Evolution‎ > ‎

පරිණාම වාදය ගැන කියා දුන් චාල්ස් ඩාවින්

පරිණාම වාදය ගැන කියා දුන් චාල්ස් ඩාවි න් පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
2010 මැයි 13 වෙනි බ්‍රහස්පතින්දා, 05:30

පරිණාම වාදය ගැන කියා දුන් චාල්ස් ඩාවින්

“අනේ තාත්තේ මට නම් බැහැ දොස්තර කෙනෙක් වෙන්න” වෛද්‍ය විද්‍යාව හදාරමින් සිටි තරුණයෙක් දිනක් සිය පියා හමුවේ පෙනී සිටිමින් එම විෂය කෙරෙහි තම හිත තුළ ජනිත වූ අප‍්‍රසාදය පළ කළා.“ඒ මොකද හිටපු ගමන් එහෙම හිතුණේ?” තමන් මෙන්ම තම පුත‍්‍රයාව ද වෛද්‍යවරයෙකු කිරීමේ සුබ සිහින දකිමින් සිටි පියා තම අපේක්ෂාව බිඳ වැටීමේ පෙර ලකුණු පෙන්නුම් කළ පුතුගේ ඒ ප‍්‍රකාශයෙන් විෂ්මයට පත්ව එසේ ප‍්‍රශ්න කළා.“අමු අමුවෙම කරන සැත්කම් දිහායි ලේ ගලන දිහායි බලං ඉන්න කොට මගේ ඔළුව කරකැවෙනවා. අනේ මට නම් දැන් එපා වෙලා” පුත‍්‍රයාගේ පිළිතුර වූයේ එයයි.හොඳින් හිතා මතා තීරණ ගැනීමේ වයසක සිටි පුත‍්‍රයාගේ මේ තීරණයට විරුද්ධ වන්නට තාත්තාට පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ නිසා තාත්තා පුතාගේ කැමැත්තට ඉඩ දුන්නා.වෛද්‍ය විද්‍යාවට අකමැති වුවද මොහු ජීව විද්‍යාව කෙරේ දැක්වූයේ පුදුමාකාර කැමැත්තක්. ඒ නිසා දිගටම ජීව විද්‍යාව අධ්‍යයනය කරන්නට ඔහු තීරණය කළා.වෛද්‍ය විද්‍යාව අතහැර දමා ජීව විද්‍යාව තෝරා ගැනීමෙන් මොහුට අවැඩක් නම් වූයේ නැහැ. තමන් තෝරා ගත් විෂයෙන් තම නම ලෝ පතළ කරන්නට මොහු සමත් වුණා. මේ පුද්ගලයා අන් කවරකුවත් නොව පරිණාම වාදය ලොවට කියා දුන් ශ්‍රේෂ්ඨ විද්‍යාඥයකු වන චන චාල්ස් ඩාවින් ය.

මව් සෙනෙහසචාල්ස් ඩාවින් 1809 පෙබරවාරි 12 වැනිදා එංගලන්තයේ ෂ්‍රොප්ෂයර් ගෲබරි හි පිහිටි මවුන්ට හවුස් නම් නිවසෙහි උපත ලැබුවේ. රොබට් ඩාවින් හා සුසාන් වෙජ්වුඩ් යුවළ ගේ දරුවන් හය දෙනාගේ පස්වැන්නා ලෙස උපත ලද චාල්ස් රොබට් ඩාවින්ට මව් සෙනෙහසේ උණුසුම ලබන්නට හැකි වූයේ වසර අටක් තරම් කෙටි කාලයක්. මවගේ වියෝවෙන් අනතුරුව චාල්ස් හැදී වැඩුණේ පියාගේ අධීක්ෂණය යටතේයි.ඩාවින් ගේ පියා ද වෛද්‍යවරයෙක්. එමෙන්ම සීයා ද ඵනම් පියා ගේ පියා වූ එරාස්මස්් ඩාවින් ද කවියෙක්, දාර්ශනිකයෙක් සහ ස්වාභාවික විද්‍යාඥයෙක්.අකුරු කරන වියට පා තැබූ ඩාවින් 1818 දී එංගලන්තයේ ගෲබරි පාසලට ඇතුළත් කළා. ඉගෙනීම කෙරෙහි විශේෂ දක්ෂතාවයක් ඩාවින් කුඩා කල නම් පෙන්නුම් කළේ නැහැ. තමන්ගේ පවුලට අපකීර්තියක් රැගෙන එන්නකු ලෙසයි ඩාවින්ව පවුලේ අය හැඳින්වූයේ. කුඩා කල ඉගෙනීමට විශේෂ දක්ෂකම් නොපෙන්නුව ද සරසවියට ඇතුළු වන්නට තරම් හැකියාවක් ඔහු සතුව තිබුණා.

