පෝප් සහ කොන්ඩෝම | Pope and Condoms

පෝප් සහ කොන්ඩෝම | Pope and Condoms

Posted by Taboo on April 2, 2009

pope

“ක්‍රිස්තියානුවකුට කවදාවත් කට පියාගෙන ඉන්න බැහැ. HIV/AIDS කියන්නේ සල්ලි වලින් පමණක් විසඳිය හැකි ව්‍යසනයක් නෙවෙයි; කොන්ඩෝම බෙදා හැරීමෙන්ද ඒක විසඳන්න බැහැ; එයින් වෙන්නේ ප්‍රශ්නය වැඩිවෙන එක විතරයි.”

මේ කියන්නේ බෙනඩික්ට් XVI පෝප් ය. 2005 දී පදවිය භාර ගැනීමෙන් පසු පළමුවනවරට අප්‍රිකානු මහාද්වීපයට කරන පපාල චාරිකාවේදී ගිය මාසයේදීය. ඔහු මේ ආමන්ත්‍රණය කරන්නේ අප්‍රිකාවේ ශීඝ්‍රයෙන් වැඩිවන කතෝලික ජනගහණයට විය හැකිය. වාතිකානුව ගණන් බලා ඇති ආකාරයට 1978 දී 12% පමණක් වූ කතෝලික ප්‍රතිශතය 2006 වන විට 17% දක්වා වැඩිවී තිබේ.

HIV කෙනකුගෙන් තව කෙනකුට බෝවිය හැකි ක්‍රම ඇත්තේ සතරකි. එකක් නම් ලිංගික ඇසුරය. HIV වෛරසය සම්ප්‍රේශනය වීම සඳහා මිනිස් සෛල අත්‍යාවශ්‍යය. ලිංගික ඇසුරේදී එය සිදුවන්නේ රුධිර හෝ ශුක්‍රාණු සෛල එක සිරුරක සිට තවෙකකට ගමන් කිරීම මඟිනි. එය වැළක්විය හැකි කාර්යක්ෂ්මම ක්‍රමය සේ වෛද්‍ය විද්‍යාව හඳුනාගෙන ඇත්තේ ලිංගික ඇසුරේදී කොන්ඩෝම භාවිතාවය. ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් භාවිතා වන්නේ පිරිමින් සඳහා නිර්මාණය කළ කොන්ඩෝම පමණි. එහෙත් කාන්තාවන් සඳහා නිර්මිත කොන්ඩෝමද ඇත.

සරසවියේ පළමු වසර සිසුන්ද දන්නා මේ කාරණා පෝප් ට වහ කදුරුය. ඒ දේව ධර්මය ඔහු අර්ථදක්වන ආකාරය අනුව කොන්ඩෝම භාවිතය මහා පාප කර්මයක් වන නිසාය. එය බෙනඩික්ට් XVI පෝප් පමණක් කී දෙයක් නොවේ . ඔහුට කලින් සිටි පෝප් ලාත් සිතුවේ මේ විදියටමය. එකම වෙනස ලිංගිකව සම්ප්‍රේශනය වන රෝග වළක්වා ගැනීම සඳහා කොන්ඩෝම භාවිතාවට ඔවුන් බෙනඩික්ට් XVI පෝප් සේ ඍජු විරෝධයක් නොදැක්වීමය. බාල්දි පෙරළා ගැනීම ගැන චිර ප්‍රසිද්ධියක් දරණ බෙනඩික්ට් XVI පෝප් එතනින් පොඩ්ඩක් එපිටට යන්නට කල්පනා කර ඇත.

පෝප්ලාගේ කතෝලික පල්ලිය කොන්ඩෝම් භාවිතාවට විරුද්ධ වීමේ කථාව දීර්ඝය. ඔවුන් මුලින් එරෙහි වුයේ උපත් පාලනයටය. පෝප් ලා දන්නා දේව ධර්මය අනුව උප්පත්තිය සේම මරණයද සර්වබලධර දෙවියන් වහන්සේගේ පාලනය යටතේ සිදුවිය යුතු කාරණාය. ඒකට නර පණුවන්ට අත ගහන්නට අයිතියක් නැත. කවරාකාරයේ හෝ ‘කෘතිම’ උපත් පාලනයකට පෝප් ලා විරුද්ධ වන්නේ එහෙයිනි.

එහෙත් මෙහිදී ඔව්හු ඉතා සරල කාරණා දෙකක් ලෙහෙසියෙන් අමතක කරති.

