Posted by Taboo on March 13, 2009

මහනුවර දළදා
මන්දිරයෙහි කරඬුවක් තුළ බහා ගෞතම බුදුන්ගේ උඩු හනුවේ දඩයම් (රදනක) දත කැයි
හුදු අන්ධ විශ්වාසය මිස අන් කිසි සාක්ෂ්‍යයක් නැති, කිසිදා කාබන් කාල
නීර්ණයකට බඳුන් කොට නැති, අඩු තරමින් කාබනික හෝ අකාබනිකද යන වග වත් නොදන්නා
කුඩා වස්තුවක් ඇතැයි මම අසා ඇත්තෙමි. මේ කුඩා වස්තුව මහජන ප්‍රදර්ශනයට
තැබූ කල්හි මහා වැසි වසිතැයි මෙරට යම් ජන පිරිසක් මිථ්‍යා විශ්වාසයක එල්බ
ගෙන සිටිති.
මේ මිථ්‍යා විශ්වාසය ඇරැඹුනු හැටි රජයේ සිළුමිණ පුවත්පත වාර්තා කරන්නේ මෙසේය:
වර්ෂ 1818 – 1827 යන කාල වකවානුවේ ඉංගී්රසි ආණ්ඩුව දළදා පෙරහර හෝ දළදා ප්‍රදර්ශන පැවැත්වීම සම්පූර්ණයෙන් ම තහනම් කොට නියෝග පනවා තිබුණි.
වර්ෂ 1827 – 1828 යන කාල වකවානුවේ දිවයින පුරා දැඩි නියඟයක් පැවැතුණි.
මේ නියඟයෙන් ඇළ දොළ ගංගා සිඳී භවභෝග විනාශ වී වසංගත රෝග දසත පැතිර ගියේය.
මෙයට මූලික සැලැකිය යුතු කාලයක් දළදා පෙරහරක් හෝ දළදා ප්‍රදර්ශනයක් (දළදා
පින්කම) නොපැවැත්වීම යන අදහස ගිහි පැවිදි සියලු දනන් අතර මුල් බැසගෙන
තිබුණි. එබැවින් භික්ෂුන් වහන්සේලා හා උඩරට නායකයන් විසින් මේ වග
ඉංගී්රසි ආණ්ඩුකාරවරයා හට දන්වා සිටින ලදී. ඒ අනුව ශී‍්‍රමත් එඩ්වඩ්
බාන්ස් ආණ්ඩුකාරවරයා විසින් වර්ෂ 1828 මැයි මස 29 දින යෙදුණු වෙසක් පුන්
පොහො දින දළදා ප්‍රදර්ශනයක් සහිත දළදා පෙරහරක් පැවැත්වීමට නිල අවසරය ලබා දුන්නේය.
ඒ අනුව වර්ෂ 1828 මැයි මස 29 වන දිනට යෙදුණු වෙසක් පුන් පොහෝ දින පවත්වන ලද දළදා පෙරහර හා දළදා ප්‍රදර්ශනය (මෙය වූ කලි ඉංගී්රසි ආණ්ඩුව යටතේ පවත්වන ලද පළමු දළදා
ප්‍රදර්ශනය ලෙස ඉතිහාසගත වේ.) අවසානයේදී මහනුවර ප්‍රදේශයට ඇදහැලුණු මහා
ධාරානිපාත වර්ෂාවෙන් මුළුමහත් නගරයම ජලයෙන් යටවූ බව කියැවේ. මේ මහා
ධාරානිපාත වර්ෂාව මින් පෙර නොවූ විරූ එකක් වූ අතර දිගු නියඟය අවසන් කිරීමේ දළදා ප්රාතිහාර්ය මහජනතාව විසින් හඳුන්වන ලද්දේ ‘දළදා වතුර’ යන නමිනි. (වර්ෂ 1925 දී දළදා වතුර යන නමින් කවි 158 කින් යුතු වූ පද්‍ය සංග්‍රහයක් ද රචනා විය.)
(http://www.silumina.lk/punkalasa/20090308/_art.asp?fn=ar09030811)
පෙරහැරේ ඇති සහ-සම්බන්ධතාවය කෙසේ වෙතත් මේ වර්ෂාව සිද්ධියක් හැටියට
බොරුවක් නොවෙතැයි සිතමි. නුවර වැව උතුරා පිටාර යන කළු සුදු ඡායාරූපයක් උඩරට
හෝටලයකදී ලේඛකයා දැක ඇත. මේ සත්‍ය සිද්ධිය මිථ්‍යාවක් බවට වර්ධනය වීම
කණගාටුදායකය. (දැඩි නියඟයකින් පසු කොහොමත් දැඩි වැහි වහින්නේ ගොරවාගෙනය.
දීර්ඝ නියං සමය තුළ වායුගෝලයට එක්වූ මහා ජල වාෂ්ප ප්‍රමාණය යළි පොළොවට පතිත
විය යුතු නිසාය. එහි කිසිම අරුමයක් නැත.)
ගෞතම බුදුන් දශක අටක තම ජීවිත කාලයෙන් වැඩි හරියක් මිථ්‍යාවට එරෙහිව
සටන් කළ ශාස්තෲවරයෙකි. එවැනි දාර්ශනිකයකුට අපට අද කළ හැකි ලොකුම ගෞරවය
තවදුරටත් ඔහුගේ නමින් මිථ්‍යාවන් ගොඩ නැඟීම වළක්වා ලීමය. වාසනාවකට කාලගුණ
විද්‍යා දෙපාර්තමේන්තුව ඒ කාර්යයෙහිලා අපේ සහයට පැමිණ ඇත්තේය.
මෙහි පහත පැනෙනුයේ (රූපය 1) 2009 මාර්තු මාසයේ දළදා
ප්‍රදර්ශනය ආරම්භ කළ මුල් සතියේ දිවයිනේ තෝරාගත් ප්‍රදේශ කිහිපයක වර්ෂාපතන
අගයන්ය. මහනුවර එහි සඳහන් නොවතුදු ඊට ආසන්න කටුගස්තොටට මිලිමීටර් 19.5 ක
වර්ෂාපතනයක් ලැබී ඇත. මේ කිසිම දළදා
ප්‍රදර්ශනයක් නොපැවැත්වුනු අනුරාධපුරයට මිලිමීටර් 48.5 කත්, මහඉලුප්පල්ලමට
මිලිමීටර් 44.4 කත්, නුවර එළියට මිලිමීටර් 33.3 කත්, ත්‍රිකුණාමලයට
මිලිමීටර් 77.5 කත් වර්ෂාපතනයක් ලැබෙද්දීය.
ඉන්පසු අප සලකා බැලිය යුතු එකම කාරණය මිලිමීටර් 19.5 ක වර්ෂාපතනයක්
මාර්තු මාසයේදී මහනුවරට අසාමාන්‍යද යන්නය. මාර්තු මාසයේ මහනුවර වර්ෂාපතන
අගයන් සංචාරක වෙබ් අඩවි වලින් සොයා ගත හැකිය. ඉන් එකක දැක්වෙන හැටියට එය
මිලිමීටර් 89.5 කි. (රූපය 2 බලන්න.) මේ අනුව සතියක සාමාන්‍ය වර්ෂාපතනය
(89/31*7) මිලිමීටර් 20 කි.
