Posted by Taboo on January 22, 2011



“සෝමාවතිය කියන්නෙ පුදුම ආශ්චර්යමත් පුන්‍ය භූමියක්. මේකෙනුත් ඔප්පු වෙන්නෙ ඒකයි. බලන්න මෙච්චර මහා ගං වතුරක් ගලලත් කිසිම බුදු පිළිමෙකට අබැටෙක තරම් වත් හානියක් නොවෙච්චි හැටි.”
“ඒක තමයි. ත්සුනාමියෙදිත් මීටර් පහළොවක් උස, කෝච්චි පෙරළෙන තරම් ලොකු
රැල්ලක් ඇවිල්ලත් කිසිම බුදු පිළිමෙකට හානි වුණේ නැහැනෙ. තොටගමුවෙ රජමහා
විහාරෙ පිළිමෙත් අත විතරයිනෙ කැඩුනෙ.”
“ඇයි ගං වතුර ගැලුව කියන එකම ආශ්චර්යයක් නෙවෙයිද? මේක දළදා වතුර ටත් කීප ගුණේකින්ම වැඩිය වතුරක්නෙ!”
“ඒක ඇත්ත. සෝමාවතියෙ නිදන් කර තියෙන්නෙ බුදු හාමුදුරුවන්ගෙ දක්ෂිණ දන්ත
ධාතුව කියනවනෙ. ඉතින් එක දන්ත ධාතුවකට වැස්ස වස්සන පුළුවන් නම් ඇයි අනෙකට
බැරි?”
“මට නම් හිතෙන්නේ මේ ආශ්චර්යයට කිරිබත්ගොඩ ඤාණානන්ද ලොකු ස්වාමීන් වහන්සෙ කරපු මහා පින්කමේ බලයත් හේතු වෙන්න ඇති.”
“ඒක ඇත්ත. ඒ වගේ උත්තමයො පින්කම් කරන කොට සම්‍යක් දෘෂ්ටික දෙවියන්ටත් සතුටු හිතෙනව ඇතිනෙ.”
“නලින් සර් කියන්නෙ ඇත්ත
කියල හිතෙන්නෙ මේව දකින කොට තමයි. දැං බලන්න මේ වගේ සංසිද්ධියක් බටහිර
විද්‍යාවෙන් පැහැදිළි කරන්න පුළුවන්ද? කොහොමටවත් බැහැ. බටහිර විද්‍යාව මේ
වගේ දේවල් පැහැදිළි කිරීමට ආවම නිරුත්තරයි. අයින්ස්ටයින්ටත් කට උත්තර නෑ.
මේ වගේ දෙවල් පැහැදිළි කරන්න පුළුවන් එකම විධි ක්‍රමය සිංහල බෞද්ධ ජාතික
චින්තනය. මේව අනුකාරකයින්ට තේරෙන්නෙ නෑ.”
“සමහරු නම් කියන්නෙ මේ ගං වතුර ගැලුවෙ සරත් ෆොන්සේකා මහත්තය හිරේ දාපු නිසා කියල.”
“මොන මෝඩ කතාවක්ද ඒ? අනේ ඇත්තට මේ විසි එක් වැනි සියවස වෙලත් අපේ මිනිස්සුන්ට මේ මිථ්‍යා මත අතඇර ගන්න බැරි වෙලා තියෙන හැටි!”
This entry was posted on January 22, 2011 at 2:59 am and is filed under Uncategorized.
You can follow any responses to this entry through the RSS 2.0 feed.
You can leave a response, or trackback from your own site.
-
January 22, 2011 at 3:50 am
ඔය ප්රාතිහාර්ය පස්සෙ යන අයයි, ඒගොල්ලන්ව පස්සෙන් පන්න පන්න විවේචනය
කරන අයයි, දෙගොල්ලොම එකම ගොඩටයි මම දාන්නෙ. පිස්සන්ගෙ පිස්සු කතා ගනන්
ගන්නැතුව හිටියම ඉවරයිනෙ.
