Posted by Taboo on November 15, 2010
පින්වතුනි, හොඳට කණ සුද්ද කරල අහ ගත්ත නම් ජාතික හෙළ උරුමයේ
ප්‍රතිපත්ති ප්රකාශනයේ අටවැන්නෙන් අපි කරනවා කිව්වෙ මොකද්ද කියල…ඔන්න ඔය
උඩ වීඩියෝ එකේ ඇති.
සමන්තා චක්කවාලෙසු – අත්‍රාගච්ඡන්තු දෙවතා
සද්ධම්මං මුණිරාජස්ස – සුණන්තු සග්ග මොක්ඛදං
ධම්මස්සවණ කාලො අයං භදන්තා !
ධම්මස්සවණ කාලො අයං භදන්තා !
ධම්මස්සවණ කාලො අයං භදන්තා !
පින්වතුනි, අද අපේ ධර්ම
දේශනාවට මාතෘකා පාඨ කර ගන්නේ ව්යග්ඝපජ්ජ සූත්‍රයයි. මේ සූත්‍රයේදි අපේ
සම්මා සම්බුදු රජාණන් වහන්සේ ව්යග්ඝපජ්ජ කියන බ්‍රාහ්මණයාට මෙහෙම දේශනා
කරනවා.
පින්වත් ව්‍යග්ඝපජ්ජයෙනි, අප හරි හම්බ කරගත් දේපළ වස්තුව විනාශ වන කරුණු හතරක් තියෙනවා. එනම් ස්ත්රීන්ට ලොල්වීම, සුරාවට ලොල්වීම, සූදුවට ලොල්වීම,
පවිටු මිතුරන්, පාප සහායකයන් ඇතිව පව්කාරයින්ට නැඹුරුව වාසය කිරීම යන මේවා
යි. පින්වත් ව්‍යග්ඝපජ්ජයෙනි, විශාල ජල තටාකයකට ජල ප්‍රවේශ හතරක්ද, බැස
යාම් හතරක්ද තියෙනවාය හිතමු. යම් පුරුෂයෙක් ඒ තටාකයේ ජල ප්රවේශයන් වසා
දමයි නම්, බැස යාම් විවෘත කරයි නම්, වැසිද නොලැබේ නම් පින්වත්
ව්‍යග්ඝපජ්ජයෙනි, ඒ ජල තටාකයේ ජලය අඩුවීමක්ම විය යුතුයි. වැඩීමක් නොවිය
යුතුයි. පින්වත් ව්‍යග්ඝපජ්ජයෙනි, ඒ ලෙසින්ම හරි හම්බ කරගත් දේපළ විනාශ
වීමට දොරටු හතරක් තිබෙනවා. එනම් ස්ත්රීන්ට ලොල්වීම, සුරාවට ලොල්වීම,
සූදුවට ලොල්වීම, පවිටු මිතුරන් ඇසුර යන මේවා යි.
කාල වේලාව මඳ නිසා අපට මේ හැම දෙයක් ගැනම විග්රහ කරන්න බැහැ පින්වතුනි. එනිසා අපි සූදුව ගැන විතරක් අද සාකච්ඡා කරමු.
දැන් සූදුව කිව්වාම පින්වතුනි, අප මේ දිහා විවෘත ඇසකින් බැලීම අවශ්‍යයි.
අප සම්මා සම්බුදු පියාණන් සූදුවට ලොල්වීම හරි හම්බකර ගත් ධනය පිරිහීයාමක්
ලෙස පෙන්නා දුන්නත් සූදු කෙළීම ක්‍රීඩාවක් හැටියට බුද්ධ කාලයටත් පෙර පටන්
අපේ සමාජයේ තිබුණු බව අපට අමතක කරන්ඩ බැහැ. ඒක මේ ගෑනු ළමයින් කලිසම්
අඳිනවා වගේ සුද්දන් ඇවිල්ලා අපට පුරුදු කරපු භයානක දුශ්චරිතයක් හෙම නෙවෙයි.
වෙන එකක් තියා අරිසෙන් අහුබුදු උපාසක මහත්තයාගෙන් ඇහුවොත් හෙම අපූරුවට කියාවි ‘කැසිනෝ’
කියන්නෙත් අපේ හෙළ මුතුන් මිත්තන් නිර්මාණය කරපු හුදු හෙළ වදනක් කියලා. ඒ
එක්කම අප අමතක කරන්ඩ නරකයි පින්වතුනි, අපේ බුදු පියාණන් වහන්සේ කිසිම තැනක
කියලා නැහැ, අනුන් සූදු කෙළින එක නතර කරන්ඩ කියලා. ඒ ඇයි පින්වතුනි? අපේ
සම්මා සම්බුදු පියාණන්ට පුළුවන් වුණා පටු ඇසෙකින් නැතිව විවෘතව සූදුව දෙස
බලන්න.
දැන් බලන්න පින්වතුනි, මහා පදරංග ජාතකයේ කියැවෙනවා මහා රාජරාජ
මහාමාත්‍යාදීන් පවා ක්‍රීඩාවක් හැටියට සූදුවේ නිරත වී තිබෙනවා. පින්වතුනි,
වරද්දා ගන්න එපා, එතැන සූදුව කියන්නෙ අපේ මේ ගමේ ගොඩේ සුරා ගුරුන්නාන්සෙලා,
විලියොං අයියලා, ජේමිස් ආතලා පොලෝසියෙන් වහන් වෙලා හොරාට කරන, අපේ සම්මා
සම්බුදු පියාණන් වහන්සේ විසින් ධන පරිහානියට හේතුවන කාරණා සතරින් එකක් ලෙස
දක්වා ඇති බූරුවා ගැහිල්ල
එහෙම නෙවෙයි. ඒ රාජරාජ මහාමාත්‍යාදීන්ට සූදුවෙන් ධනය නැතිවෙලා නැහැ
පින්වතුනි, පෙර භවයන්හි කළ පුණ්‍ය ක්‍රියා වල බල මහිමයෙන් නොයෙකුත් ධන
ධාන්‍ය සම්පත්තීන් ලැබිලා නම් තියෙනවා. හැම දාම පිනැති රජවරුන්ට ධනය භව භෝග
සම්පත් ඇති පදමින් ලැබුණා පින්වතුනි.
දැන් බලන්න පින්වතුනි, අපේ සමහර උන්නාන්සෙලා පවා කියනවා මහා පදරංග ජාතකේ
දුර්යෝධනත් එක්ක සූදු කෙළලා යුධිෂ්ධිර කුමාරයාට තමන්ගේ ධනය, රාජධානිය
පමණක් නෙවෙයි විධුර පණ්ඩිතයන් වගේ මහා නුවණැත්තෙකුත් නැතිවුණේ සූදුව
නිසාලු. බලන්න පින්වත්නි, කොයි තරම් වැරදි කතාවක්ද? ඇයි අපි වැරදි පැත්තම
බලන්නෙ? ඇයි අපට ධනාත්මකව හිතන්න බැරි? අර අහක හිටපු දුර්යෝධනට වෙන මොකවත්ම
නොකර, ඔය ඔක්කෝම ලැබුණෙ සූදුව නිසා නෙවෙයිද? සූදුව නිසා නොවේ නම් ඔහුට
කවදාවත් විධුර පණ්ඩිතයන් වගේ ඤාණවන්තයෙකු උරුම වෙනවද? අන්න බලන්න
පින්වතුනි, අපේ සමහර උන්නාන්සෙලාත් අද ධර්මය නොදන්නා හැටි.
දැන් ඔය පින්වතුන් හොඳින්ම දන්නවා අපේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ
දේශනා කළේ කිසිම දෙයක අන්තයට යන්න එපා කියලා. මධ්‍යම ප්‍රතිපදාවෙන් ඉදිරියට
යන්න කියලා තමයි අපේ තිලෝගුරු බුදු පියාණන් වහන්සේ හැමදාම දේශනා කළේ. දැන්
අපි බලමු පින්වතුනි, ස්ත්රීන්ට ලොල්වීම ධන පරිහානියේ මාර්ගයක් කීවාට අපේ
බුදු පියාණන් වහන්සේ කිසිම දවසක කිව්වේ නැහෙනෙ කසාද බඳින්න එපා කියලා. හත්
දෙයියනේ, එහෙම උණා නම් පින්වතුනි අපි කොහොමද මේ බුද්ධ ශාසනේ ඉදිරියට ගෙනයන්න මහණ කරන්න කුල දරුවන් හොයා ගන්නේ? සුරාවට ලොල් වීම වරදක් කියා දේශනා කළාට ඒ කීවේ පින්වතුනි අපේ අර හීරළු උපාසක මහත්තය වගේ බේබද්දන් වගේ බොන්න එපා කියලනෙ. මඳ පමණට පොඩ්ඩක් සප්පායම් වුණාට වැරද්දක් නැහැ කියනෙ ඔය ‘මජ්ජ පමා දට්ඨානා’ කියල දේශනා කළේ.
ඒ නිසා පින්වතුනි, අප සූදුව ගැනත් එහෙම මධ්‍යම ප්‍රතිපදාවෙන් බැලීම අවශ්‍යයි. විශේෂයෙන්ම අපේ පින්වත් මහ රජතුමාණන් වගේ සාධු චරිතයක් නමෝ විත්තියෙන් සූදු කෙළින්න පටන් ගන්න කොට. මෙතැනදි අප වටහා ගන්න ඕනෑ පින්වතුනි, කැසිනෝ
කියන්නෙ සූදුවම නොවෙන විත්තිය. ඔන්න නොදන්නව නම් අපේ චම්පික රණවක උපාසක
මහත්තයගෙන් ඇහුවොත් අපුරුවට කියාදේවි සූදුවෙත්, බූරුවා ගැහිල්ලෙත්, කැසිනෝ වලත් තියෙන වෙනස.
පුංචි ප්‍රශ්නයකට තියෙන්නෙ පින්වතුනි, හැමදාම අපට මේ වගේ බයිල කියල
බේරෙන්න බැරි එකයි. මොකද මේ රටේ ජාතික හෙළ උරුමයට ඡන්දෙ දුන්න අතළොස්සක්
අමු මැට්ටන් ටික ඇරුණහම අනෙකුත් බෞද්ධයින්ව අන්දන්න ටිකාක් විතර අමාරු
නිසා. මොකද පින්වතුනි, මේ අප විතරක් නෙවෙයි, උණුත් බුදු බණ දන්නව. හැමදාමත්
පැත්තක ඉන්න අල්ලගෙයි මොහම්මද්ගෙයි වැරදි කිය කියා උන්ව ගොනාට අන්දගෙන ඉන්න බැහැ. අද කරබාගෙන හිටියට උන්ටත් මොළේ පහළ වෙන වෙලාවක් එනව පින්වතුනි.
ඒ හන්ද පින්වතුනි, වැඩි කල් නොයා දවසක් එනව මර්වින් සිල්වා විතරක්
නෙවෙයි මේ රටේ සැදැහැවත් බෞද්ධයනුත් අපේ සාංඝීක අස්ථීන් ද්වය මිරිකල “සිවුරට අවනම්බු නොකර දොට්ට බැහැපිය ගණයෝ!” කියන. එදාට අපේ පස්ස පැත්තෙ තාර උලන්නෙ සර් ජෝන් නෙවෙයි පින්වතුනි මේ රටේ සැදැහැවත් බෞද්ධයෝ. පින්වතුනි, උන් ඒක කරල නිකම් ඉන්නෙ නෑ “තොපිට පන්සලට ගෙනත් දෙන දානෙ කාල ඉන්ඩ බැරිවුණා, දැන්වත් අපට පව් නොදී පල” කියල
තාර බුරුසුවෙ මිටත් අපේ අහවල් එකේ අරිනව අරිනවමයි පින්වතුනි. ඒ විතරක්
නෙවෙයි පින්වතුනි මේ වගේ තක්කඩිකම් කරල මෙලොව දිට්ඨ ධම්ම වේදනීය කර්මය
වශයෙන් ඵලදීල එතෙකින් අහවර නොවී අවිචී මහා නරකයෙත් පැසෙන්ඩ තමයි වෙන්නෙ.
ඔන්න දැන් හිතේ මවා ගන්ඩ පින්වතුනි කොහොමද කියලා ඔය ජාතික හෙළ උරුමයේ හක්
ගෙඩි ටික පෝලිමට තියලා යම පල්ලො කටවල් වලට ලෝ දිය වක් කරගෙන කරගෙන යනකොට.
ඒකෙ ආයෙ දෙකක් නෑ. කවුරුත් ඒක සිහි තබා ගත්තොත් හොඳයි පින්වතුනි. බෙන්ස්
විකුණලා, ගානක් හොයාගෙන එක සැරයක් බේරුණාට හැමදාම තක්කඩිකම් කරමින් බේරිලා
ඉන්න අමාරුයි.
පින්වතුනි, දැන් මෙතෙක් වේලා ධර්ම
ශ්‍රවණය කිරීමෙන් අත්පත් කරගත්තා වූ කුසලානිසංසය අප සියල්ලන්ගේම නමින් මිය
පරලොව ගියාවූ ඤාති වර්ගයාට අනුමෝදන් කරලා ඒ ඤාතින් සුගතියකම ඉපදීවායි
චිත්ත ප්‍රීතියෙන් යුතුව ‘ඉදං මේ ඤාතීනං හෝතු’ කියන ගාථා පාඨය තුන් වරක්
කියලා ඤාතීන්ට පින්දෙමු.
ඉදං මේ ඤාතීනං හෝතු – සුඛිතා හොන්තු ඤාතියො!
ඉදං මේ ඤාතීනං හෝතු – සුඛිතා හොන්තු ඤාතියො!
