Newswire‎ > ‎

Yathartha Newsletter published by the SLRA [යථාර්ථ]

posted Mar 23, 2011, 7:44 AM by Secular Sri Lanka Library   [ updated Mar 23, 2011, 8:31 AM ]
Latest Issue:

Yathartha Issue 21 [sinhala fonts required]
        pdf image version [sinhala fonts not required]
        MS Word .doc version [sinhala fonts required]

see previous issues:


Please refer to the above links for best viewing format.

2011 මාර්තු                                 

21 jk l,dmh

 

 

YATHARTHA

mqj;a ,smsh - NEWS LETTER

 

 
 

Y%S ,xld fya;=jdos ix.ufha

m%ldYkhls

wdOdrh rems' 30'00


වාස්තවික යථාර්තයක් , වාස්තවික සත්‍යයක් නැත! No objective reality, No objective truth යන ප්‍රවාදය සම්බන්ධවයි.

  මින් අදහස් කරන දෙය අපට ගෝචර වන පරිදි සංස්කරනය කරගතහොත්, සාරාංශ කරගත හැක්කේ මෙවැනි අදහසකි;

අප ඉන්ද්‍රියයන් ඔස්සේ අත්දකින භෞතික , ද්‍රව්‍යමය ලෝකය ( හෝ ඉනුත් එහාට යන්නේ නම් සමස්ථ විශ්වයම ) සහ එහි සිදුවීම් යනු ඇත්තෙන්ම පවතින, සිදුවන යමක් නොව අප එකිනෙකාට අනුව මනසේ තනා ගන්නා දේවල්ය; මනසේ නිර්මාණයන්ය. උදාහරණයක් වශයෙන් අප ඇසෙන් හෝ ස්පර්ශයෙන් සංවේදනය කරන පුටුව , මේසය, වාහනය, ගහකොළ, ආදී ඕනෑම දෙයක් යථාර්තයේ ඇත්තෙන්ම පවතින්නක් නොව අපගේ මනසේ තනාගත් පොදු සම්මුතීන් වෙයි. එනිසා පමණක් අපි පොදුවේ ඒවා එසේ නාමකරණය කොට ඇත.

දාර්ශනික තලයේදී අනුභූතික - හේතුවාදීන් වන අපට ප්‍රතිපක්‍ෂයේ දාර්ශනිකයින් සමඟ ගැටීම ඇති මූලික විසංවාදය මේ තේමාව ඔස්සේ පැන නගී. මෙවැනි ප්‍රවාද ඉදිරිපත් කළ දාර්ශනිකයින්ගේ අදහස් කැටි කළ හැකි එක් ඉදිරිපත්  කිරීමක් පහත දක්වනු කැමැත්තෙමි.

“I really think we are all creating our own reality. I’m  creating you  right here.  Therefore I created the medium, therefore I created the entity, because I am creating everything.”

 ( Shirley Maclaine )

 

 

එවිට අපට ,හෙවත්  අනුභූතික - හේතුවාදීන්ට මේ අරබයා ගොඩනැංවිය හැකි පිළිතුර හෝ ප්‍රති- ප්‍රවාදය කුමක්ද?

අපට මෙම ප්‍රවාදයේ  ප්‍රතිවිරෝධතාවයම ඊට පදනම ලෙස ගත හැකිය.

වාස්තවික යථාර්තයක් හෝ වාස්තවික සත්‍යයක් නොමැතිය යන ප්‍රවාදය තුලින්ම එහි අදහස ඛණ්ඩනය වෙයි.; ප්‍රවාදයේ වලංගු භාවය අහෝසි වෙයි.

ඒ කෙසේද?

වාස්තවික යථාර්තයක් (ද්‍රව්‍යමය ලෝකයක් ) නොමැති නම් (එනම් ඇත්තේ තම විඥාණයට සාපේක්‍ෂ, තමාට සාපේක්‍ෂ තම මනසේ නිර්මාණය කරගත් ලෝකයක් පමණක් නම් ) මෙකී / ඉහත කී ප්‍රවාදයද නොපවතින්නකි. ප්‍රවාදය විසින්ම ප්‍රවාදයේ අර්ථය ඛණ්ඩණය කරයි.

