනවා කීම වැරදියි. ක්‍රමවේද වැරදි නම් අළුත් ඒවා යෝජනා කරන්න. පිළිගත හැකි ඒවා. කට වචන හෝ පුද්ගල අත් දැකීම් නොවෙයි. මොකද ඔවුන් රැවටී ඇත් දැයි අප නො දන්නා නිසා.

- ඒහි පස්සිකෝ යන්න විද්‍යාත්මක ක්‍රමවේදයක් නොවේ, මොකද තනි පුද්ගල දැක්මක් පමණක් හරියි කියා හිතන්න බෑ. ඔවුන් රැවටී ඇත් දැයි අප නො දන්නා නිසා. බුදුන් ඒහි පස්සිකෝ කිව්වේ විද්‍යා සභාවකට නිබන්ධන දාන්න නොවේ, ඔහු සිතූ විදිහකින් පුද්ගල යහපත සළසන්න. මා එය නො ඇදහුවත්, ඔහුගේ අදහසට මා ගරු කරනවා.

- ඔබ දහම තුළින් සත්‍යාවබෝධය ලබන්නට පුළුවන් කියා හිතනවා නම් “නොපමා ව” ඒ සත් කාර්යයේ යෙදෙන්න. විද්‍යාව ගැන මිත්‍යා මත වපුරමින් එය බුදු දහමත් එක්ක පටලන්නේ නැති ව.

- ඔබ විශ්වය අවබෝධ කරමින් එහි අපේ දැනුම තවත් තීව්‍ර කිරීමට කැමති නම් විද්‍යා ගවේෂණ ගමනට එක් වන්න කුතුහලය නො ඇදහීම හා කරුණු සළකා බැලීම තුළින්. එය තුළ පරම සත්‍යයන් හොයන්න එපා. එය මොඩලයක් පමණයි. කළ හැක්කේ වැඩි දියුණු කිරීමක් පමණයි. නොදන්නා කම ගැන ආඩම්බර වන්න, එයයි ඔබට අළුත් දෙයක් සෙවීමට ඇති එක ම මග.

- නිකමට හරි හිතෙනවා නම් බුදු දහම තර්කානුකූල හා විද්‍යාත්මක ක්‍රමවේදයකට ගෙන ආ හැකියි කියා, ග්‍රීකයින් හා යුදෙව්වන්ට බණින්නේ නැතිව කිසිත් නො අදහන මිනිසුන් හට පිලි ගත හැකි ක්‍රමවේදයක් බිහි කරන්න.

- ඒක කර ගන්න බැරි උනාම විද්‍යාව බොරුයි කිය කිය මොන්ටිසෝරි තර්ක දමමින් මානසික ස්ව්‍යං වින්දනයක් ලබන්න එපා.

ඔබ සැමට ජය.

Comments