Philosophy of Science නවීන විද්‍යාවේ නීතිරීති


නවීන විද්‍යාව බොරුවක්‌ ද?

Credit: https://groups.google.com/forum/#!msg/indraka/eWdDoWcOtwk/y2kC8uhyqx0J

නවීන විද්‍යාව විවේචනාත්මක ව දෝෂාරෝපණයට ලක්‌ කළ චින්තකයන් කිහිප දෙනා අතරින් පෝල් ෆෙයරබෙන්ඩ් සහ තෝමස්‌ කූන් යන දෙදෙනා ප්‍රමුඛස්‌ථානයක්‌ ගනිති. ඊටත් පෙර ආතර් ෆේපන්හූවර් නමැති දාර්ශනිකයා පැවසුවේ විශ්වයේ සිදු වන ක්‍රියාදාමයන් මිනිසාට තත්වාකාරයෙන් අවබෝධ කරගැනීම කළ නොහැකි බව ය. 

පෝල් ෆෙයරබෙන්ඩ් ගේ අදහස වූයේ විද්‍යාවට ලබා දී ඇති වැදගත් ස්‌ථානයට සමාන තැනක්‌ නක්‌ෂත්‍රය වැනි මිථ්‍යාව මත පිහිටා වර්ධනය වූ ක්‍රමවේදයන්ට ද ලබා දිය යුතු බව ය (Against Method-1975). තෝමස්‌ කූන් පැවසුවේ විද්‍යාත්මක ක්‍රමවේදය හුදෙක්‌ ම විෂය මූලික පමණක්‌ නො විය යුතු බවයි. නිරීක්‌ෂකයා ගේ මානසික හැඟීම්, නිරීක්‌ෂණය මත යම්කිසි බලපෑමක්‌ සිදු කරන බැවින් විද්‍යාත්මක ක්‍රමවේදය එය ද සැලකිල්ලට භාජන කළ යුතු බවයි. (The Structure of Scientific Revolutions- 1962). මේ අදහස්‌ පාශ්චාත් නව්‍යවාදය සමග සබඳතාවයක්‌ පෙන්නුම් කරණ බැවින් මේ චින්තකයන් පාශ්චාත් නව්‍යවාදී විද්‍යා දාර්ශනිකයන් ලෙස ද නම් කෙරිණි.

මෙවැනි අදහස්‌වලින් ආභාසය ලබා ගත් අප රටේ ඇතැම් අය ද විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ බව පවසති. එමෙන් ම දැනුම සහ විද්‍යාව පිළිබඳ මතභේදයට තුඩු දෙන තවත් කරුණු කිහිපයක්‌ ද ඔවුන් ඉදිරිපත් කර ඇත. එකක්‌ නම් නවීන විද්‍යාව බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියේ නිර්මිතයක්‌ බව ය. තව ද දැනුම ලබාගැනීමේ දී සංස්‌කෘතිය විසින් ඒ සඳහා අත්‍යවශ්‍ය දෙයක්‌ සපයා දෙන බව ඔවුන් ගේ මතය වී ඇත. බටහිර නිපැයූ දැනුම භාවිත කිරීමෙන් අප බටහිර ගැත්තන් බවට පත් වන බව ද ඔවුහු පවසති. මේ අදහස්‌ කෙටියෙන් විග්‍රහ කිරීම මේ ලිපියේ අරමුණ ය.

නවීන විද්‍යාත්මක දැනුම ලබාගැනීමේ ක්‍රමවේදය තුළ අවිනිශ්චිතතාවන් තිබිය හැකි බව පිළිගත හැකි ය. විද්‍යාව දියුණු වී මිනිසා ගේ ජීවිතයට විශාල වූ යහපතක්‌ කරන්නට හැකි වී ඇත්තේ මේ අවිනිශ්චිතතාවන් බොහෝ දුරට නිරාකරණය කරගැනීමට විද්‍යාඥයන් සමත් වී ඇති බැවිනි. විද්‍යාඥයා නිරීක්‌ෂණය කරන දෙය අවසානයේ දී තම ඉන්ද්‍රිය පද්ධතිය මාර්ගයෙන් තේරුම් ගෙන අර්ථකථනය කළ යුතු ය. මිනිසා ගේ ඉන්ද්‍රිය පද්ධතියේ ඇති අඩුලුහු`ඩුකම් හේතුවෙන් එසේ තේරුම් කරගන්නා දත්ත සියයට සියයක්‌ නිවැරැදි නො වන්නට පුළුවන. මේ නිසා පිළිගත් විද්‍යාත්මක ක්‍රමවේදය තුළ අවිනිශ්චිත බවක්‌ තිබිය හැකි ය. එසේ ම විද්‍යාඥයා ගේ සංස්‌කෘතික පසුබිම විසින් ඔහු ගේ හෝ ඇය ගේ හෝ පර්යේෂණ ක්‍රමය නිරීක්‌ෂණය සහ අර්ථකථනය මත යම්කිසි බලපෑමක්‌ කිරීම හේතුවෙන් අවසාන ප්‍රතිඵලය අගතියෙන් (bias) තොර වූ එකක්‌ නො වන්නට ඉඩ ඇත. මෙවැනි අවිනිශ්චිතතාවන් අවම කර ගැනීමේ මාර්ග බොහොමයක්‌ විද්‍යාඥයන් භාවිත කරන බව පැවසිය හැකි ය. පර්යේෂණ සහ නිරීක්‌ෂණ ක්‍රම ඉහළ මට්‌ටමකට දියුණු කිරීම, විවිධ සංස්‌කෘතික පසුබිම් ඇති විද්‍යාඥයන් කණ්‌ඩායම් උපයෝගී කරගැනීම, විවිධ රටවල පැවැත්වූ පර්යේෂණ ප්‍රතිඵල එකතු කොට විශ්ලේෂණයට භාජන කොට නිගමනයකට පැමිණීම යනාදී වශයෙන් ගත හැකි ක්‍රියාමාර්ග තුළින් මෙවැනි අවිනිශ්චිතතාවන් අවම කරගත හැකි බව පෙන්වා දී ඇත.

මේ ලෙසින් කෙරෙන විද්‍යාත්මක පර්යේෂණ මාර්ගයෙන් දියුණු කරගත් දැනුම හේතුවෙන් අද වන විට මිනිසාට ලැබෙන යහපත අති විශාල බව පිළිගත හැකි ය. අඥෙයවාදියා (Sceptic) මෙය නො පිළිගෙන නොයෙකුත් මතවාද ඉදිරිපත් කරන බව පෙනෙන්නට ඇත. විද්‍යාව නිසා මිනිසාට හානියක්‌ සිදු නො වන්නේ යෑයි මින් අදහස්‌ නො කෙරේ. එනමුත් සිදු වන හානිය ලැබෙන යහපත සමග සන්සන්දනය කළ විට එය ගණන් ගත යුතු නො වන බව පෙන්නුම් කළ හැකි ය. විද්‍යාවේ සාර්ථකත්වය මින් ඔප්පු වන බව පිළිගත යුතු ය. විද්‍යාව බොරුවක්‌ බව පිළිගත නොහැකි වීමට ප්‍රධාන හේතුව වන්නේ එහි සාර්ථකත්වයයි. 

නවීන විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ යෑයි පවසන අය එය ඔප්පු කර පෙන්වා දිය හැකි බව කියති. එසේ ඔප්පු කළ හොත් එය අලුත් දැනුමක්‌ වන්නේ ය. එය නව දැනුමක්‌ නො වන්නේ නම් ඒ ප්‍රකාශනයේ ඇති වැදගත්කමක්‌ නොමැත. එය හුදු දෙඩවිල්ලක්‌ පමණක්‌ වන්නේ ය. එම ප්‍රකාශනය නව දැනුමක්‌ වන්නට නම් ඒ දැනුම ලබාගන්නට භාවිත කළ ක්‍රියාමාර්ගය පිළිගත හැකි එකක්‌ විය යුතු ය. එම ක්‍රමය කොහෙත් ම නවීන විද්‍යාත්මක ක්‍රමවේදය විය නොහැකි ය. මක්‌නිසා ද යත් විද්‍යාව බොරුවක්‌ බව ඔප්පු කරන්නට බොරුවක්‌ යෑයි පවසන විද්‍යාව යොදාගත නොහැකි ය. එසේ කළ හොත් ඒ ම`ගින් ලබාගන්නා නව දැනුම ද බොරුවක්‌ වන බැවිනි. විද්‍යාව බොරුවක්‌ බව ඔප්පු කිරීමට විද්‍යාත්මක ක්‍රමවේදයට සමාන හෝ ඊට වඩා දියුණු වෙනත් ක්‍රමයක්‌ භාවිත කළ යුතු වන්නේ ය. එවැනි දියුණු ක්‍රමයක්‌ සොයාගත හැකි ද? මේ ප්‍රශ්නය විස\ ඊට නිසි පිළිතුරු සැපයීම විද්‍යාව බොරුවක්‌ යෑයි පවසන අය විසින් පරිභව මුඛයෙන් තොර ව කළ යුතු වන්නේ ය.