ඔබේ වේවා , මගේ  වේවා , වෙනත් ඕනෑම අයෙකුගේ යමක් ,ඉදිරිපත් කරන ප්‍රවාදයක් (ද්‍රව්‍යමය ලෝකයක් ) නොමැති නම් (එනම් ඇත්තේ තම විඥානයට සාපේක්‍ෂ, තමාට සාපේක්‍ෂ තම මනසේ නිර්මාණය කරගත් ලෝකයක් පමණක් නම්)මෙකී /ඉහත කී ප්‍රවාදයද නොපවතින්නකි. ( දර්ශනයක්, මතයක්, දැනුමක්) යන්නද පවතින්නක් නොවේ.

සියළු විශ්ලේෂණයන් හුදු හිතළු පමණක් වෙයි. එසේ නැත්නම් එවැනි ප්‍රවාද , අදහස් කෙරෙහි යම් යම් අය විසින් ආශා කිරීම හෝ පිළිගැනීම යන්න පමණකි පවතින්නේ. යමක් තරයේ , තිර වශයෙන් ප්‍රකාශ කිරීම හා එය ප්‍රතික්‍ෂෙප කිරීම අතර අර්ථාන්විත වෙනසක් , මේ අනුව නැත.

එමෙන්ම මේ ප්‍රවාදය අනුව දැනුම යනුවෙන් යමක්ද නොපවතිනු ඇත.  මක් නිසාද කිසිවක් සත්‍ය නොවන බැවිනි. (සත්‍ය යැයි වලංගු නොවන දේවල් වලින් දැනුමක් ගොඩනැගිය නොහැක.) ඒ අනුව දැනුම යනුවෙන් දැන ගැනීමට කිසිවක් නොපවතියි. එනයින් බුද්ධි යනුවෙන් දෙයක් හෝ එහි ප්‍රති- පක්‍ෂය වශයෙන් වෙනසක් ඇත්තේ නැත. (Sense යනුවෙන් හෝ nonsense යනුවෙන් වෙනසක් නොපවතිනු ඇත.)

එමෙන්ම සහේතුක පිළිගැනීම යනුවෙන් යමක් හෝ මායාවක් යනුවෙන් (rational   thinking   /  empirical knowledge , හෝ  illusion / delusion යනුවෙන් අර්ථවත් වෙනසක් නොපවතිනු  ඇත. )

 

අවසාන වශයෙන් වාස්තවික යථාර්ථයක් නොමැති ලෝකයක යමක් සම්බන්ධයෙන් එකඟ වීම හෝ නොවීම උගහට වන  අතර එය අර්ථ විරහිත ද වේ. තවදුරටත් ඒ ඔස්සේ මේ අදහස (අපේ ප්‍රතිතර්කය) ඉදිරියට ගෙන යන්නේ නම් එකිනෙකා අතර සන්නිවේදනය කිරීමද , භාෂාවක්  උගෙනුමද එකිනෙකාගේ අදහස් සංසන්දනයද අපහසු වන අතර සිතිම යන්න පවා අර්බුදයට ලක්විය යුතුය.                                                                                                  

 

 

මෙම තේමාවට අදාල පසුබිම් කථාව (නිධාන කථාව) :-

හේතුවාදී දැනුම් පද්ධතියට පදනම් වූ භෞතික විද්‍යාත්මක කාරණා අභියෝගයට ලක් කළ දාර්ශනිකයින් අතීතයේ මෙන්ම වර්තමානයේද එමෙන්ම යුරෝපයේද, පෙරදිගද අපට හමුවනු ඇත.

අපගේ ඉන්ද්‍රියයන්ට ගෝචර වන ව්‍යවහාර ලෝකයට , ස්වභාව ධර්මයට අදාල නියමයන් සහිත සම්භාව්‍ය භෞතික විද්‍යාවට පැහැදිලි කළ නොහැකි සංසිද්ධි අපට ක්‍ෂුද්‍ර ලෝකයේදී මෙන්ම විශ්ව න්‍යාය වාදය තුලද මුණගැසේ. 