-
T said
January 22, 2011 at 3:53 am
sira sira
-
January 22, 2011 at 3:55 am
ඔන්න කාලෙකට පස්සෙ ටැබූ දෙබරෙකට ගල් ගහල. දැං ඉතිං මෙතන ගිණි අවි සහ
ගිණි කෙලි බලාගන්න පුලුවන්. ඌරො කැකුණ තලනකොට හබං කුකුලන්ට රජ මඟුල් කියල
මටත් දැං අත් දෙක බැඳන් බලං ඉන්න තමයි තියෙන්නෙ.
කොහොම උනත් අපේ කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සෙ සත්‍යක්‍රියාවක් කරල මේ බ්ලොගයටත් යහමගට ගනීවි කවුරු හරි උන්නාන්සෙට දැන්නුවොත්.
-
The way of the Dodo said
January 22, 2011 at 5:03 am
ha ha superb!
-
January 22, 2011 at 5:25 am
මෙන්න මේකා අපහාස කරනවෝ!!!
හෑගොඩ විපස්සි… ඔවර් ටු යූ…
පෙරමුනේ ඇබිත්තයා හරි කමක් නැතෝ..
-
astroboy said
January 22, 2011 at 7:34 am
මේ වතුර ගැන පැහැදිලි කරන්න පුළුවන් එකම විදිහ ජ්‍යෝතිෂ්‍යය.මේ විදිය ව්‍යසනයක් රටට වෙන බව ජ්‍යෝතිෂ්‍යය අනාවැකි මීට කලින් පලවෙලා තිබුන.
-
බෘ said
January 22, 2011 at 4:53 pm
තිබුනා තිබුනා.. දෙසැම්බර් විසිගණන්වල ඔය ජ්‍යෝතිශ්‍ය කාරයෙක් නෙත්
FM එකේදි කියලා තිබුනා ජනවාරි 8න් පස්සේ කාලගුණය ඉතාම යහපත් වෙනවා කියලා.
ලබ්බ තමා යහපත් උනේ.. එදායින් පස්සේ රටටම කෙලඋනා. දැන් උගේ සද්දයක්වත් නෑ.
දෙපැත්තට හරියන්න මොකක් හරි කියලා ජාමේ බේරගන්නවා.
ජ්යෝකර් ලා තමා රට කන්නේ මේදවස්වල.
(විල්ලියා, බැල්ලියා, වසීගුරු වගේ එවුනුත් අදාලයි)
-
sujeewa said
January 22, 2011 at 6:51 pm
24×7 ඔකුං කියන්නේ වින්නැහි මයි. ඉතින් ඕනෑම ස්වාභාවික ව්‍යසනයක් එකෙන් කවර් වෙනවා. වැරදුනු අනාවැකි ගණන බැලුවම තමයි ඇත්ත තේරෙන්නේ.
-
astroboy said
January 22, 2011 at 8:55 pm
කෝ මේ Jhothishalanka.හෙල්ප් එකක් දීපන් මචෝ…….
-
sujeewa said
January 23, 2011 at 4:19 pm
බාහිරින් අධ්‍යනය කරනවනේ. ඊට වඩා වැදගත්කමක් පෙනුනොත් තමයි ගැඹුරු
අධ්‍යනයක් කරන්න හිතෙන්නේ. එහෙම නැතුව ලෝකේ තියෙන ඔක්කම අධ්‍යනය කරන්න
මිනිසුන්ට අමාරුයි. මට තවම ජ්‍යෝතිෂයේ ඒ තරම් වැදගම්මක් පෙනිලා නැහැ.
අමුලික බොරුවක් කියා කීවා නොවෙයි.
ඔබ බොහොම ස්ථිරවම කිව්වේ පහුගිය ගැන වතුර
අනාවැකියක් ලෙසට කියා තිබුණු බවක්. එකටයි මගේ පැහැදිලි කිරීම. මොකද හැමදාම
දෙන අනාවැකි ගොඩේ හැටියට හරිගියා ඒවා බලලා වැඩක් නැහැ. බලන්න වරදින තරම.