ඉදං මේ ඤාතීනං හෝතු – සුඛිතා හොන්තු ඤාතියො!
This entry was posted on November 15, 2010 at 12:46 am and is filed under Uncategorized.
You can follow any responses to this entry through the RSS 2.0 feed.
You can leave a response, or trackback from your own site.
3 bloggers like this post. 59 Responses to “ධර්ම දේශනය – කැසිනෝ සරණං ගච්ඡාමි | Casinos – the short cut to Dharma Rajya”
-
Taboo said
November 15, 2010 at 1:18 pm
සමාවන්න. වැරදීමකින් මෙම පෝස්ටය සඳහා කමෙන්ටු පළකිරීම අක්‍රිය වී තිබුණි. දැන් එය යථා තත්ත්වයට පත්කොට ඇත.
- Taboo
-
test said
November 15, 2010 at 1:40 pm
test
-
November 15, 2010 at 2:15 pm
සමන්තා චක්කවාලෙසු – අත්‍රාගච්ඡන්තු දෙවතා
සද්ධම්මං මුණිරාජස්ස – සුණන්තු සග්ග මොක්ඛදං
ධම්මස්සවණ කාලො අයං භදන්තා !
ධම්මස්සවණ කාලො අයං භදන්තා !
ධම්මස්සවණ කාලො අයං භදන්තා !
ධම්මස්සවණ කාලො අයං භදන්තා ! කියල කියන්න ඔබ මෙතන ශ්‍රී සද්ධර්මය දේශනා කරන්නෙ නෑ නෙ.
සමාජයේ වැරදි සිදුවෙන කොට ඒක පෙන්වල දෙන එක සැබැවින්ම අගය කරනව. ඒත් ධර්මය විහිලුවකට ගන්න එක වැරදියි.
-
November 15, 2010 at 3:23 pm
crap!
stupid n disgusting post.
respect noble things.. don’t use buddhist preachings to criticize
anything… ppl who unaware abt buddhist teachings might think these are
actually buddhist.
-
vipul said
November 15, 2010 at 5:03 pm
saadhu….saaadhu…saaaaaaaaaaaaadhu
-
Indika Upashantha said
November 15, 2010 at 5:49 pm
බණ මුල හොඳ මුත් අග එසේ නැත. දියසේන එනවා කියා හිත හදාගත් ජහමනයා මෙන්,
ජනතා අධිකරනයක් ගැන සිහින දුටු විජේවීර මෙන් කවදාවත් මේ ලංකා මහපොලොව මත
සිදු නොවෙන හිතලුවකින් අවසන් නොකලේනම් මෙය මීට වඩා අගනේයැයි සිතමි.
-
tharu22 said
November 15, 2010 at 5:49 pm
// අරිසෙන් අහුබුදු උපාසක මහත්තයාගෙන් ඇහුවොත් හෙම අපූරුවට කියාවි ‘කැසිනෝ’ කියන්නෙත් අපේ හෙළ මුතුන් මිත්තන් නිර්මාණය කරපු හුදු හෙළ වදනක් කියලා//
LOL
-
November 15, 2010 at 6:11 pm
So whats the point taboo? Or perhaps we should make up our own
points. My point is this: I should now be evident that decisions
regarding governance cannot be made using several thousand years old
institutionalized dogma. In order to make the decision whether gambling
in cretin contexts is detrimental to the society or not, we should use
empirical data, and consequentialist approach.
දිනෙන් දින අවලංගු වී යන පැරණි සංස්කෘතිය නියෝජනය කරන සහ එම සංස්කෘතිය
තුල තමන්ට වටිනාකමක් ආරෝපණය කරගත් පුද්ගලයන්, පැරණි සංස්කෘතියේ ගුන වයමින්,
අපව වැඩවසම් අතීතයේ රඳවා තබා ගැනීමට උත්සාහ කිරීම අරුමයක් නොවේ. ඔවුන්ගෙන්
අපට ඊට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැක. ඔවුන්ගෙන් සමාජයට යම් මෙහෙයක්
සිදුවේ. සංස්කෘතික පරිණාමය පාලනය (regulate) කිරීමයි ඒ. එම මෙහෙය නොවැදගත්
නොවේ. නමුත් සංස්කෘතියේ ඉදිරි ගමනට දායක වීම ඊට වඩා වැදගත් මෙහෙයක් සේ මම
සිතමි.
Clergy will always try to interfere with governance. As long as the
society is religiously polarized. Clergy will have political power.
Europe broke free from this iron grip clergy had on matters of
governance during and after the era of enlightenment. (see http://en.wikipedia.org/wiki/Age_of_Enlightenment) Unfortunately, Sri Lanka is still a few centuries behind the game.
-
Paradox said
November 15, 2010 at 7:37 pm
සාදු සාදු සාදු ටැබූ හාමුදුරුවනේ ඔබ වහන්සේට හොඳටම විශ්වාසද වැරදීමකින් කියලා ?
-
Pope said
November 16, 2010 at 2:05 am
බුද්ධාගමටම හැමදාම ගරගන්නේ නැතුව අර කොටින්ට කඩේ යන මැල්කම් රන්ජිත් අගරදගුරු කාදිනල් උතුමාණෝ ගැනත් බණක් දෙසන්නේ කවදාද?
-
Taboo said
November 16, 2010 at 2:59 am
@Pope,
පූර්ණ එකඟතාවයක් නැතත් ටැබූ කිසිදිනෙක බුදු දහමට ගරහා නැත. ඔන්න අර
නලින් ද සිල්වලාගේ චම්පික රණවකලාගේ ‘සිංහල බුද්ධාගමට’ නම් ගරහා තිබේ. තවත්
ගරහන්න ඇත්නම් කැමැතියි.
බුදු දහම විකුණා කන තක්කඩි නම් තමන්ට එල්ල වන ප්රහාරයන් බුදු දහමට එල්ල
වන ප්රහාරයන් සේ අර්ථ දක්වා ගැලැවී යන අවස්ථා එමට තිබේ. තිලංග සුමතිපාලට
ගැසූ විටත් ඔහු පත්තරේ දාන්නේ සිංහල බෞද්ධ ව්‍යාපාරිකයින්ට පහර දෙන්න එපා
කියාය. මේ බුකියාගේ බෞද්ධකම දන්නෝ දනිති.
මැල්කම් රංජිත් කොටියාට කඩේ ගියාද නැද්ද ලේඛකයා නොදනී. එහෙත් ඔහු
මහරජතුමන්ට කඩේ ගිය බව නම් ප්‍රසිද්ධ රහසකි. එසේ නොවේ නම් මේ වීඩියෝව
තමන්ගේම වෙබ් සයිට් එකේ දාගෙන ප්‍රසිද්ධ කරන්නේ මන්ද? http://www.mahinda2010.lk/show_video.php?v=vsq5PT4TKL8&cp=false
ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නේ නම්, සූදුව වැරදි බව බයිබලයේ කියා ඇති නම් හා එසේ තිබියදීත් කැසිනෝ
වලට පක්ෂව මැල්කම් රංජිත් අත ඔස වන්නේ නම් ලේඛකයා මැල්කම් රංජිත් ගැනද
බණක් කියනු ඇත. කාට ලොකු වුණත්, ඔය කිසිවකු ටැබූට ලොකු මිනිසුන් නොවේ. මහ
නායකලාද මැල්කම් රංජිත්ලාද කරන්නේ එකම ජොබ් එකය.
- Taboo
-
Anonymous said
December 2, 2010 at 9:12 am
Taboo
What is your religion?
If you are not a Buddhist or you don’t follow Buddhism it’s extremely
UNETHICAL that you make negative remarks on leading Buddhist monks.
-
Taboo said
December 2, 2010 at 10:30 am
@Anonymous,
I don’t think I have ever said anything about monks in this site – I
talk only about political animals who use religion as a tool of power.
They are paid from my tax money and their acts affect me, so I have the
right to critisise them.
- Taboo
-
December 2, 2010 at 2:43 pm
@Anonymous: Well, here you are with another familiar rhetoric that
anything even remotely connected to religion is ‘unethical’. There is no
reason for such immunity to be provided to religion, especially when
religion tries to interfere with lives of others who does not follow the
religion.
Taboo’s criticism here are directed towards the subset of clergy in
the religious institution. First of all religion and its institution are
different from each other. Moreover, the institution and its agents are
different from each other. The agents who do involve directly in
politics, and those who do not are different from each other. Taboos
criticisms are directed towards this last group.
-
December 2, 2010 at 2:45 pm
Correction. what I wanted to say was “Well, here you are with
another familiar rhetoric that CRITICIZING anything even remotely
connected to religion is ‘unethical’.”
-
The Analyst said
November 16, 2010 at 4:31 am
Pope
Malcolm Ranjith is like Hitler’s Pope. The relationship between him & MR is symbiotic (don’t have time for details).
His recent remarks during so called Truth & rec. commission is
nothing but an eye wash to appease majority of Catholics/Christians
who abhor naked triumphalism of the present govt
-
t said
November 16, 2010 at 3:43 am
Finally u have written something for me
-
මෙන්න බණ said
November 16, 2010 at 3:57 am
ටැබුවෝ ඔය මොන බණද බං? මෙන්න බණ!
කළු කුහර හා ආකාශ වස්තූන් පිළිබඳව අති විශේෂඥ මහාචාර්ය ස්ටීවන්
හෝව්කින්ස් මහතා පවසන අන්දමට මේ ග්‍රහ ලෝකයෙන් පිට, මේ සෞර ග්‍රහ මණ්ඩලයෙන්
පිට, මේ චක්‍රාවාටයෙන් පිට අපට වඩා නැණින්, බෙලෙන් දියුණු ජීවිහු සිටින බව
සනාථ වී තිබේ. මේ නව සොයා ගැනීම් ඔස්සේ ලද, ඇමරිකා එක්සත් ජනපදය ලොවට හෙළි
නොකරන, ඔබගේ කෙස් කෙළින් සිටුවිය හැකි රහසක්ද ඇත.
ඇමරිකා එක්සත් ජනපදයෙහි, නෙවාඩා ප්‍රාන්තයෙහි,ලාස් වේගාස් අග නගර බල
ප්‍රදේශයෙහි, මොජාවේ නම් මරු කතරක ඇති අතිශය සංකීර්ණ එක්සත් ජනපද ගුවන්
හමුදා කඳවුරු සංකීර්ණයකි, “එඩ්වර්ඩ්ස් ගුවන් හමුදා කඳවුර”
මෙම ගුවන් හමුදා කඳවුරෙහි සේවක සංඛ්‍යාව මේ වනවිට 3,000-3,500 ත් අතර
වෙතැයි ගණන් බලා තිබේ. මේ සේවකයන් සියළු දෙනා එක්සත් ජනපදයට ඉතා තදින් ආදරය
කරන දේශ ප්‍රේමීන් අතුරින් තෝරා ගත්තවුන් වන අතර ඔවුහු, ඔවුන්ගේ දරු පවුල්
සමඟම මෙම කඳවුරෙහිම වෙසෙති. ඉන් පිටව යාම ඔවුන් බහුලව නොකරන අතර එම
කඳවුරෙහි සේවයට බැඳෙන්නෝ සිය නෑ, හිත මිතුරන්ගෙන්ද වෙන්ව තම පවුලටම පමණක්
සීමා වූ ගුප්ත ජීවිත ගත කරති..
මෙම කඳවුරට එහි පනස් පස් වසරක ඉතිහාසය පුරා පට බඳින ලද අනවර්ථ නාමයන්
ගණන 27 ක් පමණ වේ. එනමුත් වැදගත් වන්නේ ඉන් එකදු නාමයක් වත් නොවේ.ඊට ඔබ අප
කවුරුත් හොඳින් දන්නා සුප්‍රකට අනවර්ථ නාමයක් ඇත. ඒ “51 වැනි කළාපය” නොහොත්
“ඒරියා 51″ යන නාමයයි. (Area 51)
ඒරියා 51 යනු හුදෙක් ජනප්‍රිය චිත්‍රපට හෝ මාලා නාටක වල එන සංකේතමය
වටිනා කමක් ඇති මුසාවක් වත්, නො එසේ නම් විශ්ව රහස් පසු පස යන දැනුම
පිපාසිතයන්ගේ සිත් හි මැවෙන “ෆැන්ටසියක්” වත්, ජනප්‍රිය සංස්කෘතියේ නව
නිර්මාණ ලක්ෂයක් වත් නොවේ. සැබවින්ම ඇමරිකානු යුධ කේන්ද්‍රස්ථාන අතර
ප්රමුඛ මෙහෙයුම් කේන්ද්‍රයක් ලෙස එවැන්නක් පවතියි. මෙය ඇමරිකානු
“අභ්‍යාවකාශ ආඥා දායකයේ” (United States Space Command)නියෝග මත “තහනම්
ගුවන් කළාප අංක 4808″(Restricted Flight Zone R4808) ලෙස සිවිල් හෝ
“සාමාන්‍ය” ත්‍රිවිධ හමුදා ගුවන් යානා වලට පිවිසුම ඇසිරූ කළාපයක් කොට ඇත.
මා මෙම කඳවුර ගැන සැකෙවින් ඔබට විස්තරයක් ගෙන ආවේ පෙර කී “කෙස් කෙළින්
සිටුවන රහස” මෙම කඳවුර තුළම ලොවින් සඟවා ඇත්තක් බැවිනි. එහෙත් අනෙක් සෑම
ශිෂ්ඨාචාරය සොලවන රහසක් මෙන්ම මේ රහසද සියළු විදුලි ආරක්ෂක පද්ධතීන්, සියළු
CCTV කැමරා, සියළු M-16 රයිෆල, සියළු පරිගණක නිරීක්ෂණ පද්ධතීන්, මැඩගෙන මහ
ජන සවනට කාන්දු වී තිබේ..එවැනි රහස් සඟවා තැබීම කිසි විටකත් සිදු කළ
නොහෙන්නේ ඇයි දැයි ඔබට මෙය කියවන විට වැටෙහෙනු ඇත..