උදාහරණ වශයෙන් පරමාණුවේ උප පරමාණුක අංශුවක් වන ඉලෙක්ට්‍රෝනය පරමාණුවේ න්‍යෂ්ඨිය වටා සිදු කරන චලිතය භෞතික විද්‍යාවේ එන ගම්‍යතා සංස්ථිති නියමයෙන් පැහැදිලි කළ නොහැක. මෙම සීමාව අතික්‍රමණය කිරීමේ උත්සාහයේදී ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව බිහි විය.

එමෙන්ම විශ්වයේ බිහිවීම , විශ්වය පරිමිතද , අපරිමිතද වැනි විශ්ව න්‍යායාත්මක කරුණු පැහැදිලි කර ගැනීමට නිව්ටොනියානු භෞතික විද්‍යාව අතික්‍රමණය කොට අයින්ස්ටයින්ගේ සාපේක්‍ෂතාවාදය වර්ධනය විය.

ඒ අනුව විශ්වය සඳහා සාර්වත්‍ර වූ පොදු දැනුම් පද්ධතියක් කරා යන මාවතක් කරා නූතන විද්‍යාව එලැඹ ඇත.

විද්‍යාවේ මේ අවධිය වෙත එලැඹීමට පූර්වයෙන් , සම්භාව්‍ය භෞතික විද්‍යාවේ සීමා සහිත අවස්ථා මතු වූ අවධියේදී එකී හිස්තැන් හේතුවෙන් විවිධ න්‍යායන් බිහිවුණි. Chaos theory හෙවත් වියවුල් වාදයත් එහිම උප- න්‍යායක් වූ සමනල ආචරණ වාදය ( Butterfly effect) ආදිය ඊට උදාහරණ වෙයි.

ගණිතඥයකු හා කාලගුණ විද්‍යාඥයකු වූ එඩ්වඩ් නෝටන් ලෝරන්ස් විසින් කාළගුණ සංසිද්ධි පැහැදිලි කරීමට අදාලව තම දැනුම මෙහෙයවීමේ උත්සාහයේදී මෙම න්‍යාය පිළිබඳ අදහස් ගොනු කර ගන්නා ලදී.

එයින් කියැවෙන්නේ, විශ්වය ( අපේ පෘථිවිය ඇතුලත්ව ) අන්‍යොන්‍ය වශයෙන් සහසම්බන්ධිත සමස්තයක් බැවින් එහි ඇති සමතුලිතතාවය බිඳී යාමේ කුඩා සිදුවීමක් හේතුවෙන් වුව බරපතල /විශාල සිදුවීම් ඇතිවිය හැකි බවයි.

( බ්‍රසීලයේ සිදුවන සමනල තටු සැලීමක් හේතුවෙන් ටෙක්සාස්හි ටෝනේඩෝ කුණාටුවක් බිහි කළ හැකියි යනාදී වශයෙන්)

02. සම්භාව්‍ය භෞතික විද්‍යාවේදී විශ්වයේ සියළු දේ ශක්ති/ ක්‍ෂෙත්‍ර සහ පදාර්ථ ලෙස ප්‍රධාන දෙකොටසකට වෙන් කරනු ලැබුණා. ( ශක්තීන් ලෙස තාපය, ආලෝකය, විද්‍යුතය, චුම්බකත්වය යනාදී වශයෙනුත් ඉතිරි ද්‍රව්‍යමය ආකාරයේ සියළු දේ පදාර්ථ වශයෙනුත්.....)

නමුත් පදාර්තයේ තැනුම් ඒකකය වන පරමාණුවෙන් ඔබ්බට උප පරමාණුක අංශු කරා ක්‍ෂුද්‍ර ලෝකය පිළිබඳව අපගේ දැනුම පුළුල් වනවාත් සමඟම මෙම ශක්ති -පදාර්ත අතර විභේදනය මකා දමනු ලැබුවා.

ඉලෙක්ට්‍රෝනය නම් උප පරමාණුක අංශුව විටෙක තරංගමය (ශක්ති ස්වරූපයක්) ගුණ මෙන්ම විටෙක අංශුමය(පදාර්ථමය) ගුණ පෙන්වීම නිසා වාස්තවික යථාර්තය යනුවෙන් නිශ්චිත වූ දෙයක් නැතැයි වන ප්‍රවාදය පැන නැගුණා.

