Home‎ > ‎

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව [Constitution of Sri Lanka]

Following is a collection of recent articles that discussed our constitution and constitution reforms:



http://www.lankanewsroom.com/index.php?option=com_content&view=article&id=732%3A2010-05-14-04-49-48&catid=1%3Alatest-news&Itemid=18&lang=en

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම නොවැම්බර් සිට

(2010 මැයි 14 පෙ.ව. 10.10) - ලබන නොවැම්බර් මාසයේදී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන ඇරඹෙන බවත්, එම කි‍්‍රයාවලිය පියවර තුනකින් සිදු කෙරෙන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක හා ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා ඊයේ කොලඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති පක්‍ෂ නායක හමුවකදී මෙම තීරණය ගත් බව ඇමතිවරයා කියා සිටියේය.

මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීම හා සෙනෙට් මන්ත‍්‍රී මණ්ඩලය පත් කිරීම එම කි‍්‍රයාවලියට අයත් වන බව වීරවංශ මහතා කීය.

ඉදිරි දෙවසර ඇතුලත මේ සංශෝධන සියල්ල කි‍්‍රයාත්මක කොට අවසන් කරන බවද ඔහු පැවසීය.


http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=565784594


ශ්‍රී ලංකාව ජනරජයක් වී අදට වසර 36 යි

05/22/2008 12:13

මැයි,22,(විමසුම) – ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වී අදට වසර 36ක් සපිරේ.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට පැවති බැඳීම් සියල්ල බිඳ දමමින්, ශ්‍රී ලංකාව ස්වෛරී ස්වාධීන ජනරජයක් බවට පත් කළ 1972 නව ජනරජ ව්‍යවස්ථාව බිහි වූයේ මීට වසර 36 කට පෙරාතුව අද වැනි දිනකයි.

1972 මැයි මස 22 වනදා එම නව ව්‍යවස්ථාව ස්ථාපිත වීමට පෙරාතුව, එතෙක් මෙරට පාලනය වූයේ 1948 දී බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය විසින් පටවන ලද ව්‍යවස්ථාවක් මඟිනි.

එහෙයින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය තදින්ම දැණුනු බැවින් සිංහල දෙමළ මුස්ලිම් ආදී සියලු ජන කොටස් නියෝජනය කළ දේශපාලන නායකයෝ නව ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීම සඳහා එක්ව ක්‍රියා කළහ.

මෙම නව ව්‍යවස්ථාව සකස්වීම පිළිබඳව එවකට අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය ආණ්ඩුක්‍රම සම්පාදක මණ්ඩලයට යෝජනා කරමින් ප්‍රකාශ කර සිටියේ, “... අප අතර සිංහල, ද්‍රවිඩ, යෝනක, ලංසි, මැලේ සහ තවත් ජන කොටස් ද බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි, මුස්ලිම් ආදී ආගමික පිරිස් ද සිටින නමුත් අප එකම ජාතියක් වන අතර එකම ජාතියක් වශයෙන් ක්‍රියා කළ යුතුයි. අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ රටේ සමාජවාදී සමාජයක් බිහි කිරීමේ ජනතා පැතුම ඉටුකිරීමට අනුබල දෙන්නක් විය යුතුයි. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අපගේ නිදහස ස්වාධීනත්වය හා ජාතික ස්වෛරීභාවය ආරක්ෂා කරන්නක් විය යුතුයි...” යනුවෙනි.

ඒ අනුව සකස් වූ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් 1972 දී ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් වුණු අතර මැයි 22 දා ´ජනරජ දිනය` ලෙස නම් කෙරිණි.

1972 ව්‍යවස්ථාවෙන් මෙරට ඒකීය රාජ්‍යයක් ලෙස නම් කෙරුණු අතර බුද්ධාගමට ප්‍රමූබස්ථානය දෙමින් බුද්ධාගම ආරක්ෂා කිරීම සඳහා රජය බැඳී සිටින බවත් සිංහල භාෂාව, රාජ්‍ය භාෂාව ලෙසත් මෙම ව්‍යවස්ථාවෙන් පිළි ගැනිණි.

ධර්ම චක්‍රයත්, ඉර හඳත්, පුන්කලසත්, වී කරල් සහ පලා පෙති රටාව මැද සිටින කඩුවක් රැගත් සිංහ රූපයත් ඇතුළත් කරමින් ශ්‍රී ලංකාවේ නව රාජ්‍ය ලාංඡනය ප්‍රකාශයට පත් වූයේ ද 1972 නව ජනරජ ව්‍යවස්ථාව ස්ථාපිත වීමෙන් පසුවය.

ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වී වසර 36 ක් පිරීම නිමිත්තෙන් අද දින සියළුම රජයේ ආයතන විසින් ක්‍රියාත්මක කළ යුතු විශේෂ වැඩපිළිවෙළක් රජය විසින් ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව සියළුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත ආයතනයන්හි ප්‍රධානියා විසින් කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ සහභාගීත්වය මත, අද උදෑසන 08.30 ට ජාතික ධජය ඔසවා තැබීමටත්, ජනරජ දිනයේ වැදගත්කම පිළිබඳව කාර්ය මණ්ඩලය දැනුවත් කෙරෙන විනාඩි 10 ක පමණ කෙටි දේශනයක් පැවැත්විය යුතු බවත්, රජය කියයි.