මෙකී රහස් කඳවුර තුළ පිටසක්වළ අතිශය බුද්ධිමත්, තාක්ෂණයෙන් අපට වඩා ගව්
ගණනක් ඉදිරියෙන් සිටින ජීවී වර්ග හා ඇමරිකානු රාජ්‍යාධිකාරීන් මුණ ගැසෙන බව
සැබෑවකි. හිටපු මධ්‍යම රහස් ඔත්තු සේවා අධිපතීහු පවා මේ ගැන සිය
විශ්‍රාමික දිවිය අතර තුර සමීපතමයන්ට හෙළි දරව් කොට තබා මෙලොවින් නික්ම
යන්නට වග බලා ගත්හ. මෙවැනි හමු වළදී හෙළි දරව් වූ විශ්ව රහස් දහස් ගණනක්
වුවද ඉන් ඔබට වැදගත්ම රහස වන්නේ මෙයයි…
“පිට සක්වළ ජීවිහු අතර “දුර බැහැර ග්‍රහ ලොවක ඉපිද, ජීවන චක්‍රය හා
ඉන් මිදීම ගැන මාර්ගෝපදේශකත්වය දුන් මහා පඬි රුවණක් සරණ ගිය කොට්ඨාශයක්
වෙති. ඔවුහු අසම සම මානසික ශක්තීන් අතිශයින් බල සම්පන්න ජීවිහු වෙති. සිය
දේශක නායකයාට ඔවුහු “තත්ථාගහ්” (Thaththaggah) සහ “නීදෝක්” (Needhok) යන
නාමයන්ගෙන් අමතති…”
මේ කියන්නේ මේ චක්‍රාවාටයෙන් ඔබ්බෙහි ග්‍රහ ලෝක වල සිටින බුදුන් සරණ
ගිය “විශ්ව බෞද්ධ” ප්‍රජාවක් ගැන නොවේද?……( ඒරියා 51 වෙතින් හෙළි වූ
ආර්ථික, තාක්ෂණික රහස් සිය ගණනක් ඇතත්, මෙවැනි “ආගමික” රහසක් ඒරියා 51
වෙතින් පිටතට කාන්දු වී බොහෝ රහස් අතර වෙනත් නැත. වෙනත් කිසිදු “පෘථිවි”
ආගමික දර්ශණයක් තමන් හඳුනතැයි ඔවුන් පවසා නැත..මේ එවැනි රහසක් ලොවට කාන්දු
වූ පළමු අවස්ථාවයි )
බුදු පියාණන්ගේ විශ්වනීයත්වය…..
“තථාගත” යනු සිදත් සඟරා ඇජරනට අනුව “යථා ගත” හෙවත් “සත්‍ය ගාමී වූ”
යන්නය. නො එසේ නම් ” සත්‍ය මඟ පිළිපන්” යන්නය. බුදු පියාණෝ දෙවියන් උදෙසා,
බඹුන් උදෙසා, අමනුෂ්‍යයෝ උදෙසා මෙන්ම සකළ විධ විශ්ව ජීවීහු උදෙසා කරන ලද
සූත්‍ර දේශානායෙහි බොහෝ කොට තමන් වහන්සේ හඳුන්වා ගත්තේ මේ “තථාගත” යන
නාමයෙනි. උදා: අමනුෂ්‍ය බල පෑමෙන් වේශාලිය මුදවා ගනු වස් කළ රතන සූත්‍රයෙහි
“තථාගතන් දේව මනුස්ස පූජිතං” යනුයෙන් සඳහනක් කළ සේක.
තවද මේ නමින් උන් වහන්සේ විශ්ව ප්‍රචලිත බවට කදිම නිදසුන් වන්නේ “ධජග්ග
පරිත්තයෙහිද”, “ආටානාටිය පරිත්තයෙහිද”,”මහා මංගල සූත්‍රයෙහිද”, ” අනාගත වංශ
දේශනායෙහිද” බණවර කථායෙහි සක් දෙව් රජු, සහම්පතී මහ බඹු, වෙසමුණි යක් රජු,
සතරවරම් දේවතාවෝ ඇතුළු බොහෝ භගවත් ඇසුර ලද නොමිනිස් ජීවිහු උන් වහන්සේ
ඇමතීමටද “තථාගත නාමය” ම යොදා ගෙන තිබීමය.
එසේ නම් “තථාගත” නාමය මෙ සක්වා තළයෙන් බැහැර වෙසෙන ජීවින් සිය මහා
ගුරුවරයා හඳුන්වනු ලබන “තථාග්ගහ” නාමයමය. අප “බුද්ධ” ලෙසින් අමතන විශ්ව
ගුරුවරයාණන් ගේ පිට සක්වළ සිසූහු උන්වහන්සේ හඳුනන්නේ මෙපරිද්දෙන් විය හැක.
දැන් “නිදෝක්” නාමය ගෙන බලමු.
බුදු පියාණන්ට ඇති සමානාර්ථ නාම 1018 අතුරින් තවත් අතිශය ජනප්‍රිය
නාමයකි “නිදුක්ඛ” යන නාමය..අප බුදු රදුන්ට “නිදුකාණන් වහන්සේ” යැයි
අමතන්නේද මෙහෙයිනි. පාලි බසට සහ සිදත් සඟරා විවරණයට අනුව “නි” නම් “වැරූ
හෙවත් වැනසූ” යන්නය. “දුක්ඛ” යන්න එහි අර්ථයටම යෙදේ..එනයින් “නිදුකාණෝ” යනු
දුක විනාශ කර දමා ජය ගත් තැනැත්තාණන් වහන්සේය.
දැන් ආටානාටිය බණවරය ගෙන බලන්න..එහිදී වෛශ්‍රවණ දිව්‍ය රාජයා තිලෝගුරු පාද මූලයෙහි සිට උන්වහන්සේව මෙලෙස අමතයි..
“නිදුකාණන් වහන්ස, ඒ රජ හට ආකාශ තලයේ (Outer Space) ආටානාට, කුසිනාට,
පරකුසිනාට, නාටපරිය, පරකුසිතනාට නම් පුරවරයෝ වෙති. නිදුකාණන් වහන්ස, කුවේර
නම් රජහු ගේ විසාණා නම් රාජධානියක් ද ඇති”
(මොවුහුද පිට සක්වළ ජීවිහු වෙති – E.B.E- Extra Terrestial Biological Entities or “Aliens” in short form)
“නිදුකාණන් වහන්ස, රෞද්‍ර නපුරු ගති ඇති, එකට එක් කරන්නාවූ අමනුෂ්‍යයෝ ද ඇත්තාහුය”
“නිදුකාණන් වහන්ස, මේ ආටානාටිය ආරක්ෂාව වනාහි භික්ෂු, භික්ෂුණීන්ගේද,
උපාසක, උපාසිකාවන්ගේද, ආරක්ෂාව පිණිසද, නොවෙහෙසීම පිණිසද, සුවසේ විසීම
පිණිස ද පවත්නේය”
වෛශ්‍රවණ නම් බල සම්පන්න පිට සක්වළ ජීවි නායකයා තිලෝගුරු බුදු පියාණන් අමතා ඇත්තේද “නිදුකාණන් වහන්සේ” යන නාමයෙනි..
“බෞද්ධ ආකාශ වස්තු විද්‍යාවට” (Buddhist Cosmology) අනුව මේ “දිව්‍ය”
ලෝක තලයන්ගේ ආයු කාලය මිනිස් ලොව ආයු කාලය මෙන් සිය දහස් ගුණයකි. “කාලය”
(Concept of Time) ඇල්බට් අයින්ස්ටයින් මහ ඇදුරාට අනුව අප විසින් ගොඩ නඟා
ගත් හුදු මනං කල්පිතයක් පමණක් නොවේ. විශ්වයේ සෑම භෞතිකයක්ම වටා ක්‍රියාත්මක
“ජීව ඔරලෝසුවක්” ඇත. (Cosmic Biological Clock)..එනයින් මිනිස් ලොව කාලය
සහ විශ්ව කාලය එක කුඩා පොදු ගුණාකාරයකට ගෙන බලන කල වෛශ්‍රවණ දිව්‍ය රාජයා
රජ කරන “චාතුර් මහා රාජික” දිව්‍ය ලෝකයෙහි ආයුෂ මනුෂ්‍ය ලෝක කාළයෙන් වර්ෂ
මිලියන 9.4 ක් වේ..(වසර අනූ හතර ලක්ෂයක් – 9.4 million years )..(මෙම ගණනය
පුරාණ ඉන්දීය “සර්වාස්ථිවාද” සංකල්පයන්ට අනුව සිදු කොට ඇත.)
බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පා වදාළා අපේ මිනිස් කාලයෙන් තවම ගත වී
ඇත්තේ වසර 2550ක පමණ කාළයක් පමණි.. එය විශ්ව ඔරලෝසුවට අනුව නම් ඉතාම සුළු
කාළයකි…”චාතුර් මහා රාජික” ඔරලෝසුවට අනුව තප්පර ගණනකි!!…
මේ අනුව අපට නිගමනය කළ හැක්කේ එදා බුදු පියාණන් සෙවණේ ආටානාටිය විමසූ
දිව්‍ය, යක්ෂ, කුම්භාණ්ඩ, රාජයන්ට තවමත් බණ අසා ගොස් වැඩි වේලාවක් ගත වී
නොමැති බවයි…!!!!
එසේ නම් එදා ගෞතම බුදු සරණ ගිය “ඒලියන්” උපාසක, උපාසිකාවන් මෙන්ම එදා
බුදු පා සෙවණේ ආර්ය සත්‍ය අවබෝධ කර ගත් “ඒලියන්” සෝතාගාමීන්, රහතුන් මේ
මොහොත වන විටත් “හබල්” දුරේක්ෂයට නොපෙනෙන චක්‍රාවාට වල සිට “නමෝ බුද්ධාය!”
කියනවා විය යුතුය….
මහාචාර්ය ස්ටීවන් හෝව්කින්ස් පවසන අන්දමට පිට සක්වළ ඉතා බලසම්පන්න
දියුණු ජීවීන් සිටින මුත්, ඔවුන් අප ගැන හොඳින් දන්නා මුත්, ඔවුන් අප
ආක්‍රමණය නොකර සිටින්නේ ඇයිද? යන්න ඔහුට බලවත් ප්රහේළිකාවකි. ඔහුට එය
ප්රහේළිකාවක් වුවත් එය මා හට ඔහු යම් දිනෙක පුද්ගලිකව හමු වෙතොත් (මා බඳු
කුඩා මිනිසෙක එතුමා පුද්ගලිකව හමුවන්නට තරම් භාග්‍යවන්ත යැයි නොසිතමි. ) මට
මෙසේ පහදා දිය හැක…
“අදටත් ඔවුහු මහ පොළවේ ඔවුන් හා සන්නිවේදනය කර හැකිවුන් සමඟ බුදු දහම
ගැන යමක් පවසනවා නම් එය අරුමයක් විය නොහැක..මිනිස් ලොවෙන් පිටතත් දන්නා එකම
මිනිස් දහම බුදු දහමයි..!!! ඒ පිළිබඳව කිසිදු සැකයක් තිබිය යුතු නැත..
ඔවුහු පෘතුවි ජීවින්ට වඩා බෙහෙවින් බල සම්පන්න වුවත් ඔවුහු අප ආක්‍රමණය
නොකරන්නේ “බුද්ධොත්පාද” ග්‍රහ ලෝකය ඔවුහු පූජනීය කොට සලකන නිසාම විය
යුතුය….”
“මාගේ ධර්මය ඒ දිවයින් හි සුරැකෙන්නේය!” යන බුද්ධ විවරණය ලබා බුදු දහම
රකින එක්තරා ජාතියකට එරෙහිව මුළු මහත් ලෝකයක් පැමිණියත්, මොන තරම් දියුණු
ත්‍රස්ත ජාල, මොන තරම් ධනවත් රටවල් සමඟ ආවත් මේ අල්ලක් පමණ වූ කුඩා දූපතක
සිටින එම ජාතිය සමූල ඝාතනය කිරීමට ඔවුහු අසමත් වන්නේත් උක්ථ බලවත් සක්වළ
ජීවින්ගේ රැකවරණය නිසාම විය නොහැකිද??
(“රෝම, චෝල මණ්ඩල, අරාබි, බ්‍රිතාන්‍ය ආදී වූ මහ බලසම්පන්න ලෝකාධිපති
අධිරාජ්යන්ට ඒ කුඩා දූපතේ බුදු සසුන අතු ගා දමන්නට හෝ එය රකින සංඛ්‍යාවෙන්
අල්පයක් වූ ජාතිය සමූල ඝාතනය කරන්නට කී වතාවක් වැර දැරුවත් නොහැකි විය.”)
එසේ නම් මේ ග්‍රහ ලෝකය රැකෙන්නේ අවිවාදයෙන්ම බෞද්ධයන් නිසාම විය යුතු නොවේද?…
ඒ රැකවරණය මේ ලොවට ගෙන දුන් මහා මිනිස් වීරයන් වහන්සේ බුදු පියාණන් වහන්සේ මිස අන් කවරෙක්ද?
(රාහු අසුරේන්ද්රයා (අසුර නිකාය යනු ඉතා චණ්ඩ ගති පැවැතුම් ඇති විශ්ව
ජීවි විශේෂයකි – ” Hostile Extra Terrestial Biological Entity” ) පවා ” හේ
මහා වීරෝ” යන නමින් බුදු පියාණන් අමතා ඇත.)