 තාරක වරාපිටිය  

 

 

ප්‍රධාන කතෘ

දිවයින

දේව ශාපයක් -  භද්‍රකාලි  මෑණියෝ කෝප වෙයි! ”

දැන්වීම අරබයා !

ලංකාව වැනි පසුගාමී-වැඩවසම්- ගෝත්‍රික සමාජ පසු බිමක, ප්‍රධාන ධාරවේ ජනමාධ්‍ය යනු කොතරම් ජරාජීර්ණ වූ සංරචකයක්ද යන වග (නැවත වතාවක්)  ඔබ පුවත් පත මගින් පල කල ඉහත දැන්වීම මගින් කියා පායි.

ජනමාධ්‍ය සමාජය වෙත නෛසර්ගිකව පැවරී ඇති ආචාරධාර්මික බැඳීමක්,  සමාජ ප්‍රගමනය වෙනුවෙන් වන වගකීමක්, යුක්ති සහගත බවක් හෝ හෘද සාක්‍ෂිය පිළිබඳව වන වරදකාරී බවක් වැනි ශිෂ්ඨ සමාජවල පවතින සම්ප්‍රදායන් අපේ රටේ යථාර්තයට වඩා කොතරම් පරස්පරයක්  වේද ?

මහනුවර, ගාල්තැන්නේ වසන මේ භද්‍රකාලී තක්කඩියා යනු තුට්ටු දෙකේ අශික්ෂිතයෙකු බවත් ඒ සමාන මුග්ධයෙකු බවත්, දුෂ්ඨ චරිතයක් ඇත්තෙකු බවත් ඔබ ඇතුළු මාධ්‍යවේදීන්ද,  ඔහුට ඇබිත්තකම් කරන භික්‍ෂූන්ද,  ඔහුට රැකවරණය ලබාදෙන දේශපාලඥයින්ද, ගම්වාසීන්ද හොඳින්ම දනී. නමුත් ඔහුගේ මේ දේවල් හෙලිදරවු කිරීමට ඉදිරිපත් වූයේ විකල්ප ධාරාවේ සීමිත ජනමාධ්‍ය කිහිපයක් පමණි.

මෙම හෙළිදරවුවෙන් කෝපයට පත් වූ මේ දේවගැතියා, පසුගියදා ලෝකයේ විවිධ රටවල් මුහුණ දුන් දරුණු කාළගුණික තත්ත්වය (ලානිනා විපත්තිය) ඇති වූයේ මේ මාධ්‍ය හෙළිදරවුව නිසා  කෝපයට පත් භද්‍රකාලී මෑණියන්ගේ දඬුවමක් හේතුවෙන් බව දිවයින පුවත්පත ඔස්සේ මෙසේ කියා සිටී.

මේ භද්‍රකාලී තෙමේ කෙතරම් නම් වෛර සහගත දුෂ්ඨ අයෙකුද යන වග මේ කාළගුණික විපතින් ලංකාව තුල පමණක් විනාශයට පත් දසදහස් ගණනක් ගව-කුකුළු ආදී ( මෙම කෝපයට අදාල සිද්ධිය පිළිබඳව හාංකවිසියක් නොදත් ) සතුන්ගේ ජීවිත පවා බිලි ගැනීමෙන්ම පැහැදිලි වේ. මේ දේව ගැතියා ගණු දෙන් කරන්නේ එවැනි  දුෂ්ඨ මෑණියෙකු සමඟය.

මෙම දැන්වීමේ අඩංගු ශාපය හා වෛරී භාෂාව ඔබගේ භාෂා ප්‍රේමීත්වයට, ජාතියේ හෘද සාක්‍ෂියට , ආචාරධාර්මික ප්‍රමිතීන් වලට පටහැනි නොවනවා විය හැකිය. එමෙන්ම අවිහිංසාවාදය, නිර්මාංශවාදය, ආගමික හැදියාව, ගව ඝාතන විරෝධය, සත්ත්ව බිලිපූජා විරෝධය වැනි ඔබ පුවත්පතේ තේමා  පාඨයන්ටද පටහැනි නොවනවා විය හැකිය.