තවත් මොන කතාද? ලැබී ඇත්තේ සාමාන්‍යයෙන් ලැබිය යුතු මිලිමීටර් විස්සකට කිට්ටු වර්ෂාපතනය විතරය. එය දශමයකින් හෝ වැඩි කිරීමට දළදා ප්‍රදර්ශනයට හැකිවී නැත.
මේ හරයක් පදනමක් නැති මිථ්‍යා වලින් සිදුවන්නේ විසි එක වන සියවසෙහි බුදු දහමට ලැබිය යුතු ගෞරවය නොලැබීයාම විතරය.
බුදු දහමට හිතැතියෝ මේ මුග්ධ මිථ්‍යා විශ්වාස වලින් එය නිදහස් කරත්වා!

රූපය 1

රූපය 2
This entry was posted on March 13, 2009 at 5:39 pm and is filed under Uncategorized.
Tagged: දළදා ප්රරදර්ශන, දළදා පෙරහර, දළදා මන්දිරය, දළදා වතුර, මිථ්‍යා විශ්වාස, වර්ෂාපතන, සිළුමිණ, Buddhism, Dalada Vathura, Kandy, Myth, Rainfall, Temple of Tooth Relic, Tooth Relic. You can follow any responses to this entry through the RSS 2.0 feed.
You can leave a response, or trackback from your own site.
-
March 13, 2009 at 6:53 pm
නියමයි… අපි හිතල අතඇරල දාන ඒව සේරම හොඳට කියල. දත්ත වාර්තා සේරම එක්ක
තියෙන එක සෑහෙන්න වැදගත්. තව පොඩ්ඩෙන් අපි රට වටේ දළඳා ප්‍රදර්ශණ තියෙනවා.
-
Used Time said
March 13, 2009 at 6:59 pm
I agree with you to a certain point. I’m also not a strong believer
of these kind of things. And I see no point in standing in queues for
almost a day to see the tooth relic for 1 or 2 minutes.
But there is another perspective. However you criticize these things
you should know that these are the cultural aspects of our present sri
lanka. These are the kind of things that help the normal crowd to keep
their heads up, to have a hope, continue their lives with hope. And
revealing this would not help them. They will either classify you as an
NGOman or understand this and lose hope. And hope is not something you
should lose. You must know that each and everyone of us is not capable
of getting rid of this misery according to Buddhism. But it doesn’t mean
that all the rest should lose interest in living.
Every man and woman, even the poorest beggar hopes to see this war
ended. And to tell you I don’t believe in its end until I see it ended. I
have my own doubts and stuff about the war. And we know that the
situation is not what it seems to be. But explaining the real situation
to a government worker who is exhausted from working to earn money for
the war is not going to help. Try other people. It is not going to help
them. This is similar to that.
With that I must tell you, this is some strong shit man =D
-
ටී. බී. උනන්තැන්න said
March 14, 2009 at 4:28 am
මේ කතාව ඇත්ත. තියෙන්නෙ ඇත්තටම බුදු හාමුදුරුවන්ගේ දළදාවද කියලා අපි
දන්නේ නැහැනේ. උදාහරණයක් විදියට යේසුස් වහන්සේව ඇණ ගහලා මරලා කුරුසයෙන්
බාපු වෙලාවේ සිරුර එතුවාය කියන ටියුරින් සිරි සලුවත් ඒතරම් පැරණි නෑ කියලා
කාබන්-14 පරීක්ෂණ වලින් එළි වුනා. මේකත් එහෙම වෙන්න බැරි නෑ.
ඇත්තටම ඕක දේවදත්තයගේ දතක් වෙන්නත් පුළුවන්. අපේ ගොන් වහන්සෙල ඉතින්
ගිහින් වඳිනවා. ඇයි හැම පුරා වස්තුවකටම වගේ මේකටත් කාබන්-14 පරීක්ෂණ
නොකරන්නේ?
-
March 14, 2009 at 4:41 am
කාබන් කාල නිර්නය හරි කියල හරියටම කොහොමද කියන්නේ ඔකට තමයි කියන්නේ මේ
ඉගෙනුම් ක්‍රමය තුල බටහිර රාමුවට කොටුවුනා කියන්නේ දන්ත ධතුව ගැන මම කතා
කරන්නේ නැහැ මම එක ඇත්ත කියල මම දන්නව. මොකද මට මොකෙක් හරි කිව්වොත් මගේ
තාත්තා ඇත්ත තාත්තා කියල මම DNA චෙක් කරන්න යන්නැ මට මගෙ විශ්වසය වැදගත්
ඔය හොයන ක්‍රමවෙදයට වඩා. එක කලෙන් කලෙට වෙනස්වෙනව ඉස්සර විශ්වය ඊතර යක
ගිලිල කියල කිව්ව ඔක කියල මහචාර්ය වරු වෙච්ච අය හිටිය දැන් රික්තක කතාවක්
හෙට වෙන එකක් ආලොකය අන්ශුමය කියන්ව , නැ කියනව , දෙකම කියනය කොකද හරි? ඔය
ඇමරිකවේ ඩොලර් කොලේ අපි දෙවියො විශ්වස කරනව කියල ගැහුවේ කබන් කීවෙනි
සමස්තනිකයෙ පරික්ශනයෙන්ද ? ඔය X කන්ඩයම ගැහුව පොතක් බුදුහාමුදුරුවො ගැන
එයාල හිතුව අර සලමන් රශ්ඩිට වහේ කන්න බොන්න එක්ක විසා එකක් හම්බුවේයි කියල.
එකට ඉතින් අපේ අය කුලප්පු වෙන්න එපැයි! අපේ අය කලේ කවුරුත් එව විවෙචනය කලේ
නැහැ මම වත් පොතේනම කාටවත් නැ. ඒ අපේ රටේ හැටි.
ඔබගේ “බුදු දහමට හිතැතියෝ මේ මුග්ධ මිථ්‍යා විශ්වාස වලින් එය නිදහස් කරත්වා!” යන එකයි ලිපිය පටන් ගන්න කොටස “මහනුවර දළදා
මන්දිරයෙහි කරඬුවක් තුළ බහා ගෞතම බුදුන්ගේ උඩු හනුවේ දඩයම් (රදනක) දත කැයි
හුදු අන්ධ විශ්වාසය මිස අන් කිසි සාක්ෂ්‍යයක් නැති, කිසිදා කාබන් කාල
නීර්ණයකට බඳුන් කොට නැති, අඩු තරමින් කාබනික හෝ අකාබනිකද යන වග වත් නොදන්නා
කුඩා වස්තුවක් ඇතැයි මම අසා ඇත්තෙමි. මේ කුඩා වස්තුව මහජන ප්‍රදර්ශනයට
තැබූ කල්හි මහා වැසි වසිතැයි මෙරට යම් ජන පිරිසක් මිථ්‍යා විශ්වාසයක එල්බ
ගෙන සිටිති.”