නවීන විද්‍යාව හුදෙක්‌ බටහිර සංස්‌කෘතියේ නිර්මිතයක්‌ නො වන බව පෙන්වා දිය හැකි ය. බටහිර සංස්‌කෘතියේ නැ`ගීමට පෙර පුරාණ සංස්‌කෘති කිහිපයක්‌ තුළ ම විද්‍යාව සහ තාක්‌ෂණය වර්ධනය වූ බව අපි දනිමු. පුරාණ අරාබිය, චීනය, ඉන්දියාව, ඇමෙරිකාව වැනි රටවල් තුළ දියුණු යෑයි පිළිගැනෙන සංස්‌කෘතියක්‌ ගොඩනැ`ගී තිබූ බව අපි දනිමු. තාරකා විද්‍යාව, ගණිත ශාස්‌ත්‍රය, රසායනික විද්‍යාව වැනි විද්‍යාවන්වලට අදාළ සමහර මූලික සංකල්පීය දැනුම මේ සංස්‌කෘති තුළ බිහි වූ බව පිළිගත හැකි ය. උදාහරණයක්‌ වශයෙන් ගණිත ශාස්‌ත්‍රයේ මූලික නීතිරීති ඉන්දියාවේ නිර්මාණය වී අරාබිය හරහා යුරෝපයට සංක්‍රමණය වූ බවට සාක්‌ෂි ඇත. එසේ ම ඉතා ම අගනා තාක්‌ෂණික ඥානය චීනයේ බිහි විය. වෙඩි බෙහෙත්, මාලිමා යන්ත්‍රය සහ මුද්‍රණ යන්ත්‍රය පළමුව නිෂ්පාදනය වූයේ චීනයේ ය. මේ ලෙස දැනුම ලබා ගැනීම පිණිස භාවිත වූ ක්‍රමවේදය තුළ නවීන විද්‍යාවේ සමහරක්‌ අංගෝපාංග තිබුණු බවට සාක්‌ෂි සොයාගෙන ඇත. පර්යේෂණ ක්‍රම, නිරීක්‌ෂණ මාර්ග, ලේඛනගත කිරීම ආදිය ඒ අතර විය. මේ විද්‍යාත්මක දැනුම සහ තාක්‌ෂණ ඥානය අරාබිය හරහා ගී්‍රසියට ද, ඊට පසු යුරෝපයට ද සංක්‍රමණය විය. මේ මධ්‍යකාලීන විද්‍යා වර්ධනය පුනරුදය නමැති කාල පරිච්ඡේදය දක්‌වා අඛණ්‌ඩ ව පැවැති බව සමහරුන් ගේ මතය වී ඇත. පුනරුදය නමැති කාල පරිච්ඡේදයේ දී විද්‍යාව ශීඝ්‍රයෙන් යුරෝපයේ දියුණු වූයේ ය. ඊට මූලික හේතුව වූයේ නොයෙකුත් කර්මාන්ත ඒ යුගයේ දී බිහි වීමයි. නව කර්මාන්තවලට අවශ්‍ය තාක්‌ෂණය ද, ඊට අවශ්‍ය විද්‍යාව ද එකට බැඳීමකින් යුතු ව දියුණු විය. විද්‍යාත්මක ක්‍රමවේදය ද විධිමත් ලෙස දියුණු විය. මේ ලෙසින් බලන කල නවීන විද්‍යාව සම්පූර්ණයෙන් බටහිර සංස්‌කෘතිය තුළින් බිහි වූයේ යෑයි පිළිගත නොහැකි ය. ඒ නිසා නවීන විද්‍යාව බටහිරට අයත් දෙයක්‌ නො වේ. නවීන විද්‍යාවේ දැනුම සොයාගැනීමේ ක්‍රමවේදය එමානුවෙල් කාන්ට්‌ වැනි දාර්ශනිකයන් ප්‍රගුණ කොට ඇති බව සැබෑ ය. එනමුත් ඔවුන් ප්‍රගුණ කළේ වෙනත් සංස්‌කෘතිවල ද දායකත්වයෙන් වර්ධනය වෙමින් පැවැති ක්‍රමවේදයක්‌ මිස සම්පූර්ණයෙන් ම වෙනස්‌ වූ නව ක්‍රමවේදයක්‌ නො වන බව පිළිගත හැකි ය. එම නිසා බටහිර "අරහන්" වූ අයට පවා පිළිකුළෙන් තොර ව නවීන විද්‍යාව භාවිත කළ හැකි ය.

නවීන විද්‍යාව සහ දැනුම භාවිත කිරීමෙන් අප බටහිර ගැත්තන් බවට පත් වේ යෑයි පැවසීම පිළිගත නොහැකි ය. බටහිරයන් ඔවුන් ගේ අධිරාජ්‍යවාදී උපාය මාර්ග ක්‍රියාවේ යෙදවීමට විද්‍යාවෙන් ලබාගන්නා දැනුම කූට ලෙස උපයෝගී කරගන්නා බව ඇත්තකි. මෙය විද්‍යාවේ වරදක්‌ නිසා සිදු වන්නක්‌ නො වේ. නවීන විද්‍යාවේ නීතිරීති පිහිටා ඇත්තේ බටහිර සංස්‌කෘතිය මත නො වේ. නවීන විද්‍යාවේ නීතිරීති හරිහැටි භාවිත කිරීමෙන් අප ගේ සංස්‌කෘතියේ මූලික අංගෝපාංග වෙනස්‌ වේ යෑයි සිතිය නොහැකි ය. අප බටහිර ගැත්තන් වන්නේ ඔවුන් ගේ සංස්‌කෘතියේ ඇති අපට නො ගැලපෙන අංගෝපාංග අනුකරණය කිරීමෙනි. සත්තකින් ම නවීන විද්‍යාව භාවිත කොට අප ගේ සංස්‌කෘතියේ අපට ගැලපෙන ගුණාංග දියුණු කොටගත හැකි ය. උදාහරණයක්‌ ලෙස අප ගේ ආහාර සහ පෝෂණය ඉදිරිපත් කළ හැකි ය. අපට සංස්‌කෘතියෙන් දායාද වූ අප ගේ ආහාරවල ඇති පෝෂණීය තත්ත්වය පිළිබඳව පර්යේෂණ සිදු කොට එම ආහාර පිළියෙල කරගන්නා විට පෝෂණ පදාර්ථ විනාශ නො වන ක්‍රම වැනි දේවල් පිළිබඳ දැනුම් සම්භාරයක්‌ අප ගේ වෛද්‍ය විද්‍යාඥයන් සොයාගෙන ඇත. මේ දැනුම ම`ගින් අප ගේ ජනතාව ගේ පෝෂණය ඉහළ මට්‌ටමකට පත් කිරීමට සහ ඔවුන් නිරෝගිමත් කිරීමට පුළුවන් බව කිව හැකි ය. මෙසේ නො කර අප බටහිර පන්නයේ ආහාර ගත හොත් ලෙඩ රෝගවලට ගොදුරු විය හැකි ය.

දැනුම ලබාගැනීමේ දී සංස්‌කෘතියෙන් ලැබෙන බලපෑම දැනුමේ කොටසක්‌ ලෙස පවතින බව පිළිගත නොහැකි ය. මක්‌නිසා ද යත් එවැන්නක්‌ සිදු වීම වැළැක්‌වීම විද්‍යාඥයන් අනිවාර්යයෙන් කළ යුතු දෙයක්‌ බැවිනි. මේ කරුණ ඉහත දී සැකෙවින් දක්‌වා ඇත. කිව යුත්තේ විද්‍යාත්මක ක්‍රමවේදය භාවිත කිරීම පිණිස සංස්‌කෘතිය අත්‍යවශ්‍ය නො වන බව ය. යම්කිසි විෂයකට අදාළ පෙර ලබාගත් දැනුමක්‌ ඇතොත් එය පර්යේෂණ සඳහා ප්‍රයෝජනවත් විය හැකි ය. එම දැනුම සංස්‌කෘතියේ කොටසක්‌ වශයෙන් සලකා මෙවැනි අදහසක්‌ ඉදිරිපත් කළා දැයි පැහැදිලි නැත. එනමුත් දැනුම ලබාගන්නා ක්‍රමවේදය තුළට සංස්‌කෘතිය ඈ\ ගැනීම පශ්චාත් නව්‍යවාදීන් ගේ අදහසක්‌ බව කිව යුතු ය.

