විශේෂයාගේ සම්භවය පිළිබඳ On the Origin of Species PDF මාදිලියෙන් කියවන්න මයිකල් රූස් 1850 දී පළවූ සිය විශේෂයාගේ සම්භවය අවසානයට පැමිණීමේදී ඉංග්‍රීසි ජාතික ස්වභාවික විද්‍යාඥ චාල්ස් ඩාවින් [තම]පොත හැඳින්වූයේ “තනි දීර්ඝ තර්කයක්” ලෙසිනි. යුග අරුත් ගන්වන මෙම කෘතිය කියවිය යුත්තේ ඒ ආකාරයටම ය. අප ද ඇතුලුව ජීවත්වන හා මියගිය සියළු ජීවීන් යාම්තම්, සරල ආකාර කිහිපයක (බාගවිට එකක) සිට සිදුවූ දීර්ඝ, මන්දගාමී, ක්රමික විපර්යාස ක්‍රියාවලියක, [එනම්] – පරිණාමයේ – නිපැයුම් යැයි ඩාවින් කියා සිටියේය. එයට හේතුව “ස්වභාවික වරණය” යනුවෙන් ඔහු හැඳින්වූ යමක් බව ද ඔහු කියා සිටියේය. නොනැසී පැවතී, ප්‍රජනනය කිරීමට හැකි ප්‍රමාණයට වඩා වැඩි ජීවීහු සංඛ්‍යාවක් උපත ලබති; එමනිසා එහි විපාකය වන “පැවැත්ම සඳහා වන අරගලයක්” වෙයි, තවද ජය ගන්නන්ට පරාජිතයන්ගේ ඒවායින් වෙනස් වන ලක්ෂණ තිබෙනු ඇත. කාලයාගේ ඇවෑමෙන් වෙනස්වීම එක්රැස්වීමත් සමග ස්වභාවික ව තෝරා ගැනීමක් සිදුවනු ඇත. නමුත් නිර්වචනයෙන් ම පාහේ අපට දැකිය නොහැකි යමක් වෙනුවෙන් ඩාවින් තර්ක කළේ කෙසේද? ඔහු, අපට අධිකරණ වල දැකිය හැකි ක්‍රම ම භාවිත කළේය. එය සිදුවනු කිසිවකු නොදුටුවේ නම්, තම උතුම් හාම්පුතා මරා දැමීම පිළිබඳ අප බොටලේරුවා වැරදිකරු කරන්නේ මන්ද? ඇතැම් විට බොටලේරුවා වෙනත් කෙනෙකු මරා දමද්දී අතටම අසුවූ නිසා විය හැක, නමුත් ඊට වඩා පෙනෙන හැටියට ලේ පැල්ලම්, මිනීමැරූ ආයුධය, චේතනාව, වැරදුණු අන්‍යස්ථානිකභාවය ආදී හෝඩුවාවන් හේතු කොට ගෙන ය. වෙනස් කම් – වඩා තර ඌරන්, ලොම් අධික බැටළුවන් – ඇතිකිරීමෙහි ලා ශාක හා සතුන් බෝ කරන්නන් ලබා ඇති සාර්ථකත්වයන් පෙන්වා දීම ඩාවින් සතුටින් කළ නමුත් ඔහුගේ සැබෑ තර්කය වූයේ පරිණාමය, ස්වභාවික වරණය තුළින් ප්රකෘතියේ හෝඩුවාවන් පැහැදිළි කරන බවත් අනෙක් අතට ප්රකෘතියේ හෝඩුවාවන් තම උපන්‍යාසය සාධාරණ ලෙස ඒත්තු ගැන්විය හැකි යැයි පෙන්වන බවත් ය. 1850 දී පළවූ සිය විශේෂයාගේ සම්භවය අවසානයට පැමිණීමේදී ඉංග්‍රීසි ජාතික ස්වභාවික විද්‍යාඥ චාල්ස් ඩාවින් [තම]පොත හැඳින්වූයේ “තනි දීර්ඝ තර්කයක්” ලෙසිනි. යුග අරුත් ගන්වන මෙම කෘතිය කියවිය යුත්තේ ඒ ආකාරයටම ය. අප ද ඇතුලුව ජීවත්වන හා මියගිය සියළු ජීවීන් යාම්තම්, සරල ආකාර කිහිපයක (බාගවිට එකක) සිට සිදුවූ දීර්ඝ, මන්දගාමී, ක්රමික විපර්යාස ක්‍රියාවලියක, [එනම්] – පරිණාමයේ – නිපැයුම් යැයි ඩාවින් කියා සිටියේය. එයට හේතුව “ස්වභාවික වරණය” යනුවෙන් ඔහු හැඳින්වූ යමක් බව ද ඔහු කියා සිටියේය. නොනැසී පැවතී, ප්‍රජනනය