-
January 22, 2011 at 7:47 am
ධාතූන් වහන්සේ යනු පිරිනිවන් පා වදාළ තථාගතයන් වහන්සේගේ ශ්‍රි ශරීරය
ආදාහනය කිරීමෙන් පසු නොදැවී ඉතිරි වුනු කොටස්ය…ඒවාට ධාතු යැයි කියනුයේ සත්ව
පුද්ගල භාවයක් නැති දැනීමක් නැති දෙයක් නිසාය…සත්ව පුද්ගල භාවයක් නැති ඒ
ධාතූන්ට වැසි වැස්සවීමේ හෝ ප්රාතිහාර්ය පැමේ උත්සාහයක් හෝ අදහසක් ඇතිවිය
නොහැක…
තවද ධාතූන් වහන්සේලා යොදාගන්නා යම් කටයුත්තකදී ප්රාතිහාර්ය යනු
කිසිවිටෙකත් සිදු විය නොහැකි දෙයක් යනුවෙන්ද මින් අදහස් නොකෙරේ…බුදුරජාණන්
වහන්සේ ජීවමාන අවස්ථාවේ උන්වහන්සේ තම දියුණු කරගත් මනසින් ගොඩනගා ගත්
සෘද්ධි බලයෙන් මේ ධාතූන් වහන්සේලා සම්බන්ධයෙන් යම් කිසි දිනක යම්
ප්රාතිහාර්යක් වේවායි අධිෂ්ඨාන කර තිබුණහොත් එය සිදුවිය හැකිය…මිනිසුන්ගේ
ශ්‍රද්ධාව වැඩි දියුණු කිරීම පිණිස සමහර සම්‍යදෘෂ්ටික දෙවිවරුන් විසින්
ප්රාතිහාර්ය දැක්විය හැකිය…බලවත් සැදැහැවතුන්ගේ අධිෂ්ඨාන සත්‍යක්‍රියා
වලින්ද සමහර අවස්ථා වල ප්රාතිහාර්ය සිදුවිය හැකිය…
- මූලික අදහස රේරුකානේ චන්දවිමල මහනාහිමියන්ගේ ධර්ම විනිශ්චය ග්රන්ථයෙනි
මෙම වියමනේ මූලික හරය ප්රාතිහාර්ය උපහාසයකට ලක් කිරීමට වඩා බහුතර සිංහල
බෞද්ධයාගේ කන්න ඕනේ වුණාම කබරගොයා තලගොයා කරගැනීමේ ගති පුරුද්ද උපහාසයට
ලක් කිරීම යැයි සිතමි…
-
Sirima said
January 22, 2011 at 8:02 am
-
Sirima said
January 22, 2011 at 8:14 am
-
January 22, 2011 at 8:16 am
ආශ්චර්යයෝ පෙනෙන්නේ ආශ්චර්යමත් දේශවලය…මිනිසාට ඇසෙන්නේ හර්ට්ස් 20 සිට
20,000 දක්වා පමණි ..පෙනෙන්නේ වර්නාවලියෙන්ම දෘෂ්‍ය පරාසය පමණි..ඉදින් අපිට
නොපෙනෙන නොදැනෙන සියල්ල මේ නම් පචය මේවා කෙසේ නම් ඔප්පු කරමිදැයි කීම
විහිලුවකි…එහෙත් මනසට බලයක් ඇති බවට විශ්වාසයක් සෑම ආගමකම ඇත..හොල්මනක්
වුවත් එක අයෙකුට පෙනී වෙනත් අයෙකුට නොපෙනී යන්නේ ඔවුනගේ මනස ඇති තත්වයන්
අනුව වෙයි..මම දන්නා පරිදි එවැනි ප්‍රකට ආශ්චර්ය දැක්වූ අය ලෝ ඉතිහාසයේ
වෙති..