“බුද්ධ” ජීවි විශේෂය…..
“ස්වාමීනි, ඔබ වහන්සේ දෙවියෙක්ද?” …..
“නැත බමුණ මා දෙවියෙකුදු නොවෙමි”…
“ස්වාමීනි ඔබ වහන්සේ මනුෂ්‍යයෙකුද, දෙවියෙකුදු, යක්ෂයෙකුදු නොවෙත් නම් ඔබ වහන්සේ කවරෙක්ද?….”
“කළලේ උපන සියපත ඉන් නික්ම, එහි නොගෑවී පිපී ලෙලෙන්නේ යම් සේද,මමද
මිනිසුන් අතර ඉපිද, මිනිසුන් අතර හැදී වැඩී චතුරාර්ය සත්‍යාවබෝධයෙන්
කෙළෙසුන් නසා නිර්වාණය ලදිමි. එසේ හෙයින් බමුණ, මා “බුද්ධ” යැයි දනුව”
මේ වූ කලී බුදු පියාණන් වහන්සේ සහ “ද්‍රෝණ” නම් බමුණු තෙම අතර ඇතිවූ
සංවාදයකි..තිලෝගුරුන් තමන් වහන්සේව මෙහිදී හඳුන්වා දුන් ආකාරය ගැන මඳක්
අවධානය යොමු කරන්න…
චාර්ල්ස් ඩාර්වින් හා ඔහුගේ “සත්ව පරිණාම වාදය” (Theory of Evolution)
ගැන ඔබ අසා ඇති. ඉක්වදෝරය අසල “ගැලෆගෝස්” දූපත් ආශ්‍රිතව සිදු කල පරීක්ෂණ
තුළින් ලොවට, මැවුම් වාදය ප්‍රතික්ෂේප කරන ජීව විද්‍යා නයක් ඔහු හඳුන්වා
දුන් නිසා අප ඔහු “පරිණාම වාදයේ පියා” ලෙස පොත් පතින් හඳුනා ගතිමු.
ඩාර්වින් සැබවින්ම පරිණාම වාදයේ පියාද? නැතහොත් ඔහු පරිණාම වාදයෙන්
“අර්ධයක්” පමණක් වටහා ගත්තෙකුද?….ඉතිරි අර්ධය කුමක්ද?….”සම්පූර්ණ” පරිණාම
වාදය දෙසුවේ කවුරුන්ද?….
දැන් නැවතත් ද්‍රෝණ බමුණාට බුදු රදුන් තමන් වහන්සේ හඳුන්වා දුන් ආකාරය
සිහිපත් කර ගන්න…”කළලේ පිපී ඉන් නික්ම කළලේ නොගෑවී…මිනිසුන් අතර ඉපිද, හැදී
වැඩී…..එසේ හෙයින් මා “බුද්ධ” යැයි දනුව…මා මනුෂ්‍යයෙකුද නොවෙමි..”
“අග්ග්ඥ සූත්‍රයෙහි” බුදු රදුන් ලෝකාරම්භය ගැන දෙසා ඇත්තේ ” ඉතා සරළ ඒක
සෛලික ජීවි ස්වරූපයෙන් සිතිවිලි පරම්පරාව හා ඒ ඔස්සේ සැකසුණු කාය පරම්පරාව
නිසා ජීවිහු වර්ධනය” වූ බවයි…
මෙහි “සිතුවිලි පරම්පරාව හා ඒ ඔස්සේ සැකසුණු කාය පරම්පරාව” යන්නට නැවත, නැවතත් ඔබේ දැඩි අවධානය යොමු කරන්න….
එසේ නම් සම්බුදුන් දෙසූ පරිණාමය කොටස් දෙකකි…”මනෝ පරිණාමය”
(Psychological Evolution) හා ” කාය පරිණාමය” (Physical
Evolution)…!!….ඩාර්වින් අල්ලා ගත්තේ මෙයින් එක කොටසක් පමණි…එනම් කායික
පරිණාමය පමණි…එහි අනිත් කොටස ඔහු දැක නැත…එසේ නම් “අංග සම්පූර්ණ පරිණාම
වාදය දෙසා ඇත්තේ ඩාර්වින් නොව තිලෝගුරු බුදු රජාණෝමය….” !!!!!….එමතු නොව
ඩාර්වින් වටහා ගත්තේ පෘතිවි පරිණාමයේ එක් කොටසක් පමණි…”සම්බුද්ධ පරිණාම
වාදය” මුළු මහත් විශ්වයේම ජීවි පරිණාමය විස්තර කරයි…!!!! (Universal
Biological Evolution)..!!
මනස පෙර ගමන් යයි…”මනෝ පුබ්බං ගමා ධම්මා”….මනස අනුව කය සැකසෙයි…ඔබ
මනසින් තිරිසනෙකු වන්නේ නම්, ක්‍රමයෙන් ඔබේ මතු භවයේ කඳ ඒ අනුව සැකසේ…ඔබ
මනසින් දෙවියෙකු වන්නේ නම්, ක්‍රමයෙන් ඔබේ මතු භවයේ කය “දේව” කයකට
“පරිණාමය” වේ…ඔබේ මනස මුලින් පරිණාමය වන ස්වරූපයට ක්‍රමයෙන් ඔබේ කායික
පරිණාමය සිදුවේ…මේ “සම්මා සම්බුද්ධ පරිණාම වාදයයි”…මුළු මහත් සංසාරයේම අප
යන්නේ මේ පරිණාමය ඔස්සේය..පුනර්භවය සැකසෙන්නේද මේ අනුවය..මනස මුලින්
පරිණාමය වන තැනට කය පරිණාමය වේ..මේ සංසාර ගමනයි….
I know that some of you may not have access to Sinhala fonts. Thus, I
will publish this all important faction of my writing in English as
following:
“Mind precedes the Body…Your Physical evolution will take the
direction of your psychological evolution..These are the perimeters in
the journey of Sansara..This is the Buddhist theory of Evolution..!!”
එසේ නම් ” සාර සංඛෙය කල්ප ලක්ෂයක්” ඔස්සේ පාරමිතා දහය පිරීම යනු,
“ක්රමානුකූල මානසික පරිණාමයකි”…සම්මා සම්බුද්ධත්වය ලැබීම යනු “මිනිස්”
හෙවත් “හෝමෝ සේපියන්” නයින් අප දන්නා ජීවි විශේෂයේ ඉපිද හැදී වැඩී, අතීත
මානසික පරිණාමයේ (පෙරුම් දම් පිරීමේ) ශක්තිය කැටි කොට මිනිස් ජීවී විශේෂයේ
සිට “විශ්වයේ එක්වරකට, එක කල්පයකට එක් අයෙකු පමණක් පහළ වන්නාවූ” අති
ශ්‍රේෂ්ඨ සුපිරි ජීවි විශේෂය” වන “සම්මා සම්බුද්ධ” ජීවි තලයට කරන “මහා
මානසික පරිණාමික පිම්මයි” (කළලේ ඉපිද කළලේ හැදී වැඩී ඉන් නික්ම….. )
Again in English, “attaining Enlightenment is the GREAT PSYCHOLOGICAL
LEAP from what we know as “Human Species” (Homo sapiens) to a
“Universally Super specie level” known as ” Samma Sam Buddha”
ඇසට නොපෙනෙන තරම් ක්ෂුද්‍ර බැක්ටීරියා, ඇමීබා ජීවි විශේෂ වල ජීවින් ගණන
ක්වෝඩ්‍රිලියන ගණනකි… කුඩා නොදියුණු කෘමි සත්ව ජීවි විශේෂයන්ගේ පහළ වන
ජීවින් ගණන ට්‍රිලියන ගණනකි…ඊට වඩා සංකීර්ණ සත්ව විශේෂ වල බිලියන ගණනක් පහළ
වෙති…මිනිස් ජීවී විශේෂයේ සත්ව සංඛ්‍යාව බිලියන 7 කි…ඊටත් වඩා දියුණු
“දේව” ජීවි විශේෂයේ ගණන මිලියන ගණනක් විය හැක…ඊටත් ඉහළට යන්නට, යන්නට ඒ ඒ
විශේෂයේ ජීවින් ගණන තව තව අඩු විය හැක…අනාගාමී වූවන් උපදින “ආකණිෂ්ඨ තලයේ”
ශුද්ධ වාස බ්‍රහ්ම ලෝක වල එක වරකට ඇත්තේ ඉතාම සුළු අතළොස්සකි… (සංඛ්‍යාත්මක
විස්තර සඳහා මෙතන click කරන්න)
එනමුත් මානසික පරිණාමයෙන් පමණක් යා හැකි “සම්මා සම්බුද්ධ නම් අති
සුපිරි, සියල්ල අවබෝධ කරගත් මහා ශ්‍රේෂ්ඨ ජීවි තළයේ” මුළු කල්පයකටම විශ්වයේ
එකවරට පහළ වන්නේ එක් අයෙකුම පමණකි..ඒ තැනැත්තාණන් වහන්සේට සියළු විශ්ව
ජීවීහු “බුදු රජාණන් වහන්සේ” ලෙස අමතති….
ඔබට උපත්තියෙන් උරුම ඒ මහා ශ්‍රේෂ්ඨ විශ්ව ජීවියාණන් වහන්සේ ගේ දර්ශණයයි….සක්වළ කරකවන එකම සැබෑ ඥාණයයි….
“සුඛෝ බුද්ධානං උප්පාදෝ”…….
http://lyfstyleblog.blogspot.com/2010/10/misty-mystery-1.html
-
නිගන්ටනාත පුත්ත said
November 16, 2010 at 6:24 am
බෞද්ධයාගේ බයිබලය වන ත්‍රිපිටකය උඩ දැමීම හැර ඔබ කියන කිසි දෙයක් ඔප්පු කල හැකි සාධක දක්වන්න!
-
masusha said
November 16, 2010 at 3:08 pm
Not good use of the word “බෞද්ධයාගේ බයිබලය”! Please don’t reference
things that are completely opposite. Tripitakaya for Buddhist is not
something similar to Bible for Cathalics. Those two cannot be comapred
in generalization.
-
නිගන්ටනාත පුත්ත said
November 17, 2010 at 3:55 am
@Masusha,
කිතුනුවන් බයිබලය ඉස් මුදුනින් පිලිගනී, එහි ඇති කාරණා ඔවු ප්‍රශ්ණ
නොනගා පිළිගනී. ඉස්ලාමිකයන්ට කුරාණයත් එසේමය. බයිබලය හෝ කුරාණය පිළිබඳ
ප්‍රශ්ණ ඇසුවොත් උත්තර ගන්න එය ලියපු කෙනාම සිටිය යුතුය.
ඉහත “මෙන්න බණ” ලියපු උන්නැහෙත් ත්‍රිපිටකය බයිබලයක් (හෝ කුරාණයක්) ලෙස
භාවිතා කර ඇත. ඔහු ලියා ඇති දේවල් ඔප්පු කල නොහැක. ඒ සඳහා බුදුවීමට හෝ රහත්
විය යුතුය. අපිට මේ වෙලාවේ රහත් වීමට බැරි නිසා බයිබලයක් ලෙස ත්‍රිපිටකය
පිලිගනිමු ද?
ඒ නිසා බෞද්ධයාගේ බයිබලය ත්‍රිපිටකය යැයි කීමේ වැරැද්දක් මා දකින්නේ නැත. බෞද්ධයන් යනු තවත් එක් අදහන්නන් පිරිසක් බව පිලිගන්න.
-
vipul said
November 16, 2010 at 5:06 pm
මෙ පිස්සත් අහුබුදුගෙ ජාතියෙ ලෙඩෙක්. මේ ලෙඩ්ඩුන්ට බෙහෙත් නැද්ද හැබෑටම.
-
greengas said
November 17, 2010 at 8:44 am
තථාගත සරණ ගිය නිදුකාණන් ගැන කියන, අමෙරිකාව එක්ක ගනුදෙනු කරන ඒලියන්ස්
ලා, හරකෝ, මුන් තුන් තියා එක සරණක් හරි ගියා නම්, එක් සිලක් හරි
ආරක්ෂාකරනවා නම්, කොහොමද ඇමරිකාව එක්ක ඉහළ මට්ට මෙන් පෑහෙන්නේ. අහුබුදු
බුදුන් අහු වුන තැන වගේ තමා මේකත්.
-
R4ng4 said
November 17, 2010 at 10:25 am
Can you please provide some references to prove your post?
-
rana said
November 16, 2010 at 4:20 am
දැන් ලංකාවේ ධීවර කර්මාන්තය ගැන එතකොට මොකද කියන්නේ? ධීවර කර්මාන්තය
තහනම් කරනවද නැත්නම් බුද්ධාගම තහනම් කරනවද? සිංහල බුද්ධාගම කියලා නම දැම්මේ
චම්පික රණවකලා සහ නලින්ද සිල්වලා වෙන්න ඇති. ඒත් සිංහල බුද්ධාගම කියන එක
ලංකාවේ එදා ඉඳලා තියෙන දෙයක්. ඒක සංස්කෘතියක්. ඕනෑම දහමක් එය පවතින
සංස්කෘතිය එක්ක බද්ධ වෙනවා. ලංකාවේ ඕක සිද්ධ වුනාම කියන්නේ සිංහල බුද්ධාගම
කියලා. නැතුව ඒක කුනුහරුපයක් නෙමේ. ලංකාවේ හෙළ උරුමය සමස්ත භික්ෂු පරපුර හෝ
බුද්ධාගම නියෝජනය කරන්නේ නැහැ. හෙළ උරුමය අල්ලගෙන ඒ හරහා බුද්ධාගමට
දේශපාලන බලයක් තියෙනවා කියලා කියන එක අර්ථ විරහිත දෙයක්. නමුත් ඉතිහාසය තුළ
බුද්ධාගමට දේශපාලන බලයක් තිබුනා. ඒ මිනිස්සු බුදුදහම එක්ක බැඳිලා සිටි
නිසා. ලන්කාව එංගලන්තය කරන්න ඔනේ කියලා හිතන අය ඒකට කැමති නැහැ.