කිරීමට හැකි ප්‍රමාණයට වඩා වැඩි ජීවීහු සංඛ්‍යාවක් උපත ලබති; එමනිසා එහි විපාකය වන “පැවැත්ම සඳහා වන අරගලයක්” වෙයි, තවද ජය ගන්නන්ට පරාජිතයන්ගේ ඒවායින් වෙනස් වන ලක්ෂණ තිබෙනු ඇත. කාලයාගේ ඇවෑමෙන් වෙනස්වීම එක්රැස්වීමත් සමග ස්වභාවික ව තෝරා ගැනීමක් සිදුවනු ඇත. නමුත් නිර්වචනයෙන් ම පාහේ අපට දැකිය නොහැකි යමක් වෙනුවෙන් ඩාවින් තර්ක කළේ කෙසේද? ඔහු, අපට අධිකරණ වල දැකිය හැකි ක්‍රම ම භාවිත කළේය. එය සිදුවනු කිසිවකු නොදුටුවේ නම්, තම උතුම් හාම්පුතා මරා දැමීම පිළිබඳ අප බොටලේරුවා වැරදිකරු කරන්නේ මන්ද? ඇතැම් විට බොටලේරුවා වෙනත් කෙනෙකු මරා දමද්දී අතටම අසුවූ නිසා විය හැක, නමුත් ඊට වඩා පෙනෙන හැටියට ලේ පැල්ලම්, මිනීමැරූ ආයුධය, චේතනාව, වැරදුණු අන්‍යස්ථානිකභාවය ආදී හෝඩුවාවන් හේතු කොට ගෙන ය. වෙනස් කම් – වඩා තර ඌරන්, ලොම් අධික බැටළුවන් – ඇතිකිරීමෙහි ලා ශාක හා සතුන් බෝ කරන්නන් ලබා ඇති සාර්ථකත්වයන් පෙන්වා දීම ඩාවින් සතුටින් කළ නමුත් ඔහුගේ සැබෑ තර්කය වූයේ පරිණාමය, ස්වභාවික වරණය තුළින් ප්රකෘතියේ හෝඩුවාවන් පැහැදිළි කරන බවත් අනෙක් අතට ප්රකෘතියේ හෝඩුවාවන් තම උපන්‍යාසය සාධාරණ ලෙස ඒත්තු ගැන්විය හැකි යැයි පෙන්වන බවත් ය. සම්භවය ඉතා වැඩි කොටස ජීවයේ ලෝකයෙහි ඇති ආශ්චර්යයන් හා අභිරහස් දක්වමින් ඒ මැදින් කෙරෙන ගමනකි. අප ෆොසිල ඉතිහාසයේ පහළට යත්ම, අද වන විට පුළුල් බවින් වැඩිවන පැළ හා සතුන් ගේ ආවලියක් සතුවෙමින්, ලක්ෂණ වඩා පොදු බවට පත්වන බව පෙනීයන්නේ මන්ද? හුදෙක්, මෙම පැරණි ස්වරූප, පසුව විවිධ විශේෂයන් බවට වෙසෙසියාවක් ඇතිකර ගත්, වර්තමාන ස්වරූප ආකෘති බොහෝ ගණනාවකම පොදු පූර්වජයන් වන බැවිනි. ගැලපගෝස් කොදෙව් පෙළෙහි වාසීන් අප්‍රිකානු වාසීන්ට නොව දකුණු ඇමෙරිකානු ප්‍රධාන දේශයේ වාසීන්ට සමානවන බව අපට පෙනී යන්නේ ඇයි? ගැලපගෝස් පැළ හා සතුන් ගේ – විශේෂයෙන් ම ෆින්ච් හා මොකිං ත්‍රෂ් වැනි පසිඳු කුරුළු විශේෂ වල – ආදිතමයන් ලොවේ අනෙක් පස සිට නොව ආසන්නතම ප්‍රධාන භූමියේ සිට සංක්‍රමණය වූවන් වන බැවිනි. උන් කොදෙව් පෙළට පැමිණි විට තම වෙනස් ස්වරූපයන්ට පරිණාමය වන්නට පටන් ගත්තෝය. ඉතා වෙනස් විශේෂ වල ජීවීන් ට – මානවයාට සහ කුකුළු පැටවාට පවා – සමාන කළල ඇත්තේ මන්ද? ඔවුන්ට පොදු පූර්වජයන් ඇති හෙයිනි, ස්වභාවික වරණය වැඩිහිටියන් විවිධ නිකේතනයන්ට ගලප්පමින් විවිධ අත ගෙන ගොස් ඇති නමුත්, ගර්භාෂය තුළ රැකවරණ ලැබ සිටින හෙයින්, විවිධ අතට පරිණාමය වන්නට කළලවලට හේතුවක් නොතිබුණු බැවිනි. නැවත නැවතත්, ඩාවින් සිය න්‍යාය ගැන්වීමට සරල හා