නමුත් අපගේ නිගමනය වන්නේ, අද සමාජයේ ස්ථාපිතව ඇති දේශපාලනික- සංස්කෘතික දෙබිඩිභාවයේම දිගුවක් වන ජනමාධ්‍ය වල දෙබිඩි සම්ප්‍රදාය ඔබට අරුමයක් නොවන හෙයින් මෙලෙස මෙවැනි ප්‍රශ්න මතු කිරීම් ඉතා දුලබ  වනු ඇතිය යන්නයි.

 

ශ්‍රී ලංකා හේතුවාදී සංගමය

 

පාප්තුමා හා අදේව දෘෂ්ඨිකයෝ

 

කතෝලික පූජකවරුන් හා බිෂොප්වරුන් විසින් තම රැකවරණයේ සිටි ළමයින් අපයෝජනයේ යෙදීම් අනාවරණය වීම යුරෝපය හරහා පැතිර යද්දී බ්‍රිතාන්‍යයේ නිල ගමනක යෙදෙන විට, ලෞකිකත්වය කෙරෙහි අඩුවෙන් නැඹුරු වූ පාප් කෙනෙක් ලැජ්ජාවට හා නිහඬතාවයට පත් වනු ඇත. බලයේ ප්‍රයෝජන ගැන දාසය වැනි බෙනඩික් පාප්තුමා දනී. දෙවැනි ජුවාම් පාවුලු පාප්තුමාගේ බලය ක්‍රියාවේ යෙදවූ ප්‍රධානියා ඔහු විය. දාසය වැනි බෙනඩික් පාප්තුමා කතෝලික සභාවේ සතුරන් සේ දුටු සියල්ලෝම කෙරෙහි වහාම ප්‍රහාරය එල්ල කළේය.

 

ඔහු පසුගිය සතියේ ස්කොට්ලන්තයේ කථාකරමින් ආක්‍රමනශීලී නිර්ආගමික වාදයද අදේවවාදයේ තර්ජනයද අපවාදයට ලක් කළේය. කුඩා පිරිමි ළමයින් (හා ඒ අතරතුර කුඩා ගැහැණු ළමයින්ද ) දූෂණයට ලක්කල සියගණනක් සමහරවිට දහස් ගණනක් වන පූජකවරුන් ගැන සිතට නොගත්තාට කමක්  නැත. නියම අනතුර ඇත්තේ දෙවියන් නොඅදහන එම නිසා ගුණධර්ම රහිත මිනිසුන්ගෙනි. ඔහු අදේවවාදීන් නාසිවාදීන්ට සමාන කිරීමකද යෙදුනේය.

 

හාස්‍යයට කරුණනම් ඔහුගේ පූර්වගමිකයකු වන දාහත්වැනි පියුස් පාප්තුමා පෞද්ගලිකව 1933දී  හිට්ලර් සමඟ ජර්මානු කතෝලිකයන්ට වාසිවන ගිවිසුමකට එළඹීමයි. ඒ අනුව හෙතෙම හොඳින් දැන සිටියත් හිට්ලර් විසින් යුදෙව්වන් සමූලඝාතනය කිරීම ප්‍රසිද්ධියේ අපවාදයට ලක් කළේ නැත. බෙනඩික් පාප් තුමාගේ උපාය නිසි අයුරු ප්‍රතිඵල ගෙන දුන්නේය. ඔහුගේ ස්කොට්ලන්ත දේශනයෙන් පසු ජනමාධ්‍ය වලට සාකච්ඡා කිරීම සඳහා ඉතිරි වූයේ අදේවවාදී දෘෂ්ඨිකයින් ගුණධර්ම අනුව හැසිරෙන බවට විශ්වාසයක් තැබිය හැකිද යන්න පමණි.