මීට සමගාමීව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය විසින් “ශ්‍රී ලංකා ජනරජයේ උපත” යන මැයෙන් සම්පාදිත පත්‍රිකාවක් පාසැල් සිසුන් අතරේ බෙදා හරින ලදී.


http://www.defence.lk/sinhala/sn.asp?fname=20080220_06
යාවත්කාලීන වේලාව: 2/21/2008 4:56:25 PM <% on Error Resume Next Response.Expires = 0 %>

ශ්‍රි ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නය හා කුහක දේශපාලනය

1975 දී යාපනයේ නගරාධිපති ද්‍රොරේඅප්පා ඝාතනයෙන් ආරම්භ කළ කොට් ත්‍රස්තවාදී ව්‍යාපාරය අද වන විට වසර 33 කට අධික කාලයක් පුරා මුළු මහත් රටත් ජාතියත් විශේෂයෙන් ද්‍රවිඩ ජනතාවත් ගිලගනිම්න් සිටින ලොව ඉතාමත් දරුණු ත්‍රස්තවාදී සංවිධානයක් බවට පත්ව ති‍බේ. එදා සිට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය බිහිවන තුරු වසර 30 කට අධික කාලයක් තුල ජාතික හා අන්තර් ජාතික වශයෙන් මෙම ත්‍රස්තවාදී සංවිධානය ව්‍යාප්ත වී බලවත් සංවිධානයක් බවට පත්වෙමින් පැවතිනි.

අප රටේ සමහර දේශපාලන නායකයින්, පක්ෂ හා සංවිධානද, ඇතැම් විදේශීය රටවල් හා සංවිධානද විදේශගත බොහෝ ජන කොටස්ද අප රටේ සමහර ජනමාධ්‍ය ආයතන හා ජනමාධ්‍ය කරුවන්ද, සමහර එන්.ජී.ඕ. සංවිධානද අඩු වැඩි වශයෙන් ආධාර අනුබලය, හා අනුග්‍රහය ලබාදීම නිසා කොටි සංවිධානය බලවත් වීමට හේතු වු බව ප්‍රකට කරුණකි. මහින්ද රාජපක්ෂ රජය කොටි සංවිධානයේ කොදු නාරටි බිඳ දමමින් සිටින අද දවසේ ශ්‍රි ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නය හමුවේ එදා සිට ක්‍රියාත්මක වන “කුහක දේශපාලනය” නිසා රටේත් ජාතියේත් ද්‍රවිඩ ජනතාවගේත්, විනාශකාරී ත්‍රස්තවාදී බලවේගය දක්වා වැඩුණු අයුරු කෙටි විග්‍රහයක් කිරිම මෙම ලිපියේ අරමුණ වන්නේය.

අපේ රටේ යටත් විජිත පාලනය විසින් උරුමකළ ජනවාර්ගික ප්‍රශ්නය දරුණු ගරිල්ලා ත්‍රස්තවාදි යුද්ධයක් බවට පත් වී තිබේ. මේනිසා මෙතෙක් සිදු වී ඇති ජීවිත, දේපළ විනාශයට අමතරව රජයේ සංවර්ධන සැලසුම් ජාතියේ අපේක්ෂාවන් බිද වැටීම හා සාමාන්‍ය ජන ජීවිතය අවුල් වී විනාශය කරා යාම අනිවාර්ය ප්‍රතිඵල බවට පත්ව තිබේ.

යටත් විජිත සුරාකෑමට ලක්වුවද නිදහසෙන් පසු නැගී සිටිමට වෙරදරන රටකට මුහුණ දීමට සිදුව ඇති මහා විපතකි. යටත් විජිත පාලනය විසින් වපුරන ලද ජාතිවාද බීජ අපේ ජාතික නායකයින් විසින් පොහොර දමා පෝෂණය කිරිමේ ප්‍රතිඵල වශයෙන් මෙම විනාශකාරි විපත සිදු වි තිබේ. මුලු මහත් ජාතියටම අද භුක්ති විදිනු ලබන්නේ එහි විනාශකාරි ප්‍රතිඵලයයි.

නිදහස ලබාදුන් පසු රටේ පාලන බලය හිමිකර ගත් නායකයින් දුර දක්නා නුවනින් අවබෝධ කරගෙන නිශ්චිත තිරසාර විසදුම් ඉදිරිපත් නොකර මෙම ප්‍රශ්නය තව දුරටත් ඔඩු දුවන අයුරින් ක්‍රියා කිරිම ජාතියේම අවාසනාවකි.

එකම වකවානුවේ නිදහස ලබාදුන් ඉන්දියාවේ ජන නායකයින් නිවැරදි අනාගත දර්ශනයකින් යුතුව තම රටේ පාලන කටයතු රටේ හා ජනතාවගේ මුලික අවශ්‍යතාවන්ට සිරිලන අයුරින් ගොඩනගා ගන්නට උත්සුක වීම එම රටෙත් ජනතාවගෙත් ඉමහත් වාසනාවක් වී තිබේ.

