Posted by Taboo on March 23, 2009

අපේ රට තරම් අපේම ළමයින්ගේ අනාගතය ගැන උනන්දු වන එහෙත් අනුන්ගේ ළමයින්ගේ
අයිතීන් අපේ දේශපාලන අරමුණු වලට ලජ්ජාවකින් තොරව යටපත් කරන වෙනත් රටක්
තිබිය නොහැකිය. පිරබාහරන් ළමා
සොල්දාදුවන් බඳවා ගැනීමට අප සමාජයක් හැටියට විරුද්ධ පිරබාහරන් සමඟ ඇති
ආරෝවකට විනා දෙමළ ළමයින් ගැන ඇති කැක්කුමකට නොවේ. කරුණා හා පිල්ලයාන්
බුරුතු පිටින් ළමා
සොල්දාදුවන් බඳවා ගනිද්දීත් සිංහල සමාජය ඒ ගැන වචනයක් කතා කළේ නැත.
(බොරුවට ‘අවි’ භාර දුන්නද මේ ත්රස්තවාදීන් දෙදෙනාම තාමත් අවි දරති. එසේම ළමා
සොල්දාදුවන්ද නඩත්තු කරති.) තම දේශපාලන පක්ෂය සඳහා විකාශනාගාරයක් ආරම්භ
කිරීමට දෙන්නාගේ එක් කෙනෙකුගේ ගෝලයකු ම්ලේච්ඡ ලෙස කුඩා දැරියක් මරා දමා
තිබියදීත් අපි සමාජයක් හැටියට ඒ ගැන මුනිවත රකිමු.
මේ නිසා සිංහල දරුවන් සුළු පිරිසකට සිදුවන සාපේක්ෂව අඩු අසාධාරණයක් ගැන ලියැවෙන මේ සටහන ළමා ආරක්ෂාව ගැන පඬි ටෝකයන් දෙන ජාතික ළමාරක්ෂක අධිකාරියේ අවධානයට ලක්වෙතැයි ලේඛකයාගේ බලාපොරොත්තුවක් නැත. මේ ලියන්නේ අත කහනවාටය.
ළමා මහණකරණය අබෞද්ධ,
එනම් බෞද්ධ පිළිවෙතට අනුකූල නොවන ක්‍රියා පිළිවෙතකි. කටේ කිරි සුවඳ නොගිය
දරුවන් මහණ කරන්නැයි ගෞතම බුදුන් කිසි තැනක උපදෙස් දී නැත. බෞද්ධ ඉතිහාසය
කොයි තරම් පිරික්සා බැලුවද, ගෞතම බුදුන් විසින් කුඩා දරුවන් මහණ කරන ලද
අවස්ථා අපට හමු වන්නේ අල්ප වශයෙනි. ඒද නොකරම බැරි අවස්ථා වලය. උන් වහන්සේ
සිරිතක් ලෙස මහණ කළේ ගිහිගෙය කළ කිරී තමන් විසින්ම පැවිදි මාර්ගය තෝරා
ගැනීමට තරම් වයසින් නුවණින් මුහුකුරා ගිය වැඩිහිටියන්ය.
දායාද ඉල්ලා තම පියා වෙත සත් ඇවිරිදි රාහුල පිටත්කර හැරි යසෝදරාවගේ මනෝ
භාවයන් අපි නොදනිමු. එහෙත් තමන්ගේම ලෙයින් උපන් දරුවා පැමිණ ‘දායාද’
ඉල්ලද්දී ඔහු භාර ගන්නවා හැරෙන්නෙට කවර තත්වයන් යටතේ සිටියත් දරුවාගේ ජීව
විද්‍යාත්මක පියාට වෙනත් විකල්පයක් නැත. පන්සලක කුඩා දරුවකු හදා වඩා ගත
නොහැකිය. එනිසා බුදුන් මේ දරුවා මහණ කළා විය හැකිය.
සෝපාකගේ තත්ත්වයද සමානය. කුඩා දරුවා මළ මිනියකට තියා බැන්ද සුළුපියා හා
ඊට විරුද්ධ වීමට හැකියාවක් නොවූ මෑණියන්ට ඔහු භාරදිය නොහැකිය. එකම
ප්‍රායෝගික විකල්පය ඔහු මහණ කර ශාසනය භාරයට ගැනීමය.
වෙනත් විකල්පයක් නොමැති වීමෙන් ගන්නා ලද මෙබඳු පියවර බුදුන් ළමා මහණ කිරීම් අනු දැන වදාළ බවට සාක්ෂ්‍ය නොසපයන්නේය.