එකක් නිසි වයසට පත් වූ ගැහැණුන් හා මිනිසුන් ලිංගික ඇසුරින් වැළකී සිටීම හෙවත් නිරතියද (abstinence) දෙවියන් වහන්සේ ගේ කැමැත්තට විරුද්ධ වීමක් බවය. ලෝකයේ සියල්ලන් ලිංගික ඇසුරින් වැළකී සිටියොත් දෙවියන් වහන්සේගේ කැමැත්ත පරිදි ඊළඟ පරම්පරාවක් හැදෙන්නේ නැත. පෝප් ලා කතෝලික ධර්මය අර්ථ දක්වන ආකාරයට අනුව මෙය සමරිසි විවාහ (gay marriages) තරමටම ‘භයානකය’. පුදුමයකට මෙන් කොන්ඩෝම් භාවිතාවටත් සමරිසි විවාහ වලටත් ලෝගුව උස්සගෙන කෑගසන පෝප් ලා මානවයන් ලිංගික ඇසුරින් ඉවත් වී සිටීම අනුමත කරනවා පමණක් නොව ඊට රුකුල් දීමද කරති.

දෙවැන්න, දෙවියන් වහන්සේ කොන්ඩෝම භාවිතාවට ඔය තරමට විරුද්ධ නම් කොන්ඩෝම නිර්මාණය කිරීම සඳහා කිරි ලබා ගන්නා රබර් ගස මැවුවේ ඇයිද යන්නයි. ඒක මැව්වේ නැතිනම් කිසි කරදරයක් නැත. එහෙත් මේ කතා කිව්වොත් පෝප් ලා අපට කියන්නේ දෙවියන් වහන්සේ මිනිසා ‘ටෙස්ට් කිරීම’ සඳහා මේ උගුල් අටවා ඇති බවය.

ඒ නම් පුදුම දෙවියන් වහන්සේ කෙනෙකි. ආදම් හා ඒව ඇපල් කා වරදේ බැඳෙනු දැක දැකත් දෙවියන් වහන්සේ එය නතර කළේ නැත. ඊට ටික කාලයකට පසු නෝවාත් ඔහුගේ පවුලත් හැරෙන්නට ලෝකයේ අනෙක් සියල්ලන් විනාශ කළේ උන් ‘පවු කාරයින්’ නිසාය. තමන්ගේම නිර්මාණ පව් කරන තුරු දෙවියන් වහන්සේ බකං නිලාගෙන සිට ඇත්තේ තම සර්වබලධාරිත්වය අවුන්සයක් හෝ එය වැළක්වීමට භාවිතා කිරීමෙන් තොරවය. ඔහු මැදිහත් වන්නේ සියල්ල සිදුවූ පසු මේ අවාසනාවන්තයින් විනාශකර දැමීමට විතරය.

දැන් අපට කොන්ඩෝම හදා ගන්නට රබර් ගස් මවා ඇත්තේද අප මේ උගුලෙහි වැටෙනවාදැයි බලා ගැනීමටය. බොරු වලවල් හාරා මිතුරන් එහි වැටෙනු දැක හිනාවෙන පොඩි එවුන්ගේ මානසිකත්වයක්ය මේ පෝප් ලාගේ දෙවියන් වහන්සේටත් ඇත්තේ.

බෙනඩික්ට් XVI පෝප් මිනිස් ජීවිත සමඟ සෙල්ලම් නොකරන්නේ නම් ඔහු හා අනුගාමිකයින් දෙවියන් වහන්සේ සමඟ කරන ගනුදෙනු අපට අනදාළය. නමුත් මේ කොන්ඩෝම් විරෝධය නිසා වන්නේ යම් කිසි පිරිසක් කොන්ඩෝම භාවිතය අත් හරින එකය; ස්වේච්ඡා සංවිධාන කොන්ඩෝම බෙදා හැරීම යම් ප්‍රමාණයකින් අඩු වෙන එකය. මේ දෙකේම ඉතා භයානක අනිටු ඵල ඇත.