පොඩි ප්‍රශ්නයක් තියනව ඔබ කියන්නේ දලදාව අතුලු සියලු දෑ ඔබගේ කබන් වඩේ
කරල ,හරි නම් ඒ වට වැදල බෞද්ධ වෙන්න කියලද්? උගත්කම , බුද්ධිය විතරක්
නෙවෙයි ප්රඥව තියෙන්න ඔනි සමබර මනුෂයෙකුට ඔය බටහිර රමුවේ ඉන්න අයට වැඩිපුර
මානසික ලෙඩ වැඩ්යි. දැන් ඒ අය ගොඩක් ආගමකට නැබුරු වෙනව. ඔය ට්වි එකේ
හාමුදුරුවන්ට වැඩිය ඒ අය ධර්මය කතා කරන එක වැඩි වෙලා.
-
Elvis said
March 14, 2009 at 7:29 am
@Muthunayake,
අපේ රටේ වැඩිම මානසික රෝගීන් සංඛ්‍යාවක් සිටින්නේ මේ සිංහල බෞද්ධ යැයි
කිය ගන්නා ජාතික චින්තනකාරයන් අතරය. මුන්ගේ ගුරා නලින් ද සිල්වා අරගෙන
බලන්න. ඊට වඩා මානසික රෝගියකු මේ විශ්වයේ වත් සිටීද? මුගේ පිස්සුව කොයි
තරම් සීරියස්ද යත් මුගේ නායකත්වයෙන් යුත් කැළණිය විශ්ව විද්‍යාලයේ නපුංසක
පර්ශදයට ඇති ලොකුම ප්රශ්නය ගෑනු ළමයින් අඳින්නේ මොනවාද යන්නය. මුන්ට අනුව
සමහර ඇඳුම් අඳින්නේ ගණිකාවන්ය. නලින් ද සිල්වා ගණිකාවන් ගැන දන්නේ ඔවුන්
කිට්ටුවෙන් ඇසුරු කරන නිසා විය හැකිය. තමන්ගේ බිරිඳගෙන් තෘප්තියක් නොලබන
නිසාදෝ මුන්ට අනෙක් ගෑනු ගැන විශේෂ උනන්දුවක් ඇති වී තිබේ. ළඟදීම මුන්
සේරටම බෙහෙත් දෙන්නට කැළණිය විශ්ව විද්‍යාලය නුදුරින් ‘ජාතික චින්තන මානසික
ආරෝග්‍ය ශාලාව’ කියා ඉස්පිරිතාලයක් පටන් ගන්නට වෙනවා ඇත.
-
December 10, 2009 at 5:11 pm
@Muthunayake
ඔබගේ අදහස් සමඟ එකඟ වෙමි. මෙය ඔබට නොව අනෙක් කටමැත දොඩන අයට දෙන
පිළිතුරකි. බෞද්ධ දර්ශනය බොහෝසෙයින් විවෘත දර්ශනයකි. (බැන්නාට අපායේ යෑමක්
හෝ දෙව්ලොව අවහිර වීමක් සිදුනොවේ. පන්සල් නොගියාටද එසේමය.) බෞද්ධ දර්ශනය
මනාව පැහැදිලි කරදෙන පරිදි මිනිසා ඇතුළු අපට පෙනෙන සත්ව කොටස් වලට අමතරව
දෙවියන්,යක්ෂයින් වැනි වෙනත් පිරිස් ද මේ විශ්වයේ ජීවත් වේ. මේ පිරිස්
අතරින් කොටසක් හොඳ හොඳ ලෙසින් දැන එය පිළිගන්නා බවත් හොඳ කරන අයව ප්‍රිය
කරන බවත් හොඳ කරන අයව ආරක්ෂා කරමින් ඔවුන්ගේ යහපතට උරදෙන බවත් ධර්මයේ
දැක්වේ.(හොඳ යනුවෙන් අදහස් වන්නේ මොනවාදැයි දැනගත යුතු නම් අඩු තරමින් මංගල
සූත්‍රයවත් කියවිය යුතුය.) එසේම තවත් පිරිසක් අකටයුතුකම් හොඳ දේ යැයි
වරදවා වටහාගෙන අවැඩ ම ප්‍රිය කරයි. එසේ කරන අයව ප්‍රිය කරමින් ඔවුන්ව
ආරක්ෂා කරයි.
දන්ත දාතූන් වහන්සේ මෙතැනදී අනෙකුත් බොහෝ දෙනා අදහස් කළ පරිදි ම දතකි.
එයට එසේ කී විට වස් වදින්නේ නැත. (ඒ බෞද්ධ දර්ශයේ ඇති නිර්මල ස්වභවය නිසාය.
කෙනෙකුට අවශ්‍ය නම් ඕනෑම පරීක්ෂණයක් සිදු කරගත හැකිය. එයින් බෞද්ධ
දර්ශනයටවත් අනුගාමිකයන්ටවත් සිදුවන වෙනසක් නැත. එයට හේතුව අන්‍යාගමිකයන්ට
හෝ බුදු දහමයැයි කියා හතරවටේ අතගාන අයටවත් තේරැම්ගැනීම අපහසු වනු
ඇත.)බෞද්ධයන් දන්ත දාතූන් වහන්සේ වන්දනා මාන කරන්නෙ දතකට වඳින ලෙසින් නොවේ.
එහිදී සිහිකරන්නේ බුදු රජානන් වහන්සේගේ අප්‍රමාණ වු ගුණ සමුදායයි. බුද්ධ
ශාසනයේ හෝ බුද්ධ ධර්මයේ ඉදිරි පැවැත්ම උදෙසා සිදුකරන ආමිස පූජාවක් ලෙයින්
මෙය සැලකිය හැකිය. මෙවන් ආමිස පූජාවන් නිසා සිත් සතුටු වන දෙවි දේවතාවන් තම
සතුට ප්‍රකාශ කරන එක් ආකාරයන් ලෙසින් වැසි වැස්සවීම දැක්විය හැකිය.
(දෙවියන්ගේ සිත් සතුටුවන්නේ ආමිස පූජාවන්ගෙන් පමණක් නොවේ.)
ලංකාවෙන් පිට ලෝකයක් දැක නැති ලිඳෙ මැඬි සම්ප්රදාය අනුගමනය කරන අය
දන්නනේ නැති වුණාට ලංකාවේ සමහර කාන්තාවන් අඳින්නේ විදේශ වල ගණිකාවන් අඳින
ඇදුම් බව දන්නෝ දනිති. මේ විගඩම් ඇදුම් උගුලට අහුවන්නේ හුඟක් ගමෙන් නගරයට
ආපු අය වීම තමයි දුක.
ඇඳුම අපේ ජීවන රටාව පෙන්නුම් කරයි. තමා කවුරැදැයි සිතන ආකාරයට අනුව
එකිනෙකා ඇඳුම් පැලදුම් රටාවක් තෝරා ගනී. එසේම බුදධිමතා අවස්ථාවට අනුවත් තම
ඇඳුම් රටාව සකසා ගනී. අඳබාලයෝ ඒවා නොදනිති. එනිසාම ඒවා නොතකා විකාර ම කරති,
කියවති.
