Government and opposition politicians participation in religious affairs in unethical governance: ජාතිය පිළිබඳ බෞද්ධ සංකල්පය වර්තමාන ශ්‍රී ලංකා සමාජය තුළ
ප්රබලව සාකච්ඡාවට බඳුන්ව ඇති කාරණාවකි "ජාතිය" පිළිබඳ අදහස. මෙහිදී මෙම
ලිපියේ අරමුණ වන්නේ උක්ත අදහස සම්බන්ධයෙන් බෞද්ධ විචාරය දැක්වීමය. එමෙන්ම
අප බහුලව දැන් දැන් භාවිත කරන බහු සංස්කෘතික, බහු ආගමික රටක්ය යන භාවිතය
පිළිබඳව ද ඒ ඔස්සේ "ශ්‍රී ලාංකික" යන පදනම මත රට සංවර්ධනය කිරීමේ සංවාදය
පිළිබඳ අදහසක් දැක්වීමය. නමුත් වර්තමානය වන විට ජන නායකත්වය ද මෙම හැඳින්වීමට
අස්ථානගත බියක් දක්වමින් බහු ආගමික රටක් වශයෙන් දැක්වීමේ උත්සාහයක
නියෑළෙති. සිංහල බෞද්ධ රට යන යෙදුමට, ව්‍යවහාරයට අන්තවාදී අදහස් දරන්නවුත්
යෑයි ඝෝෂා කෙරෙති. මේ කරුණු මෙසේ වේවා මගේ උත්සාහය වන්නේ හරිහැටි
අවබෝධයකින් තොරව "ජාතිය" යන වදන අර්ථ ගන්නවුන් උදෙසා එහි සැබෑ ප්රකාශනය
කුමක්ද යන්න පෙන්නා දීමය. ඒ ඔස්සේ උක්ත කරුණු විචාරයට ලක්වීම මැනවි
යෑයි මගේ හැඟීමය. මෙම අදහස මුල් බුදු සමය තුළ කෙතරම් ප්රබලව සාකච්ඡා
කරන්නේ ද යත් ජාති ශබ්දයේ අවශේෂ අර්ථ යටපත්වීමට එය බලපා ඇත. සාමාජික වශයෙන්
එය සලකන කල එහි අර්ථ තුනක් ඇත. මහාචාර්ය මලලසේකර සහ ජයතිලක යන අය
පෙන්වාදී ඇති පරිදි ජාති ශබ්දයේ "විශේෂය" යන අර්ථය ඇත. ඊට අමතරව එහි
"වර්ණය" යන අර්ථය ඇත. උදාහරණ ලෙස සූත්‍රවල එන බ්‍රාහ්මණ ජාති, ඛත්තිය ජාති
වැනි ප්‍රයෝග ඉදිරිපත් කළ හැක. තුනෙන්ම ජාති ශබ්දයේ "ජන වර්ගය" යන අර්ථය
ඇත. අද අප සිංහල ජාතිය, ද්‍රවිඩ ජාතිය යන ක්‍රමයෙන් ව්‍යවහාර කරන තැන්වල එම
ජාති ශබ්දයේ අර්ථයට සමාන අර්ථයකින් එම පදය සූත්‍රවල යෙදී ඇත. මගධයන්ගේ භාෂාව මගධ යන ආදී ක්‍රමයෙන්ය. රාජ්‍යය එහි
භාෂාව යන දෙක කෙනකුට උරුම වන්නේ උපතින්ය. එම නිසා ඒවා වාසෙට්ඨ සූත්‍රයේ එන
"ලිංගං ජාති මයං" සංඛ්‍යාවෙහිලා වර්ග කළ හැකිය. (ඒ ඒ විශේෂයට උපතින් උරුම
වන ලක්ෂණ ලිංගං ජාතිමයං යෑයි දක්වා ඇත) එක් එක් මිනිසාට එවැන්නක් නැති
වුවත් ජන වර්ගයක් හැටියට සැලකීමේදී එවැනි අංගයක් හෝ දෙකක් ඇති බව පෙනෙන
හෙයින් වාසෙට්ඨ සූත්‍රයේදී ජන වර්ග වර්ගීකරණය ප්‍රතික්ෂේප නොවන බව පෙනේ. කිරිල්ලියකට තමාගේ කැදැල්ලේ දී ඕනෑම ආකාරයකින් හැඬලිය