අධිරාජ්‍යවාදින් විසින් පිළිගැන්වු ආණ්ඩුක්‍රම පනත ඉරාදමා රටෙත් ජාතියේත් අවශ්‍යතාවන්ට සරිලන අයුරින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කොට, ඒ යටතේ රටත් ජනතාවත් මෙහෙය වීමේ ප්‍රතිඵල අද ඉන්දියාව භුක්ති විදිමින් සිටී. එදා ඉන්දියානු නායකයින් එම පියවර නොගත්තා නම් රට කෑලි කෑලි වලට කැඩී ගොස් ආසියාවේ දේශපාලන මහ ඛේදවාචකය වනු නොවනුමානය. එදා කෝටි 30 ක් වු ඉන්දියානු ජනගහනය අද කෝටි 70 ක් ඉක්මවා සිටී. මෙම සීග්‍ර ජනගහන වර්ධනය යටතේ අද ඉන්දියාව ලබා තිබෙන දියුණුව විශ්මය ජනකය. ආසියාවේ දියුණුම රටවල් වන චීනය. ජපානය හා කරට කර සිටිමින් වේගවත්ව ඉන්දියාව ගමන් කරමින් සිටී.

 

ජනවාර්ගික ප්‍රශ්නය විසදීමට ති‍බු ප්‍රථම අවස්ථාව මග හැරීම

එදා ඒ ශ්‍රේෂ්ඨ ඉන්දියානු ජන නායකයින් ආදර්ශයට ගෙන අපේ රටේ ජාතික නායකයින්ද, තම රටේ හා ජාතියේ අනාගතය ගැන සිතා අපට පැටවු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස්කොට, ජාතික ප්‍රශ්න විසදෙන ආකාරයේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කොට ඒ අනුව සංවර්ධන මාවතකට ජාතිය යොමු කළේ නම්, අද අපේ රටේ සිදුවන විනාශකාරි විපත් සිදු වන්නේ නැත. ජනවාර්ගික ප්‍රශ්නය ඉතාමත් සරලව විසඳීමට තිබුණු මෙම ‍ඓතිහාසික ස්වර්ණමය අවස්ථාව පැහැර හැරිම රටටත් ජාතියටත් කරන ද බලවත් ද්‍රෝහීකමක් ලෙස පෙන්වා දිය හැකිය.

 

ජනවාර්ගික ප්‍රශ්නය විසදීමට ගත් ප්‍රථම උත්සාහය

ඉන්දියානු ආදර්ශයට අනුව යමින් ජන වාර්ගික ප්‍රශ්නයට සාර්ථක විසඳුමක් ඉදිරිපත් කොට, අපේ රට සංවර්ධනය කරා මෙහෙයවීමට දුර දක්නා නුවණින් ක්‍රියාකළ අප රටේ දේශප්‍රේමී ජාති හිතෛශී ජන නායකයා වුයේ ගරු එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ඇමැතිතුමාය. 1956 වර්ෂයේදී බලයට පත් වු එතුමා ද්‍රවිඩ නායකයින් සමග එකඟතාවයකට පැමිණ ඇති කරගත් 1957 බණ්ඩාරනායක චෙල්වගම් ගිවිසුම ක්‍රියාත්මක කිරිමට සැරසුන අවස්ථාවේ ජාතිවාදි භික්ෂූන් වහන්සේලාගේත් එක්සත් ජාතික පක්ෂයේ ජේ.ආර්. ජයවර්ධන ඇතුළු දේශපාලන නායකයින්ගේත් බලවත් විරෝධතා නිසා ගිවිසුම ඉරා දැමිමට එතුමාට සිදුවිය. එතුමා එය ඉරා දමමින් කරන ලද ඓතිහාසික ප්‍රකාශය මෙහිදි සිහිපත් කිරිම වැදගත්ය. “තමුන්නාන්සේලාගේ බලවත් විරෝධතා මැද අද මම මෙම ගිවිසුම ඉරා දමමි. නමුත් ඉදිරි අනාගතයේදී රටත් ජාතියත් අනාගත පරම්පරාවත් විනාශකාරි අර්බුදයකට මුහුණ පාන්නට සිදුවීම වැලැක්විය නොහැකි වනු ඇත. ” එතුමා එදා කළ එම ප්‍රකාශය අද ඔප්පු වී හමාරය.

ජනවාර්ගික ප්‍රශ්නය ඉතාමත් සාමකාමි පරිසරයක් තුල විසඳා ගැනිමට තිබුන දෙවන අවස්ථාවද ජාතිවාදය හා කුහක දේශපාලනය නිසා වැළකී ගියේය.

නිදහසෙන් පසු ජනවාර්ගික ප්‍රශ්නය විසදීමට ගත් ප්‍රථම උත්සාහය ජාතිවාදී හා අවස්ථාවාදීන් නිසා කඩාකප්පල් වී යාමෙන් සිංහල ජනතාව කෙරේ ද්‍රවිඩ ජනතාව තබාතිබු විශ්වාසය ඉතා දරුණු ලෙස පලුදු වි ගියේය. 1958 රට පුරා ඇවිලී ගිය ජාතිවාදි කෝලාහළයට ආසන්න හේතුව වුයේද, මෙම අර්බුදයයි.