 

‘ විසිවෙනි සියවසේ අදේවවාදී අන්තවාදය නිසා සන්සුන්ව සිතන්න යොමු වීමේ පාඩම් දෙස අපේ අවධානය යොමු කළොත් අපට පෙනෙන්නේ මෙයයි.’ යනුවෙන් පාප්තුමා කීය. ‘පොදු සමාජයෙන් දෙවියන්, ආගම, හා සුචරිතභාවය ඉවත් කළොත් අවසානයේදී ඇති වන්නේ මිනිසා හා සමාජය ගැන මුදුනින් කපාහරින ලද දෘෂ්ඨියකි. මිනිසා හා ඔහුගේ ඉරණම පිළිබඳ අවතක්සේරු කළ දර්ශනයකි.’ දෙවියන් ආගම හා සුචරිතභාවය එක පැත්තක, අනික් පැත්තෙන් නාසිවාදය, කොමියුනිස්ට්වාදය, හා ආත්මාර්තකාමිත්වයෙන් පිරි ලිංගිකත්වයෙන් හා නිර්ආගමිකවාදයෙන් ආඪ්‍ය වූ සුඛපරමවාදී මුඩු බිමකි.

 

වාදයේ කොන්දේසි ඔබ විසින්ම දැමූ විට වාදයේ අඩක්ම ඔබ දිනා ඇත. සෑම ආගමකම නායකයන් විසින් අනුමත කරන බෙනඩික්තුමන් විසින්ද ක්‍රියාකරන ආකාරය එයයි. ජනයා ගුණ ගරුක ලෙස හැසිරෙන්නේ දෙවියන් කෙරෙහි ඇති බිය නිසා පමණි. දේව උදහස ගැන එම බිය නොමැති මිනිස්සු තම මනසෙහි ඇතිවන ඕනෑම අනර්ථයක යෙදෙනු ඇත. එබැවින් අප සමඟ ඉන්න.

 

එය පහසුවෙන් කළ හැකි චෝදනාවකි. එය පරීක්‍ෂණයට භාජනය කළ නොහැකි තරම්ය. එහෙත් එය යටත් පිරිසෙයින් ලෝකයේ ක්‍රිස්තියානි ප්‍රදේශ සඳහාවත් ඇත්ත වශයෙන් පරීක්‍ෂණයට භාජනය කර නැත. ආගම නිසා මිනිස්සු වඩා හොඳින් හැසිරෙන්නේ නැත. ඇත්තෙන්ම ඔවුන් ඒ නිසා හැසිරෙන්නේ වඩා නරක ආකාරයටය. අප මෙහිදී කථා කරන්නේ ස්වඝාතක බෝම්බ කරුවන් ගැන හෝ අනෙකුත් ආගම්වාදී  අන්තවාදීන් ගැන නොවේ. අප කථා කරන්නේ සාමාන්‍ය මිනිසුන් විසින් එදිනෙදා කරනු ලබන ප්‍රචණ්ඩ ක්‍රියා, සොරකම් හා ලිංගික අපරාධ ගැනයි. කිසියම් සමාජයක් ආගමික පැත්තට නැඹුරුවන්නේද එම සමාජය තුළ එවැනි අපරාධ වැඩියෙන් සිදු වේ.

 

සමාජ පර්යේෂක ග්‍රෙගරි පෝල් මෙසේ කියයි.

“පොදුවේ ගත් කළ මැවුම්කාර දෙවියකු ගැන විශ්වාසයේ හා වන්දනාකිරීමේ වැඩි අනුපාතයක් පවතින සමාජයක එම අනුපාතයට සමානුපාතිකව මිනිස් ඝාතන, බාලවයස්කාර හා තුරුණුවියේ මරණ , ලිංගික රෝග, යොවුන්වියේ ගැබ්ගැනීම හා ගබ්සා කිරීම් සිදුවේ. බෙනඩින් පාප්තුමාගේ තර්කය අනුව ලෝකයේ වැඩියෙන්ම ආගමික රටවල් අතරින් එකක් වන ඇමරිකා එක්සත් ජනපදය අපරාධකාරයින්ගෙන් තොර පාරාදීසයක් විය යුතුය. එසේම නිර්ආගමික රටක් වන ස්වීඩනය අපරාධ වලින් හා ප්‍රචණ්ඩත්වයෙන් පිරුණු රටක් විය යුතුය. නමුත් සැබෑ තත්ත්වය වන්නේ එහි විලෝමයයි.