බෞද්ධ රටක් කියා ලේබල් ගසා තිබුනද ශ්‍රී ලංකාවද කොන්ඩෝම සම්බන්ධයෙන් හැසිරෙන්නේ කතෝලික රටකටත් අන්ත ලෙසිනි. කොන්ඩෝම පැකට්ටු අනෙකුත් වෙළඳ භාණ්ඩ සේ රාක්ක වල තබන සිරිතක් අපේ සුපිරි වෙළඳ සල් වල නැත. වෙන රට වල නම් කොන්ඩෝම සමහරවිට විවේක කුටි වලින්ද, ස්වයංක්‍රීය යන්ත්‍ර වලින්ද පහසුවෙන් ලබා ගත හැකි බව ලේඛකයා අසා තිබේ. ශ්‍රී ලංකාවේ කිසිම සරසවියක කොන්ඩෝම පහසුවෙන් ලබා ගත හැකි ක්‍රමයක් තියා, සරසවියට කිට්ටුව ෆාමසියක්වත් නැත. පේරාදෙනිය සරසවියේ සිසුන් කොන්ඩෝම මිලට ගැනීමට නම් කිලෝමීටර් හතරක් ගෙවා මහනුවර යා යුතුය. ෆාමසි ඇරලා තියෙන්නත් දවල්ට විතරය. අවශ්‍යතාවය උපරිම වන රෑ කාලයට නොවේ. ඒවායින් කොන්ඩෝම මිලදී ගත හැක්කේත් කොල්ලන්ට විතරය. කෙල්ලන් එහිදීත් අසරණය. කැමතිවේවා හෝ නැතුවා ඔවුන් අවදානමට මුහුණ දිය යුතුය. උදාහරණයක් හැටියට ලිංගික ඇසුරේදී කොන්ඩෝමයක් පළඳින සේ තම සහකරුවාට බල කරන්නට ශ්‍රී ලාංකික යුවතියකට ඇති බලය අවමය. (“කොහෙන්ද මේ රෑ ඕවා හොයන්නේ? දැන් ෆාමසි වහලනේ. අනේ අදට විතරක් ඉමු”) මේ අපේ රටේ නාඹර මානව මානවිකාවක් ගැන අප කර ඇති අවතක්සේරුවක තරමය.

අපේ ජනාධිපතිතුමා මුණ ගැසුණු අවස්ථාවේ සමහරවිට බෙනඩික්ට් XVI පෝප් කියන්නට ඇත්තේ කොන්ඩෝම සම්බධයෙන් මේ හොඳ කතෝලික සිරිත් ඉදිරියට ගෙනයන ලෙස වන්නට පිළිවන. (අනෙක් අතට කතෝලික රටවල් පවා තහනම් නොකළ The Da Vinci Code තහනම් කොට අප පෝප් ට දුන්නේ සුළුපටු තල්ලුවක්ද?)

‘මේ බුදුන්ගේ දේශයයි’ කියා බස් රථවල ස්ටිකර් අලවා ගැනීමට කලින් අපේ බෞද්ධයින් යැයි කියා ගන්නා පිරිස් කළ යුත්තේ මේ කතෝලික සිරිත් අන්ධානුකරණයෙන් පිළිපැදීම අත් හිටුවීමය. (ගෞතම බුදුන් කිසිවිටක කොන්ඩෝම භාවිතාවට හෝ උපත් පාලනයට විරුද්ධ වී නැත.) විවෘතව සිතිය හැකි මිනිසුන් බිහි නොකොට නීති දමා එක ආගමකින් තව එකකට පැනීම වැළැක්වන්නට තැත්කරන හෙළ උරුම ජෝකරයන් බයිබලයේ විස්තර කෙරෙන ඉඳිකටු හිලෙන් ඔටුවකු තල්ලු කිරීමට වෙර දරන මෝඩයන්ට නොවෙනස් වන්නේ එහෙයිනි.

This entry was posted on April 2, 2009 at 3:56 am and is filed under Uncategorized. Tagged: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , . You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

Be the first to like this post.

22 Responses to “පෝප් සහ කොන්ඩෝම | Pope and Condoms”

  1. April 2, 2009 at 4:30 am

    ඔබ කියනා කාරණය සත්තකි. නමුත් මා දන්නා තරමට මේ රටේ (කැනඩාව.) ඔය කාරණ සත පනහකට ගණං අරං නැහැ, එක් බස් රථයක කොන්ඩම් පිළිබඳ දැන්විමකුත් එම කොන්ඩමේ ගුණාංග ගැන වරෙන් ඔරෝ දැන්වීමක් දාලා තිබ්බා. අපේ රටේ මා දැක ඇති විදිහට ලිංගික අධ්‍යාපනය හා ආරක්ෂක ක්‍රම ගැන කතා කරන්නේ බයෙන් වගේම ඒවා ගැන කතා කරන ඇතැම් බොහෝ අවස්ථා වලදි ඔවුන් අදහස් කරනදේ පැහැදිලි නැහැ වගේම වෙනත් ලිපි එක්ක පරස්පරයි. ඉතිං ඒ වගේම අපේ ගොඩාක් ගෑණුන් වුවත් ලිංගිකව එක් විමේ නියම ආකාරත් එහිදි ඔවුන් සතු අයිතිවාසිකම් (විරුද්ධ වීමේ හා සහකරුට ලිංගික ආරක්ෂක ක්‍රම භාවිතා කරන්නැයි කිමේ) ගැන සතුව නැති තරම්. අවසානේ ඇති වන තත්වය කියන්න ඔනේ නැහැ නේද? එසේම අසැබි දර්ශණ නැරඹිම තුලින් විකෘතිව ලිංගිකත්වය ගැන ලබා ගන්නා අපේ කොල්ලන් තුලත් තිබෙන්නෙ වැරදි අවබොධයක්. එලෙස ඔවුන් එම විකෘති ආශාවන් ඉටු කර ගන්නෙත් A\C බස්, Film Hall වල අස්සේ, මල්වතු, ලැගුම් හල් වැති තැන් වලයි. ඒක අවාසනාවත්ත තත්වයක් නොවේද? ඒ සදහා ඔබෙ දරණ මතය කුමක්ද?

