Posted by Taboo on September 24, 2009

බහුවෙ සරණං යන්ති – ආරාම රුක්ඛ චෙතියානි
පබ්බතානිච වනානිච – මනුස්සා බය තජ්ඣිතා
බියෙන් තැතිගත් බොහෝ මනුෂ්‍යයෝ, ආරාමද, වෘක්ෂද, චෛත්‍යද, පර්වතද, වනයන්ද සරණ යති.
මේ බියන් තැතිගත් මනුෂ්‍යයින්ගේ අළුත්ම සරණව ඇත්තේ බුදායි (Budai), හොතේයි, Laughing Buddha හා Fat Buddha ලෙස හඳුන්වනු ලබන හිනැහෙන බුදුන්ය. අගනුවර හතු පිපෙන්නාක්සේ බිහිව ඇති චීන ෆෙං ෂුයි වෙළඳසල්වලින් මිළට ගත හැකි හිනැහෙන බුදුරුවක් නිවසකට සෞභාග්‍යය ගෙනෙන්නේයි විශ්වාසයක් වේ.
එක අතකට මේ අළුත් ප්‍රවණතාවක් නොවේ. බුදු සරණට අමතරව තවත් සරණක් සොයා
යන්නට බෞද්ධයන් පෙළඹුනේ සියවස් ගණනකට එපිටදීය. ඉහළ තලයක ඉන්නා තථාගතයන්
වහන්සේද ඊට ඉතා පහළ තලයක ඉන්නා අනුගාමිකයන්ද අතර වූ රික්ත තීරුව මුලින්ම
පිරවූයේ විෂ්ණු, මුරුගන්, ගනේෂ ඈ හින්දු දෙවිවරුන්ය. තව විටෙක එය නාථ, සුමන
සමන් ඈ ‘බොදුනු දෙවි’ වන්දනාවක් විය. සිංහල බෞද්ධ මධ්‍යම පාංතිකයන්ගේ
නිවෙස්වලට සායි භාභා අවතාරය රිංගා ගන්නේ ඉන්පසුය. කෙටිකලෙකට එය විශ්වශක්තිය
මුදා හරිනවාය කියන ප්‍රෝඩා කාරයකුද ඩැහැ ගත්තේය. දැන් එක්තරා මට්ටමකට මින්
පිරිසක් හිනැහෙන බුදුන් විසින් අවනත කොට ගෙන ඇත්තේය. මේ ෆැෂන් එක තව ටික කාලයක් පවතීය සිතිය හැකිය. ඉන්පසු මිනිස්සු අළුත් ගැලවුම්කාරයකු සොයා යති.
මේ ප්රවණතාවයන් සාම්ප්‍රදායික ථෙරවාද බුදු දහමේ නිත්‍ය නියෝජිතයන්ට
ගැටළුවක්ද තරගයක්ද වේ. මේ නිසා ඒ සම්බන්ධව ඔවුන්ගේ මුල් ප්‍රතික්‍රියාවම
‘දෙඤ්ඤං බැටේ’ ප්රතිපත්තියයි. දැනටම ඉරිදා පුවත්පත් හරහා මේ හෙළාදැකීම, හිනැහීම
සිදුවේ. මේ අවබෝධයකින් යුතුව කෙරෙන්නක් නොවේ. සමාජයක් හැටියට අපේ මනසට කවා
ඇත්තේ බැහැරින් එන ඕනෑමදෙයකට හිනැහීමය; හෙළා දැකීමය. අවිඥානකව ඔවුන්
දක්වන්නේ මේ අන්ධ ප්රතිචාරයයි.
අනුන් සම්බන්ධයෙන් කෙසේවෙතත් හිනැහෙන
බුදුන් සම්බන්ධයෙන් නම් මේ එක්තරා අන්දමක වැරදි ප්රතිචාරයක්ද වේ. මන්ද මේ
දීර්ඝ කාලයක් තිස්සේ අපේ රටේ බෞද්ධයින්ගේ වන්දනාමානයට පත්වූ චරිතයක් වන්නට
බැරිකමක් නැති හෙයිනි. සමහර මහායානික නිකායන්ට අනුව හිනැහෙන
බුදුන් යනු මෛත්‍රී (මෙත්තෙයිය) බෝධිසත්තයන්ය.