හැකි සේ ශාක්‍යයන්ට තමාගේ රුචි අරුචිකම් සහ ඕනෑ එපාකම් අනුව කපිල
වස්තුවේදී හැසිරිය හැකි බව බුදුන් වහන්සේ අම්බට්ඨට කියා දෙති. මෙහිදී
වැදගත් වන කාරණය නම් ශාක්‍ය ජාති, එනම් ශාක්‍ය යන ජන වර්ගය ගැන කතා කිරීම
නුසුදුසු යෑයි බුදුන් වහන්සේ පෙන්වා නොදුන් බවයි. සියල්ලට ඉහළින්
මනුෂ්‍යත්වය ගැන සැලකූ කෙනකුගෙන් බලාපොරොත්තු වන මෙබඳු ප්‍රකාශයෙන් මේ
අවස්ථාවේදී බුදුන්ගෙන් ප්‍රකට වූයේ නැත. උන්වහන්සේ තවදුරටත් පැහැදිලි කර
සිටින්නේ ඕනෑම ජන වර්ගයක් තුළ තිබිය හැකි සාධකයක් ශාක්‍යයන් තුළ ද පවතින
බවය. එය හඳුන්වා ඇත්තේ "ජාති සම්බේද භය" යන පදයෙනි. ජන වර්ගය තුළ භේද හට
ගනීය යන භය සෑම ජන වර්ගයකටම පොදු කාරණයකි. ජන වර්ගවල හැසිරීම් තීරණය
කිරීමේදී උපයෝගී කරගත යුතු කරුණක් හැටියට එය දක්වා ඇත. ජන වර්ගයක්
ඇතැම්විට හැසිරෙන්නේ තර්කානුකූල හේතු සාධක අනුව නොව මේ කියන බිය නිසාය. "ඔබේ ජාතිය ඇසූ විට එය මට කියාදෙන්න." (ජාතිං අක්ඛාහි පුච්ජිතෝ) එවිට සිදුහත් තාපසයන් කියා සිටින්නේ තමා කොසලයට අයත් ශාක්‍ය ජාතියෙන් එන බවය. (උජුං ජනපදො ආසී කෝසලෙසු නිකේතිනං ගෝතමෝ නාම ගොත්තෙන ශකියා නාම ජාතියං) මෙහිදී සිදුහත් තාපසයා තමා හඳුන්වා දෙන්නේ කෝසළ දේශයත් ගෞතම ගෝත්‍රයත් ශාක්‍ය ජාතියත් මතක් කිරීමෙනි. ජන වාර්ගික අනන්‍යතාව පිළිබඳ හැඟීමක් සිදුහත් තාපසයාට තිබුණු බව මින් පෙනේ. බුදු වූ පසු එක් තැනකදී උන්වහන්සේ කියා සිටින්නේ කෙනකුගේ ජාතිය නොව හැසිරීම ඇසිය යුතු බවයි. (මා ජාතීව ප්රච්ඡ චරනංච පුච්ඡ) එහෙත් සිදුහත් තවුසා, බිම්සර රජතුමා ජාතිය ගැන විමසන විට කියා සිටින්නේ තමා මිනිස් වර්ගයට අයත් කෙනකු හැටියට නොව ශාක්‍ය ජාතියට අයත් කෙනකු හැටියට පෙනී සිටින බවය. බුදු වූ පසුද ඇතැම් අවස්ථාවල බුදුන් වහන්සේ ජන වාර්ගික අනන්‍යතාව අමතක නොකළ බව මඡ්. නි. ධම්මෙච්තිය සූත්‍රයෙන් පැහැදිලි වෙයි. ධම්ම ෙච්තිය යන පදය ධර්මානුකූලව ඉදිරිපත් කරන ශාක්‍යය යන අර්ථය දෙන්නකි. එය සත්‍යයේ සාධක යනුවෙන් ද පරිවර්තනය කළ හැක. ධම්ම ෙච්තිය සූත්‍රයේ සඳහන් වන්නේ ටික කලකින් බුදුරදුන් මුණ ගැසීමට අවස්ථාව නොලද කොසොල් රජතුමා බුදුරදුන් මුණගැසුණු අවස්ථාවේ කියා සිටි කරුණුය. විවිධ මාතෘකා මතකයට නංවමින් කතා කළ කොසොල් රජතුමා අවසානයේදී ප්‍රකාශ කළ ධර්ම චෛත්‍ය නම් මම ද කොසොල් වැසියෙකි. භාග්‍යවතුන් වහන්සේ ද කොසොල් වැසියෙකි. මම ද ක්ෂත්රියය. භාග්‍යවතුන් වහන්සේ ද ක්ෂත්රියය. මම