    • Taboo said

      April 2, 2009 at 7:36 am

      @බින්කු,

      ඔබේ අදහස් වලින් කොටසකට පමණක් මා දැනට ප්‍රතිචාර දක්වන්නම්.

      ලිංගික චර්යාවන් විකෘති හා සාමාන්‍ය ලෙස බෙදන්න බෑ. ඒක ඉතාම සාපේක්ෂ දෙයක්. සියල්ල තීරණය වන්නේ පුද්ගල කැමැත්ත මතයි. අදාළ කටයුත්තේ නිරතවන්නන් (එක්කෙනෙකු, දෙදෙනකු හෝ ඊට වැඩි විය හැකියි.) සියළුදෙනාගේම කැමැත්ත පිට සිදුවෙනවානම් එයින් කාටවත් හිරිහැරයක් නැත්නම් ලිංගික චර්යාවන් හරිද වැරදිද කියන එක අපේ වැඩක් නෙවෙයිනේ. ඇයි අප පෝපලාගේ තත්ත්වයට පත් වන්නේ? බස් එකේ කළත්, මල් වත්තේ කළත් ඔවුන් එයින් තෘප්තියක් ලබනවානම් ඇයි අප ඒක විකෘති කියා ලේබල් ගහන්නේ ?

      - Taboo

    • April 2, 2009 at 10:20 am

      > එසේම අසැබි දර්ශණ නැරඹිම තුලින් විකෘතිව ලිංගිකත්වය ගැන ලබා ගන්නා අපේ කොල්ලන් තුලත් තිබෙන්නෙ වැරදි අවබොධයක් <

      මම හිතන්නේ ඔබ අසැබි දර්ශන කියා හඳුන්වන්නේ බ්ලූ ෆිල්ම්ස් ගැන වෙන්න ඇති. ඒත් ඒවා නැරඹීමෙන් විකෘතියක් ඇතිවනවා යැයි කීම නොපිළිගත හැකි කථාවක්. මම හිතන්නේ බ්ලූ ෆිල්ම්ස් නැරඹීමෙන් ලිංගික රසවිඳීම ඉහළ තලයකට ගෙන යා හැකි බවයි. මම අදහස් කරන්නේ ටෙක්නික්ස් පුරුදු වීම ‍ගැන නම් නොවේ. ඒ කෙසේ වෙතත් මෙය බලන්නාගේ බුද්ධි මට්ටම අනුව වෙනස් විය හැකිය. මම කියන්නේ පොදුවේ ‍එසේ කිව නොහැකි බවයි.

      • Sam said

        April 2, 2009 at 1:58 pm

        මේ කතාවේ ඇත්තක් නැතුව නොවෙයී. ඕක බලලා අපේ අය හිතනවා, අනේ මගේ ගෑනිත් කවදා හරි මෙහෙම කරයී, අරම කරයී, මටත් එහෙම කොරන්න පුලුවන් කියලා. අනේ කසාද බැදලා, ගෑනු උන්දෑ ඔලුවෙ කැක්කුමයී. චී ඔය මොනවද කියන්නේ, කියලා කීවම දුකට පත්වෙනවා.

        විහිලු නැතිව සැබැවටම මේ ගැන කතා කොරනවානම්, ජීල් පීරිස් ගොයීයා ලංකාවේ නීතී රීති සියල්ලම ගොඩනගා තියෙන්නේ, පල්ලීයේ ආශීර්වාදය ඇතිවයී. මේ රට කතෝලික රටක්යැයී මම නිතරම කියන්නේ ඒ නිසායී. දැන් ලංකාවේ කතෝලික හෝ ඕනෑම ආගමක ටොපියක් බෞද්ද කොඩියෙන් ඔතලා විකුනන්න පුලුවන්. උදාහරනයක් විදිහට පෝයට නිති පැනවීම ( එහි පසු පස තිබෙමෙන්න, නීතියෙන් යහපත් ආගමික පුද්ගලයෙකු ගොඩනැගිය හැකියැයී කියන අබෞද්ද තරකය කිරියාත්මක කිරීමයී ). පඩියෙන් පඩිය හිමින් හිමින්, අපිත් ගුලිය ගිලිනවා. ලගකදී, එක්සත් ජාතීන්, සමලිංගිකයන්ට දඩුවම් කරන එක නවතා දමන්නැයී ලෝකයෙන් ඉල්ලීමක් කලා. පල්ලියේ අවවාදය අනුව ලංකාව එම ඉල්ලීම ප්‍රතික්ශේප කොලා.අනෙකුත් සියලුම බෞද්දරටවල් ඒ ඉල්ලීම බාර ගත්තා.