හැම ළමයකුටම ළමා
කාලයක් තිබිය යුතුය. ඒ තම දෙමාපියන් නෑසියන් සෙවනෙහි අකුරු කරමින්,
කෙළිදෙලෙන් නිදහසේ ගෙවා දැමීමටය. අනාගතයට මුහුණ දිය හැකි පෞරුෂයකින් තම
ජීවිතය ගොඩ නංවා ගැනීමටය. ඒ ළමා
කාලය දරුවකුගේන් සොරා ගෙන ඔහු ආගමික සිපිරිගෙයක සිර කරුවකු කළ යුතු නැත.
සෙල්ලම් කරන්නට ඉඩ නොදී වැට කඬුළු බැඳිය යුතුද නැත. තම සම වයසේ දරුවන්
ක්‍රිකට් ගසද්දී පැත්තකට වී ඒ දෙස බලා සුසුම්හෙළන තත්ත්වයකට මේ අහිංසක කුඩා
දරුවන් පත් කිරීම නොහොබිනාකමකි. පුනර්භවයක් කියා දෙයක් ඇත්නම් උපෝපන් ජාති
වල පඩිසන් දෙන පාපකර්මයකි.
කුඩා දරුවන් මහණ කිරීමෙන් බුද්ධ ශාසනයට අමුතුවෙන් වන යහපතක් නැත. ශාසනය
පෝෂණය කිරීමට තරම් වැඩුණු නුවණක් ඔවුන්ට නැති නිසාය. සිවුර දරා ගත් පමණින්
අධ්‍යාපනයට අවස්ථා ලැබ උපාධිය ගත් විගස සිවුරු හරිණ බොහොමයක් සාමනේර
හිමිවරුන් සසුනට බරක් නම් වන අවස්ථා ඇත.
ඒ එක පැත්තකි. කවුරුත් කථා නොකර සඟවන්නේ මේ දරුවන් සිවුරු දැමීමෙන් පසුව
ඔවුන්ට විඳින්නට වන ලිංගික අතවරය. නිවෙසකදී දරුවකු ලිංගික අතවර වලට ලක්
වන්නට අවස්ථාවක් නැතැයි ලේඛකයා අදහස් නොකරයි. නමුත් ඒ අවමය. දරුවා අවිවාහක,
වැඩිහිටි, සියළු පිරිමි (all male) සමාජයක සිර කිරීම මේ හැකියාව සිය
ගුණයකින් වැඩි කිරීමකි. මෑතදී කොළොන්නාවේ සුමංගල නැමැත්තාද කුඩා දරුවන්
හැටක් මහණ කළේය. ඔහු ගැන ප්‍රචලිත කතා අසා ඇති අපට කරන්නට පුළුවන් මේ කුඩා
දරුවන්ට අනුකම්පා කිරීම පමණය. මේවා ගැන කතා කරන්නට කෙනෙක් නැත. කතා කළොත්
එන්.ජී.ඕ, රාජද්‍රෝහී හා මිෂනාරි කාඩ් ගසන්නට නම් සැරසීගත් පිරිසක් සිටිති.
සිංහල බෞද්ධ දරුවන්ගේ අයිතීන් සිංහල බෞද්ධ යැයි කියා ගන්නා නරුමයන් පිරිසක
අතින්ම විනාශ වෙද්දී තවත් නරුමයන් පිරිසක් එය සාධාරණීකරණය කිරීම ජාතියේම
අවාසනාව මිස වෙනෙකක් නොවේ.
ප්රශ්නයේ ලේඛකයාට කෙළින්ම පෙනෙන පැතිකඩ මෙසේ විස්තර කළ හැකිවුවද මෙය
බෞද්ධයන්ට පමණක් සීමාවූ තත්වයක් නොවේ. කිතුනු සෙමනේරි සඳහා බඳවා ගන්නේද බාල
වයස් කරුවන්ය. එකම වෙනස සාමනේර හිමිවරුන් මෙන් ඔවුන් සාමාන්‍ය ළමා
ජීවිතයෙන් ඈත් නොකිරීමය. ඔවුන්ට ක්‍රීඩා වල නිරත වීමට පවා එක්තරා මට්ටමක
නිදහසක් ඇත. එහෙත් ලිංගික අතවර වලට ලක්වීම බඳු කාරණාවලදී මේ දෙක අතර ලොකු
වෙනසක් තිබිය නොහැකිය. ජාතික ළමාරක්ෂක අධිකාරියෙන්ම හෙළිවන තොරතුරු වලට
අනුව අපේ රටේ ලිංගිකමය ළමා අපචාරකරුවන්ගෙන් සැලකියයුතු පිරිසක් බොදුනු/කිතුනු පැවිද්දන්ය.