තවත් කිව යුතු දෙයක්‌ ඇත. විද්‍යාවට දී ඇති ස්‌ථානයට සමාන ස්‌ථානයක්‌ මිථ්‍යා මතවලට ද දිය යුතු බව පැවසුවේ පෝල් ෆෙයරබෙන්ඩ් ය. මේ අදහසේ එල්බ ගත් ඇතැම් අය ද දෙවිවරුන් ගෙන් සහ එවැනි මිථ්‍යා විශ්වාස මත පදනම් වූ ක්‍රම තුළින් දැනුම ලබාගත හැකි බව පවසති. විද්‍යාව බොරුවක්‌ බවත් මිථ්‍යා විශ්වාස ඊට වඩා විශ්වසනීය බවත් ඔවුන් ගේ මතය වී ඇත. මෙය ජනතාව නොම`ග යෑවීමක්‌ බව පැවසිය යුතු ය. මේ නොම`ග යෑවීම හේතුවෙන් භයානක ප්‍රතිඵල ගෙන දෙන්නට ද පුළුවන. විද්‍යාව අතහැර දැමූ මිනිසා මිථ්‍යා මතවල එල්බගෙන තම ලෙඩ රෝග සුව කරගැනීම පිණිස හොර වෙදුන්, කට්‌ටඩි, දෙවිදේවතාවරුන් වැනි අය ගේ උදව් පතා ජීවිතය පවා නැති කර ගැනීමට ඉඩ ඇත. මෙවැනි මත දරන්නන් මේ රටේ බහුලව ක්‍රියාකාරී ව සිටින හෙයින් මෙවැනි නොම`ග යෑවීම්වලට ඉඩ දිය යුතු නැත. මේ ලිපියේ අරමුණ එය වන්නේ ය.

මහාචාර්ය එන්. ඒ. ද. එස්‌. අමරතුංග (D.Sc)
















Tag: කාල් පොපර්

Credit: https://indhrakiilaya.wordpress.com/tag/%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A-%E0%B6%B4%E0%B7%9C%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A/

පාට කුරුල්ලෝ සහ අසත්‍යකරණය

යුදෙව් වාර්ගික දාර්ශනිකයකු වූ කාල් පොපර් විසින් අසත්‍යකරණය (Falsification) යනුවෙන් හැඳින්වෙන මතවාදයක් ඉදිරිපත් කරන ලද්දේ බටහිර විද්‍යාව අනෙකුත් දැනුම් පද්ධතිවලින් විශේෂ කර දැක්වීමටය. ඊට අනුව බටහිර විද්‍යාඥයන් විසින් ඉදිරිපත් කරනු ලබන න්‍යායන්/ප්‍රවාදයන් අසත්‍යකරණය කළ හැක. ප්‍රසිද්ධම උදාහරණය අයිසැක් නිව්ටන් විසින් ඉදිරිපත් කරන ලද ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය ඇල්බට් අයින්ස්ටයින් විසින් ඉදිරිපත් කරන ලද සාධාරණ සාපේක්ෂතාවාදයෙන් අසත්‍යකරණයට ලක් වීමයි.

අද පොපර්ගේ අසත්‍යකරණ ප්‍රවාදය මුවාවෙන් ඇතැම්හු බටහිර විද්‍යාව විද්‍යාත්මක න්‍යායන් එකින් එක අසත්‍යකරණය කෙරෙමින් ක්‍රමයෙන් “සත්‍යය” කරා ළඟා වෙමින් පවතින බව පෙන්වීමට උත්සාහ කරති. නමුත් අසත්‍යකරණය තුළින් සත්‍යය කරා ළඟා විය හැකිද? බටහිර විද්‍යාවේ සිදු කරනවා යැයි පැවසෙන්නේ ඉන්ද්‍රිය ගෝචර සංසිද්ධීන් / නිරීක්ෂණ සමඟ සංගත වන ප්‍රවාද තැනීමයි. වියුක්ත කතන්දර හැදීම යන කාරණය මඳකට අමතක කළොත් ඉතාම අමුවෙන් මේ කතාව උපමාවක් මෙලෙස දැක්විය හැක:

යම් කිසි ගමක කුරුල්ලන් පස් වෙයි. උන් පස්දෙනාම කහ පාටය. එය නිරීක්ෂණයකි. යමෙකුට “සියලු කුරුල්ලන් කහපාට වේ” යනුවෙන් නියමයක් ඉදිරිපත් කළ හැක. එය නිරීක්ෂණය සමඟ සංගත වේ; එබැවින් ඒ නියමය සත්‍ය වේ. නමුත් යමක් සත්‍ය වන්නේ නිරීක්ෂණය කරන ප්‍රමාණය අනුවය. අල්ලපු ගමට යන මිනිසෙක් ඒ ගමේ රතු පාට කුරුල්ලන් 20 දෙනෙකු දකී. ඒ නිරීක්ෂණයත් සමඟ “සියලු කුරුල්ලන් කහපාට වේ” යන න්‍යාය අසත්‍යකරණයට ලක් වේ. ඔහු ඒ වෙනුවට “කුරුල්ලන් කහපාට හෝ රතු පාට වේ” යනුවෙන් අලුත් නියමයක් තනයි. එය නිරීක්ෂණ සමඟ සංගතය; එබැවින් ඒ නියමය සත්‍ය වේ. දැන් ඊටත් අල්ලපු ගමට යන තවත් මිනිසෙක් එහි සිදු පාට කුරුල්ලන් 50 දෙනෙකු දකී. ඒ නිරීක්ෂණය අනුව “කුරුල්ලන් කහපාට හෝ රතු පාට වේ” යන නියමය අසත්‍යකරණය වන අතර “සියලු කුරුල්ලන් කහ, රතු හෝ සුදු පාට වේ” යනුවෙන් තුන්වන නියමයක් ඉදිරිපත් වීමට මඟ පාදයි.

දැන් ඇතැමුන් උත්සාහ කරන්නේ මේ තුළින් සත්‍යය කරා ළඟා විය හැකි බව පෙන්වීමටය. ඇත්තටම ඒ දෙස බලන්නෙකුට “සත්‍යය කරා ගමන් ගැනීමක්” පෙනී යා හැක. ඉහත මුල් නියම දෙකෙන් වඩා සංගත කුමක්ද? “සියලු කුරුල්ලන් කහපාට වේ”; “කුරුල්ලන් කහපාට හෝ රතු පාට වේ”. ගම් තුනේදී නිරීක්ෂණය කරන ලද කුරුල්ලන් ප්‍රමාණය 75 කි. ඉන් 5 දෙනෙකු කහපාට වන අතර 20 දෙනෙකු රතුපාටය. එසේ නම් පළමු නියමයට වඩා දෙවන නියමය “වඩා සංගත” ලෙස කෙනෙකුට හැඟී යා හැක. එලෙස නියමයන් ක්‍රමයෙන් “වඩා සංගත” වීම සත්‍යයක් කරා ගමන් ගන්නාක් මෙන් අපට හැඟී යාහැක. නමුත් පළමු නියමයට වඩා දෙවන නියමය “වඩා සංගත” බව අපට පෙනී යන්නේ අප සිටින්නේ කුරුල්ලන් 75ක් පමණක් නිරීක්ෂණය කළ ලෝකයක සිටීම නිසාය.

මෙකී ගම් තුනට ඔබ්බෙන් වන හතර වන, තරමක් විශාල ගමකට යන මිනිසෙක් එහි කහපාට කුරුල්ලන් 1000 දකී. ඉන් තුන්වන නියමය අසත්‍යකරණය නොවේ. එහෙත් දැන් මුල් නියම දෙකෙන් “වඩා සංගත” නියමය වන්නේ පළමු නියමය බව වැටහේ. වෙනත් විදියකින් කිවතොත් පළමු නියමය,  දෙවන නියමය හරහා ගමන් ගෙන ඇත්තේ සත්‍යය කරා නොව ඉන් එපිටටය. තවත් ගමකදී කොළ පාට කුරුල්ලන් 1,000,000 පමණ හමුවේ නම් ඉහත නියම තුනම අසත්‍යකරණය වන අතර ඒවා තුළින් කවර ආකාරයේවත් සත්‍යයක් කරා හෝ ඉන් එපිටට ගමන් කර නැති බව පෙනී යනු ඇත.