  2. April 2, 2009 at 7:01 am

    ලිංගික සම්බන්ධතා පිළිබඳව විශේෂයෙන්ම අපේ රටේ තිබෙන තත්වය ගැන කතා කිරීමම මට වෙලාවකට විහිළුවක්. ඇත්තම කියනව නම් ඒ ගැන කතා කරන්න ගියාම දුක හිතෙනව. ඒ අවශ්‍යතාවයන් පිළිබඳව හැඟීමක් එන වයසෙදි දරුවන්ට ජීවත් වෙන්න වෙන්නෙ පුදුම පීඩනයකින් කියලයි මට හිතෙන්නෙ. අපේ සංස්කෘතිය සහ සමහර ආගම් මට අනුව නිර්මාණය කරගෙන තියෙන්නෙ ( මම මෙතනදී “නිර්මාණය කරගෙන තියෙන්නෙ” කියල කියන්න හේතුව තමයි මගේ විශ්වාසය අනුව අද ආගම් සහ සංස්කෘති අපේ සමහර මිනිස්සු බලහත්කාරයෙන් වෙනස් කරන නිසා ) මිනිසුන්ගේ ස්වභාවිකත්වය කාලකන්නි කරන විදියට. ආගම් හා සංස්කෘතීන් හරහා මිනිසුන්ගේ හැසිරීම් පාලනය කරනව, එය එක පැත්තකින් හරි වෙන්න පුළුවන්. නමුත් ඒ හරහා එල්ලවන පීඩනය තුලින් ඊට වඩා අයහපතක් වෙනවා නම් ඒ ආගම් හා සංස්කෘතීන් වලින් ඇති පලේ මොකද්ද? කොන්ඩම් භාවිතය හරහා තවත් මිනිසෙකු මේ ලෝකයට බිහි වීම නවතිනවා. ඒක ස්වභාවිකත්වයට, නැතිනම් ඔය කියන දේව කැමැත්තට එරෙහි වීමක් වෙන්න පුළුවන්. ඒත් අද අපි මුහුණ දෙන තත්වයන් වෙනස්. අද අපිට මුහුණ දෙන්න වෙලා තියෙනවා ආර්ථික ගැටළු වලට, වැඩිවන ජනගහනය නිසා අඩුවෙන සම්පත් වලට, සුව කළ නොහැකි ලෙඩ රෝග වලට. මේ තත්වයන් නිසා මම හිතන්නෙ අපිට සිද්ධවෙනව අර ස්වභාවික නියමයන්ට එරෙහි වෙන්න. පුරුශ ශුක්‍රාණු සහ ස්ත්‍රී ඩිම්බ නිකරුනේ යැවීම ස්වභාවිකත්වයට එරෙහි වීමක් හැටියට ආගමකින් අර්ථ දක්වන්න පුළුවන්. එහෙමයි කියල කොන්ඩම් භාවිතා නොකිරීම නැත්නම් අදාල කටයුත්ත නොකර සිටීම යනු තවත් ප්‍රශ්න රැසක ආරම්භයක්. අනේ මන්ද තව ඕනෙ තරම් මේ ගැන කියන්න පුළුවන්. ඒත් මම හිතන්නෙ හැම කෙනෙක්ම ආගමට හෝ සංස්කෘතියට යට නොවී හැම කාරනයක් ගැනම තමන් දකින විදිය පිළිබඳව තුන් හතර පාරක් හිතල බලනව නම් හොඳයි.

  3. Palitha said

    April 3, 2009 at 6:49 am

    @ සෑම්,
    ඔබගේ අදහස් සියල්ල සමග මම එකග වෙමි. එහෙත් බුදුදහම මුවාවෙන් කරන කපටි, කෛරාටිකකම්, මෝඩකම් කතෝලිකයින්ට පැටවීම වැරදිය. සැබැවින්ම බුදුදහම පාලනය කරන අය ඊට වගකිව යුතුය. බුදුදහම තුලට තුලට කතෝලික අදහස් ගලා ඒ නම් එය බුදුදහමේ දුර්වලතාවයක් මිස කතෝලිකයින්ගේ වරදක් නොවේ. ‍බොද්ධ ආධිපත්‍යයක් දරණ රටක ඔයවැනි සිදුවීම් ධර්මයේ පරිහානිය පෙන්වා දෙන්නකි.