 

2 වැනි උත්සාහය

ජනවාර්ගික ප්‍රශ්නයට විසඳීමට උත්සාහ ගත් දෙවැනි අවස්ථාව උදාවුයේ රටට ජාතියට අවංකව ආදරය කළ ජනනායකයෙකු වු අගමැති ඩඩ්ලි සේනානායක මහතාගේ කාලයේදීය. 1965 දී එතුමා චෙල්වනායගම් මහතා සමග “ ඩඩ්ලි චෙල්වනායගම් ගිවිසුම” ඇති කරගෙන ක්‍රියාත්මක කිරීමට යාමේදී ජාතිවාදින්ගේ හා අවස්ථාවාදීන්ගේ විරෝධතා නිසා එම අවස්ථාවද කඩාකප්පල්කාරී වි ගියේය.

සිංහල නායකයින් හා සිංහල දේශපාලන පක්ෂ සමග සුහදව තම ප්‍රශ්නය විසදා ගැනිමට ද්‍රවිඩ ජනතාව හා ද්‍රවිඩ නායකයින් තුළ තිබු සියලු බලාපොරොත්තු හා විශ්වාසය නැවත වරක් සුණු විසුණු වී ගියේය.

 

3 වන අවස්ථාව

ජනවාර්ගික ප්‍රශ්නය ඉතාමත් සාර්ථක ලෙස ඉතාමත් පහසුවෙන් විසඳා ගැනීමට ඊලඟ ඓතිහාසික අවස්ථාව උදාවුයේ 1972 නව ජනරජ ආණ්ඩුක්‍රම පනත සම්මත කරගත් අවස්ථාවේදීය.

1970 මහා මැතිවරණයට ඉදිරිපත් වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සමසමාජවාදී පක්ෂය හා ශ්‍රි ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ඇතුළු සමගි පෙරමුණ තම මැතිවරණ ප්‍රකාශය මගින් ජනතාවගෙන් ඉල්ලා සිටියේ පවතින සෝල්බරි ආණ්ඩුක්‍රම පනත අහෝසි කොට “ජනරජ පනතක්” සම්මත කර ගැනිමට පාර්ලිමේන්තුවේ 2/3 කට වැඩි බලයක් තම පෙරමුණට ලබාදෙන ලෙසයි. ශ්‍රි ලංකා මැතිවරණ ඉතිහාසයේ ප්‍රථම වරට පාර්ලිමේන්තුවේ 2/3 ට වැඩි බලයක් සමගි පෙරමුණට ජනතාව ලබා දුන්නේය.

මෙහිදී අවධාරණය කළ යුතු වැදගත් කරුණක් නම් බණ්ඩාරනායක අගමැතිතුමාගේ දර්ශනයට ඇතුලත් වු ශ්‍රී.ලං.නිපයත් වාමාංශික පක්ෂ දෙකක් වු ලං.ස.ස පක්ෂයත්, කොමියුනිස්ට් පක්ෂයත් එකතුවෙන් මෙම වාමාංශික සමගි පෙරමුණ රජය බිහිවි තිබීමයි. පොරොන්දු වු පරිදි ආණ්ඩුක්‍රම පනත සම්මත කිරීමේ කටයුතු ආරම්භ කළේය. ආණ්ඩුක්‍රම සම්පාදන ඇමතිවරයා වශයෙන් ප්‍රකට ආණ්ඩුක්‍රමවේදියෙකු හා නිතිවේදියෙකු වු ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතා පත් කරනු ලැබීය.

ජනවාර්ගික ප්‍රශ්නය හා සුළුජන අයිතිවාසිකම් පිළිබඳව ඉතාමත් සංවේදී දෘෂ්ටිකෝණයකින් බැලු ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් වුයේ ලං.ස.ස.ප. යත් කොමියුනිස්ට් පක්ෂයත්ය. මෙම පක්ෂ දෙකද ඇතුලත් වු ආණ්ඩුවක වාමාංශික නායකයකු විෂයභාර ඇමති වශයෙන් කටයුතු කළ මෙම අනගි අවස්ථාවේ, ජන වාර්ගික ප්‍රශ්නයට ඉතාමත් පහසුවෙන් විසදා ගැනිමට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කදිම දෛවෝපාගත අවස්ථාවක් කර නොගැනිම, සමගි පෙරමුණු ආණ්ඩුවෙන් විශේෂයෙන්ම එහි සිටි වාමාංශික නායකයන්ගෙනුත් සිදු වු බරපතල වරද ඉතිහාස ගත වි හමාරය.

එදා ඒ වාමාංශික නායකයින් හිතාමතාම පැහැර හැරියේය. නව ජනරජ පනතට ඉන්දියාවේ මෙන් සීමිත බල බෙදිමක් යටතේ උතුරු නැගෙනහිර දෙපලාතට පාලන ඒකකයක් ලබා දීමට නීතී ඇතුලත් කළේ නම් අද සිදුවන මෙම ජාතික විනාශය සිදුවන්නේ නැත.

