Newswire‎ > ‎

ඉරිදා - පොහෝ දින දහම් අධ්‍යාපනය අනිවාර්ය කිරීමට නව නීති සැකසේ ප්‍රධාන අමාත්‍ය සමුළුව තීරණය කරයි

posted Sep 26, 2011, 11:00 AM by Secular Sri Lanka Library
From Dinamina

Original Article: http://www.dinamina.lk/2011/09/26/_art.asp?fn=p1109266

"

වෙල්ලස්සේ බණ්ඩාර ඇඹිලිපිටියේ සිට

ඉරිදා සහ පසළොස්වක පොහෝ දිනවල දහම් අධ්‍යාපනය අනිවාර්ය කිරීමේ නව නීති සම්පාදනය කර ක්‍රියාත්මක කිරීමට සියලුම පළාත් සභා ප්‍රධාන ඇමැතිවරු තීරණය කරති.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි රජය ක්‍රියාවට නංවා ඇති සදාචාර සම්පන්න ජනසමාජයක් බවට අනාගත පරපුර පත්කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව මේ නීති පැනවීමට 29 වැනි ප්‍රධාන ඇමැති සමුළුවේදී තීරණය කර තිබේ.

29වැනි ප්‍රධාන අමාත්‍ය සමුළුව ඇඹිලිපිටිය සෙන්චූරියා නිවාඩු නිකේතනයේදී (24) දා පැවති අවස්ථාව

සබරගමුව පළාත් සභාව මගින් සංවිධානය කළ 29 වැනි ප්‍රධාන ඇමැති සමුළුව පෙරේදා (24) ඇඹිලිපිටිය සෙන්චූරියා නිවාඩු නිකේතනයේදී පැවැත්විණි. එහිදී පවත්වනු ලැබූ මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය විය.

"











Government funding of pseudo-scientific medicine:

"

මධ්‍යම රජයෙන් පළාත් සභාවන්හි සෞඛ්‍ය ක්ෂේත්‍රයට වෙන්කරන ප්‍රතිපාදනවලින් 80% කට වැඩි ප්‍රමාණයක් වෙන් වන්නේ බටහිර වෛද්‍ය ප්‍රතිකාර හා බටහිර ඖෂධ වෙනුවෙන් බව සැලකිල්ලට ගත් ප්‍රධාන ඇමැති සමුළුව ඉදිරියේදී දේශීය වෛද්‍ය ක්‍රමය වැඩිදියුණු කිරීමට වැඩි ප්‍රතිපාදන ප්‍රමාණයක් වැයකිරීමට තීරණය කළේය.

සඳහා ප්‍රතිපාදන, මධ්‍යම රජයෙන් ඉල්ලා සිටීමට ද මෙහිදී තීරණය විය. භාණ්ඩාගාර ලේකම් හා මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ටී. බී. ජයසුන්දර මහතා ද එම ඉල්ලීමට එකඟතාව පළකරනු ලැබූ බව ද මෙහිදී දැනුම් දුන්නේය.

"

Comments