-
Taboo said
November 16, 2010 at 5:39 am
@Rana,
ඉතිහාසය තුළ බුද්ධාගමට දේශපාලන බලයක් තිබුණේය යන්න බැලූ බැල්මට සත්‍යය සේ පෙනෙන අධි-සාමාන්‍යකරණය කරන ලද ප්‍රකාශයකි.
(ථෙරවාදී)බුද්ධාගමට තිබූ දේශපාලන බලය ඒක කේන්ද්‍රීය වූයේ තෝරාගත් කාල
පරිච්ඡේදයන්හි පමණකි. පැසුළු අනුරාධපුර යුගයේදී ථෙරවාදය මුල් කොට ගත් මහා
විහාර පරම්පරාවත්, මහායානය මුල් කොට ගත් අභයගිරි පරම්පරාවත්, වජ්රයානය
මුල් කොට ගත් ජේතවන පරම්පරාවත් අතර සීතල යුද්ධයක් විය. සංක්‍රාන්ති සමයෙන්
පසු බුද්ධාගමට ලැබුණු දේශපාලන බලය රාජ්‍යත්වයෙන් ලැබුණු එකක් විය. පළමු
රාජසිංහ රජු හින්දු සමය අදහන්නට පටන් ගත් කල්හි වැසියෝ හඬ නොනඟා ඊට මාරු
වූහ. පෘතුගීසීන්ට බලය තිබූ පෙදෙස් වල අදත් ප්රමුඛ ආගම කතෝලික ආගමයි. එනිසා
ඔය ජනතාව බුදු දහම හා බද්ධ වූ කතාව ප්රළාපයකි. මිනිස්සු අද මෙන්ම තමන්ට
පහසු දේ කළහ. වෙනස පහසු විට වෙනස් වූහ.
අද අප දන්නා සිංහල බුද්ධාගමට සියවස් එකහමාරකට වඩා වයස නැත. එහි නිර්මාපකයා සිංහල වර්ගවාදයේ නිර්මාපකයාම වූ ධර්මපාලය.
බෞද්ධ පරිසරයක (ගෞතමයන් අනුදැන වදාළ ධර්මයට පටහැනිව) මසුන් මරන්නේ
කෙසේද, සූදු කෙළින්නේ කෙසේද යන්න මා නොව ‘බෞද්ධයින්’ තීරණය කළ යුතුය.
පුද්ගලිකව මගේ විසඳුම, මේවා කරන ගමන් බෞද්ධයකු වන්ට බැරි නිසා බෞද්ධකමින්
ඉවත්ව ඒවා කිරීමය. එවිට අඩු වශයෙන් හතරවැනි සිල්පදය වත් සුරැකේ. එක
සිල්පදයක් හෝ රැකීම පහම කඩනවාට වඩා හොඳය.
- Taboo
-
පියරු බබා said
November 17, 2010 at 12:22 am
“අද අප දන්නා සිංහල බුද්ධාගමට සියවස් එකහමාරකට වඩා වයස නැත. එහි නිර්මාපකයා සිංහල වර්ගවාදයේ නිර්මාපකයාම වූ ධර්මපාලය.”
Exactly.
-
rana said
November 17, 2010 at 11:52 pm
අනුරාධපුර යුගයේදී මහා විහාරය සහ අභයගිරි විහාර අතර සීතල නොව උණුසුම්
යුද පවා ඇති විය. එය ලංකාවට අවශ්‍ය කරන බුද්ධාගමෙහි හැඩය තීරණය කරන අවධියක්
විය. ලොකුම ප්‍රලාපය වන්නේ සිංහල බුද්ධාගම අරඹණ ලද්දේ ධර්මපල තුමන් විසින්
යයි පැවසීමය. ධර්මපාල තුමා සිදු කරන ලද්දේ එකලට උචිත අයුරින් අධිරාජ්‍ය
විරෝධී අරගලය ඉදිරියට ගෙන යාමය. ඔබ කියන ආකරයෙන් බැලූ කළ නෙල්සන් මැන්ඩෙලාද
ජාතිවාදියෙකි.
පළමුවැනි රාජසිංහ රජු හින්දු ආගම කෙරේ ඇදෙන විට ජනතාව හින්දු ආගම වැළඳ
ගත්තේ මද වශයෙනි. කෙසේ වුවත් හින්දු ආගම සහ බුදු දහම එකිනෙක හා සබැඳි ආගම්
දෙකක් විය. පෘතුගීසි පාලන බලය ඇති පෙදෙස් වල ජනතාවට තම පැවැත්ම උදෙසා
කතෝලික වීමට සිදු වුවත් ඔවුන් හැකි උපරිම අයුරින් බෞද්ධ අංග ඒ තුළට රිංගවන
ලදි. වෙනත් හේතු නිසාද මිනිසුන් ආගම් මාරු කරන අතර මෙරට තිබූ බෞද්ධ පදනමට
විශාල අභියෝගයක් එමගින් සිදු නොවිනි. බුද්ධාගමට ලැබුණු බලය රාජ්‍යත්වයෙන්
ලැබුනු දෙයක් නොවීය. ජනතාව තුළ බෞද්ධ පදනමක් තිබූ නිසා රාජ්‍ය එය ලබා
ගත්තේය. බණ්ඩාරණායක සහ ජේ. ආර්. වැන්නන්ට බෞද්ධාගම වැළඳ ගැනීමට හේතු වුයේ
එනිසාය.
-
Taboo said
November 18, 2010 at 3:15 am
@Rana,
දීර්ඝ පිළිතුරක් දිය යුතුව ඇත. පහසුව තකා මම එය හැකිතාක් කෙටි කරමි.
1. ‘සිංහලබුද්ධාගම’ (තනි වචනයකි) යනු ධර්මපාල නිර්මාණයකි. ඉන් පෙර
සිංහලත්වයත් (ප්‍රාථමික ලෙස) බුද්ධාගමත් (අනුවාදන රාශියක් ලෙස) තිබුණත්
ඓන්ද්‍රීය ලෙස බද්ධ වීමක් නොවීය. දෙමළකුට වුව බෞද්ධයකු විය හැකි වු අතර
සිංහලයෝ ආගම් රාශියක් ඇදැහුවෝය. ධර්මපාල මේ දෙක එක් කරනවා පමණක් නොව
සිංහලබුද්ධාගමත් සමඟ එහි පැවැත්මට අවශ්‍ය තවත් මිත්‍යාවන් රාශියක්ද
නිර්මාණය කරයි. මේවා පූර්ව 1956 යුගයේදීද නැවත 2003ට පසුද දේශපාලන
අවශ්‍යතාවයන් මත පොහොර යොදා පෝෂණය කෙරිණි. ඔබ දැන් දැන හෝ නොදැන වපුරන්නේ
මේ මිත්යාවන්ය.
2. ධර්මපාල නෙල්සන් මැන්ඩෙලා හෝ මාටින් ලූතර් කිං සමඟ සැසඳිය නොහැකිය.
මේ දෙදෙනාම සටන් කළේ තම වර්ගය වෙනුවෙන් වුවද ඒ තමන්ට අහිමි වූ අයිතීන් දිනා
ගැනීම පිණිස පමණය. වෙනත් ජනවර්ග ඔවුන්ගේ පහරට ලක් වූයේ නොවේ. ධර්මපාල තම
වර්ගය වෙනුවෙන් සටන් කරනවාට අමතරව වෙනත් ජන වර්ග වලට දුවන්ට බැට දුන්නේය.
ඔහු දෙමළුන් හා මරක්කලයින් (ඔහුගේම වචනයෙන් “හම්බයින්”) ගැන කියා ඇති දේ
ගැන බැලීමෙන් මෙය වටහා ගත හැකිය. දෙමළුන් හෝ “හම්බයින්” අධිරාජ්‍යවාදයේ
කොටස් කරුවෝ නොවූහ. එසේම ධර්මපාලගේ සිහිනය බහු වාර්ගික සමාජයක් නොව
ඒකවාර්ගික ඒකආගමික එකක් විය. මැන්ඩෙලා වර්ගවාදියකු නොවන්නේද ධර්මපාල
වර්ගවාදියකු වන්නේද එහෙයිනි. (එහෙත් ධර්මපාලගේ වර්ගවාදය අදට වඩා බොහෝ
ප්රගතිශීලී එකක් වූ අතර අද මෙන් මෝඩ චූන් එකක් නොවීය.)
3. හින්දු ආගම හා බුද්ධාගම අතර සමානතා ඇතැයි යන්න අද ‘බෞද්ධයින්’ වපුරන
තවත් මිථ්‍යාවකි. බහු දේව වාදී ආගමක් වන හින්දු ධර්මය හා ථෙරවාදී බුද්ධාගම
අතර ඇති අසමානතා කිතුණු හා බුදු දහම් අතර ඇති අසමානතා සේම ප්රබලය. කෙසේ
වෙතත් මේ ප්‍රස්තුතයට අදාළ නොවේ. (රැඩිකල් බෞද්ධයාට අවශ්‍ය නම් මේ ගැන
අදහස් දැක්විය හැකිය.)
4. වැඩවසම් පොදු ජනයාට ආගමක් කියා දෙයක් නැත. ඔවුන්ගේ ආගම පාලකයින්ගේ
ආගම සමඟ වෙනස් වේ. (අද වුවද අප නොදනිතත් ‘සිංහල බෞද්ධ’ වී ඇති දෙමළුන් ගණන
අති විශාලය.) මේ නිසා ජනතාව එක් ආගමක් හා බද්ධ වී යැයි කියන කතාවේ තේරුමක්
නැත. පාලකයින් එක්තරා මට්ටමකට ආගමක් හා බද්ධ වී සිටියේය කීම ඊට වඩා හොඳය.
එහෙත් ඒ පාලක පන්තිය නොවේ 1948 දී රට භාර ගන්නේ.
5. අවසාන වශයෙන්, බණ්ඩාරනායක හා ජයවර්ධන ‘සිංහල බෞද්ධ’ වී නෙළන්නේ ධර්මපාල වැපිරූ අස්වැන්නය. ඉන් පෙර කිසිවකු හෝ වැපිරූ එකක් නොවේ.
- Taboo
-
November 18, 2010 at 3:23 am
ඔවුන්ට බුද්ධාගම වැලඳ ගැනීමට බෞද්ධ පදනම “හේතු විය” කියන එකට වඩා
වැදගත් කාරනය තමයි, ජනතාවගේ “බෞද්ධ පදනම” නිසා ඔවුන්ට ඉතාම ලෙසියෙන්
“බුද්ධාගම වැලඳගෙන” ජනතාව කඩෙ යවන්න පුලුවන් උනා කියන එක. ජනතාව මේ
කපටියන්ට ඡන්දය දීමට “හේතු වූ” ඔය කියන බෞද්ධ පදනම යනු සියවස් ගනනාවක්
තිස්සේ ගොඩනැගුන බෞද්ධ ආයතනවලට (Buddhist Church) ගැති වීමේ මානසික වහල්
භාවය මිසෙක, ඊට වඩා හරවත් යමක්ද? ඔය කියන බෞද්ධ පදනම මේ දැන් තියෙන
ආකාරයෙන් ඉදිරියට යෑම රටට කොයිතරම් වැඩදායකද?
The more important question I like to find answer is not how we got
here, but what should be the way forward? Will the current Buddhist
institution and its power over the masses can be harnessed for anything
productive? Or is it just a mere tool for politicians to manupulate the
opinions of the masses?
If we do not have such a religiously polarized society, the
politicians has to play more advanced game in order to collect votes,
rather than mere lip service to the popular religions.
Let me quote from following article:
http://www.secularsrilanka.com/discussions/prasad-s-rants/a-minority-dream
“I have a dream! A dream about a future Sri Lanka where our
governance is over and above the petty divisions of race and religion; a
future where politicians need to find more sophisticated plot devices
to deceive the masses. In such a future, ethnic rhetoric or religious
dogma will no longer be viable political devices to polarize people in
one direction like a heard of cattle. The politicians will have to find
more real plot devices like economy, class difference, foreign policy,
environment etc to manufacture their rhetoric and lies around.”
-
A Reader said
November 19, 2010 at 2:31 am
Taboo, How about writing an elaborate blog post about Anagarika Dharmapala?
-
rana said
November 22, 2010 at 2:53 am
ලංකාවේ පුරාණයේ පටන් පැවතියේ බුද්ධාගම වූ අතර ඊට වෙනත් ආගම්වල යම් යම්
ලක්ෂණ එකතු විය. අදද බෞද්ධයන් කොච්චිකඩේ පල්ලියට යනමුත් ඔවුන් ක්‍රිස්තියනී
නොවූ බෞද්ධයන්ය. ඔව්නුගේ ඇත්තේ බෞද්ධ පදනම මිස අන් යමක් නොවේ. මිථ්‍යාව
වන්නේ බුද්ධාගම එත්‍රම් වැදගත් තැනක නොතිබූ බවට ඔබ ඉදිරිපත් කරන මතයයි.