මා ඇසුරැ කරන බොහෝ විදේශිය පුද්ගලයන් විටෙක අපටත් වඩා ප්‍රතිපත්ති ගරැක,
ශිලාචාර අයබව මම දැත ඇත්තෙමි. ඔවුන්ගෙන් යහපත් දේ ඉගෙන ගැනීමට හැකිවු අතර
ඔවුන් කිසිවිටෙකත් තමන්ගේ රටට, ජනතාවට, ජාතියට, ආගමට අපහාස – උපහාස කරනු
දැක නැත්තෙමි.
කෙලින් කතා කළාට පින්.
!!! ජය ශ්‍රී !!!
-
jazz said
March 6, 2010 at 5:42 am
තමන් කියන දේවල් අනෙක් අය තර්ක විරහිතව පිළිගත යුතු යැයි මේ ජාතික චින්තනකාරයන් සිතා සිටිති
-
ටී. බී. උනන්තැන්න said
March 14, 2009 at 4:54 am
ඔව්, ලෝකෙ තාම පැතලියි කියලා හිතන හරක් ඉන්න කොට මේව එච්චර දෙවල් නෙවෙයි. http://www.theflatearthsociety.org/forum
ඇස් නැති එවුන්ට ඇස් දෙන්න ලේසි නෑ.
මට තියෙන ප්‍රශ්නෙ ඇට්ටි හැලෙන්න බටහිරට ගහන අයියලත් Profile Picture
එකට ටයි කෝට් දාගෙන ඉන්නේ මොකද කියලා. හීන මානයද එහෙම නැත්නම් ඊට වඩා දේශීය
ඇඳුමක් (අමුඩය වගේ) හොයා ගන්න බැරි වුනාද?
-
March 14, 2009 at 8:16 am
බටහිරට ගහන එකයි වැරදියි. අපි ඒව පවිච්චි කරනව. නැත්නම් මේ බ්ලොග්
ලියන්න , පිටරට කොම්පනියක වැඩකරන්න හම්බවෙන්නැ මගේ අදහස බටහිර වත් කරන්නැති
වැඩ අපේ අය කරනව. බටහිර ගණිකවො අදින ජතියේ ඒව තම්යි අපේ කෙල්ලො වැඩිපුර
අදින්නෙ හොද ගන්නව අඩුයි මම ඒ අය එක්ක වැඩ කරන අද්දැතැකිමෙන් කියන්නේ
මේ ලගදි ව්දෙශිය කට්ටියත් එක්ක පාටියක් තිබ්බ ගල්කිස්සේ බීච් හොටලයක අපේ
එක්කෙනෙක් පොල් අරක්කු බොතලයක් මේසෙන් තියල ඒ අය බිව්ව හොටල් එකේ මැනේජර්
කියපි ඒව තහනම් පිටරට එව පමන්යි
කියල සුද්දට මල පැනල ඌ අහනව යොකො තොගෙ රටට අවේ උබලගෙ එව බොන්න ඔව මම වතුර ගානට බීල තියනව කියල ඌ අපිට හිනාවෙනව. ඉට පස්සේ මැනජර්ට කිව්ව වතුර බොතලයත් පිටරට එකක් ඔනිකියල.
-
යූත් මැක්ස් said
March 14, 2009 at 12:56 pm
@muthunayake,
1. ඔබ බටහිර ගණිකාවන් අඳින පළඳින දේවල් ගැන ඔතරම් දන්නේ අත්දැකීමෙන්මද?
2. කෙනකුගේ ගතිගුණ අඳින ඇඳුමින් තීරණය කළ හැකිද?
3. අපේ රටේ (කොටසක් වත්) ගණිකාවන් අඳින්නේ සාරි-හැට්ටය. ඔබේ මවද
සාරි-හැට්ට අඳිනු ඇතැයි සිතමි. මේ නිසා කවුරුන් හෝ ඔබේ මවද ගණිකාවක් සේ
අඳින බව කිව්වොත් ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
-
muthunayake said
March 16, 2009 at 6:47 am
to max
1.යමක් ප්‍රකාෂ කිරිමට එය කර හො විද අද්දැකීම් ගන්නා ක්‍රම වේදයක් ඇත සමහර
දෑ වලට එයට යාම අපහසුයි අපේ මහාචාර්යවරයෙක් හිගන්නො ගනිකවො ගැන පර්යෙෂණ
කලා. ඒඩ්ස් රොගියකු ගෙන් තවත් කෙනෙකුට බොවෙන හැටි මම ඇතුලු බොහොදෙනෙක්
කියන්නේ ඔබගෙ 1 වෙනි ප්‍රශ්නයට උත්තර මොකක්ද කියල මම කියන්න ඔනි නැහැ
2 අදින ඇදුමෙන් ගතිගුණ කියන්න අමරුයි ඒත් දිගුකාලින නිරිශණයකින් යම්
තොරතුරු අනාවරනය කරගත හැක. විශේෂයෙන් පිලිවෙල පිරිසිදු කම කරන රැකියව ධනවත්
කම වගේ සරල දෑ වල සිට මානසික රොග දක්වා ආනාවනය කරගත හැක. පොලිසිය මෙව
පාවිච්චිකරනව. මම අදහස් කරන්නේ කරන්නේ මිනිස්සු බටහිර කියල හිතාගෙන ඉන්නේ
වෙන ලොකයක්. ඒ අයගේ ගොඩක් අය අපි වගේම පිලිවෙලට කියල සම්මත දෙවල් ලමයිට
උගන්නල අම්ම තත්ත බලාගෙන ඉන්නේ ඇත්ත තමයි අපේ වගේ රට වලට ඇවිල්ල සමහර අය
බගෙට ඇදගෙන ගන්ජ කුඩු ගහගෙන පිස්සු කෙලිනව. එක බලල අපෙ බහුතරය එක කරනව
හැබැයි එකදෙයක් තියනව ඇදුමෙන් ගතිගුන තිරනය කිරිම කෙසේවෙතත් බලන් ඉන්න උදවිය ගේ ගති ගුන එලියට එන එක තිරනය කරනව
3 මෙය ඔබෙ මවද මගේ මවද ප්‍රශ්නයක් නොවේ. මගේ ප්‍රශ්නයට පිලිතුර ඔබදි ඇත.
බටහිර ගනිකවො එහෙම අදින්නේ ගනුදෙනු කරුවො අල්ලගන්න අපේ අය ?? අනික ඔය ඔබෙ
මවද මගේ මවද ගණිකාවද අදින සාරිය එකම උනාට ගනිකාවක් අදුරගන්න පුලුවන්
ක්‍රමය අපේ රටෙදි ඇදුම් නොවන බව කලින් කියවුනා. හැබැයි සුද්දො අපේ
ත්‍රිවිල් මල්ලිලට පෙන්නලා ඉල්ලන්නේ අපේ එහෙම ඇදගෙන ඇත්තටම හොද නන්ගිලාව
-
සාගර said
March 14, 2009 at 5:36 am
මම Used Time හා එකඟ වෙමි.