සරසවි ඉගෙනුම1825 දී එඩින්බර්ග් සරසවියට ඩාවින් ඇතුළු වූයේ වෛද්‍ය විද්‍යාව හැදෑරීමටයි. එහෙත් ටික කලකින් ඔහුට වෛද්‍ය විද්‍යාව හැදෑරීම එපා වුණා. ඒ අනුව ඔහු ජීව විද්‍යාව හැදෑරුවා. ජීව විද්‍යාඥයකු වූ එඩ්මන්ඩ් ග‍්‍රාන්ට් යටතේ ජීව විද්‍යාව හැදෑරූ ඩාවින් ඔහුගේ දීප්තිමත්ම ශිෂ්‍යයා බවට ද පත්්වුණා. මැවුම්වාදය ප‍්‍රතික්ෂේප කළ විද්වතකු වූ ග‍්‍රාන්ට් යටතේ ඉගෙන ගත් ඩාවින් ග‍්‍රාන්ට් ගේ පර්යේෂණවලට ද සහභාගි වී අත්දැකීම් රැසක් ලබා ගත්තා.ඩාවින් ගේ පවුලේ උදවිය ආගමික කටයුතු විෂයේ කි‍්‍රයාශීීලී දායකත්වයක් දැක්වූ පිරිසක්්වුණා. පූජකවරයකු ලෙස පුහුණුවීම් ලැබූ පූජකවරය ලබා ගන්නට ඩාවින් තීරණය කළේ මේ බලපෑම නිසයි. ඒ නිසාම හෙතෙම 1827 සිට 1831 දක්වා කාලය තුළ දී කේම්බි‍්‍රජ් සරසවියට අනුබද්ධ කි‍්‍රස්තු විද්‍යාලයට ඇතුළු වී අවශ්‍ය දැනුම ලබා ගත්තා. ජෝන් ස්ටීවන්ස් හෙන්ස්ලෝ නමැති පූජකවරයාව ඩාවින්ට දැන හඳුනා ගන්නට ලැබුණේ මෙහිදීයි. හෙන්ස්ලෝ උද්භිද විද්‍යාඥයෙක් මෙන්ම කෘමීන් ගැන දැනුම ඇත්තෙකු ද වුණා. ඩාවින් ස්වාභාවික විද්‍යාව හැදෑරුවේ හෙන්ස්ලෝ යටතේයි. හෙන්ස්ලෝ ගේ සිත් ගත් ශිෂ්‍යයා බවට පත් වුණේ ඩාවින් ය.සරසවියෙන් උපාධිය ගෙන පූජකවරයකු වීමට අවශ්‍ය දැනුම ලබා ගත්ත ද පුජකවරය ලබා ගැනීමට ඩාවින් එතරම් උනන්දුවක් දැක්වූයේ නැහැ. ඔහුට උවමනා වූයේ ස්වාභාවික විද්‍යාඥයකු වීමටයි.

බීගල් නෞකාවඑංගලන්තයේ ඩෙවන්පෝර්ට් වරායේ තිබුණු ඩ්ර්ඉබීගල් නෞකාව දිගු ගමනකට සූූදානම් කර තිබුණේ මේ කාලයේදීයි. පස් වසරක ස්වාභාවික විද්‍යා ගවේෂණයකටයි මේ නෞකාව සූූදානම් කෙරුණේ. කේප්වර්ඩ් දූපත්, බ‍්‍රසීලය, මොන්ටිවිඩියෝ ටියෙරා ඩෙල්ෆියුගේ, චිලි, ගලපගොස්, තස්මේනියාව ටහිටි ප‍්‍රමුඛ රටවල් හා දූපත්වල ශාක හා සත්ව තොරතුරු ගවේෂණයයි මෙහි ප‍්‍රධාන අරමුණ වූයේ.මේ සඳහා ගවේෂකයන් සොයමින් සිටි අතර, හෙන්ස්ලෝ විසින් ඒ ගමනේ කපිතාන් වූ රොබට් ෆිට්ස්රෝයිට ඩාවින් පිළිබඳව දැනුම් දුන්හ. හෙන්ස්ලෝගෙන් ලද පැහැදිලි කිරීමෙන් ඩාවින්ව ද මේ ගමනට එකතු කර ගත්තා. බලාපොරොත්තු නොවුණු මේ ආරාධනාවෙන් ඩාවින් ඉමහත් උද්දාමයට පත් වුණා.  1831 සිට 1836 දක්වා කළ මෙම සංචාරයේ දී හෙතෙම ශාක, ජීවීන් සහ පොසිල ගැන සටහන් තබා ගන්නට ඩාවින් අමතක කළේ නැහැ. ජීවීන් ඒ පරිසරයට හැඩ ගැසී ඇති අයුරු අධ්‍යයනය කළ ඩාවින්ට ඒ ලද දැනුම මිල කරන්නවත් බැරි තරම් වුණා.