සුපුරුදු උදාහරණ වලින් පිටුවහලක් ලබා ගත්තේය. කළල විද්‍යාව පිළිබඳව සිය සැක සනාථ කිරීමට ඔහු සුනඛයන් සහ අශ්වයන්, පැටවුන් ලෙස සහ මේරූ එවුන් ලෙස මැන බැලීය. සතුන් අභිජනනය කරන්නන් වෙනසකින් තොරව ඔහුට පැවසූයේ වෙසෙසි වර්ගයන් වැඩිහිටියන් තුළ හා සමානවම කුඩාවුන් තුළද වෙසෙසි බවය, නමුත් පරීක්ෂාකාරී මිනුම් ඔහුට පෙන්වා දුන්නේ ඊට වෙනස් දෙයකි. ග්‍රේ හවුන්ඩ් හා බුල්ඩෝග් සුනඛ වර්ග දෙකේම පැටවු එක හා සමාන ය, තරඟ අසුන් හා වල් අසුන් ගේ පැටවු ද එසේම ය. මක්නිසාද? සොබාදහමේ මෙන්, අභිජනනය කරන්නන් තෝරන්නේ වැඩිහිටි ස්වරූප උදෙසා වන අතර, කුඩා එවුන් ගේ ස්වරූප පිළිබඳ වැඩි තැකීමක් නොකරන බැවිනි. සම්භවය සම්බන්ධයෙන් මෙතරම් දෙනෙකු රවටාලන්නේ, සාමාන්‍ය විද්‍යා පොතින් එතරම්ම වෙනස් වන, එහි ඇති සියල්ලන්ම දන්නා උදාහරණ සහ කුළුපග භාෂා විලාසය සමගින්, එහි ඇති මේ සරල හුරුපුරුදු භාවයයි. මේ භාෂා විලාසයට හේතුවක් ඇත. ඩාවින් යනු ඔහුගේ තුල්‍යයන් ගේ නොමඳ ගෞරවයට පත් බෙහෙවින් නිපුණ ජීව විද්‍යාඥයෙකි, නමුත් වෙනත් ආකාරයකින් ඔහු ආධුනිකයෙකි. ඔහු කිසි දිනෙක මහාචාර්යවරයෙකු ලෙස හෝ ඒ හා සමාන කුමන හෝ යමක් සඳහා වේතනයක් ලබන රැකියාවක් නොකළේය. ඔහු අති විශාල පවුල් ධනස්කන්දයෙන් යැපුණි, ප්‍රධාන කොටම තම මුත්තා විසින් පිහිටුවනු ලැබූ වෙජ්වුඩ් කුඹල් කර්මාන්ත ශාලාවෙනි. ඩාවින් සිය මුළු ජීවිත කාලය පුරාම එයට ගෞරව කළේය, මේ බව පිළිබිඹු කෙළේය, ඔහු පළමු කොට ලියූවේ ඔවුන් මිය යෑමෙන් බොහෝ කළකට පසුත්, තම පවුල් අනුශාසකයන්ගේ අනුමැතිය සඳහා ය. එමනිසා සම්භවය අප රවටන සුළු ලෙස සරල ය. උගත් මධ්‍යම පාන්තික ඉංග්‍රීසි ජාතිකයෙකුගේ පහසු භාෂාවෙන් ඩාවින්, සොබා දහම හා ජීවමාන ලෝකයේ ස්වභාවය සහ තත්ත්වය පිළිබඳ කවර කලෙක හෝ කෙරෙනු ලැබූ ඉතාම වැදගත් සොයා ගැනීම ලෙස නිවැරදිව විස්තර කොට ඇති අදහසක් පිළිබඳ බලසම්පන්න තතු දැක්වීමක් කළේය. මයිකල් රූස් Cambridge Companion to On the Origin of Species (2009, පෙබරවාරි ) සම-සංස්කරණය කෙළේය. අමිල සූරිආරච්චි මැද පෙරදිග ප්‍රධාන බැංකුවක අලෙවිකරණ නිලධාරියෙකු ලෙස සේවය කරයි. ඔහුගේ පරිවර්තනයක් වන ඉෂාක් බෂේවික් සිංගර්ගේ එකතු කළ කෙටිකතා කෘතිය දැනට මුද්‍රණයේ පවතින අතර J.D. Salinger ගේ The Catcher in the Rye ග්‍රන්ථය මේ දිනවල පරිවර්තනය කරමින් සිටී …………………………………………………………………………………… …………………………………………………………………………………… මේ දක්වා කතිකා වෙබ් අඩවිය මගින් හඳුන්වා දී ඇති කෘතින් 2. සිග්මන් ෆ්‍රොයිඩ් ගේ ‘සිහින පිළිබඳ අර්ථකතනය’(Sigmund Freud, The