1970 වන විට ජනතා අවදානයෙන් ඈත් වී යටපත් වී තිබු ජනවාර්ගික ප්‍රශ්නයට අතගැසිමට යාමෙන් ආණ්ඩුව පිහිටු වු මුලදීම දේශපාලන අර්බුදයක් ඇතිවිය හැකියයි සිතා ජාතික ප්‍රශ්නයෙන් මගහැරිය බව ඉතා පැහැදලි කාරුණයකි. ජනවාර්ගික ප්‍රශ්නය විසදීමට ජනරජ ආණ්ඩු ක්‍රමයක් කිසිදු උත්සහායක් ගත්තේ නැතුවා පමණක් නොව සුළුජන අයිතිවාසිකම් අරක්ෂා කිරීමට 1947 සොල්බරි ව්‍යවස්ථාවෙන් පනවා තිබු විධිවිධානද අහෝසි කර දැම්මේය.

ආණ්ඩුකාරතුමාට මන්ත්‍රිවරුන් 6 දෙනකු පත් කිරිමේ බලයද, 29 වැනි වගන්තියද, උත්තර මන්ත්‍රි මණ්ඩලයද රාජ්‍ය සේවා හා අධිකරණසේවා කොමිෂන් සභාද අහෝසි කර දැම්මේය. ඒ වෙනුවට ජනරජ පනතට, මානව හිමිකම් ප්‍රකාශයක් හා රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඇතුලත් කිරිමෙන් පමණක් ජනවාර්ගික හා සුළු ජාතික ප්‍රශ්න වලට ඉබේම විසදුම් ලැබේයයි, ඔවුන් සිතුවා විය හැකිය.

සුළු ජාතික රැකවරණය සදහා සොල්බර් ආණ්ඩුක්‍රමයෙන් සලසා තිබු විධිවිධානද අහෝසි කර දැමිමෙන් සුළු ජාතින්ගේ සිත්වලට වේදනාව, කළකිරිම හා කෝපය ඇතුලු කරන ලදී. “ ජනරජ ආණ්ඩුක්‍රමය යටතේ, එයට පක්ෂපාති වන බවත් එය ආරක්ෂා කරන බවටත් දිවුරුම් දීමට ද්‍රවිඩ නායකයන් හා දේශපාලන පක්ෂද මන්ත්‍රිවරුන් හා වෙනත් දේශපාලන රජයේ සේවකයන්ද අකමැති වී ප්‍රතික්ෂේප කළේද එම නිසාය” යාපන නගරධිපති දොරේඅප්පා ඝාතනයට ලක් වුයේද රජයේ මෙම ක්‍රියා කලාපය නිසාය. ප්‍රධාන ජාතියෙන් සුළු ජාතින්ට ඉටුවියයුතුව තිබු ජාතික වගකිමක් හා යුතුකමක් 1972 සමගි පෙරමුණු රජය පැහැර හැරිම ඉතිහාසයේ සිදු වු බරපතලම වරදක් බව මම දනිමි.

 

4 වන අවස්ථාව

ජනවාර්ගික ප්‍රශ්නයට තිරසාර විසඳුමක් ලබාදීමට ඊලග කදිම අවස්ථාව උදාවුයේ 1978 2 වැනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කළ අවස්ථාවයි. මෙම අවස්ථාවද එවකට බලයේ සිටි එක්සත් ජාතික පක්ෂ රජය හිතා මතාම ඉතා සහාසික ලෙස මගහැර තිබේ.

1977 මහා මැතිවර්ණයේදී එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිපත් කළ මැතිවරණ පොරොන්දු ලේඛනයෙන් 1972 ජනරජ ආණ්ඩුක්‍රම පනත අහෝසි කොට නව ව්‍යවස්ථාවක් පැනවීමට බලය ඉල්ලා සිටියේය. එහෙත් කුමන ආකාරයේ ආණ්ඩු ක්‍රමයක්ද යන බව හෝ විධායක ජනාධිපති ක්‍රමයේ ආණ්ඩු කුමයක් ලබා දෙන බව හෝ එම ලේඛනයේ සඳහන් වුයේ නැත. මහා මැතිවර්ණයකින් මෙතක් මේ රටේ කිසිම පක්ෂයට ලබානොදුන් ජාතික රාජ්‍ය සභාවේ 5/6 ක බලයක් එක්සත් ජාතික පක්ෂයට ලබා දෙන ලදී.

එම බලය යොදාගෙන 1972 ජනරජ ආණ්ඩුක්‍රම පනත අහෝසි කොට 1978 දී වත්මන් විධායක ජනාධිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කොට ක්‍රියාත්මක කරන ලදී. එතැන් සිට 16 වතාවක්ම මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එක්සත් ජාතික පක්ෂ රජය විසින්ම සංශෝධනය කරන ලද බව අමතක නොකළ යුතු කරුණකි. ආරම්භයේදීම එහි අසාර්ථක බව පෙන්නුම් කළ කදිම සාධකයකි, එය.