(http://en.wikipedia.org/wiki/Maitreya) බෝධිසත්ත වන්දනාව කෙසේ වුවද
මෛත්‍රී බෝධිසත්ත වන්දනාව ලාංකේය ථෙරවාද බෞද්ධයින්ට ආගන්තුක නොවේ. එය
බොහෝකාලයක් පැවතියාද විය හැකිය. රුවන්වැලි සෑ මළුවේ භාතිකාභය නිරිඳුන්ගේයයි
වරදවා හඳුනාගෙන ඇත්තේද මෛත්‍රී බෝධිසත්ත පිළිරුවක් වන්නට ඉඩ තිබේ. මේ
හැරුණු විට කුරුණෑගල රිදී විහාරය ඇතුළු තවත් ස්ථාන ගණනාවක මෛත්‍රී බෝධිසත්ත
පිළිරූ දක්නා ලැබේ. එකම වෙනස ලාංකේය ප්‍රතිමා ශිල්පියා චීන හෝ ජපන්
ප්‍රතිමා ශිල්පීන්ට ඉඳුරා වෙනස් ආකාරයකට මෛත්‍රී බෝධිසත්තයින් නිරූපනය
කිරීමය. මෙයද අමුතු දෙයක් නොවේ. එය ඕනෑම බෝධ්සත්තයකු සම්බන්ධව සත්‍ය වේ.
අවලෝකිතේශ්වර බෝධිසත්තයින් රටවල් සතක නිරූපනය වන්නේ සත් විදියකටය.
අනෙක් අතට අද ‘බොදුනු දෙවිවරුන්’ වී ඇත්තේද මහායානික බෝධිසත්තයින් බව
අපට පිළිගන්නට සිදුවේ. ලාංකේය බෞද්ධයින් පසුගිය සියවස් දෙක තුනක හෝ සමහරවිට
ඊටත් වඩා කාලයක් තිස්සේ නාථ හෝ උපුල්වන් දෙවිඳුන් සේ හඳුනාගෙන ඇත්තේ
මහායානයෙහි ප්රමුඛ බෝධිසත්තයින් දෙදෙනාගෙන් කෙනකු වන අවලෝකිතේශ්වරය. සුමන
සමන් දෙවියන් වී ඇත්තේ මහායානයෙහි එන සමන්ත භද්‍ර බෝසතුන්ය.මේ වන්දනාවන්ට
එරෙහි නොවන ථෙරවාදී කඳවුර Laughing Buddha වේශයෙන් එන මෛත්‍රී බෝධිසත්ත
වන්දනාවට එරෙහි වීම තර්ක විරහිතය. මේ තව වසර දෙදහස් පන්සියයකින් බුද්ධත්වයට
පත්වන බෝධිසත්තයින් බව මහායානිකයන් පමණක් නොව ථෙරවාදීහුද පිළිගනිති.
අන් කිසිදු ථෙරවාදී හෝ මහායානික බෞද්ධ රටක වර්තමානයේ දක්නා නොලැබෙන
ආකාරයේ දළඳඩු, තලෙබාන් ලක්ෂණ සහිත සමාජයක් සහිත අපේ රටේ බොදු උවසු උවැසියන්
කියා ගන්නන් තවම මෛත්‍රිය බෝධිසත්තයින්ට හිනැහීම
පටන් ගත්තා විතරය. මෙය මෙතනින් එපිටට ගමන් කළ හැකිය. එය බෞද්ධ දර්ශනයේ
වරදක් නොව අපම අර්ථ දක්වාගෙන ඇති ‘සිංහල බුද්ධාගමේ’ ලුහුඬකි. මේ කියන
‘සිංහල බුද්ධාගම’ (ගෞතම බුදුන් වදාළ, අන් මත උපේක්ෂාවෙන් ඉවසන අහිංසා
දර්ශනය නොව) කිතුණු, ඉස්ලාම් ආදී වෙනත් සමයයන්ට මතු නොව තම සමයෙහිම වෙනත්
නිකාය ධර්මයන්ට එරෙහිවීම අනු දකී. එසේ කිරීම මෙරට බුද්ධ ශාසනය ‘හොඳින්
බැරිනම් නරකින්’ ආරක්ෂා කර ගැනීමේ අනිවාර්ය අවශ්‍යතාවයක් සේද දකී. මේ බුද්ධ
ශාසනය දියුණු වීමේ ලක්ෂණ ලෙස වරදවා තේරුම් ගත යුතු නොවේ. පරාභව සූත්‍රයේ
වෙසෙසින් දක්වා නැතද, මේ පිරිහීමේ ලකුණුය.