    • April 4, 2009 at 6:29 am

      වතිකානුවේද The Da Vinci Codeතහනම් නොකොට අපේ රටේ තහනම් කල, මුස්ලිම් රටේ නැති අන්දමකට බාල වයස් විවාහ වලට අනුමැතිය දී තිබෙන විට අපේ රටේ හැටි පේනවානේ.

  4. April 3, 2009 at 5:59 pm

    මෙතන හෙළ උරුමය ගැන සදහන් වෙන්නනේ එක වචනයක් විතරයි. අනික ඒක කොහොමටවත් මාතෘකාවට අදාල වෙන්නෙත් නැහැ. ඒත් tag එකක් විදියටත් දාලා තියෙනවා. taboosubjects ට හෙළ උරුමය එක්ක ගේමක් තියෙනවා නම් අපටත් පේන්න මතවාදීමය තලයේ දී ඔවුන් සමග ගැටෙන්න. දෙකයි පණහේ වැඩ ලාබ උපක්‍රම නැතුව හරි විද්‍යාර්ථියෙක් වගේ ලියන්න. එහෙම නොකරන්නේ සමහර විට මතවිදීමය වශයෙන් තමන්ගේ නොහැකියාව වහ ගන්නද කියලත් වෙලාවකට හිතෙනවා.

    • Taboo said

      April 4, 2009 at 4:22 am

      @මිගාර,

      මතවාදීව හැපෙන්නට තරම් වැඩකට ඇති දර්ශනයක් හෙළ උරුමයට නැත. ඉඳලා හිටලා ඔය වෙන කොහේවත් යන ගමන් උන්ටද ටොක්කක් ඇනගෙන යන්නේ එහෙයිනි.

      • April 4, 2009 at 7:07 am

        නිජභූමි සංකල්පය සම්බන්ධයෙන් නම් හෙළ උරුමයට පැහැදිලි මතවාදයක් ඇති බව මගේ හැගීමයි. එය බොහොම සවිමත් නිසා ඔවුන් සමග කිසිවෙක් මතවාදීමය ලෙස ගැටෙන්නේ නැහැ. එනිසා විරුද්ධවාදීන් ගේ මෙබදු මඩ ප්‍රහාර ව‍ලට ලක් වීම ස්වභාවිකයි.

      • Taboo said

        April 4, 2009 at 7:30 am

        @මිගාර,

        වර්ගවාදී උන්මත්තකයින්ට පුන පුනා සිහි කරමින් ස්වයං වින්දනයේ යෙදීම සඳහා පමණක් නිර්මිත සංකල්පයක් මතවාදයක් වන්නේ නැත.එසේම හෙළ උරුමයේ ගැරඬි මරනවාට වඩා මට කරන්නට දේවල් ඕනේ තරම් ඇත.

  5. April 4, 2009 at 1:58 pm

    @මිගාර
    මිගාර “නිජභූමි සංකල්පය” යන වචනයම අද ශ්‍රී ලංකාවේ ඇති පශ්චාත් නූතනවාදී සමාජය තුල විහිළුවක් බව ඔබට වැටහෙන්නේ නැද්ද?

  6. April 5, 2009 at 12:26 pm

    Taboo මට කඩෙ තව පලයන් ඔහොම ගිහින් බැ තව පලයන් හරියට විමල් වීරවන්ශ වගෙ

  7. April 5, 2009 at 12:36 pm

    මට අමතක උනා ලගදි Taboo ඔබටත් ලොකු පට්ටමක් දෙන්නම්, දිගටම මට කඩෙ පලයන්

    Taboo උබල වගෙ හුරතල් බලු පැටව් ඉන්නකන් මට බය වෙන්ඩ දෙයක් නැ. තව ටිකක් අර පරාක්රම ගැන ලියපන් Taboo කුක්කො

  8. April 17, 2009 at 2:49 pm

    හෝව් හෝව් මේ මොනවා කියවනව ද මන්දා
    පටන් ගත්තෙ HIV/AIDS
    ඒ අස්සෙ මේ උපත් පාලනයක් කොහෙන් ද?
    බය නැතුව කියන්න condom තියෙන්නෙ AIDS නැතිකරන්නට වඩා හොර වැඩ සදහා ඕව කියන්න බය වෙන්නෙ ඇයි? Condom හදුන්වා දුන්නෙ මෙන්න මේ වැඩ වලට,
    1. බඳින්න පෙර sex වලට.
    2. බැන්දට පසු බැදගත්ත කෙනා සමග(උපත් පාලනය ලූ) හෝ වෙන විරුද්ද ලිංගිකයෙක් සමඟ සංසර්ගයේ යෙදෙන්න.
    3. නෑ හිත මිතුරන් සමග(සමාජ විරොධි ලු) ඉහත ආකාරයේ ඇසුරු පැවැත්වීමට.