මෙලෙස පොපර්ගේ අසත්‍යකරණය තුළින් “සත්‍යයක්” කරා ගමන් ගත හැකි යැයි කිව නොහැක. ඉන් කිව හැකි එකම දේ ලෝකය නිරීක්ෂණය කර ඇති ප්‍රමාණයට සංගත වන “සත්‍යයක්” නිර්මාණය කර ගත හැකි බව පමණි. සත්‍යය කරා ක්‍රම ක්‍රමයෙන් ළඟා වීම යන්න බටහිර දැනුම් පද්ධතියට එකතු වී ඇත්තේ යුදෙව් චින්තනය තුළ ඇති පොරොන්දු දේශයක් කරා ගමන් ගැනීම යන සංකල්පය තුළින් නිස අනෙකකින් නොවේ.

නමුත් බටහිර විද්‍යාවේ ගමන් මඟ ඉහත කී ආකාරයට සුමට ද නැත. ඇතැම් විට සුදු පාට කුරුල්ලන් දහසක් සහ එක් නිල් පාට කුරුල්ලෙක් හමු වූ තැන නිල්පාට කුරුල්ලා අමතක කර “සියලු කුරුල්ලන් සුදුපාට වේ” යනුවෙන් නියමයන් තැනෙන අවස්ථාද ඇත. නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය පිළිගැනෙනු ලැබුවේ බුධ ග්‍රහයාගේ චලිතය අමතක කෙරෙමිනි.

මේ අතර හේතුවාදීන් නමින් හැඳින්වෙන මුග්ධයන් පිරිසක් ද වේ. මේ හේතුවාදීන් කරන්නේ කුමක්ද? යම් ගමෙක සුදු පාට කුරුල්ලන් 100 දෙනෙකු සිටී. ඒ නිසා “සියලු කුරුල්ලන් සුදු පාට වේ” යනුවෙන් නිරීක්ෂණයන් සමඟ සංගත වන නියමයක් සත්‍ය ලෙස පිළිගැනෙනු ලැබේ. එය ඒ ගමේ අධිපති මතවාදයයි. දැන් හදිසියේ යමකු තමන් රෝස පාට කුරුල්ලකු දුටු බව ප්‍රකාශ කරයි. දැන් කළ යුතුව ඇත්තේ එකී නිරීක්ෂණයට සංගත වන අයුරින් කළින් පැවති නියමය ඉවත ලා වෙනත් නියමයක් තනා ගැනීමයි. නමුත් හේතුවාදීන් නැමති මුග්ධයන් කරන්නේ අර නියමය තුළ පිහිටා සිට කෙසේ හෝ රෝස පාට කුරුල්ලකු දුටු බව කියැවෙන නිරීක්ෂණය බොරු බව පෙන්වීමට උත්සාහ කිරීමයි. ඒ රෝස පාට කුරුල්ලා දුටු බව කියන තැනැත්තා දැක ඇත්තේ මනෝ භ්‍රාන්තියක් බව පෙන්වීමට ඔවුහු තම අධිපති මතවාදය තුළින් නිගමන ගෙන එති.

තවද, සුදු පාට කුරුල්ලන් 100 දෙනෙකු සිටින තන එක් රෝස පාට කුරුල්ලෙක් නිසා “කුරුල්ලන් සුදු පාට හෝ රෝස පාට වේ” යැයි කීම කැතය. ඒ නිසා බටහිර ලෝකයේදී මෙවන් අවස්ථාවලදී “කුරුල්ලන් සුදු පාට වේ” යන නියමය පවත්වා ගෙන රෝස පාට කුරුල්ලන් දැකීමේ නිරීක්ෂණය පැරනෝමල් සංසිද්ධියක් (Paranormal Acitivity) ලෙස දක්වා වෙන් කර තබති.

download (2)






උද්ගමනය පිළිබද ගැටලුව (කෙටි හැදින්වීමක්)

එකමත් එක රටක ගොවිපලක් තුළ කළුකුමෙකු ජීවත් විය. ඒ වනාහී එසේ මෙසේ කළුකුමෙකු නොව විද්‍යාත්මක කළුකුමෙකි. යම් දෙයක් පිළිබදව නිගමනයකට එළඹීමට ප්‍රථමයෙන් ඉන්ද්‍රයන් හරහා එක්රැස් කරගත් නානාප්‍රකාර නිරීක්ෂණයන් ගැඹුරු විචාරයකට භාජනය කිරීම මෙම කළුකුමාගේ සිරිත විය. එක් දිනක්, තමාට ගොවිපල හිමියා විසින් උදේ ආහාරය ලබාදෙන වේලාව දැනගැනීමට මෙම කළුකුමාට අවශ්‍ය විය. ඒ අනුව ඔහු දවස් කිහිපයක් තිස්සේ ගොවිපල හිමියා විසින් තමාට උදේ ආහාරය ලබාදුන් වේලාව නිරීක්ෂණය කළේ ය. ඒ සෑම දිනකම ඔහුට, එනම් කළුකුමාට, උදේ නවයට සිය උදේ ආහාර වේල ලැබිණි. නමුත්, හුදෙක් ටික දිනක් පමණක් තමාට ආහාර ලැබෙන වේලාව නිරීක්ෂණය කිරීම හරහා “මට හැමදාම උදේ නවයට උදේ කෑම ලැබේ” යනුවෙන් නිගමනය කිරීම අනුවණ ක්‍රියාවක් බව මෙම කළුකුමා අවබෝධ කරගෙන සිටියේ ය. එබැවින් ඔහු වැසි දින වලද, හිම වැටෙන දින වලද, පායන දින වලද, සීතල දින වලද, උණුසුම් දින වලද, අදුරු දින වලද, සති අන්තයේ දින වලද, රජයේ නිවාඩු දින වලද යනාදී වශයෙන් විවිධ පසුබිම් වලින් යුත් දින විශාල ප්‍රමාණයක් තුල තමාට උදේ ආහාර වේල ලැබෙන්නේ කීයටදැයි නිරීක්ෂණය කළේ ය. ඒ සෑම දිනකම ඔහුට හරියටම උදේ නවයට උදේ ආහාර වේල ලැබිණි. එබැවින්, තමාට හැමදාම, එනම් අනාගතයේ දින වලද,  උදේ නවයට උදේ ආහාර වේල ලැබේවි යැයි මෙම කළුකුමා නිගමනය කළේ ය. නත්තල් දිනය උදාවිය. සිය නිරීක්ෂණයන් තුළින් උද්ගමනය කරන ලද නිගමනය මත පදනම් ව එදිනද තමාට උදේ නවයට සිය ආහාර වේල ලැබේ යැයි කළුකුමා සිතා සිටියේ ය. අහෝ! සිදු වූයේ අනෙක කි. හරියටම උදේ නවයට ගොවිපල හිමියා විසින් කළුකුමාගේ ගෙල සිද දැමී ය.

මෙකී කළුකුමාගේ කතන්දරය මා විසින් ප්‍රබන්ධය කරන ලද්දක් නොවේ. එය බ්‍රිතාන්‍ය ජාතික දාර්ශනිකයෙකු වූ බ(ර්)ට්‍රාන්ඩ් රසල් විසින් ඉදිරිපත් කරන ලද්දකි. රසල්ගේ වචනයෙන්ම කළුකුමාගේ කතාව මෙලෙස ය:

The turkey found that, on his first morning at the turkey farm, that he was fed at 9 a.m. Being a good inductivist turkey he did not jump to conclusions. He waited until he collected a large number of observations that he was fed at 9 a.m., and made these observations under a wide range of circumstances, on Wednesdays and Thursdays, on warm days and cold days, on rainy days and dry days. Each day, he added another observation statement to his list. Finally, his inductivist conscience was satisfied and he carried out an inductive inference to conclude, “I am always fed at 9 a.m.” Alas, this conclusion was shown to be false in no uncertain manner when, on Christmas eve, instead of being fed, he had his throat cut.

රසල්ගේ කතාවේ එන කළුකුමා විසින් “මට හැමදාම උදේ නවයට උදේ කෑම ලැබේ” යනුවෙන් නිගමනය කළේ උද්ගමනය (induction) හරහා ය. ඒ සදහා කළුකුමා යොදාගත්තේ උද්ගාමී තර්කයක් හෙවත් inductive argument එකකි. තර්ක ශාස්ත්‍රය තුළ උද්ගාමී තර්කයන් සහ අපෝහනයන් (deductive arguments) යනුවෙන් තර්කයන් වර්ග දෙකක් පිළිබදව සදහන් වේ. අපෝහනයක් යනු තර්කාංගයන් (premises) සත්‍ය නම් නිගමනය (conclusion) අනිවාර්යයෙන්ම සත්‍ය වන්නා වූ තර්කයකි. උද්ගාමී තර්කයන් තුල තර්කාංගයන්ගේ සත්‍ය බවින් නිගමනය සියයට සියයක් සත්‍ය යැයි ගම්‍යමාන නොවේ. උද්ගාමී තර්කයක් තුලින් කියන්නේ තර්කාංගයන්ගේ සත්‍යභාවය මගින් නිගමනයේ සත්‍යභාවයට සැළකිය යුතු සම්භාවිතාවක් සපයන බවයි.