Interpretation of Dreams) 3. ව්ලැදිමීර් නබකොව් ගේ ‘ලොලීටා’ (Vladimir Nabokov, Lolita, Unsweet and LO) 4. ගාබ්‍රියෙල් ගර්ෂියා මාකේස් ගේ ‘සියක් වසක හුදෙකලාව’ (Gabriel Garcia Marquez, One Hundred Years of Solitude) 5. කාල් මාක්ස් ගේ ‘දාස් කැපිටාල්’ (Karl Marx, Das Kapital) 6. නිකලෝ මැකියවෙල්ලි ගේ ‘ කුමාරයා’ (Niccolo Machiavelli, The Prince) ශ්‍රේෂ්ඨතම පොත් 50 අතරට ඇතුළත්වුණු ඉදිරියේදී ලිපි පළකිරීමට නියමිත කෘතීන්
1. Mark Twain ගේ The Adventures of Huckleberry Finn
2. Marcel Proust ගේ In Search of Lost Time 3. Dante ගේ The Divine Comedy 4. Miguel de Cervantes ගේ Don Quixote 5. James Joyce ගේ Ulysses 6. St. Augustine ගේ The Confessions of St. Augustine 7. F. Scott Fitzgerald ගේ The Great Gatsby 8. George Eliot ගේ Middle March 9. Adam Smith ගේ The Wealth of Nations 10.Jonathan Swift ගේ Gulliver’s Travels 11. Shakespeare ගේ King Lear 12. Emmanuel Kant ගේ The Critique of Pure Reason 13. Jane Austin, Pride and Prejudice 14. Homer ගේ The Iliad and The Odyssey 15. Fyodor Dostoyesky ගේ The Brothers Karamzov 16. T.S. Elliot ගේ Collected Poems, 1909-1962 17. The Koran ගේ the words beyond worth 18. Charles Dickens ගේ Our Mutual Friend 19. Jorge Luis Borges ගේ Ficcions20. Herodotus ගේ The Histories 21. Herman Melville ගේ Moby-Dick 22. Gustave Flaubert ගේ Madame Bovar 23. Kafka ගේ The Complete Stories 24. The King James Bible 25. Newton ගේ Principia Mathematica 26. W.B. Yeats ගේ The Collected Poems (එකතු කළ කවි) 27. Galileo ගේ Dialogue 28. Sophocles ගේ The Theban Trilogy 29. Vyasa ගේ The Mahabharata 30. Lewis Carroll ගේ Alice in Wonderland 31. Jean-Jacques Rousseau ගේ The Social Contract 32. Michel de Montaigne ගේ Essays 33. Goethe ගේ Faust 34. Rachel Carson ගේ Silent Spring 35. David Hume ගේ An Enquiry Concerning Human Understanding 36. Anton Chekhov,ගේ Stories 37. Tolstoy ගේ War and Peace 38. Mary Wollstonecraft ගේ A Vindication of the Rights of Woman 39. Boccaccio ගේ The Decameron 40 . Beckett ගේ Waiting for Godot ගේ 41. Murasaki Shikibu ගේ The Tale of Genji 42. Diderot ගේ Encyclopedia 43. Henry James ගේ The Portrait of a Lady. |
Evolution >