    මේ ටික කියන්න නැතුව නිකන් බුදුහාමුදුරුවන්වත් මේ පටලැවිල්ලට අහු කරගන්න එපා. පන්සිල් දන්න එකේ 3වෙනි ශික්ෂාපදය දන්නවා නේ?? එකට අනුව condom ඕනේ නෑ කවුරුත් හොර වැඩ කරන්නෙ නෑ කියල කියලම වැඩ පටන් ගන්න නිසා
    සුද්දන්ට එහෙම නෙමෙ එගොල්ලන්ගෙ ආගමෙ බැදල කරත් පව්, දැන් උන්ට යන එන මං නෑ ආගමක් දහමක් නෑ(උන්ට තියෙන ප්‍රශ්නත් දන්නවා නේ) ඉතින් උන්ට sex ඉහවහා ගියා ඔය තියෙන්නෙ ඒකෙ ප්‍රතිඵල මිසක් වෙන දෙයක් නෙමේ.

    බුදු දහම එදා තිබුනා වගේම මෙදත් තියෙනවා කට්ටිය සුද්දාගේ විද්‍යාව සරණ ගිහින් කොහොමද මේවට විසදුම් හොයන්නේ? තර්කය ගලවා තෙරුම් ගන්න මේ රටෙ වෙන්නෙ අනිත් රටවල වෙන්නෙ නැති ඒවා නෙමේ මෙහෙ උන් එහෙන් කොපි කරන්නේ.

    • Taboo said

      April 17, 2009 at 4:05 pm

      මෙවැනි ප්‍රතිචාර සඳහා උත්තර දීම අවශ්‍ය නැත.

      - Taboo

    • සාගර said

      April 18, 2009 at 3:14 am

      විමල් වීරවංශට කොලුවට කඩේ යන මල්ලියෙක් හිටියා මධුර කියලා. මේ එයාමද දන්නෙ නෑ.

  9. May 10, 2009 at 9:46 am

    ලිංගික ආශ්වාදය Maslow’s Hierachi එකේ පහලම පියවරේ තියෙනෙ දෙයක්. ලිංගික ආශ්වාදය පූරනය කරනන්නේ නැතිව මානවයාගේ සංවර්ධනයක් බලාපොරොත්තු වෙන්න බැහැ. මානසික සංවර්ධනයට ඒක අත්‍යාවශ්‍ය දෙයක්. මේ විද්‍යාත්මක සත්‍යය පිලිගන්නෙ නැතිව අර ආගම මේ ආගම කියල මනස්ගාත ටිකක් දෙසාබෑවට වැඩක් නැහැ!

    අපේ රටේ තියෙන මේ අච්චාරු සංතිය Commode එකට දාල Splush කරන්න කාලෙ හරි. කොන්ඩම් කියන්නෙ Over-the-counter ගන්න පුලුවන් දෙයක් වෙන්න ඕනෙ. ඒකට වයස හෝ ලිංගිකත්වය අදාල වෙන්න බැහැ.

    ඕනෑම වයසක ගැහැනියෙක්ට හෝ පිරිමියෙක්ට ෆාමසියකට ගිහිල්ල “මට කොන්ඩම් පහක් දෙන්න!” කියල කියන්න පුලුවන් වෙන්න ඕනෙ. එතකොට ෆාමසියෙ අය රවල ඔරවල බැලුවොත් පෙරලා රවල ඔරවල බලන්න Testucular fortitude එකක් ඇති කරන්න ඕනෙ kindergarten යන කාලෙ ඉඳල.

  10. May 10, 2009 at 9:51 am

    තමාට ලිංගිකව හැසිරෙන්න සුදුසු partner කෙනෙක් හොයාගන්නකල් හැමෝටම නිකන් ඉන්න බැහැනේ. Wet Dream යන එකටත් විසඳුමක් තියෙන්න ඕනිනේ! ඒක නිසා ඉස්කෝල වල ලිංගික අධ්‍යාපනය තුලින් හරියට Masterbate (අතේ-ගහන – ස්වයං වින්දනය) කරන හැටි කියලා දෙන්න ඕනි. නැතිනම් ඕක වැරදියට හරි බයෙන් බයෙන් හරි කරලා වැඩක් නැහැනේ! තුවාල කරගන්නත් බැරි නැහැ. සමලිංගිකයින්ට දඳුවම් කරන්න ඉස්සෙල්ලා ලමයින්ට ඉස්කෝලෙදි උඟන්වන්න ඕනෙ හරියට ලිංගික තෘප්තියක් ලබන හැටි. ඕව වැරදි තැන් වලින් වැරදියට ඉඟෙන ගත්හම තමයි ප්‍රශ්න වැඩි.