උද්ගමනය යනු විද්‍යාව තුළ බහුලව භාවිත වෙන ක්‍රමවේදයකි. විද්‍යාවේ බොහෝ න්‍යායන් ස්ථාපිත කර ඇත්තේ උද්ගාමී තර්කයන් හරහා ය. උදාහරණයක් ලෙස, “සියලුම ලෝහයන් රත් කළ විට ප්‍රසාරණය වේ” යන ප්‍රස්තුථය බලන්න. මෙය විද්‍යාව තුළින් ඉදිරිපත් කරන ප්‍රස්තුථය කි. මෙහිදී “සියලුම ලෝහයන්” යනුවෙන් අදහස් කරන්නේ අප විසින් සොයාගෙන ඇති සහ සොයාගෙන නොමැති ලෝහ සියල්ලටම පොදුවේ ය. එනම්, අප විසින් සොයාගෙන නොමැති, නිරීක්ෂණය කර නොමැති, ලෝහ ද රත් කළ විට ප්‍රසාරණය වන බව මෙයින් කියැවේ. තවත් උදාහරණයක් ලෙස අපට නිව්ටන් විසින් ඉදිරිපත් කරන ලද ගුරුත්වාකර්ෂණ නියමය ගෙනහැර දැක්විය හැකි ය. 1687 දී නිව්ටන් විසින් මෙලෙස ලියන ලදී:

Every particle of matter in the universe attracts every other particle with a force which is directly proportional to the product of the masses of the particles and inversely proportional to the square of the distance between them.

මෙහිදී නිව්ටන් විසින් සෑම අංශුවක් අනිකුත් අංශූන්ට ආකර්ෂණය වේ යැයි පැවසුවද නිව්ටන් විසින් හෝ වෙනත් අයෙකු විසින් සෑම අංශුවක්ම වෙනත් අංශූන්ට ආකර්ශනය වන බව හෝ නොවන බව නිරීක්ෂණය කර නැත. නිව්ටන් විසින් ඉදිරිපත් කෙරෙණු ඉහත නියමය වනාහී උද්ගමනය හරහා ස්ථාපිත කරන ලද්දකි.

විද්‍යාවේ ඉතිහාසය තුළ උද්ගමනය හරහා ස්ථාපිත කෙරුණු න්‍යායන් වැරදුණු අවස්ථා ඇත. උදාහරණයක් ලෙස, දහ හත් වන සියවසේ යුරෝපයේ විසූ ජීව විද්‍යාඥයින් විසින් සියලුම හංසයින් සුදු පාට යැයි නිගමනයකට එළඹ සිටියහ. ඔවුන්ගේ එම නිගමනයට හේතු වූයේ ඔවුන් විසින් නිරීක්ෂණය කරන ලද සියලුම හංසයින් සුදු පාට වීමයි. නමුත්, පසුකලෙක, දේශාටනය වැඩිවත්ම, ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ කලු හංසයින් ද සිටින බව යුරෝපීය දේශ ගවේෂකයින් නිරීක්ෂණය කළහ. මෙම උදාහරණය මගින් සහ රසල්ගේ කළුකුමාගේ කතන්දරය මගින් පැහැදිලි වන දෙයක් ඇත. එනම්, උද්ගමනය තුළ යම් යම් ගැටලු ඇති බව ය.

ඉහත කතන්දරයේ කළුකුමා විසින් තමා අතීතයේ කරන ලද නිරීක්ෂණයන් පදනම් කර ගනිමින් අනාගතයේ තමාට උදේ ආහාරය ලැබෙන වේලාව ගැන නිගමනයක් කළේ ය. අනාගතයේ දී තමන්ට දක්නට ලැබෙන හංසයන්ගේ වර්ණය සුදු යැයි දහ හත් වන සියවසේ යුරෝපීය ජීව විද්‍යාඥයින් නිගමනය කළේ ද තමන් අතීතයේ දුටු හංසයින් සුදු පැහැ වන හෙයිනි. එනම්, ඕනෑම උද්ගමනයක් තුළ අප නිරායාසයෙන්ම කරන උපකල්පනයක් ඇත. ඒ “අනාගත නිරීක්ෂණ ද අතීත නිරීක්ෂණ සමග එකග වේ” (future will be like the past) යන ප්‍රස්තුථය යි. දර්ශනය තුළ සහ ඥාන විද්‍යාව තුළ principle of induction, uniformity of nature යනා දී යෙදුම් මගින් හදුන්වන්නේ මෙම උපකල්පනය යි.

මේ මොහොතේ ඔබ ගිනි දැල්ලක් ඇල්ලුවහොත් යම් වේදනාවක් දැනෙන්නේය යැයි ඔබ දැනගත්තේ කෙසේද? මේ මොහොතේ ඔබ සීනි අහුරක් කෑවොත් පැණි රසක් දැනෙන්නේය යැයි ඔබ දැනගත්තේ කෙසේද? මෙම ප්‍රශ්න වලට පිළිතුරු දීමේ දී වැඩි ඉඩකඩක් ඇත්තේ ඔබ පහත ආකාරයට හේතු දක්වනවා වන්නට යි.

  1. අතීතයේ මම ගිනිදැල්ලක් ඇල්ලූ සෑම අවස්ථාවක දී ම මට වේදනාවක් දැනිණි.
  2. එබැවින්, මම මේ මොහොතේ ගිනි දැල්ලක් ඇල්ලුවහොත් මට වේදනාවක් දැනෙණු ඇත.

සහ,

  1. අතීතයේ මම සීනි අහුරක් කෑ සෑම අවස්ථාවක දී ම මට පැණි රසක් දැනිණි.
  2. එබැවින්, මම මේ මොහොතේ සීනි අහුරක් කෑවොත් මට පැණි රසක් දැනෙණු ඇත.

ඉහත තර්කයන් දෙකෙහිම පළමු ප්‍රස්තුථයේ සිට දෙවන ප්‍රස්තුථයට ප්‍රගමණය වන විට අප විසින් සවිඤ්ඤාණව හෝ අවිඤ්ඤාණකව “අනාගත නිරීක්ෂණ ද අතීත නිරීක්ෂණ සමග එකග වේ” යන ප්‍රස්තුථය උපකල්පනය කරනු ලැබේ.

තර්කනයේ ක්‍රමවේදයක් ලෙස උද්ගමනයේ වලංගුභාවය තහවුරු කිරීම සදහා “අනාගත නිරීක්ෂණ ද අතීත නිරීක්ෂණ සමග එකග වේ” යන ප්‍රස්තුථය අපෝහනය කළ යුතු ය. මෙය අසීරු ක්‍රියාවකි. දර්ශනය තුළ උද්ගමනය පිළිබද ගැටලුව (problem of induction) යනුවෙන් හැදින්වෙන්නේ මෙම ප්‍රස්තුථය තහවුරු කිරීමේ උත්සහයන් වටා වූ කතිකාවයි.

උද්ගමනය පිළිබද ගැටලුව සහ කාල් පොපර්

බටහිර, පෙරදිග, නිරිතදිග, ඊසානදිග, එක්ස්කිමෝ, ඊජිප්තු, චීන, ඇමසෝනියානු යනා දී වශයෙන් විද්‍යාව නානාවිධ මාදිලියන්ගෙන් යුක්ත වනවාද නැතහොත් “විද්‍යාව” යන වචනයේ නිවැරදි ව්‍යවහාරය වනුයේ කිසිදු විශේෂණ පදයකින් තොරව “විද්‍යාව” යනුවෙන් ද යන්න ගැටලුවකි. ඒ ගැටලුව අපට දාර්ශනික මට්ටමෙන් සංවාදයට බදුන් කළ හැකි ය. නමුත්, එක් දෙයක් පැහැදිලි ය. එනම්, ඕනෑම විද්‍යාවක් තුළින් බලාපොරොත්තු වන්නේ ස්වභාවික පරිසරයේ විවිධ දෑ වල ස්වභාවය හා හැසිරීම පිළිබද වන සාධාරණ සහ පොදු රටාවන් හෙළිදරව් කරගැනීම බව ය. උදාහරණයක් ලෙස, විද්‍යාව (හෝ ඕනෑම විද්‍යාවක්) තුළින් බලාපොරොත්තු වනුයේ අහවල් හංසයා සුදු පාටයි යනුවෙන් තනි හංසයෙකුගේ ස්වභාවය විස්තර කිරීම නොව සියලුම හංසයින්ට පොදු වූ ප්‍රස්තුථයන් අනාවරණය කරගැනීම ය. තවද, පොලොවට වැටෙන කොස් ගෙඩියේ චලනය විස්තර කිරීමට පමණක් සීමා නොවී පොලොවට වැටෙන ඕනෑම දෙයක චලනය පොදුවේ විස්තර කෙරෙන සමීකරණයක් සොයාගැනීම විද්‍යාව තුළින් අරමුණු කර ගැනේ.