ග්‍රෙගරි පෝල් විසින් පල කර ඇති ලිපි දෙකක සඳහන් ඔහුගේ නිරීක්‍ෂණ අනුව එම තත්ත්වය ඊට වෙනස්ය. පළමු ලිපිය ආගම හා සමාජය නම් වූ ජර්නලයේ 2005 වසරේ පලකර ඇති ලිපිය වේ. එහි අඩංගු වන්නේ ධනවත් ප්‍රජාතාන්ත්‍රික රටවල ජනප්‍රිය ආගමිකත්වයට හා නිර්ආගමිකත්වයට සමානව ගණනය කළ හැකි සමාජීය හා සෞඛ්‍යමය කරුණුය. 2009 වසරේදී පල කරන ලද පරිණාමික මනෝවිද්‍යාව නම් වූ සඟරාවේ පල කර ඇති ලිපිය දෙවැනි ලිපිය වේ. “ මනෝවිද්‍යාත්මක විකෘතිතාවයන් මත රැඳෙන ආගමිකත්වය”  එහි තේමාව වේ.

 

මිනී මැරීම්, සාමාන්‍ය මරණ සංඛ්‍යාව,ලිංගික රෝග, තුරුණු වියේ ගැබ් ගැනීම විවාහ දිවියේ ගැටළු අරබයා නිර්ආගමිකත්වය හා පරිණාමවාදය පිළිබඳව යුරෝපීය සම්මතයන්ට සමාන තත්ත්වයන් පවතින ඇමරිකා එක්සත් ජනපදයේ ඊසානදිග ප්‍රදේශ සහ දැඩි ආගම්වාදී , පරිණාම විරෝධී  දකුණේ හා බටහිර මැද ප්‍රදේශ සංසන්දනය කොට ඇත. ඉහත සඳහන් කරුණු සම්බන්ධයෙන් දකුණේ හා බටහිර මැද ප්‍රදේශ වල තත්ත්වය ඊශානදිග  ප්‍රදේශවල තත්ත්වයට වඩා දරුණු බව ග්‍රෙගරි පෝල් වාර්තා කර ඇත.

 

පෝල්ගේ පර්යේෂණ වලට අනුව සමාජ ආර්ථික තත්ත්වයන් පහළ මට්ටමක තිබෙන සමාජ වල ජනයා ආගමට වඩා ලැදි බව පෙනී ගොස් ඇත. එලෙසම සමාජ විරෝධී හැසිරීම්ද අපරාධද එවැනි සමාජවල දැඩි මට්ටමක පවතී. එහෙත් ජනයා නරක ලෙස හැසිරෙන්නේ  ඔවුන් ආගමකට ලැදි නිසාද නැතහොත් දිළිඳු, නූගත් හා බලාපොරොත්තු සුන් වූ පිරිසක් නිසාද?

නියම සංඛ්‍යාලේඛන සහසම්බන්ධතාවය ආගමිකත්වය, දිළිඳුකම හා නූගත්කම අතරය. මිලියන සිය ගණනක් ජනයා දිළිඳු නොවේ - නූගත් නොවේ. එහෙත් කිනම් හෝ සමාජයක ආගමේ ග්‍රහණයට වැඩියෙන්ම හසුවී ඇත්තේ සමාජ ධූරාවලියේ පහලම තට්ටුවයි. සමාජ සුබසාධනය වැඩියෙන්ම පවතින රටවල කෙරෙන ආකාරයට එම පහළම සමාජ තට්ටුව ඉහළට ඔසවා තබන්න. එවිට ආගමකට ඇති ලැදියාව කෙමෙන් කෙමෙන් හීන වී යයි.

(2010 සැප්තැම්බර් 27 දින THE ISLAND ඉරිදා පුවත්පතේ පල වූ ලිපියක අනුවර්තනයකි. ) ඩී. එල්. කුරුවිටආරච්චි සහ ඊ. සී. එස්. ප්‍රනාන්දු