නෙල්සොන් මැන්ඩෙලා සහ ධර්මපාල තුමා හැම අතින්ම එකම මට්ටමේ ලා සැලකිය හැකි
බව මා සඳහන් කර නැත. ඔවුන් ජීවත් වූයේ වෙනස් ලෝක තත්ව දෙකක් තුළ සහ වෙනස්
සංස්කෘති දෙකක් තුළය. නමුත් ඔවුන් දෙදෙනාම සුදු අධිරාජ්‍යවාදයට එරෙහිව සටන්
කළහ. ධර්මපාල තුමා බැටදුන් අය අතර සිටියේ දෙමළ සහ මුස්ලිම් ජාතින් පමණක්
නොවේ. ඔහුගෙන් බැට ලැබුණු අය අතර අධිරාජ්‍යවාදින්ට කඩේ ගිය සිංහලයන්ද විය.
ඔහු එවන් සිංහලයන්ට මී හරකා , ගොන් තඩියා වැනි ඉතා කර්කශ වචන භාවිතා කළේය.
දෙමළ ජනතාව සුදු අධිරාජයවාදය සමග ඉතා කුලුපගව ක්‍රියා කරද්දී ධරමපාල
තුමාට ඔවුන්ට එරෙහිවද යම් යම් දේ කීමට සිදුවිය.
හින්දු ආගම සහ බෞද්ධ ආගම අතර සමීප සම්බන්ධයක් ඇතයි යන්න මිත්යාවක්නම් එම
මිත්‍යාව අදහන්නේ බෞද්ධ්යන් පමණක් නොවේ. හින්දු බක්තිකයෝද එසේ අදහති. බෞද්ධ
පන්සල් තුලට දේවාල එන්නේත් හින්දුන්ගේ දෙවිවරු අතර බුදු පිළිම දක්නට
ලැබෙන්නෙත් එහෙයිනි.
ලංකාවේ පැවතියේ වැඩවසම්ද එය වෙන යමක්දැයි නොදනිමි. කාර්ල් මාක්ස්ට අනුව
එය වෙනත් සමාජ ක්රමයකි. එය කුමක් වුවත් ධර්මපාලට පෙර සිටි දෙමළ රජ වරුන්ට
බුද්ධාගම වැළඳ ගැනීමට බල කරන්නේ මෙරට තිබූ සිංහල බෞද්ධ පදනමයි.
ඉංග්‍රීසින් රට බාර ගන්නා අවස්ථාවේදි බුද්ධාගමට විශේෂ තැනක් වෙන් වන්නේද
එනිසාය. එමනිසා මෙරට පාලක පන්තිය ඇදහූ ආගම ජනතාව ඇදහූවායයි කීම ඔබ මෙහි
පතුරන දහසකුත් ප්රලාපයන් අතර ප්‍රමුකතම ප්‍රලාපය වීම නොවැලැක්විය හැකිය.
ධර්මපාල විසින් සිදු කරන ලද්දේ දුර්වලවී තිබූ බෞද්ධකම අවදි කිරීමය.
බණ්ඩාරණායක සහ ජේ. ආර්. වැන්නවුන් බුද්ධාගමට ජනතාව අතර තිබූ තැන අවබෝධ
කරගැනීමට තරම් බුද්ධිමත් වූහ. ඔබ කියන ආකාරයට ජනතාව පාලකයන්ගේ ආගම වැළඳ
ගන්නේනම් ඔවුන්ට හිතට විරුද්ධව බුද්ධාගම වැළඳ ගැනීමට සිදු නොවේ. ඒ වෙනුවට
තමුන්ගේ ආගම ජනතාව මතට පැටවීමට හොඳටම හැකියාව තිබුණි.
සිංහල බෞද්ධ පදනම විසින් සිදු කරන ලද්දේ කුමක්දැයි ඔබ අසයි. එය විසින්
සිදු කරන ලද විශිෂ්ටම කාර්යය වන්නේ අධිරාජ්‍යවාදයට එරෙහි සටනේ පෙරමුණේ සිටි
ජනතාව එකට යා කරන ශක්තිමත් හූය බවට ක්‍රියා කිරීමයි. සිංහල එතරම් හුරු නැති
බොහෝ අයට එය එතරම් තේරුම් ගැනීමට අපහසු වීම පුදුමයක් නොවේ. ආගම් එපා යයි
මොර දෙන්නවුන් කඩේ යන්නෙ අධිරාජ්‍යවාදය වෙනුවෙනි. ආවේ කෙසේදැයි නොදැන
ඉදිරිමග සොයා ගැනීමට අපහසුය. ආ මග කෙසේදැයි සෙවීම වැදගත් වන්නේ ඉදිරිමග
සෙවීමට අවශ්‍ය කරන අත් දැකීම් එයින් සපයන බැවිනි.
අනිත් අතට සිංහල බෞද්ධ පදනම එසේම ඉදිරියට ගෙන යා යුතු නැත. එය රටට අවශ්‍ය
ආකරයට වෙනස් කිරීම අප ඉදිරියේ ඇති අභියෝහයකි. එම අභියෝගය ජයගත හැක්කේ එයට
තඩි බමින් නොව එයට සියලුම ජන කොටස් අවශෝෂණය කරගත හැකි ලෙස වෙනස් කිරීමෙනි.
-
Taboo said
November 22, 2010 at 5:18 am
අවසාන ඡේදය සමඟ 100%ක් එකඟ වෙමි. නමුත් ඉතිරිය නම් පුරුදු මිථ්‍යාවන් ටිකම වෙනත් වචන වලින් කීමකි.
1. ලංකාවේ අවිච්ඡින්න ථෙරවාදී බෞද්ධ සමාජයක් වූ බව ඓතිහාසිකව වැරදිය.
ථෙරවාදී බුද්ධාගම ඉදිරියට ආ කාල තිබිණි. නමුත් හැමවිටම හැමැතැනම එසේ වූයේ
නොවේ. වෙනත් ආගම් ඉදිරියට ආ කාල සීමාද (මෙහිදී මම මහායානය වෙනත් ආගමක් සේ
ගනිමි.), කිසිම ආගමක් නොතිබූ කාල සීමාද විය.
2. ධර්මපාල ඉදිරියට ගත්තේ ‘බෞද්ධ කම’ කීම වැරැදිය. ධර්මපාල ඉදිරියට
ගත්තේ සිංහල වර්ගවාදයයි. බුද්ධාගම එහිදී ඔහුට ආයුධයක් පමණක් විය. (හරියට
ජාතික හෙළ උරුමයට බුද්ධාගම ආයුධයක් වන්නාක් සේ. ජාතික හෙළ උරුමය බෞද්ධකම
ඉදිරියට ගත් බවක් ඔවුන්ගේම සමීප අනුගාමිකයන් මිස වෙනත් කෙනෙක් නොකියති.)
3. ධර්මපාල සිංහලයන් අතරේ සුද්දන්ට බනිමින් මහා ලොකු වීරයකු විය. එහෙත් ඒ
ධර්මපාලම සුද්දන්ගේ War Bonds මිළට ගෙන බෞද්ධ රටක් වූ ජපානයට විරුද්ධව සටන
අනුමත කළා පමණක් නොව, සුදු ආණ්ඩුකාරයාටම මේ බව ලියා යවමින් උපකාර ඉල්ලන්ට
තරම් නිර්ලජ්ජි විය. ධර්මපාල සුද්දන්ට විරුද්ධ වූයේ ඔවුන් තම වර්ගයට අයත්
නොවූ නිසා මිස ඔවුන් අධිරාජ්‍යවාදීන් වූ නිසා නිසා නොවේ. කොටින්ම ධර්මපාල
‘අධිරාජ්‍යවාදීන්’ කියන වචනය වත් භාවිතා කළ බව මට මතක නැත. (ලියන්නේ
මතකිනි. වැරදි නම් නිවැරදි කරන්න.) ධර්මපාල හැමවිටම අන්‍ය ජාතීන් ඇමැතුවේ
දෙමළා, හම්බයා, සුද්දා යන නම් වලිනි. එහිදී ඔහු මුල්තැන දුන්නේ ඔවුන්ගේ
වර්ගයට මිස ක්‍රියාවට නොවේ.
4. සුද්දා විසින් දෙමළුන්ට පරිපාලක සේවයට පිවිසීමට වැඩි අවස්ථාවක් ලබා
දුන් බව ඇත්තක් වුව මුස්ලිමුන් හා සුද්දන්ගේ එබඳු සම්බන්ධතාවයක් නොවීය.
මුස්ලිමුන් ධර්මපාලගේ ඊර්ෂ්‍යාවට ලක් වූයේ ඔවුන්ගේ ව්‍යාපාරික හැකියාවන්
නිසාය. (මෙය වරදකැයි නොකියමි. සිංහළුන් වෙළෙඳ ක්ෂේත්රයේ මුස්ලිමුන් හා තරග
කිරීම හොඳය.)
5. ඕනෑම කෙනකුට තමන්ගේ කැමැත්ත අනුව ආගමක් ඇදැහීමේ නිදහස ඇත. ඊට සමාජය
විසින් බල කිරීමක් කරනු නොමනාය. කෙනකු ආගමක් නො අදහන්නේ ලේබල් ගසා ගැනීමට
ඇති අකැමැත්ත නිසා විය හැකිය. පියාගේ හෝ මවගේ ආගම වූ පළියට ආගම් අදහන්නෝ
ගෝත්‍රිකයෝය.
6. /ආවේ කෙසේදැයි නොදැන ඉදිරිමග සොයා ගැනීමට අපහසුය. ආ මග කෙසේදැයි
සෙවීම වැදගත් වන්නේ ඉදිරිමග සෙවීමට අවශ්‍ය කරන අත් දැකීම් එයින් සපයන
බැවිනි./ සම්පුර්ණ ඇත්ත. මා පරිණාමයද ඉතිහාසයද හදාරන්නේ එහෙයිනි.
- Taboo
-
Gajaman said
November 16, 2010 at 7:43 am
පසුගියදා පාර්ලිමේන්තුවේ සම්මත වූ සූදු පනත් සමඟ කැසිනෝ
සඳහා විශේෂ කලාප කිහිපයක් පිහිටවීමට රජය තීරණයකර ඇත. දිනෙන් දින වැඩිවෙන
රට තුලට ඇදී එන සංචාරකයන් ඉලක්ක කර කොළඹ නගරයේ බේරේ වැව ආශ්රිත ප්‍රදේශය
හා ඪී ආර් විජේවර්ධන මාවත මේ සඳහා යෝජනා වී ඇත.
මීට අමතරව වැඩිවන සංචාරක ආගමනයත් සමග යාපනය අර්ධද්වීපයේද මෙවන් කලාපයක්
ඇතිකිරීම පිළිබඳ බලධාරීන්ගේ අවධානය යොමුවී ඇත. මේවන විට ප්රමුඛ පෙලේ විදේශ
ආයෝජකයන් කිහිප දෙනෙක් මේ සඳහා කැමැත්ත පලකොට ඇත. වාර්තාවන අන්දමට,
සිංගපූරු සමාගම් 2ක් සහ මැලේසියාවේ ජෙන්ටින් කැසිනෝ
සමාගම මේ ඇතර වේ. තවද 2009 වසරේ සිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ඇමරිකානු
FEE Group සමාගම සිය ක්‍රියාකාරීත්ව පුලුල් කිරීමට තීරණයකොටෙ ඇත. මෑතක පලවූ
මාධ්‍ය වාර්තාවලට අනුව ඉන්දීය කැසිනෝ ව්‍යාපාරිකයෙක් වන රාකේෂ් ජුන්ජින්වලාට හිමි ඩෙල්ටා සමාගම ඉදිරි මාස 6 තුල සිය ව්‍යාපාර කටයුතු ශ්‍රී ලංකාවේ ඇරඹීමට නියමිතයි.
-
Satan said
November 16, 2010 at 4:51 pm
ධර්මය ට අවනම්බු කරන්න එපා කියල අබෞද්ධයෙක් වන ටැබූ ට කියන්න කලින්, ඔය
සැදැහවත් බෞද්ධයෝ ගිහිල්ල ඔය හාමුදුරු ගොල්ලන් ට ඒක කියාගත්ත නම් හොඳයි.
බුදුහාමුදුරුවො මේ ලෝකෙ ජීවත් වුණ හොඳ මනුස්සයෙක්. ඒ මනුස්සය මාකට් කරල අපේ හාමුදුරු ගොල්ල උඹල ව හොඳට අන්දනව අපරාදෙ කියන්න බෑ.
අපේ හාමුදුරු ගොල්ල දැක්ක නම් දේවදත්ත විලිලැජ්ජාවෙ මැරෙණව.
-
කළු පූසා said
November 17, 2010 at 3:12 am
හෙළ උරුමය කරන්නාවූ මුලාව රටේ ජනතාවට තේරුම් ගත නොහැකිවීම කනගාටුවට
කරුණකි. සිංහල බෞද්ධයන් වෙනුවෙන් පෙනීසිටින බව කීවත් තවමත් ජයටම මුදල් දී
අනයාගමීකරණය ජයටම සිදුවේ.
ඒ අතර හෙළ උරුමය තම වගකීම අමතක කොට දමා ආණ්ඩුව කරනා ඕනෑම දෙයක් සාධාරණීකරණය
කිරීමට පෙළඹී ඇත. තවද මොවුන් පළමු වරට පාර්ලිමෙතුවට පැමිණියේ සෝම හිමි ගේ
මරණය ට වගකිවයුත්තා සොයා දෙන බවට පොරොන්දු වෙමිනි එයද දැන් ඔවුන්ට අමතක වී
ඇත.