ඇතැම් අවස්ථාවන්හිදී අපට නිරීක්ෂණයෙන් තොරවම යම් යම් දේ වලට පොදුවූ ලක්ෂණයන් හදුනාගත හැකි ය. උදාහරණයක් ලෙස, සියලුම තනිකඩයන් අවිවාහක බව දැනගැනීම පිණිස අපට සියලුම තනිකඩයන්ව නිරීක්ෂණය කිරීමට අවශ්‍ය නැත. මන්දයත්, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සියලු තනිකඩයන් අවිවාහක බැවිනි. එසේවුවද, අපට බොහෝ දේ වලට පොදු වන ලක්ෂණයන් දැනගන්නට ලැබෙනුයේ නිරීක්ෂණයන් හරහා ය. සියලුම හංසයින් සුදුද නැතහොත් කලු හංසයින්නුත් සිටීද යන්න දැනගැනීමට අපට ඇති වඩාත් සරලම ක්‍රමය වනුයේ සියලුම හංසයින් නිරීක්ෂණය කිරීම ය. එසේවුවද, යම් කුලකයකට ගැනෙන දේ අතුරින් සියල්ල නිරීක්ෂණය කිරීමට අපට ප්‍රායෝගිකව හැකියාවක් නැත. අප විසින් උද්ගමනය වෙත යොමුවන්නේ එබැවිනි. උද්ගමනය තුළ දී, අප විසින් යම් කුලකයක අවයව අතුරින් සැළකිය යුතු ප්‍රමාණයක් නිරීක්ෂණය කර ඒ අනුව එකී කුලකයේ සියලු අවයව වල ස්වභාවය පිළිබදව යම් අනුමානයක් කරනු ලබයි. උදාහරණයක් ලෙස, දැනට නිරීක්ෂණය කර ඇති සියලු ලෝහ රත් වූ විට ප්‍රසාරණය වනවාය යන කරුණ පදනම් කරගනිමින් “සියලුම ලෝහ රත් වූ විට ප්‍රසාරණය වේ යනුවෙන් නිගමනය කිරීම දැක්විය හැකි ය.

නිරීක්ෂණයන් පදනම් කරගනිමින් යම් යම් ප්‍රස්තුථයන් උද්ගමනය කිරීම ඕනෑම විද්‍යාවක් තුළ මූලික වශයෙන් සිදු වේ. එනම්, යම් විද්‍යාවක් “නොබටහිර” වූ පමණින් එකී විද්‍යාවට උද්ගමනයේ අවශ්‍යතාවයෙන් ගැලවිය නොහැකි ය. උද්ගමනය හරහා යම් ප්‍රස්තුථයක් ව්‍යුත්පන්න කරගැනීමේ දී අපට උද්ගමනය පිළිබද ගැටලුවට මුහුණ දීමට සිදු වේ. මෙකී උද්ගමනය පිළිබද ගැටලුව ගැන අප විසින් මීට පෙර ලිපියක විස්තර වශයෙන් කතා කළෙමු.

උද්ගමනය පිළිබද ගැටලුව සදහා විවිධ දාර්ශනිකයින් සහ චින්තකයින් විසින් විවිධ ප්‍රතිචාර ලබාදී ඇත. ඉන් ඇතැම් ප්‍රතිචාරයන්ට අනුව අප විසින් උද්ගමනය පිළිබද ගැටලුව විසදිය යුතු ය. තවත් ප්‍රතිචාරයන්ට අනුව අප විසින් උද්ගමනය පිළිබද ගැටලුව සමග ජීවත් වීමට ක්‍රමයක් සොයාගත යුතු ය. විද්‍යාවේ දාර්ශනිකයෙකු වූ කාල් පොපර්ගේ අදහස වූයේ අප විසින් උද්ගමනය පිළිබද ගැටලුව negotiate කරගෙන ඒ සමග ජීවත් වීමට ක්‍රමයක් සොයාගත යුතුය යන්නයි. ඔහු විසින් යෝජනා කරන ලද අසත්‍යකරණය කිරීමේ ක්‍රමවේදය වනාහී උද්ගමනය පිළිබද ගැටලුව negotiate කරගැනීමට හැකි එක් ආකාරයකි.

උද්ගමනය හරහා ව්‍යුත්පන්න කරගනු ලැබූ ප්‍රස්තුථයක් අසත්‍ය විය හැකි ය. උදාහරණයක් ලෙස, දහ හත් වන සියවසේ යුරෝපීය ජීව විද්‍යාඥයින් විසින් උද්ගමනය කරනු ලැබූ “සියලුම හංසයින් සුදු පාට ය” යන ප්‍රස්තුථය දැක්විය හැකි ය. කලු හංසයින් ද සිටින බව එවකට නිරීක්ෂණය කර නොතිබිණි. නමුත්, ප්‍රශ්නය වනුයේ යම් උද්ගාමී නිගමනයක් අසත්‍යදැයි අප දැනගන්නේ කෙසේද යන්න යි. අප විසින් විද්‍යාවේ එන න්‍යායක් “පට්ටපල් බොරුවක්” යැයි ලේබල් කළ පමණින් එකී න්‍යාය අසත්‍ය බව ඔප්පු නො වේ.

කාල් පොපර්ට අනුව විද්‍යාව සමන්විත වනුයේ අනුමානයන්ගෙනි. මෙම අනුමානයන් හැදින්වීමට කාල් පොපර් විසින් යොදාගත්තේ conjecture යන වචනය යි. මෙකී අනුමානයන් ව්‍යුත්පන්න කරගනුයේ උද්ගමනය හරහා ය. කාල් පොපර් සදහන් කළ ආකාරයට, විද්‍යාවේ න්‍යායන් වනාහී හුදු අනුමානයන් පමණක් බැවින් ඒවා සත්‍ය හෝ අසත්‍ය යනුවෙන් වර්ගීකරණය කළ නොහැක. ඒ වෙනුවට අප විසින් කළ යුත්තේ ඒ ඒ අනුමානයන්ගේ “ශක්තිමත් බව” පිළිබදව මිම්මක් ගැනීම ය. එය කරනුයේ ඒ ඒ අනුමානයන් මගින් කෙතරම් නිශ්ප්‍රභ කිරීම් (refutations) ප්‍රමාණයක් විද දරාගනී දැයි පර්යේෂණ හරහා මැන බැලීමෙනි. යම් අනුමානයක් මගින් නිශ්ප්‍රභ කිරීම් බොහෝ ප්‍රමාණයක් විදදරා සිටීනම් එය ශක්තිමත් අනුමානයකි. නැතිනම් එකී අනුමානය විශ්වසනීය එකක් නො වේ. විද්‍යාවේ ස්වභාවය පිළිබද කාල් පොපර් විසින් ඉදිරිපත් කරන ලද න්‍යාය එයයි.

කාල් පොපර් විසින් විද්‍යාවේ ස්වභාවය පිළිබදව කරන ලද මෙකී විස්තර කිරීමේ යම් යම් අඩුපාඩු ඇත. එහෙත්, “උද්ගාමී නිගමනයක් අසත්‍යකරණයට ලක් කළ හැකි විය යුතුයි” යනුවෙන් පැවසීම තුළින් පොපර් උත්සහ කලේ විද්‍යාව සහ ව්‍යාජ-විද්‍යාව එකිනෙකින් වෙන්කිරීමට විනා විද්‍යාවේ න්‍යායන්ට සම්භාවනීයත්වයක් ආරෝපණය කිරීමට නො වේ.