 

අප්‍රකාශිත ගිවිසුම

1977 මහා මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ සමග රහස් ගිවිසුමකට එළඹ සිටියේය. මෙම ගිවිසුම ගැන, එදා මැතිවරණ වේදිකාවේත් ජනමාධ්‍ය මගිනුත් බහුතර සංවිධානවලත් විවිධ සාකච්ඡා ඇති විය. ගිවිසුමේ අරමුණ වුයේ මැතිවරණයේදී ද්‍රවිඩ ජනතාවගේ සහාය එක්සත් ජාතික පක්ෂයට ලබා ගැනීමත්, බලයට පත් වු පසු ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ සමග ආණ්ඩුවක් පිහිටු වීමටත්, එම පිහිටුවන ලබන ආණ්ඩුව මගින් උතුරේ ද්‍රවිඩ ජනතා ප්‍රශ්න වලට විසඳුම් ලබා ගැනීමත්ය.

අපේක්ෂා නොකළ පරිදි, මැතිවරණයෙන් සමගි පෙරමුණු රජය අන්ත පරාජයකට පත්කරමින් හයෙන් පහක අති විශාල බලයක් එක්සත් ජාතික පක්ෂයට ලැබුණි. ඊළගට වැඩි ආසන සංඛ්‍යා‍වක් හිමි කරගත් පක්ෂය වුයේ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණයි. එක්සත් ජාතික පක්ෂය ඉහත සඳහන් කළ ගිවිසුම පසෙකට දමා නියම ආණ්ඩුවක් පිහිටු වු අතර, විපක්ෂ නායක ධූරයට ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක අමිර්තලිංගම් මහතා පත්විය. ආණ්ඩු පක්ෂයට එක්විමෙන් 5/6 ක බලය ඉදිරියේ රජයට බලපෑම් කිරිමට අපහසු බව වටහා ගත් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායකයා විපක්ෂනායක ධූරයට පත් වී ඒ තුළින් රජයට බලපෑම් කොට තම අරමුණු ඉටුකර ගැනිම වඩා පහසු බව අමිතර්ලිංගම් මහතා සිතන්නට ඇත. මැතිවරණ සමයේ දෙපක්ෂය විසින් ඇති කරගත් ගිවිසුම ක්‍රියාත්මක කරන ලෙස විපක්ෂ නායක අමිර්තලිංගම් මහතා නොයෙක් වර රජයට මතක් කර සිටියේ එම නිසාය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරිමේදී ද්‍රවිඩ ජනතාගේ ප්‍රශ්න වලට විසඳුම් ඇතුලත් වගන්ති එයට ඇතුලත් කරන ලෙස විපක්ෂ නායක ප්‍රධාන ද්‍රවිඩ දේශපාලන පක්ෂ විසින් රජයෙන් ඉල්ලා සිටියද එය නොසලකා හැරියේය. ඒ වෙනුවට එක්සත් ජාතික පක්ෂ රජය සිදුකළේ සදාකාලිකවම එක්සත් ජාතික පක්ෂය බලයේ රැදි සිටින ආකාරයට උපක්‍රම ඇතුලත් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතලත් කිරීමයි. මෙම ව්‍යවස්ථාවෙන් හඳුන්වා දුන් මැතිවරණ ක්‍රමය යටතේ මින් පසු එක්සත් ජාතික පක්ෂය කිසිදා පැරදවිය නොහැකිබවත් සැමදා ආණ්ඩුකරන්නේ එක්සත් ජාතික පක්ෂය විසින් බවත් මෙම ආණ්ඩුක්‍රමයේ නිර්මාතෘ ජේ.ආර්. ජයවර්ධන මහතා නිතර නිතර කියා සිටියේ එම නිසාය.

මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පක්ෂව සිටියේ එක්සත් ජාතික පක්ෂය හා එයට හිතවත් කොටස් පමණි. ද්‍රවිඩ ජනතාව ප්‍රධාන සුළු ජාතියක්ද සෙසු සියලු දේශපාලන පක්ෂද බහුජන සංවිධානද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධ විය. නමුත් මේ පිළිබඳව සාකච්ඡා කිරිමටවත් කාලයක් නොදී පාර්ලිමේන්තුට ඉදිරිපත් කොට එක් සභාවාරයක් තුළදීම එනම් පැය 24 ක් ඇතුලත දීම ව්‍යවස්ථා සභා සම්මත කළේය. එය සිදු කළේ මුළු රට පුරාම හදිසි නීතිය හා ඇදිරිනීතිය පනවාගෙනය උතුරු නැගෙනහිරත් දකුණෙත් මුලු රට පුරාමත් කලු කොඩි ඔසවා තිබියදීය. ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ඇතුලු සියලු ද්‍රවිඩ දේශපාලන පක්ෂත් සමගි පෙරමුණෙ සියලුම පක්සත්, විපක්ෂ නායක ඇතුලු විපක්ෂයේ සියලුම මන්ත්‍රිවරුත් මෙයට විරුද්ධව පාර්ලිමේනතුව වර්ජනය කළහ. විපක්ෂ නායක ඇතුලු සියලුම ද්‍රවිඩ මන්ත්‍රිවරු මන්ත්‍රි ධුරයෙන්ද සෙසු තනතුරු වලින්ද ඉල්ලා අස්වුහ. එදින උදේ 10ට රැස් වු පාර්ලිමේනතුව පසුදා සවස් වන තුරුම පාර්ලිමේන්තුවේ රැදී සිට එක හුස්මටම සම්මත කළ ආකාරය “හැන්සාඩ්” ගත වි තිබේ.