ශ්‍රී ලංකාව තුල බුදු දහම පිරිහීම වැළැක්වීමට නම් භික්ෂුන් වහන්සේලා
දේශපාලනයට පැමිණීම වැළැක්විය යුතුවේ. භික්ෂුන්වහන්සේලා සිටිය යුත්තේ හරි දේ
වෙනුවෙන් පෙනී සිට දේශපාලකයන්ට උපදෙස් දීමට මිස දේශපාලකයන්ට කඩේ යාමට නොවේ
-
November 17, 2010 at 11:04 am
දැන් ඔය ලොතරැයි සූදුවක් කියල කවුරුවත් කියන්නෙ නෑනෙ, කැසිනෝත් ටික
දවසකින් ඒ වගේ වේවි. අපිට පුළුවන්නෙ රණවිරුවන්ට ගෙවල් හදල දෙන කැසිනෝවක්,
පිළිකා රෝගීන්ට අධාර දෙන කැසිනෝවක් එහෙම පටන් ගන්න ආරභයක් හැටියට. ලොතරැයි
හොඳනම් කැසිනෝ වල තියන වැරැද්ද මොකද්ද?
-
gamini said
November 17, 2010 at 12:18 pm
සිගාලෝවාද සුත්‍රයේ කියවෙන්නේ සුදුකෙලීම පිරිහීමට කාරණයක් කියල විතරයි.
ඒක නුවනින් අවබෝධකර ගත්තවුන්ට එයින් වැලකී සිටින්න බාධාවක් නැහැ. ඔය කියන
තරම් විනාශයක් වෙනවා කියනවනම් පන්සිල්වලට “සුදුවෙන් වැලකී සිටිමි” වගේ
දෙයක්එකතුකර නැත්තේ ඇයි!.
අනෙක සුද්දා සුදුකෙලින එකෙන් අපිට වාසියක් ගන්න එක වැරදිද ? අර Kalikla කිව්ව වගේ හරියට බලනව නම් තහනම් කරන්න ඔනෑ ලොතරෑයි.
-
පුරවැසියා said
November 18, 2010 at 2:29 am
ලංකාදීපයෙන් නැතිවී යනු නිසැකයි,,සිංහල බෞද්ධ වර්ගවාදයක් එකල නොතිබුනාවන්නට පුලුවන,,
එසේ දැඩි ජාතිකත්වයක් සමාජ ගතවීමට තරම් අවශ්‍යතාවයක් එකල
නොතිබුනි,,දේශපාලනික ආක්‍රමණ කොපමණ තිබුනද සංස්කෘතික හා ආගමික ආක්‍රමණ අපට
බටහිර ජාතීන් මෙරට ආක්‍රමණය කිරීමට පෙර පැවතියේ නැත.
ඒ ආක්‍රමණ හමුවේ උකටලීව සිටි සිංහල බෞද්ධයන්ගේ ඉදිරි පැවැත්ම ගැන
ප්‍රශ්නාර්තයක් මතුවුනු යුගයක් උදාවීණි,,,සිංහල බෞද්ධ වර්ගවාදයක්
ඇතිකිරීමෙන් හෝ සිංහලයා ආරක්ෂාකිරීමට ධර්මපාලතුමා කල මෙහෙය
ප්රශන්සනීයය,,එකලට සාෂේක්ශව ඇතිකල ඒ වර්ගවාදය බෞද්ධයන් ලෙස වරදකැයි දක්නට
අපට නොහැක,,
පසුගිය යුධසමය තුල නැවත ඒ හැඟීම සිංහලයා තුල ඇති වූ අයුරු දක්නට
ලැබුනි,,නමුත් එකී හැඟීම පශ්චාත් යුධසමය තුලත් පැවතීම අනවශ්‍යයය,,
මක්නිසාද යත් යම් ජාතියකට ජාතීවාදී හැඟීම් අනවශ්‍ය ලෙස පැවතීම එකී
ජාතියේ ප්රගමනයට බාධකයක් වන බැවිනි..
-
Taboo said
November 18, 2010 at 3:29 am
@පුරවැසියා,
//දේශපාලනික ආක්‍රමණ කොපමණ තිබුනද සංස්කෘතික හා ආගමික ආක්‍රමණ අපට බටහිර ජාතීන් මෙරට ආක්‍රමණය කිරීමට පෙර පැවතියේ නැත.//
මේ ඉතා වැරදි කියමනකි. 8-11 සියවස් තුළ සිංහල සමාජය කැපී පෙනෙන ලෙස
දකුණු ඉන්දියාවේ විවිධ සංස්කෘතීන්ගෙන් පෝෂණය විය. පොළොන්නරුව තනිකර ද්‍රවිඩ
පුරයකි. 12-13 සියවස් හීදි චන්ද්රභානුද චීන්නුද සංස්කෘතික ආක්‍රමණ කළහ.
බුද්ධාගම නැත්තටම නැතිවී ගිය අතර එය ගෙන එන ලද්දේ සියමෙන් හා බුරුමයෙනි.
යාපහුවේ සිංහයා ආවේද චීනයෙනි. මේවා අපට බැහැරින් ආ දේ ලෙස නොපෙනෙන්නේ අපට ඒ
ඒ සංස්කෘතීන් ගැන අවබෝධයක් නැති නිසාය.
- Taboo
-
satan said
November 28, 2010 at 8:34 pm
බෞද්ධ ඉගැන්වීම් ගැන, අඩු තරමින් හීනයාන, මහායන ත්‍රිපිටක වත් නොකියවා
අදහස් පළකිරීම සුදුදු නැත. කොටින්ම, පොදු ව්‍යවහාරය අන්ව *ආගම* යන වචනය පවා
ඈඳීම ද සුදුසු නොවේ.
විද්‍යාව ඉගෙනගත් අය, ශිෂ්‍යයන් මෙසේ ආගම් ප්‍රතික්ෂේප කිරීම සුලබ ය. ඊට
හේතුව මා කිවයුතු නොවේ. එය එක්තරා රැල්ලකි. ඇත්ත වශයෙන් ම ගතහොත්,
සර්වබලධාරී දෙවියෙක් නැතම යන්න ප්‍රකාශ කිරීම ම අවිද්‍යාව වේ(මම කීවේ
බහුතරය එසේ කියන බව නොවේත එහෙත් එසේ කියන විද්‍යා පුත්තු ද සිටිති) මොවුන්
කිසිවෙක් මේවා හැදෑරිම ට කාලය හෝ ශ්‍රමය වැය කළ අය නොවේ. මහණෙක් කර්මය ගැන
දේශනා කළ පලිය ට, සමහරු සිතන්නේ බුදුන් කිවේ සියල්ල කර්මය අන්ව සිදුවන බව
යි. සමහරු කර්මය කියන්නෙ මොකක්දැයි දන්නේ නැත.
සමහරු සිතන්නෙ බුදුන්, සර්වබලධාරී දෙවියෙක් හෝ ඒ හා සමාන යමක් පැවතීම ප්‍රතික්ෂේප කළ බව යි.
මේ මත පදනම් ව ය මේ අය මේවා ප්‍රතික්ෂේප කොට විද්‍යාවේ පුතුන් වීම ට
හදන්නේ. අරුත්සුන් වැඩකි. ආගම්/දර්ශන ගැන මත පළකිරීම ට හො ඒවා
පිළිගැනීම/ප්‍රතික්ෂේප කිරීමට පළමුව ඒ ගැන පරිපූර්ණ මනා අධ්‍යයනයක් කළ යුතු
ය. මතුපිටින් පෙනෙන දේ හා අන්අය කියන දේ/ පොදු මත අනුව නොයා යුතු ය.
ලංකාවේ නම් එවැනි අය නැති බව මම සිතමි.
බුදුන් කීවා ක් මෙන් හරි මාර්ගයේ යෑම තමන්ගේ වැඩකි. මෝස්තර කළා ට තමන් ට
මිස වෙන අයකු ට පාඩුවක් වන්නේ ද නැත.(මෝස්තර කිරීමේන තමන් ට ලැබෙන ලාභ ද
බොහෝ ය *wink* )
ps: As i think, science is ‘the’ physical version of “science”, Buddhism is ‘a’ spiritual version of “science”
-
Taboo said
November 29, 2010 at 3:05 am
@Satan,
There is no spiritual version of Science. The group of Buddhisms is
another set of religions and not a one that is too developed too.
- Taboo
-
November 29, 2010 at 4:00 am
@Satan: Thank you for bringing this up. However your argument is
very frequently raised and answered question in forums that discuss this
topic at the level you have pitched it. Since I am at office and in a
hurry, cannot answer in detail, but let me copy paste from writing of a
fellow secularist:
[quote]
“බොහෝ පුද්ගලයන් ආගමික වන්නේ මක් නිසාද? ජීවිතය සහ අප වටා ඇති සියල්ල ගැන
අපට පැහැදිලි උත්තර නැත. වඩාත් නිවැරදිව කියනවානම් අපගේ සංස්කෘතිකමය
පසුබිම, උත්තර නැති ප්‍රශ්න ගොඩක් අපගෙ ඔලු වලට දමයි. අපි ඉපදී හැදීවැඩෙන
විට ඔය ප්‍රශ්න එකක්වත් අපට තිබුනේ නැත. දැනුම් තෙරුම් ඇති වයසට එනවිට
සමාජය විසින් ප්‍රශ්න ගොඩක් අපගෙ ඔලු තුලට රිංගවයි. විද්‍යාව මෙම කෘතිම
ප්‍රශ්න වලට උත්තර නොදෙයි. විද්‍යාව යනු දැනුම සහ නොදනුම අතර මායිමෙ
සිටිමින් දැනුම ගොඩ නගන එක් ක්රමවෙදයක් පමණි. උත්තර නැති ප්‍රශ්න මිනිසා
භීතියට පත්කරයි. රෑට නින්ද නොයයි. හෙට මට වන්නෙ කුමක්ද? මගෙ අඹු දරුවන්ට
නරකක් වෙයිද? මා මල පසු සොහොන් කොතේ කවුරුන් හෝ දුක් ගීයක් ලියයිද? උත්තර
නැති මේ ප්‍රශ්න සමග ජීවත්වීම අසීරුය. බිය දැනෙයි. දාඩියද දමයි. කුමක් හෝ
පිලිතුරක් අත්‍යාවශ්‍යයි. වැඩිය නොහිතන හෝ හිතන්නට කාලවේලා නැති අය, සරල
ආගමික වත් පිලිවෙත් මගිනුත්, තරම්ක් හිතන අය ආගමික දර්ශනවාද මගිනුත් ලබා
ගන්නේ මේ සැනසීමයි. තම ආගමික දර්ශනවාද විද්‍යාව සමග සසඳා කිරා බැලීමත්,
විද්‍යාවෙන් ආගමික දර්ශනවාද ඔප්පු කිරීමේ උත්සාහයත්; අනෙක් අතට විද්‍යාව
යනු හිස් සංකල්ප ගොඩක් බව පවසමින් තම ආගමික දර්ශනය ඔසවා තැබීමත් එකම කාසියෙ
දෙපැත්ත වේ. මේ දෙකම නොදන්නාදේ පැවතීමේ භීතිය මැඩ ගැනීමට කරන දේය.
උත්තර නැති මේ ප්‍රශ්නවලට එදා පටන්ම (මානව ඉතිහාසයේ අපි දන්නා මුල සිටම)
උත්තර දුන්නෙ ආගමයි. වඩාත් නිවැරදිව කියනවානම් පූජකයායි (සාධුවරයා,
හාමුදුරුවො, ලෙබ්බෙ, පාස්ටර්, කපුවා, යකැදුරා,
හිටි-ගමන්-ආවේස-වී-දේව-වරම්-ලබන-අල්ලපු-ගෙදර-ස්ත්‍රිය). පූජකයාගෙන් අසා,
නොදන්නා ප්‍රශ්නවලට උත්තර සොයා දැනගෙන, ටීවී එක බලා, පාන් කාලක් කා නින්දට
යන අහිංසක පුද්ගලයන්ගෙන් කාටවත් හිරිහැරයක් නැත. ඔවුන් සඳහා සේවය කිරීමට
සාධුවරයා, හාමුදුරුවො, ලෙබ්බෙ, පාස්ටර්, කපුවා, යකැදුරා,
හිටි-ගමන්-ආවේස-වී-දේව වරම්-ලබන-අල්ලපු-ගෙදර-ස්ත්‍රිය (from hereonwards
known as ‘hidevage’) යන සියල්ලත්; ඔවුන්ගෙ පැවත්ම සහතික කරන ආගමික ආයතනත්;
මේ සමාජයේ පැවත්මට අති මහත් සේවාවක් කරයි. (ඔවුන් නොමැතිව මැරුනහම
පාංසුකූලයක් දෙන්නේ, අවසන් ආලේපය කරන්නෙ, මලගිය ප්‍රානකාරයන් අප පසුපස විත්
කරදර කරන විට ඒ මල පෙරේතයන්ට අවශ්‍ය අඩුම කුඩුම දී, පිරිතක් කියා,
දේවාශීර්වද ලබා, මල පෙරේතයන් එලවා දමන්නේත්, විභාග පාස් වෙන්නට, රැකියාවක්
ලබාගැනීමට, විවාහය ඉක්මන් කර දෙන්නට බෝධි පූජා කර දෙන්නේත් වෙන කවුද?)
සාධුවරයා, හාමුදුරුවො, ලෙබ්බෙ, පාස්ටර්, කපුවා, යකැදුරා, hidevage යන
අයගෙන් නොදන්නා කරුනු අසා දැනගන්නා අහිංසක පුද්ගලයන් ගෙන් හෝ අහිංසක
මිනිසුන්ගෙ අහිංසක අවශ්‍යතා ඉටුකරමින් සමාජසේවයේ යෙදෙන සාධුවරයා,
හාමුදුරුවො, ලෙබ්බෙ, පාස්ටර්, කපුවා, යකැදුරා, hidevage යන අයගෙන් හෝ
කාටවත් කරදරයක් හානියක් නැත. එනමුත් තමන් විසින් විග්රහකොට ආගමික දර්ශනවාද
ඇසුරෙන් අලුත් දැනුම් ගොඩනගනා “ඉන්ටලෙක්චුවල්” ප්‍රබුද්ධයන් තරමක් භයානකය.