අද ළමා
මහණකරණයේද ආරක්ෂක හමුදාවන් අළුතින් සොල්දාදුවන් බඳවා ගැනීමේද ලොකු වෙනසක්
නැත. ශ්‍රමන වෙසින් පෙනී සිටින අතුරලියේ රතන, ඕමල්පේ සෝභිත, එල්ලාවල
මේධානන්ද, ඇල්ලේ ගුණවංශ, බෙංගමුවේ නාලක, මිස්සක කමලසිරි ආදී දුසිලුන්ගේ
හැසිරීම ඉටු කරන්නේ ආගමික අවශ්‍යතාවයක් නොව දේශපාලනමය හා මිලිටරි
අවශ්‍යතාය. මේ මිලිටරි වගකීම් දරන්නට අදේශපාලනික, තමන්ගේ වැඩක් බලාගෙන
පන්සලට වී සිටින සිල්වත් හිමිවරුන් කැමති නැත. මේ නිසා මේ යුධ ප්රචාරක
වගකීම් භාර ගන්නට අළුතින් නඩයක් බිහි කළ යුතුය. ළමා
වියේ පටන් මොළ සේදූ කල්හි ඊළඟ පරම්පරාව ඊට යෙදවීම පහසුය. යටපත් කළ දෙමළ
ජාතිවාදය වසර ගණනකට පසු යළි හිස එසවුවද ‘රිටර්න් එක’ දෙන්නට කවුරුන් හෝ
සිටිතැයි වර්තමාන වර්ගවාදීන්ට එවිට සිත හදාගත හැකිය.
අවාසනාව යුද්ධයේදී සේම මෙහිදීද බිල්ලට දෙන්නේ මෙරට ඉතාම දුප්පත් පංතියට
අයත් දෙමාපියන්ගේ දරුවන් වීමය. ධනවත් හෝ අඩු තරමින් මධ්‍යම පාංතික
දෙමාපියන්ගේ දරුවෝ යුදයට සේම පැවිදිබිමටද නොයති. ඔවුන් වෛද්‍යවරුන්, පරිගණක
ඉංජිනේරුවන්, නීතිඥයන්, බ්ලොග් ලියන්නන් වෙද්දී දුප්පත්කම හිසින් දරාගත්
ගැමි දරුවන්ට අවි දරා රණ බිමට ගොස් මරණයට හා අතපය අහිමි වීමටද, සිවුරුදරා
පන්සලට ගොස් ළමා
කාලය අහිමි කොට ගෙන ලිංගික අතවර වලට ලක්වීමටද සිදුව ඇත. මේ අර වරප්‍රසාද
ලත් ධනවත් හෝ මධ්‍යම පාංතික දරුවන්ගේ දෙමාපියන්ගේ දේශපාලන අරමුණු ඉටු
කිරීමටය. කොටින් කිව්වොත් ජාතිය ගැන මහඉහළින් කෑගහන එකම ‘විද්වතකු’ වත් තම
දරුවකු හමුදාවට හෝ ශාසනයට භාරදී නැත.
මේ අබෞද්ධ පිළිවෙත් ගැන සැබෑ බෞද්ධයන් මේතරම් නිහඬ ඇයි? ඔවුන්ද සියළුම දෑ ‘යුද්ධය ඉවර වූ පසු කරන්නට’ බලා සිටිනවා වත්ද?
This entry was posted on March 23, 2009 at 1:49 am and is filed under Uncategorized.
Tagged: අතුරලියේ රතන, ඇල්ලේ ගුණවංශ, එල්ලාවල මේධානන්ද, ඕමල්පේ සෝභිත, කිතුනු සෙමනේරි, කොළොන්නාවේ සුමංගල, ගෞතම බුදුන්, ජාතික ළමාරක්ෂක අධිකාරිය, දෙමළ, බුද්ධ ශාසනය, බෙංගමුවේ නාලක, මහණකරණය, මිස්සක කමලසිරි, ලිංගික අතවර, සාමනේර, සිංහල බෞද්ධ, සිවුර, Buddhism, Buddhist traditions, Buddhists, child ordination, Christians, Gauthama Buddha, Karuna, National Child Protection Agency, Pillayan, Rahula sopaka, Sexual Harassment, Tamil. You can follow any responses to this entry through the RSS 2.0 feed.
You can leave a response, or trackback from your own site.