  11. grl said

    April 17, 2010 at 7:12 am

    Nice post.
    sri Lanka is practising the fundamenatalism of all the other religions in the name of Buddhism.
    That’s not only regarding condoms but also with homosexuality,abortion and all the rest of it.

    • May 15, 2010 at 11:37 am

      කසාද බැදපු ගැහැණු ලමයෙක්ගෙන් අහන්නේ? ගොඩක් කට්ටිය කියන විදිහට ඔයගොල්ලන්ටත් පිරිමින්ට වගේම සතුටක් ලැබෙනවාද?(ලිංගික එක්වීමෙදී) මට ලොකුම කුතුහලයක් තියෙන ප්‍රශ්නයක්. කරුණාකර පිළිතුරක් සපයන්න.

  12. Christian said

    January 7, 2011 at 12:44 pm

    මම ඔබගේ බොහෝ ලිපි උනන්දුවෙන් ක්යවන මොරටුව සරසවියේ ඉංජිනේරු පීඨයේ අවසන් වසර ශිෂ්‍යයෙක්. ඇත්තටම ඔබේ බොහෝ ලිපි (සෑම එකක්ම නොවේ )රාමුවෙන් පිට අරුත් බර සහ ගතයුත්තක් ඇති ඒවා. ඔබේ ඉදිරිපත් කිරීමත් වාග් මාලාවත් අපූරුයි. ඇත්තටම සිත ඇදගන්න සුළුයි.

    මේ කොමෙන්ටුවෙන් මා උත්සහ කරන්නේ ඔබ සමග තර්ක කරන්න නොවේ. ඒ සදහා මගේ දැනුම ප්‍රමාණවත් නැ. අනෙක් එක ආගමික කරුණු තර්ක කිරීමට හෝ විවේචනය කරන්න කිතුණුවෙක් වශයෙන් ඇත්තටම මම කැමති නැ(ඕනෑම ආගමක්). ආගමක් ඇත්තේ විද්‍යාත්මකව ඔප්පු කිරීමට නොවේ. අනෙක විද්‍යාවෙන් ඔප්පු කර සත්‍ය අසත්‍ය පෙන්නන එක සුදුසු නැ. මොකද විද්‍යාව ඕනෑම මොහොතක වැරදීමට ඉඩ ඇති නිසා. (අතීතයේ විද්‍යාවෙන් ඔප්පු කර සමහර දේවල් වර්තමානයේ විද්‍යාවෙන්ම බොරු කර ඇති අවස්ථා ඔබ ඕනතරම් දන්නවා ඇති)
    ඔබ ක්‍රිස්තියානි ධර්මය ගැන දරන අදහස ගැන මම එකග නැ. ඇතැම් අවස්ථා වල ඔබ ක්‍රිස්තු ධර්මයේ මුලික දේවල් පවා අපහාසයට ලක් කරනවා. මම එකට ඔබ පිට වරද තබන්න උත්සහ ගන්නවා නෙමේ. මොකද ඔබට අදහස් ප්‍රකාශ කිරීමේ අයිත්යට මම ගරු කරන නිසා.

    එත්
    මට ඔබට කියන්න තියෙන්නේ ඔබ බොහෝ දේවල් ගැන දන්නවා වෙන්න පුළුවන් (ඔබේ ලිපි දැක්කම ඔබට ලොකු දැනුමක් තියෙන බව ඕනෑම කෙනෙක් අවිවාදයෙන් පිලිගනී) එත් ඔබේ බුද්ධියට අසු නොවෙන තැන් හා අවස්ථා ඕන තරම් තියෙන්න පුළුවන් බව තේරුම ගන්න එක සුදුසුය් කියලයි මට හිතෙන්නේ. නැත්නම් යම් දවසක ඔබටම ඒ ගැන පසු තැවෙන්න වෙයි.
    ක්‍රිස්තියානි අගම ගැන පැහැදිලිවම ඔබට වඩා අත්දැකීමක් මට තියෙනවා. මාගේ ජීවිතය මම කිතුණුවෙක් උනාට පස්සේ සම්පුර්ණයෙන්ම වෙනස් උනා. ඇත්තටම පැහැදිලි වෙනසක්.

    ඔබට ආසිරි !!!!!

Comments