අපේ පෙර පෝස්ටයක සෘහදයකු තැබූ මේ සටහන අතිශයෝචිත නිමාවකැයි සිතමි: ඔබේ බුදුන් ඔබ ගන්න, අපේ බුදුන් අපට දෙන්න.
This entry was posted on September 24, 2009 at 2:22 am and is filed under Uncategorized.
Tagged: අවලෝකිතේශ්වර, ගෞතම බුදුන්, තලෙබාන්, ථෙරවාද, නාථ, බුද්ධ ශාසනය, බුදායි, බෝධිසත්ත වන්දනාව, බෞද්ධ දර්ශනය, භාතිකාභය, මෙත්තෙයිය බෝධිසත්ත, මෛත්‍රී බෝධිසත්ත, රිදී විහාරය, විෂ්ණු, සමන්ත භද්‍ර, සායි භාභා, සිංහල බුද්ධාගම, සිංහල බෞද්ධ, සුමන සමන්, හිනැහෙන බුදුන්, හොතේයි, ෆෙං ෂුයි, Bodhisattva, Budai, Buddhism, Buddhists, Fat Buddha, Feng Shui, Gauthama Buddha, Laughing Buddha, Mahayana, Maitreya, Religon, Sai Baba, Sinhalese Buddhism, Taleban, Taliban, Theravada. You can follow any responses to this entry through the RSS 2.0 feed.
You can leave a response, or trackback from your own site.
Be the first to like this post. 18 Responses to “හිනැහෙන බුදුන්ට හිනැහීම | Laughing at Laughing Buddha”
-
kirimama said
September 24, 2009 at 3:44 am
ෆෙන්ග් ශුයි තබා අන් බොහෝ සොඳුරු දේ ද ලංකාවට එන්නේ කුණුහරුප
ස්වරූපයෙනි… සංගීතයකට නැති ජාතියක් ලෙස මයිකල් ඔන්ඩච්චි සිංහලයා හඳුන්වන්නේ
ඇයිදැයි සොයා බැලිය යුත්තේ අගතීන්ට ගොදුරු නොවෙමිනි…
බෝධිසත්ත්වයින් මහායාන නිසා.. ඒ උදවියට මෙහෙ ඉඩක් නැත… ද ලයි ලාමා ට මෙහෙ
එන්න ඉඩ නොදෙන සිංහල බෞද්ධයා…සායි බාබා ට දණ්ඩ නමස්කාර කරයි.. මේ උදවියට
පොල්වත්තේ හාමුදුරුවන් ලියූ දෙයක් කියවන්න වෙලා නැත.. ජාතිය ගලවා ගන්න ඇති
නිසාය.. හෙර්මන් හෙස ගෙ සිද්ධාර්ථ නවකතාව චිත්‍රපටියකට සෑදූ කල මෙහෙ
පෙන්වන්න නොදුන්නෙ ඒ නිසාය..
මේ ඇත්තන් ආනන්ද මෛත්‍රිය හාමුදුරුවන් ‘කුඅන් යින්’ ගැන ලියූ පොත් පිංච දැක නැතුවාට සැකයක් නැත…
මෙරට ඇත්තේ සංඝාගමකි… එය සිංහල බෞද්ධ ජාතිවාදය මත යැපේ… මෙය ව්‍යාපාරික
ගැටයකි… නිකාය හැට ගානක් ඇති සංඝ පල්ලිය සූදු කාරයින් සුදු කරන්නේ ඒ
නිසාය…;
එසේ නොවන අතළොස්සක් බෞද්ධාචාරීන් වහන්සේ නිශ්ශබ්ද වෘතය රකින්නේ .. කියලා වැඩක් නැති නිසාය…
-
February 22, 2011 at 12:48 pm
මම ඔබේ මතයට එකගයි.