One blogger likes this post. 28 Responses to “අබෞද්ධ ළමා මහණකරණය | Un-Buddhist child ordination”
-
දිසා said
March 23, 2009 at 2:44 am
මෙ ලියන තමුනුත් එ මධ්‍යම පාංතික දෙමාපියන්ගේ දරුවෝ යන කොටසට අයත්
පුද්ගලයෙන් නේ එහෙනම් හමුදාපතිතුමා මංගල සමරවිරට කියු දේ ඔබටත් අදාලයි.
-
March 23, 2009 at 3:06 am
great post
-
Taboo said
March 23, 2009 at 3:13 am
@දිසා,
ශ්‍රී ලංකාවේ බ්ලොග් අවකාශය (සිංහල ඉංග්‍රීසි දෙකේම) 100% තරමටම මධ්‍යම
පාංතිකය. ඉතා සුළු පිරිසක් ධනවත්තුද, ග්‍රාමීය දරුවන් පිරිසක්ද බ්ලොග්
ලිව්වාට ඔවුන්ගේ බලපෑම ප්‍රබල නැත.
නමුත් බ්ලොග් අවකාශය මධ්යමපාංතිකය කියා අප සාකච්ඡා කළ යුත්තේ මධ්‍යම පන්තියට අදාළ ගැටළු පමණක් කියා කොහේවත් කියා නැත.
- Taboo
-
kasun said
March 23, 2009 at 3:34 am
good post!
-
March 23, 2009 at 4:16 am
හොඳ පෝස්ට් එකක්.
බෞද්ධ සාහිත්‍යයේ තියෙන දේවල් යම් තරමකට හෝ අභියෝග කරලා පැහැදිලි කිරීම්
කරලා තියෙනවා. ඒ වගේ දෙයක් කරන්න පුලුවන් ඔබ වගේ කෙනෙක් (ආරොපිත නාමයක්
පිටිපස්සේ ඉන්න කෙනෙක්)ට විතරයි. ඒත් ඇයි ලේබල් වලට බය වෙලා ඉන්නේ? මොනවා
කිව්වත් කරත් ලේබල් වදිනවා කියන එක අනිවාර්යයි. ඒක නිසා කන රත්වෙන්න පාරක්
ඕන වෙලා තියෙන මේ සමාජෙට ඒ පාර දුන්නොත් හොඳයි, ලේබල් වලට බය නොවී.
-
Taboo said
March 23, 2009 at 4:35 am
@චමිල, ස්තූතියි.
නිර්නාමිකත්වයට අමතරව මට ඇති වාසිය මේ බ්ලොග් එක දීර්ඝ කාලීන අරමුණු මත
ගොඩ නැඟූ එකක් නොවීම. මා කතා කරන මතෘකා මත කොයි වෙලාවේ නතර කරන්නට වේද යන
සැකය මට හැම විටම තිබෙනවා. සමහර විට හෙට අනිද්දා මට මේ බ්ලොග් එක ගලවන්න
වේවි. එකේ ප්‍රශ්නයක් නෑ මොකද මම ඊට ලෑස්ති නිසා. මගේ අරමුණු මේ ප්‍රශ්න
මතු කිරීම මිසක් මගේ දර්ශනය ව්‍යාප්ත කිරීම නොවන නිසා.
අනෙක මට ලේබල් වලට බය වෙන්න ඕනෑ කමක් නෑ. දැනටමත් කියලා තියෙන්නේ මම ආණ්ඩුවට කඩේ යනවා කියලනේ.
බලමු, පුළුවන් තරම් දුර යන්න.
-
දිසා said
March 23, 2009 at 5:48 am
මෙතන අවුල මහණ කිරිම පමනක් නොව මහණ කිර්මෙන් පසුව එ පිර්ස මහණකල වුන් මෙ දරැවන් උන්නාද මලාද කියා සොයා නොබැලිමයි
-
malee_msg said
March 23, 2009 at 6:25 am
නියමයි..! ලිපි කිහිපයක් ඇර අනිත් සියළුම ලිපි සමග මම ඔබ සමග එකග
වෙනවා.! තවත් අර්ථයෙන් උසස් ලිපි ලියන්න. මේ ලිවිල්ලෙන් සමහර විට කිසිම
වැඩක් නැති වේවි.. නමුත් නිදා සිටින මිනිස්සුන්ට ඇගිල්ලෙන් ඇනින්වත් ඔබට
හැකියි!
-
March 23, 2009 at 7:07 pm
මාත් එකඟයි, පසුගිය දවස් වල ඇතැම් ලිපි නිසා මට හිතුණේ මෙම ලිපිය ඒ
ලෙසින් සමාජයේ දෙයක් පෙන්නුම් කිරිමක් වෙන්නේ කෙසේද කියායි. දිගටම ලියන්න.