දේශපාලන සදාචාරයෙන් පිට පැන ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික හරයක් බිඳදමා සම්මත කළ මෙම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වු තැන් සිට රට තුල විවිධ දේශපාලන හා ජාතිවාදි අර්බුද මතුවන්නට විය. එක්සත් ජාතික පක්ෂයේ වසර 17 ක පාලන කාලයෙන් වසර 15 ක්ම කටයුතු කර ඇත්තේ ද්‍රවිඩ ජනතාව නියෝජනය නොවු පාර්ලිමේන්තුවක් යටතේය. “තමන් බිහිකළ මෙම ආණ්ඩුක්‍රමය යටතේ පිරිමියෙකු ගැහැණියකු කිරිමටත් ගැහැණියෙකු පිරිමියෙකු කිරිමටත් හැර වෙන ඕනෑම දෙයක් කළ හැකියි” කියමින් උදම් ඇනු ‍ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා එම අසීමිත බලය යොදාගෙන මෙම ජාතික ප්‍රශ්නයට විසදීමට උත්සාහ ගත්තේ නැත. එක්සත් ජාතික පක්ෂයේ කුහක දේශපාලනය මෙම කාරණයෙන් වැටහේ.

මෙම අන්දමින් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුලින් ජනවාර්ගික අර්බුදයට තිරසාර විසඳුමක් දීමට තිබුණු තවත් ස්වර්ණමය අවස්ථාවක් එක්සත් ජාතික පක්ෂය හා එහි නායකයින් විසින් ඉතාමත් සාහාසික ලෙස පැහැර හැරියේය. එපමනක්ද නොව කැබිනට් ඇමතිවරයෙකු වු සිරිල්මැතිව් මහතා ලවා ද්‍රවිඩ ජනතාවට විරුද්ධව රටපුරා ජාතිවාදය උත්සන්න කරවීය. එක්සත් ජාතික පක්ෂයේ නිෂ්පාදනයක් වු 83 කළු ජූලිය එක්සත් ජාතික පක්ෂය ගොඩනැගු ජාතිවාදයේ උපරිම තලයට පත් වු අවස්ථාව විය.

මෙම ක්‍රියාදාමයේ අනිවාර්ය ප්‍රතිඵලය වුයේ ද්‍රවිඩ ජනතාවගේ ආරක්ෂාව සලසා ගැනිමටත් ඔවුන්ගේ ප්‍රශ්න විසඳා ගැනිමටත් මාර්ගයක් වශයෙන් සංවිධානය වී එල්.ටී.ටී.ඊ. ය බිහි කරගෙන රජයට විරුද්ධව ආයුධ සන්නද්ධ ගරිල්ලා යුද්ධයක් ආරම්භ කිරීමයි.

ද්‍රවිඩ ජනතාවට මැතිවරණ සමයේ දුන් පොරොන්දු ඉටු කළානම් හෝ 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කරන විට. ඔවුන්ගේ ප්‍රශ්න විසදා ගැනිමට රජයේ වගකීම් ඉටු කළේනම් හෝ වත්මන් පරපුරට උරුම කර ඇති මෙම දරුණු ගරිල්ලා යුද්ධය ඇති නොවනු ඇත.

ඉහත සඳහන් කළ සෑම අවස්ථාවකදීම සාමකාමී වාතාවරණයක් තුල ප්‍රශ්නයට තිරසාර විසඳුමක් සාර්ථක ලෙස ඉදිරිපත් කළයුතු අවස්ථාවන් විය. එවැනි අවස්ථා උදාවීම කළු ජූලියෙන් පසු නැති වී ගියේය. දැන් මෙයට විසඳුම් ඉදිරිපත් කිරිමට සිදු වී තිබෙන්නේ දරුණු ත්‍රස්තවාදී ගරිල්ලා යුද්ධයක් යටතේ රටේ සාමය බිඳ වැටී තිබෙන අවස්ථාවකයි.

මේ සම්බන්ද ඊලග ලිපියෙන්

1987 ඉන්දු ලංකා ගිවිසුම
13 වන ව්‍යවස්ථා සංශෝධනය

රචනය -

බෙලි අත්තේ සිරි කෝර‍ෙල ආරච්චි

2008 ජනවාරි 25 දින
කැලණිය - වනවාසල
අංක, 404, දරන
“ සිරිපති” නිවසේදී
දුරකතන :0112934664





http://www.news.lk/sinhala/index.php?option=com_content&task=view&id=17330&Itemid=44

Friday, 14 May 2010 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය අවස්ථා තුනකදී

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම අවස්ථා තුනක් තුලදී සිදු කිරීම රජය අදහස් කර ඇති බව ඉදිකිරිම් ඉංජිනේරු සේවා හා නිවාස පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රකාශ කරයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ (13) කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය.