-
February 22, 2011 at 12:55 pm
මම මහායානිකයෙක්. මහායාන කියන්නේ අමුතු දෙයක් නෙවෙයි බුදුදහමේම තවත්
පැත්තක්. දැනුම දියුණූකරගන්න කැමතිනම් මම විස්තර කියන්නම්. ළාීන් බුද්ධ
කියන්නේ චීන පුරා කථාවක්. මේවගැන හරියට දන්නෙ නැතිව යම් කෙනෙක් හොදයි
කියනදේට ගරහන එක වැරදියි.
බෝධි සත්ව වන්දනාව වුනත් වැරදි දෙයක් නෙවෙයි. ලෝකය පිළිබද අල්ප දැනුමක්
ඇති අය බෝධිසත්වයින්ට ගරහනවා. නමුත් ථේරවාදි ධර්මයේ පවා බෝධිසත්වයින්
පිළිබද විස්තර වෙනවා
(උදා- මුහුර්ත නම් බුදුකෙනෙකු ලෝකයේ පහළ වූ යුගයක තමයි මෛතූය බුදුන් අනාගතයේ බුදුවන බව පළමුවෙන්ම පූකාහ වෙන්නේ)
ඒ වගේම ශාක්‍යවංශිකයින් ධර්ම දේහනාකරන්න බුදුන්වහන්සේ වඩින විට
ශාක්යවංශිකයින්ගේ මාන්නය දැකලා බුදුන්වහන්සේ බුද්ධවංශය දේශනාකරනවා. මේ
දේවල් හරියට බැලුවොත් තේරේවි අඩුමගානේ ථේරවාදී ධර්මයේ උගන්වන උපේක්ෂාවෙන්
කරැණුදිහා බලන්න කියනදේවත් මේ අය ළග නැහැ. හැම ආගමකටම ගරැකරන්න ආකමණශීලී
වෙන්න එපා. බලන්න මෙත් සිතින් වගේම කරැණාවෙන් දේවල් දිහා බලලා ඔබට පුදුම
සැනසීමක් දැනේවි
-
දම්මිකා හේරත් said
September 24, 2009 at 4:30 am
මිනිසුන් තෙරුම් නොගන්නෙත් මෙයමය. පිරිනුවන්පා වදාල ගෞතම බුදුන්
වහන්සේට අපට පිහිටට පැමිණීමට හැකියාවක් නැතිවාක් මෙන්ම අපහට පිහිටක් සැලසිය
හැකිකමක් නැති බවත්, එම පිහිට, ආරක්ෂාව ලබාගත යුත්තේ එතුමන්ගේ උතුම් වු
සද්ධර්මයේ පිහිට එනම් බුදුන් කියාදුන් මග ගමන් කිරීමෙන් සහ එම ධර්මයම තම
ජීවිතය කරගැනීමෙනුත් පමනය.
අන්ධ භක්තිය මිනිසා දියුනුවෙන් ඉවතට රැගෙන යන අතර සමහර රූපවාහිනී නාලිකාද
ආර්තික වාසි තකා තම ප්‍රේක්ෂකයින් අමන තකතීරුවන්යැයි සිතන තාක් මෙම
උවදුරෙන් ගැලවීම පහසු නැත.
-
September 24, 2009 at 4:56 am
Taboo, you have in fact touched a very sensitive issue which any other intellectual would not dare even to look at.
The cause of the problem is given in the stanza you have quoted at the beginning of your write-up: the fear of the fear.
People, when they are afflicted by fear, will lose their rational
thinking power and they could be lured by crafty schemers to any
irrational solution they may put up. The Buddha discouraged and even
frowned upon people’s following these pseudo paths. But, as I have
mentioned elsewhere in your blog, Buddhism and religion are two
different things: Buddhism a path to end ‘suffering’ by attaining
enlightenment and religion a social activity filled with societal and
individual psychological aberrations, deviations, fears etc.
As long as true Buddhists fail to realise this, they will have a
‘Laughing Buddha’ installed in their homes; then, they will laugh at him
along with their neighbours who are guided by popular media, religious
leaders, crafty schemers etc.