ඩාවින්ගේ පරිණාම වාදයබීගල් ගවේෂණයෙන් අනතුරුව එහිදී කළ අධ්‍යයනයන් ගැන සිත මෙහෙය වූ ඩාවින් ලෝකය හා ජීවීන් අද පවත්නා තත්ත්වයට පත්ව ඇති ආකාරය ගැන සිතන්නට වුණා. පරිණාමවාදයේ ප‍්‍රධාන අංගයක් බවට පත්ව ඇති ස්වාභාවික වරණය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගන්නට ඩාවින්ට හැකි වුණා. තම අදහස සනාථ කරමින් ලිපියක් ලියන්නට සිතූ ඩාවින් 1844 දී එම රචනාව ප‍්‍රකාශයට පත් කළා. බීගල් ගවේෂණයේ තොරතුරු ඇතුළත් කරමින් ඩාවින් 1846 දී “ඊඩඥ ට්ඥධතධඨර ධට බඩඥ ඍධභචඨඥ ධට බඩඥ ඕඥචඨතඥ” යන ග‍්‍රන්ථය නිකුත් කළා.ඩාවින් ගේ මතයම දැරුවෙකි ඇල්ෆඩ් රසල් වොලස්. ඔහු ද ස්වාභාවික විද්‍යාඥයෙක්. ඩාවින් සහ වොලස් එකතු වී 1858 ජුලි 1 වැනිදා ස්වාභාවික වරණය මගින් පරිණාමය සිදුවන බවට ඒකාබද්ධ ප‍්‍රකාශයක් ලොව හමුවේ ප‍්‍රකාශයට පත් කෙරුණා.ඩාවින්ගේ පර්යේෂණ දිවියේ අග‍්‍රඵලය මුල්වරට එළිදැක්වූයෙ 1859 දීයි. 1859 නොවැම්බර් 22 වැනි දින පරිණාමවාදය සම්බන්ධ වැදගත් දිනයක් ලෙසින් හඳුන්වන්න පුළුවනි.  “On the Origin of Species by Means of Natural Selection”  නම් කෘතිය ප‍්‍රකාශයට පත්වීම මීට හේතුවයි. මේ කෘතිය මුල් පිටපත් 1250 ක් මුද්‍රණය කෙරුණු අතර එය ප‍්‍රකාශිත දිනම අවසන් වුණා. ඉන්් මාස 2 ට පසුව දෙවැනි ප‍්‍රකාශය නිකුත් කෙරුණා.

1872 පෙබරවාරි 19 වැනි දා ඉහත කෘතියේ 6 වැනි වෙළුම නිකුත් කෙරුණේ පරිණාමවාදය සම්බන්ධ ගවේෂණවල නැවුම් තොරතුරු ද ඇතුළත් කරමිනි.1871 පෙබරවාරි 24 වැනිදා ඩාවින් තවත් වැදගත් කෘතියක් වන”Desecent of Man”  එළිදැක්වූවා. ඔහුගේ දිගු කාලීන ශාස්තී‍්‍රය වෑයමක ප‍්‍රතිඵලයක් ලෙස 1872 නොවැම්බර් 26 වැනිදා”The Expression of the Emotion in Man & Animals”කෘතිය ප‍්‍රකාශයට පත් කළා.ජීවින්ගේ සම්භවය ගැන ලොවට කියා දුන් මේ මහා විද්‍යාඥයා 1882 අපෙ‍්‍ර්ල් 19 වැනිදා එංගලන්තයේ කෙන්ට් හි පිහිිටි ඩවුන්් හවුස් වූ තම පෞද්ගලික නිවසේ දී සදහටම නෙත් පියා ගත්තා. මේ අසමසම විද්වතාගේ දේහය රාජකීය ගෞරව සහිතව වෙස්ට්මිනිස්ටර් ඇබේහි දී මිහිදන් කෙරුණා.

ඉරූෂා ග්‍රේරෝ

Comments