ද අසූ වයස්ය. භාග්‍යවතුන් වහන්සේ ද අසූ වයස්ය යන්නය. මෙහිදී බුදුන්
වහන්සේත්, කොසොල් රජුත් අතර පැවති සමානකම් තුනක් පෙන්වා දේ. ඒවා නම්
දෙදෙනාම කෝසළයේ පුරවැසියන් වීම, දෙදෙනාම ක්ෂත්රියයන් වීම හා දෙදෙනාම අසූ
වයස් වීමය. මෙහිදී බුදුන් වහන්සේ සියලු කෙලෙසුන් නැසූ තමන් වහන්සේ අතරත්
පුහුදුන් තැනැත්තකු වූ කොසොල් රජු අතරත් සමානත්වයක් පළ කිරීම සම්බන්ධයෙන්
උදහස් නොවූ සේක. බුදුන් වහන්සේගේ ජනවාර්ගික අනන්‍යතාව මේ අන්දමට අවධානය
යොමු කළ යුතු කාරණයක් හැටියට ධම්ම ෙච්තිය සූත්‍රයේදී දක්වා ඇත. එය "අථ
සංහිතං/ආදී බ්රහ්මචරිතං" යන පද දෙකෙන් ද වර්ණනා කොට ඇත. ප්‍රතිඵල ගෙන දෙන,
බ්රහ්මචර්යට නැඹුරු වූ කරුණු හැටියට මෙහි දක්වා ඇත්තේ බුදුන් වහන්සේ සහ
කොසොල් රජ යන දෙදෙනාම කෝසල වංශිකයන්වීමත්, ක්ෂත්රියන්වීමත් අසූවියෙහි
පසුවීමත්ය. මෙයින් පෙනී යන්නේ ජනවාර්ගික හැඟීම සහ රට පිළිබඳ හැඟීම
යන පද මිනිස් සන්තානයේ ගැඹුරෙන් පවතින කරුණු බවය. අවඤ්ඤත්ති යනුවෙන්
අදහස් කරන්නේ මමය, මාගේ යෑයි ගත් දේය. ජාතිය සහ ජනපද යන දෙකද මිනිසා මමය
මාගේ යෑයි කියාගත් කරුණු අතරට එකතු වෙයි. මේ අනුව ජාතිය පිළිබඳ, රට පිළිබඳ
හැඟීමක් නැතැයි කිසියම් පුහුදුන් පුද්ගලයෙක් කියා සිටින්නේ නම් ඔහු
කරන්නේ තමාම රවටා ගැනීමය. ඒවායේ නිදහස් වූ මානසික තත්ත්වයක් යමෙකුට ඇති
කරගත හැකි නම් ඔහු අවශ්‍යයෙන්ම රහතන් වහන්සේ කෙනෙක් බව කිය යුතුය. පොදු ජාතිය තුළ සිංහල ජාතිය ප්‍රධානවීම ගැන කතා කිරීම
වැරදි සහගත නොවේ. මන්ද, අන් අයට ද එය එසේ වන හෙයිනි. තම තමන්ගේ ජාතිය
පිළිබඳ ප්‍රකාශ කිරීම වළක්වාලිය හැක්කක් නොවේ. ශ්‍රී ලාංකික යන
ව්‍යවහාරය භාවිතයේ වරදක් නැත. එනමුදු ඒ ඔස්සේ සිංහල ජාතිය යෑයි සඳහන්
කිරීමට බියවීම දීන වූත්, අධම වූත් පිළිවෙතකි. වරද ඇත්තේ එතැනය. ඒ ශ්‍රී
ලාංකික යන ව්‍යවහාරය තුළ සිංහල ජාතිය යන්න අමතක කර දැමීමට ඇතැමුන් උත්සාහ
කිරීමය.