-
Taboo said
September 24, 2009 at 6:33 am
@AncientLearner,
Fear (like greed and jealousy) is essential for the survival of
individuals and mankind. It is the fear that drives/forces us to do so
many things essential for our own survival. For example, it is the fear
that makes us save our money or wear helmets when travelling in a motor
bike. If we were to eliminate these feelings there would not be any
humans.
So if fear is essential, I guess religion too is essential – at least
for most. Intelligent will understand the system and adopt accordingly,
but you can’t expect all to do so. I do not see anything wrong with
religion per se, as long as people take it as a religion. The danger is
when it becomes a cult.
Karl Marx rightly identified religion as opium. Opium per se is not
dangerous. (In fact, Marx wrote this at a time consuming opium is
considered normal) It becomes dangerous only when we cross limits.
– Taboo
-
Bambaradeniya said
September 24, 2009 at 11:45 am
Lets look at this from another angle……………………….
Details about the “Maithree” Buddha was told by Lord “Gowthama”
Buddha during his life time, on the invitation of his chief disciple
Arahath “Sari-puththa.” This sermon ( ANAGATHA WANSA DESHANAWA) was
translated to Sinhala , during the period of King “Panditha
Parakramabahu the 2nd.” It confirms that Lord “Maithree” Buddha will be
born in a town named “Kethumathi” in time to come.
Most complete statue of “Mathree” Buddha could be seen at “Buththala
Okkampitiya” (Old Kha-na-Grama). It has all features of a “Bodhisathwa”
Statue – such as , Jatawa ( Head Dress) Makutaya ( head gear) , Poona
Noola ( the sacred string), Hak Gediya ( conch) , Nelum mala or
Padamsana, ( Standing on a lotus flower), blooming lotus flower in
hand,( ( to indicate this is a Bodisathwa statue) Bandapatiya ( belt)
and Raja Barana ( Kings Dress) etc………………………… The most important feature
of identification of Bodhisathwa statue , is they used to carve a
small statue of Buddha in to the head gear. ………………
This 8th Century Okkampitiya beautiful large Bodisathwa statue (
blasted to many pieces) was re erected by then President Premadasa. This
was damaged using Dynamite during 1905, by people who wanted to see of
any valuables had been hidden in the base of the statue. ( they were
killed by elephants folk lore relates).
During 10th Century there had been an increase of worshipping and
erecting Maithree – Natha Buddha Statues. ( Kushtaraja Gala at Mathra).
Why worry :
So what ever the form …( let it be laughing Buddha or in other form )
I see nothing wrong in worshipping “ Mithreeya Bothisathwa”
……………….reciting “ Meththena Namena Buddho Bawiswa………( meaning I worship
Lord Mathreeya who will become the next Buddha , and teach people how to
get away from SANSARA , and now living in Thusitha Heaven ……………)
Lets not meddle with what we do not Know.:
Lets not meddle much with “ Lord Buddha” , as there has been a very
short Arahath Disciple of him named “ Lakunta Baddhiya Thero”. He was
born short in many lives as he being the CHIEF ENGINEER ( Waduwa) in
charge of construction of Chithya of Lord “Kashyapa“ Buddha had reduced
its size by one 16th percent over the protests of general public for
easy maintenance its said……………………………………………………..
He was born short as – he declared a size for the Chithya of Lord Buddha………..
The Bana Potha says “ Apramana Gunayen Uth Kashyapa Budun ge
Chithyata Pramana Niyama Kala Heyin upn nupan jathi wata Kota
weeya………….“
-
Taboo said
September 24, 2009 at 2:01 pm
@Bambaradeniya,
1. මා සිතා සිටියේ ඔක්කම්පිටියේ පිළිමය අවලෝකිතේශ්වර පිළිමයක් ලෙස. නමුත් ඔබ නිවැරදි විය හැකියි.
2. අප්‍රකට සුවිශාල බෝධිසත්ත පිළිමයක් විල්පත්තුව වනය මැද ඇති බව
තන්තිරිමලේ පන්සලේ හාමුදුරුවන් කියනවා. ඔහු එය දැක ඇත්තේ සටන් විරාම සමයේ
වනය තුළට ගිය අවස්ථාවක. මේ පිළිමයේ කැඩුණු අතක් පන්සලේ දැකිය හැකියි.