බුදු දහම ආගමක් නොවේ දර්ශණයකි. එය ආගමක් වු කල්හි බුද්ධාගම වෙයි.
-
March 23, 2009 at 8:27 am
ආ මේ චමිල උගුඩුව ආයිත් ඇවිත් ඉන්නෙ ඉල්ලන් නාගන්න.තුං මුල්ලෙ ඉස්කෝලෙට
වෙලා ඉන්නෙ නැතුව හැම එකටම එනව හොට දාන්න.මූට ඕන ඉල්ලගෙන නාන්නමනෙ.රාජකීය
උගුඩුව.
-
March 23, 2009 at 10:40 am
When a child is ordained to a religion, s/he is Socially and
Mentally Crippled. They never get a chance to ‘decide’. A good religion
should respect individuality and should give a chance to decide.
Many religions view sex as a negative thing, and further prohibit it
among the ordained ‘priests’. But those religions does not understand
that ‘Sex is a Basic Human Need’, (Refer to Maslow’s hierarchy of
needs). A person cannot achieve Safety, Love, Esteem and
Self-actualization. It is an irony that many those religions expect
Self-actualization after depriving Sexual Needs.
http://en.wikipedia.org/wiki/Maslow's_hierarchy_of_needs
Even this could be questionable, I would like to suggest promoting
‘Masterbation’, which is not harmful, and would satisfy the Sexual Needs
of those who could be perverts. These children who receives sexual
haressment could easily become perverts when they become a wo/man.
Therefor I see the problem on the religions by depriving sexual
needs. Without sexual satisfaction one cannot traverse on the hierachi
of needs to achieve Self-actualization.
-
March 23, 2009 at 12:50 pm
සාසනේ පවත්තගන්න එපැයි උන්නාන්සෙලගෙ. ළමයින් ගැන හිතන්න පුළුවන්ද?
-
March 23, 2009 at 3:21 pm
ලිපියේ සාකච්ඡාවට භාජනය වන ප්‍රධාන කරුණ පිළිබඳව අතිශයින්ම එකඟයි.
පැවිදි බව ලැබිය යුත්තේ තමන්ගේ සිත තුළ පහළ වන සිතිවිල්ලක් නිසා මිස, කාගේවත් බල කිරීමට නොවෙයි.
අනෙක, දැන් මෙය අළුත් රැල්ලක් වී තිබෙනවා. 7 දෙනෙක් පැවිදි කරවීම.. 100
දෙනෙක් පැවිදි කරවීම.. ගාණ ලොකු වුනු තරමට ලොකු හාමුදුරුවන් ගේ ආතල් එක
වැඩී.
ඔය මහණවෙන සමහර පොඩි උං දන්නෙත් නෑ මොකක්ද මේ කරන්නෙ කියන එක වත්.
බුදු හාමුදුරුව කියල තියන “කපුටන් එළවීමේ හැකියාව” ඇති වයස් සීමාව (මට
මතක හැටියට) පණවග තියෙන්නෙ ඊටත් අඩු ළමයෙක් මහණ වෙන්න ආවොත් ඒක වැළැක්වීම
සඳහා මිස “කපුටන් එළවන සියළු දරුවන්” පැවිදි කරගැනීමට ලොකු හාමුදුරුවන්ට
බලය දීම නෙවෙයි.
දැං පෙනෙන හැටියට සැබෑ බෞද්ධයාට හාමුදුරුවරුන්ගේ අදහස් මත රැඳෙන්න
හැකියාවක් නෑ. බුදුන් වදාළ පරිදි තම දිවිය ගත කරගන්න එක තමන්ගෙම වගකීම.
මොකද හාමුදුරුවො සුවර් නැති නිසා.
හාමුදුරවන්ට සැලකිය යුත්තේ ඒ ඒ හාමුදුරුවන්ගේ පෞද්ගලික ගත ගුණ මත මිස බුදුන් වදාළ සඟ ගුණ මත තීරණ ගෙන නොවෙයි.
-
March 23, 2009 at 3:23 pm
වැදගත් :
> බුදු හාමුදුරුව කියල තියන “කපුටන්
> එළවීමේ හැකියාව” ඇති වයස් සීමාව (මට > මතක හැටියට) පණවග තියෙන්නෙ ඊටත්
> අඩු ළමයෙක් මහණ වෙන්න ආවොත් ඒක
> වැළැක්වීම සඳහා මිස “කපුටන් එළවන
> සියළු දරුවන්” පැවිදි කරගැනීමට ලොකු
> හාමුදුරුවන්ට බලය දීම නෙවෙයි.