මේ රටේ පමණක් නොව ලෝකයේද ඕනෑ තරම් මෝඩයෝ සිටිති. මිත්‍යා විශ්වාස
කියන්නේ ආගමික විශ්වාස විතරක් නොවේ. උදාහරණයක් හැටියට X නැමැති දේශපාලකයා
අවංක රටට ආදරය ඇති හොර බොරු නොකරන්නෙකු බවද Y නැමැති දේශපාලකයා ඊට ඉඳුරා
ප්‍රතිවිරුද්ධ හොරකු වංචාකාරයෙකු බවද රටේ පොදු පිළිගැනීම වුවත් සත්‍ය තත්වය
ඊට ඉඳුරා වෙනස් විය හැකිය. කොයිතරම් ඇත්තක් වුවත් එවැනි මිත්‍යාවක් බිඳීම
පහසු නැත. කාශ්‍යප රජු සිය පියා මැරූ බවට කිසිම සාක්ෂ්‍යයක් නැතැයි
පරණවිතාණ ඔළුවෙන් හිටගෙන කිව්වත් රටේ බහුතරයක් තවමත් ඒ මිත්‍යාව පිළිගනිති.
ආගමික මිත්‍යා විශ්වාස එක්තරා වර්ගයක් පමණය. මේ මිත්‍යා විශ්වාස දුරු
කිරීමට කොවුර්ද, කාලෝ ෆොන්සේකාද කොයි තරම් උත්සාහ ගත්තද ඔවුන්ගේ උත්සාහ
සාර්ථක වී නැත. ඔවුන්ට නොහැකි වූ දේ එක බ්ලොග් එකකින් ලබා ගන්නට උත්සාහ
දැරීම ඥානාන්විත දෙයක් හැටියට මට නම් පෙනෙන්නේ නැත. එය අසාර්ථක උත්සාහයක්
විය හැකිය.
-
හැංගිමුත්තං said
March 14, 2009 at 12:22 pm
@ taboo
එල සටහනක් මචං. ඒත් ඕවා ලිව්වා කියල අපේ හරක්ගේ මළකඩකාපු ඔළුවලින් ඕවා අයින් කරන්න බැරිවෙයි.
-
malee said
March 14, 2009 at 6:23 pm
අනේ වාසනාවන්..! මේ විදියට හරි මිත්‍යාවෙන් තොර බෞද්ධ දර්ශණය නැවතත් හෙමින් හෙමින් මේ ලෝකයේ මිනිස්සුන්ගේ මොළ වලට ඇතුල් වෙච්චාවේ!
-
ම said
March 15, 2009 at 1:56 am
වැඩක් නැහැ බන් මේ රටේ ඉන්න මීහරක්ට මෙහෙම තියා ඔළුවෙන් හිටගෙන කිවුවත්
තේරෙන්නේ නැහැ. බුදුපිළිමවලින් රැස් විහිදෙනවා කියලා පොලිමේ ගිහින් බලපු
උන්නේ වැඩිපුර ඉන්නේ. බුදු දහමේ හරය මුන්ට වැඩක් නැහැ පඩ ෂෝ තිබ්බම ඇති
-
March 16, 2009 at 3:26 am
I agree with Used time. It just gives hope to people. But
personally, I wouldn’t go all the way to see it either. The Buddha
always expected us to have the Dhamma in our hearts, relic worshipping
in Sri Lanka maybe a cultural element but it’s not the real Buddhism is
it?
-
March 16, 2009 at 2:42 pm
I’m not arguing on this because there’s no point in it, they say it
belongs to Gauthama Buddha and we go worship it, case over. It doesn’t
matter what it is when we think something its all in the mind on the
other hand a tooth can exist 2500+ years, dinosaur bones exist to this
day…anyway here’s something you should know about averages,
take a look,
(5+6+7)/3 = 6
(0+2+16)/3 = 6
(5+6+7+8+9+10)/6=7.5
(0+0+0+15+14+16)/6=7.5
what does really matter? the average rainfall or the time that we get rain fall?
-
taboosubjects said
March 16, 2009 at 3:55 pm
@Madura,
You can be a blind supporter of anything, but do not expect others to be.
You ask: what does really matter? the average rainfall or the time that we get rain fall?
The average rainfall, because ‘Dalada Vathura’ is interpreted as
exceptional rainfall. So the myth is busted this time sadly to the
disappointment of few blind believers like you. Sorry.
-
March 17, 2009 at 5:49 pm
I don’t argue it is exceptional rainfall.
But I personally see that the rain start exactly same day on the exposition of tooth relic.
It was on 06th march . I don’t argue that the rain started due to a miracle.
This is the season where rain normally starting. But still there was a co-incident.
That is the special thing . Rain could have start on 05th or 07th.
I see similar incident once upon a time also. Cant remember the exact
year (should be 2002 – It was the last tooth relic exposition before
this time , Hon: Neranjan Wijeratne was the Diyawadana Nilame @ that
time ).
Here is my experiences
http://status-chanaka.blogspot.com/2009/03/blog-post_06.html
I tried to find the official rainfall details @ kandy during a period before 06th march
I could not. But I am pretty sure kandy did not get any rain fall for a
long time before 06th march. If you can find the rainfall details please
check & tell us what is the last date kandy had a rainfall before
06th march.
Still I don’t argue this is a miracle. If we need miracles from the
tooth relic there could happen lot of thing than raining for the sake of
our country.
-
taboosubjects said
March 18, 2009 at 1:20 am
@චානක,
ඉතාම හොඳ නිරීක්ෂණයක්. මට මේ ගැන මතයක් ඇත. අවාසනාවකට එය සනාථ කිරීම සඳහා දත්ත අන්තර්ජාලයේ නැත. එනිසා තවම එය අනුමානයක් පමණි.
අපි මෙහෙම හිතමු.
චන්ද්‍රිකා හා පරිගණක තාක්ෂණයේ දියුණුවත් සමඟ නිවැරදි කාලගුණ අනාවැකි
කීම ඉතාම පහසු දෙයක් වී තිබේ. මහනුවර ඇතුළුව ලෝකයේ බොහෝ නගර සඳහා අඩු
තරමින් සති දෙකක් ඉදිරියට කාලගුණ අනාවැකි කියන අඩවි අන්තර්ජාලයේ ඇත. මීට
වඩා කාලයක් ඉදිරියට අනාවැකි කියන්නට දත්ත කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ
ඇතැයි සිතිය හැකිය. ඊට අමතරව ඔවුන් පසුගිය අවුරුදුවල කාලගුණ හැසිරීම දනිති.
මේ නිසා රජයට අවශ්‍ය නම් දළදා ප්‍රදර්ශනයක් තියන්නට වැසි සමය ආරම්භ වන දිනය කල් ඇතුව ඉතාම ලෙහෙසියෙන් තෝරාගත හැකිය.
එවිට තවදුරටත් මේ සිදුවීම අහම්බයක් වන්නේ නැත.
-
March 18, 2009 at 3:52 am
රජයට අවශ්‍ය නම් දළදා ප්‍රදර්ශනයක් තියන්නට වැසි සමය ආරම්භ වන දිනය කල් ඇතුව ඉතාම ලෙහෙසියෙන් තෝරාගත හැකිය.
ඔව් එහෙම වෙන්නත් පුළුවනි. මිනිස්සුන්ගේ ජීවන වියදම අමතක කරවන්න පුලුවන් හැම නාඩගමක්ම නටනවනෙ.