- Taboo
-
September 24, 2009 at 12:55 pm
[said]
මේ තව වසර දෙදහස් පන්සියයකින් බුද්ධත්වයට පත්වන
[/said]
තව වසර දෙදහස් පන්සියයකින් වෙන්නේ ගෞතම බුද්ධ ශාසනය අතුරුදන් වීම බවයි මම
අහල තියෙන්නේ. සාහිත්‍යයට අනුව මෛත්‍රී බෝසතුන් බුදු වෙන්නට ඊට වඩා කාලයක්
යනවා. පොඩ්ඩක් හොයල බලන්න.
-
Bambaradeniya said
September 24, 2009 at 1:47 pm
Dear Buddhajeewa………….
You are correct ….. it takes much much longet time for Lord “ Mithreeya “ Bodhisathwa to come to this human world.
First after 5000 years “ Buddha Sasanaya” of Buddisum will be lost
from peoples knowledge. Then peoples average life (age) will drop from
120 years to a maximum of 10 years. ( Now in Colombo average age of Sri
lankan male, ( death) is around 67 years and Maximum is around 85
years). Then comes the “ Murugasan Warshwa” where people kill each
other for kicks or fun ( like today terrorist bombs people for no reason
).
After this people who are left from this devastation, follows
PUNCHASEELA and their age regains back to unlimited ( ASANKAYA) years.
This time the city is known as “ MANDARA”. Then again the age drops
backs reducing up to 80,000 years maximum. At this time the main city of
India is known as “ KETHUMATHI” .
This is the time that Lord “ Maithreeys Buddha “ becomes the
enlightened one to save people from Sansara. You are correct Buddhajeew
it takes a much long long time than just 2500 years ………………….as I
explained above.
Please read “ Anagatha Wansa Deshanawa “ written by “ WILGAM –MULA
thera living during the period of Panditha Parakramabahu the 2nd and
this book is over 500 years old. ( Even Lowada Sangara is more than 500
years ..old)
We must thank taboo for bringing out very controversial and
interesting subjects for discussion, unlike famous TV programmes like
Ran Depaya or “Wa-su-ru-da “ ( Wasuda) that clogs, blocks, stops, and
reduces the innocent minds of people.
-
Taboo said
September 24, 2009 at 1:52 pm
@බුධාජීව,
1. Maitreya’s coming will occur after the teachings of the current
Gautama Buddha, the Dharma, are no longer taught and are completely
forgotten.(http://en.wikipedia.org/wiki/Maitreya_Buddha)
2. According to some Buddhist traditions, the period of the Buddhist
Law is divided into three stages: a first period of 500 years, of the
turning the Wheel of the Law; a second period of 1,000 years, of the
deterioration of the Law, and a third period of 3,000 years (called
Mappo in Japan) during which no one practises the Law. After this,
Buddhism having disappeared, a new Buddha will appear who will again
turn the Wheel of the Law. (http://www.buddhanet.net/e-learning/history/maitreya2.htm)
3. Shakyamuni Buddha predicted that due to the inevitable
degeneration of the times, his own teachings would last just five
thousand years before disappearing from this world. People will grow
more and more immoral and their lifespan will gradually decrease, as
will their health, stature and fortune. While such delusions as
miserliness, hatred and jealousy gain strength, the world will go
through prolonged periods of famine, disease and continuous warfare
until it eventually resembles a vast battlefield of graveyard. Thereupon
Maitreya will appear, not in his fully evolved buddha form, but as a
person of regal bearing, very handsome and taller than those around him.
On seeing this unusual being, people will be filled with wonder and
faith, and will ask how he came to have such an attractive appearance.
Maitreya will reply that this is due to his practice of patience,
avoiding giving harm to others, and if others will also abide in love
and tolerance, they could become similar to him. (http://web.singnet.com.sg/~alankhoo/Maitreya.htm)
- Taboo
-
September 24, 2009 at 4:54 pm
@Taboo: ඔබ දක්වන මූලාශ්‍ර (විකිපිඩියාව හැරුනුකොට) මහායාන වෙබ් අඩවි
විදියට මට පෙනෙනවා. නමුත් ලංකාවේ භාවිතාවන්නේ ථෙරවාදය නිසා මට අහන්නට
ලැබුනු සාහිත්‍යය ථෙරවාද අදහස් වලින් යුක්ත එකක්.