එම සංශෝධනයන් පිළිබඳ පක්ෂ නායක රැස්වීමක් පසුගිය දින ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දරයේදී පැවැත්වූ බව පැවසූ අමාත්‍යවරයා, එම සංශෝධනයන් වසර එකහමාරක් වැනි කාලයක් තුලදී සිදුකරන බවද පැවසීය.

ඒ අතර බෙදුම්වාදය නැති කිරීම සඳහා වූ කරුණුද, මැතිවරණ ක්‍රමය වෙනස්වීමද, මේ සඳහා අන්තර්ගත වන බවද පැවසීය.




ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව…….

November 18, 2008 by Kawshala Kapila Kumara

යම් කිසි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් රම රටේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය මඟින් එම රටේ ජනතාව විසින් ම නිර්මාණය කර ඇත්නම් එය ස්වස්ථානික ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් වේ.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම ස්වස්ථානික ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව වන්නේ 1972 ප‍්‍රථම ජනරජ ව්‍යවස්ථාවයි. 1972 ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සභාපති සුප‍්‍රකට නීතිඥ කොල්වින් ආර් ද සිල්වා 1972 ව්‍යවස්ථාවේ ස්වස්ථානිකභාවය පිළිබඳ සඳහන් කළේ මෙසේය.

මෙය වනාහි පැරණි අත්තිවාරමක් මත ගොඩනගන පැරණි ගොඩනැගිල්ලක් නොවේ. පැරණි අත්තිවාරමක් මත ගොඩනගන නව ගොඩනැගිල්ලක් ද නොවේ. මෙය නව අත්තිවාරමක් මත ගොඩ නගන නව්‍ය වූ ගොඩනැගිල්ලකි……

එහෙත්, 1972 ප‍්‍රථම ජනරජ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සැබෑ ලෙස ම දේශීය මුහුණුවරක් ගත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ද යන ප‍්‍රශ්නය මතු වේ. මන්ද යත් 1972 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පෙර පැවති බි‍්‍රතාන්‍යයන් විසින්ම සකසන ලද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා දෙකට වඩා 1972 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව, බි‍්‍රතාන්‍ය, ස්වාභාවයක් ගන්නා බැවිනි.

1972 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පෙර පැවති බි‍්‍රතාන්‍යයන් විසින්ම සකසන ලද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වන්නේ
1. 1931 ඩොනමෝර් ආණ්ඩුක‍්‍රම ක‍්‍රම ව්‍යවස්ථාවත්
2. 1947 සෝල්බරි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවත් වේ.

එ්වායේ අන්තර්ගතයත් 1972 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ අන්තර්ගතයක් සළකා බලන විට 1972 ව්‍යවස්ථාව, 1931 ඩොනමෝර් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවටත්, 1947 සෝල්බරි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවටත් වඩා ,බි‍්‍රතාන්‍ය, ස්වාභාවයක් ගන්නා බව පෙනී යයි.

බි‍්‍රතාන්‍යය පාර්ලිමේන්තු ආණ්ඩු ක‍්‍රමයක් ඇති රාජ්‍යයක් වන අතර පාර්ලිමේන්තු ආණ්ඩු ක‍්‍රමයේ මව්රට වේ. පාර්ලිමේන්තු ස්වාධිපත්‍ය වර්ධනය වූයේ ද බි‍්‍රතාන්‍ය ආණ්ඩු ක‍්‍රමය ආශ‍්‍රිතවය. එය දීර්ඝ කාලීන ක‍්‍රියාවලියක ප‍්‍රතිඵලයක් ලෙස සිදු වූවකි. එහිදී ප‍්‍රධාන සංධිස්ථාන 03 ක්් විය.

01. 1648 දී චාර්ල්ස් රජුට පාර්ලිමේන්තුව විසින් මරණ දණ්ඩනය නියම කිරීම.
02. 1668 උත්කෘෂ්ඨ විප්ලවය අවස්ථාවේදී 2 ජෙමිස් රජු සිහසුනින් ඉවත් කිරීම හා අයිතිවාසිකම් පනත මගින්  බදු අයකිරීම, මූල්‍ය කටයුතු ආදිය පාර්ලිමේන්තු අවසරය අනුව පමණක් කළ යුතුය ලෙස නීති පැනවීම.
03. 1785 සිට ඇමතිවරුන් පත් කිරීම, ඉවත් කිරිම පාර්ලිමේන්තුව විසින් කිරීම.

මෙලෙස 14 වන ශත වර්ෂයේ සිට ශත වර්ෂ 3 ක් පාර්ලිමේන්තුව හා රජු අතර අරගලයෙන් පාර්ලිමේන්තුව ජයග‍්‍රහණයෙන් පාර්ලිමේන්තු ස්වාධිපත්‍ය ඇතිවිණි.

නිබන්ධනයක් ඇසුරෙනි


Comments