වැස්ස හරියටම අහවල් දවසෙ පටන් ගන්නව කියන්න තරම් කාළගුණ විද්‍යාව දියුණු
ඇති. හැබැයි මිනිස්සු කියන්නෙනම් අපේ කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන
තරමක් කියන්නෙ බොරු කියලනෙ.
දළදා
ප්‍රදර්ශනයක් පටන් ගන්න හැම දවසෙම වහිනවද කියන එක මම දන්නෙ නැහැ. මීට
කලින් 2002 සිදුවීම මට මතක තියෙන්නෙ ඔට්ටුවක් අල්ලල පැරදිච්ච නිසා. 2002 දි
ඒ ඔට්ටුව අල්ලපු වෙලාවෙ මම වහින්නෙ නැහැ කියල ඔට්ටු ඇල්ලුවෙ ඊට කලින්
සෑහෙන දවසක් වැස්සෙ නැති නිසා කියල මතකයි. ඔට්ටුව ඇල්ලුවෙ ඒ පාර ප්‍රදර්ශනය
පටන් ගන්න කලින් දවසෙ රෑ.
ඒ ඇර සුද්දන්ගෙ කාලෙ වෙච්ච දෙයක් ගැන ලිඛිත සටහන් තියෙනවලු. හැබයි මේ
කියන මතය සනාථ කරන්නනම් ඒ දේවල් ප්‍රමාණවත් හා විද්‍යාත්මක නැහැ.
සාමාන්‍යයෙන් වහින්නෙ නැති කාලෙක දළදා ප්‍රදර්ශනයක් තියල බලන්න ඕනෙ.
තව දෙයක්, මම නුවර හිටියත් දළදා ප්‍රදර්ශනේ බලන්න ගියේනම් නැහැ.
දවසක්ම පෝළිමේ ඉඳල තත්පරයක් දෙකක් තමයි දළදා
බැලුවත් බලන්න වෙන්නෙ. එතන වඳිනව තියා හිතන්නවත් වෙලාවක් නැහැ. එතන
මිනිස්සුන්ට ඉස්සරහට යන්න අණදෙන විදිහ ප්‍රයිවට් බස් වල කොන්දොස්තරලටත්
හපන්. ඒ මදිවට අසාධාරණ විදිහට පෝළිම් පැනීම්, සමහර අයට විශේෂ වරප්‍රසාද
ලැබීම වගේ දේවල් දැක්කම ශ්‍රද්ධාවෙන් පිං කෙසේ වෙතත් ක්‍රෝධයෙන් පවුනම්
සිද්ධ වෙනව ඇති. මම මීට කලින් දෙපාරක් දළදා ප්‍රදර්ශන නරඹා ඇති අත්දැකීම් සහ මෙවර බලන්න ගිය අයගේ අත්දැකීම්.
බුදු හාමුදුරුවො ජීවමානව ඉන්නකොට කිසිම බාධාවකින් තොරව උන්වහන්සේව
දැකබලාගෙන තමන්ට තියෙන ගැටලු විසඳ ගන්න ඕනෙම කෙනෙකුට ඕනෙම වෙලාවක ඉඩ
තිබ්බලු. උන්වහන්සේව දකින්න දවස් ගනන් පෝලිමෙ ඉන්නයි, සීමිත වෙලාවක් හා දින
ගනනක් වෙන් කරල තිබ්බ බවක්නම් කොහේවත් සඳහන් වෙලා නැතුව ඇති මම හිතන්නෙ.
-
Pissu Poosa said
March 18, 2009 at 8:06 am
ඒයි Taboo අන්න බලාපන්, අර කසා පබ්බත ලියන උඩලමත්තේ නාමල් ‘කට් ඇන්ඩ් පේස්ට්’ අමරසිංහ කොලුවා උඹට ඇස්ටි හැලෙන්ඩ දීල තියෙන්නේ. දළදා වතුර
කෙසේ වෙතත් උඹට සුළු දිය පහ වෙයි උගේ පෝස්ට් එක දැක්කොතින්. නිකං
පුදුඉඩිකරිප්පු වලට පොකුරු බෝම්බ ප්‍රහාරයක් දෙනවා වගේ දීලා. මේං බලාපන්. http://kasapabbatha.blogspot.com/2009/03/blog-post_17.html
-
janaka said
March 19, 2009 at 4:49 am
දළදා ප්‍රදර්ශනයේ හාස්කම් කෙසේ වෙතත් ලෝකයේ සෑම සිදුවීමක්ම විද්‍යාවෙන් පැහැදිලි කිරීම ප්‍රායෝගික නැත.
-
March 20, 2009 at 5:14 am
Hey you idiot…Since there is no carbon dating done ….. you can’t say
its not lord buddhas tooth … i lived in kandy since i was born…i have
observed rains in every dalada show…as well at the end on perahar
“diyakapuma”..since don’t think you are so smart since you are educated
…there are things which we can’t explain in this world…plus don’t get
end up in hell…
-
Bambaradeniya said
August 25, 2009 at 2:28 am
Dear Poojitha,
I fully agree with you. Once I went to Kandy during Dalada Poojawa. I
was observing very carefully as I was told , their will be rain when
“Karanduwa” is opened to take the tooth relic out to display it to
general public.
It was to be opened at 11.45 am and right at that time I had to get
out of the car I was traveling to buy some food. To my surprise very
tiny drops of rain touched my face. ( they came out at once) and if I
did not get out of the Vehicle I would not have felt the tiny rain drops
on my face.
They were so small tiny drops , even Mr Ravi Masekorala who was
driving did not see it (even on his windscreen.) We were so happy that
day as we donated a “Atapirikara” and a Flag to Dalada Maligawa.
There are many thing in this world that cannot simply be understood, just by Carbon dating…………..
Kindly read ” Hu Siang Bramana wyrthanthaya” ( in Sinhala) or ”
Buddhist records of the Western World by Hiuen Tsiang written in AD 629″
( try page 56).
A Computer software cannot be judged by Carbon dating ….. but it can
easily make rain through its connected process……..well even Professor
Abiriddi Devakool can also make rain at the request of his
Government…………………he is known as the “Rain maker.”
-
Beetle said
December 12, 2009 at 6:11 pm
ධාතූන් වහන්සේලා ගැන මා කියවා ඇති දෙය සම්පිණ්ඩනය කිරීමට සිත්විය.
තථාගතයන් වහන්සේ ගේ ශ්‍රී දේහය ආදාහනය කළ පසු ලලාට ධාතුවය, දන්තධාතු
සතරය, අකුධාතු දෙකය යන ධාතූන් වහන්සේලා සත්නම ඒ සැටියටම ඉතිරි වූහ. ශරීරයේ
අනික් සියලු අස්ථිහු කුඩා ධාතු බවට පත්වූහ. ඒවායින් මහත් වු ධාතුහු මුං
පියලි පමණ වන්නාහ. මධ්‍යම ධාතූහු කඩ සහල් පමණ වන්නාහ. කුඩා ධාතූහු අබ ඇට
පමණ වන්නාහ. ඒවායින් මහා ධාතූහු රන්වන් පැහැ ඇත්තාහ. මධ්‍යම ධාතූහු සමන්
කැකුළු පැහැ ඇත්තාහ. කුඩා ධාතූහු මුතු පැහැ ඇත්තාහ.