පරම සත්‍යය ඇත්තෙ මෙතැනයි. මෙන්න පොත! මෙතැන ඔක්කොම විස්තරකර ඇත. අපි
මේකෙන් කොපි මෙච්චර විකුනලා ඇත. මේක දෙවියන් (වහන්සේ) විසින් කෙලින්ම
ආවේසවු පුද්ගලයන් හරහා ලියවා ඇත, අපෙ ශාස්තෘවරයා විසින් වදාල; අච්චර,
මෙච්චර කාලයක් මුඛ පරම්පරාගතවද, ඉන්පසු පුස්කොල පොත් පරම්පරගතවද, දැන් නවීන
තාක්ෂනයෙන් මුද්‍රනය කොට, හාර්ඩ් කවර් (hardcover) වර්ශියන් එකෙන්ද ඇත! මේ
විදිහෙ මාර්කටින් සහිතව පරම සත්යයෙ නොයෙකුත් වර්ශියන් විකිනේ.(the
marketing of the different versions of the ultimate absolute truth!)
Full post: http://www.secularsrilanka.com/discussions/prasad-s-rants/understanding-evolution
-
November 29, 2010 at 4:07 am
Another good reads on the same topic;
http://www.secularsrilanka.com/discussions/prasad-s-rants/religion-and-governance/appendix—do-atheists-believe-in-science.
@Satan: You have again subtly raised the familiar argument that
Buddhism is not a religion. Here is a post that discusses that
particular point.
http://www.secularsrilanka.com/discussions/prasad-s-rants/religion-and-governance/appendix—is-buddhism-a-religion
[quote]
For those who like to claim that Buddhism is a philosophy and not a
religion, my short answer would be that; Yes, Buddha’s teaching could be
a philosophy in the same sense that Deism is a philosophy. Buddhism is a
religion in the same sense that Christianity or Islam is a religion.
….
….
Buddhist philosophy at its very core, teaches that its teaching
itself is not an objective truth. Lord Buddha used the famous ‘raft
metaphor’ to drive this point home. He compared his teaching and the
philosophical model in Buddhism as a raft that helps to cross the river.
When the river is crossed, one can abandon the raft, rather than
carrying it along the journey beyond. In essence, any of the
philosophical models within Buddhism is not regarded as objective truths
even within the philosophy itself. However, in contemporary Buddhism in
Sri Lanka, this concept is seldom mentioned, and on the contrary, any
metaphor used within Buddhism is regarded as unquestionable and holy
truth. The current practice of institutionalized Buddhism has little or
no correlation to the core teachings of Buddha.
-
November 29, 2010 at 4:26 am
@Satan: කර්මය කියන්නෙ මොකක්ද කියා නොදැන මතුපිටින් එය දෙස බලා කර්මය
නිශ්ප්‍රභා කරන්න එපා, යැයි අපට කියන බොහෝ දෙනෙක් එසේ කියන්නේද කර්මය
මතුපිටින් පමනක් අතගා බලා බැවින්; එසේ කියන අය ඔය, කියන මට්ටමෙන් කර්ම
සංකල්පය හදාරා ඇතිද යන්න ගැන සාධාරන සැකයක් මතුවේ. ඔබ එවැන්නෙක් යයි
නොකියමි. සැකයක් පමනක් ඇතිබව කියමි.
-
satan said
December 1, 2010 at 5:31 pm
ත්‍රිපිටකය කියවන්න යැයි මා අදහස් කළේ, එය බුද්ධ වචනය එලෙසම අඩංගු යයි සිතා නොවේ.
සාතන් ත්‍රිපිටකයෙන් quote කරයි. රිටිගල ජයසේන web site එකකින් quote කරයි. දෙන්නාම එකයි.
හඳ පෙන්නූ විට ඇඟිල්ල දෙස නොබලන්න. කියන කෙනා හදාරා ඇත් ද නැත් ද යන්න ඔබ ට ප්‍රශ්නයක් විය යුතු නැත.
@ටැබූ
There is no spiritual version of Science. The group of Buddhisms is
another set of religions and not a one that is too developed too.
ඔබ බුද්ධ ධර්මය අධ්‍යයනය කොට ඇත් ද? අනෙක් ධර්මයක් වත්? නැත්නම් ඔබ ත්
ජයසේන මෙන් ඉන්ටර්නෙට් එකේ අනුන් කියන් දෙයක් තමන්ගේ මෝස්තරය කොට සිටී ද?
එසේ වන බව මම දනිමි.
-
December 2, 2010 at 4:16 am
@Stan: I “quoted” an article and also provided the reference to the
article, which you can read, understand and then discuss/de-construct.
You merely “mention” Thripitika. “Quoting” from something readily
available vs. “mentioning” a holy book that no one here has immediate
access to.
BTW There are web sites that has online Sinhala versions of
Thripitaka, which I have used in the past. However, I invite Satan to
give those references and then quote from the relevant sections that are
applicable to this discussion.
Satan, Of course, you can say that reading Thripitaka is not the same
as reading a blog. One needs to understand the knowledge system and
“unlearn” a lot of things in order to “learn” from Thripitaka, blah
blah…. you are free to use that argument or a better one…
-
Taboo said
December 2, 2010 at 5:36 am
@Satan,
බුදු දහමේ (හෝ අන්‍යාගමක) ‘අධ්‍යයනය’ කරන්ට කියා දෙයක් නැත. ඇත්තේ
කියවන්ටය. ඒ කියවන දෙයට ඉන්පසු එකඟ විය හෝ නොහැකිය. (උදාහරණයක් විදියට
රූපාවචර සිත් මෙපමණ සංඛ්‍යාවක් තිබේය කී විට එය පර්යේෂණයෙන් තහවුරු කිරීමට
හෝ නිෂේධ කිරීමට බැරිය. ඇත්තේ තම තම නැණ පමණින් එකඟ වීම හෝ නොවීමය.)
ඒ හරුණු විට බුදු දහම පමණක් නොව අනෙකුත් ආගම්ද මේවා ගොඩ නැඟුණේ ඇයිද,
මෙවා පවතින්නේ මන්ද, මේවා තව කෙතෙක් කල් පවතීද යනාදිය අධ්‍යයනය කළ හැකිය. ඒ
අධ්‍යයනය මම කර ඇත්තෙමි.
- Taboo
-
December 2, 2010 at 6:40 am
@Taboo: Well, in general I agree with what you just said about
number of “Rupawachara Chitta” etc, but beware of the counter argument
that “these things should not be taken literally”. Those concepts are
part of a model, and should be taken as metaphors. For example, in
particle physics, we talk about there are N number of different sub
atomic particles. This is essentially a metaphor. We cannot directly
experiencing them. However, using the model with N number of sub-atomic
particles, we can explain phenomena around us. The model can be
successfully used to predict things, and we can use the model to produce
things that can improve the quality of human life. So the pertinent
question is not “how real” the model is but “how useful” it is.
The “Rupavachara Chitta” etc etc, “Karma”, “Punarbhava” are as unreal
as sub-atomic particles, but the important question should be whether
they are useful in elevating the quality of human life.
We have seen many example of scientific models improving the quality
of living. However have we seen such use of religious models? Can people
be moral without the quality of life provided by the material
advancement? Whatever improvements in moral framework of human
civilizations over the past 15,000 years; can it be attributed to
science or religion? Is religion merely hijacking the credit for
‘organized morality’ that should really be attributed to science. Those
are questions that I like to ask, rather than how “real” the components
of a model are.
-
December 2, 2010 at 6:57 am
@Satan : අනුන් ලියපු දෙවල් නැවත කීමට අමතරව, මමත් ඉඳහිට සමහර දෙවල් ලියමි. ඒවා බලන්නම ඔනෑ නම් මෙතැන කොටන්න http://www.secularsrilanka.com/discussions/ritigala-jayasena
-
Taboo said
December 2, 2010 at 7:07 am
@Ritigala Jayasena,
I have thought about it, but I don’t see any Buddhist taking
‘punarbhava’ as a model. They sincerely believe it is a fact. But I
have met intelligent Buddhists who take hell and heaven as models to
what really exists in our own world.
I have given a thought whether ‘punarbhava’ can be an evolutionary
tool. If a life continues, even not in physical form, it makes
evolutionary sense, as the next phase does not have to begin from the
scratch. (The science has to explain how the life moves from one living
body to another!) The problem is I have zero evidence for this theory.
- Taboo
-
December 2, 2010 at 2:26 pm
@Taboo: Now that I got your attention, let me say a few more things here.
As you correctly said most learned Buddhists take ‘hell’ and ‘heaven’
as metaphors but everyone who is serious about Buddhism take rebirth
literally. If hell and heaven are metaphors, then ‘rebirth’ can easily
be a metaphor as well. Anyway, as my earlier comment says in Buddhist
philosophy at its very core, teaches that its teaching itself is not an
objective truth. In that sense, every concept in Buddhism is a metaphor.
You also mentioned /*how the life moves from one living body to
another!*/. This comment is valid only if you treat ‘life’ as a separate
thing from the living body. Most scientifically oriented people treat
life as a emergent phenomena in complex chemical systems that we call
‘animals’ and ‘plants’. So nothing need to be ‘moved’ from one life to
another if ‘Life’ is an emergent phenomena.
Let me quote again from the same source…
“මරනයෙන් පසු මට වන්නෙ කුමක්ද?” යන්න උත්තර නැති කෘත්‍රිම ප්‍රශ්නයකට
හොඳ උදාහරණයකි. ඇත්තටම මේ ප්රශ්නය කොතරම් කෘත්‍රිමද? කොතරම් බොලඳද?
මරනයයෙන් පසු අපේ කුනු කය පොලවට පස්වීම, හා අප ගැන මතකය සෙස්සන් අතරේ
ඉදිරියට යෑම හැර වෙන කිසිවක් සිදුවන හෝ, වෙන කිසිවක් සිදුවිය යුතු බවට සාධක
නැත. එනමුත් සංස්කෘතිය විසින් කප්පරක් කෘත්‍රිම උත්තර අපගෙ හිස තුලට
රිංගවයි. මෙම කෘත්‍රිම උත්තර හරහා තවත් කෘත්‍රිම ප්‍රශ්න රැසක් දැන් අපට
ඇතිවේ!”
source: http://www.secularsrilanka.com/discussions/prasad-s-rants/understanding-evolution
-
December 2, 2010 at 4:54 pm
මම ඉන්ටනෙට් එකෙ පලවන අනුන්ගෙ අදහස් උපුටා දක්වන මෝස්තරකාරකුයයි
‘සාතන්’ පැවසූ බැවින් බුද්ධාගම ගැන මගේ අදහසකුත් ලියන්නට සිතුනා. ටැබූ ඔබගේ
බ්ලොග් අඩවිය මගෙ අදහස් පලකිරීම සඳහා හයිජැක් කිරීම ගැන සමාවෙනු ඇතයි
සිතනවා.
නිදහස් අදහස් ගරු කරන, ගවෙෂනය ඉවසන පෞද්ගලික හර පද්ධතියක් වශයෙන් පවතින
තාක් කල් මා වැනි නිර්-ආගමිකයන්ට බුද්ධාගම ප්‍රශ්නයක් නොවේ. මා
නිර්-ආගමිකයෙක් වුවද, බෞද්ධ දර්ශයයෙන් පෝෂනය ලබා ඇති බැවින් මාගෙ සිතුවිලි
වල එම නැමියාව (මා කැමතිවුවත් නැතිවුවත්) දිවි ඇති තෙක් පවතී.
මට ඇති ප්රශ්නය නම් මේ අලුතින් හිස ඔසවන බෞද්ධ “එබ්රහිමික” ආගමයි. මෙම
ආගම, චිරාත් කාලයක් තිස්සේ, ලෝකය පුරා අනිකුත් එබ්රහිමික ආගම් කලාක්
මෙන්, පාලන තන්ත්රයට, නීතියට, විද්‍යාවට, අධ්‍යාපනයට පමක් නොව අපි කන බොන,
අඳින පලඳින දෙයටද ඇගිලි ගහසමින් බෞද්ධ “තලිබානයක්” ලංකාවෙ ස්තාපිත කිරීමට
කැසකවයි.
එබ්‍රහමික ආගම් වලට විරුද්ධව විශාල මතවාද සටනක යෙදෙන රිචර්ඩ් ඩොව්කින්ස්
වැන්නෙකු පවා ඔහුගෙ God Delusion පොතේ ඉතා කෙටියෙන් පැවසුවෙ “බුදු දහම හා ඒ
ආශ්රිත ආගම් යනු පුද්ගලයන් ආයතනයෙ මානසික වහලුන් බවට පත් නොකරන පෞද්ගලික
හර පද්ධතීන්” බවයි. නමුත් ඒ ඩොව්කින්ස් දන්නා බටහිර බුදු දහමයි. අපි දන්නා
ලංකාවෙ දැන් මතුවන ‘බුද්ධාගම’ ඩොව්කින්ග්ස් දන්නා එබ්‍රහමික ආගම් වලින්
වෙනස් වන්නේ කෙසේද යන්න සිතා බැලීම වටී
Full thoughts in : http://www.secularsrilanka.com/discussions/ritigala-jayasena/abrahamic-buddhism |