-
බටහිර ගැත්තෙක් said
January 22, 2011 at 9:06 am
…මේ වගේ දෙවල් පැහැදිළි කරන්න පුළුවන් එකම විධි ක්‍රමය සිංහල බෞද්ධ ජාතික චින්තනය…
මේකනම් වැරදි කතාවක් ටැබූ,,එකම විධික්රමය සිංහල බෞද්ධ ජාතික චින්තනය කියලා
කවුරු හෝ කියනවා කියලා මමනම් දැකලා නෑ,අතින් දැම්ම නේද ඒක,,මේවා පැහැදිලි
කරන එක්තරා විධි ක්‍රමයක් තමා සිංහල බෞද්ධ චින්තනය කියලා කියනවානම් මමත්
අහලා තියෙනවා,එකම ක්‍රම විධිය කීවම ඒක නිරපේක්ෂ දෙයක් වගේ හැඟීමක්
එනවනේ,බටහිර විද්යාවනම් නිකම් නිරපේක්ෂයයි වගේ මට ඉස්කෝලේ ඉගෙනගන්න යද්දි
තේරුනා
-
amila said
January 22, 2011 at 9:11 am
well nice post. This is how the ‘Buddhist thinking’ in majority of
the people. They are brave enough to reject the idea that this happens
because of SF in custody, but they aren’t strong enough to say that the
water and other ‘miracles’ are not miracles. As I see, this is where the
culture plays the main role. People are ‘born’ with the feeling that
superiority is within buddha, but not within others. This may or may not
be true. But as you said we are in the 21st century
-
The Analyst said
January 22, 2011 at 12:31 pm
Now lets wait & see how our patriotic bloggers will react to
this “affront ” to “pure” buddhism (as practiced in sri lanka ).i
remember last time Peramune Rala countered taboo on “Budu ras” issue ?
-
Can't belive said
January 22, 2011 at 12:56 pm
“The Truth Is Out There”
-
Ravi said
January 22, 2011 at 1:57 pm
හරි, සුපින්වතුනි, අත්දෙක ……..එකතු……… අපොයි එහෙම අත් එකතු කරල වඳින්ඩ
ගියොත් ගිලිල මැරේවිද……හරි ……සුපින්වතුනි ……සදහම් වතුරේ පීනන ගමන් හයියෙන්
කට ඇරල….. කියන්න….. බලාගෙන……. කටට වතුර යයි………….කියන්න …..පිං වතුනි…….. සාදු……..සා……දු………සා…..දූ
-
Can't belive said
January 22, 2011 at 3:15 pm
මනුස්ස ලෝකයේ දී තමන්ට විසඳා ගත නොහැකි ප්‍රශ්ණ විසඳා ගැනීමට දෙවි
දේවතාවුන් , ආගම, නොපෙනෙන බලවේග යොදා ගැනීම ස්වභාවයයි.මෙම ගින් එම පුශ්ණ
විසදා ගැනීඹට හෝ අවම කර ගැනීමට ලැබෙතැයි විශ්වාසයි පවතී. පුශ්ණ නිසා සිතේ
ඇතිවන දැඩි වේදනාව අවම කර ගැනීම මෙයින් බලා පොරොත්තු වෙනවා.
හරියට “අබිං“ වගේ… අබිං පාච්චි කරල තියෙන්නෙත් මිනිස් ශරීරයේ වේදනා අඩු
කර ගැනීමේ බෙහෙතක් විදිහට .. ඒ නිසා කාල් මාක්ස් මෙහෙම කියල තියනවලු.
“ආගම යනු පෑගුන ජනතාවගේ හදේ නැගෙන ඉකියයි.හදවතක් නැති ලෝකයේ
හදවතයි.ලෝකයේ උත්තරීතර භාවයෙන් අන්තිමට ම දුරස්ථ වූ තතත්ත්වයේ ආත්මයයි.ආගම
මිනිසා ගේ අබිං වේ“
මෙයින් අදහස් කරන්නට ඇත්තේ, ආගම මගින් මිනිසාගේ හදේ ඇතිවන වේදනාවන් සමනය කරන බවයි.
“Religious distress is at the same time the expression of real
distress and the protest against real distress. Religion is the sigh of
the oppressed creature, the heart of a heartless world, just as it is
the spirit of a spiritless situation. It is the opium of the people. The
abolition of religion as the illusory happiness of the people is
required for their real happiness. The demand to give up the illusion
about its condition is the demand to give up a condition which needs
illusions.”
Karl Marx, Critique of Hegel’s Philosophy of Right
ඉතින් මිනිස්සුන්ට රිද්දන්න නම් ජාතිය සහ ආගම හැර තවත් මොනා ද? යුද්ධ ඇති කරන්න නියම ආයුධ….