එමෙන්ම, විද්‍යාවේ එන ගණිතමය ආකෘතීන් මගින් සිදුකරනුයේ ස්වභාවික පරිසරයේ නානාවිධ රටාවන් සන්නිකර්ෂණය කිරීම ය. විද්‍යාවේ ඇතැම් න්‍යායන් හරහා ඉතා රළු ලෙස ස්වභාවික පරිසරය සන්නිකර්ෂණය කරනු ලබයි. මෙලෙස ස්වභාවික පරිසරය රළු වශයෙන් සන්නිකර්ෂණය කරනු ලබන විද්‍යාත්මක න්‍යායන්ට උදාහරණ වනුයේ චලිතය සහ ගුරුත්වාකර්ෂණය පිළිබද  නිව්ටන් විසින් ඉදිරිපත් කරනු ලැබූ න්‍යායන් ය. තවද, ඉතා සියුම් ලෙස ස්වභාවික පරිසරය සන්නිකර්ෂණය කරන්නාවූ න්‍යායන් ද විද්‍යාවේ ඇත. ගුරුත්වාකර්ෂණය පිළිබද අයින්ස්ටයින් විසින් ඉදිරිපත් කරනු ලැබූ න්‍යායන් ඊට නිදසුන් ය. සැකවින් කිවතොත්, නිව්ටන්ගේ න්‍යායන් අඩිරූලක් බදුනම් අයින්ස්ටයින්ගේ න්‍යායන් වර්නියර් කැලිපරයක් බදු ය. අපට වර්නියර් කැලිපරය භාවිත කිරීම තුළින් අඩිරූලට වඩා සියුම් මිම්මක් ලබා ගත හැක. නමුත්, එසේ වූ පමණින් අඩිරූලෙන් ගන්නා ලද මිම්ම “පට්ටපල් බොරුවක්” බව ගම්‍යමාන නො වේ. අඩිරූලෙන් ලබාගන්නා මිම්මේ සහ වර්නියර් කැලිපයරයෙන් ලබාගන්නා මිම්මේ වෙනස ඇත්තේ සියුම්භාවයේ විනා නිවැරදිභාවයේ නො වේ. එලෙසම, චලිතය සහ ගුරුත්වාකර්ෂණය පිළිබද නිව්ටෝනියානු සහ අයින්ස්ටයිනියානු න්‍යායන් අතර වෙනස ඇත්තේ සියුම්භාවයේ විනා සත්‍ය අසත්‍යභාවයේ නො වේ.




Selected sections from a post on historical views on philosophy of science 






බටහිර විද්‍යාවේ ක්‍රමවේදය විමර්ශනයක්‌

Credit: http://avenuescience.blogspot.com/2011/11/blog-post_3260.html


බටහිර විද්‍යාවේ ක්‍රමවේදය විමර්ශනයක්‌


නූතන විද්‍යාවේ පියා වශයෙන් සැලකෙන ගැලීලියෝ ගැලිලි (ක්‍රි.ව. 1564-1642) ඉතාලියේ ජීවත් වූ අයෙකි. ඔහු ගේ සමකාලීනයකු වූ ප්‍රැන්සිස්‌ බේකන් (ක්‍රි.ව. 1561-1626) එංගලන්තයේ ජීවත් වූ අතර ඔහු විසින් නූතන විද්‍යාව අනුගමනය කළ යුතු ක්‍රමවේදය කුමක්‌ ද යන්න පිළිබඳව ක්‍රමානුකූල සූත්‍රගත කිරීමක්‌ මුල් වරට ඉදිරිපත් කරන ලදි. බේකන් වර්ෂ 1621 දී ලියා පළ කළ "නව මෙවලම" (ලතින් බසින් Novum Organum ලෙස එය නම් කර තිබුණු අතර එහි ඉංග්‍රීසි තේරුම New Instrument යන්නයි) යන කෘතියේ විද්‍යාව එතෙක්‌ අනුගමනය කළ ක්‍රියාමාර්ග පිළිබඳ දැඩි විෙවිචනයක්‌ ද, විද්‍යාවේ වර්ධනය වේගවත් කිරීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳ දීර්ඝ කරුණු දැක්‌වීමක්‌ ද ඇතුළත් වේ. 

පහළොස්‌ වැනි සියවසේ දී පමණ යුරෝපයේ ඇති වූ පුනරුදයට පෙරත්, බේකන් ජීවත් වූ සමයේත් යුරෝපය පුරා විසිර තිබුණු දැනුමේ කේන්ද්‍රස්‌ථානවල කතෝලික පල්ලියේ ආධිපත්‍යය දැඩි ව බලපැවැත්විණි. එම අවධියේ විද්‍යාව, කලාව, න්‍යාය හා දර්ශනය ආදි බහුවිධ කේෂ්ත්‍රවල ආධිපත්‍යය දරා සිටියේ ග්‍රීක මහා දාර්ශනික ඇරිස්‌ටෝටල් ගේ මතිමතාන්තර ය. ඇරිස්‌ටෝටල් ගේ මතිමතාන්තර කතෝලික පල්ලිය විසින් ද අගය කරනු ලැබිණි. පශ්චාත් පුනරුද සමයේ විසූ බේකන් හා ගැලීලියෝ යන දෙදෙනා ම වෙනස්‌ හේතූන් මත කතෝලික පල්ලියේ අනුග්‍රහය ලැබූ මතවලට විරුද්ධ වූ හ. බේකන් සිය "නව මෙවලම" කෘතියේ දී විද්‍යාව අනුගමනය කළ යුතු ක්‍රමය වශයෙන් නිර්දේශ කළේ උද්ගාමී ක්‍රමයයි. (Method of Induction). උද්ගාමී ක්‍රමය යනු යම් ප්‍රපංචයක්‌ සම්බන්ධව පංෙච්න්ද්‍රියයන්ට ගෝචර වන නිරීක්‌ෂණ අත්දැකීම් හෙවත් ආනුභාවික නිරීක්‌ෂණ රාශියක්‌ මත පදනම් ව සමස්‌ත ප්‍රපංචය ම ආවරණය වන සාමාන්‍යකරණයක්‌ (generalization) මගින් උපන්‍යාසයක්‌ (Hypothesis) ලබා ගැනීමයි. 

නිදසුන( A හංසයා සුදු ය. ඊ හංසයා සුදු ය. C හංසයා සුදු ය. D හංසයා සුදු ය. මෙසේ හංසයන් දහස්‌ ගණනක්‌ නිරීක්‌ෂණය කරනු ලැබේ. මේ නිරීක්‌ෂණය ඇසුරෙන් "සියලු හංසයන් සුදු ය" යන උපන්‍යාසය ලබා ගැනීම.

(සැ.යු. සැබැවින් ම කල්පිතය, උපන්‍යාසය, ප්‍රවාදය, නියමය ආදි වශයෙන් විද්‍යාවේ දී නොයෙකුත් මතවාද හමු වේ. දාර්ශනිකව මේවා අතර යම් යම් වෙනස්‌කම් පැවතුණ ද සාමාන්‍ය පාඨකයන් ගේ පහසුව තකා මේවා නිදහස්‌ ව භාවිත කර ඇත). 

ගැලීලියෝ බේකන්ට විරුද්ධව යමින් විද්‍යාව අනුගමනය කළ යුතු ක්‍රමය වශයෙන් නිර්දේශ කළේ උපන්‍යාසයීය නිගාමී ක්‍රමයයි. ((Hypothetico deductive method). මේ ක්‍රමයට අනුව යම් කිසි ප්‍රපංචයක්‌ සම්බන්ධයෙන් බුද්ධිය මෙහෙයවා කල්පිතයක්‌ හෝ උපන්‍යාසයක්‌ හෝ ගොඩනඟාගෙන න්‍යාය (Logic) හා තර්කය (Argument) යොදාගෙන අනාවැකි හෝ පුරෝකථන ලබා ගනියි. පසුව මෙසේ ලබාගත් අනාවැකි පර්යේෂණවලට ලක්‌ කිරීමෙන් ඒවායේ නිරවද්‍යතාව උරගා බලනු ලැබේ. 

බේකන් හා ගැලීලියෝ යන දෙදෙනා ගේ අභාවයෙන් කලකට පසුව ස්‌කොට්‌ලන්ත ජාතික ඩේවිඩ් හියුම් (1711-1776) නම් දාර්ශනිකයා, බේකන් නිර්දේශ කළ උද්ගාමී ක්‍රමය දැඩි විවේචනයට ලක්‌ කළේ ය. "දැනුම ලබා ගැනීමේ දී මූලික වන්නේ පංෙච්න්ද්‍රියයන් මඟින් ලබා ගන්නා අත්දැකීම් හෙවත් ආනුභාවික නිරීක්‌ෂණයන්" ය යන මතවාදය දැඩිව ඇදහූ අනුභූතිවාදී (Empiricist) දාර්ශනිකයෙකි ඩේවිඩ් හියුම්. හියුම් ගේ ප්‍රශ්නය වූයේ දැනුම පදනම් විය යුත්තේ ඉන්ද්‍රිය ගෝචර අත්දැකීම් මත පමණක්‌ නම් උද්ගාමී ක්‍රමයේ දී සීමීත අත්දැකීම් (නිරීක්‌ෂණ) ප්‍රමාණයක්‌ මත පදනම් ව ඉන්ද්‍රිය ගෝචර නො වූ දෑ (නිරීක්‌ෂණය නො කළ දෑ) ආවරණය වන පරිදි සමස්‌ත ප්‍රපංචයට ම බලපවත්වන සාමාන්‍යකරණයක්‌ (Generalization) ලබාගැනීම වලංගු වන්නේ කෙසේ ද යනුයි. විද්‍යාවේ ප්‍රගමනයට අතිශයින් වැදගත් වන හේතු-ඵල සම්බන්ධය ද උද්ගාමී ක්‍රමය මත පදනම් වන බැවින් උද්ගාමී ක්‍රමය අරභයා හියුම් මතු කළ ගැටලුව හේතු-ඵල සම්බන්ධයට ද අදාළ වේ. මේ හේතුවෙන් විද්‍යාවේ පදනමට දැඩි පහරක්‌ එල්ල විය. 