එහි සඳහන් වන්නේ ගෞතම බුදුන්ගේ පරිනිර්වාණයෙන් වසර 5000කට පසු මෙම බුද්ධ
ශාසනය අතුරුදන්වන බවත්, ඉන් අනතුරුව බුදු දහම නොපවතින කාලසීමාවක් උදාවෙන
බවත්.
චක්‍රවර්ති සීහනාද සූත්‍රයේ සංක්ෂිප්ත අදහස තියන පොඩි පොතක් මම
කියෙව්වා, ඒකේ තියෙන්නේ සසුන අතුරුදන්වීමෙන් පසුව මිනිසාගේ ආයුකාලය කෙමෙන්
අඩුවීගොස් “ලෝක විනාශය” නම් සිද්ධියක් ඇතිවන බවත් එයින් ඉතිරිවන යහපත්
පුද්ගලයින් කිහිපදෙනෙකුගෙන් මිනිස් වර්ගය නැවතත් වර්ධනය වී, කෙමෙන් කෙමෙන්
ආයු කාලයත් වර්ධනයවී මිනිසාගේ සාමාන්‍ය ආයු කාලය වසර 80,000 වන යුගයක දඹදිව
“කේතුමතී” නම් නුවරක උපත ලබන – රජ පවුලේ හෝ රජුගේ පුරෝහිත ගේ පවුලේ, හරියට
මතක නැහැ – මෛත්‍රී බෝධි සත්වයින් පුදු බව ලබන බවත්.
මේ කතාවෙන් අලංකාර, වර්ණනා අනං මනං අයින් කරලා ගත්තත් එයින් කියවෙන්නේ
මෙතනින් වසර 2500 ගණනකින් පසු, එනම් ගෞතම බුද්ධ ශාසනය අතුරුදන් වූ විගසම,
මෛත්‍රී බෝධිසත්වයින් බුදු නොවන බව.
-
Taboo said
September 25, 2009 at 1:45 am
@බුධාජීව,
බෝධිසත්ත සංකල්පයම මහායානයෙන් ණයට ගත් එකකි. මා දෙවැනියට සඳහන් කොට ඇති මූලාශ්‍රයේ ඔබ සඳහන් කරන කතාවට සමාන එකක් ඇත.
කෙසේ වෙතත් මෛත්‍රී බොධිසත්තයින් වසර 2,500කින් බුදු වුවද 5,000 කින් බුදු වුවද, 80,000කින් බුදු වුවද මට එහි වෙනසක් නැත.
- Taboo
-
September 25, 2009 at 1:50 am
@Taboo:
[said]
කෙසේ වෙතත් මෛත්‍රී බොධිසත්තයින් වසර 2,500කින් බුදු වුවද 5,000 කින් බුදු වුවද, 80,000කින් බුදු වුවද මට එහි වෙනසක් නැත.
[/said]
ඒක ඇත්ත. ඒ කාරණය ලිපියේ අන්තර්ගතයට අදාළ නැහැ. මම හිතුවේ මොකක්හරි
වැරදීමකින් අවුරුදු ගණන මාරුවෙලා වත්ද කියලා. ඒගැන දැනුම් දෙන්නයි ඕන උනේ.
-
සමීර said
September 30, 2009 at 6:37 pm
Taboo වැන්නවුන් තවත් බිහි වුවහොත් ඊටත් ඉක්මනින්ම බුද්ධ ශාසනය අතුරුදන්වනු නිසැකය.
-
September 24, 2009 at 4:17 pm
good post!
-
Madawa said
April 7, 2010 at 5:49 pm
Buddha Maitreya is already in Sri Lanka.
-
සරූන් said
September 22, 2010 at 4:01 pm
Taboo ටිකක් විතර තමන්ගේ මෝඩකම ප්‍රදර්ශනය කරන post එකක්. තමන් හැමදාම
දකින අත්විදින දේ වැරදි විය හැකි නමුත් බාහිරින් එන සංකල්ප හරි විය යුතු
බවට නගන තවත් එක මෝඩ තර්කාවලියක්….
|