මල්වතු විහාරයට අයත් වෙහෙර විහාර රෝහණ පාර්ශ්වයට එක් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් - රනිල් වික්‍රමසිංහ පියසේන දිසානායක මල්වතු විහාරයට අයත් වෙහෙර විහාරස්ථාන 500 ක් පමණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව දකුණේ රෝහණ පාර්ශ්වයට එකතු කිරීමට කටයුතු කිරීම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව වැනි වගන්තියට අනුව බුද්ධාගමට ප්‍රමුඛත්වය දී ශාසනය සුරක්ෂිත කොට එය පෝෂණය කිරීමට රජය බැඳී සිටියද මෙවැනි ක්‍රියා මගින් බලවත් පහරක් එල්ලවී තිබෙන බව හෙතෙම කීය. විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (19 දා) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය කළ රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 15-16 යන දිනවල මල්වතු විහාරයට රාජ්‍ය අනුග්‍රහය ඇතිව ගොස් ඇති භික්ෂුන් වහන්සේලා කිහිප නමක් මල්වතු නාහිමිට තර්ජනය කර ඇති බවත් පැවැසීය. මෙලෙස මල්වතු අස්ගිරි විහාරස්ථාන වෙත ගොස් නාහිමිවරුන්ට තර්ජනය කළ භික්ෂුන් වහන්සේලා හා ගිහි පුද්ගලයන් කිහිප දෙනෙක් පිළිබඳ මේ වන විට තොරතුරු ලැබී ඇති බවත් ඔවුන් පිළිබඳ සියලු තොරතුරු ඉදිරියේදී හෙළි කිරීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම කීය. මල්වතු අස්ගිරි මහානාහිමිවරුන්ට තර්ජනය කිරීමට පැමිණි ගිහි පුද්ගලයන් රාජ්‍ය අනුග්‍රහය ඇතිව පැමිණ ඇති බවත් මේ සම්බන්ධව රජය ගන්නා ක්‍රියාමාර්ග වහා රටට හෙළිකළ යුතු බවත් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවැසීය. http://www.divaina.com/2010/02/20/news03.html http://www.defence.lk/new.asp?fname=20100504_08 Poltiticians of both government and opposition at Religious Ceremonies Monks in Schools Religion as School subject Chandrika's presidential inauguration based on auspicious Astrological time Monks in parliament in robes Pictures Religious Institutions steal and destroy natural childhood of innocent boys. In a rare event like this, they get to enjoy and express what they love as children. Children shall not be forced into a monastery at such young age, even with parental permission; they should be allowed what is natural to any child's psychological and physical development. same as above On the News news articles |
Hall of Shame of Secular Sri Lanka
Subpages (7):
BBC report: Sri Lankan activists oppose plan to train boys as monks
Child Abuse by a Monk in Habaraduwa
Child Monk Sex Abuses in Sri Lanka
Child Monks of Sri Lanka
Monk implicated in a child rape and murder case.
Monk sentenced to 10 years for child abuse
Sri Lanka's M&M :Military and Monks
Comments