මෙය මා විසින් නිර්මාණය කරන ලද අදහසකි.
-
මම said
March 24, 2009 at 2:49 am
ඉතා හොද ලිපියක් මමත් ඔය අතවර සම්බන්ධයෙන් අසා තිබෙනවා මගේ යාළුයවක්
O/L වලින් පසු මහරගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ පන්සලක මහණ වුණා ඔහුත් මේ පිළිබද
කියා තිබුනා ඒ වගේම ඔහුත් මෙවැනි සිද්ධියකින් බේරි තිබුනා
හැමදාත් වගේම අදත් ඔබට ස්තුති වෙනවා
-
෴ .:GiniMakara :.෴ said
March 24, 2009 at 6:13 am
ඔබගේ ලිපියේ මෙම කරැණුවලට මට එකඟ විය නොහැක ඔබ හරියට නොදන්නා දේවල්
පැවසීමේදී පරිස්සම් වෙන්න.ඔබ ගේ මතය බුදුන් වහන්සේගේද මතය යයි හැඟවීමට යම්
යම් සිදුවීම් උපුටා දැක්වීමෙන් සමාජයට වැරදි අර්ථකතන දීමෙන්, කරැණාකර බුදු
දහම විකෘති කිරීමෙන් වලකින්න.
****දායාද ඉල්ලා තම පියා වෙත සත් ඇවිරිදි රාහුල පිටත්කර හැරි යසෝදරාවගේ
මනෝ භාවයන් අපි නොදනිමු. එහෙත් තමන්ගේම ලෙයින් උපන් දරුවා පැමිණ ‘දායාද’
ඉල්ලද්දී ඔහු භාර ගන්නවා හැරෙන්නෙට කවර තත්වයන් යටතේ සිටියත් දරුවාගේ ජීව
විද්‍යාත්මක පියාට වෙනත් විකල්පයක් නැත. පන්සලක කුඩා දරුවකු හදා වඩා ගත
නොහැකිය. “එනිසා බුදුන් මේ දරුවා මහණ කළා විය හැකිය”.
සෝපාකගේ තත්ත්වයද සමානය. කුඩා දරුවා මළ මිනියකට තියා බැන්ද සුළුපියා හා
ඊට විරුද්ධ වීමට හැකියාවක් නොවූ මෑණියන්ට ඔහු භාරදිය නොහැකිය. එකම
ප්‍රායෝගික විකල්පය ඔහු මහණ කර ශාසනය භාරයට ගැනීමය.
“වෙනත් විකල්පයක් නොමැති වීමෙන්” ගන්නා ලද මෙබඳු පියවර බුදුන් ළමා මහණ කිරීම් අනු දැන වදාළ බවට සාක්ෂ්‍ය නොසපයන්නේය. ***
-
Taboo said
March 24, 2009 at 6:58 am
@ගිනි මකරෝ,
මා දන්නා තරමින් බුදු දහම යනු ‘තම තම නැණ පමණින්’ අවබෝධ කර ගත යුතු
ධර්මයකි. පොතේ ගුරුන්ගේ ආගමක් නොවේ. එසේම මට කැමැති හැටියට ධර්මය ‘කූරු
ගාන්නටද’ අයිතිය සහතික කොට තිබේ. ධර්මයේ ‘ඒහි පස්සික ගුණය’ කියන්නේ ඒකටය.
මේ නිසා මගේ දැනීමේ හැටියට අර්ථ කථන සපයන්නට පමණක් නොව බුදු දහම පෝෂණය
කරන්නටද මට මට පූර්ණ අයිතිය තිබේ. මෙය ලොව වෙන කිසිම ආගමක (මාක්ස්වාදය
ඇතුළුව) ඇතැයි මා අසා නැත.
උදාහරණයක් හැටියට ගෞතම බුදුන්ගේ කාලයේ සිගරැට් නොතිබිණි. නමුත් සිගරැට්
බීම බුදු දහමට අනුකූලද නැද්ද කියා ප්‍රශ්න කළොත් ඕනෑම සැබෑ බෞද්ධයකුට ඊට
පැහැදිළි පිළිතුරක් ඇත. සංඝයා වහන්සේ නමක් රථවාහන එළවිය යුතුද, නැත්ද යන
ප්‍රශ්නයට පිළිතුරු හොයන්නට අපට විනය පොත් පෙරළන්නට ඕනෑ නැත.