’;syf.dv wdrshj;Sg fi!os ydusmq;d jsiska wek .eiSu¶ m%jD;a;sh ms<sn|j

 ufkda jsoHd;aul jsuid ne,Sula i|yd fhdackdjla `

        miq.sh jljdkqfjs rfgs n,j;a wjOdkhg md;% jQ isÿjSuls" by; lS wdrshj;Sg wek .eiSfus m%jD;a;sh' ckudOH fukau fi!LHh n,OdrSkao" tmuKla fkdj iuyr jsg ufkda ffjoHjrekao fuu m%jD;a;shg wod, jsjD; udkhkaf.ka jk jsuid ne,Sulg fkdt<Usu tla;rd wdldrhl wjdikdjka; ;;ajhls' fus wrnhd mej;s tlu l:dj" fjk;a wdldrhlg jsuid ne,Sulg fhduqjQfha b;d l,d;=rlska wfhls' ulaksido fuh tla;rd wdldrhlska jshyels isÿjSula jk nejsks'

        flfia uq;a fus ;;ajh ksrjq,a lr.ekSug" ksrdlrKh lr.ekSug i,ld ne,shhq;= uQ,sl yd jeo.;a ldrkd lsysmhlau wod, md¾Yjhka jsiska wjOdkhg md;%fldg fkdue;s nj kus ksYaps; jYfhkau m%ldY l, yelsh'

        iudch ;=, u;=jk wdkafoda,kd;aul isÿjSus" ixfjsoS iudc m%mxphka jvd;a jsu¾Ykd;aulj olskakg W;aidy lsrSu wmjeks ixjsOdkhl j.lSula fldg i,luq'

        ta wkqj fuu m%jD;a;shg wod,j jvd;a ksjEros ;Skaÿjlg t<eUSug wjYH w¾:j;a idlpsPdjla u;=lr .ekSu yd fujeks isÿjSuS yd iudka;r w;aoelSus yd oekqu fnod .ekSu wmf.a m%fjsYfha Wjukdjhs'

        fuysoS wjOdkhg md;%jsh hq;= miqnsus ;;ajhkao" ufkda jsoHd;aul me;slvhkao mdod .ekSug wod, idlaIs lsysmhla my; olajd isgskqfha tajd h,s  wjOdrkh lsrSug ;rus jeo.;a hehs yefÕk nejsks'

        wfkla w;g fulS isÿjSu my; mrsos wm jsiska wkqudk lrkq ,nk udkisl js.%yhl m%;sM,hla wkqj fjhs kus bosrsfhaoS th ;j;a tjeks whg fm%arKh jSugo bv we;s nj wmg we;s jegySuhs'

 

 


මාසික දේශනය සහ සාකච්ඡාව

2011 මාර්තු

 

මෙවර දේශනය පවත්වනු ලබන්නේ ආචාර්ය කාවන් රත්නතුංගයන් විසිනි.

මාතෘකාව - විශ්වයේ ස්වභාවය

(Nature of the Universe)

 

දිනය හා වේලාව -2011 මාර්තු මස 22 අඟහරුවාදා ප.ව. 4.15ට

 

ස්ථානය - බොරැල්ල කොටා පාරේ පිහිටි ආචාර්ය එන්. එම්. පෙරේරා මධ්‍යස්ථානය

 

ප.ලි.

මෙවර මාතෘකාවද තාරකා විද්‍යාව ආශ්‍රිත විෂයයකට සම්බන්ධවයි. මේවන විට තාරකා විද්‍යා විෂයය පථයට සම්බන්ධ දේශන කිහිපයක්ම සංගමය විසින් සංවිධානය කොට ඇත. ඒ අනුව මේ විෂයය ආශ්‍රිතව අපට මූලික අවබෝධයක් තිබිය යුතුවෙයි.

යමෙකු ඔබෙන් /අපෙන් පහත පරිදි විමසුවහොත් නැතිනම්  පැහැදිලි කිරීමක් ඉල්ලා සිටියහොත් ඊට දිය යුතු කෙටි - පැහැදිලි - නිරවුල් පිළිතුර සවිධානය කර ගැනීමට  ඔබට / අපට හැකිවිය යුතුය.

 

එම ප්‍රශ්නය නම්;

හේතුවාදියෙකු ලෙස නක්‍ෂත්‍රය හෝ ජ්‍යෙතිෂ්‍යය මිථ්‍යාවකි යැයි ඔබ කියා සිටින්නේ කුමන කරුණු මතද?

 

මෙවර දේශනය අවසානයේදී ඔබට / අපට එවැනි පිළිතුරක් ගොඩනඟා ගැනීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තු වෙමු.

 

තාරක වරාපිටිය

Comments