මෙහිදී සඳහන් කලයුතු කරුණක් වන්නේ මෙය සත්‍ය වශයෙන්ම බුදුරජාණන්
වහන්සේගේ ධාතූන් වහන්සේ නමක් නොවූවද යමෙක් එයට වන්දනා මාන කිරීම
බුදුරජාණන් වහන්සේට ඇති අපරිමිත ගෞරවයෙන් බුදුරජාණන් වහන්සේ උදෙසා කරන්නක්
බැවින් වැඳුම් පිදුම් කිරීමේ පින ඒ තැනැත්තාට අඩුවක් නැතිව ලැබේ.එමනිසා
මෙහි කාලය නිර්ණය කිරීමට අවශ්‍ය විද්‍යාඥයෙකුට හැරෙන්නට ශ්රධාවන්ත
ශ්රාවකයෙකුට කාබන් පරීක්ෂණයක අවශ්‍යතාවයක් උද්ගත වනු නැත්තේමය.
දලදා වතුර
යනුවෙන් මෙහි සඳහන් වන දේ වැනි ප්රාතිහාර්ය දැක්වීම් ගැන අවබෝධ කරගැනීමට
උත්සාහා ගතහොත් ; ප්‍රථමයෙන්ම වටහා ගතයුතු කරුණ වන්නේ ධාතූන් වහන්සේ යනු
පිරිනිවන් පා වදාළ තථාගතයන් වහන්සේගේ ශ්‍රි ශරීරය ආදාහනය කිරීමෙන් පසු
නොදැවී ඉතිරි වුනු කොටස්ය. ඒවාට ධාතු යැයි කියනුයේ සත්ව පුද්ගල භාවයක් නැති
දැනීමක් නැති දෙයක් නිසාය. සත්ව පුද්ගල භාවයක් නැති ඒ ධාතූන්ට වැසි
වැස්සවීමේ හෝ ප්රාතිහාර්ය පැමේ උත්සාහයක් හෝ අදහසක් ඇතිවිය නොහැක. එබැවින්
ධාතූන් වහන්සේලා ප්රාතිහාර්ය පැමක් සිදුනොවේ.
තවද ධාතූන් වහන්සේලා යොදාගන්නා යම් කටයුත්තකදී ප්රාතිහාර්ය යනු සිදු
විය නොහැකි දෙයක් යනුවෙන් මින් අදහස් නොකෙරේ. බුදුරජාණන් වහන්සේ ජීවමාන
අවස්ථාවේ උන්වහන්සේ තම දියුණු කරගත් මනසින් ගොඩනගා ගත් සෘද්ධි බලයෙන් මේ
ධාතූන් වහන්සේලා සම්බන්ධයෙන් යම් කිසි ප්රාතිහාර්යක් වේවායි අධිෂ්ඨාන කර
තිබුණහොත් එය සිදුවිය හැකිය. මිනිසුන්ගේ ශ්‍රද්ධාව වැඩි දියුණු කිරීම පිණිස
සමහර සම්‍යදෘෂ්ටික දෙවිවරුන් විසින් ධාතූන්ගේ ප්රාතිහාර්ය දැක්විය
හැකිය.බලවත් සැදැහැවතුන්ගේ අධිෂ්ඨාන සත්‍යක්‍රියා වලින්ද සමහර අවස්ථා වල
ප්රාතිහාර්ය සිදුවිය හැකිය.
මෙම සඳහා පාදක කර ගත්තේ රේරුකානේ චන්දවිමල මහනාහිමියන්ගේ ධර්ම විනිශ්චය
ග්රන්ථයෙනි.අන් මතද විමසා යමක් අවබෝධ කරගැනීමට සිත් ඇති ස්රද්ධානුසාරී
බුද්ධිමත් පාඨකයින් වැඩිදුර විස්තර සඳහා එම පොත කියවත්වා.
-
March 7, 2010 at 9:35 am
මේ ලොකෙ හැම ආගමකම් ඔය විදියෙ විශ්වාසයන් තියෙනවා… මිනිස්සු ලොකය මොන
තරම් දියුනු උනත් එම විශවශයනුත් ජීවත් වෙනව… හැම දෙයක් ම විද්‍යාව දාල බොරු
කරන්න… ඔප්පු කරන්න ඔනි කියන එක මන් හිතන්නෙ නෙහෙ…
-
Dilan said
April 21, 2010 at 4:32 pm
අප දන්නා පරිදි දලදා ප්‍රදර්ශන ආරම්භ කරන්නේ මහනාහිමි වරු හා
නිලමේවරුන්ගේ අහිමත වේලාවට මිස කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුවේ හෝ රජයේ
බලපෑම මත නොවේ.
දලදා ප්‍රදර්ශනය දිනයේ ලංකාව පුරා වැසි වැටීමට පටන් ගත් බව එදා මුලු
ලංකාවම දැක්කා. පසුදිනයක ප්‍රදර්ශනය බලන්න ගිය මාහටද මේ අත්දැකීමට මුහුන
දෙන්න පුලුවන් උනා. හරියටම ප්‍රදර්ශනය ආරම්භකල වේලාවේ වැසි වැටෙන්න
පටන්ගත්තා. මේවා බටහිර විද්‍යාවෙන් තේරුම් ගන්න අපිට බැහැ. දලදා වහන්සේට
ප්රානය නැහැ ඒත් මේවගේ අසිරිමත් දේ සිදුවනවා නම් ඒවා අපිට විද්‍යාවෙන්
පහදන්න බැහැ කියලා ගරහන එක තරම් ගොන් කමක් තවත් නැහැ.
ඔබ එකදිනයකදී ලංකාවේ විවිධ ප්‍රදේශ වල වර්ෂාපතනය පෙන්නා කරන්නේ මුලාවකි. එම මාසය තුල දත්ත පෙන්නන්න.
කාලෝ ෆොන්සේකා, ඔබ ඇතුලු බොහෝ බක පන්ඩිතයන් ගරහන්නේ බෞද්ධ සංකෘතිය තුලවූ අංග වලට පමනයි.
මුස්ලිම්, ක්‍රිස්තියානි සමාජ තුල මීට වඩා කොතෙක් සමාජයට දරුනු ලෙස බලපාන අංග තියෙනවාද.
බෙහෙත් නොදී යාඤා කර මරන අහිංසක මිනිසුන් ගැන, තම ආගම පැතිරවීමේ ගිජු කම
මත ත්රස්තවාදයට උඩ ගෙඩිදෙන බිෂොප් වරු ඔබට පේන්නේ නැත්තේ මොකද කියා අපිට
නම් හොදට තේරෙනවා.
-
sujeewa said
September 7, 2010 at 5:34 pm
@Can Sri Daladaa cause rain?
Some facts are for Taboo.
- Generally in a tropical island, a long drought always means there
will be heavy rains. And we all know taht most droughts of South occur
in Jan-March [N-E monsoon] time. These Daladaa exhibitions are always
held at the very end of the drought in late march or april. We have to
expect rains by then anyway [there is no such yr in my mem that it never
rained in April May and June to south].
- I have heard of Dalada exhibitions quite often, but do not recall
similar reccord rainfalls every time. This shud be thoroughly studied
before jumping to conclusions.