ළමා
මහණකරණයද එසේය. හයක් හතරක් නොතේරෙන කුඩා දරුවන්ගෙන් පන්සල් පිරවිය යුතු
යැයි ගෞතම බුදුන් අනු දැන වදාළායි සිතන්නට මට හේතුවක් නැත. ඔබට එසේ සිතේනම්
කරුණාකර සාධක ඇතිව පහදන්න.
- Taboo
-
March 24, 2009 at 8:29 am
@Taboo
“මා දන්නා තරමින් බුදු දහම යනු ‘තම තම නැණ පමණින්’ අවබෝධ කර ගත යුතු
ධර්මයකි. පොතේ ගුරුන්ගේ ආගමක් නොවේ. එසේම මට කැමැති හැටියට ධර්මය ‘කූරු
ගාන්නටද’ අයිතිය සහතික කොට තිබේ.”
This is called Ecclecticism. There are many Neo-Pagan religions which are Ecclectic.
“මෙය ලොව වෙන කිසිම ආගමක (මාක්ස්වාදය ඇතුළුව) ඇතැයි මා අසා නැත.”
Yes, there are! such religions…
-
෴ .:GiniMakara :.෴ said
March 24, 2009 at 10:21 am
ධර්මය තිබෙන්නේ ඔබ කියු ආකාරයට “කූරැ” ගැසීමට නොව අවබෝධ කර
ගැනීමටයි.එසේම එහෙන් මෙහෙන් කූරැ ගසා අහුලාගත් කෑලි වලින් පෝෂණය කරනවායැයි
කියමින් තමන්ගේ මතවාද එක්කර අමුතුම දහමක් නිර්මාණය කිරීමටද නොවේ. ඔබ වැනි
ආගමක් දහමක් නොමැති අයෙකු මෙවැනි දේ පල කිරීම එක අතකින් පුදුමයට පත් විය
යුතුද නැත (“බ්ලොග්කරු කිසිම ආගමකට අයත් නැත”).
පොතේ ගුරැ දහම ගිරව්මෙන් කියවීමෙන් අවබෝධය ලබාගත නොහැකි බව මම
දනිමි.මම වර්තමාන සමාජය තුළ ධර්මයේ නාමයෙන් සිදුකරන අකටයුතුකම් වලට ඉණිමන්
තබන්නෙක්ද නොවෙමි.කුඩා සාමනේරයන්ට සිවුරු දැමීමෙන් පසුව විඳින්නට වන ලිංගික
අතවර වලට මම එක හෙලාම විරැද්ධ වෙමි. එවැනි දේ සාධාරණි කරණය කීරීමේ කිසිදු
වෑයමක් මා තුල නොමැත
එහෙත් බුදුන් වහන්සේ “මෙසේ සිතා මෙසේ කලා” “වෙනත් විකල්පයක් නොමැති
වීමෙන් මෙහෙම කලා” වැනි දේවල් පැවසීම මම අනුමත නොකරමි.බුදුරදුන් සිතූදේ
මෙයැයි කීමට දන්නා සමතෙක් මේ තුන් ලෝකයෙහිම සිටියැයි මා නොසිතමි.
එසේම තුන්ලොව සියළු තතු දන්නා (ලෝක විදු) බුද්ධියෙන් ප්‍රඥාවෙන් ඉහල බුදුන් වහන්සේ ***”හැම ළමයකුටම ළමා
කාලයක් තිබිය යුතුය. ඒ තම දෙමාපියන් නෑසියන් සෙවනෙහි අකුරු කරමින්,
කෙළිදෙලෙන් නිදහසේ ගෙවා දැමීමටය. අනාගතයට මුහුණ දිය හැකි පෞරුෂයකින් තම
ජීවිතය ගොඩ නංවා ගැනීමටය. ඒ ළමා කාලය දරුවකුගේන්
සොරා ගෙන ඔහු ආගමික සිපිරිගෙයක සිර කරුවකු කළ යුතු නැත.”***යන්න නොදැන
සිටියා වන්නට බැරිය. එහෙත් කුඩා දරැවන් ගෞතම බුදුරදුන්ගේ සාසනයේ පමණක් නොව
කලින් පහළවු බුදුන් වහන්සේලාගේ මහණ දම් පුරා ඇති බව දහම් පොත පත තුලින්
දැක ගත හැකිය. එසේම මිහිඳු හිමියන් සමඟ සුමන සාමනේරයන්ද පැමිණි බව ඉතිහාස
කතාවල දැක්වෙයි.