-
Can't belive said
January 22, 2011 at 3:25 pm
වේදනාව නසන්න යොදා ගත්ත “අබිං“ පස්සෙ කාලෙක ව්‍යාපාරයක් දක්වා ගෙනල්ලා
සල්ලි හොයපු සල්ලි හොයන මිනිස්සු ඉන්නව වගේ තමයි ආගම දහම මගින් සිතට සහනයක්
සොයන මිනිස්සුන්ගේ සිතුවිලි ව්‍යාපරයට යොදව ගන්න අය ගැන කුමන කතා ද?
මිනිස්සු ආගම වෙනුවෙන් කතා කරනවා… ආගම වෙනුවෙන් නැගී සිටිනවා.ආගම
වෙනුවෙන් සටන් කරනවා… ඒත් නොකරන එකම දේ තමයි හරියට ආගම අදහන්නේ නැති එක….
ආගමත් , දර්ශණයත් වෙනස් ද?
සුර්ය වන්දනාව ගැන කතන්දරයක් මේ ලගදි කියෙවුව වගේ මතකයි…ශාස්තෘ වරුන් හැමදෙනාම ආගම් හදනව ද? දර්ශණ හදනව ද?
-
sujeewa said
January 22, 2011 at 7:02 pm
ටැබූ;
හොඳ මාතෘකාවක්. මේ වගේ දේවල් ඔප්පු කරන කොට මිනිස්සු ගන්නේ එක පැත්තයි.
දැන් බලන්න චන්ද්‍රසේන ඇමතිතුමා ඔප්පු කළා මේ ගංවතුර අපට ආශිර්වාදයක්
කියලා.
අනික මිනිස්සු දැක්කේ නැහැ සුනාමියෙන් හැම පිළිමයක් ම බේරුනා කියලා.
කතෝලිකයෝ කියනවා ඒ ගොල්ලන්ගේ පිළිම සෙට් එක බේරුනේ ඒ දහමේ සත්‍යතාවය නිසා
කියලා. බෞද්ධයෝ ත් එකම කියනවා. මට හින්දු කෙනෙක් හමු වුනේ නැහැ මෙහෙම කියන,
සමහර විට කෙලින් ම රල්ල්ල වැදුණු උතුරු නැගෙනහිර පිළිමත් කුඩු වෙන්න ඇති.
බොටම් ලයින් එක. සියලු පිළිම සුරැකීමෙන් මිනිසුන්ට තේරෙන්නේ ඕනේ මේක
ආගමක ප්‍රශ්නයක් නොවේ, පිළිම නිර්මාණය කරන හැටියේ ප්‍රශ්නයක් කියලා.
සුරැකුණු පිළිම අතරේ බන්ඩාරනායක වගේ අයත් හිටියේ.
දැන් මේ හාමුදුරුවන් ගැන මට කියන්න තේරෙන්නේ නැහැ. සමහර විට හොඳ කෙනෙක්
වෙන්න ඇති. ඒත් කට්ටිය කියන හැටියට නම් මට තේරෙන්නේ අනවශ්‍ය මිත්‍යා
පතුරන්නෙක් හැටියට.
අපේ මිනිස්සුන්ට බුදු රැස් වලින් වත් මට්ටු නොවුණු ආශ්චර්ය පිස්සුව නම් මහා විහිළුවක්.
-
Lassanagama said
January 23, 2011 at 8:28 pm
If you have seen the bolg of Kiribathgod Gnanaloka Hamuduruwo or had
listened to his DHAMMA SERMONS – like Jara SUTHRAYA – etc ( there are
about 100 sermons in his web) you would not write like this.
When others write useless blogs ( not benificial to the poerson
writing nor to others reading) this monk had tried for along time to
tell people how to live right. ( Dharma Deshana).
Every thing happens for a reason – and it is destined to happen – and
if you dislike Buddisum read MAHABARATHA or BAGAWATH GEETA, for even
for a simpler understanding of some religion.
If people are less educated it is easy to renounce bigger things.
For an example :
( Like a small ant – if it is given a small lump of Sugar ( by a person)
it would never have the mental capacity to understand there is bigger
and a larger human – (stronger than the ANT and have the ability to feed
it or destroy it by single action. )
මේ හාමුදුරුවන් ගැන මට කියන්න තේරෙන්නේ හොඳ කෙනෙක් හැටියට.