- It did rain weeks before in most other parts of the country. If teh
whole south had no rains that is drought. But if one region was missed
out, taht is simple temporary misfortune. SL is a tiny island ans winds
and clouds are far bigger than the islands’s size.
Nevertheless, this needs more factual evidence.
@Rest of ideas
I don’t see a point.
- Ppl’s worship is for a religious preaching and Sri Dalada is a
symbol. It is imaterial how old it is, what it is, or whether there is
anything at all inside the temple.
- Faiths need not to be scientific, in fact faiths shud remain the same.
- Buddist literature or what we know as buddhism does not take this
kinda ashcharya stories to be lies. It has a place for such.
- Taboo’s idea of raising these topics is great, but I disagree with
his madbull targetting of popular and respected symbols like flags
relics etc. These articles shud be written with better discipline.
-
September 21, 2010 at 12:43 pm
Well, Let we know one thing. Did Taboo recongnize his father only by doing DNA test?
There is subject called “humanterian science” which are manily
concetrated on studying human behaviour, norms, values, traditions and
etc. In that subjects Religion is defined like this
“RELIGION REFLECTS BELIEFS AND BEHAVIOURS SHARED BY GROUP OF PEOPLE THAT CANNOT BE VERIFIED BY EMPIRICAL TESTS”
-
Taboo said
September 21, 2010 at 12:59 pm
@studyabroadsrilanka,
I do not need a DNA test to recognise my father because there is no
controversy. If there is any controversy I will surely go for one.
‘Buddhists’ believing about ‘Dalada Vathura’ without any evidence is
one thing. Them wanting others to believe too is something else.
- Taboo
-
September 21, 2010 at 1:05 pm
Well. Let we know one thing. Did Taboo recognize thiss father only through DNA test?
There is a subject called humanterian science which mainly
concentrate to study human behaviour, norms, values,attitudes, beliefs,
traditions, institutions and etc. In that particular subject Religion is
defined as like this
“RELIGION REFLECTS BELIEFS AND BEHAVIOURS SHARED BY GROUPS OF PEOPLE THAT CANNOT BE VERIFIED EMPIRICAL TESTS”
I guess that Taboo is intelligent enough to understand meaning of above definition.
Remember that there are many archeological evidence to existance of
LORD BUDDHA comparing to any other religion. If u take islam no any
archelogical evidence. It totally build on Quaran book and Mekka in
middle east. According to ur measurements those religions must be
completely false??????????????????
Finally I must say, that there are many things that cannot be
explained through science, for example Science cannot explain the UFOs,
Birmudar Triangle, How pyramids were built? How old civilations suddenly
vanished? how human DNA was largely developed when humans evolution
from AUSTRALOPITHFCUS to CROMAAGNAN and etc. Can Toboo explain all these
things?
-
Taboo said
September 21, 2010 at 1:23 pm
@studyabroadsrilanka,
I have partially responded. So here is the response for the rest.
1. There is not a single archeological evidence to prove Gautama
Buddha ever existed. Earliest archeological evidence of any Buddhist
civilization are traced to the period of Asoka, 2-3 centuries after GB.
2. I never said I believe in Islam.
3. Science is developed in stages. Science today explains many things
it could not explain in 1900s. Have an open mind. Just because there
are no scientific explanations it does not mean we have to develop
un-scientific ones.
- Taboo
-
September 22, 2010 at 12:30 pm
@taboo
From ur answer I could only understand that your answer was
completely different what I said. in Sinaha we called it “Yanne koheda
malle pol”. Let I explain one by one and I wish to start from your
number 2 answer and then answer number 1 & 3.
2. You said that you never said you accept the islam. I MUST SAY THAT
I ALSO NEVER SAID THAT YOU HAVE ACCEPTED ISLAM. WHAT I WANT TO EMPHASIS
IS COMPARING TO OTHER RELIGIONS, BUDDHISM IS BUDDISM HAS VALUES WHICH
CAN BE ADMIRED. See what I say
“…….comparing to any other religion. If u take islam no any archelogical evidence”
I clearly stated the words “if u take”—-it is means as an example but
it doesn’t mean u accept islam. If u take any other religion situation
is same. For example in christiayanity, they said after death people was
taken by god. But sciencetists proved “rebirth” is true with many
evidence but catholics never accept it. Comparing to “Dalala Wathura” it
is very bigger offence because it misguided humans’ mind. So being a
science minded person you have a big responsibility to explain to
catholics about the truth. So why could u write an article to explain it
to catholics? Like this there are many wrong points in several
religions and you could write thousands of articles nor barriers from
us.
(Now don’t say next time , you never accept cristiyanity. I mean
aiming one relion is very unfair. If u critisize religion you must be
able to condemn other religions in same tone)
1. This is answer for your number
In archeology, when it tries to prove past incident it uses several ways
like ruins, geographical evidence,historical documents, status, folk
stories and etc. For example India which is country with vast scientific
achievements uses Mahawansa of Sri Lanka to verify their historical
incidents. It is vary famous fact that Kingg Ashoka established a pillar
in the place where Lord Buddha was born. If you think logical Lumbini
gardens might be famous place in Lord Buddha’s era and no doubt there
were many people and Buddhists monks who visited there. So that King
Ashoka most probably able to identified correct place where Lord Buddha
was born. It was just two hundread years after Lord Buddha’s era. So
even the people in that area might know the place (just two generations
old). Another point is there were many “Arahath” Buddhist monks on that
time so even King Ashoka can ask for help from that monks to identify
exact place. As I mentioned earlier in archeology traditional folk
tales,grafiti and even pictures and prescoses are used. U know
“Tripitaka” which includes Piriths spelled by Lord Buddha. If Lord
Buddha didn’t exist it is very difficult to create such thing. On the
other hand there are various pictures through out the Asia about Lord
Buddha from Ajantha carved temples to Golden Pagoda in Burma. Thus
thousands evidences can be used to prove the existance of Lord Buddha.
BE OPEN MIND. ARCHEOLOGY DOESN’T MEAN SOME RUINS ON THE EARTH. IT BUILD
ON THE COMBINATION OF RUINS, HISTORICAL DOCUMENTS, FOLK STORIES,
FRESCOSES AND ETC.
See following link of UNESCO. This world renowed instituion has
identified the Lord Budda like this. I wish now u can identified it
becuase UNESCO has reconginzed it.
http://whc.unesco.org/en/list/666
3. I also accept science is developed in stages. There are things u
cannot describe in science in 90s but now u can explain and most
inportantly science is always changing. For example scientist might
describe something in different way than previous way. Scientists accept
they might be mistaken. I’m in very open mind and strong believe there
cannot perfects in the world. Even ur brain cannot detect all the
correct and incorrect things in the world for blogging. So the best
thing is to be humble enough to use science within limitations.
Finally what I can say is there are many harmful offences done by
other religions what can be critisized fro years comparing to “Dalada
Wathura” which doesn’t do harm to anything or anyone. I astonish why you
couldn’t write about unethical christanity covertion of buddists by
assembly of god which is hundred thousands harmful than “DALADA WATHURA”
I would like if you can think in a broaddan way. For example u
believe only ruins when it comes to archeology. Don’t be narrow minded
professor.
NKW