යුධ කොට දහස් ගණනක් මිනිසුන් මැරෑ චණ්ඩාශෝක ධර්මාශෝක බවට පත්කර වෙහෙර
විහාර දසදහස් ගනණක් ඉදිකරමින් රට රටවල ධර්ම ප්‍රචාර කටයුතුවලට පෙළඹවුයේ හත්
හැවිරිදි කුඩා සාමනේර නමක් විසිනි එසේ නොවන්නට අද අපට බ්ලොග් අඩවි වලින්
මේවා ගැන කතා කරන්නට සිදුවන්නේද නැත.
-
March 24, 2009 at 2:31 pm
Now why cannot this “atheist” blogger cannot write about child
marriages among Muslims which is a far greater problem? Is that cheap
publicity that he is trying to find? Difficult to say, but his
intentions of defaming Buddhism is well documented throughout this blog.
-
Taboo said
March 24, 2009 at 2:59 pm
@ Migara,
Why I did not write? I am simply not aware that Muslim child marriages a bigger problem.
I was under the impression that Muslim law is same as the ordinary
law in this matter and was surprised to find Muslim girls as young as 12
years can marry. Unfortunately I am not personally aware of any case.
Muslim Women’s Research and Action Forum says they have information
only about 12 married girls less than the age of 15. This may or may not
be true. http://www.bbc.co.uk/sinhala/news/story/2008/12/081221_muslim_marriage.shtml
Since you seem to have better information why don’t you enlighten us?
- Taboo
-
March 30, 2009 at 2:28 pm
සමාවෙන්න පසුව ලියනවාට. ඇත්තටම අනර්ඝ ලිපියක්. මේ ගැන මම හිතලා නැහැ.
නමුත් ඔබගේ මේ ලිපියෙන් පසු මේ ගැන සිතන්නට යොමු වුනා. දිගටම ලියන්න. අනර්ඝ
බ්ලොග් අඩවියක්! අපේ හිත්වල තියෙන සමහර පටු අදහස් වෙනස් කරන්න මේ බ්ලොග්
අඩවිය සමත්වනවාට කිසිදු සැකයක් නැහැ!
-
Anonymous said
April 8, 2010 at 9:27 am
වෛද්‍ය ශිෂ්‍යාවක්මි..වරෙක අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට පැමිණියේ
සිරුර පුරා සුව නොවී කලාන්තරයක් පැවති තුවාල කැලල් සහිත සත් හැවිරිදි
සාමනේර හිමිනමක් සහ ඔහුගේ මව වූ චීවරධාරිනිය කි.තුවාල් සුව නොවීමට හේතුව
ප්‍රසිද්ධියේ කිව නොහැකි අතිශය පිලිකුල් සහගත ක්‍රියා වලියකි.අවම වශයෙන්
පැමිනිල්ල විභාග කිරීම සඳහා හෝ විත්තිකාර විහාරධිපති චීවරධාරියා රෝහල වෙත
ගෙන ඒමට පොලිසියට උවමනාවක් හෝ හැකියාවක් නොතිබුනා විය හැක.චීවරධාරිනියක වූ
මව පිලිබඳ නම් රස කතා රැසක් මවන්නට පොලිස් නිලදාරියා සතුව අපමන අටුවා ටීකා
ටිප්පනි විය..
-
February 13, 2011 at 2:59 pm
රාහුලයන් පැවිදි කිරීම පිළිබඳ ඇසූ සුද්ධෝදන රජු, මහත්සේ කම්පාවට පත්වී,
මින්මතු දෙමව්පියන්ගේ නිසි අවසරයකින් තොරව කුඩා දරුවන් මහණ කර නොගන්න ලෙස
ඉල්ලා සිටියේලු. ඊට ප්‍රතිචාර වශයෙන්, බුදුන් වහන්සේ විසින් එසේ නොකරන ලෙස
සීමා පැණවූ බවක් කියවා ඇති බව මතකයේ ඇත. ඔබට එම සිදුවීම ලිපියේ සඳහන්
කිරීමට අමතක වුනා යැයි සිතෙනවා.
පුද්ගල අවබෝධය මතම පදනම් වන බෞද්ධ දර්ශනයේ, කුඩා ළමුන් මහණ කරවීම සඳහා
කිසියම් හෝ දිරි ගැන්වීමක් තිබෙන්නට බැරිය. ඊට අනුබල දෙන කිසිවක් බුදු
දහමෙහි සඳහන් වන්නේ නම්, එය පසුව දහමට එක්වූ විෂ බීජයක් හැටියට සැළකිය
හැකිය. බෞද්ධ දර්ශනයේ මූලික් හරයන් උපයෝගී කර ගැනීමෙන් ඒ බව තේරුම් ගත
හැකිය.
|