මෙවන් අර්බුදකාරී වාතාවරණයක්‌ යටතේ සමහර විද්‍යාඥයෝ නිගාමී ක්‍රමයත්, තවත් සමහරු උද්ගාමී ක්‍රමයත් යොදා ගනිමින් විද්‍යාවේ පෝෂණයට දායක වූ හ. කෙසේ වුවත් විද්‍යාව අනෙක්‌ දැනුම් පද්ධතිවලට සාපේක්‌ෂව ෙවිගයෙන් වර්ධනය වූ අතර ඒ හා බැඳුණු ශිල්පීය අංශය වන ඉංජිනේරු තාක්‌ෂණය මීනිසාට බෙහෙවින් ප්‍රයෝජනවත් වූ යන්ත්‍ර සූත්‍ර නිර්මාණය කර දුනි. මේ නිසා සමාජ විද්‍යාව, මානව විද්‍යාව හා ආර්ථික විද්‍යාව ආදි වෙනත් දැනුම් පද්ධතිවල නිරත වුණු විශේෂඥයන් ද ස්‌වාභාවික විද්‍යාවේ දී (Natural Science) යොදා ගන්නා ක්‍රමවේදය භාවිත කළ යුතු ය යන මතය ප්‍රවර්ධනය කළ ගුරුකුලයක්‌ බිහි විය. මොවුන් යථානුභූතවාදීන් හෙවත් ප්‍රත්‍යක්‌ෂමූලවාදීන් (Positivists) ලෙස හැඳින්වේ. 

විසිවැනි සියවසේ මුල භාගයේ දී ඔස්‌ටි්‍රයාවේ වියනා නුවර කේන්ද්‍ර කර ගනිමින් වියනා කවය (Vienna Circle) යන නමින් ගුරුකුලයක්‌ බිහි විය. එම ගුරුකුලය ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයන්, දාර්ශනිකයන්, ගණිතඥයන් හා ආර්ථික විද්‍යාඥයන් ගෙන් සමන්විත විය. ඔවුන් නිර්දේශ කළ ක්‍රමවේදය හා ඔවුන් ගේ මතිමතාන්තර ඇතුළත් දාර්ශනික ධාරාව තාර්කික යථානුභූවාදය හෙවත් තාර්කික ප්‍රත්‍යක්‌ෂමූලවාදය (Logical Positivism) ලෙස හඳුන්වන ලදි. මොවුන් විසින් බේකන් නිර්දේශ කළ උද්ගාමී ක්‍රමයත් එමඟින් අනුභූතිවාදයත් සංකීර්ණ හා සංවර්ධනීය තත්ත්වයට ඔසවා තබන ලදි. තාර්කික යථානුභූවාදීන් ගේ ප්‍රධාන මූලධර්ම කිහිපයක්‌ පහත දැක්‌වේ. 

1. දැනුම ලබා ගැනීමේ දී ඉන්ද්‍රිය ගෝචර නිරීක්‌ෂණ (observations) මූලික වන අතර ඒවා ප්‍රවාද (theories)වලින් ස්‌වායත්ත වේ.

2. ප්‍රවාදයක්‌ (Theory) යනු අන් කිසිවක්‌ නො ව මනා පිළිවෙළකට පෙළ ගස්‌වන ලද නිරීක්‌ෂණාත්මක ප්‍රකාශන සමූහයක සංක්‌ෂිප්ත ස්‌වරූපයයි. වෙනත් වචනවලින් කිව හොත් ඕනෑ ම ප්‍රවාදයක්‌ ඊට පදනම් වු නිරීක්‌ෂණාත්මක ප්‍රකාශන සමූහයට ඌනනය කළ හැකි ය.

3. විද්‍යාව අනුගමනය කළ යුතු ක්‍රමය උද්ගාමී ක්‍රමයයි. 

4. විද්‍යාව සතු විශිෂ්ටත්වයේ සලකුණ නම් එහි ප්‍රවාද ක්‍රමානුකූලව සෙත්‍යක්‌ෂණයට (verifiability) භාජන කිරීමේ හැකියාවයි. එනම් යම් ප්‍රවාදයන් හෝ උපන්‍යාසයන් හෝ මඟින් තර්කනයෙන් ලබා ගන්නා අනාවැකි හෝ පුරෝකථනයන් (Predictions) පර්යේෂණාත්මක ප්‍රතිඵල සමඟ එකඟ වන්නේ නම් එම ප්‍රවාදය සත්‍ය බවට පිළිගත හැකි ය. 

5. ඉහත දැක්‌වූ පරිදි විද්‍යාවට ආවේනික වූ නිශ්චිත ක්‍රමයක්‌ පවතින නිසා විද්‍යාව අනෙකුත් දැනුම් පද්ධතිවලට වඩා උත්තරීතර (Unique) වෙයි.

තාර්කික අනුභූතිවාදීන් ගේ ඉහත සඳහන් මූලධර්ම සියල්ල ම පසුකාලීන දාර්ශනිකයන් විසින් ඛණ්‌ඩනය කරනු ලැබිණි. මේ සඳහා දායක වූ ප්‍රධානතම දාර්ශනිකයා ලෙස කාල් පොපර් සැලකිය හැකි ය. කාල් පොපර් (1902-1994) ඔස්‌ටි්‍රයානු ජාතිකයකු වුව ද ඔහු වියනා කවය ලෙසින් හැඳින්වූ තාර්කික යථානුභූතිවාදී දාර්ශනික ගුරුකුලය දැඩි විවේචනයට ලක්‌ කළේ ය. කාල් පොපර් ලන්ඩන් විශ්වවිද්‍යාලයයේ න්‍යාය සහ විද්‍යාත්මක ක්‍රමවේදය පිළිබඳ සමාරම්භක මහාචාර්යවරයා විය. ඔහු තාර්කික යථානුභූතවාදී ගුරුකුලය ඔසවා තැබූ උද්ගාමී ක්‍රමය ප්‍රතික්‌ෂේප කරමීන් ඊට ප්‍රතිපක්‌ෂ ලෙස නිගාමී ක්‍රමය ඔසවා තැබීමෙහි නිරත විය. තාර්කික යථානුභූතවාදීන් විද්‍යාවේ විශිෂ්ටත්ව සලකුණ ලෙස හැඳින්වූ සෙත්‍යක්‌ෂණය න්‍යායික වශයෙන් දෝෂ සහිත (Logically Invalid)) බව පෙන්වා දුන් පොපර් ඊට විකල්පයක්‌ ලෙස අසෙත්‍යක්‌ෂණ ක්‍රමය (Method of Falsification) ඉදිරිපත් කළේ ය. මේ ක්‍රමය න්‍යායික වශයෙන් වලංගු වනවා (Logically valid) පමණක්‌ නො ව හියුම් විසින් උද්ගාමී ක්‍රමයට විරුද්ධව මතු කළ ගැටලුවෙන් ද නිදහස්‌ වන බව පොපර් පෙන්වා දුන්නේ ය. 

කාල් පොපර්ට අනුව විද්‍යාඥයන් නිරන්තරයෙන් උත්සාහ කරන්නේ පවතින ප්‍රවාද අසත්‍යකරණයට ලක්‌ කිරීමට ය. එනම් යම් ප්‍රවාදයක්‌ පදනම් කරගෙන තර්කයෙන් ලබා ගන්නා අනාවැකි අදාළ පර්යේෂණ ප්‍රතිඵල සමඟ ගැටීමට හෝ විසංවාදයට හෝ ලක්‌ කිරීමයි. තව ද යම් ප්‍රවාදයක්‌ අසත්‍යකරණයට ලක්‌ වූයේ නම් එම ප්‍රවාදය ඉවත දමා ඒ වෙනුවට නව ප්‍රවාදයක්‌ සොයාගත යුතු බව ද පොපර් අවධාරණය කළේ ය. එසේ ම විද්‍යාව හා නොවිද්‍යාව (Non-science) එකිනෙකින් වෙන් කරන නිර්ණායකය විය යුත්තේ අදාළ ප්‍රවාද අසත්‍යකරණයට ලක්‌ වීමට ඒවායේ ඇති හැකියාව බව පොපර් පැවසී ය. 
Comments